❣️Տᗩᖇᗩᑎᘜᕼᗩᗴ ᑎOOᑎᗩ❣️ ☾︎𝗝𝗝𝗞...

Od Daisy93-94

15.6K 4K 699

ශීත ඍතුවේ පලමු හිම පතනය සිද්ධ වුන රන් පාට සැදෑවක අහම්බෙන් මුන ගැහුන ඔවුන්!!!! වැඩිමහල් ඇගේ සිතට පෙම් කරන දගකා... Více

01
02
03
04
05
06
07
08
09
10
11
12
13
14
15
16
17
18
20
පසුවදන
⛔New story Alert ⛔

19

576 178 63
Od Daisy93-94

𝑵𝒆𝒐𝒏𝒆𝒖𝒏 𝒏𝒂𝒆 𝒔𝒂𝒍𝒎𝒆 𝒅𝒂𝒔𝒉𝒊 𝒕𝒕𝒆𝒖𝒏 𝒉𝒂𝒆𝒕𝒃𝒊𝒕
𝒆𝒐𝒓𝒊𝒏 𝒔𝒉𝒆𝒋𝒊𝒐𝒍 𝒏𝒂𝒆 𝒌𝒌𝒖𝒎𝒅𝒆𝒖𝒓𝒆 𝒋𝒂𝒆𝒓𝒊𝒎
𝒎𝒐𝒓𝒆𝒖𝒈𝒆𝒔𝒔𝒐 𝒊 𝒈𝒂𝒎𝒈𝒆𝒐𝒏𝒋𝒊 𝒎𝒘𝒐𝒏𝒋𝒊...
𝒉𝒐𝒌𝒔𝒉𝒊 𝒚𝒆𝒐𝒈𝒊𝒅𝒐 𝒌𝒌𝒖𝒎𝒔𝒐𝒈𝒊𝒏 𝒈𝒆𝒐𝒏𝒋𝒊...
𝒌𝒌𝒖𝒎𝒆𝒐𝒏 𝒔𝒂𝒎𝒂𝒈𝒆 𝒑𝒖𝒓𝒆𝒖𝒏 𝒔𝒉𝒊𝒏𝒈𝒊𝒓𝒖...
𝒏𝒂𝒆 𝒂𝒏 𝒈𝒊𝒑𝒆𝒖𝒏 𝒈𝒐𝒔𝒆 𝒂𝒑𝒓𝒊𝒐𝒓𝒊....
𝒔𝒖𝒎𝒊 𝒎𝒂𝒌𝒉𝒊𝒍𝒍 𝒅𝒆𝒖𝒔𝒉𝒊 𝒉𝒂𝒏𝒈𝒃𝒐𝒌𝒉𝒂𝒆𝒈𝒊𝒚𝒐...
𝒋𝒖𝒃𝒚𝒂𝒏𝒊 𝒋𝒆𝒐𝒎𝒋𝒆𝒐𝒎 𝒕𝒖𝒎𝒚𝒆𝒏𝒈𝒉𝒂𝒆𝒋𝒆𝒐...
𝒋𝒆𝒐𝒈𝒊 𝒎𝒆𝒐𝒍𝒍𝒊𝒔𝒊𝒐 𝒃𝒂𝒅𝒂𝒈𝒂 𝒅𝒆𝒖𝒍𝒍𝒚𝒐...
𝒌𝒌𝒖𝒎𝒆𝒐𝒍 𝒈𝒆𝒐𝒏𝒏𝒆𝒐𝒔𝒆𝒐 𝒔𝒖𝒑𝒖𝒍 𝒏𝒆𝒐𝒎𝒆𝒐𝒓𝒐...
𝒔𝒆𝒐𝒏𝒎𝒆𝒐𝒏𝒈𝒉𝒂𝒆𝒋𝒊𝒏𝒆𝒖𝒏 𝒈𝒆𝒖 𝒈𝒐𝒔𝒆𝒖𝒓𝒐 𝒈𝒂...

𝒕𝒂𝒌𝒆 𝒎𝒚 𝒉𝒂𝒏𝒅𝒔 𝒏𝒐𝒘 𝒚𝒐𝒖 𝒂𝒓𝒆 𝒕𝒉𝒆 𝒄𝒂𝒖𝒔𝒆 𝒐𝒇 𝒎𝒚 𝒆𝒖𝒑𝒉𝒐𝒓𝒊𝒂......

"ඔබ මගේ ජීවිතයට නැවත උදා වූ හිරුයි....
මගේ ලමා කාලයේ සිහින වල පුනුරුත්පත්තිය නුබයි.....
මේ හැගීම් මොනවාදැයි මම නොදනිමි....
මම තවමත් සිහින දකිනවද....
කාන්තාරයක පවා හරිත ක්ෂේම භූමියක් ඇත...
හුස්ම ගන්න බැරි තරමටම මම ගොඩක් සතුටින්...
මගේ වටපිටාව වඩ වඩාත් විනිවිදව පෙනේ....
මට ඈත මුහුදේ හඩ ඇහෙනවා....
සිහිනයන් හරහා සියල්ල පසුකර....
මම වඩාත්ම පැහැදිලි තැනකට යනවා...
ඉතින් මගේ දෑත ගන්න... මගේ සතුටට හේතුව ඔබයි........!!!

එක මොහොතකට වත් කැමරා එකෙන් ඇස් අහකට ගන්නේ නැතුව ජන්කුක් euphoria sing කරන කොට සතියක් වුන පුංචි ගුකීව පපුවට තුරුළු කරගෙන සාරා ලැප් ස්ක්රීන් එක දිහාම බලාගෙන හිටියේ කදුලු උතුරන ඇස් වලින්.....

සාරා කොන්සර්ට් එක බලන්න ඔන්ලයින් ටිකට්ස් ඕඩර් කලේ මාසේකට කලින් ඉදලමයි...ඉදහිට දවසක IG පෝස්ට් එකකට photo එකක් වීඩියෝ එකක් අප්ලෝඩ් කලත් සාරා දන්නවා ඒ මූනේ ඇදිලා තියන්නේ මවා ගත්ත හිනාවක් කියලා....

වෙනදට ඇස් වලිනුත් එක්ක හිනාව උතුරන ඒ මූනේ හිනාවක් තිබුනට ඒ ඇස්වල  ඇදිලා තියන වේදනාව සාරාගේ හිත වේදනාවෙන් පුරවනවා... ඒ වේදනාවට හේතුව තමන් කියලා හිතෙද්දී සාරාට තමන් ගැනම තරහක් ඇතිවෙනවා...

සාරා පසු තැවෙනවද???
සාරාගේ හිත සාරාගෙන් අහනවා.....
සාරා නිහඩයි.....
එහෙනම් සාරාට තිබුනා එදා අවුරුද්දකට පස්සේ ආපහු ජන්කුක් ව මුන ගැහුන දවසේ මොකුත්ම නොකියා හැරිලා යන්න...
යටි හිත සාරාට නෝක්කාඩු කියනවා.....
එහෙම යන්නේ කොහෙමද සාරා ආදරෙයි නේ.....
උඩු හිත සාරාව නිවැරදි කරනවා.....

ජන්කුක් ගේ performance එක ඉවර වෙනකන්ම හිත එක්ක තර්ක කරන ගමන් සාරා හිටියේ ජන්කුක් දිහාම බලාගෙන..... ලා රත් පැහැයක් වුන ඒ බෝල ඇස්  උනු කදුලු පටලයකින් බොද වෙලා තියනවා සාරා දැක්කා......

අන්තිමේ සින්දුව ඉවර කරලා ටිකක් වෙලා කදුලු පිරුණු ඇස් වලින් screen එක දිහා බලාගෙන හිටපු ජන්කුක්
"සරන්ග්හේයෝ "
කියලා පපුවට අත තියාගද්දී,,ගුකී ව පපුවට තද කරගත්ත සාරා කදුලු වලට නිදහසේ ගලාගෙන යන්න ඉඩ දුන්නා....

ජන්කුක් දන්නවා සාරා කොහේ හරි ඉදන් බලාගෙන ඉන්න බව.... ජන්කුක් ට ඕන වුනේ හැමෝම ඉස්සරහ සාරා දිහා බලාගෙන සින්දුව කියලා ආදරෙයි කියන්න.... ඒත්.... ඊට කලින් සාරා හැමදේම දාලා යන්න ගියා.....

මොන තරම් වේදනාවක් හදවතට දැනුනත් ජන්කුක් ට ඕන වුනේ නෑ සාරාට දොස් කියන්න... ජන්කුක් හැම වෙලාවකම හිතුවේ සාරාට හේතුවක් ඇති... ජන්කුක් හැම මොහොතකම විශ්වාස කලා හැමදේම හොදින් සිද්ධ වූනාට පස්සේ අනිවාර්යෙන්ම සාරා ආපහු ඒවි කියලා.....

ඒ විශ්වාසය ජන්කුක් ට හිත හදාගන්න හයියක් වුනා.... ජන්කුක් දැනගෙන හිටියා තමන්ගේ ආදරේ හිස් තැන් තිබුනේ නෑ කියලා...ඉතින් සාරාට එන්නම වෙනවා....!!!!!!
             ××××××××××××××××××××
After 2 years>>>>>>>>

"ඉතින් මං බලාගෙන හිටියා,  අවුරුදු තුනකට පස්සේ  හදිසියේම එක දවසක මිසිස් ජොහැන්නස් ගේ මේ ගෙදරට ටවුමෙන් ආපු කාර් එකක් හරවන කොට හද හද හිටපු ජෑම් එකත් දාලා මං දුවගෙන ආවේ  ඒ ආවේ ආතර් කියලා හිතුන නිසා....."

සාරා හිටියේ උස ජනේලේ ලග වාඩි වෙලා ගුකීට ස්වේටර් එකක් ගොතන ගමන්...  අවුරුදු දෙකක්  වයස උන පුංචි ගුකීව උකුල උඩ තියාගෙන මිස් එවන්ස් සාරාට කිය කිය හිටියේ එයාගේ ආදරේ ගැන....

මිස් එවන්ස් ආදරේ කලේ සාරාගේ අප්පට කියලා සාරා දැනගත්තේ ලගදි,,, එදා ඉදන් සාරා මිස් එවන්ස් ට බල කලා එයාගේ ආදරේ ගැන කියන්න කියලා...ඒත් නිදහසේ ඒ කථාව අහන්න සාරාට වෙලාවක් ලැබුනේ ඉර බැහැගෙන යන්න ඔන්න මෙන්න තියෙද්දි......

"ඉතින්!!! අප්පා ඇවිත් හිටියද??"

සාරා ගෙතුමෙන් ඇස් අහකට අරගෙන උද්යෝගයෙන් ඇහුවත් මිස් එවන්ස් ලොකු හුස්මක් ඉහල පහල දාලා කියපු දේට සාරාගේ හදවතත් වේදනාවෙන් ඇකිලුනා...

"ඔව් එයා ඇවිත් හිටියා...හැබැයි තනියම නෙවෙයි...ගුකී ගේ වයසේ වගේ උන ඔයාව වඩාගෙන අනිත් අතින් ඔයාගේ ඔම්මා ගේ අත අල්ලගෙනයි එයා ඇවිත් හිටියේ....."

"සමාවෙන්න ජෙනී මං ඔයාගේ හිත රිද්දුවා!!!"

මිස් එවන්ස් ට හැමෝම අමතන හුරතල් නමින් අමතන්න සාරා පුරුදු වුනේ ස්විස් ඇවිත් දවස් දෙක තුනක් ගෙවිලා යද්දි මයි....

"එහෙම නෑ, හැමදේම ඔයාට කිව්වට පස්සේ මගේ හිතට නිදහස් හැගීමක් දැනෙනවා....ඔයා දන්නවද සාරා.... ඔයාගේ ඇස්  ඒවා ඔයාගේ අප්පගේ වගේමයි!!!!!"

"ඒකද ජෙනී මට මේ තරම් ආදරේ!!"

"ඒකත් හේතුවක්!! ඊටත් වඩා මට හිතෙනවා ආතර් වෙනුවෙන් මං සාරාව බලාගන්න ඕන කියලා "

"ජෙනී මට වෛර කරන්නේ  නැද්ද??"

"ඇයි මං සාරා එක්ක තරහා වෙන්නේ,  සාරා ආතර්ගේ ආදරේ ප්‍රථිඵලයක්,  සාරා ආතර්ගේ සතුට, ඉතින් ඇයි මං එයාගේ සතුටට වෛර කරන්නේ??"

"ඒත්!! මමයි මගේ ඔම්මයි ජෙනී ගේ ආතර් ව ජෙනීගෙන් උදුර ගත්තා...."

"නෑ සාරා මගේ ආතර් තාමත් මගේ ලග ඉන්නවා, මෙතන... මගේ හිතේ ඉන්න ආතර්ව අයිති මට විතරයි,  එතන ඉන්නේ සාරාගේ අප්පා නෙවෙයි,  ජෙනී ට ආදරේ කරපු ආතර්!!! ජීවිතේ හරි පුදුමයි සාරා,, කෙනෙක් ගෙන් උදුරලා දෙවියෝ තව කෙනෙකුට ඒ දේ දුන්නත් සමහර විට ඒ කෙනා ට ඒක පරිස්සම් කරගන්න උවමනාවක් නැති වෙන්න පුලුවන්!!! ඒකට  තමයි ජීවිතේ කියන්නේ...... ඒක නිසා ඔයාට ලැබෙන දේවල් ආදරෙන් පරිස්සම් කරගන්න...ඔයා නොදන්නව වුනාට ඒ ඔයාට ලැබුන දේ වෙනුවෙන් තව කෙනෙක් අඩා වැටෙනවා වෙන්න පුලුවන්...ඉතින් ඒ කදුලු වලට වටිනාකමක් දෙන්න, ලැබුන දේ ආදරෙන් රැක ගන්න """

හදවත වේගෙන් ගැහෙන කොට ඔලුව ගස්සපු සාරා...
"ඇයි ජෙනී ආපහු මැරි කලේ නැත්තේ!!!"

"මට ඕන වුනේ නෑ කෙනෙකුට අසාධාරණයක් කරන්න.... තවත් කෙනෙකුට දෙන්න ආදරයක් මගේ හිතේ ඉතිරි වෙලා තිබුනේ නෑ සාරා....."

ලොකු හුස්මක් ඉහල ට අරගෙන සාරා උස ජනේලේන් පේන හැන්දෑ ඉර එලිය වැටිලා කහපාටට දිලිසෙන මිටියාවතේ ඇස් රදවගත්තා....

"ඔයාට තිබුනනේ අප්පව නවත්ත ගන්න,  නිව්යෝක්  යන්න නොදී!!!"

මිටියාවතෙන් ඇස් අහකට අරගෙන ආපහු ගෙතුමට අවදානේ දෙන ගමන් සාරා හෙමින් මිමිනුවා.....

"ඒක එයාගේ හීනේ සාරා,  එයාට ඕන වුනේ බිස්නස් ෆීල්ඩ් එකේ ඉහලටම යන්න, ඒකට හොදම රට වුනේ නිව්යෝක්,  එයාගේ හීන වලට යන්න උදව් කරන්න යි මට ඕන උනේ..."

"ඒත් අන්තිමට එයා ඔයාව අතෑරලා දැම්මා ජෙනී!!"

බර හුස්මක් ඉහලට අරගෙන සාරා කියන කොට මිස් එවන්ස් ඈත බලාගෙන හිනා වුනා....

"ඒ තමයි දෛවය සාරා... අපේ දෛවයේ අපිට එකට යන්න ලියවිලා නැතුව ඇති...."

මිස් එවන්ස් හීන් හඩින් මුමුණන කොට සාරාට දෙතුන් වතාවක්ම ගෙතුම වැරදුනා... සාරාගේ හිත කලබලයි..... හැන්දැවේ සිසිල අතරෙත් සාරාගේ අත්ලට දාඩිය දාලා....වෙව්ලන ඇගිලි තුඩු වලින් ගෙතුම් කටුව තද කරලා අල්ලගෙන හෙමින් හුස්ම ගන්න ගමන් සාරා සන්සුන් වෙන්න උත්සාහ කලා.....

එකිනෙකා ගේ සුසුම්  හඩින් විතරක් මද අදුරක් ඉහිරුන විසිත්ත කාමරේ නිහඩ බව බිදෙනකොට ඔලුව හරවලා සාරා දිහා බලපු මිස් එවන්ස් සැප නින්දක හිටපු ගුකීව නිදන කාමරේන් තියලා උනුසුමට පොරවලා ආපහු එනකොටත් සාරා හිටියේ ගෙතුම අතේ ගුලි කරගෙන බොද වුන ඇස් වලින් ඈතින් පායගෙන එන හඳ දිහා බලාගෙන......

"සාරා!!!"

සාරාගේ උරහිසට අත තියලා මිස් එවන්ස් කථා කරන කොට තිගැස්සුණු සාරා නහය උඩට ඇදලා වේගෙන් ඇහිපිල්ලන් ගැහුවා....

"ආහ් ජෙනී!! ගුක් ගුකී නිදා ගත්තද???"

ගෙතුම තව තවත් අතේ ගුලි කරන ගමන් සාරා වචන ඇහිදින කොට,  වචනයක් වත් නොකියා සාරාගේ අතේ තිබුන ගෙතුම තමන්ගේ අතට ගත්ත මිස් එවන්ස් සාරා නවත්තපු තැන ඉදලා ගොතන්න ගන්න කොට සාරා හිස් බැල්මෙන් මිස් එවන්ස් දිහා ඔහේ බලාගෙන හිටියා....

ටිකක් වෙලා එක දිගටම ගෙතුමට අවදානේ දුන්න මිස් එවන්ස්, ගෙතුම් කටුව පරිස්සමට උකුල උඩින් තියාගෙන සාරාගේ පැත්තට හැරුනා...

"සාරාගේ අප්පාට ජෙනීව අමතක වුනාට ගුකී ගේ අප්පට සාරාව අමතක වෙන්නේ සාරා....!!!"

"ආහ් ජෙනී..... මං ඒවා හිතන්නේ නෑ...!!"

"මේ අහන්න සාරා!!! ඔයාට බෑ ගුකී ව එයාගේ අප්පා ගෙන් අයින් කරන්න... අනික එයාගේ අප්පට අයිතියක් තියෙනවා ගුකී ගැන දැන ගන්න...."

"ඒත් සමහර විට මං පරක්කු වැඩි ඇති ජෙනී!!! ගුකී ගේ අප්පා එයා එයා  ගුකී ව නොදැනම  ඉන්න එක හොදයි කියලා මට හිතෙනවා....."

ටිකක් වෙලා සාරා දිහා බලාගෙන ඉදලා සාරාගේ අත උඩින් අත තියපු මිස් එවන්ස්,,,

"සාරා!!! මට මේක අහන්න අයිතියක් නෑ ඒත් අන්තිම වතාවට ටවුමට ගිය දවසෙන් පස්සේ ඔයා ඉන්නේ හොදින් නෙවෙයි කියලා මට හිතෙනවා!!!"

"එහෙම කිසිම දෙයක් නෑ ජෙනී!!! මං හොදින් "

උගුරේ රිදුමක් ඇති වෙද්දි කොදුරපු සාරා ආයාසයෙන් මූනට හිනාවක් අරගද්දී,  හිනාවෙලා සාරාගේ කම්මුලට තට්ටු කරපු මිස් එවන්ස්......

"ම්ම්.....යන්න රෑ කෑම වෙලාව එනකම් ඔයා චුට්ටක් හාන්සි වෙලා ඉන්න, මං මේ ටික ඉවර කරන්නම් ...."

කියද්දී  කථා නොකරම සාරා තරප්පු පෙළ දිගේ කාමරේ ට ආවා..... ශක්තිමත් ඕකේ ලීයෙන් හදපු දොර පියන හෙමින් වහපු සාරා එහෙමම දොරට පිට දීලා බිමට පාත් වුනේ කදුලු කම්මුල් දිගේ ගලාගෙන යද්දි.... 

සාරාට ඕන උනා කෑ ගහලා අඩන්න.... ඒත් සාරා ගොලු වෙලා...  ඇස් වලින් හෝ ගාලා කදුලු වැටුනත් සාරාගේ වචන ගොලු වෙලා.... සාරා ට කෑ ගහලා කියන්න ඕන වුනා කිසිම දෙයක් හොදින් නෙවෙයි කියලා....
ගෙවුණු අවුරුදු දෙක පුරාවට ම පලවෙනි වතාවට  සාරා ජන්කුක් ගේ විසි පස් වෙනි උපන් දිනේ දවසේ පුංචි ගුකීව පරිස්සමට මිස් එවන්ස් ලග තියලා Zurich ගියේ ජන්කුක් ට කථා කරන්න හිතාගෙන.... ඒත් සාරා කීප වතාවක්ම උත්සහා කරත් ජන්කුක් ගේ phone එක ක්‍රියා විරහිතයි කියන පනිවිඩේ විතරයි සාරාට අහන්න ලැබුනේ.....

එතනින් පස්සේ කීප වතාවක්ම උත්සහා කලත් හැමදාමත් සාරාට ලැබුනේ එකම පිලිතුර....

පහුවුන ජන්කුක් ගේ විසි හය වෙනි උපන් දිනේ දවසේත් සාරා ජන්කුක් ට කථා කරන්න උත්සාහ කලා.. ඒත් පිලිතුර ඒකම වෙන කොට සාරාගේ මුවින් සුසුමක් ගිලිහුණත් සාරාට බලාපොරොත්තු වක් තිබුනා....

ඒත් මීට දවස් කීපයකට කලින් නගරෙට ගිහින් ඉද්දි  phone එකට ආපු notification එක නිසා  සාරාගේ හදවත තාමත් වේදනා දෙනවා.....

සමාජ මාධ්‍ය හැම එකක් ම පිරිලා තිබුනේ ජන්කුක් ගැන ඩේටින්ග් rumour එකකින්... ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ මොඩ්ල් කෙනෙක්ව ජන්කුක් නිතර නිතර මුන ගැහෙනවා වගේම කීප වතාවක්ම ජන්කුක් ඒ මොඩ්ල් එක්ක දිනගත කිරීම් වලට ගිහින් තියනවා කියලත් හැම තැනකම සදහන් වෙලා තිබුනා.....

එදා ඒක හිතට දුකක් ගෙනාවත් සාරා ඉක්මනින් තමන්ට තේරුම් කර ගත්තා ඒක rumour එකක් විතරයි කියලා......
ඒත්  සතියක් ගෙවුන තැනත් ජන්කුක් ගේ කම්පැනි එකෙන් rumour එක බොරුවක් කියලා නිවේදනය නොකල එක සාරාට ගැටලුවක් වුනා..   

මීට කලිනුත් දෙවතාවක් ම ජන්කුක් ගේ නම ක්ෂේත්‍රයේ කීප දෙනෙක් එක්ක පටලලා rumours හැදුනත් පැය විසි හතරක් යන්නත් කලින් ඒ හැමදේම ජන්කුක් ගේ කම්පැනි එක ප්‍රතික්ෂේප කලා.....

ඒත් මේ වතාවේ!!!!!!!
හීනි ඉකියක් මුවින් ගිලිහෙද්දී සාරා ඇස් දෙක තද කරලා පියා ගත්තා......
සාරාට අයිතියක් නෑ චෝදනා කරන්න... සාරා ජන්කුක් ට කියලා ආවේ යන්න යන බව විතරයි!!!!
සාරා ජන්කුක් ට ගුකී ගැන කිව්වේ නෑ... ඉඟියකින් වත් දැනෙව්වේ නෑ....
ඉතින් සාරා දන්නවා ජන්කුක් වැරදි නෑ....
හිතක් වෙනස් වෙන්න යන්නේ තත්පර ගානයි.....ඒත්  ආදරේ!!!!!
නෑ සාරා!!!!  ජන්කුක් තාමත් ආදරෙයි!!!!
සාරාගේ යටි හිත මොර දුන්නා!!!!
ඉස්සර වගේම!!!
උඩු හිත සමච්චල් කලා...!!
ඔව්!!!!
මොහොතකට උඩු හිත නිහඩ කරලා යටි හිත කෑ ගැහුවා!!!!
ඒත්!! සාරා දෙගිඩියාවෙන්!!!
උඩු හිත මිමිනුවා........
සාරා සැක කරනවා!!!!
ගැබුරු හඩින් යටි හිත කියන කොට වේගෙන් ගැහෙන පපුවට අතක් තියාගත්ත සාරා අත් දෙකෙන්ම කොන්ඩේ ඇද ගත්තේ ඒක එහෙම නෙවෙයි කියලා මුමුණන ගමන්......

මුලු හිතම හිස් කඩදාසියක් වගේ වෙද්දි සාරා මොකුත්ම නොහිතා ඉන්න උත්සාහ කලා..... සාරාට බෑ අවිශ්වාස කරන්න..... ස්පර්ශයක් ගානේ හදවතට ම දැනුන ඒ ආදරේ අවිශ්වාස කරන්න හිත හදාගන්න සාරාට බෑ.....

සාරා දන්නවා තව අවුරුද්දකින් ජන්කුක් අනිවාර්ය හමුදා සේවයට බැදෙනවා කියලා... මේ වෙන කොටත් ජින් යුන්ගි දෙන්නම අනිවාර්ය හමුදා සේවයට වාර්තා කරලා හිටපු නිසා කොන්සර්ට් හැමදේම නවත්තලයි තිබුනේ.... ඒ වගේම  තව අවුරුද්දකින් ඉතිරි පස් දෙනාම එකම වතාවේ මිලිටරි එන්ලිස්ට් වෙනවා කියලා මීට මාස කිහිපයකට කලිනුයි ආයතනය රසිකයින්ට දැනුම් දුන්නේ.....

සාරාට ඕන උනා ඊට කලින් එකම එක වතාවක් ජන්කුක් ට කථා කරන්න, ඒ කටහඩ අහන්න..... අවුරුදු දෙකක් දුරින් ඉදලා වත් බලාගන්න විදියක් නෑ කියලා හිතුනම සාරාට ඕන වුනේ එකම වතාවකට ඒ කටහඩ අහන්න විතරයි.....

ඒත් කොහොමද????
ඒ ප්‍රශ්නෙ ට සාරා ලග උත්තරයක් නෑ.....

"සාරා මං එන්නද!!!!??"

හීන් හඩින් මිස් එවන්ස් ගේ කටහඩ ඇහෙන කොට දනිස් දෙක අතරේ මූන ඔබාගෙන බිම වාඩි වෙලා හිටපු සාරා බිම දිගේම ඇදිලා දොර ලගින් මෑත් වෙනකොට මිස් එවන්ස් කාමරේට එබුනා....

"ගුකී ඇහැරලාද ජෙනී!!! මං ඉක්මනින් එන්නම්..... "

ටිකක් වෙලා සාරා දිහා බලාගෙන ඉදලා ලස්සනට හිනා වුන මිස් එවන්ස් ,,,,

"සාරාට අමුත්තෝ දෙන්නෙක් ඉන්නවා...හන්ගුක් වලින් "

අඩලම රතු වුන ලොකු ඇස් තව ටිකක් ලොකු කරලා සාරා මිස් එවන්ස් දිහා බැලුවේ ඇහුන දේ විස්වාස කරන්න බැරුව.....

"එක්කෙනෙක් ගොඩක් උසයි ලස්සන ඩිම්පල් එකක් තියනවා...අනිත් එක්කෙනා.......ආහ් සාරා වැටෙයි ලමයෝ!!!!!"

මිස් එවන්ස් ට කියලා ඉවර කරන්න වත් වෙලාවක් නොදී ඉක්මනින් නැගිටපු සාරා තරප්පු පෙළ දිගේ පහලට දුවගෙන ගියේ තමන් ඉන්නේ අඩලා අඩලම රතු වුන ඇස් වලින් කියන එකත් අමතක කරලා දාලා.......

ඉතින් ආදරනීය  වසන්තය දොරකඩ මග බලනවද!!!!!!

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හිකි හිකි 😁😁😁...
ජන්කුකී ඇවිල්ලද දන් නෑ🙈🙈🙈
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ටයිම් ස්කිප් කරන විදියට පැටලුනාද,  නෑ නේද❤

දේශූ♔︎



Pokračovat ve čtení

Mohlo by se ti líbit

2.9K 672 6
ලෝකේ හැමෝම හිනාවෙනවා නේද ? එතකොට ලිලී මලුත් ? ඒත් ලිලී මල් හිනා වෙන්නේ කොහොමද ? ලිලී මල් නේද දුක නැත්නම් වේද නාවෙ සංකේත ය... එහෙනම් ලිලී මල් කොහොමද...
464K 31.5K 47
♮Idol au ♮"I don't think I can do it." "Of course you can, I believe in you. Don't worry, okay? I'll be right here backstage fo...
11.2K 1.7K 45
වචන දහයකින් නොකියවුනු දේ සමහරු එක බැල්මකින් අත්දැක්කා....❤️ දවසක එහෙම හිතක් මුණ ගැහුනහම ආඩම්බරකාර හිත් හේතු නැතුවම හීලෑ වුණා....❤️
5.8K 190 4
(සිංහල) Read with risk. ඉතින් කියවන්න අමාරු, ආස නැති කෙනෙක් ඉන්නවනම් කියවන්න එපා. Idol කියන්නේ වෙනම කෙනෙක්. මන් මේකේ භාවිතා කරන්නේ ඔහුගේ නම පමණයි...