_🔥භවාන්තර🔥_ [Historical BL]

By Huahua_005

25.2K 4.5K 2.9K

විෂ කැවුණු සෙල් හදක ආලෝකයක් උපදින්නට,විනාශයටම උපන් අයෙක් දිවිතුරා රකින්නට,අවසානය නොදකින ශාපලත් දෛවයක් දහස් වස... More

භවාන්තර
පළමු පරිච්ඡේදය
දෙවන පරිච්ඡේදය
තෙවන පරිච්ඡේදය
සිවුවන පරිච්ඡේදය
පස්වන පරිච්ඡේදය
සයවන පරිච්ඡේදය
සත්වන පරිච්ඡේදය
අටවන පරිච්ඡේදය
නවවන පරිච්ඡේදය
දසවන පරිච්ඡේදය
එකොළොස්වන පරිච්ඡේදය
දොළොස්වන පරිච්ඡේදය
දහතුන්වන පරිච්ඡේදය
දාහතරවන පරිච්ඡේදය
පහළොස්වන පරිච්ඡේදය
දහසයවන පරිච්ඡේදය
දහහත්වන පරිච්ඡේදය
දහඅටවන පරිච්ඡේදය
දහනවවන පරිච්ඡේදය
විසිවන පරිච්ඡේදය
විසිඑක්වන පරිච්ඡේදය
විසිදෙවන පරිච්ඡේදය
විසිතුන්වන පරිච්ඡේදය
විසිහතරවන පරිච්ඡේදය
විසිපස්වන පරිච්ඡේදය
විසිහයවන පරිච්ඡේදය
විසිහත්වන පරිච්ඡේදය
විසිඅටවන පරිච්ඡේදය
විසිනවවන පරිච්ඡේදය
තිස්වන පරිච්ඡේදය
තිස්එක්වන පරිච්ඡේදය
තිස් දෙවන පරිච්ඡේදය
ඉදිරියට..........
තිස් හතරවන පරිච්ඡේදය
තිස් පස්වන පරිච්ඡේදය
තිස් හයවන පරිච්ඡේදය
තිස් හත්වන පරිච්ඡේදය
තිස් අටවන පරිච්ඡේදය
තිස් නවවන පරිච්ඡේදය
හතළිස්වන පරිච්ඡේදය
හතළිස් එක්වන පරිච්ඡේදය
හතළිස්දෙවන පරිච්ඡේදය
හතළිස් තුන්වන පරිච්ඡේදය
හතළිස් හතරවන පරිච්ඡේදය
භවාන්තර වෙත ආදරෙන්......
හතළිස් පස්වන පරිච්ඡේදය
හතළිස් හයවන පරිච්ඡේදය
හතළිස් හත්වන පරිච්ඡේදය
හතළිස් අටවන පරිච්ඡේදය
හතළිස් නවවන පරිච්ඡේදය
පනස්වන පරිච්ඡේදය
පනස් එක්වන පරිච්ඡේදය
පනස් දෙවන පරිච්ඡේදය
පනස් තුන්වන පරිච්ඡේදය
ස්තූතියි!
පනස් හතරවන පරිච්ඡේදය
මහමෙරක් තරම්
පනස් පස්වන පරිච්ඡේදය
පනස් හයවන පරිච්ඡේදය
පනස් හත්වන පරිච්ඡේදය
පනස් අටවන පරිච්ඡේදය

තිස්තුන් වන පරිච්ඡේදය

324 68 47
By Huahua_005

දෙදිනක් ගතව ගොස් තිබිණ.ධ්වජේශ්වර පසු වූයේ තුටින් මෙන්ම විස්මයෙනි.නිවරදි නම් මේ වන විට කිසියම්ම හෝ සිදුවීමකට කාලය නියමිතව තුබුණද පංචගාමය තවමත් චංචලය.බලාපොරොත්තුව සිටියේ තවත් අතුරුදන්වීමක් අඩුම තරමේ අනවසර කඩාවැදීමක් හෝ වුවද කිසිඳු හැලහොල්මනකින් තොරව දින ගතව තුබුණි.

මේ වන තෙක් අතුරුදන් වූවන් දස දෙනෙකු සමග එයට හේතුව සොයාගැනීමක් නැතිවම එය වැළලී ගියාදෝ යැයි සිතන විට ධ්වජේශ්වරගේ සිතට පසුතැවීමක් දැනුනද අතුරුදන්වීම් දාමය ඇත්තෙන්ම නිම නම් තවත් අහිංසක ජීවිත ගොදුරු බවට පත් නොවන බව දැනීම ඔහුට සැනසුම ගෙන විත් තිබිණ.

නමුත්.......





එය නිම නොවේ නම්.......???





සිත යට ගිණිපුපුරක් වන් යමක් ඔහුට වද දෙමින් තිබිණ.කිසිවක් අවසන් නොවේ අයුරින් පවසන යමක්......මෙය තවත් ආරම්භයක්ම පමණක් ලෙස හඟවන යමක් වරින් වර පෑරෙමින් ඔහු සිත දරා සිටියේය.

එනිසාම ඔහු කිසි විටෙකත් ආරක්ෂාවන් ලිහිල් කිරීමට ඉඩ තබා නොතිබිණ.අද දින අමාවක දිනය වීත්,අතුරුදන් සිදුවන කාලසීමාව නිල වශයෙන් නිම වී තිබියදීත් කිසි විටෙකත් පංචගාමයන් වටා වූ ආරක්ෂාව බිඳුවකින් හෝ අවම කිරීමට ඔහු ඉඩ ලබා දී තුබුණේ නැත.

ඒ වෙනුවට ඔහු මදින් මද නොසන්සුන් වීමට ආරම්භ කොට තුබුණේ මේ වන විටත් ඔහුගේ සිත රැඳි සංශයකාරී හැඟීම් සිත පුරාවට ඔඩු දිවීම ආරම්භ වීමත් සමගමය.

_____________________________________

සෑම විටෙකම කෝපයෙන් ගිණිගත් අයෙක් වෙනුවට රුද්‍රාරගේ කුමක් හෝ පෙරළියක් වී ඇති බවට පසුගිය දෙදින පුරාවටම ඔහු දෙස ඇස ගසාගෙන හුන් අයෙකුට නම් කිව හැකිව තිබිණ.

දිනකට එක් දේශනයක් හෝ පැහැර හැරීම වෙනුවට ඔහු මේ දින ද්විත්වය තුළදීම පැවැත්වූ දේශනයන්ට ඉතා සාමකාමී අයුරින් සහභාගී වී තිබිණ.එපමණක් නොවේ.....වෙනදා සෙසු සිසුන් රැඳෙන ස්ථාන මගහැර හුන් ඔහු මේ වන විට කිසිඳු වෙනසක් නැත්තෙකු මෙන් නිදහසේ එහා මෙහා යමින් හුන්නේය.එය බොහෝ දුරට විශේෂ වූයේ ඒ බොහෝ අවස්ථාවන්හීදී ඔහු පසුපසින් වල්ගයක් වන්ව සරයු පමණක් හෝ ඇතැම් විට වායු සරයු යන දෙදෙනාම රැඳී සිටීමය.

හොඳින් විපරම් කරන්නෙකුට නම් මේ දෙදින තුළ ඔහුගේ දෑස සිය වතාවකටත් වඩා ආරණ්‍යවණ්නයේ ප්‍රධාන ද්වාරය දෙසට යොමු වූ වග නම් රහසක් විය නොහැක.ආරණයවණ්නයට ඇතුල් වන්නෙකු සඳහා ද්වාරය හැරෙන වාරයක් පාසා ඔහුගේ නෙත් විසල්ව එදෙසට යොමු වන බව මෙන්ම අසෙකුගේ කුර ගැටෙන වාරයක් පාසා ඔහුගේ ගෙල එදෙසට හැරවෙන බවද ඔහු අසලින්ම සිටි අයෙකුට නම්.ලෙහෙසියෙන්ම නිරීක්ෂණය වන්නට ඉඩ තිබිණ.නමුත් ඒ සෑම වරෙකම ඔහුගේ දෑස යම් බලාපොරොත්තුවකින් දිලිසුම් දුන්නද කිහිප මොහොතක් ඇවෑමෙන් ඒ දෑසම යළි මැලවී පොළවට බර වූ වගත් කිව යුතුමය.

කෙසේ වුවත් ඔහු සිටියේ සිය දිවියේ කිසිදිනෙක නොවිඳි අයුරක යම් සැනසුම් සහගත හැඟීමක් විඳිමින් බව කිව යුතුය.

වගකීම් පිළිබඳව වද වීමට ඔහුට තව පුරා පොහොයක්ම ඇත.සිතට සැහැල්ලුවක් දැනෙනුයේ එනිසා වන්නට ඇතැයි ඔහු සිතුවද ගියවරත් තවත් පොහොයක්ම ඇති බව සිතමින් සිත සැහැල්ලු කොට ගත්තද මේවර විඳින තරම් සැනසුමක් නොදැනුන බැවු ඔහුගේ සිහියට නොපැමිණ තිබිණ.

මෙතෙක්ම මුලු ගැන්වී සිටි ඔහු මුවින් පිටකරන වදන් ගණන මදින් මද වැඩි කිරීමට ආරම්භ කොට තිබිණ.ඔහු පසු පසින් නොවරදවා සිටින සරයුගේ පැනයන් වෙනදා කිහිපවරක්ම අසන තෙක් නිහඬව සිට ඇති රුද්‍රාර මේ වන විට මදින් මද නිහඬතාව අතහරිමින් තිබිණ.ඉතින් කිසිවිටෙකත් මුවට නිදහසක් දීමට අකමැති සරයුට එය රිළවුන්ට ඉණි බැන්දා හා සමාන වී තිබිණ.

මේ වන විට ආරණ්‍යවණ්නයේ සිසුන් කිහිප දෙනෙකුම ඔවුන් දෙදෙනා සමීපතයන් මෙන් හැසිරෙනු දැකීම විස්මයට පත්ව තිබිණ.සෑම විටෙකම මුවට නිදහසක් නොදෙන සරයු දැකීම විස්මයක් නොවූවද ඔහු පවසනා දැයට අවධනය දෙමින් හුන් වෙනදාට දේශන හෝරාවන්හීදී පමණක් දෑසට පෙනෙන්නට පැමිණෙන සෑම මොහොතකම රවා සිටින රුද්‍රාරගේ සාමකාමී හැසිරීම ඔවුන් හට විස්මයක් ගෙන දීමට සමත්ව තිබිණ.

"රුද්‍රාර අයියණ්ඩී......."

රුද්‍රාර සිටියේ වැවු කණ්ඩිය මත හිඳ දෙපා දියට ඔබාගෙනය.

"හ්ම්හ්?"

සිය පසුපසින් පැමිණි කටහඬ සරයුග්‍රෙ බැවු දැන සිටීමට තරම් රුද්‍රාර මේ වන විට ඔහුට හුරු වී සිටියේය.රුද්‍රාර අසලට පැමිණි සරයු එක් අතකින් රුද්‍රාරගේ උර මතට බර දී ඔහු අසළින්ම අසුන් ගත්තේය.

"පැනයක් විමසන්නද........"

රුද්‍රාර ඔහු පසට හැරුණේය.

"කුමක්ද......"

"ඇයි ඔබ.....සිනා නොවන්නේ........"


"මා...?....කුමන පැනයක්ද එය......මා මේ සිනහ නගන්නේ......"

රුද්‍රාර මදහසක්ද සහිතව සරයු දෙස නෙත් හලේය.

"එසේ නොවේ......."

"එසේ නම්.......?"

"ඔලෙස නොවේ......"

"කෙලෙසද එසේ නම්......"

තවමත් රුද්‍රාරගේ මුවේ මදහසකි.ඔහු සරයු දෙසට නෙත් හෙලා සිටියද සරයු වෙනතක් බලා වැවු කණ්ඩියේ ඇති යමක් කූරු ගායි.

"ඔබ සිනහවට නුපුරුදුයි......මද සිනා නගද්දීත් නුඹ එයත් සීමා කරනවා......යම්ලෙසක......."

යම්ලෙසක....???

"යම්ලෙසක පමණ ඉක්මවා සිනාසුනහොත් කවරෙක් හෝ නුඹට දන්ඩණ පමුණුවයි වැනී......ඔබේ කොපුල් පවා සිනහවට නුහුරුයි.....සිනහ නැගිය යුතු තැන්හීදී නුඹේ දෑස් දිලිසුම් දුන්නත් එය මුවින් පිටකිරීමට ඔබ පැකිලෙනවා වැනී......"


කිහිප මොහොතක් ගතවීත් පිළිතුරක් නොවූ තැන අසලක වූ යමක් කොණහමින් සිටි සරයු හිස නොඔසවා දෑස පමණක් ඔසොවා රුද්‍රාර දෙස බැලීය.


රුද්‍රාරගේ මදහස වියැකී ගොස් තිබිණ.
සරයු දෙසින් දෑස මුදවා ගත් ඔහු වාපියේ තෙරක් නොපෙනෙන ඈත කෙළවරට නෙත් යොමාගත්තේ බරැති සුසුමක් හලේය.මෙතෙක් දිනක් ඔහුගේ සිත රැඳි සැහැල්ලුව පළවා හැරියාක් මෙන් විය.

තමා කුමක් හෝ වැරදි යමක් මුවින් පිට කොට ඇති වගට සරයු දැනුවත් වෙමින් සිටියේය.තවමත් වදනක් හෝ නොදෙඩූ රුද්‍රාරගේ නිහඬතාවය ඔහුගේ වාචාල මුව පිළිබඳව ඔහුටම පසුතැවීමක් එක් කරමින් තිබිණ.

නිහඬව තමාටම දොස් නගා ගත් ඔහු සුරතේ අත්ලෙන් කිහිප වරක්ම සිය මුවට පහර ගසා ගත්තේය.

"ම්....රුද්‍රාර අයියණ්ඩී......."

"ම්න්......."

"අසන්ටකෝ......"

"ම්ම්......."

"අද රැයේත් පැමිණෙමුද......"

"අර කුමකටද......"

"අසන්ටකෝ ඉතින්......"

"අසාගෙන තමා සිටින්නේ....."

"ම්..මේ....හ්....."

"කුමක්ද සිදු වී ඇත්තේ සරයු......"

"අනේ රුද්‍රාර අයියණ්ඩී......කලකින් කුටියේ කදෝපැණියන් දුටුවේ නැහැ......පැමිණෙමුද අද රැයේත්........"

"කුමක්.......??? නොහැකී......"

"අනේ.....අනේ.....අනේඒඒඒ........"

සරයු හට රැවුමක් පා කොට හැරි රුද්‍රාර නැගී සිටියේය.ඔහුත් සමගම දණි පණි ගා නැගිටගත් සරයු ඔහුගෙන් වෙන්වී හනි හනික පා නගන රුද්‍රාර වෙත ගොස් ඔහුගේ බාහුව තද කොට අල්වා ගති.ඔහුට කදෝපැණියන්ට වඩා මේ මොහොතේ අවශ්‍යව තුබුණේ රුද්‍රාර හුන් අසීරු අවස්ථාවෙන් ඔහු මුදවා ගැනුමටය.

"අනේ.....අයියණ්ඩී......"

"කීවානේ.....නොහැකී......"

"අනේ අදට පමණක්......"

"නොහැකී......."

"එක්වරයිනේ........"

"නොහැකී.....!"

"ම්හුම්.....ම්හුම්ම්.......ම්ම්ම්....."

"ඔලෙස නොවේ.....නුඹ මෙතැන හඬා වැලපුණත්,විලාප තැබුවත් නොහැකී මයි......."

"අයියණ්ඩීඊඊඊ........."

ඉතින් සරයුගේ ප්‍රයත්නය සාර්ථක වී තිබිණ.තවත් බොහෝ දුර යනතෙක් ඔවුන් දෙදෙනාගේ වාදය අසල්ව සිටියවුන්ගේ සවණත වැකී තිබිණ.

_____________________________________

අමාවක දින ගෙවී ගොස් තුබුණේ කාටත් හොරාමය.විස්මයට හේතුවක් වූ නමුදු පංච ගාමය තවමත් සාමකාමී අයුරින්ම පැවතිණ.

කිසිඳු අයුරකින් බාධාවක් නොමැති වීම සතුටට කරුණක් වීද ධ්වජේශ්වරගේ සිත එනිසාම නැගුණු පැන අටෝරාසියකින් වෙලී තිබිණ.

මේ වන විට අතුරුදන් වීම් දසකි.නමුත්,අතුරුදන්වීම් සඳහා හේතු ලෙස කළ අනුමානයන් සඳහා ඒ නම් කිසිසේත්ම නොගැලපේ.

සියළුම සාක්ෂ්‍යයන් පෙන්නුම් කළේ යම් අඳුරු මායාවක වින්දිතයන් ලෙසින් ඔවුන් භාවිත කරන බවකි.

නමුත් ගණනින් දසක් යනු එයට කිසිසේත්ම නොගැලපෙන සංඛ්‍යාවකි.එක්කෝ නවක් විය යුතුය.නැති නම් දොළොසක් විය යුතුය.දස වැන්න මායාත්මක අංකයක් නොවන බැවු ධ්වජේශ්වර හොඳ හැටිම දැන සිටියේය.

මෙතෙක් කළ අනුමානයන් නිවරදි නොවේ නම් මෙහි අර්ථය කුමක්දැයි යන්න ධ්වජේශ්වර නිදි නොමැති රාත්‍රීන් සක්මනටම දිය කරමින් තමාගෙන්ම අසමින් සිටියේය.පහසුවෙන් සන්තර්පණය නොවන ඔහුගේ සිත මේ පිළිබඳවම සිතමින් ඔහු නොඉවසුම් සහගත පුද්ගලයෙකු බවට පත් කොට තිබිණ.

මෙය අවසානයද නොවේ නම් තවත් ආරම්භයකට මුල පිරීමක්ද යන්න වග වත් ඔහු නොදැන සිටියේය.එලෙසම නිදි නැති රාත්‍රීන්ගෙන්වද රාත්‍රීන් ගෙවෙන තෙක් මනසට වධ පැමිණවූවද ඔහු කිසිඳු ඵල සහිත නිගමනයකට පැමිණ නොතිබිණ.

මෙය සතුරු හමුදාවක් සමග යුධයක් වූයේ නම් ඔහුගේ අති දක්ෂ යුධ උපක්‍රම මගින් ඔවුන් පරදවා ජය ලැබීම මහා ලොකු කටයුත්තක් නොවේ.මෙය වසංගතයක් වීද දුර්භික්ෂයක් වීද රාජ්‍යයන් ද්විත්වයකට ත්‍රිත්වයකට වුවද සෑහෙන තරමින් රාජකීය ගබඩාවේ පුරවා ඇති ආහාර හා ඔසු මගින් එවන් තත්ත්වයන් මැඩලීම අපහසුවෙන් වුවද කළ හැක්කකි.

නමුත් මෙය.......

නොපෙනෙන,නොදැනෙන,කිසිඳු සාක්ෂ්‍යයක් නොමැති සතුරෙකු සමග සටන් වදින්නේ කෙසේද......ඔහුට සිය සොයුරා අසමත් කරවීමට අවශ්‍ය නොවීය.ඔහුට සිය රාජ්‍යය අසමත් කරවීමට අවශ්‍ය නොවීය.ඔහුට යටත් වැසි අහිංසක ජනතාව ගොදුරු බවට පත්වනු තව දුරටත් දැකීමට අවශ්‍ය නොවීය.

සියළුම අතුරුදන් වීම් මෙතැනින් නිම නම් එය සැනසීමට හේතුවක් වනු ඇත.නමුත් තමා කිසිවිටෙකත් මෙය මෙතැනින් අවසන් නොකරනු ඇත.ඔහුට අතුරුදන් වූවන් දස දෙනා හට වූයේ කිමෙක්දැයි දැනුවත්වීමේ අවශ්‍යතාවය තදින්ම දැනෙමින් තිබිණ.යුක්තිය.....අනෙක් ඕනෑම රාජ්‍යයේ යටත්වැසියෙකුට හිමි විය යුතු යුක්තිය ඔවුන් කෙරේ ඉෂ්ඨ කිරීමට ධ්වජේශ්වරට අවශ්‍යව තිබිණ.තවත් වේදනාත්මක අතුරුදන්වීමක් හමුවේ ඔවුන්ගේ ප්‍රියයන්ගේ වේදනාත්මක වැලපීම් හමුවේ තවදුරටත් නිකමෙකු මෙන් බලා හිඳීමට ඔහුට අවශ්‍යව නොතිබිණ.

මේ සියල්ලම හමුවේ ඔහුට පෙර දිනෙක අස්‍රාවන්ගේ වදන් මතකයට නැගෙමින් තිබිණ.


"මෙය ශාරීරික ශ්‍රමය මත වන සටනක් නොවේ කුමරුණි.මෙය නුඹේ හැකියාවන්ගෙන් ඈතයි.දනිමි....නුඹ ආධ්‍යාත්මික ලෙසින් ශක්තිමත් බැවු දනිමි.නමුත් මනුෂ්‍ය හැකියාවන්ගෙන් බොහෝ ඔබ්බට දිවෙන විශ්ව ක්‍රියාවලීත් ඇති බැවු මතක තබා ගන්න කුමරුණි.....නුඹ සාමාන්‍ය මනුෂ්‍යයෙකුට වඩා බොහෝ හැකියාවන්ගෙන් යුත් අයෙක්....නමුත් සිහියේ තබාගන්න.. ....නුඹ දේව උපතක් නොවේ.....එනිසා මේ සම්බන්ධයෙන් සිදු වන කිසිඳු වරදක් නුඹේ පිටට දමා ගැනීමට උත්සාහ කරන්න එපා...මේ සිදුවන කිසිඳු දෙයකට නුඹ වරදකරුවා නොවේ......සෑම ඵලයක් මෙන්ම එයට නියමිත වරණයක්ද ස්වභාවධර්මය විසින්ම නියම කරනු ලබනවා.....ඉතින් දිණුම ඵලයටද වරණයටද යන්න දැන්ම තීරණය කළ හැක්කක් නොවේ....එය කාලයත් සමග තීරණය වන්නක්.......එනිසා කුමරුණි....ඔබේ ශක්තිප්‍රමාණයේ තරමට පංචගාමයන් ආරක්ෂා කිරීමට උත්සහ ගන්න.එහි වරදක් නැහැ.....එහෙත් පංච ගාමයන්ගෙන් එහාට සොයා යෑම නවත්වන්න.එයින් සිදුවන්නේ අනතුරක් පමණයි.....දැනටමත් ඔබ එය අත්විඳ ඇතිනේ....ඒ ආරම්භයක් පමණයි....."

නමුත්.......

එසේ හිඳිය හැකිද.....කිසිවක් නොවුනාක් මෙන්....කිසිවක් නොසොයා හිඳීමට තමාට හැකිද.....


නොවේ.....තවත් නම් නොවේ.....අතුරුදන් වීම නැවතී ඇතඳු නොවෙතඳු මෙතෙක් කල් අස්‍රාවගේ වදනට යටත්ව ගරු කිරීමක් වශයෙන් අතැර දැමූ සියළුම කටයුතු සුදුසු කල්වේලාවන්හීදී නැවත ආරම්භ කිරීමට ධ්වජේශ්වර තීරණය කොට ගත්තේය.මෙතෙක් නොදුටු මාර්‍ගයක් එයින් ඔහුගේ මනස දකිද්දී මෙතෙක් නිදහසක් නොවිඳි ඔහුගේ සිරුර මෙන්ම මනසද මදින් මද සංසුන් වීමට ආරම්භ කොට තිබිණ.

කිහිප දිනක් තිස්සේ ආරක්ෂක කඳවුරටම වී සිටි ධ්වජේශ්වර ඉතින් නැවත ආරණ්‍යවන්නයට පිටත් වීමට අමාවක දිනය අවසානයේ නැගුණු හිරු උදාවත් සමගම තීරණය කොටගෙන තිබිණ.

මේ වන විටත් ඔහු විසින් අස්‍රාවන් විසින් නොකරන ලෙසට අනතුරු හැඟවූ ප්‍රධානම කටයුතු ද්විත්වයම බිඳ හෙලීමට සිය මනස සකසාගෙන අවසන් බැවු ධ්වජේශ්වර හට ඒ මොහොතේ සිහිවූයේ නැත.

පළමුව රුද්‍රාර හට සමීප නොවීමත්,දෙවැන්න අතුරුදන් වීම් පිළිබඳව පංච ගාමයන්ගෙන් ඔබ්බට සොයාගෙන නොයාමටත් ඇය කළ අනතුරු හැඟවීම් ඔහු මේ වන විට සාධාරණ හේතූන් සහිතවම පසෙකට හෙලා තිබිණ.

ඉතින්......

-
-
-
-
-
-
-
-

ඒ ඔවුන්ගේ දෛවයම වන්නට ඇත.

_____________________________________

අළුයමින්ම ආරණ්නවණ්නයට ගොඩ වැදුණු ධ්වජේශ්වර තවත් කල් වේලා ඇති හෙයින් උදෑසන දේශනය තෙමේම මෙහෙයවීමට සිතුවේය.

තවමත් සිසුන් නොපැමිණි සුව්‍යාධී ශාලාව වෙත ඇතුළු වූ ඔහු සිසුන් පැමිණෙන තෙක් ඔවුන් හට අද දින ලබා දීමට නියමිත දේශනයට අදාල ඔසු වර්ග තෝරා තැබීමට සිතා ගත්තේ සුව්‍යාධී ශාලාවේ ඔසු ගබඩාවට පිය නැගුවේය.

දේශන ශාලාව ඉදිරිපසින්ම වූ ඔසු ගබඩා කොට ඇති කුටිය වෙත ගිය ඔහුගේ දෑස නිතැතින්ම යොමු වූයේ ඉදිරිපසම පෙළේ කොණටම වන්නට ඇති ආසනය වෙතටය.

මෙහි අසුන් ගන්නා තැනැත්තා තමා හට කොපමණ වධ බන්ධන පැමිණ වීමට සමත් වූවෙක්දැයි සිතන විට ධ්වජේශ්වරගේ මුව මදහසකට විවෘතව තිබිණ.

ඔහු.....තමා ඔහු පිළිබඳවද විමසිලිමත් වීම ආරම්භ කළ යුතුය.ඔහුගේ අද්භූත ශාරීරික හා මානසික වේදනාවන්ගේ සුලමුල සෙවීම තවත් කල් දැමිය යුතු නැත.ඔහුගේ වේශාවරණය,ඔහුගේ සමාජ ආශ්‍රයට නුහුරු හැසිරීම,ඔහුගේ වේදනාත්මක මතකයන්,ඔහු සම්බන්ධව තවමත් අභිරහසක් වූ සියල්ලම සොයා ගැනීමට ධ්වජේශ්වරට අවශ්‍යව තිබිණ.හේතුවක් නොදන්නේ වුවද ධ්වජේශ්වරට මෙලොව දක්නට අවශ්‍ය වූ අවසානම දැය නම් රුද්‍රාරගේ වේදනාවයි.ඒ තරමටම කෙටි කලකදී දුටු තමා අත්විඳි ඔහුගේ වේදනාව ධ්වජේශ්වර අසරණ බවට පත් කර තිබිණ.

සාමාන්‍ය අයෙකු කෙරේ නම් සුව්‍යාධී බලයන්ට ස්තූතිවන්ත වීමට ඔහුගේ වේදනාවන් තමා වෙතට ගෙන ඔහු යම් තාක් දුරකට හෝ වේදනාවෙන් මුදවීමට ඉඩ තිබිණ.

නමුත් මොහු....මොහු තමාගේ කිසිඳු සංවේදනයකට ප්‍රතිචාර දක්වන්නේ නැත.තවදුරටත් සිය දෑත් අතර සිට වේදනාවෙන් පීඩිත වන රුද්‍රාර දැකගැනීමේ කිසිඳු සූදානමක් ධ්වජේශ්වර සතුව නොතිබිණ.

ඔහු සුසුමකින් ළය සැහැල්ලු කොට ගනිමින්ම ගබඩා කුටියට වැදුනේය.

_____________________________________

උදෑසන දේශනයට සාමකාමීව සහභාගී වූ රුද්‍රාර සන්ධ්‍යා දේශනය වෙත යාමට අදිමදි කරන සිය අලස සිත සමග සටන් වැදුනේය.දින කිහිපයක්ම නොකඩවා දේශන වලට සහභාගී වූ නිසා දේශනය නොසලකා හරින ලෙස සිතේ එක් පසක් ඔහුට පවසද්දී මෙතෙක්ම ඔහුට බලාපොරොත්තු දුන් සිතේ අනෙක් පස දේශනයට සහභාගී වන ලෙසට අරගල කරමින් තිබිණ.

ඉතින් දෙපා අද්දවමින් දෑතද ඔහේ කඩා හැලෙන්නට දී ඔහු මේ වන විට සරයු හා වායු පසුපසින් ගාටමින් සිටියේය.

පැමිණි ලෙසෙන්ම දෙපා බිම දිගට අද්දවමින් සුව්‍යාධී ශාලාව තුළට ඇතුල්වූ ඔහු අලස ලෙසම ගොස් සිය අසුන මතට කඩා වැටුනේය.

අද දිනත් අර කමකට නොමැති ජ්‍යෙෂ්ඨයන් දෙපලගේ නීරස පැවරීමක් වන්නට ඇත.එය සිහියට නැගෙනවාත් සමගම මුව හයා නැගුණු හෑනුම මගදීම ආයාසයක් දරා ගිලගතුයේ ඇඳුරු අසුන මත්තට වී තියුණු ලෙසින් ඔහු දෙසට දෑස යොමා සිටින තැනැත්තා දිටීමෙනි.

අනෙක් අතට දෙපා අද්දවමින් පැමිණ ලොවම එපා වූවෙකු ලෙසට සිය අසුනට වැටුනු රුද්‍රාර දෙස ධ්වජේශ්වර බලා හුන්නේ ඔහු සුව්‍යාධී ශාලාවට ඇතුල් වූ මොහොතේ සිටමය.වටපිට පිළිබඳව කිසිඳු තැකීමක් නොකොට කුම්භිලයෙකු සේ සිය මුව හයා හෑනුමක් පිට කරන රුද්‍රාර දුටු ඔහුගේ මුවට නැගුනේ සිනහවක් වුවද තමා දැක හෑනුම මග නවතා ගත් රුද්‍රාර වෙත ඔහු දැඩි රැවුමක් තිළිණ කළේය.

ධ්වජේශ්වරගේ රැවුමත් සමග පොළවට නෙත් හෙලාගත් රුද්‍රාර මදකින් නැවත දෑස් පමණක් ඔසොවා බැලුවේ ධ්වජේශ්වර වෙතමය.ඒද ඔහුගේ දැඩි අවවාදාත්මක දෑස තමා වෙත යොමුව තිබෙනු දුටු ඔහු අවිහිංසක අයුරින් වෙනතක් වෙත අවධානය යොමු කළේය.

ඉතින් සියලු සිසුන් රැස්ව දේශනය ආරම්භ කරද්දීවත් ඔහුගේ අවිහිංසක බව නම් පහව ගොස් තුබුණේ නැත.තමා නොමැති දින කිහිපයේ සිසුන් හට ලබා දෙනු ලැබූ පැවරුම් පරීක්ෂා කිරීමේදී රුද්‍රාරද එක්ව දුර්වලම පිළිතුරුපත් සහිත වූ සිසුන් කිහිප දෙනා වෙත ධ්වජේශ්වරගේ ගිණි පිටවන දෑස් බැල්ම යොමුවද්දීද රුද්‍රාර පෙර අවිහිංසක බැල්මෙන්ම වෙනතක් බලා හුන්නේය.

සාමකාමී සන්ධ්‍යාවක් ලෙසම සන්ධ්‍යා සුව්‍යාධී දේශනය සාමකාමීව නිමවන අයුරක් දක්වන ලකුණු පෙන්නුම් කළේ හදිසියේ කඩා වැදුණු ආගන්තුකයෙකුගේ ආගමනයට පෙරාතුවය.

අවසර ගැනීමකින් තොරව හඬින් විවරව ගිය සුව්‍යාධී ශාලාවේ විසල් ශිලාමය දොරටුව සියල්ලන්ගේම තිගැස්ම හා අවධානය දිනා ගැනීමට සමත්ව තිබිණ.

විවර වූ ද්වාරය තුලින් සුව්‍යාධී ශාලාව තුළට වැදුනු ආගන්තුකයා සුසුමකටත් වේගයෙන් සූර්යවාර ඇඳුරුන් වෙත දිව ගොසින් තිබිණ.ඒ ප්‍රවේගයෙන්ම ඇඳුරුන්ගේ සවණතට ළංව යමක් දෙඩූ ඔහුගේ වත වන්වම සූර්‍යවාර ඇඳුරුන්ගේ වතද ලේ සිඳී දෑස් විසල්ව යාමට ගතව තුබුණේ මොහොතකටත් අවම කාලයකි.

ආගන්තුක තැනැත්තාගේ මිමිණුමෙන් හුන් අස්නෙන් වහා නැගිටගත් ඇඳුරුන් තවත් අඩහෝරාවකින් නිමවීමට නියමිතව තුබූ සන්ධ්‍යා සුව්‍යාධී දේශනය මෙතැනින් නිම වන වගට සිසුන් හට දැනුම් දුන්නේ ආගන්තුක තැනැත්තාද සමගින් ලහි ලහියේ සුව්‍යාධී ශාලාවෙන් පිටත් වීමට ප්‍රථමවය.

කිසිවෙකුත් නොදැනුවත්ව හුන්නාට මෙතෙක් සරයු වායු දෙසෝවුරන්ගේ අසල අසුන්ගෙන හුන් රුද්‍රාරද මේ වන විට සිය ඇඳුරුවරයාත් ආගන්තුක තැනැත්තාත් පසුපසින් වැටී සිටියේය.

_______________________________________

Bulbz_D ඩාලිං ඔන්න කප්පම දුන්නා.දැන් ඔයාගෙ වාරෙ හරිද.ඩීල් නම් ඩීල් හරී

සැරින් සැරේ කතාව ඉල්ලන කෙල්ලො ටික.ඔයාල නිසා තමා ඔන්න ඉතින් කම්මැලි ඕතර්ට භවාන්තර මතක් වෙන්නේ.ආදරෙයි ඉතින් මැරිලත් පැයක්❤

Hiruni294 මගෙ එලාම් එක❤😘 ඔයා ඉල්ලපු විදිහට ඉඩ තියෙන වෙලාවට සතියට එපි දෙකක් දෙන්න උපරිම ට්‍රයි කරන්නම් හොඳේ.

Continue Reading

You'll Also Like

74.7K 7.4K 100
"မှားယွင်းသော လက်ထပ်ခြင်းမှသည်..... ကောင်းမွန်သော အိမ်ထောင်သည်ဘဝဆီသို့...(၂)" MM Translation (Just for fun) Chapter 41 in complete "မွားယြင္းေသာ လက္ထ...
5.2K 956 7
●. Sinhala ●. Gay Stories ●. Short Stories ~ තාරුකා එලි ඇවිලිලා නැති පාළු අම්බරේ... පායනාතුරු බලා ඉන්නම් කන්ද පාමුලේ.. වලාකුල් මැකිලා කවදා යයිද ආක...
5.3K 1.3K 20
I'm missing you Waiting for you My heart is headed toward you I'm missing you Waiting for you Again today, I'm waiting for you Start- 29/06/2022 End...
572K 66.8K 187
Divine doctor : Daughter of the first wife [ မြန်မာ ဘာသာပြန် ] Author : 杨十六 (Yang Shi Liu) English Translator : Spring Rain Translations Group Discla...