My Empress 🖤️✨ ( Sinhala Ff...

By Pacific_Love

6.5K 1.4K 506

අතීතයේ හදවතකට පෙම් බැදි කාලතරණය කළ ගායකයෙක්.... 🌹 මේ Story එක කාලතරණ කතාවක්...අතීත රාජධානියකට ගිය ගායකයෙක්... More

හැදින්වීම 🖤
Chapter : 01 🖤✨
Chapter : 02 🖤✨️
Chapter : 03 🖤✨️
Chapter : 04🖤✨️
Chapter : 05 🖤✨️
Chapter : 06 🖤✨️
Chapter : 07🖤✨️
Chapter : 08 🖤✨️
chapter : 09 🖤✨️
Chapter : 10 🖤✨️
Chapter : 11 🖤✨️
Chapter : 12🖤✨️
Chapter : 13 🖤✨️
Chapter : 14 🖤✨️
අතීත රාජධානියේ චරිත හදුනගමු 🖤✨️
Chapter : 15 🖤✨️
Chapter : 16 🖤✨️
Chapter : 17 🖤✨️
Chapter : 18 🖤✨️
Chapter : 19 🖤✨️
Chapter : 19 🖤✨️ (SP❤🌹)
Chapter : 20 🖤✨️
Chapter : 21🖤✨️
Chapter : 22 🖤✨️
Chapter : 23🖤✨️(SP❤🌹)
Chapter : 24 🖤✨️
Chapter : 25 🖤✨️(PART1)
Chapter : 25 🖤✨️(PART2)
Chapter : 26 🖤✨️(PART1)
පසුවදන ~ 🖤

Chapter : 26 🖤✨️(PART2 , LAST)

235 37 28
By Pacific_Love

My Empress 🖤✨️
Chapter 25 pt.2 👑 (අවසාන කොටස)
__________________🌺

වැළලී ගිය අතීතයක්.....
           අලුත් කළ ගායකයෙක් ......

කාලය කියාවී දෛවයේ සරදම්🍂

__________________________________

(පෙර කොටසට සම්බන්ධය...)

☑️තෙදොo : වර්තමාන ටේහ්‍යුන්ගේ අතීත රූපේ

මෝයුන් : වර්තමාන නම්ජූන්ගේ අතීත රූපේ...

ඩෝයුන් :වර්තමාන ජින්ගේ අතීත රූපේ

යොන්හා : වර්තමාන හොබීගේ අතීත රූපේ...

චoසොන් : වර්තමාන ජන්ග්කුක්ගේ අතීත රූපේ..

ලී චිo : වර්තමාන යූන්ගිගේ අතීත රූපේ
______________________________________

"අහ් කොහොමද...හැමෝම හොදින් නේද.. කියාගෙන බටනළාවත් ඇගිලි අතරෙ කරකව කරකව වූබින් සෙබළු එක්ක ශාලාව ඇතුළට ආවේ තමන්ගේ ආඩම්බර කම පෙන්නගෙන..

වූබින් වාඩිවෙලා කල්පන කර කර හිටපු එකළොස් දෙනාම හිටපු තැන්වලින් නැගිට්ටා..ලී චිo වගේම හැමෝම හිටියේ හුගක් කේන්තියෙන්...

"අහ් ආචාර කරන්න ඕනි නැහැ...ආචාර කරන්න ඕනි නැහැ..." කියපු වූබින් සිංහාසනයෙන් වාඩි වෙලා කකුලක් පිට දාගෙන වාඩි වුණා...

මියුන්ජු : " තමුන් හිතාගෙන ඉන්නේ තමුන් මහ ලොකු දෙයක් කළා කියලද..?"

වූබින් : "යුන් මියුන්ජු...යුන් මියුන්ජු..
පොඩ්ඩක් වටපිටාව බලන්න..ඔයා අහපු ප්‍රශ්නෙට උත්තරේ ඔයා ළගම තියෙනවා..."

"අහ් ඒක නෙමේ , ඔයාලව බලන්න අමුත්තෙක් ඇවිත් ඉන්නවා..." වූබින් කතාවට මුළ පිරුවා...

තෙදොo : "අමුත්තෙක්.....? "

"ඔව් ඔව්......අමුත්තෙක්...." කියලා වූබින් දොර දිහා බැලුවම හැමෝම ඒ දිහාවට ඇස් හැරෙව්වා..සෙබළු කීපදෙනෙක් එක්ක ශාලාව ඇතුළට එන මහ ඇමතිව දැක්කම හැමෝම හොදටම පුදුම වුණේ හිතාගන්න බැරුව...

මෝයුන් : "මහ ඇමති....තමුන්...."

වූබින් : "සාදරයෙන් පිළිගන්නවා ඔබතුමාව...." කියලා ඔලුව නවලා ගෞරව කළේ බොරුවට...

මහ ඇමති : "ඔබතුමාට කෘතඤ වෙනවා රජතුමනි...."

ලී චිo : "රජතුමා...? කවුද රජතුමා....
තමුන්ද..තමුන් වගේ නරුමයෙක්ට රජකම කියන වචනෙවත් ගැළපෙන්නේ නැහැ..."

"පොඩ්ඩක් සන්සුන් වෙන්න සහෝදරයා"

කියලා දගකාර විදිහට හිනාවුණ වූබින්, බටනළාව හරහට අරගෙන සුයෝන් දිහා බලාගෙන පිඹින්න ගත්තේ සුයෝන්ගෙයි එයාගෙයි පරණ මතක සුයෝන්ට මතක් කරවන ගමන්..ඒත් සුයෝන් නිසොල්මන්ව බලන් ඉදියා ඇරෙන්න කිසි වෙනසක් පෙන්නුවේ නැහැ...

එන්න එන්නම ඒ සංගීතය මින්හොගෙ මතකය අවුස්සද්දි එයා හොදට සංගීතයට කන් දුන්නේ ඇස් දෙක පියාගෙන...

"එහෙනම් ඒ තමුන්...මට එදා ඇහුණ බටනළා සංගීතය ඕක තමා..."

බේක් කියුං වගේම වූබිනුත් සංගීතයට කැමති කෙනෙක් කියන දැනගත්තම මින්හො පුදුම වුණා..අනාගතේ එයාගේ කලින් ජීවිතේ දේවල් ආපිට සිද්ධ වෙනවා කියලා එයාට තේරුණා..

"මට එදා ඇහුණ ඒ ෆ්ලැට් නෝට්ස් තමුන්ගේ...."
මින්හො හඩ උස් කරලා සද්දෙන් කියනවත් එක්ක වූබින් බටනළාව වාදනය කරන එක නැවැත්තුවා.....

"ආහ්...?..." හැමෝම මින්හො දිහා බැලුවේ මූණු අමුතු කරගෙන...

"ඔව්...එදා මට ඇහුණෙත් ඔය සංගීතයමයි..ඒ කියන්නේ තමුන් මීට කලින් ඉදන්ම මාළිගාවට ඇවිත් තියෙනවා...." මින්හො බැරෑරුම් පෙනුමක් මවාගත්තේ වූබින් දිහා ඇස් අමුතු කරන් බලන ගමන්....

"වාහ්....මින්හෝ...ඔයා මාර දක්ෂයිනේ..."
වූබින් හිනාවෙන ගමන් අත්පොඩි ගැහුවේ සමච්චලේට...

"ඔයාත් දක්ෂ සංගීතවේදියෙක් කියන කතාව ඇත්ත එහෙනම්..."

"තමුන් කොහොමද කියනවා......??" මින්හොගෙ වචන සැරවුණා..වූබින් ගැන මින්හොට දැනුණේ පුදුමාකාර තරහක්..

"ඔයා එන්නත් සෑහෙන කාලෙකට කලින් මම මාළිගාවට ආවේ මින්හෝ...." කියපු වූබින් සිංහාසනයෙන් නැගිටලා අඩියෙන් අඩිය මින්හො ළඟට ඉස්සරහට ඇවිදන් ආවා..

"මෙච්චර කාලයක් බයගුල්ලෙක් වගේ හැංගිලා මේ දේවල් කළේ තමුන් එහෙනම්...."

"එහෙනම් එදා දායින් මට කිව්වේ තමුන් ගැන..." හාජින් ඉස්සර වුණා...

"අවසානය මීටත් වඩා රසවත් සහෝදරයා.
අර කතාවක් අහලා නැත්ද පහනේ එළිය වුණත් වැඩි වෙන්නේ නිවෙන්න ලං වුණාම කියලා...."

"හැබැයි ඒ පහනෙ දැල්ල එක්ක සෙල්ලම් කරන්නෙ බලාගෙන..නැත්තම් අත පිච්චෙන්න පුළුවන්..."

වූබින් මින්හො වචනවලින් වාද කරන වෙලාවේ සුයෝන්ගෙ අවධානය තිබුණේ එයා ළඟ හිටපු සෙබළගේ ඉණේ තිබුණ කඩුව ළඟ..සුයොන්ට ඕන වුණේ සෙබළගේ අවධානය වෙන අතකට හැරුණ ගමන් ෂින් ළවා ඒ කඩුව ගන්න..
ෂිනුත් සුයෝන් ඇස් වලින් කරන ඉගි හොදට තේරුම් අරගෙන අවස්ථාවට අනුව ලෑස්ති වුණා..ඒ දෙන්නගේ හැසිරීම දැකපු අනික් අයත් බලාගෙන හිටියේ ෂින් ගැන බලාපොරොත්තු තියාගෙන...

සෙබළාගෙ අවධානය වෙන අතකට හැරුණත් එක්කම සුයෝන් ,

"ෂින්...."  කියලා කියද්දි ෂින් අසිපත අතට අරගෙන වූබින්ව ඉලක්ක කරයි කියලා සුයෝන් හිතුවත් , ෂින් අතට ගත්ත අසිපත සුයෝන් දිහාවට හරවනවත් එක්ක ඒ හැමදේම කටපිට හැරුණේ නොහිතපු විදිහට...

"ෂ්...ෂින්......"

සුයෝන්ගෙ ඇස් ඉස්සරහ තියෙන්නේ ෂින්ගෙ අසිපත..එයාට හිතාගන්න බැරි වුණා...සුයෝන් වගේම අනික් හොදටම පුදුම වුණේ මේ වගේ දෙයක් හීනෙකින්වත් බලාපොරොඉත්තු නොවුණ නිසා..ඒත් එක්කම  වටේ හිටපු අනික් සෙබළුත් අසිපත් එළියට අරගෙන මින්හොවත් අනික් අයවත් වට කළේ කාටවත් හිතන්නවත් වෙලාවක් නොතියා...

"හහ්...සුයෝන්...සුයෝන්..
මැණික ඔයාට පුදුම  ඇතිනේ...තමන්ගෙ විශ්වාසවන්ත ප්‍රධාන සේනාධිපතිනිය  කොහොමද එයාගේ රැජිණට ද්‍රෝහි වුණේ කියලා.."

වූබින් සුයෝන්ව කේන්ති කරවන්න මොනවා කිව්වත් සුයෝන් කිසි වෙනසක් පෙන්නනෙ නැතුව එක එල්ලේ ෂින් දිහා බලාගෙන හිටියේ ඇස් පිල්ලමක්වත් නොගහා..ඒ ඇස් වල තිබුණේ ලොකු වේදනාවක්..තමන්ටත් වඩා විශ්වාස කරපු එකම කෙනාම එයාව රැවැට්ටුවා කිව්වම සුයෝන්ට දැනුණේ එයා ගැනම ලොකු තරහක්....

"ද්‍රෝහිවූ විශ්වාසවන්තයා...මොකද කියන්නෙ මහ ඇමති ඒ වගේ නමක් අලුත් කතාවකට ගැළපෙනවා නේද....?"

"එහෙමයි රජතුමනි.....හොදට ගැළපෙනවා.."  මහ ඇමති සුයෝන් දිහා බලලා නෝක්කාඩු හිනාවක් දැම්මේ අපහාස කරන්න ඕනවට..ෂින් රැජිණට විරුද්ධ වුණ එකට මහ ඇමතිට තිබුණෙ සතුටක්...

මියුන්ජු : "ෂින්...ඔයා කොහොමද රැජිණට මෙහෙම ද්‍රෝහි වුණේ...??ආහ්..." ෂින් සුයෝන්ව ඉලක්ක කරන් ඉන්නවා දැක්කම මියුන්ජුට දැනුණෙ ලොකු වේදනාවක්...

වූබින් : "එයා ද්‍රෝහි වුණේ අද ඊයේ නෙමෙයි මියුන්ජු..සුයෝන්ට ෂින්ව මුණගැහුණ දවසෙ ඉදන්ම එයා ඔයාලට ද්‍රෝහි වුණා..."

මියුන්ජු : "තමුන් මොනවද මේ කියවන්න විකාර..රැජිණ ෂින්ට සැළකුවේ තමන්ගෙම සහෝදරියට වගේ...
එයා කවදාවත් මෙහෙම කරන්නේ නැහැ.."

ෂින් : "සහෝදරිය..හහ් ඒක කොච්චර විහිළුයිද...සුයෝන් මට එයාගේ සහෝදරිය කියලා කියද්දි පවා මට දැනෙන්නෙ ලොකු පිළිකුළක්..."

මියුන්ජු : "ෂින්...." ෂින්ගේ ඒ වචන මියුන්ජුගෙ හිත තවත් රිද්දුවා...

වූබින් : "ෂින් නැත්තම් හ්‍යුන්ෂි කියන්නේ මගේ පවුලේ කෙනෙක්...සමහරවිට ඔයාලා දන්නේ නැතුව ඇති හ්‍යුන්ෂි ද්‍යුන් සෙන්පතිතුමාගේ දුව කියලා..." වූබින් ෂින් දිහාවට හැරුණේ දගකාර විදිහට..

මෝයුන් : "මොකක්ද...."

ෂින් : "මන් සුයෝන්ට ළං වුණේ එයාව විනාස කරන්න මිසක් සහෝදරියො වෙන්න නෙමෙයි...අනික මට ඕන වුණා එයාව ටිකක් පුදුම කරලා ඔය අහංකාරකම අඩු කරන්න..."

වූබින් : "ඒකනේ හ්‍යුන්ෂි මන් කියන්නෙ ඔයා මටම ගැළපෙන කෙනෙක් කියලා..
හ්‍යුන්ෂි සුයෝන්ට ළං වුණේ අපේ පවුල වෙනුවෙන් මගේ පළිය ගන්න..තමන් විශ්වාස කරපු අය ද්‍රෝහි වුණාම දැනෙන වේදනාව කොහොමද කියලා එයාට දන්වන්න මට ඕන වුණා.." වූබින් කිව්වේ පරණ දේවල් ගැන කියල හැමෝටම තේරුණා...

ලී චිo : "මුල ඉදලම මේ දේවල් කළේ ෂිනුයි තමුනුයි එකතුවෙලාද ඒ කියන්නේ..."

වූබින් : "මේ හැමදේම සැලැස්මක් සහෝදරයා..ඔයාලට පුදුම හිතුණද..."

මහ ඇමති : "ඔබතුමා නම් පුදුම දක්ෂයි උතුමාණෙනි..! " මහ ඇමති වූබින්ව ඇගෙව්වා...

"අවසරයි උතුමාණෙනි...!"

වූබින් : "අහ් එයාවත් මෙහෙට ගේන්න...
ඔයාලට තවත් පුදුම කිරීමක් තියෙනවා මං ළඟ.."

හාජින් : "ඩෝයූන්..." ලීචිං : ඩෝයූන්.."
තෙදොo, මින්හො : "අයියණ්ඩි..අයියණ්ඩි.."

සෙබළු වගයක් ඩෝයූන්ව ශාලාව ඇතුළට අරගෙන එනවත් එක්ක හැමෝම තවත් පුදුම වුණා..

වූබින් : "අපේ සතුටු සාමීචියට සාදරයෙන් පිළිගන්නවා සියෝ ඩෝයූන්  ඔයාවත්.."

"ෂින්...තමුන් කොහොමද මෙහෙම දෙයක් කළේ...ආහ්..." ඩෝයූන් හැරුණේ ෂින් දිහාවට..

තෙදොo : "අයියණ්ඩි...ඔයත් දන්නවද ඒ කියන්නේ.."

ඩෝයූන් : "ඔයා කොහොමද...මෝයාව වගේම අර දාසියොන්වත් හිතක් පපුවක් නැති ගාණට මරලා දැම්මේ..? කොහොමද කියනවා...." ඩෝයූන්ගෙ වචන වල වේදනාව අඩු නැතුව තිබුණා..

"ආහ්...? ෂින් එතකොට ඒ ෂින්ද...? අර දාසියගෙ ලියුමෙ තිබුණේ ෂින් ගැනද..
ෂින්ද අර ලියුමෙ නම තිබුණ ශුයැං මතවාදි කෙනා....?" හාජින්ගෙ ඇස් උඩ ගියා...

"ඔව් හාජින්...ෂින්ගෙ ඇත්ත නම හ්‍යුන්ෂි..
ලියුමෙ අග තිබුණ අසිපත් කැටයම් සළකුණත් ෂින්ගේ අසිපතේ..මේ හැමදේම කරලා තියෙන්නෙ ෂින්..."

හේසූ : "මොකක්ද...? ෂින්..එතකොට අර දාසියෝ , තමන්ගෙම ගෝත්‍රයෙ අයව මැරුවද...?"

මියුන්ජු : "ෂින් ඔයා කොහොමද රැජිණට මෙච්චර ළඟින් ඉදන් ඒ වගේ දෙයක් කළේ...ආහ්..."

"විශ්වාසය තියෙන තැන රැවටීම අනිවාර්යයෙන්ම තියෙනවානෙ මියුන්ජු..."

කියපු ෂින් රිදී අසිපත දිගේ ඇස් යවලා සුයෝන් දිහා බැලුවා..සුයෝන් එක එල්ලේ ෂින් දිහා බලාගෙන හිටියා ඇරෙන්න එක පොඩි හැසිරීමවත් වෙනස් කළේ නෑ...

ඩෝයූන් : "ඒත් මගේ මෝයා...ඒ අහින්සකී මොනවද කළේ..ඇයි එයාගේ ඇස් දෙක නැති කරලා ඒ තරම් වද දුන්නේ...ඒ අහින්සකී කොයිතරම් නම් වේදනා වින්දද කියලා දන්නවද.."

"ඩෝයූන් ඔයාගේ මෝයාට... එයාට මැරෙන්නම වුණා...එයා මැරුණම තමා මේ කතාව සම්පූර්ණ වුණේ..." ෂින් සුයෝන් ඉස්සරහින් කඩුව අයින් කරගෙන ඩෝයූන් ළගට ගියේ මිලේච පෙනුමක් මවාගෙන..වෙනදට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක් ෂින්ගෙන් පෙනුණා...

වූබින් : "ඔව්..යූ මෝයා හිටියෙ නැත්තම් අපි කාවද සුයෝන්ගෙ ප්‍රධාන සැකකාරයා කරන්නේ..මොනා වුණත් යූ මෝයා හොද කෙල්ලෙක්..අපි කියන්නෙ මොනවද එයා ඒ දේවල් එහෙම්මම කරනවා.. අහ්..
කරනවා නෙමේ එයාට කරන්නම වුණා..
ඒත් එයාට තිබුණා නේද හ්‍යුන්ෂි, මාව රවට්ටන්නෙ නැතුව ඉන්න...එයා සුයෝන්ට විරුද්ධයි වගේ මන් ඉස්සරහ බොරුවට රගපාලා සුයෝන්ට උදව් නොකළනම් එයාගේ ජීවිතේ මීට වඩා වෙනස් වෙන්න තිබුණා..."

චoසොන් : "පව්කාරයා...තමුන් හැම වැරැද්දකටම මෝයාව පාවිච්චි කරලා..
අන්තිමට ඒ අහින්සකීවත් මරලා දැම්මා...මොනවද තමුන් මේ දේවල් කරලා බලාපොරොත්තු වුණේ..."

වූබින් : "සුයෝන් එක්ක සෙල්ලම් කරද්දි තියෙන්නේත් වෙනමම සතුටක්..එයා හොදමට කලබල වෙලා අපරාධකාරයො හොයද්දි මට දැනෙන සතුට කියල නිම කරන්න බැහැ..ඔය මින්හො වගේම ඔයාලත් මාළිගාවට ආවේ මේ මම නිසා.."

මින්හෝ : "මේ හැමදේම කළේ තමුන්..."

"මන් ඒ ගෞරවය සතුටින් භාරගන්නවා..
සුයෝන්ගෙන් පළිගන්න මට අවු.පහක් බලාගෙන ඉන්න වුණා..මේක මාස කීපයක සැලැස්මක් වුණක් ඒ හැමදේටම  යට ගිය කතාවක් තියෙනවා මින්හෝ..."

මෝයුන් : "ඇයි තමුන් මීට කලින් මේ දේවල් කලේ නැත්තේ..සුයෝන් රජ වුණේ මීට අවුරුදු පහකට කළින්නේ..."

"ධනය, බලය විශ්වාසය ගොඩනගාගන්න යම් කිසි කාලයක් යනවා මිත්‍රයා..මැරුණ රජ කුමාරයා පණ පිටින් එයි කියලා කවුරුත් එකපාර විශ්වාස කරන්නේ නැහැනේ..."

"වූබින්..තමුන් කවුද... බලනවා තමුන් දිහා...එදා වගේම අදත් තමුන් මට වඩා හුගක් පහළින් ඉන්නේ.."  සුයෝන් වූබින් දිහාවට ඇස් හරවලා හරි අහංකාර විදිහ කිව්වේ නොහිතපු වෙලාවක...

වූබින් : "සුයෝන් ඔයාගේ ඔය අහංකාරකම මාව තවත් පිස්සු වට්ටනවා..."

"මේ දේවල් කරලා මට රිද්දන්න නම් බලන් හිටියේ ඒ දේවල් කොච්චර බොළදද..එදා වගේම තමයි අදත් මං තමුන්ට අසිපත උස්සන්න දෙපාරක් හිතන්නේ නැහැ වූබින්.." සුයෝන් එහෙම කිව්වම මින්හො සුයෝන් දිහා බැලුවේ හැගීම් විරහිත මූණකින්..සුයෝන්ට තියෙන ඒ පෞරෂය කාටත් නැහැයි කියලා මින්හො හොදාකාරම දැනන් හිටියා...

"ඒක මම දන්නවා...එදා වගේම තමා සුයෝන් අදත් ඔයාගේ ඔය අහංකාර වචන වලත් කිසි වෙනසක් නැහැ ....." කියලා වූබින් අඩියෙන් අඩිය සුයෝන් ළගට ළං වෙනවත් එක්ක ලී චිo, ළඟ හිටපු සෙබළෙක්ට ගහලා සෙබළගෙ කඩුව අතට අරගත්තේ නොහිතපු වෙලාවක..

"මින්හෝ...සුයෝන් ඔයාලා මෙතනින් පැනගන්න.." ලී චිo සටන් කරන්න පටන් ගත්තා..හිතුවෙ නැති වෙලාවක සටනක් බලාපොරොත්තු නොවුණ නිසා සෙබළු සේරම වගේ අසිපත් අරන් සටන් කරන්න ආවා...ඒත් එක්කම බිම තිබුණ කඩුවක් අතට ගත්ත හාජිනුත් සටනට එකතු වුණේ ලීට උදව් කරන්න...

"මින්හො..අක්කණ්ඩි..ඔයාලා දෙන්නා මෙතනින් යන්න...." ඇදන් ඉන්න ගවුම ගැනවත් නොහිතා හාජින් සටන් කරන්න එකතු වුණේ මින්හොගෙයි සුයෝන්ගෙයි ජීවිත බේරගන්න...

"චoසොන්...ඔයත් මෙතනින් යන්න..මන් ඔයාව එළියෙදි මුණගැහෙන්නම්..." අසිපත අතට ගත්ත මියුන්ජුත් සටන් කරන්න යන්න හැදුවෙ එයා ආදරය කරන චoසොන්ගෙන් සමු අරන්..

"මට බැහැ මියුන්ජු...මට බැහැ ඔයාව තනියම දාලා යන්න.." චoසොන් මියුන්ජුගෙ අතින් අල්ලගත්තා.....

"චoසොනා...මම ඔයාට පොරොන්දු වෙනවා මම මැරෙන්නේ නැතුව ආපහු එනවා කියලා..." කියලා මියුන්ජු චoසොන්ගෙ අතින් එයාගෙ අත අයින් කරගෙන සටන් කරන්න ගියේ හිතේ ලොකු විශ්වාසයක් තියාගෙන...

"ලී හෙයි ඔයා චoසොන් එක්ක එළියට යන්න..චoසොන්...ඔයාට පුළුවන් නේද හේසූව පරිස්සමට එළියට එක්කගෙන යන්න..." මෝයුන් අසිපතක් එක්ක හේසුව චoසොන්ට භාරදීලා එයත් සටන් කරන්න එකතුවුණා..

"තෙදොo බලාගෙන...." හාජින් තෙදොoව ප්‍රතිවිරුද්ධ කඩුපාරකින් බේරගද්දි ඒ කඩු පාර නැවතුණේ තෙදොoගෙ උරහිස තුවාල වෙලා...

"ඔයා හොදින් නේද තෙදොo... ආහ්.."හාජින් තෙදොoව දෑත බදලා අල්ලත්තේ තෙදොo වාරු නැතුව වැටෙන්න යද්දී....

"මින්හෝ...මාත් එක්කම ඉන්න..." කියපු සුයෝන් එක අතකින් මින්හොගෙ අත තදින් අල්ලගෙන අනික් අතින් අසිපතින් සටන් කරන්න ගත්තා..මින්හොත් අසිපතක් අතට අරගෙන සුයෝන් එක්ක සටන් කරන්න එකතු වුණේ ලොකු විශ්වාසෙකින්..කොච්චර අමාරු වුණත් දෙන්නම දෙන්නගෙ අත් අත් හරින්නෙ නැතුව තනි අතින් සටන් කළේ උපරිම ශක්තියෙන් සුයෝන් මින්හො දෙන්නම එක්කෙනෙක් වෙලා...

හැමෝම තමන් ආදරය කරන අයගේ ජීවිත වෙනුවෙන් සටන් කරද්දි වූබින් මහ ඇමතිත් එක්ක උඩ සිංහාසනයට වෙලා සටන් කරන දිහා බලන් හිටියේ කුරිරු විදිහට..වූබින්ගෙ ඇස් කාටත් වඩා තිබුණේ සුයෝන් මින්හො දිහාවට හැරිලා.
ඒ දෙන්නා සටන් කරන විදිහ දැක්කම වූබින් මොහොතකට පුදුම වුණා...

ටිකෙන් ටික සටන් උණුසුම් වෙනවත් එක්ක සතුරු සෙබළුන්ගෙ ලේ වලින් බිම ලේ විලක් වුණා..මින්හො එක්ක සටන් කර කර දොර ළගට ගිය සුයෝන් මොහොතකට සටන් කරන එක නැවැත්තුවේ ෂින්ගෙ අසිපත නොහිතපු විදිහට ඇවිත් සුයෝන්ගෙ බෙල්ල ඉලක්ක වෙද්දි...

"මින්හෝ....ඔයා යන්න..." ඒත් එක්කම සුයෝන් මින්හොගෙ අත අතෑරියා...

"සුයෝන්....." මින්හො සුයෝන්ව දාලා යන්න කැමති වුණේ නැහැ...

"කිව්වම අහලා යන්න මින්හෝ..." කියලා සුයෝන් මින්හොව එයාගෙන් ඈතට තල්ලු කළා..සුයෝන්ට ඕන වුණේ මෙච්චර කල් පුහුණුවෙන්න සටන් කරපු ෂින් එක්ක ඇත්තම සටනක් හරි විදිහට සටන් කරන්න....

"අදවත් අපි හරි විදිහට සටන් කරමු..
සුයෝන්..." ෂින් තවත් ශක්තිමත්ව අසිපත  අල්ලගත්තා...

"මන් ඔයාට කලිනුත් කියලා තියෙනවා ෂින්..මගෙ අසිපත කවදාවත් ඔයාට විරුද්ධව ඉලක්ක වෙන්නේ නැහැ..ඒ නිසා මාව ඉලක්ක කරන්න දෙපාරක් හිතන්න එපා...."

"රැජිණියනි...ඇයි ඔබතුමිය ඔයිතරම් දුර්වල වෙලා.."

"මගෙ දුර්වල කම් ඔයා තරම් හොදට දන්න කෙනෙක් නෑනේ..."

කියපු සුයෝන් අතේ තිබුණ අසිපත අරන් ෂින් එක්ක සටන් කරන්න පටන් ගත්‍තා..
ෂින්ගෙ කඩු පහර වැළැක්වුවා මිසක් සුයෝන් ෂින්ට විරුද්ධව එකපාරක් වත් අසිපත ඉස්සුවේ නැහැ..දක්ෂ සටන් ශූරියො දෙන්නෙක් වුණ ෂින් සුයෝන් සටන, ශාලාවේ වටපිටාව තවත් උණුසුම් කළා..සෙබළු එක්ක සටන් කළත් මින්හොගෙ ඇස් හැමවෙලේම හැරිලා තිබුණේ සුයෝන් දිහාවට..

මින්හොගෙ අවධානය විටින් විට සුයෝන් දිහාවට හැරෙනවා දැකපු වූබින් අසිපතක් අතට අරගෙන පිටිපස්සෙන් පහර දෙන්න ආවේ අවස්ථාව ලැබුණ වෙලේ ප්‍රයෝජන ගන්න හිතාගෙන...

වූබින් මින්හොට පහර දෙන්න අසිපත ඉලක්ක කරනවත් එක්කම ඒක දැකපු හාජින් ඒ කඩු පාර මැද්දට පැන්නේ නොහිතපු විදිහට..ඒක දැකපු මින්හො වගේම තෙදොoනුත් මොහොතකට ගල් වුණා වගේ වුණා..

වූබින්ගෙ කඩු පාර හාජින්ගෙ පපුව පසාරු කරගෙන ගියේ හාජින්ගෙ හැම ශක්තියක්ම එයාට නැති කරවලා..ඒත් එක්කම හාජින් බිම ඇදගෙන වැටුණා..

"හාජින්......හාජින්.....හාජින්......"

මින්හොට දැනුණේ එයාගේ පපුව එකතැන නතර වුණා වගේ හැගීමක්....

"හාජින් ඔයා හොදින්ද..."අතේ තිබුණ අසිපත බිම දාපු මින්හො, හාජින්ව දෑත බදලා අල්ලගත්තා..

හාජින් බිම වැටෙනවත් එක්ක හොදටම කලබල වුණ තෙදොo තුවාල ගැන හිතන්නේ නැතුව හාජින් ගාවට දුවගෙන එන්න ආවේ සෙබළෙක්ට මරණය ළගා කරවන ගමන්...

"හාජින්....හාජින්....මින්හො, හාජින්ට මොකද වුණේ...."

"තෙදොo...ඔයා හාජින් ගැන බලාගන්න..
මන් මේ ගැන බලාගන්නම්..."

"කිම් මින්හෝ....අන්තිමට මට තමුන් එක්ක සටන් කරන්න ලැබුණා එහෙනම්.
බලමු තමුන්ද මමද මේ සෙල්ලමෙන් දිනන්නේ කියලා..." කියලා වූබින් මින්හො එක්ක සටන් කරන්න අසිපත ඉස්සුවා...
හාජින්ට වැදුණ කඩු පාරෙ තරහ වගේම ජිමින්ගෙ ජීවිතේ නිරපරාදේ විනාස කරපු බේක් කියුංගෙ තරහත් මින්හොගෙ හිතේ රිදුම් දුන්නා...

මෝයුන් : "සෙබළු ගොඩක් දක්ෂයි ඩෝයූන්...අපිට තවත් සටන් කරන්න අමාරුයි..."

මියුන්ජු : "පසුබහින්න විදිහක් නැහැ..ඒ නිසා අන්තිම හුස්ම වැටෙනකන්ම සටන් කරමු..."

සුයෝන් ෂින් සටන හැම අසීරු සටනකටම වඩා උණුසුම් වුණේ දෙන්නම එකම දක්ෂකම් දක්වපු නිසා..ෂින් සුයෝන්ටත් සුයෝන් ෂින්ටත් දෙවෙනි වුණේ නෑ කොහොමත්ම..ලේ බිදක්වත් වැටෙන්නෙ නැති වෙන්න දෙන්නම සටන් කළේ උපරිම ශක්තියෙන්..ඒත් මින්හො වූබින් එක්ක සටන් කරනවා දැකපු ගමන් සුයෝන්ගෙ අවධානේ බිදුණා..ෂින්ගෙ අසිපත එයාගෙ
අසිපතින් බිමට වට්ටපු සුයෝන්, මින්හො බේරගන්න යන්න ගියේ ෂින්ගෙ අවාධනය මොහොතකට එයාගෙන් ඈත් කරවලා...

ෂින්ගෙන් ඈතට ගිය සුයෝන් අසිපත  තවත් ශක්තිමත්ව අරගෙන මින්හො වෙනුවෙන් වූබින් එක්ක සටන් කරන්න ගියේ, වූබින්ගෙන් මින්හොට  එක පුoචි  හිරීමක්වත් වෙනවට සුයෝන් කැමති නොවුණ නිසා...

සුයෝන් වූබින්ට නොදෙවෙනි වෙන්න සටන් කළේ හුගක් දක්ෂ විදිහට...

"ඔයා හුගක් දක්ෂයිනෙ සුයෝන්..ඉස්සර හිටපු ඒ කලාකාරිය දක්ෂ සටන් ශිල්පියෙක් වෙලා කියන කතාව ඇත්ත එහෙනම්..." වූබින් දගකාර විදිහට කිව්වේ සුයොන්ගෙ අවධානය බිදින්න හිතාගෙන..

සුයෝන්ගෙ දක්ෂ වමත් ප්‍රති ප්‍රහාරයකින් වූබින්ගෙ අසිපත බිම වැටුණෙ එකපාරටම..ඒත් එක්කම ඇසි පිය ගහන සැණින් සුයෝන් වූබින්ගෙ බෙල්ලට කඩුව ඉලක්ක කළේ වූබින්ට බේරෙන්න පුoචිම අවස්ථාවක්වත් නැති වෙද්දි..සුයෝන්ගෙ ඒ ඇස් වූබින්ව පුච්චලා අලු කරලා දාන්න පුළුවන් තරම් තරහකින් පිරිලා තිබුණා...

"සුයෝන් ඔයාගෙ මින්හොට පොඩි හරි හිරීමක් වෙනවට ඔයා කැමතිවෙයි කියලා මම හිතන්නේ නැහැ...."  කියපු ෂින් මින්හොගෙ බෙල්ලට අසිපත තිබ්බේ මින්හොගෙ ජීවිතේ ඇපයට අරගෙන.ඒත් එක්කම සුයෝන්ගෙ අවධානේ මින්හො දිහාවට හැරුණා...

"කිම් සුයෝන්...ඔයා ඔයාගේ අසිපත බිමට දාන්නෙ නැත්ද...ආහ්..ඔයාට ඇත්තටම ඕනෙ මින්හො මැරෙනවා දකින්නද..."

"සුයෝන්...එයා කියන දේ අහන්න එපා..
ඔයා මෙතනින් යන්..." මින්හො කියන්න යද්දිම ෂින් කඩුව තවත් මින්හොගෙ බෙල්ලට තද වුණේ මින්හොට තවත් කතා කරගන්න බැරි වෙන්න..මින්හො ගැන බය වුණ සුයෝන් වූබින්ගෙන් කඩුව අයින් කරගන්න හදනවත් එක්කම මින්හො,

"සුයෝන්....එපා..මෙයාලා කියන දේ අහන්න එපා...කරුණාරලා..." මින්හො කොච්චර විරුද්ධ වුණත් මින්හො දිහා බලලා හිනාවුණ සුයෝන් , වූබින්ගෙන් කඩුව අහකට ගත්තේ වූබින් ගැන කොච්චර තරහක් ඒ වෛරයට වඩා මින්හොගෙ ජීවිතේ එයාට වටින නිසා...

සටන තවත් දරුණු වෙන්න කලින් හැමෝටම යටත් වෙන්න සිද්ධ වුණා...

තෙදොo හාජින්ව උකුල උඩ තියාගෙන බිම වාඩි වෙද්දි සුයෝන් හාජින් දිහා බලාගෙන ඇස් වල කදුළු පුරවගත්තා..එක පැත්තකින් එයාගෙ නිවුන් සහෝදරිය අනික් පැත්තෙන් මේ ලෝකෙ එයාට හිටපු විශ්වාසවන්තම කෙනා එයාට ද්‍රෝහි වෙලා..සුයෝන් වගේම මින්හොත් හිටියෙ එක තැනක අතරමංවෙලා..

සෙබළු ලව්වා බලෙන්ම සුයෝන්ව සිංහාසනය ළගට ගෙන්න ගත්ත වූබින්
ඩෝයූන් , මින්හො ඇතුළු හැමෝවම බිම පේළියට දණගස්වලා සෙබළු ලව්වා අසිපත් ඉලක්ක කෙරෙව්වා...

ඊළග මොහොතේ තමන්ගෙ ජීවිතේ විශ්වාසයක් නැහැ කියලා හැමෝම දැනන් හිටියත් කිසිම කෙනෙක් කාවවත් තනි මොහොතකටවත් තනි කළේ නැහැ...

විනාඩි කීපයකට පස්සෙ තෙදොoගෙ උකුළෙ හිටපු හාජින් අමාරුවෙන් ඇස් අරිනව දැකපු තෙදොං ,

"හාජින්....හාජින්....නැගිටින්න හාජින්..
ආහ්...ඔයා හොදින් නේද....කියන්නකෝ ඔයා හොදින් නේද...."

"හහ්...හහ්....." හාජින් අමාරුවෙන් කැස්සා...

හාජින්ගෙ හඩ ඇහෙනවත් එක්ක මින්හො වගේම අනික් අයත් හාජින් දිහාවට හැරුණා..හාජින් එක්ක කතා කරන්න වුවමනාව තිබුණත් කතාකරගන්නවත් මින්හොට ශක්තියක් තිබුණෙ නැහැ...

"ත්තෙදොං..." හාජින් අමාරුවෙන් වචන ගැටගැහුවා...

"ඔව් හාජින්....ඔයා හොදින් නේද...ආහ්..
ඔයාට මොකුත් වෙන්නේ නැහැ..."

"මම ඕයාගේ හ්හාජින් නෙමෙයි නේද.. ආහ්....න්නේද..."

"ම්මෝඩාච්චි..."

"ඕව්ව්...ම්ම් හැම්මදාටම ඕයාගේ මෝඩාච්චි.." කියලා තෙදොo දිහා බලලා හාජින් හිනාවුණේ, අවසන් මොහොතෙ හරි තෙදොoට දුකක් නොදී සමුගන්න..

තෙදොoගෙන් මින්හො දිහාවට හැරුණ හාජින්, එයාගේ ඇස් දෙක දිහා බලාගෙන හිනාවුණේ එයා එයාගේ ජීවිතේ එයා ආදරය කරන කෙනා වෙනුවෙන් එයාගේ සතුට වෙනුවෙන් ජීවිතේ පරිත්‍යාග කරපු එක එයාට සතුටක් වුණ නිසා..හාජින්ගෙ ඒ අහින්සක හිනාවත් එක්ක මින්හො දිහා බලාගෙනම එයා සදහටම ඇස් පියාගත්තේ  හැමෝගෙම හිත් වේදනාවෙන් පුරවලා....

"හාජින්...හාජිනා....." තෙදොo හාජින්ව පපුවට තුරුළු කරගෙන අඩන්න පටන් ගත්තේ කියාගන්න බැරි වේදනාවකින්...

මින්හො එකතැන ගල්වෙලා වගේ ඇස් වල කදුළු පුරවන් හාජින් දිහා බලන් ඉද්දි ඩෝයූන් ඇස් දෙක පියාගත්තා..එයා වෙනුවෙන් ජීවිතේ දුන්න හාජින්ගෙ අනාගත චරිතෙ අවසානය වෙනකන්ම හාජින්ගෙ මින්හොට මතක් වුණේ නැති එක එයාට ලොකු වේදනාවක් වුණා..

"මාව අතාරිනවා....කිව්වම අහලා මාව අතාරිනවා...හාජින්..හාජිනා.." සුයෝන් කෑගැහුවා..කිසිම දෙයක් බලාපොරොත්තු නොවී හැමදාම එයාට උදව් කරපු එයාගේ දගකාර නිවුන් සහෝදරි එයාව දාලා ගියා කිව්වම සුයෝන්ට දරාගන්න බැරි වුණා..

හැමෝගෙම අවධානය හාජින් දිහාවට හැරිලා තියෙනවා දැකපු වූබින් සෙබළුන්ට
ඉගි කළේ ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න හිතාගෙන..ඒ ගමන්ම සෙබළෙකුගෙ කඩුපාරකින් පපුව පසාරු කරගෙන ඩෝයූන් බිමටඇදගෙන වැටුණෙ එකපාරටම...

"අයියණ්ඩි....,"ඩෝයූන්..."හැමෝම එක හඩින් කෑගැහුවා...

ඩෝයූන් මින්හො දිහා බලාගෙන අවසන් ගමන් යද්දි තෙදොo ,මෝයුන්, යොන්හා ,ලී චිං වගේම මියුන්ජුත් කඩු පාරවලින් අවසන් ගමන් ගියේ මින්හොට එයාගේ ජීවිතේ විදින්න වෙන වේදනාකාරිම හැගීම එයාට දනවලා..ඒ අතීත චරිත වර්තමාන චරිත වලටත් වඩා මින්හොගෙ හදවතේ ලොකු ඉඩක් අරන් තිබුණා..

නිසොල්මන් සිරුරු දිහා බලාගෙන එයාලගෙ මතක වල තනි වුණ මින්හොත් ඒ වගේම කඩු පාරකින් බිමට ඇදගෙන වැටුණේ ඇහි පිය ගහන තත්පරේට...
කාටවත් තමන්ගෙ වේදනාව බෙදාගන්න එක මොහොතකටවත් ඉඩක් ලැබුණෙ නැහැ....

"ම්මින්හෝ....." සුයෝන් ෂින්ගෙ අතින් බේරිලා මින්හො ළගට දුවන් ගියේ එයාගේ ගවුම පවා ඉරෙද්දි..

"ම්මින්හෝ....මින්හෝ.....මේ බලන්න ..
මින්හෝ..ඔයාට මොකුත් වෙන්නේ නෑ..
මින්හෝ....." සුයෝන්ගෙ මුළු ගවුමම මින්හොගෙ ලේ වලින් තෙත් වුණා...

"නැගිටින්නකෝ...අනේ මින්හෝ...
නැගිටින්නකෝ.....කරුණාරලා..." සුයෝන් මින්හොව පපුවට තුරුළු කරගෙන කැගහන්න ගත්තේ ලොකු වේදනාවක් හිතේ තද කරගෙන...

"ස්සුයෝන්..." මින්හො අමාරුවෙන් වචන ගැටගැහුවා...

"ම්මින්හෝ....කරුණාරලා...කරුණාරලා...
මාව දාලා යන්න එපා..." සුයෝන්ගෙ කදුලු කම්මුල් දිගේ පහළට ගලන් හියේ දරාගන්න බැරිම තැන....

"ස්සුය්යෝන්..මගේ රැජිණ.. ඕය්යා ඔය අඩනවද..." මින්හො අමාරුවෙන් වාරු අරන් අත උස්සලා සුයෝන්ගෙ කදුලු පිස්සේ අහින්සක හිනා රේඛාවක් මූණේ ඇදගෙන....

"මින්හෝ...කරුණාරලා..."

"ම්මේ අපේ අවසානේ නෙමෙයි...ඒ නිසා දුදුක් වෙන්න එපා...ආහ්.." මින්හො හිනාවුණා..ඒ ඇස් හංගන හිනාව සුයෝන්ගෙ වේදනාව දෙගුණ තෙගුණ කළා...

මින්හොගෙ මතකයි ජිමින්ගෙ මතකයි අතීත අනාගත චරිතවල මතක එක්ක එකට ගැටෙද්දි ඒ අවසන් මතකය එයාගේ රැජිණ සුයෝන් වෙනවත් එක්කම එයා සුයෝන්ගෙ පපුවෙ උණුහුම උඩම අවසන් ගමන් ගියා...මින්හො යන්න ගියේ සුයෝන් ආදරය කරන එයාගේ හුරතල් හිනාව සුයෝන්ට ඉතිරි කරලා...

"මින්හෝ......මින්හෝ...මින්හෝ...." සුයෝන් කෑගහලා අඩන්න පටන් ගත්තේ අවුරුදු ගාණක් හිතේ හිරකරන් හිටපු වේදනාව කදුලු විදිහට පිටවෙද්දි..මින්හො, හාජින් , මියුන්ජු ,ඩෝයූන් වගේම ලීචිං , මෝයුන් ,
යොන්හා එයා ආදරණය කරන හැමෝම එයා ඉස්සරහ අවසන් ගමන් ගිහින්..

සුයෝන්ට තවත් දරාගන්න බැරි වුණා..
මින්හොගෙ මූණ දකින වාරයක් වාරයක් ගානේ එයාගේ ශක්තිය බිදෙන් බිද එයාගේ ඈතට ගියේ එයාව සම්පූර්ණයෙන්ම අඩපණ කරලා....

"ඇයි....? ඇයි......? " නිසොල්මන් සිරුරු දිහා බලාගෙන සුයෝන් කෑගහලා අඩන්න ගත්තේ එයාලගේ ආදරණීය සුන්දර මතක වලින් සුයොන්ගේ හදවත පිරෙද්දි..

වූබින් : "මන් කිව්වවනේ සුයෝන් අවසානය ඔයා හිතනවටත් වඩා හුගක් රසවත් කියලා.."

"ඇයි.....?? ඇයි...?? ඇයි...? ඇයි මෙයාලව මැරුවෙ...මෙයාලා කරපු වැරැද්ද මොකක්ද..? මට කියන්න...." බිම වාඩිවෙලා හිටපු සුයෝන් ෂින්ගෙ ඇදුමෙන් අල්ලගෙන කෑගැහුවේ වේදනාවෙන්...

ෂින් සුයෝන් දිහා බලන් හිටියේ හැගීම් විරහිත ඇස් වලින්..සුයෝන් මේ තරම් දුර්වල වෙලා ඉන්නවා එයා කවදාවත්ම දැකලා තිබුණෙ නැහැ..කවදාවත් නොදැනුණ විදිහට ෂින්ට සුයෝන් ගැන ලොකු වේදනාවක් දැනෙන්න ගත්තා..

"මෙයාලා ජීවත් වුණොත් ඔයා ගැන හිතන එකම කෙනා මම වෙන්නෙ නැහැනේ..."

වූබින්ගෙ ඒ ආත්මාර්ථකාමී වචන සුයෝන්ගෙ වේදනාව තවත් වැඩි කළා...

"තවත් මගෙන් මොනවද ඕනේ...." සුයෝන් ආයාචනාත්මක විදිහට ඇහුවේ බිදුනු වචන වලින්..ඒ වචන වල වේදනාව අඩු නැතුව තිබුණා...

"කෝ අර ශියෑන්, ශින්ජු රාජධානි ගොඩනගපු ශක්තිමත්  රැජිණ...ආහ්..
එයාට මොකද වුණේ...ඔයා ආපහු අර හිටපු අහින්සක වීණා වයපු කෙල්ල වෙලානේ...මට බලන්නත් දුකයි ඔයා දිහා.

කිම් සුයෝන්..මේ බලනවා...." වූබින් සුයෝන්ගෙ බිමට නැවිලා තිබුණ මූණ නිකටින් අල්ලලා උඩට ඉස්සුවේ හිතුවක්කාර පෙනුමක් මවාගෙන...

තමුන්ට ආපහු මගෙන් ගැළවීමක් නැහැ...
මන් ඔයාගේ ඉතිරි  මුළු ජීවිතය ඔයා ආස කරන සංගීතෙන්ම පුරවන්නම්..ආහ්.."

ඒ වේදනා පිරුණු රතු වුණ ඇස් දිහා බලාගෙන කියපු වූබින් සුයෝන්ගෙ නිකටින් අත  අහකට ගත්තෙ සුයෝන්ගෙ බෙල්ල බිමට කඩාගෙන වැටෙද්දි..

"හරි එහෙනම්..හ්‍යුන්ෂි..අපි යමු...අපිට කරන්න තව වැඩ ගොඩක් තියෙනවනේ..."
වූබින් ෂින් දිහාවට හැරුණා..ඒත් ෂින්ගෙ අවධානේ තිබුණෙනම් සුයෝන් දිහාවට හැරිලා...

ඔයත් සුයෝන් ඔයාගේ ආදරණීයන්ට සමුදීලා  විවාහයට ලෑස්ති වෙන්නකො....

සෙබළුනි...සුයෝන්ට පරිස්සමට මාළිගාවට එක්කගෙන එන්න...හොදට මතක තියාගන්න අනාගත රැජිණියට හොදින් සළකන්න...." කියලා වූබින් එතනින් යන්න ගියා..

අනාගත රැජිණ..ඒ වචන වල පවා සුයෝන්ට දැනුණෙ පිළිකුළක්..සුයෝන් මුළු ජීවිත කාලෙම මින්හොගෙ රැජිණ නමට බැදිලයි හිටියේ...

"සුයෝන් ඔයා ශක්තිමත් කෙනෙක්...අද ඔයාට මොකද මේ වෙලා තියෙන්නේ...
ආහ්..මට ඔයාට අනතුරක් කරන්න ඕන වුණේ නැහැ..මන් වූබින්ට රජකම ගන්න උදව් කළා විතරයි..

නැගිටින්න....අපි මෙතනින් යමු...." ෂින් සුයෝන්ට නැගිටින්න අත දුන්නා..ෂින්ගෙ අත අල්ලගත්ත සුයෝන් ,

"මන් වෙනුවෙන් කරපු හැමදේටම ඔයාට ගොඩක් ස්තූතියි ෂින්..." කියපු සුයෝන් ෂින්ගෙ ඉණේ තිබුණ කඩුව අරගෙන එයාගෙ පපුවට ඇනගත්තේ නොහිතපු විදිහට..

"සුයෝන්....ඔයා මොනවද මේ කරන්නේ.."

ෂින් සුයෝන්ගෙ අතින් කඩුව ගන්න උත්සහ කළත් සුයෝන් තවත් පසාරු කර
යන්න කඩුව තද කළා....

"ෂින්...ඔයා දන්නවනේ මම ගැන..."
සුයෝන්ගෙ කටින් ලේ වැක්කෙරුණේ කඩුවෙ මුවහතට මුළු ශරීරයම යටත් වෙද්දි...

"කරුණාරලා...සුයෝන්...කරුණාරලා..ඕක කරන්න එපා...කරුණාරලා..."ෂින් කොච්චර සුයෝන්ව බේරගන්න උත්සහ කළත් අන්තිමට කඩුව නැවතුණෙ සුයෝන්ගෙ අභ්‍යන්තරයමට කිදා බැහලා...

"මේ සුයෝන්  ගැන ඔයා තරම් දන්න කවුරුත් නැහැ..ෂින්..." අහින්සක හිනා රේඛාවක් මූණෙ ඇදගත්ත සුයෝන් බිමට ඇදගෙන වැටුණෙ මුළු ඇගම ලේ වලින් තෙත් වෙද්දි....

"සුයෝන්....මන් ඔයාට මොකුත් වෙන්න දෙන්නෙ නැහැ...සුයෝන්..."කියපු ෂින් සුයෝන්ව පසාරු කරන් ගිය කඩුව එයාගෙ ඇගෙන් ඇදලා අහකට විසික් කළා...

අන්තිම හුස්ම පොද මින්හො වෙනුවෙන් ඉතිරි කරගත්ත සුයෝන්, එයාගෙ අත මින්හොගෙ අතේ ඇගිලි වල පටලගත්තෙ දවසක් ජීවත් වුණත් මින්හොව කවදාවත් අතාරින්නේ නෑ කියපු පොරොන්දුව නිසා..
සුයෝන් එයාගේ ජීවිතේ අන්තිම මොහොතෙදි පවා ඒ පොරොන්දු රකින්න අමතක කළේ නැහැ.....

(ඔයා ඇත්තටම ආවේ අනාගතෙන්නම් ඔයා කියන විදිහට අපි ආපහු අනිවාර්යයෙන්ම මුණගැහෙයි මින්හෝ..)

අන්තිම වතාවට මින්හොගෙ මූණ දිහා බලලා හිතපු සුයෝන් මින්හො දිහා බලාගෙනම සදහටම ඇස් පියාගත්තා...

"සුයෝන්....." සුයෝන් කියන ඒ පුදුමාකාර චරිතෙ ඉස්සරහ ෂින් මොහොතකට ගොළු වුණා..කකුල් පණ නැතුව බිමට  කඩන් වැටුණෙ දරාගන්න බැරිම තැන..
සුයොන්ගෙ ඒ නිසොමල්මන් මූණ දැක්කම  සුයෝන් එයාට සහෝදරියකට වගේ සලකපු ඒ ආදරණීය මතක ෂින්ට පේළියට මතක් වෙන්න ගත්තේ ඉබේටම..

විනාඩි කිහිපයකට පස්සෙ සෙබළු චoසොන්වයි හේසුවයි ශාලාවට ගෙනත් ඇතෑරියා..එයාල ආදරය කරන අය බිම ලේ විලක වැටිලා ඉන්නවා දැකපු ගමන් දෙන්නම හොදටම පුදුම වුණේ ඒ අහින්සක හිත් වේදනාවෙන් පිරෙද්දි...

"මෝයුන්...මෝයුන්...." ලී හෙයි කෑගහගෙන ගියේ මෝයුන්ගෙ නිසොල්මන් සිරුර ළගට...

"අයියණ්ඩි...අනේ නැගිටින්නකෝ..." ලී හෙයි එයාගේ අයියණ්ඩිව බදාගෙන අඩන්න ගත්තා...

"මියුන්ජු...ඔයා මැරෙන්නෙ නැතුව එනවා කියලා මට පොරොන්දු වුණා නේද...ආහ්..
කතා කරන්නකො මියුන්ජු..."චoසොන් මියුන්ජුව උකුලට ගත්තේ ඇස් වල කදුලු පුරෝගෙන...

ඩෝයූන්අයියණ්ඩි...තෙදොo...මින්හෝ...සුයෝන්යොන්හා..ලී චිo අයියණ්ඩි...මෝයුන්...අනේ කවුරුහරි මොනවා හරි කියන්නකෝ...චිo අයියණ්ඩි මට බනින්නකෝ.. අනේ.. ඇයි කවුරුත් මොකුත් කියන්නේ නැත්තේ..මොනවා හරි කියන්නකෝ..."චoසොන් කෑගැහුවා...

"එයාලා හැමෝම අපිව දාලා දුර ගමනක් ගිහින් චoසොනා...දුර..ගමනක්..." ලී හෙයි මෝයුන්ගෙ මූණ දිහා බලාගෙන කිව්වේ ලොකු වේදනාවකින්..එයාලා ආදරය කරපු හැමෝම අවසන් ගමන් ගිහින් ඉන්නවා එයාලට දරාගන්න බැරිවුණා..

"ෂින්...ඔයා අඩන්නත් දන්නවද....?" ලී හෙයි ඇහුවේ ෂින්ගෙ කම්මුල් දිගේ කදුලු වැටෙනවා දැකලා..ෂින් බිම දණ ගහහෙන එක එල්ලේ සුයෝන් දිහා බලාගෙන කදුලු හෙළුවෙ ඇස් පිල්ලමක්වත් ගහන්නෙ නැතුව..සුයෝන් හැමදාමත් වගේ විශ්වාසෙන් අන්තිම මොහොතෙදිත් කිව්ව වචන ටික ෂින්ගෙ මුළු ආත්මයටම දැනුණා...

"මට කවදාවත් සුයෝන්ට අනතුරක් කරන්න ඕන වුණේ නැහැ..." ෂින් කිව්වෙ බිදුණු කටහඩකින්..එයා එච්චර ද්‍රෝහි වෙලත් තමන්ගෙන්ම ලෙයින් නොවුණ එයාට අන්තිම වෙනකන්ම සුයෝන්ගෙ හිතේ සහෝදර ප්‍රේමයක් තිබුණ එකට ෂින් ගොඩක් දුක් වුණා...

"ඒක ඔයාගේ කදුලු ඔප්පු කරනවා ෂින්..
ඒත් ඔයාගෙ හදවත ඔයාට සමාව දෙයිද කියලා කියන්න මම දන්නෙ නැහැ...."  හේසූ කිව්වෙ මින්හොගෙයි සුයෝන්ගෙ පැටළුණ අත් දිහා බලලා..ඒ ආදරෙ කාගෙත් හදවත මොහොතකට නතර කළා.....

සුයෝන් , මින්හෝ , ඩෝයූන් , මියුන්ජු , යොන්හා , මෝයුන්, තෙදොo කියන ඒ ආදරණීය චරිත සදහටම එයාලගෙන් සමු ගත්තේ අවසානයේ කියලා නිම කරන්න බැරි දුකක් ඉතිරි කරලා.....

වූබින්ගෙ නමින් ශියෑන් ශින්ජු කියන ඒ රාජධානි ආපහු  ගොඩනැගේවී..නමුත් කවමදාවත්,

සුයෝන් වගේ ශක්තිමත් රැජිණක් නැති වේවී...මින්හොගෙ හුරතල් කෝළම් නැති වේවී..තෙදොoගෙ රස කෑම නැති වේවී..
හාජින් තෙදොo බොරු රණ්ඩු නැති වෙවී..
කෑම මේසෙ හිනා නැති වෙවී..චoසොන්ගෙ විහිළු නැති වෙවී..මෝයුන්ගෙ අධිකරණ රැස්වීම් නැති වේවී..යොන්හාගෙ පණ්ඩිත කතා නැති වෙවී..මියුන්ජු වගේ හිතහොද සේනාධිපතිනියක් නැති වේවී..

හේසුයි චoසොනුයි පුoචි විශ්වාසයක් තියන් ජීවත් වේවී..ඒත් ඒ හිත්වල හැමදාමත් ඒ වේදනාවන් තියේවී..ෂින්ට හැමදාටම පසු තැවීමක් ඉතිරි වේවී..

ලී චිංගෙ සටනුත් නැති නැති වේවී..
ඩෝයුන් නැති නිසා මෝයාගේ මතක අසපුවෙම තනිවේවී....සුයෝන්ගෙ යූශි වීණාව කලින් වගේම අනුස්මරණශාලාවෙ තනිවේවී..පරණ විදිහටම සංගීතය තියේවී..නමුත් ඒ චරිත සදහටම අමතක නොවන මතකයක් විතරක් වේවී...ඒත් අවසානයේ.....??

ආත්මීය බැඳීම් ගීතයක් නම් එහි තනුව නමින් දෛවයයි....!
_________________________________________

මෙය හුදෙක් මන:කල්පිත කතාවක් පමණි !

My Empress 'මගේ රැජිණ' මෙතනින් සමාප්තයි !🌹

පසුවදනින් නැවත හමුවෙමු ...

ජිමින් එක්ක, මාත් එක්ක ශියෑන්  රාජධානියේ ජීවත් වුණ හැමෝටම ගොඩක් ස්තූතියි ❤️

___________________________________

අදහස් අඩුපාඩු කියන් යන්න 😍
පසුවදන බලාපොරොත්තු වෙන්න..❤️

සරන්හේ💜

ගොඩක් දේවල් තියේ කියන්න පසුවදනින්  කියන්නම් මං..ඇත්තටම කතාව නම් ටිකක් දිග වැඩි වුණා..සමාවෙන්න ඕනි..❤️

අන්තිම වෙනකන්ම මාත් එක්ක හිටිය හැමෝටම ගොඩක් ස්තූතියි ❤️
ආදරෙයි ගොඩක් 🥺❤

#dinu

Continue Reading

You'll Also Like

287K 13.8K 93
Riven Dixon, the youngest of the Dixon brothers, the half brother of Merle and Daryl dixon was a troubled young teen with lots of anger in his body...
3.2K 520 7
" මට බෑ. ඇයි මන් ඔයත් එක්ක යන්නේ යුන්ගිශී. ප්ලීස් මට මගේ පාඩුවේ ඉන්න දෙන්න. දැන් ඔයා යන්න. ආයෙමත් මෙහෙ එන්න එපා." "ඔයා මේ විදියට ඉන්න හේතුව මන් දන්නව...
2K 206 15
දකුණු කොරියාවේ අවුරුදු 18ට වැඩි හැම පිරිමි කෙනෙක්ම හමුදා සේවයට බැඳෙන එක අනිවාර්යයි. ඒ උතුරු කොරියාව attack කරොත් ඉන්න සෙබළුන් ගණන මදි නිසා. ඒකෙ ඒ වගේ...
72.8K 896 30
I was never love interested. It's just, she caught my attention' Complete - Multiple warnings: s3xual warning! Language. 𝗜 𝗱𝗼 𝗻𝗼𝘁 𝗼𝘄𝗻 𝘁𝗵...