°°Pirate of the Atlantis°°
Chapter 02•
ඈත ඉර බැහැගෙන යන ක්ෂිතිජ ඉමේ නොපෙනෙන මානයක ඇස් රඳවන් හිටපු ජිමින් දෑස් තදින් පියාගත්තෙ මොකද්දෝ අමුතු හැඟීම් ගොන්නක් හිතේ දරාගෙන.
ලුණු රසය මුසු සීතල මුහුදු සුළඟ ජිමින්ව සිපගෙන ඈතට හමාගෙන යද්දි ජිමින්ගෙ හිතේ තිබ්බෙ එකම එක දෙයයි...
" අනේ මේ සුලඟත් එක්ක මගේ හිතේ තියෙන බරත් ගහගෙන යනවනම්...."
" කැප්ටන්!! " අදහස් මානය සුනු විසුණු කරමින් ජිමින් ගාවට මිටි කුරුමිට්ටෙක් දුවගෙන ආවා.
" ඔව් කියන්න ජොජෝ? " ජිමින් කිව්වෙ තමන්ගෙ ඔළුව උඩ තිබ්බ පැස්බර පිහාටුවක් ගහපු තොප්පිය අතින් හදාගන්න ගමන්.
" බඩු පටවලා ඉවරයි! " ජොජෝ නිකට කහන ගමන් ජිමින්ට දිහා බැලුවා.
" සෙරම පැටෙව්වද? ඒ කියන්නෙ ආයෙ මාස තුනකට සෑහෙන්න අපිට කන්න තියෙනවා කියන එකනෙ? " ජිමින් නලල රැලි කරලා නපුරු බැල්මක් ජොජෝ දිහාට දැම්මා.
" ඔ-ඔව් කැප්ටන්...මාස තුනකට සෑහෙන තියෙනවා "
" එතකොට දූපතේ මිනිස්සු? "
" උන් විරුද්ධ උනේ නෑ...වෙනදා වගේම සේරම දුන්නා... අපිට පුළුවන් හෙට උදේම පිටත් වෙන්න කැප්ටන්. " ජොජෝ හිස පහත් කරලා ඒ විදියට කියද්දි ජිමින් අතින් ජොජෝට යන්න කියලා සන් කලා.
ඊටපස්සෙ ජිමින් ඔලුව හරවලා බැලුවෙ ස්වාභාවික වරායෙ නැංගුරම්ලාලා තියෙන තමන්ගෙ අගනා වස්තුව දිහා. ඒක කළුපාට අඳුරු පෙනුමක් තිබ්බ මුහුදු මංකොල්ලකාර නැවක්! රිදීපාටින් ඒ නැව් බඳේ ගහලා තිබ්බේ " Black Pearl " කියලා.
ඔව්,
ඒ මුහුදු මංකොල්ලකාර නැවේ කැප්ටන් උනේ වෙරලෙ තේරසින් හිටගෙන හිටපු දුඹුරුපාට හිස්කෙස් තිබ්බ කඩවසම් තරුණයා. පැස්බර පිහාටුවකින් හැඩවුණු ලස්සන තොප්පියකුත් කළුපාට ඇඳුමත් උස බූට්ස් දෙකත් ඉණේ නිතරම රැඳුළු රිදීපාට කඩුවත් ජිමින්ට දරුණු පෙනුමක් ගෙනාවත් ඒ මූණෙ තිබ්බ කඩවසම් බවත් තේජසත් ඒකෙන් අඩු උනේ නැහැ.
" බඩු පටවලා ඉවරනම් ඒක සමරන්න අපි සාදයක් තියමු! " එකපාරම මූණට හිනාවක් නගාගනිපු කැප්‍ටන් ජිමින් එක අතකින් කඩුව ඇදලා අරන් උස්සගෙන තමන්ගෙ සෙනඟ හිටපු පැත්තට දුවගෙන ගියා. ඊලඟ මොහොතෙ ඒ පැත්තම දෙදරවලා යන තරම් ජය ගෝසාවන් නැගෙද්දි මිනිස්සු හැමෝම ජිමින්ව වටකරන් සතුට ප්‍රකාශ කරන හැටි දැක්කෙ මුහුදු ලිහිණියන් විතරයි...
••••••••••••••••••••••••••••••
සින්දු කියමින් නටන තමන්ගෙ මුහුදු මංකොල්ලකාර සඟයො දිහා ජිමින් බලන්හිටියෙ හිනාවෙවී. දුම්කොළ පයිපෙන් ඇඳගත්තු දුම වාතලය මුසු කරමින් සීතල මුහුදු සුළඟ ඇති තරම් විදිමින් හිටපු ජිමින්ට තමන්ගෙ ප්‍රශ්න එකක්වත් මනසට ආවෙ නැහැ...
ගින්දර පන්දම් වටේට ගහපු වැල්ලෙ වයින් බැරල් එකට අමතරව තිබ්බෙ පැත්තකින් ගොඩ ගහපු අවි ආයුධ විතරයි. මිනිස්සු හිතේ හැටියට විනෝද වෙමින් නටමින් හිටියා.
hurdy gurdy
lute
Accordion
Bagpipes
වගේ වාදන භාණ්ඩ හරිම අගේට නාද වෙද්දි ඒවගෙ තාලෙන් මත් උනු ජිමින් වාඩිවෙලා හිටපු බැරල් එක උඩට නැගගත්තෙ කඩුව අතට ඇදලා ගන්න ගමන්.
කෑ ගගහා විනෝදවෙමින් හිටපු හැමෝම නිශ්ශබ්දවෙලා ජිමින් දිහා බැලුවා. හැමෝගෙම ඇස් ජිමින් දිහාට යොමු උනාට පස්සෙ කට කොනකින් හිනාවුණු ජිමින් තාලෙ අල්ලන්න කකුලෙන් බැරල් එකට තට්ටු කරන ගමන් තාලෙට සින්දුවක් කියන්න පටන් ගත්තා...
There once was a ship that put to sea
The name of the ship was the Billy of Tea
The winds blew up, her bow dipped down
Oh blow, my bully boys, blow
(huh) ජිමින්ගෙ සින්දුවට අනිත් අයත් එකතු උනා...
Soon may the Wellerman come
To bring us sugar and tea and rum
One day, when the tonguing is done
We'll take our leave and go
She'd not been two weeks from shore
When down on her a right whale bore
The captain called all hands and swore
He'd take that whale in tow
(huh) සින්දුවෙ තාලෙට ජිමින් නටන්න ගත්තෙ තමන් දක්ෂ මුහුදු මංකොල්ලකාරයෙන් විතරක් නෙවෙයි දක්ෂ නර්තනශිල්පියෙක් බවත් අනිත් අයට ඒත්තු ගන්වමින්.
Soon may the Wellerman come
To bring us sugar and tea and rum
One day, when the tonguing is done
We'll take our leave and go
Da-da-da-da-da
Da-da-da-da-da-da-da
Da-da-da-da-da-da-da-da-da-da-da
හැමෝගෙම සතුට පිරුණු රළු හඬවල් වලිනුත් සිනහවන්ගෙනුත් ඒ පැත්තම පිරිලා තිබ්බා...ජිමින් එක අතක කඩුවත් අනිත් අතේ වයින් වීදුරුවකුත් තියාගෙන උපරිම සතුට බුක්ති විදිමින් හිටපු අන්න ඒ වෙලාවෙ සෙනඟ මැද්දට කඩා පහත් උනේ කොහෙත්ම ජිමින් බලාපොරොත්තු උනු දෙයක් නෙවෙයි....