Pirates of the Athlantis| PJM...

By Whalien52_ft3

2.3K 781 140

" යා යුතු මග කුමක්දැයි නොඅසන්න කළ යුතු දේ කුමක්දැයි නොඅසන්න නුඹ නුඹටම සවන් දුන්විට එය නුඹටම වැටහී යනු ඇත " More

02| Captain jimin
03| I don't know
04| pirates
05| Royal ship
06| Téir abhaile
07| lonely
08| mermaid attack
09| Happiness
10| Black Pearl

01| Beach

635 96 26
By Whalien52_ft3

°°Pirate of the Atlantis°°

Chapter 01•

" ...පොසෙයිඩන්ගෙ බිඳ වැටීමෙන් ඇත්ලෑන්ටිස් නගරයෙ බලය කඩාවැටුණා. ග්‍රීකයන් දිගින් දිගටම යුද්ධ කරද්දි දෙවිවරුන්ගෙ සහය නොලැබුණු ඇත්ලෑන්ටිස් වැසියන් කෙමෙන් කෙමෙන් පරාජය වෙමිනුයි තිබුනෙ. එකල ‍තම ලෝකයට සමාන්තර ලෝකයක්ව තිබූ තවත් ලොවකින්ද ඇත්ලෑන්ටිස් වැසියන් පරදන්නට ග්‍රීකයන් විශාල සහයක් ලබාගත්තා. දෙවිවරුන්ගෙ සහය ඇතිව ලෝකයේ ඉහළින්ම වැජඹෙමින් තිබූ ඒ අති දියුණු ශිෂ්ටාචාරය බිඳවැටෙමින් තිබූ අවධියේ මුහුදට අධිපති දෙව් පොසෙයිඩන් අවසාන වතාවට සාගරයෙන් නැගී සිටියා.

ඔහු ඇත්ලෑන්ටිස් දූපත් වැසියන්ට කළු මුතු ඇට දෙකක් ලබා දුන්නා. එයින් එක් මුතු ඇටයක් ඉහත සඳහන් කළ සමාන්තර ලෝකයේත් අනෙක් මුතු ඇටය තම ලෝකයේ සාගර මධ්‍යයෙහි පිහිටි කුඩා දූපතකත් සඟවා දැමුනා. මුතු ඇට දෙක දෙතැනක තිබෙන තාක්කල් නැවත කිසිම දාක ලෝක දෙක අතරෙහි දොරටු විවර උනේ නැහැ. එමෙන්ම ඇත්ලෑන්ටිස් නගරය සාගර පතුලෙහි ආරක්ෂාකාරීව මිනිසුන්ද සමඟ සඟවා දැමීමට පොසෙයිඩන් දෙවියන්ට සහ කළු මුතු ඇටයට හැකි වූවා. මේ හේතුවෙන් ග්‍රීකයන්ට ජය අත්වුණද ඔවුන් ඇත්ලෑන්ටිස් වැසියන්ට කුමක් වුණිදැයි යන විශාල ගැටළුවෙන් සදාකාලිකවම වැසී ගියා...."

" අනේ මේ කෙල්ල මානසික රෝගියෙක් වෙලයි නවතින්නෙ... දවසම කාමරේ ඇතුලට වෙලා ෆෝන් එකේමයි...කද්දිත් ෆෝන් එකේ, රෑට රෑට බලද්දිත් ඇහැරගෙන ෆෝන් එකේ..."

පසී ඔළුව උස්සලා වැහුණු දොර දිහා බැලුවෙ කියව කියව හිටපු ජූල්ස් වර්න්ගෙ E book එක ක්ලෝස් කරන ගමන්.දොරෙන් එහාපැත්තෙ වෙන දේ හිතාගන්න පසීට අපහසු උනේ නැහැ. සුසුමක් හෙළපු පසී සිවිලිමේ කැරකෙමින් තිබ්බ ෆෑන් එක දිහාට ඇස් යවමින් ඇඳේ මැද වැතිරුණා. පසීට දැනුනේ හරිම හිස් හැඟීමක්...මොකද්දෝ අමුතු අදිසි හස්තයක් පසීගෙ හදවත තෙරපනවා වගේ හැඟීමක් ඒ හිස් හැඟීම අරඹයා ටිකෙන් ටික ඉහලට නැගෙමින් තිබුනා.

කෑ ගහලා අඩන්න උවමනාවකින් පසී පෙළුණත් ඒ දේ කරගන්න තරම් තමන් දුර්වල නැතිබව පසීගෙම හදවත කොනේ කොහේදෝ හැංඟිලා හිටපු තවත් පසී කෙනෙක් රහසේ කොඳුරන්න ගත්තු නිසා පසී දෙතොල් එකට තද කරගෙන ඇස් තදින් පියාගෙන විනාඩි කිහිපයක් ඒ විදියටම හිටියා. ඊලගට පසී ඇඳෙන් බැස්සෙ මලානිකව. දොරගාවට වෙනකන්ම මලානික විදියට ආපු පසී දොර ගාවදි කොන්ද කෙලින් කරගෙන බොරු හිනාවක් මූණට නගාගත්තා.

" ඇයි අම්මා මේ කෑ ගහන්නෙ, හත්තික්කේ.... ලගපාත මිනිස්සු හිතයි අපි ගෙදර ඌරො මරනවා කියලා " බොරු හිනාවෙන්ම ඒ විදියට කියපු පසී උඩ පැන පැන සාලෙ හරහා කෑම කාමරේට පැනගත්තා. කවුරුවත් නැති කෑම කාමරේදි පසී ආයෙමත් තමන්ගෙ ඇත්ත ස්වරූපයට එන ගමන් මලානිකව පුටුවකින් ඉඳ ගත්තා..

" මොකද්ද ළමයො ඔයා දැන් කාමරේට වෙලා කලේ? " පසීගෙ අම්මා අහද්දි පසී මේසෙට ඔලුව ගහගත්තා.

" කියෙව්වා අම්මා...."

" ඔය දැක්කනෙ! ඔය දැක්කනෙ!! ඇහුවම කියනවා කියවනවලු...ඒත් කවුද දන්නෙ ඕක ඔබ ඔබ වෙන මොනවා කරනවද කියලා? මේ ලමයට ගෙදරින් එලියට බහින්න කිසි ආසාවක් නෑ...මටනම් දැන් හොඳටම බයයි මේ ලමයට ලෙඩක්ද " අම්මා ආයෙමත් එහාගෙදර ආන්ටි එක්ක කියවන හැටි අහන් හිටපු පසී ආයෙමත් ඇස් තදින් පියාගත්තා.

" මට depressed නෑ...මම සතුටින් නෙවෙයි, එච්චරයි " පසී තමන්ටම ඒ විදියට මුමුණගත්තෙ වෙවුලන හඬකින්.

ඊලඟ මොහොතෙ පසීට ඇහුනා හුරුපුරුදු හඬක්...ඒ හඬට ඇස් ඇරපු පසී හොඳින් ඇහුම්කන් දුන්නේ සැකෙන් පිරිලා යද්දි.

" ආන්ටි පසී ඉන්නවද? "

ඔව්, පසීගෙ සැකේ හරි...ඒ පසීගෙ ක්ලාස් යාලුවෙක්, හොඳම යාළුවා කියන්නත් පුළුවන්.

" ඉන්නවා දුව, මොකක් හරි වැඩකටද මේ? එන්න ඇතුළට...ආ මේ අනිත් දුවත් ඇවිල්ලා තියෙන්නෙ! " අම්මා ඒ විදියට කියද්දි පසී ඔළුව ඉස්සුවා.

" නෑ ආන්ටි, අද නිවාඩු දවසෙ පොඩ්ඩක් බීච් ගිහින් ඇවිදලා එන්න කියලා බැලුවෙ. අපි ඊයෙ පසීට කියලා ඇත්තෙ...කෝ දැන් පසී? "

" අනේ ඒකනම් ලොකු දෙයක්, දවසෙම ගේ ඇතුලෙ ඉන්නවට වඩා ඇවිදලා කියලා හිත නිදහස් කරගන්න එක! පොඩ්ඩක් ඉන්න ලමයිනේ " අම්මා ඒ විදියට කියාගෙනම කෑම කාමරේට ඇතුල් උනේ පසීව හොයාගෙන. පසීව දැකපු ගමන් අම්මා හනිකට පසීට ලං උනා.


" අන්න අර ළමයි ඇවිත්...පොඩ්ඩක් එලියට බැහැලා ඇවිදලා එන්න." අම්මා ඒ විදියට කිව්වේ පසීගේ ඔලුව අතගාන ගමන්. පසී යාන්තමට හිනාවක් මූණට අරන් අම්මා දිහා බැලුවා.

" අද බෑ අම්මා..." පසී කිව්වේ ඒ ඉරියව්වෙන්ම ඉන්න ගමන්.

" එහෙම කියන්න එපා...යන්න, ගිහින් පොඩ්ඩක් විනෝද වෙලා ඉන්න. නැත්නම් ගේ ඇතුලෙම ඉදලා මොකක් හරි ලෙඩක් හැදෙයි දරුවො..." අම්මා පසීගෙ පිටට තට්ටුවක් දාද්දි පසී පුටුවෙන් නැගිට්ටා.

වෙනදා ගෙදරින් එලියට බහින්න දහපාරක් වැදලා දාහක් කතා අම්මගෙන් පසී අහවන්නවා...ඒත් අද, අම්මා යන්න කිව්වත් පසීට යන්න උවමනාවක් නෑ.

ඒකනිකන් හරියට, තනියම ඉන්න ඕනි ඒත් තනියම ඉන්නත් බෑ වගේ හැඟීමක්....ඒක ෆීල් වෙන්නෙ කවුරුහරි අඳුරු මූසල දවසක හිනාවෙන්න් කිව්වා වගේ.

බොරු හිනාවකින් මූණ වහගනිපු පසී සාලෙට යන ගමන් යාළුවො එක්ක හිනාවුණා...ඉතින් හැමෝගෙම පෙරැත්ත නිසා මලානිකව ලේස්ති උනු පසී යාළුවො එක්ක ගෙදරින් එලියට බැස්සෙ ඒ හැඟීම් දක්ෂ විදියට හංගගන්න ගමන්.

••••••••••••••••••••••••••••••


බීච් එකට ඇවිල්ලවත් පසීගෙ හිතට කිසි සතුටුදායක හැඟීමක් දැනුනෙ නැහැ. රන්වන් පාට හිරු එලියෙන් රත්වෙච්ච වැල්ලෙ අඩි තිය තියා හිමින් හිමින් ඉස්සරහට යමින් හිටපු පසී පස්ස හැරිලා යාළුවො දෙන්නා දිහා බැලුවා.

මහා හයියෙන් හිනාවෙවී රැල්ල එද්දි පස්සට දුවන යාළුවො දෙන්නා හිටියෙ පසීගෙන් වැඩි ඈතක නෙවෙයි...ඒත් ඒ සතුටින් පිරුණු ආත්ම දෙක ලඟ ඉඳගෙනත් පසීට මොකද්දෝ ලොකු තණිකමක් දැනෙන්න ගත්තා...

පසී ඒ ලඟම තිබ්බ අයිස්ක්‍රීම් වෑන් එක ගාවට ගාට ගාට ගියේ නිකන් ඉන්න බැරි කමට. අයිස්ක්‍රීම් තුනක් අරන් අනිත් පැත්ත හැරෙද්දි දැක්ක දෙයින් පසීගෙ පපුවට යාන්තමට ඉදිකටු අනිනවා වගේ දෙයක් දැනෙන්න ගත්තා.

පසී ඉන්නවද කියලා ගාණක් නැතිව යාළුවො දෙන්නා බීම වීදුරු දෙකක් අරගෙන හිනාවෙවී කතා කර කර බොනවා. පසී තමන්ගෙ දෑතෙ තිබ්බ අයිස්ක්‍රීම් දිහා බලලා සුසුමක් පිටකලා. ගිණිගහන අවුවෙ අතදිගේ බේරෙන අයිස්ක්‍රීම් දිහා සානුකම්පිතව බලපු පසී මූණට ආයෙමත් බොරු හිනාවක් නගාගත්තෙ තමන්ගෙ මළානික බවත් හොර රහසෙම හංඟගනිමින්. අයිස්ක්‍රීම් අරගෙන යාළුවො ගාවට ලංවුණු පසී හිනාවෙවීම ඒවා යාළුවන්ට දික් කලා.

" අයියෝ පසී, අපිට අමතක උනානෙ ඔයත් ඉන්නවා කියලා " එක යාලුවෙක් ඒ විදියට කිව්වෙ පසීගෙ අතින් අයිස්ක්‍රීම් එක අරගන්න ගමන්.

" ඒකට කමක්නෑ බන්...ඕක කාපන්කො "

අමතක උනා...
ඒ වචන වලින් කොයිතරම් පසීගෙ හිත රිදුනද කියලා එයාලා දන්නවනම්?
තමන් කොයිතරම් හොඳට හැමෝටම සැලකුවත් ඒ අය ආපස්සට ජරා විදියට තමන්ට සලකන එක පසීට සාමන්‍ය දෙයක් වෙලා.

යාළුවො ආයෙත් රැල්ල පාගන්න දුවද්දි අතේ දියවෙමින් තිබ්බ අයිස්ක්‍රීම් එක බින් එකට දාපු පසී අත ලේන්සුවෙන් පිහිදගෙන ඇස් චූටි කරලා ක්ෂිතිජය ඉම දිහා නොසැලකිල්ලෙන් බැලුවා.

කිසි විශේෂත්වයක් නෑ....
හරියට තමන් වගේමයි....

මුහුද?

මුහුද ගැන පසීට තියෙන්නෙ වෙනස් අදහසක්.

ලස්සනයි ,
ඒත් රහස් පිරිලා...

පිටතින් නිහඬයි, නිශ්චලයි,
ඒත් ඇතුළත ගැඹුරුයි....

මුහුද කියන්නෙ භයානක ඒත් හිත වශී කරවන තැනක්! අභිරහස් පිරිලා උනත් මුහුදට තවමත් කැමති මිනිස්සු ගොඩාක් ඉන්නවා...

පසී තමන් ගැනම හිතන්න ගත්තේ බාගෙට හිනාවෙවී. මොකද පසීට තමන්වම විහිළුවක් වෙලා ගාණයි. අනික, තමන් ගැනවත් හිතන්න වෙලාවක් නොදෙන තරමට තමන්ව හැම දේකටම බිසී කරන් හිටපු පසීට ඒ ගැන හිතන්න පවා ලැබුනෙ මාස ගාණකට පස්සෙ....

Depressed නෑ....ඒත් ජීවත් වෙන්නෙත් සතුටින් නෙවෙයි...

දවසෙ පැය විසි හතරම ෆෝන් එකේ....

තනියම ඉන්න ඕනි ඒත් තනියම ඉන්නත් බෑ....

යාළුවො ඉන්නවා ඒත් එහෙම වෙලත් තණිකම තදින්ම දැනෙනවා...

තමන් කොයිතරම් හොඳට හැමෝටම සැලකුවත් ඒ අය ආපස්සට ජරා විදියට තමන්ට සලකනවා....

ඒ තමයි පසී,
පසීට ඇත්තටම මලානික හිනාවක් ගියා.
දැන් පසීට දැනෙන්නෙ තමන් ගැනම උපන් ලොකු අනුකම්පාවක්...

රත්වුණු වැල්ලෙ අඩි තිය තියා ඔහේ කල්පනා කරමින් ඉස්සරහට ගියපු පසී එකපාරම ආයෙත් හැරිලා බැලුවා. මිනිස්සු ඉන්නෙ තමන්ට හුඟක් ඈතින්! තමන් හිටපු හරියෙ කවුරුවත් නැතිබව දැක්ක පසී හැඳුවෙ ආපස්සට ආයෙ යන්න උනත් අන්න ඒ වෙලාවෙ පසීගෙ ඇස්වලට මොකද්දෝ දෙයක් අහු උනා...

ඒක තිබ්බෙ වෙරළ දෙකට බෙදුණු කළු ගල්තලාවකින් එහාපැත්තෙ. ආයෙමත් පිටිපස්ස හැරිලා මිනිස්සු හිටපු පැත්ත බලපු පසී ගල්තලාව උඩට නැගලා අනිත් පැත්තෙ වෙලරට පැනගත්තා. එතන පොඩ්ඩක් ඇතුලට නෙරිලා හරි ලස්සන විදියට වැල්ල ගොඩ ගැහිලා තිබ්බා. හරියටම වැල්ලෙ මැද්දෑවෙ අවුවට දිලිසෙමින් තිබ්බෙ රත්තරන් පාට චූටි මොකද්දෝ කෑල්ලක්...

ඒකෙ දිස්නය තමයි පසීගෙ ඇස්වලට කලින් අහු උනේ....ඒ හරියටම ගියපු පසී කකුලෙන් ඒ රත්තරන් පාට දිලිසෙන කෑල්ලට තට්ටුවක් දැම්මා.ඒක රන් ආලේපිත යකඩයක් වගෙයි පසීට දැනුනෙ. ඉතින් ආයෙමත් වටපිට බලපු පසී එතනම බිම දණගහගත්තා.

වැලි හාරලා හාරලා අන්තිමට පසී එලියට ගත්තෙ රන් ආලේපිත පුංචි පෙට්ටියක්! ඒ දිහා හරව හරව බලපු පසී නළල රැලි කරගත්තා.

" මොකද්ද මේ? " පසී තමන්ටම කියාගත්තෙ පෙට්ටිය හොලවන ගමන්. පෙට්ටිය ඇතුලෙ මොකද්දෝ දෙයක් තියෙනවා...

" සීරියස්ලි , මොකද්ද මේ?" පසී පෙට්ටිය අරින්න උත්සාහ කලා. ඒත් පෙට්ටිය පොඩ්ඩක්වත් හෙල්ලුනේවත් නෑ!


පසී ඇස් දෙකට හොඳටෝම පෙට්ටිය ලං කරගත්තෙ කුතුහලයෙන්. මොනවදෝ අකුරු ජාතියක් සටහන් වෙලා තිබ්බත් පසීට ඒ අකුරු තේරුනේ නැහැ...ඒවා හරියටම පැරණි ග්‍රීක අකුරු වගේ!

අන්න එතකොට , ඉහලට එසැවිලා තිබ්බ පුංචි ලී බොත්තමක් වගේ එකක් පසී පෙට්ටිය මැද්දෑවෙ දැක්කා. කිසිම අමුත්තක් නොපෙන්වපු පසී බොත්තම එබුවෙ වැඩිය දෙයක් නොහිතමයි.


පසීව බය කරමින් පෙට්ටිය අමුතු සද්දයක් එක්ක ඇරිලා ගියා. බයවුණු පාර පසීගෙ අතින් පෙට්ටිය බිම වැටුණා. පෙට්ටිය ඇතුලෙ තිබිලා බිමට රෝල්වෙලා ගියේ කළුපාට දිලිසෙන බෝලයක්...පසී කුතුහලයෙන් ඒ දිහා බලලා ඇහිබමි උස්සගත්තා.

" ඒක මුතු ඇටයක්ද? " පසී නැවිලා ඒ බෝලෙ දිහා ආයෙත් බැලුවෙ සැකෙන්.

ඉතින් සැකේ තහවුරු කරගන්න හිතන් පසී අත ඉස්සරහට දිගුකලා.

ඔව්, අවිවාදයෙන්ම, ඒ මුතු ඇටයක්....ඒත් ඒක සාමාන්‍ය මුතු ඇටයක්න්ම් නෙවෙයි!

කළු මුතු ඇටය පසීගෙ අතට ස්පර්ශ වෙද්දිම පසීගෙ ඇස් සුදුපාට ආලෝකයකින් වැහිලා ගියා!

ඒ මුතු ඇටය පසීගෙ ජීවිතේ හැරවුම් ලක්ෂයක් කියලා පසී දැනගෙන හිටියනම්....

Continue Reading

You'll Also Like

1M 33.5K 79
"𝙾𝚑, 𝚕𝚘𝚘𝚔 𝚊𝚝 𝚝𝚑𝚎𝚖! 𝚃𝚠𝚘 𝚕𝚒𝚝𝚝𝚕𝚎 𝚗𝚞𝚖𝚋𝚎𝚛 𝚏𝚒𝚟𝚎𝚜! 𝙸𝚝'𝚜 𝚕𝚒𝚔𝚎 𝚝𝚑𝚎𝚢'𝚛𝚎...𝚍𝚘𝚙𝚙𝚎𝚕𝚐ä𝚗𝚐𝚎𝚛𝚜 𝚘𝚏 𝚎𝚊𝚌𝚑...
3.1K 494 18
කී දෙනෙක් රාක්ශයා කියලා එයාට කරදර කරත් , කී දෙනෙක් ළමා මනසක් තියෙන කෙනෙක් කියලා එයාව කොන් කරත් ඇයි මට හිතෙන්නේ එයා තේරුම් ගන්න බැරි උන හරි ලස්සන පිරි...
2.1M 57.6K 95
On the twelfth hour of October 1st, 1989, 43 women gave birth. It was unusual as none of them had been pregnant since the first day they started. Sir...
295K 14.2K 92
Riven Dixon, the youngest of the Dixon brothers, the half brother of Merle and Daryl dixon was a troubled young teen with lots of anger in his body...