❣️Տᗩᖇᗩᑎᘜᕼᗩᗴ ᑎOOᑎᗩ❣️ ☾︎𝗝𝗝𝗞...

By Daisy93-94

15.6K 4K 699

ශීත ඍතුවේ පලමු හිම පතනය සිද්ධ වුන රන් පාට සැදෑවක අහම්බෙන් මුන ගැහුන ඔවුන්!!!! වැඩිමහල් ඇගේ සිතට පෙම් කරන දගකා... More

01
02
03
04
05
06
07
08
10
11
12
13
14
15
16
17
18
19
20
පසුවදන
⛔New story Alert ⛔

09

610 169 23
By Daisy93-94

නොදැනීම අවුරුද්දක් ම  ගෙවුනේ සාරාකුක් බැදීම තව තවත් ශක්තිමත් වෙද්දි ...ඉඩක් ලැබුන හැම වෙලාවකම ජන්කුක් සාරාව මුන ගැහෙන්න ආවා....
සාරාගේ අතින් හදන  රස කොෆි එකක් බීලා බැල්කනි එකේ ඉදලා ම ආගිය තොරතුරු කතා කරන ඒ හමුවීම් අවසානයේ මොහොතකට සාරාගේ තොල් අතරේ අතරමං වෙලා සමුගන්න  ජන්කුක් අමතක කලේ නෑ  ....
සාමාන්‍ය ගෑණු ලමයෙක් වගේ ජන්කුක් ගේ අතේ එල්ලිලා අයිස් ක්‍රීම් එකක් කන ගමන් ඉවරයක් නැතුව කියව කියව පාලු වීදී දිගේ ඇවිදින්න......
හිතට හරියන ඇදුමක් හම්බ වෙන කන්  ඇගට තියලා බල බල ලස්සන ද කියලා අහ අහා ඇදුම් තෝරන්න....
නිවාඩු දවසකට එලියට ගිහින් කෑම කන්න......
සාරාට කවදාවත් අවස්ථාවක් ලැබුනේ නෑ...
ඒත් සාරා ඒ ගැන දුරට හිතන්න ගියේත් නෑ....සාරාට හිතන්න ඕන වුනේ නෑ....

ඉදහිට නිවාඩු  දවසක ගේ ඇතුලට වෙලාම ඉදලා ඇති වුනාම තනියම එලියට යද්දී හන් ගග අයිනේ බංකුවක තුරුලු වෙලා ඉන්න තරුණ යුවලක් දැක්කම යන්තමට ඇස් තෙත් වෙලා ගියත් සාරා හිතට එන හැම හැගීමක් ම පුංචි හිනාවකින් හංග ගත්තා.....

සාරා දන්නවා ජන්කුක් ට එහෙම දේකට අවස්ථාවක් නෑ කියලා....

සාරා ආදරේ කලා!!
අයිතියක් තියේවිද නොහිතම ආදරේ කලා...
දවස ගානේ දුක සැප හොයලා බලන පෙම්වතුන් අතරේ,  දවස් ගනන්  ජන්කුක් ගේ  කට හඩ වත් නාහා සාරා ආදරේ කලා....
සාරා දැනගෙන හිටියා පුලුවන් හැම තත්පරේම ජන්කුක් තමන් ලගට දුවගෙන එන්න බලාගෙන ඉන්නවා කියලා....

ගෙවෙන හැම දවසකම ජන්කුක් ගේ ලොකු ඇස් ගෙදර දොර ලගින් දකින්න සාරා බලාගෙන හිටියා....

අදත් ඒ වගේ දවසක්....
බැල්කනි එකේ තිබුන උස කනුවට හේත්තු වෙලා අහසේ ඇස් අලවගෙන කල්පනාවක ගිලිලා හීටිය සාරාගේ මූනට හිනාවක් ආවේ බෙල් එක රින්ග් වෙන සද්දෙට....

විනාඩියක් වත් පරක්කු නොවී සාරා දොර ලගට දුවගෙන ගියා...

"කුක්...."

"බලාගෙන හිටියද නූනා"

ගේ ඇතුලට එන ගමන් කකුලෙන් දොර තල්ලු කරලා සාරාව හග් කරලා නලලට හාදුවක් තියන ගමන් ජන්කුක් අහද්දි, මූන උස්සලා ජන්කුක් දිහා බලලා හිනාවුන සාරා කිචන් එකට ගියා....

"මේ දවස්වල මොකද කරන්නේ කුක්"

කොෆි එක ජන්කුක් ගේ අතට දෙන ගමන් සාරා ඇහුවා...

"මේ දවස්වල අලුත් music vedio එකේ වැඩත් එක්ක බිසී වෙලා ඉන්නේ නූනා..."

"ම්ම් මොකක් හරි ප්‍රශ්නයක්ද  කුක් "

සැරෙන් සැරේ ඔරලෝසුව දිහා බලන ජන්කුක් දිහා බලලා සාරා අහද්දි, ස්වභාවයෙන්ම ලොකු ඇස් තව ටිකක් බෝල කරලා සාරා දිහා බලපු ජන්කුක්...

"නූනා අපි එලියට යන්ද?"

ඇහුන දේ විස්වාස කරන්න බැරුව සාරා ජන්කුක් දිහා බලාගෙන ඉද්දි,,

"යමුද "
කියලා අහන ගමන් ජන්කුක් සාරාගේ මුනට එබුනා....

"කුක්!!! ඒත්!! මං කියන්නේ අපි කොහොමද...කවුරු හරි දැක්කොත්!!"

"ඕ කමෝන් නූනා.. අපි කා එක ඇතුලට වෙලා අයිස් ක්‍රීම් කමු හාද"

"බයයි කුක්!!"

"මං ඉන්නවනේ නූනා"

"ඒකම තමයි බය පිස්සු හාවා"

ජන්කුක් ගේ කම්මුලක් තද කරලා සාරා අත් වැට ලගින් මෑත් වෙනකොට සාරාගේ අතින් ඇදලා අරගෙන බැක් හග් කරපු ජන්කුක් සාරාගේ උරහිසට නිකට තියා ගත්තා.....

"මං ලගින්  ඉන්නකොට කිසිම දේකට බය වෙන්න එපා නූනා "

ලාවට ඇස් තෙත් වුනත්, මූනට හිනාවක් අරගෙන ජන්කුක් ගේ අත් අතරෙම කොල්ලගේ  පැත්තට හැරුන සාරා තොල් තද කරගෙන....

"අරස්සෝ කුකී ඔප්පා "

කියලා ඇස් නටවලා ජන්කුක් ගේ අත යටින් රින්ගලා රූම් එකට දුවගෙන ගියා...

"යා නූනාහ් පොඩ්ඩක් රොමැන්ටික් වෙනවකෝ "

හිනාවෙවීම සාරා යන දිහා බලාගෙන ජන්කුක් කෑ ගැහුවා....

ජන්කුක් හිටියේ සතුටින්!!
අනිත් හැම තැනකටම වඩා ජන්කුක් ට සාරා ලගදි අමුතුම සැහැල්ලුවක් සතුටක් දැනුනා....
සාරා කවදාවත් ජන්කුක් ඉස්සරහා මැසිවිලි කිව්වේ නෑ....
මහන්සි වෙලා එන ජන්කුක් ගේ හිත සතුටින් පුරවන්න මුලු දවසෙම මහන්සිය නිවන්න සාරාගේ එක හිනාවකට පුලුවන් වුනා.....
ඇත්තටම සාරා ට ජන්කුක් ත් ජන්කුක් ට සාරාත් හොද යාලුවෝ වුනා...ආදරේ වගේම යාලුකම එක්ක එකට බැදෙන සම්බන්ධතා හරි ආදරනීයයි, හිතට හරි සැහැල්ලුයි...
ඒ බැදීම් ඇතුලේ ජීවත් වෙන්න ලේසියි.... මවාපෑම් අඩුයි....

ඒ වගේම,,,,,
සාරා ඇසුරේ දවසින් දවස ජන්කුක් අලුත් දෙයක් ඉගෙන ගත්තා, සාරා ලෝකේ දිහා බලන අලුත් විදියට ජන්කුක් ආසා කලා... ගොඩක් දවසට ජන්කුක් ගේ උරහිසට ඔලුව තියාගෙන තරු පිරුන රෑ අහස දිහා බලාගෙන ආදරේ ගැන ජීවිතේ ගැන, ඉමක් කොනක් නැති විශ්වය ගැන  සාරා ජන්කුක් එක්ක කථා කලා...සමහර වෙලාවට තර්ක කලා....

ඒ තමයි ජන්කුක් හීන දැකපු ජීවිතේ!!! ඒ තමයි ජන්කුක් ආස කරපු ජීවිතේ!!! සාරා ඇසුරේ ඒ ජීවිතේ සම්පුර්ණයි කියලා ජන්කුක් ට දැනුනා...

"මං ලෑස්ති කුක් "

කල්පනා ලෝකේ දුරට ගිහින් හිටපු ජන්කුක් ගැස්සුනේ සාරාගේ කටහඩින්...

"ආහ් යමු නූනා!!"
                        ×××××××××××××××

හන් ගඟ පේන මානේ කා එක නවත්තපු ජන්කුක් සාරා දිහා බලද්දි සාරාගේ ඇස් නැවතිලා තිබුනේ ඈතින් තිබුන අයිස් ක්‍රීම් කාට් එක ලග....

"ඔහොම ඉන්න නූනා මං අයිස් ක්‍රීම් අරගෙන එන්නම් "

සීට් බෙල්ට් එක අයින් කරලා ජන්කුක් කා එකෙන් බහින්න හදද්දි, සාරා ඉක්මනින් ම ජන්කුක් ව නැවැත්තුවා...

"මං අරගෙන එන්නම් කුක් ඔයා ඉන්න..."

"යාආ නූනා මං කවුද එතකොට..."

"මේ අහන්න කුක්,, කවුරු හරි කෙනෙක් ඔයාව අදුර ගත්තොත් එහෙම සිද්ධ වෙන දේ ඔයා දන්නවා නේද,,, කාලේත් එක්ක හැමදේම හොදින් සිද්ධ වුනොත් ජීවිත කාලෙම ඔයාට පුලුවන් මට අයිස් ක්‍රීම් අරන් දෙන්න තේරුනාද?..."

ජන්කුක් ගේ උරහිසට අත තියලා ඇස් වලට එබිලා කියපු සාරා, ජන්කුක් තේරුනා කියලා ඔලුව වනද්දි කා එකෙන් බැහැලා ගියා.....

යට තොල දත් අතරට අරගෙන හපන ගමන් ජන්කුක් බලාගෙන හිටියේ පාර දිගේ යන සාරා දිහා... අයිස් ක්‍රීම් කාට් එකෙන් අයිස් ක්‍රීම් අරගත්ත සාරා ආපිට හැරෙද්දිම කවුරු හරි කෙනෙක් සාරාගේ ඇගේ හැප්පෙනවත් සාරා සමාව ගන්නවත් ජන්කුක් දැක්කා....

ඒත් ඊටපස්සේ සාරාගේ ඇස්  පුදුමෙන් ලොකු වෙනවත් මද එලියෙන් වුනත් ජන්කුක් හොදටම දැක්කා... ඒ ආපු පිරිමි කෙනා කවුද කියලා නොදන්නවා වුනත් සාරා ඉන්නේ අපහසුවෙන් කියලා සැරෙන් සැරේට වෙනස් වෙන සාරාගේ මූනේ ඉරියව් වලින් ජන්කුක් ට තේරුනා...

දෙපාරක් නොහිතම කා එකෙන් බැහැපු ජන්කුක් පාර මාරු වෙලා සාරා හිටපු තැනට ගියා...සාරාගේ ඇස් ලොකු වෙනකොට සාරාගේ උරහිස වටේ අත දාපු ජන්කුක්,,,

"පරක්කුයි සාරා යමුද "

කියලා අහනකොට, ජන්කුක් ට හිතන්න වත් වෙලාවක් නොතියා නන්නාදුනන අමුත්තා සාරාගේ අතින් අල්ල ගද්‍දී අතේ තිබුන අයිස් ක්‍රීම් කප් එකත් එක්කම අත ගසලා දාපු සාරා ජන්කුක් ගේ ජැකට් එකේ එල්ලෙන කොට ජන්කුක් තද කරලා අමුත්තා ගේ අත අල්ල ගත්තා....

"කොහෙන් ආපු හයියක් ද තමුන්ට "

දත් මිටි කාලා ජන්කුක් කියන කොට, ජන්කුක් දිහා බලලා කට කොනකින් හිනා වුන අමුත්තා සාරා දිහා බලලා,,,

"මං බලාගෙන ඉන්නවා සාරා.. මං දන්නවා ඔයාට බෑ මාව අමතක කරන්න..."

කියද්දී, අත් දෙකෙන්ම ජන්කුක් ගේ ජැකට් එක තද කරලා අල්ලගෙන කදුලු ඇස් වලින් ජන්කුක් දිහා බලාගෙන සාරා,,

"අපි යමු කුක් ප්ලීස් යමු "

කියද්දී අමුත්තට දබරඇගිල්ල දික් කරපු ජන්කුක් සාරාවත් එක්ක ගෙන කා එකට ආවා....

"අපි ගෙදර යමු කුක් ප්ලීස් "

කා එකේ වාඩි වුන ජන්කුක් සාරාගේ පැත්තට හැරෙන කොට තාමත් හිටගෙන බලාගෙන ඉන්න අමුත්තා දිහා බලාගෙන සාරා මුමුනන කොට ජන්කුක් කා එක ස්ටාර්ට් කලා....

"කවුද නූනා ඒ"

ගේ ඇතුලට ආපු ගමන් වතුර බෝතලේ කටේ තියාගෙන බීපු සාරා සෝෆා එකේ වාඩි වෙනකන්ම ඉවසීමෙන් බලාගෙන හිටපු ජන්කුක් ඇහුවා...

"ඒ තමයි හැරී!!!  මට ආදරේ එපා කරපු කෙනා  කුක්...ආහ්.."

"කියන්න නූනා මං අහගෙන ඉන්නේ.."

එකිනෙක පටලන සාරාගේ අත උඩින් අත තියපු ජන්කුක් සාරාව තව ටිකක් ලගට අරගත්තා...

"කොලේජ් යන කාලේ තමයි මට හැරීව මුන ගැහුනේ, අපි ආදරේ කලා.. නැහැ මං ආදරේ කලා කුක් ඒත්..හැරී එයා ආදරේ කරලා නෑ... එයා මාව අතෑරලා දාලා  මගේ යාලුවා එක්ක එකට ජීවත් වෙන්න පටන් ගත්තා කුක්...එයා ජෙනට් ගොඩක් සල්ලි තියනවා එයාගේ සල්ලි ලග පුංචි පුංචි පාට් ටයිම් ජොබ් කරලා කොලේජ් වියදම් පිරිමහ ගත්ත මාව හැරීට එපා වුනා,,හේතුවක් නොකියම හැරී අපේ සම්බන්ධේ නවත්තලා දැම්මා...."

"ඉට්ස් ඕකේ නූනා ඒ හැමදේම අතීතේ සිද්ධ වුන දේවල් දැන් ඒ දේවල් වලින් වැඩක් නෑ "

"ඒත් කුක්...',

"ඇති නූනා පරන දේවල් මතක් කරන එකෙන් වෙන්නේ හිත රිදෙන එක විතරයි යන්න ගිය කෙනා ට යන්න අරින්න නූනා, නූනාගේ හිතේ දෙගිඩියාවක් තියනවද??"

"මොනවද මේ අහන්නේ කුක්!!"

"එහෙම නැත්නම් ඇයි මේ කදුලු නූනා,, හරි නම් නූනා අද සතුටු වෙන්න ඕන,  එපා කියලා අතෑරල දාපු කෙනාට ආපහු නූනාව ඕන වෙලා ඒ කියන්නේ නූනා අද සාර්ථකයි "

"මං ඒක දන්නවා කුක් මං අඩන්නේ ඒකට නෙවෙයි!!"

"එහෙනම්!!!"

"මෙච්චර ආදරේ කරන්න එපා කුක්!! මට ලෝභ හිතෙනවා!! රන්ඩු කරලා හරි මගේ කරගන්න හිතෙනවා!!  "

"ඒක තමා වෙන්න ඕන 😊"

"මීට කලින් මං වෙනුවෙන් කථා කරන්න කවුරුත් ඉදලා නෑ කුක් ..මට.."

"ෂ් ෂ් නූනා දැන් ඇති ඕනම දේකට මං ඉන්නවා කියලා මතක තියාගන්න "

"කුමාවෝ කුක් "

"ආ!!"

"මගේ ජීවිතේ ට ආවට"

"සරන්ග්හේ නූනා "

"නාදු කුක්!!"
මොහොතකට පැටලුන තොල් නිදහස් වුන ඇසිල්ලේ සාරාගේ ඇස් නැවතුනේ ලොකු බිත්ති ඔරලෝසුවේ...

"කුක් රෑ දොලහත් පහු වෙලා "

"ඉතින්!!"

"ඔයා යන්න ඕන කුක් "

"මාව යවාගන්න හදන්නේ තනියම අඩන්නද?"

"ම්හ් දාලා ගිය මිනිස්සු වෙනුවෙන් අඩන්න තරම් මං දුර්වල නෑ කුක්!!! අනික අඩන්න හේතුවක් නෑනේ මගේ හැපි පිල් එක මගේ ලග ඉන්නවනේ "

හිනාවෙලා කියපු සාරාගේ නලලට නලල හේත්තු කරපු ජන්කුක්,

"හැමදේකටම මං ඉන්නවා කියලා මතක තියාගන්න නූනා, ඉක්මනින් ම ආයේත් එන්නම් "

"බලාගෙන ඉන්නවා කුක් "

දොර ගාව හිටගෙන කදුලු පිරුණු ඇස් වලින් ජන්කුක් ගිය දිහා  ටිකක් වෙලා බලාගෙන ඉදලා සාරා ගේ ඇතුලට ආවා...

අතීතය කදුලු ගගක් වුනත් සාරාගේ වර්තමානය මල් පිපුණු වසන්ත උයනක්..අනාගතය කොහොම වේවිද නොදන්න නිසාම සාරා හීන එකතු කරන්න බයයි....
ඒත්!!!
දවසින් දවස වැඩි වැඩියෙන් දැනෙන ජන්කුක් ගේ  ආදරේ ලග සාරවත් නොදැනම සාරාගේ හිත හීන ඇහිදිනවා...
හිනාවෙන් පිරුන ලස්සන පුංචි ගෙදරක්....
ජන්කුක් වගේම හිනාවෙන පුංචි කොල්ලෙක්...අනාරාධිතවම සාරාගේ හීන ඇතුලේ ඉදන් හිනා වෙනවා......

ඉතින් අනාගතේ සැබෑවෙන මල් හීනයක් වේවිද???
💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟
වෝට්ස් කමෙන්ට්ස් වලට කුමාවෝ...පරිස්සමින් ඉන්න,,, සරන්ග්හේ ❤❤

දේශූ♔︎

Continue Reading

You'll Also Like

1K 241 13
2090 දී ගොඩක් දේවල් වෙනස් වෙලා තිබුනා . ඒ උනාට අහම්බෙකින් මට මගේ ග්‍රැනීගේ ෆෝන් එක හම්බ උනානේ . මන් හිතන්නේ මගෙ ජීවිතේම වෙනස් වෙන්න හේතු උනේ ඒක වෙන්න...
10K 2K 11
ආයිශ් මේ ප්‍රොෆා කාරයා..😏 බකපන්ඩිතයා...😑 මිස්ටර් කිම් නම්ජුන්.. මේ මියුගෙන් ඔයාට ගැලවෙන එක.. කරන්න බැරි වැඩක්..😎 Start Date:- 2022.01.10 Published...
931K 24.6K 30
you've known dream and his friends for a while, but when they come to visit you and your roommate/childhood bestfriend karl for the first time, you w...
292K 8.7K 95
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...