VOLCANO✔️

Galing kay Oreo_Bambi

54.5K 10.9K 1.7K

I love you till the end :Jeon Jungkook My love will never end : Kim Taehyung ප්‍රේමය හමුවන්නේ සි... Higit pa

A/N
1st~
2nd~
3rd~
4th~
6th~
7th~
8th~
9th~
10th~
11th~
12th~
13~
14th~
15th~
16th~
17th~
18th~
19th~
20th~
21st~
22nd~
23rd~
24th~
25th~
26th~
27th~
28th~
Final chapter ~
From Him To Him~
New story!

5th~

1.5K 361 41
Galing kay Oreo_Bambi

ටේහ්‍යුන් ට ජන්ග්කුක් ව දැනුනෙ රස කෑමක් වගේ.. මොනතරම් කෑවත් එපා නොවෙන එයාගෙ ආසම රස කෑම..

"පෙට්...."

ජන්ග්කුක් ගෙ තොල් වලින් ටිකකට ඈත් වුන ටේහ්‍යුන් බර හුස්ම ගන්න ගමන් කතා කලත් ජන්ග්කුක් ට ටේහ්‍යුන් ගෙ තොල් අතාරින්න උවමනාවක් තිබුනෙ නෑ.. ජන්ග්කුක් බලෙන්ම ආයෙම ටේහ්‍යුන් ගෙ තොල් වලට පහත් වෙද්දි ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ උරහිස් වලින් අල්ලලා ජන්ග්කුක් ව එහාට කලේ හිනාවෙවීමයි..

"ඉවසන්න පෙට්.. අපි පිටිපස්සට යමු"

ටේහ්‍යුන් එහෙම කියල කාර් එකෙන් බැහැලා ජන්ග්කුක් හිටපු පැත්තෙ දොර ඇරල ජන්ග්කුක් ව උස්සලා අත් වලට ගත්තා.. බාර් එක ඉස්සරහා කාර් පාර්ක් එක නිසා කිසිම කෙනෙක් ටේහ්‍යුන් ට වත් ජන්ග්කුක් ට වත් අවදානය දුන්නෙ නෑ.. මොකද ඒ අවට හැමෝම හිටියෙ තමන්ගෙ ලෝක වල..

ජන්ග්කුක් ව කාර් එකේ පිටිපස්සෙන් ආසනෙන් හාන්සි කරපු ටේහ්‍යුන් කාර් එක ඇතුලට ඇවිත් අඩ සිහියත් එක්ක මත් උන ඇස් බාගෙට ඇරගන ඉන්න ජන්ග්කුක් දිහා ටික වෙලාවක් බලාගන හිටියා.. ජන්ග්කුක් ගෙ කමිසෙ ඉන ළඟින් උඩට වෙලා තිබ්බෙ ඒ කහ පාට සිරුර බාගෙට ටේහ්‍යුන් ඉස්සරහ නිරාවරනය කරන ගමන්..

"ඔයා පිස්සුවක් පෙට්..."

ටේහ්‍යුන් හිමීට තමන්ගෙ දිග ඇගිලි වලින් ජන්ග්කුක් ගෙ ඉන අතගාන ගමන් තමන්ටම එහෙම මුමුනගද්දි ඒ ස්පර්ශයෙන් මත් වෙලා හිටපු ජන්ග්කුක් ට හීනි කෙදිරියක් පිටවුනා..

"ම්හ්ම්..."

"පෙට්..."

ටේහ්‍යුන් ජන්ග්කුක් දිහාම බලාගන ඒ ගැබුරු කටහඩෙන් කතා කරද්දි ජන්ග්කුක් මත් වුන ඇස් වලින් ටේහ්‍යුන් දිහා බැලුවා..

"ඔයා ලස්සනයි..."

ජන්ග්කුක් ට ටේහ්‍යුන් කියන දේවල් ඔලුවට ගන්න තරම් සිහියක් තිබ්බෙ නෑ.. ජන්ග්කුක් ට මේ වෙලාවෙ ඕන උනේ ටේහ්‍යුන් ගෙ උනුහුම,ටේහ්‍යුන් ගෙ තොල් තමන්ගෙ තොල් තෙත් කරන ගමන් ටේහ්‍යුන් ගෙ සුවද විදින්න ඕන උන ජන්ග්කුක් ටේහ්‍යුන් ගෙ කමිස කොලර් එකෙන් ඇදල අරගත්තෙ ටේහ්‍යුන් ව ජන්ග්කුක් ගෙ ඇග උඩට වැටෙද්දි..

"ඔයා හුගක් නරක් වෙලා පෙට්..."

ටේහ්‍යුන් හිනාවෙවී එහෙම කියන ගමන් ආයෙම ජන්ග්කුක් ගෙ තොල් අල්ලගද්දි ජන්ග්කුක් ටේහ්‍යුන් ගෙ කැරලි කොන්ඩ කෑලි අතරින් තමන්ගෙ ඇගිලි යැව්වා.. ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ තොල් ඉදිමෙනකල් සිපගෙන තමන්ගෙ තොල් ඒ තොල් වලින් ඈත් කරල ජන්ග්කුක් ගෙ බෙල්ල දිගේ අරන් ගියා..

ටේහ්‍යුන් ගෙ තොල් විවර උන හාදු වලින් ජන්ග්කුක් ගෙ මුලු බෙල්ලම තෙත් වෙද්දි ටේහ්‍යුන් තමන්ගෙ අත් ජන්ග්කුක් ගෙ කමිස බොත්තම් වලට අරන් ගියා.. ජන්ග්කුක් ගෙ කමිසෙ බොත්තම් එකින් එක ගැලවෙද්දි ජන්ග්කුක් ගෙ කහ පාටට දිලිසෙන පපුව ටේහ්‍යුන් ට නිරාවරණය උනා..

"ඔයා දිලිසෙනව පෙට්.. හරියට වීනස් තරුව වගේ..."

ජන්ග්කුක් ඒ පපුව දිහා ආශාව පිරුන බැල්මකින් බලාගන තමන්ටම එහෙම මුමුණගන්න ආයෙම ජන්ග්කුක් ගෙ තොල් වලට බරවුනා..

"ම්හ්ම් ටේ....කිස් මී හාඩ්....ප්ලීස්.."

ටේහ්‍යුන් ගෙ තොල් අතර ඉදගනම ජන්ග්කුක් එහෙම මුමුණද්දි ටේහ්‍යුන් ගෙ කට කොනකට හිනාවක් ආවා.. ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ තොල් වලින් බෙල්ලට බෙල්ලෙන් පපුවට තමන් ගෙ තොල් අරන් ඇවිත් ජන්ග්කුක් ගෙ පපුවෙ සංවේදීම  තැනක් තමන්ගෙ දිවෙන් ලෙවකන්න ගත්තෙ ජන්ග්කුක් ගෙ කටින් එකදිගට  කෙදිරිලි පිටකරල..

"ආහ්...ට්..ටේහ්‍යුන්ගි...ම්හ්ම්..."

"පෙට්..ඔයා ඒකට ආසයි වගේ"

ටේහ්‍යුන් කට කොනකට ආව හිනාවක් එක්ක ජන්ග්කුක් ගෙ බාගෙට පියවිලා තියන ඇසුත් බාගෙට ඇරිලා තොල් දිහාත් බලල ආයෙම ජන්ග්කුක් ගෙ පපුව දිගේ තමන්ගෙ දිව අරන් ගියා..

ටේහ්‍යුන් දැනටම හැගීම් උපරිම කරගන ඉන්න ජන්ග්කුක් ගෙ සාමාජිකයා ලඟට තමන් ගෙ තොල් අරන් ගිහිල්ලා කලිසම උඩින්ම තමන්ගෙ තොල් ඒ මත තද කලා..

"අහ්හ්හ්... ටේහ්‍යුන්ගි...ප්ලීස්... ප්ලීස් ආහ්..."

"ඔයාට මොකද්ද ඕන පෙට්..?ම්ම්ම්...මට කියන්න.."

ටේහ්‍යුන් කට කොනක හිනාවත් එක්ක තමන්ගෙ දිවත් හපාගන ගැබුරු සරාගි කටහඩෙන් ජන්ග්කුක් ගෙන් එහෙම අහද්දි ජන්ග්කුක් බෙල්ල උස්සලා ආයාචනාත්මක බැල්මකින් ටේහ්‍යුන් දිහා බැලුවා..

"ප්ලීස්... ටේහ්‍යුන්ගි.. "

ජන්ග්කුක් මත් වුන කටහඩින් එහෙම කියනවත් එක්කම කාර් එකේ වීදුරුවට කවුදෝ තට්ටු කරන්න ගත්තේ ටේහ්‍යුන් කලබලෙන් ජන්ග්කුක් ගෙ ඇග උඩින් අයින් වෙද්දි.. ඉක්මනට තමන්ගෙ කමිසෙ බොත්තම් ටික දාගත්ත ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ කමිසෙ හදල ජන්ග්කුක් ව කෙලින් කරල ශීට් එකේ ඉන්දුවා..

"ටේහ්‍යුන්ගී....ප්ලීස්...මාව.."

"ශ්ශ්ශ්ශ්... පෙට්.."

ටේහ්‍යුන් එහෙම කියල ජන්ග්කුක්න්ගෙ ඇස් දෙක වැහුවම ජන්ග්කුක් එහෙමම ඇස් පියාගන ශීට් එකට ඔලුව බර කරගත්තා..

"ජිමින්!!"

ටේහ්‍යුන් කාර් එකේ දොර ඇරගන එලියට ආවේ ජිමින් ඉනට අත් දෙකත් තියාගන ටේහ්‍යුන් දිහා බලන් ඉද්දි..

"මොකද්ද මෙතන වෙන්නෙ?"

ජිමින්  ඇස් හීනි කරගන ටේහ්‍යුන් දිහා බලාගන එහෙම අහද්දි ටේහ්‍යුන් ජිම්න් ට නොපෙනෙන්න ඇදුම හදාගත්තා..

"කෝ ජන්ග්කුක්?'

ජිමින් එහෙම අහන ගමන් කාර් එක ඇතුලට ඔලුව දාලා ශීට් එකට ඔලුව බර කරගන කෙදිරිගාන ගමන් ඉන්න ජන්ග්කු දිහා බලල ආයෙම ටේහ්‍යුන් දිහා බැලුවා..

"ජන්ග්කුක් ව තනියම දාලා උබ කොහෙද ගියේ?"

ටේහ්‍යුන් එහෙම අහනකොට ජිමින් දිලිසෙන ඇස් වලින් හිනාවුනා..
_________________________________________

යුන්ගි හිටියේ බාර් එක පිටිපස්සෙ තිබුන පාලු ගොඩනැගිල්ල ළඟ. ජිමින් ඊට පිටිපස්සෙන් කිසිම කතාවක් බහක් නැතුව හිටගන ඉද්දි  යුන්ගි ජිමින් දිහා බලන්නැතුව පිටිපස්ස හැරිලා ඉද්දි ජිමින් ඔලුව උස්සලා යුන්ගි දිහා බැලුව.. තනි කලු පාට කමිසෙ එක්ක කලු පාට කලිසමට යුන්ගිගෙ සුදුමැලි මූන කැපිලා පෙනුනා..

ජිමින් යුන්ගි දිහා දිගටම බලන් ඉන්නව මිසක් කතා කරන පාටක් නොතිබ්බ නිසා යුන්ගි කතා කරන්න ගත්තා

"කියන්න.."

"අහ්?"

"කතා කරන්න නෙ ඕන කිව්වෙ?"

උගුර යටින් එන යුන්ගි ගෙ බර කටහඩට ජිමින් ගැස්සුනා.. කියන්නෙ මොනාද කියල හිතාගන්න තප්පර ගානක් වැයකරපු ජිමින් තව ටිකක් යුන්ගි ලඟට ඇවිදගන ගියා..

"මට...මට සමාව ගන්න ඕන..."

"මොකටද?"

යුන්ගි කට කොනකින් හිනාවෙන ගමන් ජිමින් දිහාට හැරෙද්දි ජිමින් බිම බලාගත්තා..

"ම්..මට සමාව ගන්න ඕන... ඔයාව ප්‍රතික්ෂේප කලාට.."

ජිමින් බිම බලාගනම එහෙම මිමිණුවෙ තවදුරටත් යුන්ගි දිහා බලන්න ජිමින් ට ශක්තියක් තිබ්බෙ නැති නිසා..

"හරි මම සමාව දුන්නා.."

යුන්ගි ගෙ වචන වලට ජිමින් බිමට බරවෙලා තිබ්බ ඇස් එකපාරටම උඩට ඉස්සුනා.. හිතාගන්න බැරි බැල්මකින් යුන්ගි දිහා බලන් හිටපු ජිමින් තවත් මොනවත් කියන්න කලින්ම යුන්ගි තමන්ගෙ කලුපාට ජැකට් එක දාගන එතනින් එලියට යන ගේට්ටුව දිහාට ඇවිදගන ගියා..

"ඉන්න..."

ජිම්න් කෑගහගන යුන්ගි ලඟට එද්දි යුන්ගි ආයෙම නතර වෙලා ජිමින් දිහා බැලුවා..

"ඇයි?"

"යන්නෙපා.."

"සමාව ඉලන්නනෙ ඕන උනේ.. ඔයා ඉල්ලුවා මම දුන්නා.. එතනින් එහාට අපිට ගණුදෙනු නෑ ජිමින්.."

යුන්ගි ගෙ වචන ජිමින් ට දැනුනෙ පිහි පාරවල් වගේ.. ඒ පිහිතුඩු හදවත පසාරු කරගන ඇතුලටම බැස්සත් ජිමින් ඉවසගන හිටියා..

ජිමින් බලාපොරොත්තු වුනා යුන්ගි ජිමින් ගෙන් ඇයි එහෙම කලේ කියල අහයි කියල, ඒ කාලෙදි තමන් දුක් වුනා කියල ජිමින් ට කියයි කියල ජිමින් බලාපොරොත්තු උනා.. ඒත් මේ විදියට එකපාරම සමාව දුන්න එක ජිමින් ගෙ හිත ඕනාවටත් වඩා රිද්දන්න හේතුවක් උනා..

ජිමින් ගෙ ඇස් වලට ඉබේටම කදුලු  ආවත් ජිමින් බොහොම ආයාසයකින් ඒ කදුලු හංගගන යුන්ගි දිහා බැලුවා..

"මට ඔයාව ඕන.. මට තව අවස්ථාවක් ඕන!"

ජිමින් ලොකු හුස්මක් අරගන යුන්ගි දිහා බලාගනම එහෙම කියද්දි  යුන්ගි තමන්ගෙ තොල හපාගන හිනාවුනා.. ඒත් ඒක ආදරණීය හිනාවක් උනේ නෑ..

යුන්ගි ඒ හිනාවම මූනෙ තියාගන ජිමින් ලඟට ඇවිදගන ඇවිත් ජිමින්ගෙත් තමන්ගෙත් පරතරය අඟලක් විතර ඉතුරු කරල නතර වෙලා ඒ කදුලු නලියන ඇස් දිහා ඕනකමින් බැලුවා..

"ඔයාගේ හීන හැබෑ කරගන ඔයා එද්දි මට මගේ හීන ඔක්කොම නැතිවුනා ජිමින්.."

ජිමින් දැනගන හිටියා.. යුන්ගිට උන හැමදේම ජිමින් දැනගන හිටියා.. ඒත් ඒ වෙද්දි ජිමින් හුගක් පරක්කු වැඩි වුනා.. ජිමින් ට දෙන්න උත්තරයක් වත් කියන්න දෙයක් වත් තිබුනෙ නෑ.. ජිමින් ගෙ ඇස් වලින් එකදිගට කදුලු කඩාගන වැටෙද්දි ජිමින් ඔහේ බලාගන හිටියා..

"අඩන්නෙපා ජිමින්. මං ආස නෑ දුර්වල මිනිස්සුන්ට"

යුන්ගි ඒක කිව්වෙ අහක බලාගන.. මොන දේ කටින් පිටවුනත් හැමදාම වගේ ජිමින් ගෙ ඇස් වලින් වැටෙන කදුලු ඉස්සරහ යුන්ගි අසරන උනා..

"මට මෙහෙම කරන්නෙපා යුන්ගි... මේක දරාගන්න හරි අමාරුයි!"

ජිම්න් මහ හයියෙන් කෑගහල එහෙම කිව්වේ ඇස් වල කදුලු කම්මුල් දිගේ පහලට වැක්කෙරෙද්දි.. ජිමින් ගෙ කෑගැහිල්ල ඉවරවෙන්නත් කලින් යුන්ගි ජිම්න් ව තල්ලු කරගන පස්සට ගිහින් බිත්තියකට තියල තද කලා..

"එතකොට මම! මම මනුස්සයෙක් නෙවෙයි කියලද උබ හිතන්නෙ? "

යුන්ගි එහෙම අහන ගනන් ජිමින් ගෙ බෙල්ල අත් වලින් මිරිකලා තද කලේ ජිමින් ගෙ මූන රතු වෙද්දි.. කම්මුල් දිගේ කදුලු කඩාගන වැටෙද්දි ජිම්න් යුන්ගි ගෙ අත ගලවගන්න උත්සහ කලත් ඒකෙන් වුනේ යුන්ගි ගෙ අත තවත් ජිමින් ගෙ බෙල්ල වටේ තදවුන එක..

"උබ නිසා මට මගේ හීනෙ නැතිවුනා.. මට මගේ පවුල නැතිවුනා.. මං දැන් කරන රස්සාව උබට පේනවද? උබ හැමදාම මගෙ ඇස් ඉස්සරහට ඇවිත් යන්නෙ මං පරාද වුනා කියල මට මතක් කරන්නද?"

"ය්..යුන්ගි...ම්...මට කැහ්..."

යුන්ගි ගෙන් පිට වෙන වචනයක් ගානෙ ඒ  අත තව තවත් ජිමින් ගෙ බෙල්ලට තද වෙද්දි ජිමින් ට හුස්මගන්න අමාරු වුනා..

"උබට මං හැමදේටම වඩා ආදරේ කරා.. නොකිව්වට උබ ඒක දැනගන හිටියා ජිමින්!! උබ දැනගන හිටියා!"

"ය්...යුන්...ම්හ්ම්.."

"ආආආආආආආආආහ්"

ජිමින් ගෙ මූන දම් පාටට හැරෙද්දි යුන්ගි ඒ බෙල්ලෙන් අත අරගන තමන්ගෙම කොන්ඩෙ ඇදගන්න ගමන් කෑගැහුවා.. ජිමින් බෙල්ලත් අල්ලගන පහලට නැවුනෙ හුස්ම ටිකක් අල්ලගන්න හිතාගන..

"උබ ආයෙ මගෙ ඇස් ඉස්සරහට එන්නෙපා!"

යුන්ගි උගුර ලේ රහ වෙන තරමටම හයියෙන් කෑගහල ජිමින් ව එතනක දාලා යන්න හැරෙද්දි ජිමින් අමාරුවෙන් ඔලුව උස්සලා එහෙම්ම ඉස්සරහට ඇවිත් යුන්ගි ව පිටිපස්සෙන් බදාගත්තා

"මට සමාවෙන්න.. ආයෙ පාරක් ඔයාව නැතිකරගන්න බෑ!"

ජිමින් යුන්ගිට හෙල්ලෙන්නවත් බැරි තරම් තදින් බදාගන ඒ පිටෙන් නලල තියාගත්තා. යුන්ගි ට දැනුනෙ තමන්ගෙ හදවත නතර උනා වගේ දුකක්.. යුන්ගි ඒ තරම් අකමැති උනා ජිමින් ට රිද්දන්න. ඒත් යුන්ගි ට ඒක නොකර බැරිවුනා.. මොකද යුන්ගි ඒ තරමටත් වඩා විදෙව්වා..

"පිරිමියෙක් තවත් පිරිමියෙක් ට ආකර්ශනය වෙන එක මානසික ලෙඩක්, පිරිමියෙක් ආදරේ කරන්න ඕන ගෑණියෙක්ට, මං පව්කාරයෙක්, මානසික විකෘතිකයෙක්... කෝ ඒ කතා? ඒ පාර්ක් ජිමින් කෝ?"

යුන්ගි තප්පරේකටවත් තමන්ගෙ චලනයක් වෙනස් නොකර එහෙම කියද්දි ජිමින් මොකුත්ම නොකියා තවත් තදින් යුන්ගි ව බදාගත්තා..

ජිමින් ගෙ අත් දෙක තමන්ගෙ බද වටෙන් අයින් කරන්න කොච්චර උත්සහ කලත් යුන්ගිට ඒක කරගන්න බැරිවුනේ අතාරින්න දගලන වාරයක් ගානෙ ජිමින් ගෙ අත් තවත් යුන්ගි ගෙ බද වටේ තදවුන නිසා..

"මට සමාවෙන්න යුන්ගි! දෙයියන්ගෙ නාමෙන් මට සමාවදෙන්න!"

යුන්ගි ට තවත් ජිමින් වචන අහන් ඉන්නවත් ඒ කදුලු දරාගන්නවත් පුලුවන් උනේ නෑ.. යුන්ගි එහෙමම පිටිපස්ස හැරිලා ජිමින් දිහා බැලුවා..

මුලු රටම දන්න චිත්‍ර ශිල්පි පාර්ක් ජිමින්, හැමෝගෙම හිත දිනාගත්ත කාරුණික පාර්ක් ජිමින් , වසරේ ලොකුම චිත්‍ර ප්‍රදර්ශනයෙ අධිපති උන පාර්ක් ජිමින් බාර් ටෙන්ඩර් කෙනෙක් උන යුන්ගි ඉස්සරහ අඩා වැටෙනව.. ඒත් ඒක ගැන හිතල යුන්ගිට සතුටු වෙන්න පුලුවන් උනේ නෑ.. මොකද  යුන්ගි ට බැරිවුනා තමන් ආදරේ කරන කෙනා මේ තරම් පහලට ඇදගන වැටෙනව බලන්න..

ජිමින් ගෙ ඇස් වල කදුලු තාමත් දිලිසෙන ගමන් තිබුනා.. ජිමින් අමාරුවෙන් ඒ කඳුලු හිරකරගන යුන්ගි දිහා බැලුවා..

"අඩන එක නතර කරනව ජිමින්!"

යුන්ගි කලේ අණක්.. ජිම්න් ඒ අණට කීකරු වෙලා ඇස් වල තිබ්බ කදුලු  ඉක්මනින් පිහිදගත්තා.

"කවුද ඒ පොඩි කොල්ලා?"

යුන්ගි එකපාරටම හුගක් රලු විදියට එහෙම අහද්දි යුන්ගි අහන්නෙ කා ගැනද මොකක් ගැනද කියල කිසිම වැටහීමක් නැති ජිමින් අඟක් මුලක් නොතේරෙන බැල්මකින් යුන්ගි දිහා බලාගන හිටියා.. යුන්ගි එකපාරටම ජිමින් ව උරහිස් වලින් අල්ලල ජිමින් ව බිත්තියකට තල්ලු කරල ජිමින් ගෙ ඔලුව දෙපැත්තෙන් අත් දෙක තියාගන ආත්මයම ඔබ්බවන්න පුලුවන් විදියෙ බැල්මකින්  ජිමින් ගෙ ඇස් වලට එබුනා..

"කියනව ජිමින්! කවුද ඌ?"

යුන්ගි අහන දේට උත්තර දෙන්න ඕන උනත් ප්‍රශ්නෙවත් හරියට නොතේරුන ජිමින් යුන්ගි කලේ යුන්ගි දිහා බයෙන් බලපු එක..

"ක්..කවුද ?"

"බාර් එකේ වැටෙන්නම බීලා හිටපු පොඩි කොල්ලා..."

යුන්ගි එහෙම අහද්දි ජිමින් ගෙ හිතට දැනුන සතුට කියල නිමකරගන්න පුලුවන් උනේ නෑ.. අවුරුද්දකට කිට්ටු කාලයක් ජිමින් නොවරදවා ම අඩුම සතියකට දවස් හතක්වත් යුන්ගි වැඩකරපු බාර් එකට ආවත් ඒ කිසිම දවසක ජිමින් එක්ක කතා නොකරපු යුන්ගි අද කතා කලේ තමන් ළඟ ජන්ග්කුක් හිටපු නිසා ඇතිවුන ඉරිසියාවට කියල තේරුන ජිමින් ගෙ හිත ඇතුලෙන් ඩිස්කෝ නැටුවා..

ජිමින් ගෙ මූනෙ තියන හිනාව දැක්කාම යුන්ගි ගෙ කේන්තිය වගේම කුතුහලය තවත් වැඩිවුනා.. එකපාරටම ජිමින්  ගෙ මූන අත් වලින් තද කරල මිරිකගත්ත යුන්ගි ඒ තොල් හපාකන්න ගත්තෙ උමතුවෙන් වගේ.. ඒක වේදනාවක් උනත් ජිමින් ඒකට ආස කලා.. තමන් ට මගෑරුනු තමන් නැති කරගත්ත දේ ආයෙ තමන්ට ලැබුනා කියල ජිමින් හිතුවා..

ඒත් ඒක එහෙම වෙයිද?

යුන්ගි ජිමින් ට ආයෙම ආදරේ කරයිද?

යුන්ගි ජිම්න් ගෙ තොල් පුලුවන් උපරිම රලු විදියට සිපගෙන ඒ තොල් වලින් ඈත් වුනා..

"කවුද ඒ?"

යුන්ගිගෙන් ආයෙම ඒ ප්‍රශ්නෙම..

"ඒ ටේහ්‍යුන් ගෙ යාලුවෙක්.. ඇත්තටම මගේ ප්‍රදර්ශනේට චිත්‍ර අදින්න මම අවස්ථාවක් දුන්න කෙනෙක්.. ඒත්..."

ජිමින් එහෙම කියල යුන්ගි දිහා බැලුවාම යුන්ගි ජිමින් මගින් නතර කරපු දේ ආයෙම පටන් ගන්නකල් හීනි ඇස් තවත් හීනි කරගන ජිමින් දිහා බලාගන හිටියා..

"ඔයා මාව කිස් කලේ ඒ මගේ පෙම්වතා කියල හිතලනම්.. මං කැමති හැමදාම ඔයා එහෙම හිතනවට"

ජිමින් එහෙම කියල හිනාවුනා.. ඒ හිනාව ජිමින් වෙන කිසිම කෙනෙක් ට නොදාන ජාතියෙ හිනාවක්.. තමන්ගෙ සමාජ තත්වෙ එක්ක ජිමින් පිටස්තර මිනිස්සු එක්ක හැසිරෙන විදිය සහ ජිමින් දැන් යුන්ගි ඉස්සරහ හැසිරෙන විදිය හාත්පසින්ම වෙනස් උනා.. ජිමින් ගෙ මූන දිහා බලාගන හිටපු යුන්ගි ගෙ මූනටත් ලාවට හිනාවක් ආවත් යුන්ගි ආයාසයෙන්ම ඒ හිනාව යටපත් කරගත්තා

"දැන් යමු.. මට නිදාගන්න තියන්නෙ තව පැය තුනයි"

යුන්ගි එහෙම කියල ඉස්සර වෙද්දි ජිමින් හිනාවෙවීම ඒ පස්සෙන් වැටුනා.. යුන්ගි පයින්ම ගෙදරට යන්න හදද්දි ජිමින් යුන්ගිට කාර් එකේ යන්න කතා කලත් යුන්ගි ඒක ප්‍රතික්ෂේප කරල පයින්ම යන්න පිටත් උන නිසා ජිමින් තමන්ගෙ කාර් එක නවත්තපු තැනට ඇවිදගන ගියා..

ඒ වෙද්දිත් ටේහ්‍යුන් ගෙ කාර් එක එතන නතර කරල තියනව දැක්ක ජිම්න් සැකේට ඒ දිහාට ඇවිදගන යද්දි කාර් එක ඇතුලෙන් අමුතු දෙයක් වෙන බව ජිමින්ට තේරුම් ගන්න අමාරු උනේ නෑ..
______________________________________

ජන්ග්කුක් ට දැනුන තද හිසේ කැක්කුම එක්ක ඇස් ඇරගන්න අමාරු උනත් ජන්ග්කුක් ආයාසයකින් ඇස් ඇරියා.. තප්පර ගානක් යනකල් වටපිටාවෙ හැමදෙයක් ම බොදවෙලා පේන්න ගත්ත නිසා ජන්ග්කුක් අමාරුවෙන් ඇද මිට්ටමට පිට දීලා ඉදගත්තා..

ජන්ග්කුක් ට බොදවුනු ජායාවක් පේන්න ගත්තත් ඒ ඉන්නෙ කවුද කියන එක හරියටම හිතාගන්න අමාරු උනා.. ටික ටික වටපිටාව පැහැදිලි වෙන්න ගද්දි ජන්ග්කුක් දැක්කෙ තමන්ගෙ ඉස්සරහට වෙලා හිටගන ඉන්න රෙබෙකා ව!

ජන්ග්කුක් දිහා කේන්තියෙන් බලන් හිටිය රෙබෙකා ජන්ග්කුක් ගෙ ඇද ලඟට ඇවිදගන ඇවිත් ඇදෙන් ඉදගත්තා..

ජන්ග්කුක් තමන්ගෙ ඔලුව අල්ලගෙන ඇද මිට්ටමට හේත්තු වුනේ ඒ හිසේ අමාරුව දරාගන්න අමාරු උන නිසා..

"මේක බීලා ඉන්න.."

රෙබෙකා ජන්ග්කුක් දිහාට දික් කරපු ලෙමන් යුෂ පානය අතට ගත්ත ජන්ග්කුක් ඒක එක හුස්මට බීගන ගියා..

"ඊයේ මොකද්ද උනේ ජන්ග්කුක් ?"

ජන්ග්කුක් වීදුරුව කටෙන් අහකට ගන්නකොටම රෙබෙකා අහපු ප්‍රශ්නෙත් එක්ක ජන්ග්කුක් ඔලුව උස්සල බැලුවත් ජන්ග්කුක් ට ඊයෙ බාර් එකට ගිය එක ටේහ්‍යුන් එතනට ආව එක වගේම ටේහ්‍යුන් නටපු එක ඇරෙන්න වෙන දෙයක් මතක තිබුනෙ නෑ..

"ඇයි කවදාවත් නැතුව බිව්වෙ? මං හිතුවෙ ඔයා බොන්නැති පිරිමියෙක් කියල"

රෙබෙකා එහෙම කිව්වාම ජන්ග්කුක් හිනාවුනා..

"ටේහ්‍යුන් එක්ක බොන්න යන්න තරම් ඔයාලා සමීප උනේ කොහොමද?"

රෙබෙකා ගෙ ඒ ප්‍රශ්නෙන් ජන්ග්කුක් ගැස්සුනා.. රෙබෙකා තමන් ටේහ්‍යුන් එක්ක ගිය බව දන්නෙ කොහොමද කියන බැල්මෙන් ජන්ග්කුක් රෙබෙකා දිහා බැලුවම රෙබෙකා ඉදගන හිටපු තැනින් නැගිට්ටා..

"ඔයාගෙ අම්මා මට ස්තූති කලා.. බීලා කෙලින් ඉන්න බැරි එයාගෙ පුතාව මගේ සහෝදරයා පරිස්සමෙන් ගෙදර ගෙනත් ඇරලුවට"

රෙබෙකා ගෙ මූනෙ තිබ්බෙ සමච්චල් හිනාවක්.. ජන්ග්කුක් කලබල උනත් ඒ බවක් රෙබෙකා ට නොපෙනෙන්න අමාරුවෙන් ඇදෙන් නැගිටල නාන කාමරය පැත්තට ඇවිදගන ගියා..

"ඔයා අද දවසම මාත් එක්ක ඉන්න ඕන ජන්ග්කුක් !"

රෙබෙකා මහ හයියෙන් කෑගහල එහෙම කියද්දි ජන්ග්කුක් මොකුත්ම නොකියා නාන කාමරේ ඇතුලට ගියේ තමන්ට මේ වතාවෙ රෙබෙකා ගෙන් ගැලවීමක් නැති බව දන්න නිසා..

____________________________________

As I told you I'm in love with you
But I can't even tell you
Another day passing by, but I'm always going nowhere

___

When you have your back to me I always look at you
When you're infront of me I always look at the ground
Haven't you notice me? Awkwardly forcing myself to look away from you?
___________________________


Bambi🎈

Ipagpatuloy ang Pagbabasa

Magugustuhan mo rin

1.5K 215 15
" You don't know how scared my heart is when I see you... " 𝙔𝙤𝙤𝙗𝙞 '' Baby don't scared , You have my heart and I will love you forever !! '' 𝙔...
684K 33.8K 24
↳ ❝ [ ILLUSION ] ❞ ━ yandere hazbin hotel x fem! reader ━ yandere helluva boss x fem! reader ┕ 𝐈𝐧 𝐰𝐡𝐢𝐜𝐡, a powerful d...
679K 41.5K 105
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...
279K 4.2K 29
Hi, everyone. This is my first time publishing my works. I've never done this before. And I'm writing a one shots story with the Bungou stray dogs ch...