MASK !!Taekook!! [Completed]...

Door moonflower_9597

32.1K 6.4K 1.3K

ජනතාව භීතියට පත් කරමින් පැතිර යන මිනිස් ඝාතන රැල්ලක්.. ඒ ඝාතන රැල්ලේ සුල මුල සොයා යන කණ්ඩායමක්.. වෙස්මූණක් තු... Meer

Characters
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 25
Chapter 26
Chapter 27
Epilogue

Chapter 24

945 215 47
Door moonflower_9597

හි හී.. බොරුවක් කිව්වෙ.. තාම ඉවර නෑ. 😉

_________________________________________________________••••••••••••••••••••••

පොලිස් නළා හඬ දසත පැතිරෙද්දි සියොන් ප්‍රදේශයම නැවතත් කලබල වුණා. මිනිසුන් සියොන් ඝාතකයා අවසන් වතාවට දැකගන්න එක්‍ රොක් වෙද්දි, ප්‍රපාතයට ඇද වැටුණු සිරුර මහත් පරිශ්‍රමයක් දරලා හමුදාව විසින් ගොඩගත්තා. මුළු සිරුරම තැලී පොඩිවෙලා තිබුණත් ඒ මුහුණෙ එකදු සිරීමක් වත් නොතිබුණේ ඔහුගෙ කඩවසම් බව පිළිබඳව සියලුදෙනාම කතා වෙද්දි. සුපුරුදු හිස් බැල්මකින් සැරසුනු දුඹුරු පාට ඒ ඇස් විවෘතව තිබුණා.

දහස් ගණන් ජනයාගෙ හදවත් සතුටු කරමින් අවසානයේදී සියොන් ඝාතකයා සිය ජීවිතයෙන් සමුගත්තේ සියොන් ඝාතන රැල්ලට අවසානයක් එක්කරලා.

මිනිසෙකු මැරීමට විරුද්ධව ජන්ග්කුක් හට තාවකාලික සේවය අත් හිටුවීමක් ලැබීමට නියමිත වුණත් ජනතාවගෙ දැඩි විරෝධය නිසාත්, ඔහු එසේ කරේ යූරිගෙ ජීවිතය බේරා ගැනීමට නිසාත්, මියගියේ වැරදිකාරයෙකු නිසාත් ජන්ග්කුක් නිදොස් වුණා.

තමා අතින් සිදුවූ වැරදීන් පාපොච්චාරණය කරපු බෝගම් සිය තනතුරෙන් ඉල්ලා අස්වූවා.

යන්ග් මියොන් හට ජීවිතාන්තය තෙක් සිර දඬුවම් ලැබීමට නියමිත වුණා.

යූරිගෙ බෙල්ලෙ තිබ්බෙ සියුම් කැපුමක් විතරක් නිසා එයාගෙ තත්ත්වය යහපත් වුණා.

නම්ජුන්, යුන්ගි සහ හෝසොක් තුන්දෙනා ආයෙමත් සෝල් බලා යන්න සූදානම් වුණා.

ජිමින් ආයෙමත් සියොන් වලට ආවෙ එයාගෙ ඊළඟ වැඩසටහන වෙනුවෙන් කරුණු එකතු කරගන්න.

ඔය අතරෙ ජින් ජන්ග්කුක්ව පරීක්ෂා කරමින් සිටියා. එදා shadow ගෙ මූණ දැක්කට පස්සෙ ජන්ග්කුක්ට එහෙම්මම සිහි නැතිවුණා. ජන්ග්කුක් සිහි නැතුව ගතවුණු දෙවෙනි දිනයත් එලෙසින් ගතවී යද්දි හැමෝම ජන්ග්කුක්ගෙ තත්ත්වය ගැන බයවුණා.

"ඔප්පා දැන් එයාට කොහොමද??" සානා ජින්ට තුරුල් වෙනගමන් පොඩි එකෙක් වගේ අහද්දි ජින් සානාගෙ පිට අතගෑවෙ එයාව සන්සුන් කරන්න.

"ඇත්තටම ඩොක්ටර් ජින්, අපේ ජන්ග්කුකීට ඉක්මනට සිහිය එන්නෙ නැතිවෙයිද? මට ජන්ග්කුක්ගෙන් සමාව ගන්න ඕනෙ.." ජන්ග්වා කිව්වෙ අඬලම රතුවුණු ඇස් වලින්. ටේහ්‍යුන්ග්ට ජන්ග්කුක්ව ළංකරේ එයා නිසා ජන්ග්වා එයාටම දොස් පවරගත්තා.

"අයියෝ... මොකද මේ කාටවත් බයනැති චණ්ඩි කෙල්ලො දෙන්නා පොඩි උන් වගේ අඬන්නෙ ආ?? මටත් ලැජ්ජයි.." ජින් එහෙම කිව්වෙ එතන තියෙන තත්ත්වය මදක් සැහැල්ලු කරන්න.

"කෝ.. යන්න යන්න.. ජන්ග්කුකීට සිහිය එනකම් ඔය දෙන්නා ගිහින් එයා ඇහැරුනාම දෙන්න තෑග්ගක් තෝරන්න. එයා සතුටුවෙයි." ජින් එහෙම කියලා කෙල්ලො දෙන්නව හොස්පිටල් එකෙන් එළියට යැව්වා.

ඒත් එක්කම වගේ බෝගම් ආවා.

"බෝගම් සර්... දැන් තුවාල හොඳයිද?" ජින් ඇහුවෙ සුහදශීලි සිනහවකින්.

"ඔව් ඩොක්ටර් ජින්, දැන් ගොඩක් දුරට හොඳයි.. ම්ම් මං ආවෙ මගෙ බෑනා පොඩ්ඩව බලලා යන්න." බෝගම් කියද්දි ජින් හිනාවෙලා බෝගම් එක්කම ජන්ග්කුක්ගෙ කාමරේ ළඟට ඇවිදගෙන ආවා.

"බෝගම් සර්ගෙ පුතා එයාගෙ ජන්ග්කුකීව බලන්න එන්නෙ නැද්ද?" ජින් අහද්දි බෝගම් එයා දිහාට හැරුණා.

"එයා ඊයෙත් ඇවිත් ගියා. ඩොක්ටර් එතකොට ගෙදර ගිහින්ලු. එයා බයයි ජන්ග්කුක්ට සිහිය එද්දි එයා ළඟ ඉන්න. දැන් එයා ඉන්නෙ ජිමින් එක්ක.. මේ දේවල් ජනතාව අතරට යන්න ඕනෙ. නැත්නම් එයාටත් ප්‍රශ්න එන්න පුළුවන්." බෝගම් කියද්දි ජින් ඔලුව වැනුවා.

"ජන්ග්කුක්ට සිහිය නැතිවෙලා තියෙන්නෙ ශොක් එක නිසා. එකපාරටම එයාගෙ ටේහ්‍යුන්ග්ගෙ මරණයයි.. shadow කියන්නෙ කවුද කියලයි දැක්කම ජන්ග්කුක්ගෙ මනසට ඒක දරාගන්න බැරුව යන්න ඇති."

"එතකොට ඩොක්ටර් ජන්ග්කුකීට සිහිය එන්න තව ගොඩක් දවස් යයිද?"

"නෑ.. මං හිතන්නෙ ජන්ග්කුක් ඉක්මනින්ම නැගිටියි. සර් ගිහින් ජන්ග්කුක්ව බලලා එන්නකො එහෙනම්. මං යනවා surgery එකක් කරන්න තියෙයි." ජින් එහෙම කියලා බෝගම්ට සමුදුන්නා.

බෝගම් ජන්ග්කුක් හිටපු හොස්පිටල් රූම් එකට ඇතුළු වෙලා ඇඳේ නිදාගෙන හිටපු ජන්ග්කුක් ළඟින් ගිහින් ඉඳගත්තා. හුරුබුහුටි ඒ අතක් එයාගෙ අත් අතරට ගත්තු බෝගම් ජන්ග්කුක්ගෙ සිනිඳු හිසකෙස් පිරිමැද්දෙ මහත් සෙනෙහසින්.

"එයා ඔයාට ආදරේ උනු එක පුදුමයක් නෙවෙයි. ඔයා හරිම ලස්සනයි ඒ වගේම අහිංසකයි පැටියො." ටිකවෙලාවක් ජන්ග්කුක් දිහා බලාගෙන හිටපු බෝගම් එහෙම කියද්දි එයාට දැනුනා ජන්ග්කුක්ගෙ අතැඟිලි හෙලවෙනවා වගේ. ඒ ඇස් පිල්ලම් ගැහෙන්න ගද්දි බෝගම් ඉක්මනට නර්ස් කෙනෙක්ට ඒ බව දැනුම් දුන්නා.
ජින් ඒ වෙලාවෙ කාර්‍යබහුල උනු නිසා වෙන ඩොක්ටර් කෙනෙක් ඇවිත් ජන්ග්කුක්ගෙ තත්ත්වය පරීක්ෂා කරා.

"එයාට කොහොමද ඩොක්ටර්??"

"දැන් නම් ඔෆිසර් ජන්ග්කුක් හොඳින් මිස්ටර් බෝගම්. එයාට පුළුවන් දැන් අදම උනත් ගෙදර යන්න." ඩොක්ටර් හිනාවෙලා කියද්දි ජන්ග්කුක් හිස් බැල්මකින් ඔහේ බලන් හිටියා. ඒත් එක්කම මොනාහරි මතක් වුණා වගේ ජන්ග්කුක් ඉක්මනින්ම නැගිට්ටා.

"කෝ එයා? කෝ මගෙ හ්‍යුන්ගී??" ජන්ග්කුක් කලබලෙන් වගේ අහද්දි බෝගම් ඉක්මනට එයාට ළංවුණා.

"එයා ඉන්නවා... අපි යමු ඔයාගෙ හ්‍යුන්ගිව බලන්න."

"බෝගම් සර්??"

"හ්ම්ම්, යමුකො අපේ ගෙදර. ඔයාගෙ ප්‍රශ්න හැම එක්කටම උත්තර ලැබෙයි." බෝගම් එහෙම කියලා ජන්ග්කුක්ට නැගිටින්න උදව් කරා.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

"සුභ උදෑසනක්.. ඉතින් සුපුරුදු පරිදි අදත් The unsolved mystery වැඩසටහනින් ඔබව හමුවෙන මම පාර්ක් ජිමින්. ඉතින් අද වැඩසටහනින් මං ඔබ හමුවට ගෙන එන්නෙ මේ දිනවල උණුසුම් මාතෘකාවක් පිළිබඳව. ඒ ඔබ සියලුදෙනාම දන්න සියොන් ඝාතන රැල්ල පිටුපස ඇති අභිරහස. එමෙන්ම සියොන් වැසියන්ගේ වීරයා බවට පත්වුණු shadow පිටුපස ඇති අභිරහස. හොඳයි එසේනම් පළමුවෙන්ම මා මගේ වැඩසටහන වෙනුවෙන් සියොන් පොලිස් ස්ථානාධිපතිතුමන්, මිස්ටර් පාර්ක් සේජින් පිළිගන්නවා. එසේම දක්ෂ අපරාධ පරීක්ෂක, මිස්ටර් කිම් නම්ජුන්, ඔබවත් ආදරයෙන් පිළිගන්නවා. ආයුබෝවන්!"

"ආයුබෝවන්!" නම්ජුන් වගේම සේජිනුත් පෙළරා ආචාර කරා.

"හොඳයි පළමුවෙන්ම මිස්ටර් සේජින්ගෙන් අපිට දැනගන්න පුළුවන්ද මේ ඝාතන රැල්ල විසඳීම සඳහා ඔබගත් ක්‍රියාමාර්ග?"

"ඔව් ඇත්තෙන්ම කියනවනම් අපි මේ ගැන මුලින්ම දැනගත්තෙ මීට අවුරුදු දෙකකට විතර කලින්. ඒත් මේ ඝාතන රැල්ල ඊටත් එහාට විහිදුණු එකක් කියලා මිනීමරුවගෙ පාපොච්චාරණයෙන් අපිට සනාථ කරගන්න පුළුවන් වුණා. මේ මිනීමරුවා හොයාගන්න අපි උපරිමයෙන් මහන්සි වුණා. ඒත් අපිට මොනවිදිහකින්වත් මිනීමරුවා ගැන කිසිම හෝඩුවාවක් හම්බවුණේ නෑ. ඒකයි මීට අවුරුද්දකට විතර කලින් මිස්ටර් කිම් ටේහ්‍යුන්ග් සෝල් වල ඉඳලා සියොන් වලට ආවෙ. ඒත් අවාසනාවන්ත විදිහට මිනීමරුවා ගැන තොරතුරු හොය හොයා හිටපු ටේහ්‍යුන්ග්ගෙ මතකය දරුණු අනතුරක් හින්දා නැතිවෙනවා. ඊටපස්සෙ මාස හයක් යනකම් ටේහ්‍යුන්ග් ඉන්නෙ ඇමෙරිකාවෙ. ආයෙමත් ටේහ්‍යුන්ග් සේවයට බැඳිලා මාස තුනකට පස්සෙ detective කිම් නම්ජුන් ඇතුළු කණ්ඩායම සියොන් වලට එන්නෙ මේ අපරාධය විසඳන්න."

"හොඳයි මිස්ටර් කිම් නම්ජුන්, එතනින් එහාට කතාව අපි ඔබගෙන් අහන්න සූදානම්."

"ඔව් මිස්ටර් ජිමින්, අපි සියොන් වලට ආවට පස්සෙ ඔක්කොටම කලින් පසුගිය මිනීමැරුම් වාර්තා පිළිබඳව අධීක්ෂණය කරා. එතනදි තමයි අපි මිනීමැරුම් වල රටාවක් තියෙනවා කියලා නිරීක්ෂණය කරේ. ඒත් මිනීමරුවා කිසිම සාක්ෂියක් ඉතුරු කරන්නෙ නැති කෙනෙක් නිසා අපිට ඒ ගැන හොයනෙක ගොඩක් අමාරු වුණා. ඒ අතරෙ තමයි හිටපු නගරාධිපතිනියගෙ උදව්වෙන් අපි සියොන් පළාතෙ ප්‍රධාන ස්ථාන ආවරණය වෙන විදිහට cctv install කරේ. ඒත් අවාසනාවකට මිනීමැරුම් වෙන අවස්ථාවලදි ඒ ස්ථානයේ cctv වැඩ කරන්නෙ නැතුව යනවා. ඉතින් අපි මේකට නගරාධිපතිනිව සැකකරා. ඔය අතරෙ තමයි සියොන් උප පොලිස්ථානය අයිති ග්වාන්ග්ජු ප්‍රධාන පොලිසියෙ පොලිස් ස්ථානාධිපති, බෝගම් සර් මාව හම්බවෙන්න ඕනෙ කියලා මගෙන් ඉල්ලුවෙ. එතනදි තමයි නගරාධිපතිනිය කියන්නෙ හරියටම මොනවගේ කෙනෙක්ද කියලා අපි හැමෝම දැනගත්තෙ."

"ඔව්, මිස්ටර් බෝගම් කියන්නෙ නගරාධිපතිනියව පෞද්ගලිකව දැනගෙන හිටපු කෙනෙක් නිසා එයා ඒ පිළිබඳව ක්‍රියාමාර්ගයක් ගත්තෙ නෑ. එහෙම නේද?"

"මිස්ටර් ජිමින්ගෙ කතාව වැරදිමත් නෑ. ඒත් මෙතනදි මිස්ටර් බෝගම් එහෙම කරේ එයාගෙ සමීපතයෙක්ගෙ ජීවිතයට තර්ජනයක් එල්ල වෙයි කියලා බයෙන්. ඒ වගේම ඔව්, මිස්ටර් බෝගම් යන්ග් මියොන්ව පෞද්ගලික අඳුරන කෙනෙක්. ඒ නිසාම තමයි යන්ග් මියොන් සිදුකරපු අපරාධ ගැන මිස්ටර් බෝගම් විමර්ශනය කරන්න පටන් අරන් තියෙන්නෙ."

"හොඳයි.. අපි එහෙනම් යන්ග් මියොන් එහෙමත් නැතිනම් හිටපු නගරාධිපතිනිය සිදුකරපු අපරාධ පිළිබඳව දැනගමු. මිස්ටර් නම්ජුන්??"

"ඔව්, යන්ග් මියොන් කියන්නෙ කිම් ටේයොන්ග් සහ කිම් ටේහ්‍යුන්ග් කියන නිවුන් සහෝදරයන්ගෙ මෑණියන්. කිම් දේහ්‍යුන් කියන්නෙ ඇයගෙ කලින් සැමියා වගේම නිවුන් දරුවන්ගෙ පියා. ඒ විවාහය යෝජිත විවාහයක් හෝ ආදරය නිසා සිදුවුණු විවාහයක් නෙවෙයි. දේහ්‍යුන් බීමතින් හිටපු වෙලාවක නොදැනුවත්ව උනු අත්වැරැද්දක් නිසා යන්ග් මියොන් ගැබ්ගන්නවා. ඒ නිසා තමයි ඒ දෙන්නා විවාහ වෙන්නෙ. ඉතින් මුල ඉඳන්ම අසාර්ථක පවුල් ජීවිතයක් ගෙනියපු මේ දෙන්නා නිවුන් දරුවන්ට අවුරුදු හතේදි ඩිවෝස් වෙන්න තීරණය කරනවා. ඒකට හේතුව කිම් ටේයොන්ග්.. අවුරුදු හතක් උනු කුඩා දරුවා කිම් ටේහ්‍යුන්ග් කියන එයාගෙ නිවුන් සහෝදරයගෙ හුරතල් බලු පැටියව මරනවා. නිකන්ම නෙවෙයි දරුණු විදිහට. එතනින් නොනැවතුණු මේ කුඩා දරුවා අහිංසක සත්තුන්ට දිගින් දිගටම කරදර කරන්න ගද්දි එයාගෙ අම්මයි තාත්තයි අතරෙත් රණ්ඩු සරුවල් ඇතිවෙන්න ගත්තා. ඒ දේවල් වල ප්‍රතිඵලයක් විදිහට තමයි මිස්ටර් කිම් දේහ්‍යුන් සහ යන්ග් මියොන් දෙන්නා ඩිවෝස් වෙන්නෙ. එතනින් පස්සෙ යන්ග් මියොන්ට ලොකු වන්දි මුදලක් ලැබුණත් කලින් තරම් සුවපහසු ජීවතයක් එයාට අවශ්‍යය උනු නිසා එයා නිරූපිකාවක් විදිහට වැඩ කරන්න පටන් ගත්තා. තරුණ වයසෙ රූපයත් එක්ක එයාට හොඳ ඉල්ලුමක් ලැබෙද්දි එයාට චිත්‍රපටයක රඟපාන්නත් අවස්ථාව ලැබුණා. තත්ත්වය වෙනස් වෙන්නෙ ඔය කාලෙදි.."
.
.
.
.
.
.
.
.
.
.
.

~To be continued~

එයාලා ඇත්තටම ට්වින්ස්ලා😜 මං පොඩ්ඩක් ඉතින් වටේ යැව්වා කට්ටියව🙇

ඒ උනාට ඔයාලට මං කතාව පටන් ගනිද්දිම හින්ට් එකක් දීලා තිබ්බා.. මේක⬇️,

"ජනතාව භීතියට පත් කරමින් පැතිර යන මිනිස් ඝාතන රැල්ලක්..
ඒ ඝාතන රැල්ලේ සුල මුල සොයා යන කණ්ඩායමක්..
වෙස්මූණක් තුල සැඟවෙමින් ඝාතන රැල්ල ඇතිකරන මනෝ ව්‍යාධිකයෙක්..
සිය අනන්‍යතාවය නැතිවී යද්දිත් සාධාරණය වෙනුවෙන් පෙනී සිටින සහෝදරයෙක්.., පොලිස් නිළධාරියෙක්.."

එතකොට කතාවෙ තැන් තැන් වලදි මං හින්ට්ස් දුන්නා. ඔයාලා ඒවා තේරුම් අරගෙනත් තිබ්බා. මුලින් ටේ මිනීමරුවා කිව්වා.. පස්සෙ ටේලා දෙන්නෙක් ඉන්නවා කියලා ඔයාලම කිව්වා. ඒ කියන්නෙ මං සාර්ථකයි.

Shadow වූබින් කරලා ටේහ්‍යුන්ග් ඇත්ත මිනීමරුවා කරන්න තිබ්බා. හැබැයි එතකොට happy ending නෙවේ ඒක😪

නැත්නම් ටේව ඇත්ත මිනීමරුවා කරලා එයා මරන්න තිබ්බා.. ඒක තමයි main plot එක මේකෙ🙂

එහෙම නැත්නම් ඇත්තටම මොලේ බද්ධ කරලා ඒ හිටියෙ මිනීමරුවා වෙලා ඊටපස්සෙ ජන්ග්කුක් එයාට වෙඩි තිබ්බම ඒකෙන් පස්සෙ ඇත්ත ටේගෙ මතකය එන්න හදන්නත් තිබ්බා.

නැත්නම් ජන්ග්කුක් ටේ එක්ක එකතුවෙලා මිනීමරන්න පටන් ගන්න විදිහට ඉවර කරන්නත් තිබ්බා.. (ඒකනම් කොහොමත් මං කරන්නෙ නෑ😌 එතකොට මිනීමරුවා දිනුම්.)

😂😂😂 ඔයාලා කැමති මොන විදිහටද??

15/3/2022

Ga verder met lezen

Dit interesseert je vast

The Whole Truth Door jaxharlow

Mysterie / Thriller

436K 20.2K 52
Adele knows she witnessed a murder - what she doesn't know is just how personal it is. ...
2.7K 380 27
"ඇයි මට එහෙම කලේ " "ම්...මට..මට සමාවෙන්න" "හිතනවද හැමදේම හරි කියලා" "ටේ ටේ අනේ එහෙම කියන්න එපා " "අනේ අම්මේ ඔයාට මාව දාලා යන්න බෑ අම්මේ අනේ" "රූහි...
7.4K 1.6K 8
White rose ~ Young love with a pure heart ~ In every life he comes to find his love ~ 𝚃𝚊𝚎𝚔𝚘𝚘𝚔 𝚏𝚊𝚗𝚏𝚒𝚌 ! 𝚃𝙾𝙿-𝚔𝚘𝚘𝚔 𝙱𝚘𝚝𝚝𝚘𝚖-�...
74.2K 1.5K 101
Who would've expected some normal looking pets to actually turn into humans? Definitely not us! As time passes by, we all slowly get to know each oth...