||DEAR_MAFIA||Completed

By Euphoria091

10.1K 2.3K 407

A broken heart is all that's left I'm still fixing all the cracks Lost a couple of pieces when I carried it... More

PROLOGUE
Chapter 1
Chapter 2
chapter 3
Chapter 4
chapter 5
chapter 6
chapter 7
Chapter 8
chapter 9
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
chapter 18
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
EPILOGUE

Chapter 19

217 63 0
By Euphoria091

-"ලෝරා ඔයා හොදින් හිටියද දරුවෝ....ඇයි මෙච්චර දවස් ගියේ මාව බලන්න එන්න"
ගෑණු කෙනා ලෝරාගෙන් කිසිම උත්තරයක් නැතුවත් කතා කරේ අවුරුදු ගානකට පස්සේ තමන්ගේ දුව වගේ හිටපු කෙනා තමන්ව බලන්න ආව සතුටට...

-"එන්න අපි ඇතුලට යමු....."
ලෝරා ජේවොන් දිහා බලලා ඇතුලට ගියේ ඇස්වලින් එලියට එන්න දගලන කදුලු නවත්තගන්න උත්සහ කරන ගමන්.....

-"සේරා ඔම්මා ඔයා හොදින් හිටියද"

-"මන් හොදින් ඉන්නේ කොහොමද දරුවෝ......."
කෙල්ල ලගින්ම ඉදන් හිටපු සේරා කියුවේ කෙල්ලගේ ඔලුව අතගාන ගමන්.....

-"අවුරුදු ගානක් ගෙවිලා ගිහින් සේරා ඔම්මා......අද මන් ඉන්න තැනට එයා කැමති ඇති නේද ඔම්මා"

-"ඔයා කරන්නේ හරිදේ දරුවෝ...ඒනිසා ඒ ගැන දුක්වෙන්න එපා"

-"සේරි ඔම්මා මන් බේබිව බලලා එන්නද..."
යන්න එපා කියන්න ඕන උනත් කෙල්ලගේ කදුලු පිරුණ ඇස්දෙක ඉස්සරහ සේරි අසරණ උනා.......
සේරි ඔලුව වනද්දී කෙල්ල උඩතට්ටුවට දිව්වේ ජේවොන් එක්කත් හිනාවෙලා......

:Lora pov:

අවුරුදු හතරකට පස්සේ......
අවුරුදු හතරකට පස්සේ මන් ආයෙත් එදා හිටපු තැනම....
අඩන්නත් කදුලු නැතිකරපු දොර ඉස්සරහ මන් ආයෙත් අවුරුදු හතරකට පස්සේ......
මන් දොර ඇරන් ඇතුලට ගියා.....
පටන් ගත්ත විදියටම කිසිවෙනසක් නැතුව ඒ කාමරේ අදටත් තියෙනවා........
ඇදට උඩින් බිත්තියේ ගහලා තිබුන රාමු කරපු පින්තූරේ පැත්තකින් ලියලා
තිබුනේ,
Ken Adamson......
හුස්මක වටිනාකම මට කියලා දුන්න නම....
මගේ බේබී......
මගේ ජීවිතේ වෙනස් උන තැන......
අවුරුදු හතරකට එහාට මගේ මතකේ පියාඹද්දී මන් බිමින් දනගහගත්තා.....
මන් මහ හයියෙන් කෑගහලා ඇඩුවා
එදා වගේම......

---------
පොඩි කාලේ ඉදන්ම ඇමරිකාවෙම හැදුන වැඩුන මගේ නම ඇමරිකාවට වලංගු උනේ ලියෝනා කියලා ඒත් kenට මම ලෝරා ..
කොලේජ් යද්දී මගේ හොදම යාලුවා උනේ ken....
අපි යාලුකමට එහා ගියපු ආදරේට මෙහා නැවතුන හැගීමක් ලග අවුරුදු දෙකක් ගත කරා....
ඒත් මගේ 21වෙනි උපන්දිනේ දවසේ ken මට ආදරෙයි කියුවා....
එදා තරම් ජීවිතේ කිසිම දවසක මන් සතුටු උනේ නැතූව ඇති......
අපි එතනින් එහාට අවුරුදු දෙකක් සතුටින් හිටියා....
ken මට වඩා අවුරුදු හතරක් වැඩිමල්....ken සාමානය කෙනෙක් උනේ නෑ එයාට පරම්පරාවෙන් ආව මාෆියා උරුමයක් තිබුනා.....ඒත් ඒක එහෙමයි කියලා කවදාවත් මන් kenට බයවුනේ නෑ.......
මොකද ඒ හැමදේම අමතක වෙන්න තරම් ken මට ආදරේ කරා....
හැමදෙයක්ම අවසාන උන ඒ දවසේ මන් ken එක්ක park එකට ගියා......
අපි දෙන්නාටම වෙන්වුන ඒ park එකේ ඉදන් දාහක් දේවල් අපි කතා කරා.....

-"ප්‍රින්සස්...."
-"ප්‍රින්සස්"
-"ලෝරා"

මගේ උත්තරයක් නැතිතැන එයා කෑගැහුවා...
එයා කියපු දේවල් මට නෑහුනා නෙමේ ඒත් මන් ඒ විදියට ඉන්න උත්සහ කරා....
ආයේ මේ මොහොත කවදාවත් එන්නේ නැතිවෙයි කියලා හිතලා මට ඒ මොහොත විදින්න ඕන උනා......
ken එයාගේ අප්පා වගේ....
කොලපාට ඇස්දෙකක් එක්ක එයාට තිබුනේ වෙනම ලස්සනක්....
ඒ ඇස් අස්සේ කෙනෙක්ව බැදලා තියාගන්න තරම් ඒ ඇස් ලස්සනයි......

-"ප්‍රින්සස් ඔය ඇති අනේ.....තවත් වෙලා මන් දිහා බලන් හිටියොත් ඔයා වශීවෙයි හරිද...ඔන්න ඊට පස්සේ මම නම් දන්නේ නෑ...."
තොලත් පිට පෙරලන් එයා කියුවේ හුරතල් විදියට.....
මන් ඒ තොල් වලට ක්ශනික හාදුවක් දීලා එයා එක්ක හිනාඋනා.....

-"බේබි මට අයිස්ක්‍රීම් කන්න ඕන"

-"ඔහොම ඉන්න මන් ගිහින් අරන් එන්නම්"
එයා යන්න නැගිටිද්දී මන් එයාගේ අතින් අල්ලලා එයාව නැවැත්තුවා......

-"අද මම ගේන්නම්"
මන් එහෙම කියලා දුවන්න හදද්දී එයා මාව ඇදලා අරගෙන එයාට තුරුල් කරගත්තා.......

-"මන් ඔයාට ආදරෙයි ප්‍රින්සස්.."
එයා එහෙම කියන ගමන් මගේ නලල සිපගත්තට පස්සේ මට ken එක්ක එතනින් යන්න හිතුනා.....
ඒත් මන් ඒක අමතක කරලා දාලා අයිස්ක්‍රීම් ගන්න ගියා......
මන් පාර පයින්න හදනවත් එක්කම වේගෙන් ආව ජීප් තුනක් මගේ ඉස්සරහ නතර කරාට මන් ඒක ගනන් නොගෙනම පාර පැන්නා......
අයිස්ක්‍රීම් දෙකත් අරගෙන මන් ken ලගට ආයේ යන්න හැදුවත් මන් එතනම නැවතුනා........
ඒ තමයි මන් යුන්ගිව දැකපු පලවෙනි වතාව......
එයා හිටියේ kenගේ ඔලුවට ගන් එක තියාගෙන.....
ken ලගට දුවගෙන යන්න ඕන උනත් මට ඉස්සරහට අඩියක්වත් තියාගන්න බැරි උනා අයිස්ක්‍රීම් දෙක මගේ අතෙන් බිමට වැටෙද්දී මන් එතනම වාඩි උනා.......
කිසිම කෙනෙක් මාව දැක්කේ නෑ....
විනාඩි පහකට විතර පස්සේ වෙඩි වදින සද්දෙට මන් මගේ කන්දෙක තද කරලා වහගත්තා.....
මට ඒ සද්දේ අහන්න ඕන උනේ නෑ....
ටිකකින් හැමදේම නිශ්ශබ්ද වෙද්දී ජීප් තුන ආයෙත් යද්දී මන් ken ගාවට ගියා......
එයා ඇදගෙන හිටපු නිල්පාට ටීශර්ට් එක තද රතු පාටයි....
ඇයි දෙවියනේ එයා මෙහෙම ඉන්නේ කියලා මන් කෑ ගහලා ඇඩුවා....
kenගේ නිල් ඇස් දෙක මට එයා ගාවට කතා කරා......

-"බේබි ඇයි මේහ්"
මන් එයාගේ ඔලුව මගේ උකුල උඩින් තියාගෙන ඇඩුවා.......

-"ප්‍රින්සස්....ම්..මන්...වෙනුවෙන්...අද...ඉ..ඉදන්...ඔයා....ල්...ලෝරා...වෙන්න..."
එයා එච්චරයි කියුවේ...
එයාව මන් හෙල්ලුවා...
එයාව බදාගෙන මන් කෑගහලා ඇඩුවා ඒත් එයා කතා කරේ නෑ මට.....
ඒවෙද්දී මට දැනුනේ මගේ ඇස්බොදවෙනවා.......
.
.
.
ආයේ මට සිහිය එද්දී ken මන් ගාව හිටියේ නෑ......
එදා අපිව kenගේ ගාඩ් කෙනෙක් හොයාගනිද්දී මන් ඉදලා තියෙන්නේ සිහිය නැතුව ken ලග.....
ඒත් අද මට සිහිය එද්දී ken මන් ගාව නෑ..අඩුම තරමේ අන්තිම වතාවට එයාට සමුදෙන්නවත් මට බැරිඋනා නේද කියලා මන් කෑගහලා ඇඩුවා......සේරා ඔම්මා එක්ක මන් kenගේ ගෙදර ගියා....kenගේ අලු ටික විතරක් මට ලැබෙද්දී ඒ අලු භාජනේ තුරුල් කරන් අද වගේම මන් එයාගේ කාමරේට වෙලා ඇඩුවා.......
එදා ඒ අලු ටිකත් අරගෙන මන් කොරියාවට ආවේ ලෝරා කියන කෙනා විදියට........
kenගේ අලු විතරක් මන් ගාව ඉතුරු වෙද්දී ඒ ටික මන් mansion එකේ භූමදානය කරා.....
ලියෝනා මැරිලා ලෝරා ඉපදුනේ එදා.....
ඉතින් මන් අසාධාරණද....
මගේ පලිගැනීම අසාධාරණද....
මගේ බේබිව මරන්න ඇමරිකාවට ආව යුන්ගිව මරන්න මන් කොරියාවට ගිය එක වැරදිද.......
මන් හිතන්නේ මම හරි......

-"බේබි තව පොඩි කාලයක් දෙන්න හැමදේම ඉවරයක් කරලා මන් එන්නම් ඔයා ගාවට...."
අතේ තිබුන chip එක දිහා බලන් මන් හිනාඋනා......
ඔයාගේ ලගම අයව විනාශ කරලා ඉවර වෙලා මන් ඔයා ගැන බලාගන්නම් සුගා.......

:Meanwhile:

-"හ්යොන් මොකටද අනේ දැන්මම යන්න ඕනේ තව දවස් දෙකක්වත් ඉදලා යමුකෝ..."
ටේහ්යොන් ජෙට් එක ගාව ඉදන් කෑගැහුවේ කොරියාවට ආයෙත් මෙච්චර ඉක්මනට යන්න ඕන නෑ කියලා......

-"අපේ වැඩේ ඉවරයි ටේහ්යොන් ඒනිසා නටන්නේ නැතුව ඇවිත් ජෙට් එකට නගිනවා"

-"අපෝ මොනාද හ්යොන් තව දවසක් ඉමු එහෙනම් "

-"මන් දැන් එකපාරක් කියුවා ටේහ්යොන්....!!"
යුන්ගි කිසිම හැගීමක් නැති මූණකින් කියද්දී ටේ බිම බලාගෙනම ජෙට් එකට නැග්ගේ ජීමින් පැත්තකට වෙලා හිනාවෙද්දී........

-"ජීමින් කොරියාවේ වැඩ ටික කොහොමද"

-"සාමාන්‍ය විදියටම තමා හ්යොන්.....ඒත් ලෝරාගෙන් සද්දයක්වත් නැති එක ප්‍රශ්නයක්.."

-"එකපාරකුත් ලෝරාගෙන් සද්දයක්වත් නැතුව තමා ජීමින් මට වටිනම දෙයක් නැතී උනේ...."
කොල්ලගේ ඇස්වලට ආයෙත් කදුලු පිරෙද්දී යුන්ගි ඇස්දෙක වහගෙන සීට් එකට ඔලුව හේත්තු කරගත්තේ බර හුස්මක් නිදහස් කරන ගමන්.......
ටේමින් දෙන්නම යුන්ගිව තේරුම් ගත්ත නිසා ඒදෙන්නත් සද්ද නැතුව ඇස්දෙක වහගත්තා......

:පසුදින:

දහවල් දොලහට විතර කොරියාවට ආව යුන්ගි drugs ටික කුකීට බාරදීලා ජීමින් එක්ක කාමර වලට ගිහින් නිදාගත්තේ ජීන් කෑම කන්න කියලා කෑගහද්දීමයි......
ටේනම් ඔය මොකුත් ගානක් නැතූවම කන්න ගත්තේ හත්මාසෙකින් කාලා නෑ වගේ.......

-"කොහොමද ටේ ගිය වැඩේ හොදින් උනාද"
ජීන් tteobokki ටිකක් ටේට බෙදන ගමන් ඇහුවා...

-"වැඩේ හොදින් උනා...රයන්ගේ මිනිහෙක්ව මරන්නත් උනා"

-"ඒ ඇයි...."

-"දන්නේ නැද්ද ඉතින් යුන්ගී හ්යොන්ගේ හැටි"
ජීන් ඒකට හිනා වෙද්දී ටේත් කාලා ඉවර කරලා මේසෙන් නැගිට්ටා.....

-"යාහ් හ්යොන් ඔයා යන්නද හදන්නේ"
ටේට පිටිපස්සෙන් ආව කුකී ටේගේ බෙල්ලේ එල්ලිලා ඇහුවේ හුරතල් විදියට....

-"හ්යොන්ට වැඩ වගයක් තියෙනවා කුකී...මන් ගිහින් එන්නම්..හ්යොන්ලව බලාගන්න"

-"ඔයා කියන්න ඕන නෑ කෝමත් මන් එයාලව බලාගන්නවා"
කුකී මූණත් පුම්බගෙන කියද්දී ටේ කුකීගේ කොන්ඩේ අවුස්සලා දිව්වා......
.
.
.
පැය තුනකට පස්සේ apartment එකට ආව ටේ වොශ් එකකුත් දාගෙන නිදාගත්තේ ගතට දැනුන මහන්සියට....
ඒත් ඒ සුවපහසු නින්ද පැය තුනකට සීමා උනා...
Door bell එකේ සද්දෙට ටේ ඇඟමැලි කඩකඩ නැගිටලා ෆෝන් එක අතට ගද්දී missed calls 50ක්....
කොල්ලට ඒක දැකලා ඔලුවට අත යද්දී ෆෝන් එකත් පැත්තකට විසික් කරලා දාලා ටේ ඇදෙන් බැස්සේ Door bell එක ආයෙත් වදිද්දී.....

-"මොන මගුලක්ද මේ"
කොල්ලා බැනබැනම ගිහින් දොර ඇරියා.....

-"Mr.Kim"
එතන හිටියේ සිවිල් දෙන්නෙකුයි පොලීසියේ අයයි....

-"මේ වෙලාවේ ඇයි මොකක්හරි ප්‍රශ්නයක්ද"
ටේ ඇහුවේ පුදුමෙන්.....

-"අපිට ඔබතුමාව අත්අඩංගුවට ගන්න වෙනවා...."

____________________💥💥💥

ආයේ සතියකින් හම්බෙමු🤐
Author sehi


Ken Adamson ♥️🙈😌


Continue Reading

You'll Also Like

13.3K 2.4K 31
මගේ ජීවිතේට ආලෝකයක් වෙලා මාව සනසපු සුරදූතිය ........ සමාවෙන්න මට ... ඔබේ පෙම හඳුනානොගත්තාට....... -jjk කිම් සූමින් යුනි එකේ අහින්සක ගෑනුලමයෙක් . එත...
476 90 10
I'm a player .. Why did you marry me? Just for fun .. You said you love me .. I told u, I'm a player. . . . . . I'm not a murderer . You are!!!! ...
1M 54.5K 35
It's the 2nd season of " My Heaven's Flower " The most thrilling love triangle story in which Mohammad Abdullah ( Jeon Junghoon's ) daughter Mishel...
6.1K 865 13
#Shortff ______________ " Tae Don't Fallow Me " " I love You " " ..............." " I Still love You " _____________________________________ " IU...