U Are My Crazy || KTH || Comp...

By Neha___J

5.6K 1K 996

ඒ දෑස් දෙස බලද්දි, හිනාවන් දකිද්දි, උණුසුම දැනෙද්දි, හදවත ස්පර්ශ කරද්දි, ඒ දැනෙන හැගීම, ... More

Introduction 🍃🥀✨️
Chapter 01 🍁
Chapter 02🍁
Chapter 03🍁
Chapter 04🍁
Chapter 05 🍁
Chapter 06🍁
Chapter 07🍁
Chapter 08🍁
Chapter 09🍁
Chapter 10🍁
Chapter 11🍁
Chapter 12🍁
Chapter 13🍁
Chapter 14🍁
Chapter 15🍁
Chapter 16🍁
Chapter 17🍁
Chapter 18🍁
Chapter 19🍁
Chapter 20🍁
Chapter 21🍁
Chapter 22🍁
Chapter 23🍁
Chapter 24🍁
Chapter 25🍁
Chapter 27🍁
Chapter 28 🍁
Chapter 29🍁
Chapter 30🍁
Chapter 31 🍁 [Final]
A/N 🍁🧡

Chapter 26🍁

123 24 21
By Neha___J


Author's pov:

ලීස් හිටියේ පාර්ක් එකේ ගස් හෙවනක තිබුන bench එහෙක වාඩිවෙලා...
ඇහිපිල්ලම් ගහන්නත් අමතක වුන ගානට ඈත බලන්...
කෙල්ලට හිතන්න දේවල් තිබුනා...
හිතන්න ගොඩක් දේවල් තිබුනා...
ඒකෙන් ප්‍රධානම දේ වුනේ 'ජිමින්'...
කෙල්ලත් නොදැනම කෙල්ල ජිමින් ගැන හිතන්න අරන්..
ජිමින් කියන්නේ කෙල්ලට එක්තරා විදියක කුතුහලයක්...
දවස් දෙකයි දැක්කෙ...කොල්ලගෙ නම විතරයි දන්නෙ...
ඒත් කෙල්ලගෙ හිත නිතරම ජිමින්ව හෙව්වා..
ආයෙත් එයා මුණගැහෙයි කියලා බලාපොරොත්තු වුනා...
කෙල්ලත් නොදැනම එහෙම දැනෙන්න වුනා...
සෝයුන් නිතරම කෙල්ලට කිව්වා හිතේ තියන දේ එලිකරන්න කියලා...
නමුත් ඒකට ක්‍රමයක් ලීස්ට හිතාගන්න බැරිවුණා මේ වෙනකම්...

එක්තරා විදියක ආකර්ශනයක්...
පලමු දැකීමෙන් ඇතිවුන ආදරයක්..
එක්තරා විදියක ඒකපාර්ශ්වික හැගීමක්...
එක්තරා විදියක හිතම හිරිවැටෙන නොසන්සුන්කමක්...
ජිමින් ගැන කෙල්ලට දැනුනෙ එහෙම...
ඉතින් කෙල්ල නොදන්නව වුනාට ජිමින්ට හිතෙන්නෙත් එහෙම නම්.....!?

ලීස් ව්‍යාකූල වුන අනිත් කාරණාව වුනෙ 'එයුන්'...
තමන්ගෙ හොඳම යාලුවා එහෙම විදවන එක ලීස්ට දරාගන්න බැරිවුණා..
සෝයුන් තරමටවත් ලීස්ට ඒක දරාගන්න බැරිවුණා...
නමුත් නිතරම එයුන්ට හයියක් වෙලා හිටියා...
කිසි වෙලාවක එයුන්ගෙ හැගීම්වලට වැරැද්දක් කිව්වෙ නෑ ලීස්...
මොකද ඒ විදවීම ලීස්ටත් දැන් ටික ටික දැනෙන්න අරන් තිබුන නිසා වෙන්නැති...

ගොඩක් වෙලාවට කරන මෝඩ වැඩවල ලීස්ගෙ හවුල්කාරිය වුනෙ එයුන්...
වචනයෙ අර්ථයෙන්ම 'crime partners'ල දෙන්නෙක් ලීස් සහ එයුන් කියන්නේ...
ඉතින් මේ එයුන්ගෙ නිහැඩියාව ලීස්ව අවුල් කෙරෙව්වා..
සෝයුන්ටත් වඩා ලීස් ලංවුනෙ එයුන්ට...
එයුනුත් එහෙමයි...
මොකද සෝයුන් ඒ දෙන්නත් එක්ක හිටියෙ වැඩිමල් සහෝදරියක් ගානට...
ලමයි දෙන්නෙක් බලාගන්නව වගෙයි ඒ දෙන්නව බලාගන්නෙ...
ගොන් වැඩ කරල සෝයුන්ගෙන් බැනුමක් අහන එක දෙන්නගෙම විනෝදාංශය වුනා...

ඉතින් මේ හැමදෙයක්ම එක්ක ලීස්ටත් නිදහසක් ඕනවුනා මනසට....

එතකොට ජිමිනුත් එවෙලාවෙ එතනට ආවෙ ලීස් වගේම සැහැල්ලුවක් හොයාගෙන...
එකම කාරණව මුල් කරන් එකම තැනකට නිදහස හොයන් එන්න,
සමහරවිට ඒ ආදරණීය හමුවීම ලියවිලා තිබුනෙ මෙහෙම වෙන්නැති...
දෙන්නටම එකම විදියට හිතුනෙ ඒ පටන්ගැන්ම වෙනුවෙන් වෙන්නැති...

ටේ සහ තමන්ගෙ මතක ගොඩක කිමිදිලා හිටපු ජිමින් පියවි සිහියට එන්නෙ ලීස්ව දැකීමෙන්...
කොල්ලටත් ඕන වුනා ආයෙත් ලීස්ව මුණගැහෙන්න...
නමුත් ටේගෙ දේවල් එක්ක ඒක මගෑරුනා...
කෙල්ලව තවත් අදුනගන්න, කතාබහ කරන්න, එදා හදිසියේම ගිය එකට සමාව ඉල්ලන්න වගෙ ගොඩක් දේවල් කොල්ලට ඕනවුනා...
ඔය හැමදේටම වඩා ලීස්ගෙ කටකාරකම, දගකාරබව ජිමින්ගෙ හිතෙ පතුලෙන්ම තැන්පත් වුනා කියන්නත් පුලුවන්...
නමුත් ජිමින් කෙල්ල ගැන කිසිම දෙයක් දැනන් හිටියෙ නෑ...
ලීස් අඩුම ගානෙ කොල්ලගෙ නමවත් දැනන් හිටියට ජිමින් කෙල්ල ගැන මුකුත්ම දන්නෑ...
ඉතින් හොයන්නවත් පුලුවන්කමක් තිබුනෙ නෑ...
ආයෙත් cafe එකට ගිහින් කලින් වගේම රැකගෙන ඉන්නවා කියලා ජිමින් හිතුවා..
ඉතින් කෙල්ලව මෙහෙම දැක්කම කොල්ල නිකන් ඉදියිද.....
කොහෙත්ම නෑනෙ...

ජිමින් හිටපු තැනින් ඉස්සරහට අඩියක් දෙකක් ගිහින් හරියටම තහවුරු කරගත්තා තමන් හිතන කෙනාමද ඒ කියලා...
ඔව් ලීස්ම තමයි...
නමුත් මුණගැහුන හැම වතාවකටම වඩා ලීස්ගෙ තිබුනෙ පුදුම සන්සුන් පෙනුමක්...
ඒ නිසාම වෙන්නැති ජිමින්ට එකපාරටම කෙල්ලව අදුරගන්නත් බැරිවුනේ...
යායට පේන ගස් දිහා ඇස්පිය නොගහ බලන් ඉන්න ලීස් දිහා කොල්ලත් ඇස්පිය නොගහ පැත්තකට වෙලා බලන් හිටියා...
හරියට භාවනාවක් වගේ....
ටිකෙන් ටික කෙල්ල ලගට ගිහින් පොඩ්ඩක් ලීස්ව අවුස්සන්නත් හිතාගෙන ජිමින් එකපාරටම,

'බුහ්...'
ගාලා පැනල කෙල්ලව බය කරන්න ගියත් ඊලඟ තත්පරේදි ජිමින් දන්නෙ තමන් භූමි වන්දනාවක් කරා කියලා විතරයි...
ටිකක් වෙලා එකපාරටම වුන දේ ගැන පුදුමෙන් වගේම බයෙන් ඉදල වුන දේ ඔලුවට දාගත්තු කෙල්ල,

'ආශ් මේ ඔයා නෙ...'
කියල මූණත් අමුතුවට හදන් ආයෙ බෑග් එකත් පැත්තකින් තියල වාඩිවුනා...
'ඔයානෙ' කියල කෙල්ලගෙ කටින් පිටවුන වචනෙට ජිමින්ට හීන් හිනාවක් ගියා...
ඒ කියන්නේ කෙල්ලට තමන්ව මතකයි...
සමහරවිට එයත් මං වගේම හිතනවද දන්නෑ.....
ඔන්න ඔය වගෙ සිතුවිලි ගොඩක් ජිමින්ගෙ ඔලුවට ගලන් ආවා...
හැබැයි කොල්ලා තාම බිම...
ලීස් නම් හිටියෙ අහක බලාගෙන හදිසියේම වුන දේ නිසා ඒ දැනෙන නොසන්සුන්කම වගේම තමන්ගෙ හෘද ස්පන්දනයත් පාලනය කරන්න ලොකු උත්සාහයක යෙදෙමින්...
ටිකක් වෙලා වැටුන විදියටම වාඩිවෙලා තමන්ගෙම සිතුවිලි ලෝකෙක අතරමං වුන ජිමින් බොරුවට මූනත් අකුලන් තමන්ගෙ පස්ස අත ගගාම නැගිට්ටා...

"ඔහොමද දන්න අදුරන මනුස්සයෙක් දැක්කම සලකන්නෙ..."

"ඔයා මොකටද මාව බයකරේ...
අනික ඔයා දන්න අදුරන මනුස්සයෙක් නෙවෙයි මට.."

හිමින් ඇවිත් කෙල්ලට එහාපැත්තෙන් bench එකෙන් වාඩිවුන ජිමින්ට කෙල්ල උත්තර දුන්නෙත් අහක බලන්මයි...
පුලුවන් තරම් කොල්ලගෙ ඇස් දෙක දිහා නොබල ඉන්න උත්සාහකිරීමක් වගේ...
තමන්ගේ හැගීම් හංගන්න උත්සාහයක්..

"ඉතින් අදුරන්නෙ නැත්තං අදුරගන්න පුලුවන් නෙ.."

"ඒ මොකටද!? මල විකාර..."

පැත්තට පේන ලීස්ගෙ මූණ වගේම, කටත් ඇද කර කර කෙල්ල කියවන විදිය දිහා ජිමිනුත් හිමින් හිනාවෙවීම බලන් හිටියා...
තාමත් කෙල්ල අහක බලන්...
මෙ අහංකාරකම්, දගකාරකම්, කටකාරකම් වලට තමයි ජිමින් ආසම...

"මම ද විකාරෙ...ඔයානෙ විකාරෙ..කිසි හෙවිල්ලක් බැලිල්ලක් නෑ පැනපු ගමන් බෑග් එකෙන් ගැහුවා..."

"ඉතින් ඔයානෙ මාව බයකරේ...ඒ නිසා හොඳ වැඩේ..."

"බයවෙන්න තරම් මොකක්ද හිටපු කල්පනාව...
මේ ලෝකෙ ඉදිය නම් බයවෙන්නෑනෙ..."

ජිමින් අහපු දේත් එක්ක මෙච්චර වෙලා අහක බලන් හිටපු කෙල්ල ජිමින් දිහා බැලුවා...
මොකද ජිමින්ට තේරුනා කෙල්ල ඉන්නෙ ප්‍රශ්නෙක බව...
ජිමින් කෙල්ලව තේරුම් ගත්තා...
කෙල්ල ගැන කිසිදෙයක් නොදැනත්..
ඒ නිසාම වෙන්නැති කෙල්ල ජිමින් දිහා බැලුවෙ...
මොහොතකට ඒ ඇස් එකිනෙක යාවුනා...
තියෙන හැගීම් නම් කියවගන්න බැරිවුණා....

"මං ජිමින්, පාර්ක් ජිමින්"
විනාඩි ගානක නිහඩතාවය බිදල ජිමින් කතා කරා...
තමන්ගෙ අතක් ඉදිරියට දිගු කරන ගමන් ඔහුටම ආවේණික ඒ ඇස් චූටි කරන හිනාව දමමින්...
ලීස් තාමත් ගොලුවෙලා වගේ..
සමහරවිට ඒ ඇස්වල ගිලිලා වෙන්නත් පුලුවන්...
නමුත් ටිහකින්,

"ම-මං ලීස්...මින් ලීස්..."
කියල ටිකක් පැකිලිමකින් ඉදිරියට දිගුවෙලා තිබුන ජිමින්ගෙ අත අල්ලගත්තෙ ජීවිතේ පුරාවටම ඒ අත අතාරින්නෑ වගේ හැගීමක් ඒ දෙන්නටම දැනෙද්දි...
ජිමිනුත් කෙල්ලගෙ අත තදකරල අල්ලගත්තෙ ආයෙත් දෙන්නම එකිනෙකාගෙ ඇස් අස්සෙ අතරමං වෙද්දි...
ටිකකින් දෙන්නම එකිනෙකාව අදුරගනිමින් කතාබහ කරන්නට පටන් ගත්තෙ ඒ සවස් කාලය ඔවුන්ගේ ආදරණීය පටන්ගැන්මට සාක්ෂි එක් කරද්දි...

ඉතින් ප්‍රේමය හැමෝටම විදවීමක් පමණක්ම නොවන බව කියාපාන්නට වගේ ලීස්මින් ආදරය ඒ විදියට හමුවෙන්නැති...
ආරම්භය මේ විදියට සනිටුහන් කරන්න ඇති...
තවදුරටත් එකිනෙකා ගැන හිත හිත ඉන්න ඒකපාර්ශ්වික ප්‍රේමයක් නොවී ඒ හිත් දෙකත් ප්‍රේමය වෙලාගනිවී........

____________________________

මේ අතරෙ,

"ඔ-ඔප්පා..."
සෝයුන් වගේම එයුනුත් පුදුමෙන් මූණට මූණ බලාගත්තා...
එයාල ජීන්ව හම්බෙන්න යනකොට මෙන්න ඒ මනුස්සයා එයාල ඉස්සරහ...

"ජි-ජීන් ඔයා මොකද මේ වෙලාවෙ..."
ටිකකට පස්සෙ සෝයුන් කතාකරා...

ජීන් :මං ආවෙ ඔයාලව හම්බෙන්න...
ඔයාල කොහෙහරි යන්නද ලෑස්තිය..
ජීනුත් ඒ හා සමාන පුදුමෙකින් ඇහුවා..

සෝයුන්: අපි මේ- මේ ඔයාව හම්බෙන්න එන්න හැදුවෙ...

ජීන්: මාව ඒ මොකටද!?

එයුන්: වැදගත් දෙයක් කතා කරන්න...

මෙච්චර වෙලා කට වහන් හිටිය එයුන් දැඩි ස්වරයකින් කිසිම හැගීමක් නැතුව ජීන් දිහා බලලා කතා කරා...
කෙල්ලට ජීන් එක්ක කතා කරන එකත් තරහ අවුස්සන දෙයක් වුනා..
නමුත් එයුන් ජීන් එක්ක කතාකල යුතු වුනා...
එයුන්ගෙ තිබුනු මේ දැඩිබව ජීන්ට බොහෝ දේවල් තේරුම් කෙරෙව්වා...

"මුලින්ම එන්නකො ඇතුලට..."
සෝයුන් එයුන් දිහත් බලල ජීන්ට කිව්වෙ මෙච්චර වෙලා ජීන් හිටියෙ දොරකඩ බව මතක් වුනේ දැන් නිසා...

.

.

.

"දැන් මොනවද මං එක්ක කතා කරන්න තියෙන්නේ.."
ජීන් ඇහුවෙ විමසිලිමත් ලෙස තමන් ඉස්සරහ වාඩිවෙලා ඒ වගේම බැල්මක් තමන් දිහාට එල්ලකරන් ඉන්න එයුන්ගෙන්...

"කෝ ටේහ්‍යුන්..."
එයුන් කෙලින්ම කාරණවට බැස්සා..
කොහොමත් වටේ යන කතා එයුන්ට දිරවන්නෑ...
ජීන් මේක එයුන්ගෙන් බලාපොරොත්තු වුනා...
අනිවාරෙන්ම, එයුන් මේක හොයන බව ජීන් දැනන් හිටියා...
ජීන් මේ අවස්ථාවට සූදානම් වුනා...
එහෙම නේද !?
නමුත් මෙහෙම එකපාරටම ඇහුවම ජීන් ගැස්සුනා...
ඒ අතරෙ සෝයුන් සුපුරුදු පරිදි කෝපි එකක් ගෙනත් ජීන්ට පිරිනමල එයුන් ගාවින්ම වාඩිවුනා...

"ඔයා කරපු හැමදෙයක්ම cctv වල ලස්සනට record වෙලා තියෙනවා..
ප්ලෑන් එක හොඳට ගැහුවට ඔයාට එතන මගෑරිලා.."
එයුන් දැඩිව වගේම සමච්චල් සහගතව ජීන්ට කිව්වා...
මේ කිසිදෙයක් ජීන්ට ප්‍රශ්නයක් වුනෙ නෑ...
නමුත් කවදාවත් තමන්ට කතාකරපු නැති විදියට එයුන් අද තමන්ට කතා කරන එක ජීන්ට පසුතැවීමක් ගෙනාවා...
හැමෝටම වඩා එයුන් කියන්නේ ජීන් එක්ක ගොඩක් සුහදව, විහිලුවෙන් තහලුවෙන්, යාලුවෙක්, සහෝදරියක් ගානට හිටපු කෙනෙක්..
ඉතින් එයුන් මෙහෙම කතා කරන එක ජීන්ට වේදනාවක් ගෙනාවා...
මේ දේවල් මෙහෙම වෙන්නෙ තමන් නිසාම බව ජීන්ට ආයෙ ආයෙත් හිතෙන්න වුනා...

"මං අහන්නෙ කෝ ටේහ්‍යුන්!?
ඇයි මට මෙහෙම කරේ ඔප්පා..."
දිගින් දිගටම ජීන්ගෙ නිහඩකම තවත් දරාගන්න බැරිවුන එයුන් සියුම් ඉකිගැසීමක් එක්ක නැවතත් කතා කරා...
එච්චරයි එයුන්ගෙ දරාගැනීම...
සුපුරුදු පරිදි කදුලු ඉස්සර කරගත්තා..
කොච්චර දරුණු වෙන්න උත්සාහ කරත් ඒ ලාමක හිතට එච්චර දෙයක් බෑ...
විශේෂයෙන්ම ජීන් වගේ තමන්ට සමීපම කෙනෙක්ට එහෙම දරුණු වෙන එක...
එයුන්ට සම්පූර්ණයෙන්ම එයාගෙ කතාව කරන්න දීලා ජීන් සාවධානව හැමදෙයක්ම අහන් හිටියා...

" හොඳයි..එච්චරයිද!?
මං උත්තර දෙන්නද!?"
අසරණකම පිරුණු ඇස්වලින් ගලන් යන කදුලු එක්කම එයුන් ජීන්ගෙන් උත්තර ලැබෙනකම් බලන් හිටියා...
නමුත් හැමදාම වගෙ ජීන්ගෙ තිබුනෙ සන්සුන් පෙනුමක්...

"ටේහ්‍යුන් කියන්නේ මගෙ මල්ලි..."
දිගු හුස්මක් පහත දාපු ජීන් කියලා දැම්ම...

"වට්!?........."
එයුන් ජීන්ගෙ උත්තරෙන් බලාපොරොත්තු වුනෙ සැනසීමක්..
ප්‍රශ්නවල නිමාවක්...
හැමදේටම උත්තරයක්..
නමුත් දැන් වුනේ තිබ්බ සැනසීමෙත් නැතිවෙලා හැමදේම තව තවත් පැටලුන එක...
ඇස් දෙකත් නලලෙ තියන්, කටත් ඇරන් එයුන් ජීන් දිහා වගේම සෝයුන් දිහත් මාරුවෙන් මාරුවට බැලුවෙ දැන් තමන්ට ඇහුණ දේ විශ්වාස කරන්න බැරි නිසයි...
පපුවත් එක්ක කකියන්න ගද්දි එයුන් කල්පනා කරේම කොහොමද එහෙම වෙන්නෙ කියලා...

ඒත් සෝයුන්ගෙ තත්වය නම් මීට වඩා හාත්පසින්ම වෙනස් වුනා...
සෝයුන්ගෙ හිතේ හීන් සතුටක් ඇදුනා...
එයා දැනන් හිටියනෙ මේ රහස...
එයා බලන් හිටියෙ ජීන්ම ඇවිත් තමන්ට
කියනකම්...
ආදරය කරන දෙන්නෙක් විදියට ඒ දෙන්න අතරෙ රහස් තිබුන්නෑ...
තියෙන්න ඕන වුනෙත් නෑ..
ඒ නිසාමයි ජීන් කොහොම හැසිරෙයිද කියලා සෝයුන් මුකුත්ම නොකිය බලන් හිටියෙ...

"ඔප්පා ප්ලීස් මේක විහිලු කරන වෙලාවක් නෙවෙයි.."
අන්තිමට එයුන් කතාකරා...
හිත් කොනකින්වත් ජීන් කිව්ව දේ විශ්වාස කරන්න පුලුවන්කමක් තිබුනෙ නෑ....

"විහිලු නෙවෙයි එයුන්...ඒකයි ඇත්ත.."

ආගන්තුක හඩත් එක්ක හැමෝම හැරිලා බැලුවෙ දොර දිහා...

"ජ-ජන්කුක්...ඔ-ඔයත්...."

ඔව් ඒ ඇවිත් හිටියෙ ජන්කුක්..
ජන්කුක් දැන් එයුන්ගෙ ගෙදර එන එක සාමාන්‍ය දෙයක්...
අදත් එහෙම ආව වෙලාවෙ කාර් පාක් එකේදිම ජන්කුක් ජීන්ගෙ වාහනෙ දැක්කා...
මෙහෙම දෙයක් වෙයිදෝ කියලා හිතෙ නිකමට ඇතිවුන සැකේකට ජන්කුක් දුවල ආවා...
ඒ එනකොට ඇහුණ දේවල් එක්ක ජන්කුක්ගෙ සැකය තහවුරු වුනා...

ජන්කුක්ට ඕන වුනත් එයුන්ට මේක කලින්ම කියන්න කොච්චර වුනත් ජීන්ගෙ කීමට පාඩුවෙ හිටියා..
නමුත් මේක හැමෝම දැනගත යුතු දෙයක් විදියටයි ජන්කුක් දැක්කෙ...
ඇත්තටම ඒක එහෙම නෙවෙයිද!?
හැමෝම දැනගත යුතු දෙයක් නෙවෙයි ද!?

ජීන්ට ටේ ගැන අයිතියක් තියෙන නිසා ජීන් කියන විදියක් කරන්න ජන්කුක් හිතාගත්තා...

ඒ දේවල් එහෙම වෙද්දි එයුන්ට නම් දැනුනෙ නොදන්න ලෝකෙක තමන් තනිවෙලා වගෙ හැගීමක්..
හැමෝම දන්නවා ඒ රහස ගැන..දැන් ජන්කුක්ත්...
තමන් විතරයි දන්නෙ නැත්තේ...
කවුරුත් තමන්ට කිව්වෙ නෑ...
තමන් තනිවෙලා...ඔක්කොම එකතුවෙලා තමන්ව රවට්ටල වගේ තමයි එයුන්ට හිතුනෙ...
එයුන් ජන්කුක් දිහාම බලන් හිටියා...
ජන්කුක් පහුගිය දවස් වල කෙල්ලත් එක්ක හිටපු විදියට මේක තමන්ට කියන්න තිබුනා කියලා කෙල්ලට හිතෙන්න වුනා...
එතකොට සෝයුන්, වචනයක්වත් නොකිය මේ වෙන දේ දිහා හරි සාමකාමීව බලන් ඉන්න එකත් එයුන්ට ප්‍රශ්නයක් වුනා...

" හ්ම්ම්..සමාවෙන්න එයුන්...
මං දැනගත්තෙත් ලගදි...
මං කියනවට වඩා ඒක ජීන් හියුන්ග්ම කියන එක හොඳයි කියලා හිතුනා.."
ජන්කුකත් එහෙම කියාගෙන ඇවිත් ජීන් ගාවින් වාඩිවුනා...
එතකොට දැන් ජීන්ට තියන ප්‍රශ්නෙ වුනෙ ජන්කුක් කොහෙන්ද, මේ වෙලාවෙ මෙතන කියන එක...
මොකද ජීන් එයුන්ගෙ අසනීපෙවත්, මේ දවස් ටිකට යුන්කුක් සමීපවුන හැටිවත් මේ කිසිදෙයක් දන්නෙ නැති නිසා...

"එ-එතකොට ඒක ඇත්තක්ද!?"
එයුන් ආයෙත් ඇහුවා...

"ඔව් ඒක ඇත්ත...
කිම් ටේහ්‍යුන් කියන්නේ මගෙ මල්ලි..
ඒත් මගේම මල්ලි නෙවෙයි..."

එ මොකක්ද ඒ කතාවෙ තේරුම...
තමන්ගෙම මල්ලිලු, ඒත් තමන්ගෙම නෙවෙයිලු...
එයුන්ට තිබුන වියවුල තවත් වැඩිවුනා..
මේ කියන දේක තේරුමක්වත්, අගක් මුලක්වත් කෙල්ලට හිතාගන්න බැරිවුනා..
හැමෝම දන්නවා තමන් විතරයි දන්නෙ නැත්තෙ කියන දේත් කෙල්ලට තදින්ම දැනෙන්න වුනා...
එක දෙයක් නෙවෙයි කෙල්ලට හිතන්න දේවල් කොච්චර තියෙනවද...
ටේ ගැන, තමන්ගෙ අසනීපෙ, ඉගෙනීම, ටේ නැති වේදනාව ඒ අස්සෙ මේක...
හැමදේම කෙල්ලව තව තවත් දුර්වල කරන්න, ව්‍යාකූල කරන මාතෘකාවන් වුනා...

ඒ අතරෙ එයුන් ජීන් දිහාම බලන් හිටියෙ හැමදේටම තේරුම් කිරීමක්..
හොඳ පැහැදිලි කිරීමක් බලාපොරොත්තුවෙන්..
එයුන් බලාපොරොත්තු වෙන දේ හොඳටම දන්න ජීන් නැවතත් බර හුස්මක් හෙලල හිමින් හිමින් කියන්න ගත්තා....

"ටේයි මායි සහෝදරයෝ..ඒත් අම්මල දෙන්නෙක්ගෙ...ටේ අපේ අම්මගෙ දරුවෙක් නෙවෙයි...ඒත් ටේගෙ ඇගේ දුවන්නෙත් මගෙ තාත්තගෙ ලේ...

තාත්තා කියන විදියට ඒක එයාගෙ අතින් වුන අත්වැරැදීමක්...
ඒත් ලමයෙක් එක්ක ගෑනියෙක්ව තනිකරන එක කොහොමද අත්වැරැදීමක් වෙන්නෙ...
තාත්තා පොඩි එකෙක්ද...
අනිත් කාරණාව ඒ වෙනකොට මාත් ඉපදිලා ඉන්න අතරෙ...
ටේ මට වඩා බාලයි නෙ...

ජීන් මොහොතකට තමන්ගෙ කතාව නතරකරල හැමෝගෙම මූණු දිහා බැලුවා..
එයුන්ගෙ මූණෙ ඇරෙන්න අනිත් දෙන්නගෙ නම් කිසි පුදුම වුන ස්වභාවයක් පේන්න තිබුනෙ නෑ...
එයුන්ට තාමත් මේක විශ්වාස කරන්න බැරි ගානයි...

"ටේ hospital ගෙනාව දවසෙ ඉදලම මට එයාගෙ අමුතු හුරුපුරුදු බවක් දැනුනා...
එයා මගෙ වගකීමක් කියලා හිතුනා..
Doctor කෙනෙක් විදියට එතන ඉන්න හැම ලෙඩෙක්ම මගෙ වගකීමක් තමයි..
ඒත් ටේගෙන් මට කියන්න නොතේරෙන අමුතු හැගීමක් දැනුනා..
එයා ගැන මං ගොඩක් දුක්වුනා, ගොඩක් අනුකම්පා කරා...

මට ඕනවුනා ටේ ගැන දැනගන්න... ඒ නිසා මං අනාත නිවාසෙට පවා ගියා..
හැමෝටම ඇගෙව්වෙ treatments වලට එයා ගැන දැනන් ඉන්න ඕන නිසා කියලා...

ජීන් එයුන් දිහා බැලුවා... හිස් හැගීමකින් ඔහේ එයුන් බලන් ඉන්නවා...

එයා ගැන දැනගත්තට පස්සෙ මට තවත් දුක හිතුනා...
ඔහොම ඉන්න අතරෙ මටවත් නොතේරෙන අමුතු හැගීමකට මං DNA Test එකක් කරා...මගෙයි ටේගෙයි...
නිතරම එක එක Test වලට එයාගෙ ලේ ගන්න නිසා ඒක අපහසුවක් වුන්නෑ..
අනික මං Doctor කෙනෙක් නිසා ඒක Hospital Lab එකෙන්ම කරගත්තා...

වාසනාවකටද අවාසනාවකටද මන්ද අපි දෙන්නගෙ DNA මැච් වෙන බව ඒ රිපෝට් එකේ තිබුනා...
මට ඒ වෙලාවෙ දැනුන දේ කියාගන්න තේරෙන්නෑ...
ඒත් මගෙ ඔලුවට ගියෙ එක දෙයයි, කොහොමද මෙහෙම වෙන්නෙ කියලා...

ඒ එදා, මං සෝයුන්ට night shift කියලා මාව මුණගැහෙන්න එන්නෙපා කියපු දවස...
එදා තමයි රිපෝට් එක හම්බුනෙ..
මට කාත් එක්කවත් කතා කරන්න පුලුවන්කමක් තිබුන්නෑ ඒ වෙලාවෙ..
ඒකයි මං සෝයුන්ට එන්නෙපා කිව්වෙ..
සමාවෙන්න සෝයුන්...
මට බොරු කියන්න සිද්ධවුනා...

ජීන් සෝයුන් දිහා සමාව අයදින බැල්මකින් බලන් හිටියා...
සෝයුන් කරේ ඔලුව වනල ඒක කමක්නෑ කියලා අගවපු එක...
එකිනෙකාව තේරුම් ගැනීම හැමතිස්සෙම ඒ දෙන්න අතර තිබුන දෙයක් වුනා...
අනිත් එක සෝයුන් මේ වෙනකොටත් මේ දේවල් ගැන දන්නවා..
ඒ නිසා එයා කලබල වුනේ නෑ...

මට ඒ අතරෙ තමයි දැනගන්න ලැබුනෙ එයුන් hospital ඇවිත් කියලා...
සෝයුනුත් නැතුව එයුන් තනියම එන්න හේතුව මට හිතාගන්න පුලුවන් වුනා..
ඒ දවස් වල එයුන්, ටේ දෙන්න ලගින් හිටපු විදියට මට ඕන වුනා එයුන්ගෙන් ඒ උදව්ව ඉල්ලන්න...
ඒ වෙලාවෙ මගෙ ඔලුවට ආව එකම කෙනා එයුන්...
කරන්න පුලුවන් එකම දේ විදියට මතක්වුනේ ඒක..
මං වගේම හොඳින් ටේව බලාගන්න එයුන්ට පුලුවන් බව මං දැනන් හිටියා..
ඒ දෙන්න හිටපු විදියත් එක්ක ඕන කෙනෙක්ට ඒක තේරෙනවා නෙ..
මට දේවල් හරියට දැනගන්න කම්, පැහැදිලි කරගන්නකම් ටේව තියන්න තැනක් ඕන වුනා..
මං ගාවට ගන්න පුලුවන්කමක් තිබුන්නෑනෙ...

ඉතින් මං ටේ ගැන විස්තර කියලා එයුන්ගෙන් ඒ උදව්ව ඉල්ලුවා...
එයුන්ත් ඒකට කැමති වුනා...
අනිවාරෙන්ම එයුන් කැමති වෙන බව දැනන් හිටියා...

එයුන්ගෙ ඇස් ඉබේම හැරුනෙ සෝයුන් දිහාට...
ඇයි සෝයුන්ට කිව්වෙ එයාල මේවා කතා කරගත්තෙ phone එකෙන් කියලා නෙ...
ඒ වගේම සෝයුන් හිතන් ඉන්නෙ එදා එයුන් ගියේ ජන්කුක්ව හම්බෙන්න කියලා...
අනිත් අතට මේ හැමදෙයක්ම ආයෙ ආයෙත් මතක් කරන එක එයුන්ට වේදනාවක් වුනා...

"සමාවෙන්න සෝයුන් මායි, ඔප්පයි දෙන්නම ඔයාට බොරු කිව්ව අපි ඒ දේවල් phone එකෙන් කතා කරගත්තෙ කියලා..
ඇත්තටම නම් මං එදා ඔයා නැතුවත් hospital එකට ගියා ඔයාල හිතුවෙ ජන්කුක් හම්බෙන්න ගියා කියලා නෙ..
ඒත් ඒ ටේව බලන්න...
ඔප්පත් ඔයාට රෑ වැඩ කියලා බොරු කිව්වෙ ඇයි කියන්න මං දන්නෙ නැති වුනත් එයාට පොරොන්දු වුන විදියට මං ඔයාට මුකුත් නොකිය හිටියෙ ඔප්පා කවදාවත් වැරදි දෙයක් කරන්නෑ කියලා දන්න නිසා..."

එයුන් දේවල් පැහැදිලි කරා...
සෝයුන් නම් එයුන් සහ ජීන් දෙන්නම දිහා මරන්න වගෙ බැල්මක් දැම්ම...
ඒත් මුකුත් කියන්න නොගියෙ දැන් වෙන්න ඕන හැමදෙයක්ම වෙලා ඉවර නිසා...
දැන් නිකන් කාටවත් බැනල වැඩක් නෑ කියන එක සෝයුන්ට තේරුනා...
මේ අතරෙ ජන්කුක් බැලුවේ එ මොකක්ද ඒ තමනුත් ගෑවුන තමන් නොදන්න සීන් එක කියලා..

Jungkook: ඒ කවද්ද ඒ..

"අර එදා ඔයා මාව hospital එකේදි තනියම ඉන්නවා දැකල lift එකක් දුන්නෙ..එදා..."

එයුන් ජන්කුක්ට මතක් කරා...

"ආහ් හරි හරි..."
ජන්කුක් ඔලුව වනල ආයෙත් ජීන් දිහාට හැරුනෙ එයාගෙ කතාව බලාපොරොත්තුවෙන්...

"ටේව එයුන්ට බාරදීලා මං ආයෙත් ඒ ගැන හෙව්වා..
හෙව්වා කියන්නේ කලින් මං අනාත නිවාසෙට ගිය වෙලාවෙ ඒ sisterගෙන් දැනගත්තා ටේව එහෙට බාරදීලා තියෙන්නේ ඉපදිලා මාස 7න් වගෙ කියලා...
එයාගෙ අම්මම තමයි ඇවිත් ඒ පොඩි දරුවව බාරදීලා ගිහින් තියෙන්නේ එයාට ඒ ලමයව හදාගන්න බෑ කියලා...
මාස 7යි එතකොට..."

ජීන්ගෙ ඇස්වල කදුලු පිරුනා...
එයුන්ගෙ නම් දැන් ඇස්වල පිරෙන්න කදුලුත් නැති ගානයි...
ඒ මූණෙ කිසිම හැගීමක් නෑ...
තමන් ආදරේ කරන ඒ කොල්ලගෙ මේ වේදනාත්මක අතීතය මෙහෙම ඇහෙද්දි එයුන් ඇත්තටම මොකක්ද කරන්න ඕන..
අඩන්නද!? කෑගහන්නද...!?
කෙල්ලටවත් හිතාගන්න බෑ...

මට දැනගන්න ඕනවුනා ඒ ගැන ඒත් කොහොමද කියලා හිතාගන්න බැරිවුණා...
එකම විදිය අපේ තාත්තගෙන් අහන එක කියලා හිතුනා...
ඉතින් මං ඇහුවා...
අම්මයි, තාත්තයි දෙන්නම එකට ඉදපු වෙලාවක...
නිකන් නෙවෙයි DNA Report එකත් පෙන්නලම...

ඒ දෙන්නම shock වුනා මං හොඳටම දැක්කා...
ගොඩක් shock වුනා...
හරියට හංගන්න හදපු දෙයක් එලිවෙලා වගෙ...
මං දැනගන්නවට අකමැත්තෙන් හිටපු දෙයක්...
මගෙන් හංගන්න හදපු දෙයක්...
ඒ දෙන්නම මොනාහරිම දන්නවා කියලා මට තේරුනා...
අම්ම නම් මරන්න වගෙ තාත්තා දිහා බලන් හිටියෙ...
ඒත් තාත්තගෙ මුණෙ තිබුනෙ දුකක්, පසුතැවීමක් වගෙ දෙයක්...

ජීන් තමන්ගෙ අත් දෙක අතරෙ මූණ ඔබාගත්තා...
ඇත්තටම මේක කියන්න ඕනකමට කියන්න ආවට ඉකිගැසීම් පාලනය කරගන්න අමාරු බව ජීන්ට දැන් තේරුනා...
මේ මතක ආයෙ ආයෙත් අවුස්සන එක ජීන්ට අමාරු වුනා...

මං දැනන් හිටියා පොඩි කාලෙ ඉදන්ම..
අපේ අම්මගෙයි තාත්තගෙයි පවුල් ජීවිතය එච්චර සාර්ථක එකක් නෙවෙයි කියලා...
එයාල මගෙ ඉස්සරහ, රටේ ලෝකෙ ඉස්සරහ හොදින් ඉන්නවා වගෙ පෙන්නුවත් මං දැනන් හිටියා ඒ දෙන්නගෙ පෙන්නන තරම් එකමුතුකමක් නෑ කියලා...

ඒකට හේතුව අපේ අම්මගෙයි, තාත්තගෙයි marriage එක සම්පූර්ණයෙන්ම අපේ සීයලගෙ උවමනාවට, සල්ලි වලට, පවුල් දෙකේ නම්බුවට එයාලගෙ නම් වෙනුවෙන් කරපු දෙයක් කියලත් මං දැනන් හිටියා...
පොඩි කාලෙ ඉදන්ම මං ඒකත් දැනන් හිටියා...
ඒක arrange marriage එකක්...
ආදරය කියන දේ ගෑවිලාවත් නැති...
ඒත් ඒ දෙන්න පස්සෙ පස්සෙ හොදින් හිටියා.. ඒකනෙ මාවත් හම්බුනේ...

ඒත් මං එදා තාත්තා කියනකොටයි දන්නෙ තාත්තගෙ girlfriend තමයි ටේගෙ අම්මා...
ඒක තාත්තා ඉස්කෝලේ යන කාලෙ ඉදන්ම කරපු ආදරයක්...
තාත්තගෙ පලවෙනි ආදරේලු...
ටේගෙ අම්මා...Lee Yaerin...
එයා ගොඩක් අහිංසක වගේම දුප්පත් කෙල්ලෙක්...
තාත්තා එයාට ගොඩක් ආදරේ කරල තියෙනවා...

ඒත් මේ සීයලගෙ විකාර නිසා තාත්තට අකමැත්තෙන් වුනත් අම්මව බදින්න වෙලා...
සීයල ඒ කාලෙත් ටේගෙ අම්මව බය කරල අපේ තාත්තගෙන් ඈත්වෙන්න කියලා...
ඉතින් ටේගෙ අම්මත් හැමදේම ඉවසන් තාත්තා අපෙ අම්මව බැදල ලමයි හදන් සතුටින් ඉන්නවා බලන් ඉදල....

ඒත් අපේ තාත්තා ටේගෙ අම්මව හම්බෙන එක තාත්තා නවත්තල නෑ...
බැන්දට පස්සෙත් ඒ දෙන්න මුණගැහිල තියෙනවා නිතරම...
අපේ අම්මත් ඒක දැනන් ඉදල තියෙනවා...තාත්තව බදින්න කලින් ඉදලම අම්මත් දැනන් ඉදල...

එයත් මුලින් මුකුත් කියන්න ගිහින් නෑ...
මොකද එහෙම දැනුන ආදරයක් ලේසියෙන් අමතක කරන්න බැරි බව අම්මටත් තේරෙන්න ඇති...
අනික අම්මටත් මුලින් තාත්තා ගැන කිසි හැගීමක් තියෙන්න නැතුව ඇති...
ඒක අනිත් අයගෙ උවමනාවට හදිසියේ කරපු විවාහයක් නිසා...

බැදල, පහුවෙනකොට ඒක හරියයි කියලා අම්ම හිතල තියෙනවා...
ඉතින් එයාල හොදින් ඉදල මාවත් හම්බුනා නෙ...

ඊටපස්සෙ අපේ අම්ම හිතල තියෙන්නේ මාවත් හම්බුන එකේ දැන් තාත්තා ටේගෙ අම්මව හම්බෙන්නෙ නැතුව ඇති කියලා...
නෑ ඒක වැරදියි...
ඒ අවුරුදු ගානම තමන්ව පාලනය කරගත්තු තාත්තට එදා එයාගෙ හැගීම් පාලනය කරගන්න බැරිවෙලා තියෙනවා...
ඒ වෙනකනුත් ටේගෙ අම්ම කාවවත් බැදල නෑ...
එයා නිතරම කියලා තියෙනවා අපේ තාත්තට වගෙ කිසි කෙනෙක්ට එයාට ආදරෙ කරන්න බැරිවෙයි කියලා...
ඉතින් කොච්චර යෝජනා ආවත් එයා බැදල නෑ...

කොටින්ම එදා ටේගෙ අම්මගෙ virginity එකත් අපේ තාත්තයි අරන් තියෙන්නේ...
එච්චර අවුරුදු ගානක් යනකම් ටේගෙ අම්මා තමන්ගෙ ආදරෙ හිතේ තියාගෙන කිසි කෙනෙක්ට තමන්ව අල්ලන්න දීලවත් නෑ...
ලස්සන ආදරයක්...

මේසෙ උඩ තිබුන කෝපි එකෙන් උගුරක් බීපු ජීන් ආයෙත් කතා කරන්න ගත්තා...

තාත්තා ගොඩක් පසුතැවෙනව අදටත්...
වැඩක් තියෙනවද!?
හරිගස්සන්න බැරි වැරදි කරල පසුතැවිලා වැඩක් තියද...

ටේගෙ අම්මගෙ ඒ ආදරේ, ඒ කැපකිරීම වෙනුවෙන් අන්තිමට අපේ තාත්තා කරපු දේ තමයි ඔය...
ඒත් ටේගෙ අම්ම ඒක සතුටින් බාර අරන් තියෙනවා...ඒක කමන්නෑ කියලා තියෙනවා...එයා ආදරේ කරපු කෙනා අතින්ම එහෙම වුන එකට එයා සතුටු වෙලා තියෙනවා...
ඒත් ඒ වෙනකොට තාත්තා බැදල මාවත් හම්බෙලා...
වැරදි ගොඩයි...

අවුරුදු ගානක් ඉවසපු තාත්තට ඇයි බැරිවුනේ එදා තමන්ව පාලනය කරගන්න...
ඒ විනාඩි ගානක පොඩි වැරැද්ද නිසා අද ජීවිත කීයක් දුකේද...
එක අතකින් අපේ අම්ම, තාත්තා, මම, ඔක්කොටොම වඩා අර අහිංසකයා...
අම්මා, තාත්තා කවුද කියලවත් දන්නෙ නැතුව මෙච්චර කාලයක් දුක්වින්දා....
ශිට්...

ජීන් අඩන්න ගත්තා...
සෝයුන් ඉක්මනට ජන්කුක් ඉන්න තැනට එද්දි ජන්කුක් නැගිටල සෝයුන් හිටපු තැනින් වාඩිවුනා...
මේ වෙලාවෙ ජීන්ට තමන්ව හොඳටම අවශ්‍ය බව තේරුන සෝයුන් ජීන්ව තමන්ගෙ උරහිසට වාරුකරගත්තා...

ඊටපස්සෙ ටේගෙ අම්ම pregnant වෙලා...
එයාට කවුරුත් ඉදල නෑ...
තනියම ටේව හදාගන්න පුලුවන් තත්වයක් තිබිලත් නෑ...

ඒ නිසා තාත්තට කිව්වම ටේව හම්බෙනකම් තාත්තා ටේගෙ අම්මව බලාගෙන තියෙනවා...
ඒක තාත්තා අනිවාරෙන්ම කරන්න ඕන දෙයක්...
තාත්තගෙත් අයිතියක්, තමන්ගෙ ලෙයින් දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනගන්න එක...
ටේගෙ අම්ම කරන්නම දෙයක් නැතිකමට තාත්තට කියලා තියෙනවා එයා pregnant බව....

කොටින්ම ටේගෙ birth certificate එකට කිම් කියන surname එකත් අපේ තාත්තා දීලා තියෙනවා...
ඒක ටේගෙ අයිතියක්...
ටේව හම්බුනාට පස්සෙ අපේ සීයලා, වගේම අම්මත් මේ ගැන දැනගෙන...
අම්ම නම් අඩනව ඇරෙන්න මුකුත් කරල නෑ...
ඒත් සීයලා කොහොම හරි ටේගෙ අම්මව හොයන් එයාව බය කරල...
එයාටයි, ලමයටයි ඉන්න දෙන්නෑ කියලා...වගේම ඒ ගැන අපේ තාත්තට කියන්නත් එපා කියලා...

ටේගෙ අම්ම ගොඩක් අහිංසකයිලු..
ඒ වගේම ගොඩක් ලස්සනයිලු...
තාත්තගෙ ඇස් අදටත් දිලිසෙනවා ටේගෙ ඔම්ම ගැන කතා කරද්දි...
මං ඒක එදා හොඳටම දැක්කා...
හරියට ටේ වගේම, සමහරවිට එයාට ඔය ගතිගුණ වගේම රූපෙත් එන්න ඇත්තෙ එයාගෙ අම්මගෙන්...

ඉතින් එයා අර මාස ගානක පොඩි දරුවත් එක්ක ගොඩක් අසරණ වෙලා තියෙනවා...
එයත් ටේ වගේම හිත ශක්තිමත් කෙනෙක් නෙවෙයි...
පොඩි කාලෙ ඉදන්ම හරි අහිංසක පරිසරයක හැදුන කෙනෙක්...
ඉතින් එයාගෙ අම්මට ඒ pressure එක දරාගන්න බැරිවෙලා...ගොඩක් දුර්වල වෙලා..
ටේටත් ඔය දේවල් ජාන වලින් ආවා වෙන්නත් පුලුවන්...
එයත් ඒ වගේ නෙ...
අනිත් එක ටේ හම්බෙන්න ඉද්දිත් මොනව වුනත් ටේගෙ අම්ම හිත කලබලෙන් නෙ ඉන්න ඇත්තෙ...
බඩේ හිටියත් ඒ දේවල් බලපානවා

ටේ ගැන දැනගත්තට පස්සෙ තාත්තටත් මෙහෙන් සීයල කේස් දාල නිසා ටේගෙ අම්ම ගැන බලන්න යන්නවත් බැරිවෙලා...
ඉතින් ටේගෙ අම්ම හරි අසරණ වෙලා...
අන්තිමට බැරිම තැන තමයි ඇවිත් ටේව ඔය අනාත නිවාසෙට බාරදීලා තියෙන්නේ......

ඊටපස්සෙ ටේගෙ අම්මා suicide කරන්...💔
ඒ වෙනකොටත් එයා depression රෝගියෙක් කියලා මරණ පරීක්ෂක කියලා තියෙනවා...

සෝයුන් හිමින් හිමින් ජීන්ගෙ ඔලුව අත්ගාන්න ගත්තා...
ඇත්තටම ජීන්ගෙ වේදනාව තරම් නොවුනත් හැමෝටම මේ වෙනකොට ඇඩෙන්න ඇවිත් තිබුනා...
එයුන්ට මේ හැමදේම හීනයක් වුනා නම් හොඳයි කියලා හිතුනා...
ඇයි දෙයියනේ ඒ කොල්ලටම මෙච්චර දුකක්, අසරණකමක්....

ඔන්න ඕකයි වෙලා තියෙන්නේ...
එදා තාත්තා මට හැමදේම කිව්ව අම්මගෙ රැවුම් ගෙරවිලි මැද්දෙම...
එයාට හිතෙන්න ඇති මං ඒ දේවල් දැනගන්න ඕන කියලා....

ඇත්තටම මට දුකයි, තරහයි...
අපේ තාත්තා වගේම හැමෝම ගැන...
ටේ තමයි මේ හැමදේකින්ම ඉපදුන දවසෙ ඉදන්ම දුක්වින්දෙ...
සමහරවිට අම්මගෙ බඩේ ඉන්න කාලෙ ඉදන්ම...
ඒ කොල්ලට ඔහොම වුනෙත් ඒ සංකුලතා නිසා වෙන්නැති...

තවත් එයාට එහෙම දුක්විදින්න නොදී මට වගේම එයාටත් ලැබෙන්න ඕන උරුමය මට දෙන්න ඕනවුනා...
කිසි සහෝදරයෙක් නැතුව මං විදපු පාලුව මං හොඳටම දන්නවා...
ඉතින් මං සතුටු වුනා දැන් මට සහෝදරයෙක් ඉන්න නිසා...
මට තේරුනා ඇයි අම්මල ආයෙත් මට සහෝදරයෙක් ගේන්නත් උත්සාහ නොකරෙ කියලා...

අනිත් එක ටේ හිටපු තත්වෙත් එක්ක මට එයාව අපෙ ලගට ගන්න ඕනවුනා...
මං එයා දැන් ඉන්න තත්වෙ වගේම මං එයාව හොයාගත්ත විදිය හැමදෙයක්ම අම්මටයි, තාත්තටයි කියලා එයාව ගෙදර ගේන්න හැදුවේ...

ඒත් මට ලැබුනෙ අම්මගෙන් හොඳ කම්මුල් පාරක් එක්ක බැනුම් ගොඩක්..

හරියටම ඒ එදා....
එයුන්ව අසනීප වෙලා hospital එක්කන් ගිය දවස..
හැමෝම හෙව්වනෙ කෝ ජීන් කියලා...
ඉතින් ඕක තමයි ජීන්ට වුනේ...

(A/N: හරියටම ඒ chapter එක කියෙව්වොත් ඒ දීලා තියෙන හින්ට්ස් වලින් තේරෙයි...)

සෝයුන් දිගටම ජීන්ගෙ ඔලුව අතගාන ගමන් දිග හුස්මක් හෙලුවා...
ජන්කුක් බලන් හිටියෙ තමන්ගෙ එහා පැත්තෙ වාඩිවෙලා ඉන්න එයුන් දිහා...
ඒත් කෙල්ල කරේ ඔහේ ජීන් දිහා බලන් හිටපු එක....
ජීන්ගෙ හිතට දැන් නිදහසක් දැනුනා..
ගොඩ කාලෙක ඉදන් තමන් කියන්න ඕන දෙයක් විදියට මේක ජීන්ගෙ හිතට වද දුන්නා...
දැන් එයා නිදහස් වුනාට අනිත් අයගෙ තිබුන නිදහසත් නැතිවුණා වගේ...
විශේෂයෙන්ම එයුන්ගෙ....

" කොහොමද කිම් ආන්ටියි, අංකලුයි එහෙම කරේ...
මං නම් එයාල එහෙම කරයි කියලා හිතුවෙ නෑ..."
එ දිගු කතාවට පස්සෙ එයුන්ගෙන් පිටවුන පලවෙනි දේ වුනේ ඕක...
ටේ ගැන හැමදේම මේ විදියට දැනගත්තට පස්සෙ කෙල්ලගෙ තත්වය තවත් නරක අතට පත්වුනා...
කෑගහල අඩන්න ඕනවුනා...
ලග හිටිය නම් ටේව තුරුල් කරන් කවුරු නැතත් මං ඉන්නවා කියලා සිපගන්න ඕනවුනා....
ඒත් දැන් කිසිදේකට හිතක් කෙල්ලට නෑ...

ඔයාට විතරක් නෙවෙයි එයුන්, මටවත් මගෙ අම්මයි තාත්තයි ගැන හිතාගන්න බෑ...
ඇත්තටම කිව්වොත් තාත්තා නම් මුකුත්ම කිව්වෙ නෑ...අද වෙනකම්වත්...
ඒත් එයාට අම්මට පිටුපාන්නත් බෑ...
තේරෙනවා නෙ...
ජීන් අමාරුවෙන් එයුන් දිහා බලල එහෙම කිව්ව...
ඇත්තටම ජීන්ටත් මේකට මූණදෙන්න හරි අමාරුයි...
තමන්ගෙ තාත්තගෙ වැරදි තමන්ගෙ කටින්ම පිටවෙන එක...

"ජීන්, අම්මට වෛර කරන්නෙපා...එයත් ගෑනියෙක් නෙ..
මොන ගෑනිද කැමති තමන්ගෙ මහත්තයගෙ වුනත් වෙන ගෑනුන්ගෙ ලමයි ගේනවට...
එයාට ටිකක් දේවල් තේරුම් ගන්න කාලය දෙමු.."
සෝයුන් හැමවෙලාවකම වගෙ ජීන්‍ට ලගින්ම ඉදන් හයියක් වෙලා හරි දේ තේරුම් කරා...
කොහොමත් දෙයක් වුනාම ඒකට මූණ දීපු කෙනාට හැමදෙයක්ම දිහා හොඳට හිතල බලල දේවල් තේරුම් කරවන්න පුලුවන් කෙනෙක් ඉන්න ඕන...
සෝයුන් නිතරම වගේ හැමෝගෙම ප්‍රශ්න වලදි ඒ භූමිකාව නම් කරනව...
ජීන් කොච්චර මොලෙ තියෙන මනුස්සයෙක් වුනත් මේ කාරනාවෙදි එයාගෙ තත්වය කොච්චර දුර්වලද කියලා හැමෝටම හොදින්ම තේරුනා...

"මාත් මේ ඒක තමයි කරන්නේ සෝයුන්...
එයාලට ටේව පිලිගන්න පුලුවන් තත්වෙට ටේ පත්කරනව...
ටේව reject කරන්න බැරිවෙන්න ටේ ශක්තිමත් කරන්න ඕන...හැමාතින්ම..
අම්මටත් තව ටිකක් කල් දෙනව එයාගෙ හිත හදාගන්න...

ඒත් මට තියන දුක ටේ අර තත්වෙ ඉදලත් එයාට උදව් කරන්න මට බැරිවුන එක...
එයාගෙම අයියා වෙලත්...
ජීන්වත් දන්නෑ එයාගෙ කම්මුල් දිගේ කදුලු බේරෙනවා...

සෝයුන්: ඒ ගැන හිතන්නෙපා...ඔයා තරම්ම හොදින් ටේව එයුන් බලාගත්තනෙ....

"නෑ සෝයුන් අර ඔයා කියන්න වගේ මං මුල ඉදන්ම ආත්මාර්ථකාමී වුනා...
දැන් බලන්න ඒ නිසා එයුන් විදවන හැටි..."
සෝයුන් ජීන්ව නිවැරැදි බව පෙන්නන්න උත්සාහ කරත් ජීන් දන්නවා තමන් වැරදි බව...
ඒ වගේම දැන් ඒ වැරදි හරිගස්සන්න ක්‍රමයකුත් නැති බව...

"ඔප්පා, ඒ දේවල් එහෙම නම් කෝ දැන් ටේ...
එයාව අරන් ගියෙ ඔයා කියන එක පැහැදිලියි නෙ.."
අන්තිමේදි එයුන් ඇහුවා...
මොනව, කොහොම සිද්ධවුනත් කෙල්ලට ඕන ටේ ගැන දැනගන්න විතරමයි...

මං ඔයා අහපු හැම ප්‍රශ්නෙටම උත්තර දුන්නා එයුන්..
ඒත් මේ ප්‍රශ්නෙටම මගෙන් උත්තරයක් බලාපොරොත්තු වෙන්නෙපා...
ඒක කිව්වොත් මං මෙච්චර දේවල් කරපු එකත් වැඩක් නැතිවෙනව...

හොඳට මතක තියාගන්න මේ හැමදේම කරේ ඔයාල දෙන්නගෙම හොඳට.....
ජීන් එයුන්ගෙ ඇස් දිහාම බලන් කිව්ව...

ඔප්පා ඔයාට මතකද එදා ඔයා මගෙන් ටේව බලාගන්න කියලා ඉල්ලපු දවසෙ ටේව බලාගන්න එක වෙනුවෙන් මට මොනවද ඕන කියලා ඇහුවා...
මං ඉල්ලන ඕනම දෙයක් දෙන්න ඔයා පොරොන්දු වුනා...
(A/N: මතකද මන්දා ඒක...🙂
අමතක නම් පොඩ්ඩක් බලන්න ආයෙ)

එයුන් කියන්න හදන දේ ඉවෙන් වගේ තේරුනත් ජීන්ට ඒක මතක් වුන හින්දා ජීන් ඔව් කියන්න ඔලුව වැනුවා...

හොදයි, මට ටේව ඕන...
එයාව මට ගෙනත් දෙන්න..
මෙච්චර කල් මං එයාව බලාගත්ත නිසා මට මෙහෙම ඉල්ලන්න අයිතියක් තියෙනවා...
එයුන් කියලා දැම්මෙ නිකන් හරියට පොඩි ලමයෙක් තමන් ආස සෙල්ලම් බඩුවක් ගෙනත් දෙන්න ඉල්ලනව වගෙ සැහැල්ලුවට...
ඔව් ජීන් පොරොන්දු වුනා තමයි ටේව බලාගන්න එක වෙනුවෙන් එයුන් ඉල්ලන ඕනම දෙයක් දෙනව කියලා...
නමුත් දේවල් මේ විදියට සිද්ධවෙයි කියලා කවුද දැනන් හිටියෙ..
අනික කෙල්ල ටේව ඉල්ලයි කියලා කව්ද හිතුවෙ...

විශේෂයෙන්ම ජීන් එදා එහෙම දෙයක් කිව්වෙ කවදාවත් එයුන් දෙන්න බැරි දේවල් ඉල්ලන්නෙ නැති බව හොදින්ම දන්න නිසා...
ඒත් අද...

"එයුන් කටවහගන්න...
එකපාරක් කිව්වම තේරුම් ගන්න...ඔයාට මෙච්චර දවස් අපි කිව්වනෙ කට කැඩෙනකම්...

කාටත් වඩා ජීන්ට ටේ ගැන තීරණ ගන්න අයිතියක් තියෙනවා...
එයාට ඕන දෙයක් ටේට කරන්න පුලුවන්...
ඒ නිසා දැන්වත් ඔය විකාරෙ නවත්තන්න...

සෝයුන් කතා කලා...
හොඳම යාලුවා විදියට සෝයුන් දන්නවා එයුන්ට මේ වචනයක් ගානෙ කොච්චර රිදෙනවද කියලා...
සෝයුන්ටත් ඒ හා සමානවම රිදුනා...
නමුත් ඇත්ත පිලිගන්න ඕන...
එයුන්ට ඒ ඇත්ත තේරුම් කරන්න ඕන...
මේ එයුන්ගෙ විදවිමේ ඉවරයක් දකින්න ඕන...
ඒ නිසාමයි හිතකින් නොවුනත් සෝයුන් එහෙම කිව්වෙ...
එයුන්ගෙ ඇස්වල කදුලු පිරෙන දිහා හැමෝම බලන් හිටියා...
ජන්කුක් හිමින් හිමින් කෙල්ලට ලංවුනේ කෙල්ලව සනසන්න හිතන් හැමවෙලාවෙම වගේ...

එයුන්ටත් මේ හැමදෙයක්ම තේරෙනවා නමුත් කෙල්ල බලන්නෙ අන්තිම වෙනකම් ටේ වෙනුවෙන් සටන් කරන්න...
අඩුම ගානෙ ටේ ඉන්න තැනක් හරි දැනගන්න...

සෝයුන් කියන දේ හරි එයුන්, බයවෙන්න දෙයක් නෑ ඔයා ගාව හිටියා වගේම ටේ දැන් හොදින් ආරක්ෂිතව ඉන්නවා කියලා ජීන් හියුන්ට පොරොන්දු වෙන්න පුලුවන්...
කවදාවත් ටේට වරදක් වෙන්න එයා ඉඩ තියන්නෑනෙ..
ඔයා වගේම තමයි...
ඉතින් ඔයාට ඕනත් ඒකම නෙවෙයිද...
කොහේ හරි ටේ සතුටින්, ආරක්ෂිතව ඉන්නවා දකින එක නෙවෙයිද ඔයාට ඕන...

ජන්කුක් කතා කරා...
ජීනුත් ඒකට එකගවෙන්න වගෙ ඔලුව වැනුවා...
කාටත් වඩා එයුන්ගෙ පැත්තෙන් මේ ප්‍රශ්නෙ දිහා බැලුවේ ජන්කුක්...
මොකද කෙල්ලගෙ සනීපය තමයි වැදගත්...
ඒකයි තමන් අකමැත්තෙන් වුනත් ඒ දේවල් එහෙම කිව්වෙ...
අනිත් අතට ජන්කුක් කිව්ව වගේම එයුන්ට ඕන වුනෙත් කොහෙහරි ටේ සතුටින් ඉන්නවා බලන්න තමයි...

ඒත් එතකොට කෝ කෙල්ලගෙ සතුට.....!?

ඒක නෙවෙයි ජන්කුක් කොහොමද මේ ගැන දැනගත්තෙ...

තිබුන නිහඩබව බිදල, එයුන්ට එහෙම කතා කරාට වරදකාරී බවක් දැනෙද්දි සෝයුන් එහෙම ඇහුවා...
ඉන් පස්සෙ ජන්කුකත් එයා දේවල් හොයාගත්ත විදිය හැමදේම කිව්වා...

සෝයුන් ඇත්තටම ඔයා මොකද මං මේ කිව්ව කිසිදෙයක් ගැන පුදුම නොවුනෙ...
ප්‍රශ්න නොකරෙ...
මං ඔයාගෙන් මීට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් හැසිරීමක් බලාපොරොත්තු වුනේ...

යන්තම් වටපිටාව ගැන සිහියකට ආව ජීන් සෝයුන්ගෙන් ඇහුවා...
ඉන් පස්සෙ සෝයුන් අකමැත්තෙන් වුනත් එදා හොරෙන් ජීන්ගෙත් ජන්කුක්ගෙත් කතාව අහන් හිටපු හැටිත්, ජන්කුක් ජීන්ගෙ ලාච්චු අවුස්සල අර DNA report එක හොයාගත් හැටි හැමදෙයක්ම තමන් අහන් හිටපු බව සෝයුන් කිව්වා....

මේ දේවල් මේ විදියට එකින් එක එලියට එද්දි කොච්චර වේදනාකාරී වුනත් හැමෝටම ඇත්ත දැනගන්න ඕනවුනා...
ඇත්තට මූණදෙන්න සිද්ධ වුනා...
නමුත් එයුන්ට ඒක ගොඩක් අමාරු වුනා...
කෙල්ලට මේවා ඇත්තටම දරාගන්න අමාරුයි...
අඩන්න ඔන්න මෙන්න සුදුමැලි මූනකින් කිසි හැගීමක් නැතුව ඉන්න එයුන් දිහා
ජන්කුක් හොදින් බලන් හිටියා....
කෙල්ල ඉන්න තත්වෙත් එක්ක ජන්කුක් නිතරම කෙල්ල ගැන හොඳ අවදානෙකින් හිටියා....

එයුන්ගෙ ඇස් හිමින් හිමින් එයුන්ටත් නොදැනිම විඩාබරව පියවෙද්දි ජන්කුක් පැනලා කෙල්ලව තමන්ගෙ තුරුලට ගත්තෙ අනිත් දෙන්න මොකක් වෙනවද හිතාගන්න බැරුව බලන් ඉද්දි....

______________________

කට්ටිය ඒ විදියට තවත් ප්‍රශ්න ගොඩක පැටලෙද්දි, හැම ප්‍රශ්නයක්ම විසදෙයි කියලා හිතන් කිම් ටේහ්‍යුන් ඇමෙරිකාවට ගොඩ බැස්සා....

ජිමින් කිව්ව විදියටම යුන්ගිගෙ උදව් ඇතුව ඉන්න තැන වගේම අනිත් දේවලුත් සෙට්ල් කරගත්ත ටේහ්‍යුන්

ඒ New York අහස යට තමන්ගෙ ජීවිතේ මගෑරුන තැනින් පටන් ගන්න හදනවා....

___________________________

හායි 🙂

වචන 4405 🙂👍
ඒ නිසා update පරක්කුයි කියලා බනින්න ඔට්ටු නෑ ඔන්න...🌝

මං සුට්ටක් කතා කරන්නත !?

කතාව පැහැදිලියි නේ...
කතාව ගැන ප්‍රශ්න තියෙනව නම් අහන්න...

ලීස්මින් දෙන්නව සැට් කරා...ඒක එහෙම ගලන් යයි...

එතකොට ජීන්, ටේ ඒකත් පැහැදිලියි නෙ දැන්...
ටේ කියන්නේ කාත් කවුරුත් නැති කෙනෙක් නෙවෙයි දැන්...
මුල ඉදන්ම ඒ ගැන හින්ට් දුන්න මං..
ඉතින් එකපාරටම කඩන් වැටුන වගෙ දැනෙන්නෙ නැතිවෙයි කියලා හිතනවා...

අර පාට්ස් මතක නැත්තං කලින් chapters බලන්න ඉතින්...🙂

ඔය සීන් එක flashback එකක් විදියට හරි, නිකන් හරි කියන්නේ නැතුව ජීන්ම කියන විදියට දැම්මෙ මොකද ඒක තමයි හරිම විදිය කියලා හිතුන නිසා...
හැමදේම ජීන් කියනකම් කට්ටිය බලන් හිටියනෙ...
ජීන්ගෙන් උත්තර බලාපොරොත්තු වුනා...
ඒකයි ඔතන සම්පූර්ණයෙන්ම ජීන් කියන එකක් විදියට දැම්මෙ...

Vmin යාලුකම පැහැදිලියි නෙ...

ජන්කුක් ගැනත් හරිනෙ...
එයාගෙ හැගීම් ගැන මං කියන්නේ...
එයාට ඕන්නෑ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කෙනෙක් වෙන්න....
ආදරේ නිසා කෙල්ලට උදව් කරනවා...

ජීන්,සෝයුන් ඒ කපල අවුලක් නෑ...

යුන්ටේ දෙන්න ගැන බලමු...🙂

මෙතනට එනකම් කතාව පැහැදිලියි නෙ...
ප්‍රශ්න තියෙනවා නම් අහන්න...

ඒකයි කියන්න ඕනවුනෙ...😊

හරි තැම්කූ...
අදහස් කියන්න...
පරිස්සමින් ඉන්න හැමෝම...

බායි 👋

Saranghaee 😘❤️

Continue Reading

You'll Also Like

87.5K 11.5K 42
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]
634 139 5
ගොම්මන් යාමේ වැටෙන සද දණිස් පොල් කටුදෙකේ ඔලිව් තෙල් ටිකක් අතුල්ලන කළ මට සිහියට නැගුන අංජබිරිස් කතාංගයකි 😗😶🤪 START -2022.7.1 END -2022.7.13
9.6K 2.3K 21
-" පැක් එකෙනුත් ප්‍රතික්ෂේප උන තමුන් වගේ මුරන්ඩු බේටා කෙනෙක් මම මගේ මේට් විදියට බාරගනීවි කියලා හිතනවද ?!! " -" තමුන් වගේ අහංකාර බකපණ්ඩිත හෙඩ් ඇල්ෆලා...
31.9K 5K 35
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...