||DEAR_MAFIA||Completed

By Euphoria091

10.1K 2.3K 407

A broken heart is all that's left I'm still fixing all the cracks Lost a couple of pieces when I carried it... More

PROLOGUE
Chapter 1
Chapter 2
chapter 3
Chapter 4
chapter 5
chapter 6
chapter 7
Chapter 8
chapter 9
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
chapter 26
Chapter 28
Chapter 29
EPILOGUE

Chapter 27

257 67 24
By Euphoria091

-"හිමීට අඩිය තියන්න මෙලී"
හොස්පිට්ල් එකෙන් ගෙදරට ආව කෙල්ලව යුන්ගි කා එකෙන් බැස්සුවෙත් හරි පරිස්සමට......
ආයේ කවදාවත් මෙලීව අතෑරගන්නේ නෑ කියන පොරොන්දුවත් තමන්ටම දීගෙන යුන්ගි මෙලී එක්ක ඇතුලට යද්දී ටේ දුවගෙන ඇවිත් මෙලීගේ කරවටේ අත දාගත්තේ යුන්ගිවත් තල්ලු කරලා....

-"ටේහ්යොන්!!"

-"වේහ් වේහ් හ්යොන් මන් මගේ නූනාව පරිස්සමට බලාගන්න දන්නවා හුම්"
පෙට්ටි හීනාවත් දාගෙන මෙලීව උඩ කාමරේකට හරිම පරිස්සමට ටේ එක්ක ගියා....

-"හ්යොන් මේ ඔයාගේ නූනා නෙමේ මගේ නූනා!!"

-"අනේ මේ හාවෝ මෙලී දැන් මගේ නූනා ඔයා ආපු අතක් බලාගෙන යන්න"
ටේයි කුකීයි මෙලී වෙනුවෙන් රණ්ඩු වෙද්දී මේ හැමදේම දිහා මෙලී බලන් හිටියේ ඇස්වල කදුලු පුරවගෙන....

-"මගේ පොඩි එවුන් දෙන්නා....ඔය දෙන්නයි අනිත් තුන්දෙනෙයි මගේ මල්ලිලා තමයි...ඒ නිසා රණ්ඩු වෙන්න එපා.."
මෙලී ටේකුක්ව ආදරෙන් වැලදගනිද්දී මේ හැමදේම දිහා එක්කෙනෙක් බලන් හිටියේ පුපුර පුපුර......

-"ඔය පොඩි මහත්තුරු දෙන්නා මගෙන් ගුටි නොකා පහලට ගියොත් හොදයී දැන්....."
යුන්ගි ගේ තරවටු කටහඩට ටේකුක් දෙන්නා රවන ගමන්ම පහලට බැස්සේ යුන්ගිට හිතින් දෙහි කපන ගමන්....

-"පව් යුන්ගියා පොඩී දෙන්නා....."

-"ඕකුන් දෙන්නගේ පොඩි මමනේ දන්නේ...."
මෙලී ඒකට හිනාවෙලා යුන්ගිගේ කොන්ඩේ අවුල් කරද්දී කොල්ලා නොරිදෙන්න මෙලීව තුරුල් කරගත්තා......

-"ඔයාට ඉරිසියයි නේද බේබි..."

-"ඔව් ඉරිසියයි තමයි..මන් කැමති දේවල් වෙන අයට අයිතිවෙනවට මම කැමති නෑ....."

-"ඒත්...."

-"ශ්...ඔයා මගේ විතරයි ප්‍රින්සස්..."
යුන්ගි ඒ තත්පරේම මෙලීගේ තොල් වලට බරවුනේ කාලයක් තිස්සේ බලන් හිටපු ආදරේ හදවතින්ම විදින්න...

-" මට කරන්න වැඩක් තියෙනවා ප්‍රින්සස්..ඔයාට මොනාහරි ඕන උනොත් ජීන් හ්යොන්ගෙන් ඉල්ලගන්න ඒ නැතත් ජූනුයි ටේත් ඉන්නවා පහල..."

-"ඔයත් පරිස්සමින් ගිහින් ඉක්මනට එන්න..."
ආයෙමත් මෙලීගේ නලල සිපගෙන යුන්ගි රූම් එකෙන් එලියට ආවේ ආයෙත් සැරයක් මෙලී දිහා හැරිලා බලන ගමන්.....
.
.
.
-"යුන්ගි අර වෙඩින් ෆොටෝ එක..ඒක කුඩු වෙලා....."
ජීන් අහද්දී යුන්ගි බෙල්ල අතගෑවේ හදිසියට කරන ගොන්වැඩ මතක් වෙලයි....

-"ඒක හදන්න ඕන හ්යොන්....මන් දැන් යනවා mansion එකට හ්යොන් පොඩ්ඩක් මෙලීව බලාගන්න"

-"ඕක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෙමේනේ..."

-"ඔය තුන්දෙනා මාත් එක්ක යන්න අනිත් අය මෙලීව බලාගන්න...."
යුන්ගි කුකී ජීමින් හොබී දිහාට ඇගිල්ල දික් කරලා කියද්දී ඒ තුන්දෙනත් යුන්ගිගේ ගමනට එකතු උනා....
.
.
.
.
.
.
.
.
.
.
.

-"මට ඔය යකාගේ ඇස්දෙක උගුල්ලලා දාන්න ඕනේ.."
බංකරේ ඇතුලට යන ගමන් කුකී කියුවේ නිශ්ශබ්දතාවය බිද දාලා......

-"කැමති දෙයක් කරගන්න..මන් මගේ පොරොන්දුව ඉශ්ට කරා..."
කලිසම් සාක්කුවකට අතක් දාගෙන අනිත් අතින් කොන්ඩේ හදන ගමන් යුන්ගි ඉස්සර වෙලා ගියේ කේන්ගේ කෑගැහිල්ල අහන ගමන්......

-"උබ මැරෙන්න බයද කේන්.."
මාක් ගෙනත් දුන්න පුටුවෙන් ඉදගන්න ගමන් යුන්ගි ඇහුවේ තමන්ගේ ඉස්සරහ ගැහෙන කේන් දිහා බලලා නෝජ්ජලයට හිනාවෙලා.....

-"මට උබෙන් දෙයක් අහන්න තියෙනවා කේන්"

-"ඇයි උබ මගේ ඔම්මව මරලා දැම්මේ..එතකොට මෙලීව පාවිච්චි කරේ ඇයි මේ දේවල් වලට..."
යුන්ගිගේ හරිම පැහැදිලි නිවුණු කටහඩ අහගෙන ඉදලා කේන් පැත්තට ලේ මිශ්‍ර කෙල ගහලා කතා කරන්න පටන් ගත්තා.....

-"උබේ අප්පා නිසා තමයි.....උබේ අප්පා මගේ ඩඩාව මරලා දැම්මා....එතකොට ලියෝනා ඒකිව පාවිච්චි කරේ ඒකිට හොදට පලිගන්න පුලුවන් නිසා....

-"ලියෝනා ? "
යුන්ගි බෙල්ල පැත්තකට බර කරලා ඇහුවේ ඒ නමේ හුරුවක් නොතිබුන නිසා....

-"ආහ් උබ දන්නේ මෙලීවනේ නේද...ඒත් ඒකිම තමයි ලියෝනා,ලෝරා කියන්නෙත්....ඒකි මොනා උනත් වැඩේ හොදට කරා මේ බල්ලා නිසා තමා මට උබව මිස් උනේ..."
ජීමින්ට එහා පැත්තෙන් හිටන් හිටපු ජේවොන් දිහා බලලා කේන් හිනාඋනේ මැරෙන්න යද්දී මිනිස්සුන්ට පිස්සු හැදෙනවා කියලා මතක් කරලා......

-"මට එකම එක අවස්ථාවක් දෙන්න JK..ඊට පස්සේ ඔයාට ඕන දෙයක් මූට කරන්න"
යුන්ගි එහෙම කියලා ජීමින්ට රහසින් මොනා හරි කියුවම ජීමින් විනාඩි පහක් ඇතුලත එලියට ගිහින් ආයෙත් බංකරේ ඇතුලට ආවා....

-" මේ අරක නේද හ්යොන්.."
හොබී අහද්දී යුන්ගි හිනාවෙලා ඔලුව වැනුවේ අතේ තියෙන සිරින්ජරය දිහත් බලන ගමන්.....

-"ඉස්සෙල්ලා JKට කැමති දෙයක් කරන්න ඉඩ දුන්නොත් හොදයි හ්යොන්..නැත්තම් මූ ඕක නිසාම මැරෙයි..."
ජීමින් කියපු දේට එකගවෙලා යුන්ගි කුකීට අවසර දෙද්දී මාක් ගෙනත් දුන්න අඩුව අරගෙන කුකී කේන්ගේ ඇගිලි එකෙන් එක කපලා දැම්මා.....

-"උබ මගේ දරුවන්ට එහෙම නොකර ඉන්න තිබ්බා කේන්...එහෙම උනානම් මේ තරම් මරණය උබට අමාරු වෙන එකක් නෑ..."

-"මාව අතෑරපන්....මට සමාවෙයන් ප්ලීස්...."
කේන් ගැටගහලා තිබුන ඇගිලි නැති අත්දෙක එකතු කරලා වදිද්දී කුකී කරේ හයියෙන් හිනාඋන එක විතරයි.....

-"උබ උබේ ඇගෙන් වැඩිපුරම කැමතී මොකටද කේන්.."

-"ඇ...ඇස්දෙකට..."
කුකී අහන දේට කේන් උත්තර දීලා ඉවර වෙද්දීම අඩුවත් අරගෙන කේන්ගේ ඇස්දෙක ලගට කුකී ලන්උනා....

-"ආහ්....මාව..අ...අතාරින්න..මට...සමාවෙයන්..."
කුකී කේන්ගේ ඇස්දෙක අඩුවෙන් උගුල්ලලා බිමට විසික් කරද්දී කේන්ගේ ශරීරයේ ශක්තිය තවත් හීන වෙද්දී කුකී ජේවොන්ට කියලා කේන්ගේ දිව එලියට ඇද්දා.....

"උබේ කොලපාට ඇස් දෙක බීම වැටිලා තියෙනවා බලන්න උබට බෑ කේන්...උබට රිදෙනවා කියලා කෑගහන්නවත් උබට බෑ දැන්...."
පිහියක් අරගෙන කේන්ගේ දිව කපලා දාලා මුලු කටටම කුකී ඇසිඩ් වත් කරේ බලන්න බැරි තරම් විකෘති උන ශරීරය පන ඉල්ලලා දගලද්දී......

-"හ්යොන් කැමති දෙයක් කරන්න..."
ලේ වලින් පෙගුණු අතුත් වේදනාවටම රතුවෙලා තිබුන ඇසුත් එක්ක කේන්ගෙන් ඈත්උන කුකීව තුරුල් කරගෙනම හොබීයී ජීමිනුයි බංකරෙන් එලියට ගියේ කුකීට තවත් දරාගන්න බෑ කියලා හිතුන නිසා......

-"කවදාවත් මන් මගේ මල්ලිව මේ විදියට දැකලා නෑ කේන් ඒත් අද උබ නිසා මගේ මල්ලී ඉන්න විදිය දැක්කද ?......ඕහ් උබට කතා කරන්න බෑනේ..."
යුන්ගි හිනාඋනා.....
බංකර් දෙදුරුම් කන්නම හිනාඋනා....

-"මේක මගේ මල්ලී වෙනුවෙනුත් ඔම්මා වෙනුවෙනුත් ටාටුලා වෙනුවෙනුත් උබට දෙන තෑග්ගක්....."
Drugs තිබුන සිරින්ජරේ කේන්ට ඉප්ජෙක්ට් කරාට පස්සේ ගැහිලා ගැහිලාම නතර වුන කේන්ගේ ශරීරය දිහා යුන්ගි බලන් හිටියා.......

-"පුච්චලා දාන්න....."
බර හුස්මක් අවකාශයට නිදහස් කරපු කොල්ලා හැමදේකම අවසානයක් දකින්න ලෑස්ති උනා......

-" Mr.min huk අදින් පස්සේ තමුන්ට හිටපු එකම පුතාත් මැරුණා කියලා හිතාගන්නවා...මගේ ඔම්මගේ මරණෙට සම්පූර්ණ වැරදීකාරයා තමුන්..."
බංකරෙන් එලියට එන ගමන් යුන්ගි කතා කරේ තමන්ගේ අප්පට.....

හැමදෙයක්ම අවසානයි කියලා දැනෙද්දී හිතට දැනුන සැනසීමට අර්ථකථනයක් දෙන්න කොල්ලා දැනගෙන හිටියේ නෑ......
"අලුතින් පටන් ගන්න" කොල්ලා හැමදාම හීන මවපු හීනේ.....
මාෆියාව අතාරින්න බෑ කියලා කොල්ලා දැනගෙන හිටියා උනත් ඊටත් වඩා ඒක අතාරින්න උවමනාවක් කොල්ලට තිබුනේ නෑ....
තමන්ට සහෝදරයෝ ටිකක් ලැබුනේ,
තමන්ට මේ ලෝකේ වටිනම වස්තුව ලැබුනේ මාෆියාව නිසා..
ඉතින් කොහොමද අතාරින්නේ මාෆියාව ?

-"කුකී කෝ ජීමින්"
තමන්ගේ ලගට ඇවිදන් එන ජීමින්ගෙන් යුන්ගි ඇහුවේ ඉස්සෙල්ලා උන දේවල් කුකීට වේදනාකාරි කියලා දන්න නිසා...

-"හොබී හ්යොන් එක්ක කා එක ඇතුලේ...ඒ විදියට මිනිස්සුන්ව මරන්න ඕන උනේ නෑ කියලා එයා අඩලා හොබී හ්යොන්ගේ උරහිසේම නින්ද ගියා...."
ජීමින් ගේ උත්තරේට යුන්ගිගෙන් ලැබුනේ බර හුස්මක් විතරයි......

-"හැම සතුටක්ම හැම දුකක්ම එකසැරේම අපි ගාවට ආවා නේද හ්යොන්....."
Mansion එක දිහා බලන් දිගු කල්පනාවක ඉන්න යුන්ගි ගේ උරහිසට උඩින් අත තියලා ජීමින් ඇහුවේ කිසිම කලබලයක් නැතිව....

-"හැමදේම එකසැරේම උන එකට මම කැමතියි ජීමින් ඒනිසයි අපි මේ තරම් ශක්තිමත් උනේ...."

-"මෙලීට සමාව දෙන්න පුලුවන්ද හ්යොන්...."

-"මෙලී වෙනුවෙන් ටේට වෙනස් වෙන්න පුලුවන් උනානම්, හැමදේම අමතක කරලා කුකීට එයාගේ නූනාට ආදරේ කරන්න පුලුවන් උනානම් මටත් එයාට සමාව දෙන්න පුලුවන් ජීමින්...."

-"ඔයාගේ ආදරේ මෙලී ද ? ලෝරා ද ? ලියෝනා ද ? හ්යොන්..."
ඒ ප්‍රශ්නෙට උත්තරයක් නැතුව තත්පර ගානක් ගෙවිලා යනකොට නිශ්ශබ්දතාවය බිදලා හුස්මක් ගත්ත යුන්ගි බැලුවේ ජීමින් දිහා....

-"අදින් පටන් ගන්න අලුත් ගමන ඉවර වෙන දවසට ඒකට උත්තරයක් මන් හොයා ගන්නවා ජීමිනා..."
ජීමීන් ඔලුව වනලා යුන්ගි එක්ක හිනාඋනා.....
"ආදරයත් ජීවිතයත් ආදරණීය මාෆියාවක් තමයී ඉතින්" ජීමින්ට හිතුනේ එහෙම....

______________________________💥💥
තව දෙකයි😌

Continue Reading

You'll Also Like

238K 5.9K 52
⎯⎯⎯⎯⎯⎯⎯ જ⁀➴ 𝐅𝐄𝐄𝐋𝐒 𝐋𝐈𝐊𝐄 .ᐟ ❛ & i need you sometimes, we'll be alright. ❜ IN WHICH; kate martin's crush on the basketball photographer is...
554K 12.2K 39
In wich a one night stand turns out to be a lot more than that.
10.1K 1.3K 32
A random cliché story about a Nigerian bisexual figuring her life out.
6.1K 1.5K 14
It's a secret Babee😉🤫 Start Date:- 2021.08.01 Published Date:- 2021.08.06 Finished Date:- 2021.12.18