||DEAR_MAFIA||Completed

Da Euphoria091

10.1K 2.3K 407

A broken heart is all that's left I'm still fixing all the cracks Lost a couple of pieces when I carried it... Altro

PROLOGUE
Chapter 1
Chapter 2
chapter 3
Chapter 4
chapter 5
chapter 6
chapter 7
Chapter 8
chapter 9
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 27
Chapter 28
Chapter 29
EPILOGUE

chapter 26

258 70 13
Da Euphoria091

:Yoongi pov:

2022/02/04
යුන්ගියා.....තරහද මන් එක්ක හ්ම් තරහ උනත් ඒකට මට ඔයාට වැරදි කියන්න බෑ මොකද වැරැද්ද මගේනේ.......මන් අද තමයි දැනගත්තේ කේන් ජීවත් වෙනවා කියලා ඒත් මට සතුටු හිතුනේ නෑ යුන්ගියා කේන්ව දකිද්දී මට මගේ ඇස්දෙක ඉස්සරහ මැවී මැවී පෙනුනේ ඔයාගේ රූපේ....මන් හිතන්නේ මන් ඔයාට ආදරේ කරන්න පටන් අරන්....ඔයා අහයි මගෙන් ආදරේ කරන්න පටන් ගත්ත නම් ඔයාව රැවැට්ටුවේ ඇයි කියලා.....
මන් ඔයා ගාවට ආවේ ඔයාව මරන්න හිතාගෙන ඒත් මට හිතුනා ඔයාට ඊට වඩා දුකක් දෙන්න....එදා ඔයා ඇමරිකා යන්න කලින් දවසේ මගේ සොහොන ගාවට ඇවිත් අඩද්දී ඒ දිහා මන් බලන් හිටියා එතකොට මට ඇඩුනා ඒත් මන් හිතුවේ ඒ මට බේබිව මතක් උන නිසා කියලා ම්හ් ඒක වැරදියි මට ඔයාගේ කදුලු දැකලයි ඇඩුනේ....දැන් ඔයා ගාවට ඇවිත් මට සමාව ඉල්ලන්න ඕන මැනික ඒත් මන් පව්කාරයෙක්.....කොහොමද ඔයාගේ ඉස්සරහට එන්නේ මට ඕන ඔයාව කේන්ගෙන් ආරක්ෂා කරන්න විතරයි.....ඔයා මාව අමතක කරලා ජීවත් වෙන විදිය මට නැති කරන්න ඕන නෑ හැමදාමත් මන් ලෝරා විදියට ඔයාගේ පිටිපස්සෙන් ඉන්නම්......

2022/02/05
දන්නවද යුන්ගියා මන් හිතුවේ ජේවොන් මාව රැවැට්ටුවා කියලා...ඒත් එයා කරලා තියෙන්නේ කේන්ගේ පැත්තේ ඉදන් මට උදව් කරන එක....එයා මට අද උදේ කෝල් කරා කේන්ගේ හැමදෙයක් ගැනම මට කියන්නම් කියුවා...ඊට පස්සේ මන් ටේට කතා කරා මට ඔයාව ලග ඉදන් ආරක්ෂා කරන්න කෙනෙක් ඕන උන නිසා...අපි හම්බුනා....

-"මෙලී තමුසේ ජීවත් වෙනවා"
ටේ පුදුමෙන් මගෙන් ඇහුවේ...ඔව් එයා පුදුම වෙන්න ඕනනේ....

-"කේන් ඇඩම්සන් ජීවත් වෙනවා ටේහ්යොන්"

-"කේන් ඇඩම්සන්"

-"හ්ම් ඔව් තාමත් ජීවත් වෙනවා ඇයි පුදුමද.....ඉස්සෙල්ලා වාඩිවෙන්නකෝ ටේහ්යොන් ඊට පස්සේ අපි කතා කරමු..."
ටේ ටිකක් වෙලා මන් දිහා බලන් ඉදලා ඉදගත්තා....

-"තමුසේ කේන්ගේ කෙල්ල නේද මෙලී...මන් ඒකයි කියුවේ මට තමුසෙව දැකලා පුරුදුයි කියලා එදා පාක් එකේදී මන් දැක්කා තමුසේ පාර පයිනවා ඒත් මට ශුවර් එකක් තිබුනේ නෑ ඒ තමුසෙමයි කියලා"

-"ඒක වැඩක් නෑ මෙලී...ඇයි කුකී ජීමින් ඉද්දී මාවම තෝරගත්තේ"
ටේ නිශ්ශබ්දතාවය බිදලා අහද්දී මන් හීනාවෙලා එයාට කියුවා මන් තෝරගත්ත හරිම දේ ඔයා කියලා....

එයා මට උදව් කරන්න කැමති උනා යුන්ගි....මට පලවෙනි වතාවට නූනා කියලත් එයා කතා කරා....

2022/02/06
ඊයේ මන් බියුවේ මැරෙන්න කියලා හිතාගෙන..ඔයාව බේරගන්න ඕන උනත් ඒක කරන්න පුලුවන් කියලා මට විශ්වාසයක් තිබුනේ නෑ....මන් අත කපාගත්තා යුන්ගියා...ඒත් අප්පා මාව බේරගෙන තිබුනා.....ඔයා ගැන කල්පනා කර කර ඉද්දී තමා ජේවොන් මට කතා කරලා කියුවේ ඔයාගේ කා එකට කේන් බෝම්බ තිබ්බා කියලා...මන් ඒවෙලාවෙම ටේට කතා කරාම එයා මොනාහරි කරන්නම් කියුවම මට සතුටු හිතුනත් ඔයා හොදින් කියන පණිවිඩේ ලැබෙනකන් මන් හිටියේ දීයෙන් ගොඩගත්ත මාළුවෙක් වගේ.....පැයකට විතර පස්සේ ටේ මට කෝල් කරලා කියුවා ඔයා හොදින් කියලා.....ඒක මට ඇති යුන්ගියා මට ඔයාව බේරගන්න පුලූවන් උනා.....

2022/02/07
මට සමාවෙන්න යූන්ගියා...ටාටුලට,ක්ලබ් එකට උන දේට මට සමාවෙන්න...ජේවොන්වත් මේ කිසිදෙයක් දන්නේ නෑ හැමදේම ඉවර උනාට පස්සෙයි එයා මට කියුවේ.....ඔයායි කේනුයි අද හැමදෙයක්ම ඉවර කරනවලු යුන්ගියා....මන් අදත් පුලුවන් විදියට ඔයාව ආරක්ෂා කරන්නම්.....
Dear mafia,
ඔයා තමයි මගේ ආදරණීය මාෆියාව....මේ පොත ඔයා ගාව කියන්නේ අනිවාරෙන් මන් ඔයාගේ ඉස්සරහට එන්න ඇති මැනික....මට සමාව දෙන්න එපා...සතිදෙකක් ඔයාට ඇවිදින්න බැරි කරාට,කිසිම අනුකම්පාවක් නැතුව ඔයාට පිහියකින් ඇන්නට,කවදාවත්ම අඩපු නැති ඔයාව මන් ඇඩෙව්වට මට සමාවක් දෙන්න එපා යුන්ගියා.....ලන්උනේ මන් බොරුවට වෙන්න ඇති ඒත් මන් ඔයාට ඇත්තටම ආදරෙයි යුන්ගි....මන් දැන් යනවා කේන් ඔයාට එන්න කියුව තැනට.....සමහරවීට ටේ දැනටමත් ගිහින් ඇති එතනට...අද මොන දේ උනත් සතුටින් ඉන්න මැනික...

-"ම්..මෙලී.."
පොත කියවලා ඉවර වෙද්දී මන් ඉකිගහලා ඇඩුවා....
මන් ටේවත් අවිශ්වාස කරා...
කා කී එකත් අරගෙන මන් දිව්වා කා එක ලගට....
විනාඩි දහයකට පස්සේ හොස්පිට්ල් එකට ආව මම කා එක ස්ටාට් එකේ තියෙද්දීම කා එකෙන් පැනලා දිව්වේ operation theater එකට....

-" හ්යොන්..."
හොබී මගේ ඉස්සරහට දුවගෙන එද්දී මන් එයාවත් ගනන් නොගෙනම දිව්වේ ටේ ලගට.....

-"මිආනේ ටේහ්යොනා.."
මන් ටේව බදාගෙන අඩද්දී කොල්ලාත් මාව ආපස්සට බදාගත්තේ අඩන ගමන්......

-"නූනා පව් හ්යොන්.....එයා ජීවත් වෙයි නේද.."
කුකීත් මාව බදාගද්දී ඒ ප්‍රශ්නෙට උත්තරයක් මන් දැනගෙන හිටියේ නෑ.....

-"කුකී ටාටුලව මරපු කෙනා බංකරේ ඇති.....ඔයා ගිහින් කැමති දෙයක් කරන්න"

-"නූනා ගැන ආරන්චියක් ආවම යන්නම් හ්යොන්..."
මන් ඔලුව වනලා බිත්තිය ලගින්ම වාඩි උනේ මෙලී ගැන හිතන ගමන්.......
පැය දෙකක් ගතවෙද්දී මන් බලන් හිටියේ ඩොක්ටර් එනකන්....
තිබුන හදිසියට සපත්තු දෙකවත් මන් දාගෙන හිටියේ නෑ...

-"ඇතුලේ ඉන්න පේශන්ට්ගේ පවුලේ අය කව්ද"
ඩොක්ටර්ගේ මූණේ ඒ තරම් හොදක් පේන්න නොතිබුනත් මන් ගිහින් කතා කරා.....

-"මන් එයාගේ හස්බන්ඩ් ඩොක්ටර්"

-"පේශන්ට් හොදින් ඉන්නවා...ඒත් එයාට එයාගේ මතකේ නැතිවෙයි හැමදේම නෙමේ එයා පීඩනයකින් හිටපු දේවල් අමතක වෙයි.."
ඩොක්ටර් මගේ පිටට තට්ටුවක් දාලා ගියේ නෝමල් රූම් එකට දැම්මට පස්සේ මෙලීව බලන්න යන්න පුලුවන් කියලා.......

-"ජීන් හ්යොන් මගේ ගෙදරට යන්න මෙයාලත් එක්ක....මෙලීව මන් අද එක්ක එනවා ගෙදරට"

-"හ්යොන් මන් ඉන්නද"
ජීමින් අහද්දී මන් ඔලුව වැනුවේ එයාට ඉන්න කියලා....මාව තනිකරලා යන්න අකමැතියි කියුවත් මන් එයාලව යැව්වා තවත් මන් වෙනුවෙන් දුක් විදින්න ඕන නෑ මගේ හ්යොන්වත් මල්ලිලවත්......

-"Mr.Min පේශන්ට්ව බලන්න පුලුවන්"
නර්ස් කෙනෙක් ඇවිත් කියද්දී මන් ජීමින්ගේ පිටටත් තට්ටුවක් දාලා ගියේ රූම් එකට......
මගේ කකුල් වෙව්ලනවා....
මට ඇතුලට යන්න බෑ වගේ හිතුනත් මන් ඇතුලට ගියේ මන් මේ තරම් කාලයක් බලන් හිටපු මගේ ආදරේ බලන්න....

-"ප්‍රින්සස්..."
මන් ඇද ලගට පුටුවක් ඇදලා අරන් ඉදගත්තේ මෙලීගේ අත මගේ අත් අතර රදවගන්න ගමන්....

-"කොයිතරම් කාලයක් මන් බලන් හිටියද ප්‍රින්සස් ආයෙමත් ඔයාගේ අත් දෙකෙන් අල්ලගන්න.....මන් හිතුවේ ඔයා මාව සදහටම දාලා ගියා කියලා...ප්‍රින්සස් ඇස් අරින්නකෝ අපිට කතා කරන්න දේවල් ගොඩම ගොඩක් තියෙනවා.....ප්‍රින්සස්... "

-"යුන්ගියා!!"
මෙලීගේ ඇගිලි මගේ කොන්ඩේ අතරින් යද්දී මන් එයා දිහා බැලුවේ ඇස්වලින් කදුලු වැටෙද්දී........

-"අයියෝ පොඩි බබා මොකද අනේ මේ....."
එයාගේ ඇගිලිවලින් මගේ ඇස්දෙකේ කදුලු පිහද්දී එයාට නොරිදෙන්න මන් එයාව බදාගත්තා......

-"යුන්ගියා ඇයි මන් මේ හොස්පිට්ල් එකේ ඉන්නේ...එතකොට ඇයි මේ මගේ බඩට බැන්ඩේජ් දාලා..."
එයාට මතක නෑ ඒදේවල්.....
මන් කැමති ඒකට අපිට අලුතින් පටන් ගන්න පුලුවන් එතකොට....

-"ඇපෙන්ඩිස් හැදුනනේ ප්‍රින්සස් ඔයාට.....මේ අභන්නකෝ එලියේ ජීමින් ඉන්නවා ඔයා එයත් එක්ක ඉන්න මන් ඩොක්ටර් එක්ක කතා කරලා එන්නම්..........."
මෙලීගේ නලලටත් කිස් එකක් දීලා මන් රූම් එකෙන් එලියට එද්දී ජීමින් මගේ ඉස්සරහට ආවා...

-"ජීමින් මෙලීට කේන්ව මතක නෑ වගේ...එයා හොස්පිට්ල් ඉන්නේ ඇයි කියලා ඇහුවොත් ඇපෙන්ඩිස් නිසා කියලා කියන්න....මන් ඩොක්ටර්ව හම්බෙලා එන්නම්..:

-"හරි හ්යොන්..."
ජීමින් මගේ උරහිසට තට්ටුවක් දාලා රූම් එකට යද්දී මන් ගියේ එදා මෙලීව බලපු ඩොක්ටර්ව හම්බෙන්න.....
මන් මිනිහගේ නම දන්නේ නෑ සමහරවිට දැන් මෙලීව බලන කෙනාගෙන් දැනගන්න පුලුවන් වෙයී කියලා හිතලා මම ගියේ ඩොක්ටර් ගේ රූම් එකට......

-"may I coming doctor.."

-"please come...."
ඩොක්ටර්ගෙන් ලැබුන උත්තරෙත් එක්ක මන් ඇතුලට ගියා.....

-" ම්...මින්.."
අද මෙලීව චෙක් කරපු ඩොක්ටර්ත් එක්ක හිටියේ මට බොරුකරපු ඩොක්ටර්.....
මන් කටකොණට හිනාවෙලා බැලුවේ මිනිහා දිහා.....

-"මේක මෙතැනින් ඉවර කරමු..."
මන් ගන් එක අරන් උගේ නලලට ඒම් කරද්දී ඩොක්ටර් දුවගෙන ඇවිත් මගේ කකුල ගාව ඇද වැටුනේ අනිත් ඩොක්ටර් පුදුමෙන් මන් දිහා බලන් ඉද්දී......

-"උබ මාව රැවැට්ටුවා.."

-"මිආනේ Mr.Min....එදා මෙලීව බේරගන්න පුලුවන් උනා මට.ඒත් එයා ගන් එකක් දික් කරලා මට කියුවා එයා මැරුණා කියලා යුන්ගිට පෙන්නන්න කියලා නැත්තම් මගේ දුවව මරනවා කියුවා.....මන් බය උනා මහත්තයෝ....මට එකම එක දුවයි ඉන්නේ...."

-"ඔය හැමදේම හරිම වෙලාවට කරේ කොහොමද තමුසේ....."

-"Mr.Min ඔයා මෙලීව බලන්න යද්දී ඇතුලේ නර්ස් කෙනෙක් හිටියා මතකද"
ඔව් ඒ කෙනාව ජීමින් එලියට යැව්වා....
මන් ඔලුව වනද්දී මිනිහා ආයේ කතා කරන්න ගත්තා.....

-"එයා බලන් හිටියා ඔයා එනකන්....ඔයා එද්දීම එයා හාට් එක පැයකට නවත්තන්න ඉන්ජෙක්ට් කරා......මිආනේ මට ඔයාව රවට්ටන්න ඕන උනේ නෑ..."
මන් මහ මෝඩයෙක්.....
ඒත් මගේ ඉස්සරහ මෙලී හුස්ම නොගෙන ඉද්දී මන් මොනාද හොයලා බලන්නේ?

-"දැන් යනවා මෙතනින්...."
මන් දිහා පුදුමෙන් වගේ ටිකක් බලන් ඉදලා මිනිහා එලියට දිව්වේ මන් දිහා ආයෙ හැරිලා නොබලයි....

-"මිආනේ ඩොක්ටර්.."

-"ඒකට කමක් නෑ..මන් හැමදේම දන්නවා...අපි වාඩිවෙලා කතා කරමු.."
ගන් එක ශර්ට් එකෙන් වහගෙන මන් පුටුවෙන් ඉදගත්තේ ඩොක්ටර්ගේ කිසිම කලබලයක් නැති මුහුණ දිහා බලලයි.....

-"ඩොක්ටර් මෙලීට සිහිය ආවා...හැබැයි එයාට සමහර දේවල් මතක නෑ හොස්පිට්ල් ඉන්නේ ඇයි කියලවත් එයා දන්නේ නෑ...මන් කියුවා ඇපෙන්ඩිස් කියලා....."

-"එහෙම කියපු එක හොදයි.මෙහෙමයි Mr.Min සදහටම මෙලීගේ මතකේ නැතිඋනා කියන නිගමනේට එන්න බෑ අපිට.ගොඩක් දුරට එයාට හැමදේම මතක් වෙයී මේ වගේ ශොක් එකක් උනොත් ආයෙමත්....ඒ නැතත් අපිට treatment කරන්න පුලුවන් මතකේ ගන්න"

-"එයාගේ මතකේ ඕන නෑ ඩොක්ටර්....මන් කැමතියි අලුතින් පටන් ගන්න..."
ඩොක්ටර් ටික වෙලාවක් මන් දිහා බලන් ඉදලා හිනාඋනා......

-"මට එයාව ගෙදර එක්කන් යන්න පුලුවන් වෙයිද ඩොක්ටර්.."

-"තාම එයාට හොද නෑනේ Mr.Min..."

-" මට නර්ස් කෙනෙක්ව දෙන්න ඩොක්ටර්....මන් මෙලීව හොදට බලාගන්නම්.."
ඩොක්ටර් බෑ කියලා කියද්දීත් මන් සැරෙන් සැරේ අවසර ඉල්ලුවා......

-"මේ කොල්ලගේ කරදරේක මහත...හරි මෙලීව එක්කන් යන්න..හැබැයි පරිස්සමට බලාගන්න ඕනේ "
මැදිවයසේ හිටපු ඩොක්ටර් මන් එක්ක හිනාඋනා....මන් එයාටත් ස්තූති කරන් ආවේ මෙලීව එක්ක යන්න ඕන වැඩ ටික හරිගස්සන්න

__________________________💥
තව තුනයි 😌

Continua a leggere

Ti piacerร  anche

310K 6.8K 35
"That better not be a sticky fingers poster." "And if it is ." "I think I'm the luckiest bloke at Hartley." Heartbreak High season 1-2 Spider x oc
1M 54.7K 35
It's the 2nd season of " My Heaven's Flower " The most thrilling love triangle story in which Mohammad Abdullah ( Jeon Junghoon's ) daughter Mishel...
41.9K 10.2K 48
โค๏ธั•ะฝั”โ„“โ„“ัƒ+ะบฯƒฯƒโค๏ธ ๐Ÿ๐Ÿ๐Ÿ๐Ÿ๐Ÿ๐Ÿ๐Ÿ๐Ÿ๐Ÿ๐Ÿ๐Ÿ๐Ÿ๐Ÿ๐Ÿ เท„เทเถธเทเถœเท™เถธ เถ†เถฏเถปเทš เถฏเท’เถฑเท เถœเถญเทŠเถญเถญเทŠ เถบเทเถฝเท”เท€เท™เถšเท”เถœเทš เถ†เถฏเถปเทš เทƒเท„ เท€เท’เทเทŠเท€เทเทƒเทš เถ…เท„เท’เถธเท’ เท€เท– เถ†เถฏเถปเทšเถง เถดเท™เถปเทšเถญ เถฏเถœเถšเทเถป เท„เทเถฉเถšเทเถปเท’เถบเถšเถœเทš เทƒเทเถœเท€เท”เถฑเท” เถดเทžเถปเทŠเท‚...
2.2M 115K 64
โ†ณ โ [ INSANITY ] โž โ” yandere alastor x fem! reader โ”• ๐ˆ๐ง ๐ฐ๐ก๐ข๐œ๐ก, (y/n) dies and for some strange reason, reincarnates as a ...