Pirates of the Athlantis| PJM...

By Whalien52_ft3

2.3K 781 140

" යා යුතු මග කුමක්දැයි නොඅසන්න කළ යුතු දේ කුමක්දැයි නොඅසන්න නුඹ නුඹටම සවන් දුන්විට එය නුඹටම වැටහී යනු ඇත " More

01| Beach
02| Captain jimin
03| I don't know
05| Royal ship
06| Téir abhaile
07| lonely
08| mermaid attack
09| Happiness
10| Black Pearl

04| pirates

174 76 5
By Whalien52_ft3

°°Pirate of the Atlantis°°

Chapter 04•

" කැප්ටන් !! ඔත්තු කාරියෙක් අල්ලගත්තා!!! "

පපුව ගාවට දිග කළු කොණ්ඩයක් එක්ක කළුපාටින් දිලිසෙන ඇස් දෙකක් තිබ්බ මිටි පුංචි කෙල්ලෙක්ගෙ අතින් ඇදගෙන තමන් ගාවට ආපු උස මහත නාවික සගයා දිහා බලපු ජිමින් උස්සන් හිටපු කඩුව පහත් කරගත්තා.

ඊටපස්සෙ ජිමින් කෙල්ල දිහා බැලුවෙ නළල රැලි කරගන්න ගමන්. වටේපිටේ හිටපු අය ජිමින්ගෙන් ටිකක් ඈත් උනේ බයෙන්. ජිමින් නලල රැලි කරගන්න එක ඒ තරම් සුභ දසුනක් නෙවේ.

වේළුණු මේපල් කොළයක් පාට ජිමින්ගෙ ඇසුත් රෑ අහස වගේ දිලිසෙන කෙල්ලගෙ ඇසුත් එකට ගැටෙද්දි එක මොහොතකට ජිමින්ගෙ හදවත ගැස්සුනා.ඒ නිසාමයි ජිමින් කෙල්ලව අල්ලන් හිටපු ජොනතන්ට කෙල්ලව නිදහස් කරන්න කියලා අතින් සන් කලේ.

" තමුන් ඔත්තුකාරියක්ද? " ජිමින් ගැඹුරු හඬකින් කෙල්ලගෙන් ප්‍රශ්න කලා.

" මං එකපාරක් කිව්වනෙ නෑ කියලා. මට උවමනා උනේ අර පේන නැවේ අයිතිකාරයා හොයාගන්න විතරයි ! " කෙල්ල අත දික් කරලා ජිමින්ගෙ Black Pearl නැව පෙන්නපුවාම ඒ දිහා බලපු ජිමින් මහ හයියෙන් හිනාවුණේ ඒ කියපු දේ විහිලුවකට අරගෙන.

" මොකද්ද තමුන්ගෙ නම? " ජිමින් අඩි කීපයක් කෙල්ලට ලං උනා.

" ප-පසී ..."

" හොඳයි ප-පසී...ඒ නැවේ කැප්ටන් තමයි මම! මොකද්ද මගෙන් මේ තරුණ නෝනට කෙරෙන්න ඕනෑ? " ජිමින් ඒක අහපු තාලෙට එතන හිටපු හැමෝටම හිනාගියා.පසී වටපිට බැලුවෙ නින්දාවට පත්වීමෙන් දැනුනු තරහෙන්.

" මොකක් හරි- මගේ නම පසී...ප-පසී නෙවේ. මට පුළුවන්ද ඔයාගෙ නැව කුලියට ගන්න? " පසී ලොකු හුස්මක් උඩට අරන් ඒවිදියට කියාගෙන ගියේ කෙලින්ම ජිමින්ගෙ ඇස් දිහා බලාගෙන.

පසීගෙ ඇස්වල තිබ්බ නිර්භය බවින් ආයෙමත් ජිමින්ගෙ හදවත ගැස්සුනත් ජිමින් ඒ බවක් නොපෙන්වා මහා හයියෙන් හිනාවුණා.

" කුලියට ගන්න? මගේ කෙල්ලව? ඒ මේ බලාපල්ලා...මේ මෝඩ කෙල්ල මට විහිළු කරනවා " හයියෙන් ඒ විදියට කෑගහපු ජිමින් මුලු සෙනඟ එක්කම මහා හඬින් ආයෙමත් හිනාවුණා. පසී අසරණ විදියට වටපිට බැලුවෙ කරගන්න කිසිම දෙයක් නැතිව.

" දන්නවද මම කවුද කියලා? ඒ මෝඩ කෙල්ලෙ!? " එකපාරම හිනාව නවත්තපු ජිමින් අඩි කීපයක් ඉස්සරහට තියලා පසීට ලංවුණා.පසී අඩි කීපයක් පස්සටතිබ්බෙ ගැහෙන පපුව උඩින් නිදහස් අත තියාගනිමින්.

" ම-මගේ ගාවට එන්න එපා- " පසී වෙවුලන හඩකින් එහෙම කියන ගමන් වටපිට බැලුවෙ ගැහි ගැහි. පසීගෙ ඒ කතාවටත් එතන හිටපු හැමෝම මහා හඬින් හිනාවුණා.

" මොකද්ද ඔය අතේ තියෙන්නෙ? " අන්න එවෙලෙයි ජිමින් පසීගෙ අතේ තිබ්බ රත්තරන් පාට පෙට්ටිය දැක්කෙන්.

" මොකක් හරි! "ඒ විදියට කියපු පසී පෙට්ටිය පිටිපස්සට කරලා හංග ගත්තා. ඒ වැඩෙන් උනේ ජිමින්ට තරහා ගියපු එක. ජිමින්ගෙ එක විධානයකින්ම පසී පිටිපස්සෙ හිටපු දිග රැවුලක් තිබ්බ වයසක හාදයෙක් පසී අතින් පෙට්ටිය උදුරලා ගත්තා.

" අනේ ඕක දෙන්න, ඕක නැති උනොත් මට කවදාවත් ගෙදර යන්න බැරිවෙයි " එතනට ආපු එක ගැන සිය දහස් වතාවක් පසුතැවෙමින් පසී ජිමින් ඉස්සරහා බැගෑපත් උනා.

" මොකද්ද මේකෙ ඔයතරම් තියෙන විශේෂත්වය? " ජිමින් ප්‍රශ්න කලේ ඔලුවෙන් ඒක තමන්‍ට දෙන්න කියලා සන් කරමින්. නාකි රැවුලා ඒක පසීගෙ ඔලුවට උඩින් ජිමින්ගෙ පැත්තට දැම්මත් ජිමින්ට ඒක අල්ලගන්න උන්නෑ. ඒ වෙනුවට බිම වැටුනු පෙට්ටියෙ පියන ඇරිලා ඇතුලෙ තිබ්බ කළු මුතු ඇටය එලියට රෝල් වෙලා ආවා.

" බලන් ඉන්නෙ නැතුව ඕක අරන් දෙනවා" ඒ ලඟ හිටපු මනුස්සයෙක්ට ජිමින් තරහෙන් කෑ ගහනවා පසී බලන් හිටියෙ කඩාවැටුණු බලාපොරොත්තු එක්ක.


අන්න ඒවෙලවේ ,
නොහිතපු දේවල් ගොඩාක් වෙමින් තිබ්බ පසීට එයා තවත් නොහිතපු දෙයක් බලාගන්න පුළුවන් උනා...

කළු මුතු ඇටය අල්ලපු උස කෙට්ටු මනුස්සයා එකපාරම මුතු ඇටය තුලට ඇදිලා ගියා!! ජිමින් විතරක් නෙවෙයි පසී පවා ඒ උන වැඩෙන් ගැස්සිලා ගියත් ඊලඟ මොහොතෙ පසීට තමන් කියවපු පොතේ එක දෙයක් මතක් උනා.

"... තියෝ ඇර මුතු ඇටයට අත තැබූ අන් සෑම කෙනෙක්ම කාල අවකාශයේ හිරවී ගියා. මෙය ප්‍රයෝජනයට ගත් තියෝ මුතු ඇටය තම ආරක්ෂක අවිය කරගත්තා.. " ඒක මතකයට ආපු හැටියෙම පසීගෙ හදවතේ මොකද්දෝ බරක් සැහැල්ලු උනා.

" ඒක අල්ලන්න එපා- " පසී දුවගෙන ගිහින් මුතු ඇටේ අතට ගත්තෙ එහෙම කියමින්.

" මොකද්ද ඒ උනේ!!?? කොහාටද අර මනුස්සයා ගියේ!!?? " ජිමින් බොහෝම තදින් පසීගෙන් ඇහුවත් පසීව අල්ලන්න පොඩි බයක් ඒ වෙනකොට ජිමින්ට තිබ්බා.

" අහන්න- බයවෙන්න එපා...පොතේ හැටියට එයා කාල අවකාශයේ හිර උනා. එයාව ආපහු ගෙන්නගන්න පුළුවන් මේකෙ අනිත් මුතු ඇටේ හොයාගත්තම විතරයි " පසී ඒ විදියට කිව්වේ දෑතින්ම මුතු ඇටේ අරගෙන.


" අනික් මුතු ඇටේ කිව්වේ?පොඩ්ඩක් ඉන්න- පොඩ්ඩක් ඉන්න....එතකොට-එතකොට මේ ඇත්ලෑන්ටිස්හි කළු මුතු ඇට වලින් එකක්ද? "ජිමින් බයෙන් භිරාන්ත වෙලා අහද්දි වටේ පිටේ හිටපු හැමෝම බයෙන් සද්ද පිට කරන ගමන් අඩි කීපයක් පසීගෙන් ඈත් උනා. පසී ඒ අය දිහා බැලුවෙ තෝන්තුවාවෙන්.

" ඔව් ඇයි? " පසී ජිමින් දිහාට මුතු ඇටේ දික් කරේ ජිමින්ට ඒක හොඳට බලාගන්න පුළුවන් වෙන්න.

" ආආආහ්හ්හ්හ්හ් !! තමුන්ට මොකද්ද ඕනි??මොකක් නිසාද තමුන් ඕක මෙහාට අරන් ආවෙ!!?? අපිවත් ඔය ශාපෙට අල්ලගන්න එපා! ඕක-ඕක ඈත් කරලා තියාගන්නවා...මොනාද තමුසෙට මගෙන් ඕනි?? ආඅහ්හ්හ්හ් අයින් කරගන්නවා ඕක!! " ජිමින් අඩි කීපයක් පස්සට පැන්නෙ කෑ ගහගෙන. පසී මුතු ඇටේ දිහත් ජිමින් දිහත් මාරුවෙන් මාරුවට බැලුවා.

" මොන ශාපයක් ගැනද ඔයා කියන්නෙ? "

" ඇත්ලෑන්ටිස්හි කළු මුතු ඇටයේ ශාපය...දැනට අවුරුදු හතලිහකට කලින් කොල්ලෙක් ඔය මුතු ඇටෙත් එක්ක ආවා...රාජකීය නැවකින් ඌ කොහාටදෝ තොලොන්චි වෙන්න කලින් ඕක අල්ලපු හැම කෙනෙක්ම අතුරුදන් උනා...ඒ මිනිස්සු ආවද නැද්ද කියලා කවුරුවත් දන්නෑ...ඕක-ඕක තනිකරම ශාපයක්! " ජිමින් වෙනුවට පසීගෙ ප්‍රශ්ණෙට උත්තර දුන්නෙ කුරුමිටි ජොජෝ.

" ආහ්! ඒ තියෝ!! මම එයාව දන්නවා. අහන්න- මට නැවක් ඕනි...කිඳුරු දූපතට ගිහින් මේ කළු මුතු ඇටේ අනික හොයාගත්තම මට ගෙදර යන්න පුළුවන්. මම මෙහේ කෙනෙක් නෙවේ, මේ මුතු ඇටේ නිසා එකපාරම මම මෙහෙන් මතු උනා...ආයෙ ගෙදර යන්නනම් මට අනිත් මුතු ඇටෙත් ඕනිමයි..." පසී කොයිතරම් වේගෙන් ඒක කිව්වද කිව්වොත් එතන හිටපු සමහරුන්ට ඒක පොඩ්ඩක්වත් තේරුනේ නැහැ.

" කිසි ගෙවීමක්වත් නැතිව නිකන් බොරුවට අවධානමක් ගන්න අපි මෝඩයො කියලා හිතුවද? ආ කෙල්ලෙ? " පසීට විරුද්ධ වෙමින් ජිමින් ඒ විදියට කිව්වේ පසීට රවන ගමන්. ජිමින්ගෙ හඬින් පසී පසු බැස්සත් කතා කරන එක පසී නතර කලේ නෑ.

" එ-ඒත් ඔයාගෙ කෙනෙක් කාල අවකාශයේ හිරවෙලානෙ ඉන්නෙ. එයාව බේරගන්න ඕන්නැද්ද? අනික-අනික කළු මුතු ඇට දෙක එකතු උනාම ඒකෙන් දොරටු දෙකක් හැදෙනවා...එකක් මගේ ලෝකෙට- අනික ඇත්ලෑන්ටිස් වලට. ඇත්ලෑන්ටිස් කියන්නෙ ධනයෙන් පිරුණු නගරයක්!! " පසී හරි ඉක්මනට කියාගෙන කියාගෙන ගියා. අනික් කොටස් කෙසේ වෙතත් එතන හිටපු හැමෝටම " ධනයෙන් පිරුණු "කෑල්ලනම් හොඳටම තේරුණු ගාණයි.

" ආවුස්....." ජිමින් කල්පනාකාරීව පසී දිහා බැලුවෙ මඩේ හිටවපු ඉන්නක් වගේ.

" ඒ තර්කයනම් හුඟක් වාසි දායකයි- ඒත් මං කොහොමද දැනගන්නෙ තමුන් බොරු කියනවද ඇත්ත කියනවද කියලා ? " ජිමින් ඒ ප්‍රශ්ණෙ අහද්දිම පසී මැන්දෙන් පැන්නා.

" දොරටු දෙකක් ඇරුණෙ නැතොත් මාව මරලා දාන්න!!! " ඒක කියවුණාට පස්සෙයි පසීට තමන් කියපු දේ බරපතළ කම තේරුනේ.

ඒත් ඒ වෙනකොට පසී පරක්කු වැඩියි...කොහොමත්, අපි වචනයක් කටින් පිට කලාට පස්සෙ ඒක ආයෙ ඇදලා ගන්න බැහැනෙ. ඒ නිසා වචන පාවිච්චි කරද්දි අපි හුඟක් පරිස්සම් වෙන්න ඕනි!

" අපිට අපේ එකාවත් ආයෙ ලැබෙනවනම් , ධනයකුත් ලැබෙනවනම් , අපිට වාසියිනම්....ගණුදෙණුවෙ වරදක් නැහැ එහෙම නේද ? "ජිමින් ඒක ඇහුවෙ හයියෙන් කෑ ගහලා අනිත් අයගෙන්.

" ඔව් කැප්ටන්......" කට්ටිය එකම හඬින් කියද්දි පසීගෙ මූණට හිනාවක් ආවා.

" ඒත් කැප්ටන්- ආයෙ පාරක් හිතලා බැලුවනම් හරි...මොකද කිඳුරු දූපත කියලා එකක් නැහැනෙ " කුරුමිටි ජොජෝ විතරක් හැමෝගෙම පිලිතුර ප්‍රතික්ෂේප කරමින් අහද්දි ජිමින් ජොජෝට අවධානය දුන්නා.

" ජොජෝ කියන කතාවත් ඇත්ත- "

" නෑ නෑ කැප්ටන්- ඒ ගැන බයවෙන්න එපා...නිල් තාරකාව දිගේ ඉස්සරහට යාත්‍රා කරන්න. ඉතුරු ටික මම බලාගන්නම්! මං දන්නවා ඒක තියෙන තැන!! " පසී ඉස්සරහට පැනලා කිව්වත් ඇත්තටම ඒවනම් පට්ටපල් බොරු!

" හරිනෙ එහෙනන්!!! මොකද්ද නම කිව්වේ තමුන්ගෙ ? " පසීගෙ බොරු ගැන ගාණක් නැති උනු ජිමින් සතුටු හිනාවක් මූණට නගාගෙන පසී දිහා බැලුවා.

" පසී! මගේ නම- "

" හොඳයි පසී මෙනෙවිය...මගේ නම පාක් ජිමින්- මට කැප්ටන් කියලා කතා කරන්න. අපේ මුහුදු මංකොල්ලකාර නැවට ඔබව සාදරයෙන් පිලිගන්නවා " පසීගෙ අත අල්ලලා ගෞරවාන්විතව සිපගනිමින් ජිමින් එහෙම කියද්දි පසී දෙවෙනි වතාවටත් ගල්වෙලා ගියා...

" මු-මු-මුහුදු මංකොල්ල කාරයො!!!??? "

Continue Reading

You'll Also Like

1K 152 15
ඔයා මට ලොකු උදව්වක් කරේ . කිසිම ප්‍රශ්නයක් අහන්නේ නැතුව මාත් එක්ක මෙච්චර දුරක් දුවං ආපු එක ...
1.7K 554 8
සිත් රිදවීම් , ප්‍රතික්ෂේප වීම් අතරේ ශක්තිමත් ඌ සිහිනයක්.. - Park Jimin Fan Fiction - My Gladiolas Flowers ©December 2021 Boboo_kitty
1.9M 83.7K 127
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
2.6K 681 8
මගෙ සොහොන උඩ ඔය අත්වලින් එක ම එක රෝස මලක් තියන්න.... (Cover by Laya-K) Started : 27/12/2021 Ended : 05/01/2022 By Kit-Kat 🍃