හත්දින්නත් තරු 💜🌟💫

By kjdhaHdtaxudthdgx

4.3K 636 275

ඇගේ ආදරේ..❤️💫 BTS නම් වූ හත්දින්නත් තරු යායේ හයවෙනි තරුවට ආදරේ කළ තාරකාවියගේ කතාව...💜💫 More

හැදින්වීම
part 1
Part 2
Part 3
Part 4
Part 5
Part 6
Part 7
Part 8
Part 9
Part 10
Part 11
Part 12
Part 13
Part 14
Part 15
Part 16
Part 17
Part 18
Part 19
Part 20
Part 21
Part 22
Part 23
Part 24
Part 25
Part 26
Part 27
Part 28
Part 29
Part 30
Part 31
Part32
Part 34
Part 35
Part 36
Part 37

Part 33

92 13 11
By kjdhaHdtaxudthdgx


උපන්දිනය දා....🎊🎂🎉

විහගිගේ නවාතැන❤️💫

අම්මා:- දුව...කෝ මින්වාත් එක්ක එන්න අපි යන්න ඕන.

විහගි:- හරි අම්මා....මේ එනවා. හරි යමු. යමු මින්වා.
අපිට මුකුත් බැරිවුණේ නෑනෙ නේද....🤔

මින්වා:- නැහැ මිස්. ඔක්කොම හරි...අපි යමු.

විහගි:- හ්ම්ම්☺️

විහගිගේ උපන්දිනය වෙනුවෙන් ටෙලිනාට්‍ය කණ්ඩායමට ලබාදීමට සූදානම් කරගත් ප්‍රණීත ආහාර සියල්ලත් රැගෙන ඔවුන් රූගතකිරීම් සිදුකරන ස්ථානයට යෑමට පිටත්වුණා.

රූගතකිරීම් සිදුකරන ස්ථානය 🎬

මේ අතර විහගි හා ඇගේ පිරිස රූගතකිරීම් සිදුකරන ස්ථානයට පැමිණීමට පෙර V ඇතුළු ඔහුගේ පිරිස එතැනට පැමිණියහ.

පාර්ක් මියුන්ජි:- Mr. V...ඉක්මනට ආව එක හොදයි. මට මින්වා දැන් මැසේජ් එකක් දැම්මා. එයාලා එන්න පිටත්වෙලා.

V:- අහ්..එහෙනම් අපි ඉක්මනට ලෑස්ති වෙමු නේද මිස්ටර් මියුන්ජි ?

පාර්ක් මියුන්ජි:- ඔව් Mr.V, අනික් ඔක්කොම දේවල් ලෑස්තියි. ඉතිරි වැඩ ටික තියෙන්නෙ ඔයාගෙ අතේ.

V:- හරි මිස්ටර් මියුන්ජි...මං ඒ ටික බලාගන්නම්.😁

පාර්ක් මියුන්ජි, V ඇතුළු පිරිස සියල්ල සූදානම් කර අවසානයේ විහගි පැමිණෙන තෙක් ඔවුන්ට නියමිත ස්ථානයන්වල හිද බලා සිටින්නට විය.

මේ අතර විහගි, මව හා මින්වා ඇතුළු පිරිස රූගතකිරීම් සිදුකරන ස්ථානයට පැමිණෙන්නට විය.

මින්වා:- මිස්...අපි මෙතන වැඩට ඉන්න අයට කියලා මේ ටික ඇතුළට ගෙනියමු. නැත්නම් අපිට අරගෙන යන්න අමාරුයිනෙ.🤷

විහගි:- ඔව් මින්වා...එහෙම කරමු. යමු අම්මා.

එතැන සේවකයන්ගේ උදව්වෙන් ඔවුන් ගෙන ආ ආහාර ද රැගෙන එදින රූගතකිරීම් සිදුකිරීමට නියමිතව තිබූ සුවිසල් නිවසට ඇතුළු විය.

ඔවුන් එහි ඇතුළු වන විට කිසිවෙකු පේන මානයේ සිටියේ නැත. එමෙන් ම ඔවුන් නිවසට ඇතුළු වනවාත් සමගම නිවසෙහිම සියලු විදුලි බුබුළු නිවී ගොස් මුලු නිවසම අන්ධකාරයෙහි ගිලුණි.

විහගි:- අහ්..ඒ මොකක්ද ඒ වුනේ..එකපාරට ම කරන්ට් එක ගියාද?

මින්වා:- අනේ මන්දා මිස්...ඒ මදිවට කවුරුවත් ඇත්තෙත් නෑ...මුකුත් පේන්නෙත් නැහැ.

විහගි:- ඔව් අනේ...අම්මා බලාන හොදේ...වැටෙයි. පොඩ්ඩක් ඉන්නකෝ මං Phone එකේ Torch එක දාන්න.

විහගි ඇගේ අත් බෑගයෙහි තිබූ දුරකථනය අතට ගන්නවාත් සමගම ඒ සුවිසල් නිවසෙහි සියලු විදුලි බුබුළු එක්වරම නැවත දැල්වෙන්නට විය.
ඒත් සමගම කන් බිහිරි කරවන අත්පොළසන් නාදයක් සමගින් සියලුදෙනා විගගිගේ උපන්දිනය වෙනුවෙන් කොරියානු භාෂාවෙන් සුභ උපන්දිනයක්
පතමින් උපන්දින සුභපැතුම් ගීතය ගායනා කරන්නට විය. විහගිගේ මව,මින්වා මෙන්ම විහගිගේ කළමනාකාරවරයා ඇතුළු සියලුදෙනා ද අත්පොළසන් දෙමින් ඊට එක් විය.

පාර්ක් මියුන්ජි:- මිස් විහගි....Happy Birthday 🎂
අපිට birthday එක නොකියා ඉන්න නේද හැදුවෙ..😌

විහගි:- අනේ මිස්ටර් මියුන්ජි...මං මේ...අද ඔයාලා හැමෝට ම කියන්න තමයි හිටියේ..මේ රසකැවිලිත් දීලම කියන්න හිටියෙ. එත් කොහොමද ඔයාලා මේක දැනගත්තෙ..🤷 අනික මේ හැමදේම ලෑස්තිත් කරලා, සරසලා🤷🥺

පාර්ක් මියුන්ජි:- අහ්..ඒකටනම් ඉතින් අපේ මින්වාට තමයි ස්තූති කරන්න ඕනෙ. එයා තමයි ඔයාගෙ උපන්දිනේ ගැන අපිට කිව්වෙ.

විහගි:- අනේ මින්වා...ඔයා..ඒත් ඊයෙ මං කීවට පස්සෙද ?

මින්වා:- නෑ මිස්. මට දවස් දෙකතුනකට කලින් මැඩම් කියලා තිබ්බා මිස්ගෙ birthday එක ගෑන. ඉතින් මං ඒක මිස්ටර් මියුන්ජිට කියලා ඊට පස්සෙ මැඩමුයි අපේ ඩ්‍රාමා එකේ ගෲප් එකෙ ඔක්කොමලයි එකතුවෙලා අපි හිතුවා මිස්ව පුදුම කරවන්න ඕනෙ කියලා 😁🤭

විහගි:- අනේ..ඔයාලත් පුදුම වැඩ තමා කරන්නෙ...ඒ කියන්නෙ අම්මා ඔයත් මේකට හවුල් නේද.... නිකමටවත් මට කීවෙ නැහැ නෙහ්.🤷

අම්මා:- කීවනම් මේක Surprise එකක් වෙන්නෙ නෑනෙ දූ...😌 සුභම සුභ උපන්දිනයක් මගෙ දූට..🫂🫂

විහගි:- Thank you අම්මා🥺🫂

මේ හැමදේම අතරේ විහගිගේ දෑස් එතැන සිටි පිරිස අතර කාවදෝ සොයන්නට විය. එහෙත් ඇය සෙවූ රුව ඒ අතර නොවීය.

මින්වා:- මිස් කාවද ඔය හොරෙන් හොරෙන් ඇස් කරක කරක හොයන්නෙ..🤭

විහගි:- කාව හොයන්නද😌

මින්වා:- කවුරුත් නැත්නම් ඉතින් කමක් නෑ...අපි එහෙනම් කේක් එක කපමුද මිස්?

විහගි:- අහ්..හරි..ඒත් මේ...ඔක්කොම ඇවිත්ද? තව කවුරුත් එන්න ඉන්නවද...?

මින්වා:- නෑනේ...ඔක්කොම හරි. අහ්...තව එන්න ඉන්නවනෙ...තව ටිකෙන් අමතක වෙනවා.🤦‍♀

විහගි:- කවුද..☺️☺️

විහගි බලාපොරොත්තු පිරි හඩින් එසේ ඇසුවේ හදවතින් V ගේ පැමිණීම ප්‍රාර්ථනා කරමිනි.

මින්වා:- අන්න අරයා..😌🤭

එසේ කියමින් මින්වා දොර දෙසට අත දිගු කරන්නට විය. විහගි මෙන් ම අනෙක් සියලුදෙනා ද එක්වරම දොරටුව දෙස බලන්නට වූයේ තවත් කවුරුන් ජෝ පැමිණීමට ඇති වග මින්වා,පාර්ක් මියුන්ජි හා ඔහුගේ ලේකම් හැරුණුකොට අන් කිසිවෙකු නොදැන සිටි නිසාය.

ඒත් සමග ම එක් වර ම දොර දෙසින් මතු වූ රුව දුටුවිට විහගිගේ සිත සතුටින් ඉපිලෙන්නට විය.

විහගි:- V...☺️

දොරටුව දෙසින් මතු වූ V ඉතා අලංකාර ලෙස සරසන ලද තෑග්ගක් ද රැගෙන විහගි දෙසට පැමිණෙන්නට විය.

V:- Happy Birthday විහගි. හැමදාම සතුටින් ඉන්න.🫂
හිතුවෙ මං නෑ කියලා නෙහ්🤭

උපන්දිනයට සුභපතමින් ඇයව වැලදගත් ඔහු ඇගේ කනට ලං වී එසේ රහසින් අසන්නට විය. ඇය කිසිවක් නොපවසා බිම බලා සිනාසීය.

V:- මේ...මටත් තියෙනවා පොඩි Surprise එකක්.😌 ඇත්තම කිව්වොත් ඒක තවත් ලස්සන තෑග්ගක්.🎁
මං හිතනවා අනිවාරෙන් විහගි ඒ තෑග්ගට කැමැතිවෙයි කියලා. එහෙම නේද මින්වා?

මින්වා:- අනිවාරෙන් සර්. මිස් ඒකට ගොඩක් කැමති වෙයි.☺️

විහගි:- ඒත් ඒ මොකක්ද ?

V:- පොඩ්ඩක් ඉන්න..මං ඉක්මනට අරගෙන එන්නම්.

එසේ කියූ V, නැවතත් දොර දෙසට ගොස් එයින් එළියට යන්නට විය. සුලු මොහොතකින් එක්වරම ඔහු නැවතත් දොරටුවෙන් ඇතුළු වූයේ තවත් පිරිසක් සමගිනි.

2,3Bang! Tan!

Annyeonghaseyo bangtan sonyeondan imnida

🧍‍♂️🧍‍♂️🧍‍♂🧍‍♂🧍‍♂🧍‍♂🧍‍♂️


ඔව්...ඒ ඔවුන් ය.
දකුණු කොරියාවේ ආඩම්බර ලෙස නම්ලත්...
කොරියානු සංගීතය ලෝකයටම ගෙනගිය....
ලොව ශක්තිමත්ම හා විශාලතම රසික සමූහයට හිමිකම් කියන...
මේ වන විට ලොව පවතින ජනප්‍රිය ම සංගීත කණ්ඩායම වූ BTS සාමාජිකයන් ය.
ARMY රසිකයන්ගේ හත්දින්නත් තරු හතම අද විහගි ඇතුළු පිරිස ඉදිරියේ පායන්නට විය.

ඊලග එපියෙදි විහගි BTS එක්ක මොනා කතාකරයිද දන්නැහැ නෙහ්..😁

Continue Reading

You'll Also Like

413K 19.7K 81
Kang y/n was always been the black sheep of the family. Overshadow by her extremely talented, gorgeous sister Roseanne . Who has the world revolve a...
476K 14.5K 98
Theresa Murphy, singer-songwriter and rising film star, best friends with Conan Gray and Olivia Rodrigo. Charles Leclerc, Formula 1 driver for Ferrar...
934K 21.4K 49
In wich a one night stand turns out to be a lot more than that.
461K 31.4K 47
♮Idol au ♮"I don't think I can do it." "Of course you can, I believe in you. Don't worry, okay? I'll be right here backstage fo...