❣️Տᗩᖇᗩᑎᘜᕼᗩᗴ ᑎOOᑎᗩ❣️ ☾︎𝗝𝗝𝗞...

By Daisy93-94

15.6K 4K 699

ශීත ඍතුවේ පලමු හිම පතනය සිද්ධ වුන රන් පාට සැදෑවක අහම්බෙන් මුන ගැහුන ඔවුන්!!!! වැඩිමහල් ඇගේ සිතට පෙම් කරන දගකා... More

01
02
03
04
05
06
07
08
09
10
11
12
13
14
15
16
17
18
19
පසුවදන
⛔New story Alert ⛔

20

886 191 58
By Daisy93-94

ඉක්මන් අඩි තියලා තරප්පු පෙළ පියමන් කරපු සාරා විසිත්ත කාමරේට එනකොට,  උස කවුච් එකේ වාඩි වෙලා හිටපු නම්ජූන් ඇස් උස්සලා සාරා දිහා බැලුවා... ඒත් එක්කම නම්ජූන් ට එහා පැත්තෙන් වාඩි වෙලා හිටපු හේසොකුත් සාරා දිහා බලලා හිනා වුනා....

ඒත් සාරාගේ ඇස් කලබලෙන්  විසිත්ත කාමරේ පුරා කැරකුනේ බලාපොරොත්තු වුන රූපේ ඇස් වලට අහුවුනේ නැති නිසා....

"ජන්කුක් ආවේ නෑ සාරා!!!"

සාරා ගේ ඇස් බැල්ම තේරුන නම්ජූන් කියද්දී සාරාගේ කම්මුල් රෝස පාටට හැරුනා... මොහොතකට තමන් හැසිරුණේ බොළඳ පුංචි කෙල්ලෙක් වගේ නේද කියලා මතක් වෙලා සාරාට තමන් ගැනම ලැජ්ජා හිතුනා....

අවුල් වෙලා තිබුන කොන්ඩ කැරලි ටික අතින් පිටි පස්සට කරන ගමන් සාරා නම්ජූන් දිහා බලලා හිනා වුනා.... විසිත්ත කාමරේ පුරාම මොහොතක නිහැඬියාවක්  රජ කලේ කථාව පටන් ගන්නේ කොහොමද කියලා සාරාට වගේම හොබී ජූන් දෙන්නටත් අදහසක් තිබුනේ නැති නිසා....

ඒත් එක්කම හිනා වෙන ගමන්  එතන්ට ආපු මිස් එවන්ස් දිහා බලපු සාරා ,,,

"අහ් ජෙනී මේ කුක් ගේ හෙයොන්ග් ලා දෙන්නෙක්,  මං ජෙනී ට කියලා තියෙනවා නේ....."

"කුක් ගේ සාරා කැමතිම හෙයොන්ග්!!! එහෙමනේ....."

නම්ජූන් දිහා බලලා  හිනා වෙන ගමන් මිස් එවන්ස් කියද්දී, සාරාගේ කම්මුල් ආපහු සැරයක් රෝස පාට වුනා....

"ආනියා... ජෙනී මං එයාලා හැමෝටම කැමති,  ඒත් නම්ජූන් ෂීට මං ගොඩක් ගරු කරනවා මං විතරක් නෙවෙයි අපි හැමෝම නේද හේසෝක් ෂී!???"

"අනිවාරෙන් සාරා!!"

සුපුරුදු හිනාවෙන් හේසෝක් කියන කොට, අතේ තිබුන රින්ග් එක කරකවන ගමන් ඔලුව උඩ පහල වනපු නම්ජූන් ගේ මූන හැමදාම වගේ   නිහතමානී ඩිම්පල් හිනාවෙන් එලිය වුනා ......

"මං රස්නෙන් බොන්න දෙයක් අරගෙන එන්නම් "

හැමෝම දිහා බලලා හිනා වුන මිස් එවන්ස් කිචන් එකට යද්දි,  ඇගිලි පටල ගෙන බිම බලාගෙන හිටපු සාරා ලොකු හුස්මක් ඉහල පහල දාලා නම්ජූන් දිහාවට හැරුණා.....

"එයා හොදින් ඉන්නවා නේද නම්ජූන් ෂී!!!"

"ඔව් සාරා!!"

කදුළු ඇස් වලින් ම නම්ජූන් දිහා බලලා හිනා වුන සාරා....

"ඔ ඔයාලා  කොහොමද මෙහේ හොයා ගත්තේ?"

"අපි ඔයා ඉන්නේ මෙහෙ කියලා දැන ගත්තේ ඔයා එහෙන් ආපු දවස් වලමයි සාරා...."

නම්ජූන් දිහා බලාගෙන හිටපු සාරාගේ බැල්මේ ඇදිලා තිබුන කුතුහලය තේරුම් ගත්ත නම්ජූන්....

"ඔයා මෙහෙට බඩු එවපු පෝස්ට් රිසිට් එකයි තව ඩොකියුමන්ට් එකකුයි කවුච් එක යට තිබුනා..."

"ආහ් එදා මං කලබලෙන් එන්න හදද්දි ඩොකියුමන්ට්ස් ෆයිල් එක බිම වැටුනා,  ඒවා මිස් ප්ලේස් උනා කියලා මට ගානක් තිබුනේ නෑ...."

විසිරුණු කොන්ඩ කැරැල්ලක් කන පිටිපස්සෙන් රදවන ගමන් ආයාසයෙන් මූනට හිනාවක් අරගෙන සාරා කියද්දී... ටිකක් වෙලා සාරා දිහා බලාගෙන හිටපු හේසෝක්......

"සාරා දැන්ම අපිට එයාව පෙන්නන්නේ නැද්ද "

කලබල ඇස් වලින් සාරා නම්ජූන් දිහයි හේසෝක් දිහයි මාරුවෙන් මාරුවට බලද්දි  කොල්ලො දෙන්නම බලාපොරොත්තු පිරුන ඇස් වලින් සාරා දිහා බලාගෙන හිටියා.....

"ඒ ඒත්  ඔයාලා......"

"ඒ වැටිලා තිබුන අනිත් ඩොකියුමන්ට් එකෙන් දැන ගත්තේ සාරා, ආහ්... ඔයාට පුලුවන් අපිව විශ්වාස කරන්න "

ටිකක් වෙලා බලාගෙන හිටපු සාරා,  වචනයක් වත් නොකියා ඇතුල් කාමරේ නිදාගෙන හිටපු ගුකීව අරගෙන එනකොට නම්ජූන්ට වගේම හේසෝක් ටත් වාඩි වෙලා හිටපු තැනින් නැග්ට්ටුනා....

හේසෝක් අනිත් පැත්ත හැරිලා ඇස් වල කඳුලු හංගන කොට සුපුරුදු හිනාවෙන් ම නම්ජූන් ගුකී ව වඩා ගන්න හදද්දී හේසෝක් ඉක්මනින් ගුකී ව එයාගේ අත් දෙකට ගත්තා....










කිචන් කවුන්ටර් එකට හේත්තු වෙලා මිස් එවන්ස් පැස්ටා එකට රටාවකට සෝස් එකතු කරන දිහා බලාගෙන හිටපු සාරාගේ මූන හිනාවකින් එලිය වුනේ ගුකී ගේ හුරතල් හිනා හඩ විසිත්ත කාමරේ පැත්තෙන් ඇහෙද්දි....

"ගුකීට අංකල් ලා දෙන්නා ව හොදටම හිතට අල්ලලා නේද සාරා...."

"ම්ම් "

කඩිසරව එහා මෙහා වෙන මිස් එවන්ස් ගේ අත් දෙක දිහා බලාගෙන සාරා හූමිටි තියන කොට සාරා දිහා බලපු මිස් එවන්ස්....

"සාරා ට සතුටුයි නේද??..."

"මං දන්නෑ ජෙනී  මගේ හිතේ තියන්නේ දුක සතුට මිශ්‍ර වුන හැගීමක්"

"මට තේරුනේ නෑ "

"මට හිතෙනවා ජෙනී...  ආහ්..... එයාලා එයාලා ඇවිත් තියන්නේ ගුකී ගේ අප්පා වෙනුවට කියලා.... එයාලා ට ඕන ඇති මගේ ගුකීගේ අප්පා නැති අඩුව පුරවන්න...."

කම්මුල දිගේ අලුත් කදුලු පේලි දෙකක් ගලාගෙන යද්දි සාරා එහෙම කියද්දී කර කර හිටපු වැඩේ නවත්තපු මිස් එවන්ස් ඉක්මනින් සාරා ලගට ආවා.....

"සාරා මොනවද මේ කියන්නේ,,, ඔයාට බෑ ඔයාගේ ආදරේ ඔය විදියට අවිශ්වාස කරන්න....."

"ඒක අවිශ්වාසේ නෙවෙයි ජෙනී ඒක තමයි යථාර්තය...."

"මට තේරෙන්නේ නෑ සාරා....."

"ගුකීගේ අප්පා ගේ රිලේෂන් ෂිප් එකක් ගැන මේ දවස් වල සෝෂල් මීඩියා වල rumour එකක් යනවා ජෙනී, වෙනදට එයාගේ කම්පැනි එක ඒවා රිජෙක්ට් කරනවා පැය විසිහතර ක් යන්නත් කලින්,  ඒත් මේ සැරේ එහෙම නෑ,  අදට දවස් පහක් ජෙනී "

"සාරා!!!"

"සමහර විට එයාලා එන්න ඇත්තේ ගුකී ගේ අප්පගේ  හෙයොන්ග් ලා විදියට  එයාලගේ  යුතුකම් ඉෂ්ඨ කරලා යන්න වෙන් ඇති ජෙනී "

"සාරා!!"

"බලාපොරොත්තු එකතු කරන්න මං බයයි ජෙනී,  ඒවා බිදිලා ගියා ම දැනෙන වේදනාව ඉවසන්න අමාරුයි... ගුකීගේ ඔම්මා විදියට මගේ හිත හයිය වුනත්,  මගේ කුක් ගේ නූනා ගොඩක් දුර්වලයි ජෙනී මට ලෝබ හිතෙනවා මං මං......"

"සාරා????"

ගුකීවත් වඩාගෙන කිචන් එකට ආපු නම්ජූන් කථා කරද්දි සාරා ඉක්මනින් කදුලු පිහගෙන හිනා වුනා....

"ආහ් මොනව හරි ඕනද නම්ජූන් ෂී ??"
 
"ඔහ් සාරා මං හිතන්නේ අපි ටිකක් කථා කරන්න ඕන...."

×××××××××××××××××××××××××××××××××

••••After 2 months••••

ඉන්චෙන් airport එකෙන් එලියට එන ගමන් සැහැල්ලුවෙන් හුස්මක් අරගත්ත සාරා මව් බිමේ සුවද හිත පුරා විද ගත්තා....කොච්චර කාලේකට පස්සේද.... සාරා තනියම කල්පනා කලා.... එදා ඇස්වල කඳුළු පුරෝගෙන මව් බිමට ආයුබෝවන් කියපු සාරා අද ඇස් වලිනුත් හිනාවෙන ගමන් ආපහු එනවා......

එදා ජූන් හෝප් දෙන්නා ඇවිත් ගියාට පස්සේ සාරා මේ දවස එනකම් ඇගිලි ගැන්නා... ජූන් සාරාට පොරොන්දු වුනා හරියටම තව මාස දෙකකින් එන ජන්කුක් ගේ උපන් දිනේ දවසේ සාරාට ජන්කුක් ව මුන ගස්සනවා කියලා...

හෙටයි ඒ දවස..... හෙට ජන්කුක් ගේ විසි හත්වෙනි උපන් දිනේ... ජන්කුක් ගේ හෙයොන්ග් ලා හය දෙනා ආමිලා එක්ක එකතු වෙලා ජන්කුක් ට අමතක නොවෙන උපන් දින තෑග්ගක් දෙන්නයි ලෑස්තිය....

ඒ ජන්කුක් ගේ ආදරේ... කාටවත්ම නොකියා ජන්කුක් හිත ඇතුලේ පරිස්සමින් තියාගෙන ඉන්න එයාගේ ආදරේ......

"Welcome Zara!!!! Warmly welcome little bunny!!!"

එයාපෝට් එක පුරා දිස් වුන ආමිලාගේ ආදරනීය පිලිගැනීම් වලින් ඇස් තෙත් වෙලා යද්දී සාරා වටපිට බැලුවත් කිසිම කෙනෙක් සාරා දිහා උවමනාවෙන් බලාගෙන හිටියේ නෑ.... ආමිලා සාරාගේ නිදහසට බාධාවක් නොකර හරි ලස්සනට සාරාවයි ගුකීවයි පිලි ගත්තා.....

අත් දෙකින්ම ගුකී ව පපුවට තුරුළු කරගෙන මිස් එවන්ස් ගේ පැත්තකින් ඇවිදගෙන ආපු සාරා නම්ජූන් ගේ බොඩි ගාඩ්ස්ලා දෙන්නත් එක්ක ම සාරාගේ පරන පුරුදු අපාට්මන්ට් එකට ගියේ රෑ වෙලා සාරාව එක්කන් යන්න කාව හරි එවන්නම් කියලා නම්ජූන් කියලා තිබුන නිසා.....

මාස ගානක් තිස්සේ ඉදලා  ටේ මින් ජූන් හෝප් හතර දෙනා සාරාව ආමිලා ට අදුන්වලා දෙන්න සැලසුම් කලේ ජින් ගේ අදහසකට අනුව.... කොච්චර හිනා වෙලා හිටියත් තනිවුන හැම රෑකම සාරාගේ මතක ජන්කුක් ගේ හදවත වේදනාවෙන් පුරුවනවා කියලා හැම උදේකම රතු වෙලා ඉදිමිලා තියන ජන්කුක් ගේ ඇස් හෙයොන්ග් ලට නොකියා කිව්වා.... ඒ වගේම කොල්ලෝ හය දෙනා දැන ගන හිටියා සැරෙන් සැරේට ජන්කුක් ගැන ඇතිවෙන rumours වලින් සාරාත් විදවනවා කියලා.....

අන්තිමේ ජන්කුක් වෙනුවෙන් කම්පැනි එකත් එක්ක කථා කරන්න නම්ජූන් තීරනය කලා... ෆෑන්ස්ලාගේ ප්‍රශ්නයක් වුනොත් නම්ජූන් තනියම  වගකීම ගන්න ඕන කියලා ආයතනයෙන් කිව්වට පස්සේත් නම්ජූන් ට ඕන වුනේ ජන්කුක් වෙනුවෙන් ඒ තීරණය ගන්න.....අන්තිමේ නම්ජූන් ඒක කලා...

ජන්කුක් ට නොදැනෙන්න වීවර්ස් හරහා දාපු පෝස්ට් එකකින් පස්සේ වී ලයිව් එකක් කරලා ජූන් ආමිලාට ජන්කුක් ගේ ආදරේ ගැන කිව්වා..   දැන් අවුරුදු තුනකටත් වඩා කාලයක් එකිනෙකා නොදැක ජීවත් වෙන සාරා වගේම ජන්කුක් එකිනෙකා ට මොන තරම් ආදරේද කියන එක වගේම ,,, ඉපදුන දා ඉදලා අප්පගේ උනුසුම විදලා නැති පුංචි ගුකී ගැනත් ජූන් ආමිලාට කිව්වේ කදුලු ඇස් වලින්.....

ජූන් කියපු ජන්කුක් ගේ ආදර කතාව ඇහුවට පස්සේ හැම ආමි කෙනෙක් ටම ඕන වුනේ ඒ ආදරේ එකතු කරන්න, ආමිලා හැමදාමත් ප්‍රාර්ථනා කලේ එයාලගේ ජීවිතේ සතුට විතරමයි..... ආමිලා ආදරෙයි!!  ඒත් ඒ මගේ කියන හැගීමෙන් නෙවෙයි... අපේ කියන හැගීමෙන්!!!! හැම ආමි කෙනෙක් ගෙම හදවතේ ගැඹුරුම  තැනක මේ පුංචි කොල්ලෝ හත් දෙනා ජීවත් වුනා.... ඒත් ආමිලා දන්නවා කවදාහරි දවසක ඒ හදවත් වලට බැදුන සැබෑ අයිතිකාරියො ඒ හදවත් වල සදාකල් නවතින්න එන බව.... ආමිලා හැමදාමත් ඈත ඉදන් බලාගෙන ඉන්නවා ඒ හිත් වල උතුරන සතුට දිහා..... ඒ ආදරේ හරි සුන්දරයි වගේම සදාකාලික යි සුසුම් උනුසුමක් වත් නොවිද කෙනෙක් ගේ  හිතේ සතුට විතරක්ම ප්‍රාර්ථනා කරන්න හැමෝටම බෑ  ,,,, ඒත් ආමිලට පුලුවන්!!!!!!

රෑ දොලහට මිනිත්තු තිහක් තියලා සාරා මිස් එවන්ස් එක්කම ගුකීවත් අරගෙන කොල්ලෝ හත් දෙනාගේ ඩෝම් එකට ආවේ ජන්කුක් ගේ බර්ත්ඩේ v live එක පටන් ගන්න ඔන්න මෙන්න තියලා....

සතුටු වෙන්න ඕන වුනත් සාරාගේ හිත කලබලයි,,,, සාරා මේ ජන්කුක් ව මුන ගැහෙන්නේ අවුරුදු තුනකින්.....
සාරා දන්නේ නෑ ජන්කුක් එයාව මොන විදියට පිලි ගනීවිද කියලා..... වේගෙන් ගැහෙන පපුවට ගුකීව තද කරගත්ත සාරා තද නින්දේ ඉන්න ගුකීගේ රෝස කම්මුලකට හාද්දක් තිබ්බේ නොසන්සුන් හිත සන්සුන් කරගන්න.....

Vlive එක අතර මැදදි හොබී ජන්කුක් ට එකතු වෙන කොට යන්තමට විවර වුන දොර පියන අතරින් පිටිපස්ස හැරිලා ඉන්න ජන්කුක් ව දැක්ක සාරාගේ හදවත අලුතෙන් ගැහුනා..... ජන්කුක් ගේ සම්පූර්ණ අවදානේ තිබුනේ v live එකේ.... ඒ නිසා දොරෙන් එලියේ වෙන කිසිම දෙයක් ගැන ජන්කුක් ට තේරුමක් තිබුනේ නෑ......

"ජන්කුකා ආමිලා තෑග්ගක් ලෑස්ති කරලා තියනවා "

ජන්කුක් ගේ පිටිපස්සෙන් හිටගෙන හොබී කියද්දී ඇස් ලොකු කරගෙන හොබී දිහා බලලා හිනා වුන ජන්කුක්.....

"මට!!!"

"ඔව්!! "

හොබී කියද්දී ජන්කුක් කලේ හිනා වෙන එක,  ඒ හිනාවේ හැංගිලා තිබුන වේදනාව දැනගෙන හිටියේ ජන්කුක් විතරයි.... ජීවිතේ ට ලැබුන හොදම තෑග්ග හිටි හැටියේ අතුරුදහන් වෙලා ගියා කියලා කෑ ගහලා කියන්න ජන්කුක් ට ඕන වුනා... ඒත්  හිත ඇතුලේ තෙරපෙන හැම වේදනාවක් ම ජන්කුක් හිනාවකින් හැංගුවා.....

මේ ලෝකේ ජීවත් වෙන ගොඩක් දෙනෙක් එහෙමයි....අඩන්න බැරි කමට හිනා වෙනවා.... හිතේ තෙරපෙන දාහකුත් එකක් වේදනා හිනාවකින් හංගනවා....

හිනාවෙන ජන්කුක් දිහා බලාගෙන ම හොබී ඇවිත් රූම් එකේ දොර අරින කොට ටේ මින්  ජූන් ගේ පිටිපස්සෙන් තාමත් අඩ නින්දෙන්  බෝල ඇස් වලින් හතර වටේ බලන ගුකී ව පපුවට තුරුළු කරගෙන සාරා ඇතුලට යන කොට ඇස් ලොකු කරගත්ත ජන්කුක් වාඩි වෙලා හිටපු තැනින් නැගිට්ටා!!!!

ජන්කුක් නැගිටින කොට ඒ පැත්තට බෙල්ල හරවපු ගුකී  ජන්කුක් දිහා බලද්දි අත් දෙකෙන්ම ඔලුව තද කරගත්ත ජන්කුක් එහෙමම බිම වාඩි වුනා....

ජන්කුක් ව දැක්ක ගමන් ම දගලලා සාරාගේ අතින් බැහැපු ගුකී චූටි අඩි තියලා ජන්කුක් ලගට දුවගෙන ගිහින් බිමට නැවිලා ඉන්න ජන්කුක් ගේ මූනට එබිලා

"පපා "

කියන කොට,  මූන පුරා ගලපු අලුත් කදුලු පේලි එක්කම ඔලුව උස්සල බලපු ජන්කුක් ගුකී ව කිටි කිටියේ පපුවට තුරුළු කර ගත්තා....
 
ආමිලාගේ දම් පාට හදවත් වැස්සෙන් screen එක පිරිලා ඉතිරිලා යනකොට කදුලු බොද වුන ඇස් වලින් සාරා ජන්කුක් දිහාම බලාගෙන හිටියාත් ජන්කුක්  එක මොහොතකට වත් සාරා දිහා හැරිලා බැලුවේ නෑ.....

××××××××××××××××××××××××××××
හිත හිරිවට්ටන නිහැඩියාවක ගිලිලා තිබුන ජන්කුක් ගේ කාමරේ නිහඩ බව බිදුනේ සාරාගේ බර සුසුම් හඩින් විතරයි.... තවත් දිග හුස්මක් පහල දාපු සාරා ගුකීව පපුව උඩ තියාගෙන  ඇස් දෙක පියාගෙන ඇදේ හාන්සි වෙලා ඉන්න ජන්කුක් දිහා සිය වෙනි වතාවටත් හැරිලා බලලා ඔරලෝසුව දිහා බැලුවේ එලිවෙන්න තව පැය කීයක් තියනවද කියලා හරියටම දැන ගන්න......

මුන ගැහුන වෙලාවේ,වෙලාවේ ඉදලා ජන්කුක් එක මොහොතකට වත් සාරා දිහා හැරිලා බැලුවේ නෑ වගේම කාත් එක්ක වත් වචනයක් වත් කතා කලේ නෑ... මුලු වෙලාවෙම ජන්කුක් කලේ ගුකීව  පපුවට තුරුළු කරගෙන ගුකී ගේ හිස් මුදුනට තොල් තියාගෙන හිටපු එක විතරමයි....

කොල්ලො හතර දෙනාටම ජන්කුක් ගේ වෙනස තේරුනත් කිසිම දෙයක් නොකියා birthday celebration එක පහුවදාට කල් දාලා සාරාව ජන්කුක් එක්කම ජන්කුක් ගේ කාමරේට ඇරලවලා හැමෝම නිදා ගන්න ගියේ සාරාට  ජන්කුක් එක්කම එකතුවෙලා  එකිනෙකා ගේ හිත් වල ඇතිවුන හිස් තැන් පුරවගන්න ඉඩ දීලා....

නිදහසේ ඇස් පියාගෙන ගුකී ව අත් දෙකෙන්ම අල්ලගෙන ඉන්න ජන්කුක් ගේ මූනේම ඇස් අලවගෙන හිටපු සාරා ගැස්සුනේ සාරා වාඩි වෙලා හිටපු සෝෆා එකේ පැත්තක තිබුන ජන්කුක් ගේ phone එක vibrate වෙනකොට.....

දුරකථන තිරය මත ඇදුන නමයි පින්තූරෙයි මොහොතකට සාරාගේ හද ගැස්ම වැඩි කරද්දි, සාරා පපුවට අතක් තියාගත්තේ ඒ පහුගිය දවස් වල ජන්කුක් ගේ නමත් එක්ක rumour එක ට පැටලුන නිරූපන ශිල්පිනිය කියලා අදුර ගත්ත නිසා..... 

කියාගන්න බැරි වේදනාවක් හිත පුරා ඉහිරෙද්දී තොල් තද කරගෙන ඉකිය වලක්ව ගෙන මොහොතක් දුරකථන තිරය දිහා බලාගෙන හිටපු සාරා ඉක්මනින් නැගිටලා සද්ද නැතුව ම කාමරේන් එලියට ආවේ ජන්කුක් ගේ පියවිලා තිබුන ඇහිපිය ගැස්සුන නිසා.... තවත් එතන වාඩි වෙලා ඉන්න ඕන කමක් සාරාට තිබුනේ නෑ......

කාමරේන් එලියට ඇවිත් දිග ශාලාව කෙලවරේ තියන බැල්කනි එකේ අත් වැටට බරවුන සාරා අදුරු අහස දිහා හිස් බැල්මෙන් බලාගෙන හිටියා......

වලාකුළු පිරුනු අලු පාට අහසේ හඳ හැංගිලා.... නොදැනීම ඇස් අගින් කදුලු පේලි දෙකක් ගලාගෙන යද්දි සාරා අත් දෙකෙන්ම තද කරලා අත් වැට අල්ල ගත්තා.....
ජන්කුක් ට සාරාව අමතක වෙලා!!!! සාරාගේ යටි හිත හෙමින් මුමුණන කොට සාරා අත් දෙකෙන්ම මූන වහගත්තා.....
සාරා මේ දේ බලාපොරොත්තු වුනා!!
උඩු හිත සාරාට මතක් කලා.....
ඒත් සාරාට දුකයි!!
යටි හිත ඉකිබින්දා.....
සාරාට පුලුවන් හිත හදාගෙන ඈත ඉදන් බලාගෙන ඉන්න.....
උඩු හිත සාරාව ශක්තිමත් කලා....

"සාරා!!! සාරා ඇයි මෙතන"

සාරාගේ උරහිසට අත තියපු මිස් එවන්ස් අහනකොට නහය උඩට ඇදපු සාරා උරහිසේ මූන අතුල්ල ගත්තා.....

"මට නින්ද යන්නේ නෑ ජෙනී, ජෙනී මොකද ඇහැරගන  "

"මං වතුර ටිකක් බොන්න ගියා,  මේ සෝල් නගරේ හිත කලබල කරනවා සාරා..."

"ජෙනී ට අප්පව මතක් වුනාද? අපි යන්න කලින් අප්පව මුන ගැහෙන්න යමු ජෙනී, "

"ඕන නෑ සාරා!! මට සාරාගේ අප්පව මුන ගැහෙන්න ඕන නෑ,  සාරාගේ අප්පයි මගේ ආතරුයි කියන්නේ එක්කෙනෙක් නෙවෙයි දෙන්නෙක් සාරා "

ටිකක් වෙලා ලොකු ඇස් වලින් මිස් එවන්ස් දිහා බලාගෙන හිටපු සාරා.....

"එතකොට....එතකොට මගේ ගුකී ගේ අප්පයි මගේ කූයි කියන්නෙත් දෙන්නෙක් ද ජෙනී.... දැන් ඉන්නේ ගුකී ගේ අප්පා විතරද එතකොට ආ ජෙනී!!!! "

"සාරා!!! මොනවද මේ කියන්නේ!!!"

"මට නෑවිත් ඉන්නයි තිබුනේ ජෙනී,  කුක් එයා එයා මාත් එක්ක තරහ වෙලා,  කූ එයාගේ නූනා එක්ක තරහා වෙලා ජෙනී!! එයා ලග තවත් සාරාට ඉඩ නෑ ජෙනී!!!"

"දෙවියනේ සාරා!!"

"අපි ආපහු යමු ජෙනී,  හෙට උදේම හාද? මගේ කුක් එයා ගුකීව මටත් වඩා හොදට බලාගනී... ගුකී නිසා එයා එයාගේ සතුට නැති කරල මාව තෝර ගන්න ඕන නෑ ජෙනී "

"සාරා මගේ දරුවෝ ඔයාට මහන්සියි,  අපි හෙට උදේට කථා කරමු "

හිස් බැල්මෙන් බලාගෙන ඔහේ කියවන  සාරාගේ කම්මුල් දෙකට අත් තියපු මිස් එවන්ස් කියන කොට වෙව්ලන ඇගිලි වලින් සාරා මිස් එවන්ස් ගේ අත තද කරලා අල්ල ගත්තා....

"නෑ ජෙනී අපි යමු මේ දැන්ම යමු, කෝ එන්න....." 

"ආපහු සැරයක් පැනලා යනවද නූනා!!!"

කලබලෙන් මිස් එවන්ස් ගේ අතින් අදින ගමන් හිටපු සාරා ගැස්සුනේ කන ලගින්ම ඇහුන ජන්කුක් ගේ කටහඩට....කලබල වුන සාරාට මිස් එවන්ස් ගේ අත අතඇරෙන කොට ජන්කුක් අතේ හිටපු ගුකීව තමන්ගේ අතට ගත්ත මිස් එවන්ස් එතනින් යන්න යද්දී වෙව්ලන ඇගිලි වලින් අත්වැට තද කරලා අල්ල ගත්ත සාරා බිම බලාගත්තා......

"ඉස්සර වගේ මගේ ලගට දුවගෙන එන්න බැරි තරම් මේ අවුරුදු තුනට අපි ඈත් වෙලා ද නූනා....!!!"

"කුක්!!!"

ලොකු ඇස් උස්සලා සාරා ජන්කුක් දිහා බලද්දි අත් දෙක දෙපැත්තට විහිදලා බෙල්ල ඇල කරපු ජන්කුක් ගේ ඉන වටේ අත්දෙක දාලා ඒ පපුවට තුරුළු වෙන්න සාරා දෙපාරක් හිතුවේ නෑ....

"කොච්චර වෙලාවක් බලාගෙන හිටියද නූනා මං,  අමුත්තෙක් වගේ පැත්තකට වෙලා හිටගෙන ඉන්න ලෝබ හිතුනේ නැද්ද?"

අවුරුදු තුනක් නොවිදපු ඒ උනුසුම හදවත පුරා ඉහිරිලා යද්දී සාරාගේ ඇස් වලින් සතුටු කදුළු දෙපේළියක් ගලාගෙන ගියා....

"සතුටින් හිටියද කියල මං අහන් නෑ නූනා මං දන්නවා නූනා සතුටින් හිටියේ නෑ කියලා..... මට එයා ගැන කියන්න තිබුනා නූනා.... හැමදේම තනියම කරගන්න පුලුවන් කියලා කොහොමද හිතුවේ "

"ජෙනී මාව බලාගත්තා කුක්....ගුකීවත්!!"

"නූනාට අහන්න මොනවත් නැද්ද?"

"තියනවා කුක් ඒත්....ඔයාගේ තීරණේ....."

"ආහ් කමෝන් නූනා... ඒ පාර කියන්න හදන්නේ ඒ කෙල්ල එක්ක සතුටින් ඉන්න කියලද?"

සාරා ඇස් දෙක ලොකු කරගෙන බෙල්ල උස්සලා ජන්කුක් දිහා බැලුවේ ජන්කුක් සැහැල්ලුවෙන් ඒක කියපු නිසා....

" ඒ එල්සා,  මගේ හෙයොන්ග් ගේ girl  friend, හෙයොන්ග් මේ දවස්වල හන්ගුක් වලින් පිට ඉන්නේ ඉතින් ලග එන එයාලගේ වෙඩින් එකේ වැඩ වලට මං එයාලට ටිකක් උදව් කලා නූනා....කම්පැනි   එක ඒ rumour එකේ උදව්වෙන් තව ඇල්බම්ස් ටිකක් සේල් කරගත්තා එච්චරයි...."

ඇස් ලොකු කරගෙන බලාගෙන ඉන්න සාරාගේ ඇහිපිල්ලමකට තොල් තියලා ජන්කුක් කියන කොට සාරාගේ මූනේ ලස්සන හිනාවක් ඇදුනා.....

  සුන්දර ශරත් සෘතුවේ ආරම්භය සනිටුහන් කරන සෞම්‍ය සුලං රැලි  හිත් ඇතුලේ හැංගුන ආදරනීය සිතිවිලි වලට පෙරමං තනද්දී  ජන්කුක් ගේ නොඉවසිලිමත් දෙතොල් සාරාව හාදු වැස්සකින් තෙමද්දී ආදරය පිරුනු අනුරාගී හෝරා කීපයක් සාරාට ජන්කුක් තුරුලේ ගෙවිලා ගියා......

"නූනා අර දැක්කද හඳ "

සියුම් හතියක් එක්ක සාරාගේ නලලේ හාදුවක් තවරන ගමන් ජන්කුක් අහද්දි,  බිමටම විහිදුනු උස ජනේලේ දිහා සාරා ඇස් උස්සලා බැලුවා....

"නූනාට පේනවද හඳ ලගම තියන පුංචි තරුව...."

ආපහු සැරයක් බෙල්ල හරවලා  සාරා ඒ පැත්ත බලද්දි,  ජන්කුක්....

"අහසේ තරු දහස් ගානක් තිබුනත් හඳ ආදරේ කරන්නේ ඒ පුංචි තරුවට විතරමයි  නූනා... ඒ තරුව කවදාවත් හඳ ලගින් ඈතට යන්නේ නෑ..."

"ආපහු කවදාවත්ම ඒ තරුව හඳෙන් ඈතට යන එකක් නෑ කුක්,  අන්තිම මොහොත වෙනකන්ම ඒ තරුව හඳට තනි රකීවී !!!!...."

ජන්කුක් ගේ දිලිසෙන බෝල ඇස් දිහාම බලාගෙන කියපු සාරා කිටි කිටියේ ජන්කුක් ගේ පපුවට තද වෙලා ගියා......

ඉතින් අවසරයි පුංචි තරුවකට සදාකාලික ව නවතින්න සරා සඳ තුරුලෙන්......

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
විටෙක මට මාවමත්
අමතකව  යන තරම්
කුමට ඔබ මේ හැටිම
ආදරේ කරනවද රත්තරන්.........
                                 සාරා........
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  Epilogue එකෙන් හම්බ වෙමු ❤
දේශූ....

Continue Reading

You'll Also Like

294K 8.8K 95
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...
206K 4.3K 47
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...
1.3M 58K 104
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
1.1M 37.6K 63
𝐒𝐓𝐀𝐑𝐆𝐈𝐑𝐋 ──── ❝i just wanna see you shine, 'cause i know you are a stargirl!❞ 𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 jude bellingham finally manages to shoot...