||DEAR_MAFIA||Completed

By Euphoria091

10.1K 2.3K 407

A broken heart is all that's left I'm still fixing all the cracks Lost a couple of pieces when I carried it... More

PROLOGUE
Chapter 1
Chapter 2
chapter 3
Chapter 4
chapter 5
chapter 6
chapter 7
Chapter 8
chapter 9
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14
Chapter 15
Chapter 16
chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
EPILOGUE

Chapter 17

227 69 20
By Euphoria091

"හ්යොන් මේ ඉන්නේ ශැඩෝස්ලා"
Mansion එකේ ගාඩ්න් එකට කූකී එක්කගෙන ආවේ ඊතල වගයක් එක්ක දුන්නක් පිටේ බැදගෙන හිටපු හැටකට අධික පිරිසක්ව......

"ශැඩෝස්"
හිමින් නම මුමුණන ගමන් බර හුස්මක් පිටකරපු යුන්ගිගේ ඉස්සරහ ශැඩෝස්ලා දනගැහුවේ නෑ........
යුන්ගි දිහාට එල්ලවුන ඒ ඇස්වල තිබුනේ එඩිතරබවක්.....

"ඇල්ෆා කව්ද jk "

"ශුකී ඉස්සරහට එන්න"
කුකීගේ වචනෙත් එක්ක ඉස්සරහට ආවේ ගෑණු ලමයෙක්.......

"කොරියන් නෙමේ වගේනේ"

"ඔව් හ්යොන් ඇමරිකා වලින් ගෙන්න ගත්තේ"
යුන්ගි කුකී දිහාටත් හිනාවක් දාලා ශුකීගේ පැත්තට ගහන්න අත දික් කරත් යුන්ගිගේ ප්‍රහාරය වලක්වපු ශුකී යුන්ගිගේ පැත්තට ගහන්න අත දික් කරලා ආයෙත් ඒ අත පහලට දාද්දී යුන්ගි කුකී දිහා බලලා ඔලුව උඩ පහල කරේ "ඔයා හොදට කරලා තියෙනවා කුකී" කියන්න වගේ හැගීමකින්........

"ශුකී JK ඔයාලව හොදට ට්රේන් කරන්න ඇති කියලා මට හිතෙනවා වගේම මම දැන් දැක්කා......මට විරුද්ධ වෙන්න කීයටවත් හිතන්න එපා ඔයාලා කවුරුත්....මෙතන කොල්ලො කෙල්ලෝ ඔක්කොම ඉන්නවනේ තමන්ට අදාල වැඩේ විතරක් ඔයාලා කරාම ඇතී.....විශේෂම දේ ලෝරා....එයා තමයි අපේ ටාගට් එක.....හෙට ඉදන් අපි අපේ වැඩ ටික පටන් ගන්නවා අදට ඔයාලා විවේකයක් ගන්න.....දැන් හැමෝටම යන්න පුලුවන්"
යුන්ගිගේ අවසරෙත් එක්ක හුලගගකටත් වඩා වේගෙන් ශැඩෝෂ්ලා විසිර ගියා.....

"ගුඩ් ජොබ් කුකීයෝ"
ජීමින් පැනපු ගමන් කුකීගේ බෙල්ලෙන් අල්ලගෙන කුකීගේ කොන්ඩේ ඇවිස්සුවේ හිනාවෙවී......
කාලෙකට පස්සේ ඒ හතරදෙනා හිනාවෙනවා......

"ජීන් හ්යොන් මට මෙලීව බලන්න යන්න ඕනේ....මන් ගිහින් එනකන් අර තුන්දෙනාටත් mansion එකට එන්න කියන්න"

"හරි යුන්ගියා යන දිහාක පරිස්සමට ගිහින් එන්න......"

"හ්යොන් මාත් එන්නද නූනාව බලන්න යන්න ප්ලීස්"
බෝල ඇස්දෙක තවත් බෝල කරගෙන කුකී යුන්ගිගෙන් ඇහුවේ ඉල්ලීමකටත් වඩා ආයාචනයක ස්වරූපෙකට.....

"ම්හ්...හරි එන්නකෝ ඉතින්"

"මගේ හොද හ්යොන්"
යුන්ගිවත් එකපාරකට හග් කරලා කුකී දිව්වේ යුන්ගිගේ කා එක ගාවට....

"කාලෙකට පස්සේ මන් මගේ පරණ කුකීව දැක්කා හ්යොන්"
උඩ පැන පැන දුවන කුකී දිහා බලාගෙන ජීමින් කියුවේ එලියට එන්න දගලන කදුලු නවත්තගන්න උත්සහයක් ගන්න ගමන්.....

"හැමදේම ඉක්මනට හොදින් වෙයී ජීමිනා.....අපි ගිහින් එන්නම්"
ජීමින්ගේ ඔලුවත් අතගාලා කොල්ලා ගියේ කා එක ගාවට.......
.
.
.
පැය දෙකකට විතර පස්සේ cemetery එකට ආව යුන්කුක් දෙන්නා ගෙනාපු සුදු ලිලී මල් පොකුරු දෙකත් අරගෙන cemetery එක ඇතුලට ගියා....
එක්කෙනෙක් තමන්ට සහෝදරියක් උන මෙලීව හොයද්දී....
අනිත් කෙනා හෙව්වේ තමන්ගේ පලවෙනි ආදරේ උන තමන්ගේ ආදරණීය බිරිද උන මෙලීව......
අරලිය මල් ගහක් ගාව ලස්සනට හදලා තිබුන සොහොන වටේට කැලේ වැවිලා තිබුනේ කවුරුත් එතනට කලෙකින් ඇවිත් නෑ වගේ....
මෙලීගේ අප්පා තමන්ගේ දුව තමන්ට අහිමි උනා කියන හැගීම එක්ක ජීවත් වෙද්දී මෙලීගේ සොහොන ගාවට එන්නවත් යුන්ගි එක්ක කතා කරන්නවත් මෙලීගේ අප්පට ඕන උනේ නෑ.....

"හ්යොන් මෙතන ටිකක් අස් කරන්න වෙයි නේද"
සොහොන වටේ තිබුන වල්ගස් දිහා බලාගෙන කුකී යුන්ගිගෙයි ඇහුවත් යුන්ගිගේ ඇස් තිබුනේ සොහොන් කොතේ කොටලා තිබුන නම ගාව.....

"හ්යොන්"

"මෙතන අස් කරන්න ඕන නෑ කුකී.....අපිට මෙතනට ආයේ කවදා එන්න පුලුවන් වෙයිද දන්නේ නෑ ඉතින් අපි මෙතන අස් කරලා ගියත් ආයෙත් මෙතන කැලේ වෙයි"

"හ්ම්"
බර හුස්මක් පිට කරපු කුක් සුදු ලිලී මල් පොකුර සොහොන උඩින් තියලා එතන දනගහගත්තා....

"නූනා...කියන්න ඕන මොනාද කියලා මට තේරෙන්නේ නෑ ඒත් මට ඔයා නැතුව ගොඩක් පාලුයි නූනා ගොඩම ගොඩක්"
කුක් එතනින් නැගිටලා cemetery එකෙන් එලියට දිව්වේ හ්යොන් ඉස්සරහ අඩන්න බෑ කියලා හිතුන නිසා....
කුක් දුවන දිහා බලන් හිටපු යුන්ගි මල් පොකුරත් සොහොන උඩින් තියලා එතනින් වාඩි උනා.....

"මෙලී....ඔයාට සීතලද ප්‍රින්සස්.....දැක්කද ඔයාගේ කු බේබි අඩන විදිය එයා පාලුවෙන් ඉන්නේ ප්‍රින්සස්.....ඔයා ඇයි ඔච්චර නපුරු උනේ....ඔයාට මන් කරපු දේවල් වලට ඔයා මට දුන්න දඩුවම ලොකු වැඩී මෙලී.....මට ගහන්න තිබ්බා ඔයාට, බයින්න තිබ්බා ඒත් මේ විදියට ලස්සන හීන ගොඩක් පෙන්නලා මාව අතරමං කරලා නොයා ඉන්න තිබුනා ඔයාට....."
කොල්ලා අඩන්නේ නෑ.....
ඒ ඇස්වලට අඩන්න කදුලු නෑ....
ඒත් ඒ හිත මහ හයියෙන් කෑගහලා අඩනවා.....
මේ හැමදේම කෙනෙක් ගහකට මුවා වෙලා බලන් හිටියා.....

"ආයෙත් මට කවදා එන්න පුලුවන් වෙයිද දන්නේ නෑ මෙලී ඔයාව බලන්න....මට සමාවෙන්න අන්තිම මොහොතෙවත් ඔයාව මට බලන්න බැරිඋනාට......ඔයාව මගෙන් ඈත් කරපු අයගෙන් මම පලිගන්න ඕන ප්‍රින්සස්.....ඒ හැමදේම හෙටින් පටන් ගනී.....මන් ආයෙත් ඔයාගේ ඉස්සරහට එන්නේ ලෝරාගෙන් පලිඅරගෙන.....එතකන් මගේ ප්‍රින්සස් පරිස්සමින් ඉන්න.....මන් ඔයාව දැකපු දවසේ ඉදන් ඔයාට ආදරේ කරා ප්‍රින්සස් හෙටත් මන් ඔයාට ආදරේ කරයි..."
සොහොන් කොතේ තිබුන park meli කියන කැටයම උඩින් අත ගෙනියපු යුන්ගි එතනින් නැගිටලා අන්තිම වතාවටත් මෙලී දිහා බලලා එතනින් යද්දී ගහ පිටිපස්සේ හිටපු කෙනා ආවේ මෙලීගේ සොහොන ගාවට.......

"ඕහ් පව් මෙලී ඔයාගේ යුන්ගි....බලන්නකෝ එයා ඔයා වෙනුවෙන් අඩනවා....ඔයා එයාට ආදරේ කරාද මෙලී මන් දන්න විදියට නම් ඔයාලාට ආදරෙන් ඉන්න හම්බුනේ දවසක් දෙකක් වගේ නේද...ඉතින් ඒ දවස් දෙකට ඔයා යුන්ගිට ආදරේ කරාද මෙලී....අපි හිතමු ඔයා එයාට ආදරේ කරේ නෑ කියලා......එයා තව විදවන්න ඕනේ මෙලී මගෙන් මගේ බේබීව උදුරගත්තට....බලමු එයා කොහොමද මගෙන් පලිගන්නේ කියලා"
තමන් එක්කම වියරුවෙන් වගේ හිනාඋන ලෝරා සොහොන උඩ තිබ්බ මල් බොකීස් දෙකේ තමන්ගේ කකුල් වලින් පාගලා පොඩි කරලා දැම්මේ එයාගේ ඇස්වලින් වැටුන කදුලක් ඇගිලිතුඩු වලින් පිහන ගමන්.......

________________

පැය දෙකක ගමනකට පස්සේ යුන්කුක් දෙන්නා mansion එක ඇතුලට ගියේ එලියේ ඉදන්ම ඇහෙන හිනා සද්ද වලට ලාවට හිනාවෙන ගමන්......
අද ඒ පවුල සම්පූර්ණයී......

"හ්යොන් හදිසියෙම එන්න කියුවේ ඇයි"
යුන්ගි cough එකෙන් ඉදගත්ත ගමන් හොබී ඇහුවා.....

"හෙට මන් ඇමරිකා යනවා......"

"මෝහ්....ඒ ඇයි හ්යොන්"
නම්ජුන් ඇහුවේ ඇහිබැමිත් අකුලගෙන....

"කුකී එදා කියුව drug එක අපි හෙට ගන්නවා.....අපිට ඒකෙන් සල්ලි හම්බකරන්නත් පුලුවන් මට ඕන දේ කරගන්නත් පුලුවන්....."

"ඒත් යුන්ගියා ඒ drug එක හැමෝටම දෙන්නේ නෑලු නේද"

"ඔව් හ්යොන් අන්න එතන තමා අපිට වාසි.....අපි ඇමරිකා එක්ක වෙපන්ස් ඩීල් කරනවනේ....අනික ඔය drug අයිති එකා හැමෝවම විශ්වාස කරන්නේ නැති නිසා ඌ එක්ක කතා කරලා හෙට අපි එනවා කියලා කියන්න අපිට විශ්වාසවන්ත කෙනෙක් ඕන වෙයී මොකද ඌටත් අපිව විශ්වාස වෙන්න ඕනනේ"

"එහෙනම් ඉතින් ඔය drug එක ගැන වැඩිපුරම interesting කෙනාටම අපි ඕක කරන්න කියමු"
ජීමින් යුන්ගිට ඇස්වලින් පෙන්නුවේ කුකීව.....

"ඒ මොකටද මමම ඒක කියන්නේ....මේ තව හ්යොන්ලා පහක්ම ඉන්නේ එයාලට පුලුවන්නේ කියන්න"
කුකී කියුවේ අත්දෙකත් පපුව හරහා බැදගෙන නෝක්කාඩුවට වගේ.......

"මන් කතා කරන්නම් හ්යොන්....කුකී මට උගේ නම්බර් එක දෙනවකෝ"
ටේ කතා කරේ සතුටකින්........
කුකීත් එකපයින්ම ටේට ඔලුව වනලා ලැප් එක අරගෙන උගේ නම්බර් එක හොයලා ටේට දුන්නේ බලාපොරොත්තු ගොඩක් එක්ක........
ටේ නම්බර් එකත් ඩයල් කරගෙන ටිකක් එහාට යද්දී ආයෙත් නම්ජුන් කතා කරා.....

"හ්යොන් ටේ වෙනස් වගේ නැද්ද මේ දවස්වල ටිකක්"

"මටත් නම් ඒක තේරුණා හ්යොන්.....මොන යකෙක් ගහලාද දන්නේ නෑ මේ පාර....කෝල් එකක්වත් ගන්නේ නෑ මට"

"ඒත් කුකීයෝ ඊයෙත් ටේට තමුසේ කතා කරා නේද...."

"ඒත් ආන්සර් කරේ නෑනේ කොටෝ"

"කව්ද කොටා"
ඔන්න ඉතින් දැන් ජීකුක් රණ්ඩුවක් යන්න යන්නේ කියලා තේරුණ ජීන් දෙන්නටම කෑගැහුවේ ටේත් එනවා දැකපු නිසා....
යුන්ගි නම් ඔහෙ මේ විකාර දිහා බලන් ඉන්නවා......

"හ්යොන් මිනිහා වැඩේට කැමතියි...."
ටේ හිනාවෙවීම කියන ගමන් ඇවිත් ඉදගත්තේ යුන්ගි ගාවින්.....

"එකපාරින්ම කැමති වුනාද"

"නෑ නෑ මුලදී කැමති උනේ නෑ ...හ්යොන්ගේ නම කියුව විතරයි කැමතී උනා"
ටේ කතා කරේ මූණට වැටිලා තිබුන කොන්ඩෙත් පිටිපස්සට කරන ගමන්.....

"අපි හතටම ඇමරිකා යන්න බෑ කව්රුහරි මෙහෙ වැඩත් බලන්න ඕනනේ....ජීමින් ඔයා යන් මන් එක්ක"

"හරි හ්යොන්"

"හ්යොන් මමත් එන්නම් යන්න...."
ටේ කියද්දී යුන්ගි ඔලුව වැනුවේ හා කියන්න.....

"හ්යොන් මාත් එන්නම්"

"නෑ කුකී ඔයා මෙහෙ ඉන්න...ඔයා හ්යොන්ලා තුන්දෙනා එක්ක මෙහෙ බලාගන්න....මායී ටේයි ජීමිනායී ඉක්මනට ගිහින් එන්නම්......"
යුන්ගි කියන දේට පිටින් යන්න පුලුවන් කමක් කුක්ට තිබුනේ නෑ....
ඒ නිසා කුකී ඔලුව වැනුවේ මූණත් බිමට හරවගෙන මොකද මේ drug ගැන ලොකුම interesting එක තිබුනේ කුකීට.....

"හ්යොන් ජෙට් එක ලෑස්ති කරන්න....මාක්ට කියන්න හවසට ඇමරිකා යන්න තියෙන ෆ්ලයිට් එකක එහෙට ගිහින් එහෙ හැමදේම ලෑස්ති කරන්න කියලා"

"හරි යුන්ගියා...."

"නම්ජුනා හොබීයත් එක්ක legal දේවල් ටිකක් තියෙනවා කුකී කියයි ඒ ටික බලාගන්න"

"හරි හ්යොන්"
යුන්ගි නම්ජුන්ගේ උත්තරේට ඔලුව වැනුවේ හෙට දවස ගැන මතක් කරන ගමන්....
අලුත් දවසක්....
අලුත් පිටුවක්.....
යුන්ගිගේ ජීවිත කතාව ඇතුලේ අලුත් කතාවක් හෙට ලියවෙයි........

________________________💥💥
Happy ending or sad

Continue Reading

You'll Also Like

41.9K 10.2K 48
โค๏ธั•ะฝั”โ„“โ„“ัƒ+ะบฯƒฯƒโค๏ธ ๐Ÿ๐Ÿ๐Ÿ๐Ÿ๐Ÿ๐Ÿ๐Ÿ๐Ÿ๐Ÿ๐Ÿ๐Ÿ๐Ÿ๐Ÿ๐Ÿ เท„เทเถธเทเถœเท™เถธ เถ†เถฏเถปเทš เถฏเท’เถฑเท เถœเถญเทŠเถญเถญเทŠ เถบเทเถฝเท”เท€เท™เถšเท”เถœเทš เถ†เถฏเถปเทš เทƒเท„ เท€เท’เทเทŠเท€เทเทƒเทš เถ…เท„เท’เถธเท’ เท€เท– เถ†เถฏเถปเทšเถง เถดเท™เถปเทšเถญ เถฏเถœเถšเทเถป เท„เทเถฉเถšเทเถปเท’เถบเถšเถœเทš เทƒเทเถœเท€เท”เถฑเท” เถดเทžเถปเทŠเท‚...
310K 6.9K 35
"That better not be a sticky fingers poster." "And if it is ." "I think I'm the luckiest bloke at Hartley." Heartbreak High season 1-2 Spider x oc
6.1K 865 13
#Shortff ______________ " Tae Don't Fallow Me " " I love You " " ..............." " I Still love You " _____________________________________ " IU...
9.4K 1.6K 13
A person who came to change his life. And if his life is linked to the mafia How do you accept it? โŒ๐Ÿ™ƒ๐Ÿ”ฅ