එක්තරා දවසක

Oleh SaSha__InTheMoon__

1.4K 211 186

එය 1983 සැප්තම්බර් මස මුල් දිනක් විය... සියලු දෙනා ලහි ලහියේ පාරෙ දෙපැත්තේ සුදු ඉර දෙපසින් බැද... Lebih Banyak

පෙරහැර [1]
රැකවල්ලන් [2]
පළමු හමුවීම[3]

හීන[4]

176 21 22
Oleh SaSha__InTheMoon__

  
                             තවත්  රැයවල්  දෙක තුනකට  පසු  රැයක  රන්දික  අමුතු  සිහිනයක්  දැක  තිබිණි. එහි  අභ්‍යන්තරය  සම්පූර්ණයෙන් ම  ධාරනය  නොවුන ද  මතක  ඇති  කොටසින්  එය  සුන්දර  සිහිනයක්  නොවන  බව  ඔහු  වටහා  ගත්තේ ය. සිහිනය  දැකීමෙන්  පසු  ඇද  මත්තේ  රෙදි  පොඩි  කරමින්  සිටි  ඔහුට  ඔහුගේ  පෙම්  සිහිනයෙන්  ඇහැරෙන්නට  තවත්  දෙ පැයක්  පමණ  ගතවිණි.

" සුදු  පුතේ, මොනාවැයි  ඔය  හැටි  කල්පනාවේ?... මේන් මේ  කුකුල්ලුන්ට  *වෙන්කරපු  හාල්  ඩිංගක්  ගෙනැත්  දාපන්කෝ " හාල්  පොලමින්  සිටි  ඇගේ  වටේ  කැරකෙන  කුකුල්ලුන්ගේ  කන්කෙදිරිය  අසා  සිටින්නට  බැරි  තැන  ඈ  තෙපලා ය.

රන්දිකගේ  මව  ඇගේ  දිවියේ  සිව්  වන  දශකය  අගබාගයේ  සිටි  කාන්තාවකි.  සැමියා  රැකියාව  අතරතුර  මළ  නිසා  වැන්දඹු  වූ  ඇය  පුතුන්  තිදෙනෙකුත්  සමග  තනිව  ජීවිතය  ගෙන  ගියේ  ඈ  ඒ  වන විටත්  වැඩෙහි  යෙදී  සිටි  පොල්  ලෙලි  තලමින්  උපයාගත්  වැටුපෙනි. එක්දහස්  නවසිය  අසූ  නවය  වන  විට  පොල්  ලෙලි  තැලීම  රැකියාවක්  ලෙස  රත්ගම  ලදුන්ට  විශේෂ  විය. ගමේ  උඩහින්  පිහිටි  කලපුවෙහි  පොල්ලෙලි  වලවල්  තනා  පල්  කරගත්  පොල්ලෙලි  තලමින්  රත්ගම  ලදුන්  එය  සරුවට  කර ගෙන  ගියෝ ය. ඒ  අතර  ගමේ  පහල  කොටසේ  කොහු ලණු  ඇඹරීම ද  සිදු විය. මේ  කටයුතු  දෙකට ම  සහබාගී  වූවෝ  උඩහත්  පහලත්  නොමද ව  වූහ.

රන්දිකගේ  මවට  මෙවැනි  ශක්තිමත්, කේන්තිකාර  ගැහැනුන්  සිටි  ග්‍රාමයක  තනිව  වෙසීම  අපහසුවක්  නොවූයේ  ඇගේ  මුදු  හා  කාරුනික  බව  නිසා  ගමේ  උදවිය  ඈට  ආදරෙන්  සැලකූ  බැවිනි. රත්ගම  වැනි  ගාමයක  මෙතුවක්  වසර  ගණනක්  කිසිවෙකුත් ම  සමග  ආරවුලක්  ඇති කර නොගත්  පළමු  හා  අවසාන   කාන්තාවත්  ඇය ම  වන්නට  ඇත. රන්දිකගේ  වැඩිමල්  සහෝදරයා  මවට  බරක් වීම  ගැන  දුකින්  පසු වූ  හෙයින්  වයස  සපිරුණු  සැනින්  පිටරටකට  ගොස්  රැකියාවක්  කරන්නට  විය. එයින්  පසු  ඇය  ලෙලි  තැලීමට  නොගියා ය. රන්දික  මැයගේ  දෙවනි  දරුවා  විය.

ඉදින්  පවුලේ  දෙවනියා  ලෙස  මද  හෝ  අග හිග කමකින්  තොරව හැදී  වැඩුනු  රන්දික, මවු තුරුලේ  පමණක්  ලෝකේ ම  නැති  බුහුටිකම් පාමින්  දිවි  ගෙවමින්  සිටින  මහා  කුපාඩි  පැටියෙක් ම  විය.

" අම්මේ,... අහන්නකො, ඇයි  නරක  හීන  පේන්නෙ? ම්ම්? " ඇගේ  කුල්ලෙන් ම  හාල්  ටිකක්  ගෙන  කුකුල්ලුන්ට  විසි  කරන  ගමන්  ඔහු  ඇසී ය.

" ආහ්  ඒක ද  මේ  කල්පනා  කරන්නෙ  මයෙ  කොල්ලා " ඈ  ඔහුට  ටොක්කක්  අනිමින්  සිනාසුනා ය. ඔහු  ඇගේ  කුල්ලෙන්  ගෙන  විසි  කළේ හොද ම  වර්ගයේ  සහලක්  වූ  බැවිනි. " මේකයී. නරක  හීන  පේන්නේ  සුබ  දෙයක්  වෙන්න  තියැද්දිලු... අපෙ  අම්මා  මට  කියලා  තියනවා, උබලෑ  ලොකු  අප්පට  ඉස්සර  *හිරෙයක්  හොයාගන්න ම  බැරි  උනාලු... ඔය  දුකෙන්  ඉන්දැද්දි  උන්දැට  හීනෙන්  පෙනුනලු  ලොකු  අප්පා  වැඩ කරන  තැන  තට්ටු  ගනනාවක්  උඩින්  උන්දා  බිමට  වැටෙනවා.  හනෙ  අම්මේ  ඉම්පස්සෙදාම  ලොකු අප්පට  හිරෙයක්  හරි ගියාලු  පුතේ. බලන්න  නේද  ඒවගෙත්  හැටි." ඈ  කුල්ල  මත  දෑගිලි  ගෙන යන  අතරේ  පවසාගෙන  ගියා ය.

                                         *****

පොහොයක්  ලග  ලගම  බැවින්  පන්සලේ  වැඩ  එමට ය. ගමේ  තරුණ සමිතියේ  සබිකයෙකු  වූ  රන්දික  මෙවෙලේ  ගම  වටේම  කොඩි  වැල්  ඇදීම  නම්  වූ  බරසාර  කටයුත්තේ  යෙදී  සිටී. කොට  කලිසමට  බැනියමක්  පමණක්  හැද  සිටින  ඔහුගේ  දහදියෙන්  නැහැවුණු  ගත  දුටුවෙකුට  බැබලෙන  ඉර  හෝ  ඔහුව  වෙන්කොට  හදුනාගැනීමට  වුව  අපහසු  විය  හැක.

මෙවෙලෙහි ම  සුන්දර  රූමතිය,  අනුත්තරා  ඇගේ  යෙහෙලිය ද  සමගින්  කඩයට  ගොඩ වී  සිටී. රන්දිකගේ  නිවස  අසල ම  තිබූ  කඩය  වූ  මෙහි  අයිතිකාරිය  හේමමාලා,  කාටත්  උදව් පදව්  කරන  කාන්තාවක්  වුව ද  රත්ගම  සිරිතට  අනුව  ඉක්මන්  කේන්තිකාරියක ද  වූවා ය.

ඒ අතර  විස්කෝතු  කෑමට  කඩේට  පැමිණෙන  රන්දිකගේ  මලයා, බඩු ගෙන  අවසන්ව  කෙල්ලන්  කඩයෙන්  පිටව යන  බව  දැක  ඔවුන්  හා  කතා  කළේ ය.

" අක්කට  මාව  මතකද?

මන්  අර  රන්දිකගෙ  මල්ලි " ලස්සනට  දත්  පෙන්නා  ඈට  සිනාවක්  දෙමින්  ඔහු  කීය.

" ආහ්. එයාගෙ  මල්ලි ද..." ඈත් සිනාසී  කීවා ය.

" ඔව්ව්... එනව ද  යන්න  අපෙහා? අම්මා  ඉන්නවා  ගෙදර..." හුරතල්  ලෙස  වදන්  ගැලපූ  ඔහු  අනුත්තරාට  උත්තර  දීමට  කාලය  නොදීම  ඇගේ  අතින්  ඇදගෙන  නිවස  පැත්තට  දිව  ගියේ ය.

                              මේ  ගමේ මිනිසුන් ඔහේලාගේ ගමේ මිනිසුන් මෙන් නොවේ.සෑම දෙනාම සහෝදරත්වයෙන් සිටින මේ ගමේ කෙනෙකු අයෙකුට ගෙදරකට ආරධනා කරන්නේ තේකක් බී දැන හදුනා ගැනීමට ත් නෑ මිතුරු කම් වැඩි කර ගැනීමටත් ය.නැතුව ඔහේලා හිතනවා මෙන් අහවල් මගුලකට නොවේ.

                  අනුත්තරා  හා  කඩයට  පැමිණි  ඇගේ  මිතුරිය  වූ  සංසලා 'අයියා  වගේ ම  වදකාරයෙක් නෙ  මේ  ඇටකිච්චත් ' ලෙස  තෙපලමින්  ඔවුන්  පසුපස  දිව  ගියා ය.

ඇදගෙන  දිවීම  අවසන්  වූ  තැන  ඔවුන්. සිටියේ  රතු  සිමින්ති  බිමක්  ඇති  ලස්සනට  තින්ත ද  ගා,  වහල ද  උලුවෙන්  සෙවිලි  කළ  ගෙයක්  ඉදිරියට ය. එහි  වත්ත  පසෙක  කුකුල්  කූඩුවක්, දහවල්  හිරු  කිරණ  වැටී  දිලිසෙන  තක්කාලි  වම්බටු  ගෙඩි වලින්  සපිරි  එලවලු  පාත්තියක්, වත්ත  මැද ම  ඇති  ලොකූ  අඹ  ගසක්  හා  මුලු  වත්ත  පුරා ම  හිට වූ  මල් ගස්  ආදියෙන්  පිරී  තිබිණි...

වහලට  සෙවෙලි  කරන  ලද  පොල්  අතු ද  දිරා ගිය, ඇගේ  කුඩා  නිවහන  ඈට  සිහියට  නැගුනේ  නිරයාසයෙනි.

" අම්මේඒ..." රන්දිකගේ  මලයගෙ  ඒ  හඩගෑමෙන්  අනුත්තරාගේ  සිතිවිලි  දැහැනට  බාදා  විණි.

" අක්කලා  දෙන්නෙක්  ඇවිල්ලාආ..."

' මොකක්! අපියැ  ආවෙ? මූනෙ  ඇදන්  ආවෙ! මේ  ඇටෙයා නම්...' යි  කේන්තියෙන්  පුපුරමින්  සිටි  සංසලා  තමාටම  කියා ගත්තා ය. අනුත්තරාගේත්  සිතිවිලි  ඒ  හා  සමාන ම  වූ  බව  කිව  යුතුම ය.

රන්දිකගේ  මව  ඔවුන්  ඉදිරියට  ඇවිද  එන  විට, රන්දකත්  පෙනෙන්නට  නැති  මෙවෙලේ  ඔවුන්ට  කර කියාගත  දෙයක්  නොහීව  ඔහේ  ගල් වී  සිටින්නට  විය.

" කවුද  ඔය  ළමයි..? " කල්පනාකාරී  ස්වරූපයෙන්  රන්දිකගේ  මව  අසද්දී  කෙල්ලන්  දෙ දෙනාට ම  තමාව  තවත් පොලවට ඇලී යනවා මෙන් හැගීමක් දැනිණි. බොරුවක්  හෝ  ගැට ගසාගත  යුතු බව  සිතමින්  සිටිනාතරතුර  මෙහි  මහ  මොලකරු  වූ  රන්දිකගේ  මල්ලි  එතනටත්  මැද්දට  පනිමින්,

" අය්යගෙ  යාලුවොලු  අම්මේ..." යි  කියමිනි.

කෙල්ලන්  දෙදෙනාට ම  තමාව  දියවන  බව  දැනිනි. දහදිය  නලල  දිගේ  කන  දෙපසින්  ගලා  යයි. ඒ  දැඩි  හිරු  රශ්මිය  නිසා  වන්නට ද  පිළිවන.

" ඔයා  කොහොමද  ඕවා  දන්නෙ? ම්ම්?අනික, ඔයා  කඩේට  ගිහින්නෙ  හිටියෙ?..." තම  පොඩි  එකා  ගැන  හොදහැටි  දන්නා  වැඩිමල්  තැනැත්තිය  ප්‍රශ්නාර්ත  ස්වරයෙන්  ඇසුවේ  අහින්සක  කෙල්ලන්  ගැන  මද  දුකක් ද  ඇති වෙද්දී ය.

" නෑ  නැන්දේ  මේ... මේකයිනෙ. මෙන්න  මේකිට  ඔලුවෙ  අමාරුවක්  ඇවිත්  කලන්තෙට  වගේ  ආවනෙ  පාරෙදි. මේ  මල්ලි  හම්බුනේ  පාරෙදිනෙ. මල්ලි  කිව්වා  මෙහෙට  ඇවිත්  ටිකක්  ඉදලා  යන්න  කියලා. නේහ්  මල්ලි" ඇහි බැමකුත්  බාගෙට  උස්සා  අමුතු ම  හිනාවක්  දාමින්  සංසලා,  රංදිකගෙ  ඇටකිචි  මලයගෙන්  අසද්දී තම මවගේ බැල්ම ට මදක් බය වූ නිසා කට  උත්තර  නැති තැන  එය  එසේ යැයි ඔලුව වනා පිළිගත්තේ ය.

" ආහ්හ්වූ " අනුත්තරා ද  සංසලාගේ  වැලමිටි  පහරින්  ලද  ඉගියෙන්  ඔලුවට  අතක්  තියාගෙන  රංගනයේ  ඈට  අයත්  කොටස ඉටු  කරන්නට  ගත්තා ය.

" ආහ් එහෙමද? කෝ  ඔය  ළමයට  අමාරුද... මෙහෙන්  ඇවිත්  ඉදගන්නකො...

ඉන්න  මන්  බෙහෙත්  මොකුත්  අරං  එන්නම්..."

මෙලෝක  ලෙඩක්  නැතිව  මොනවදෝ  පෙති  දෙකක්  උගුරට  හලාගත්  අනුත්තරා  රන්දිකගේ  මව  අත  තිබූ  වතුර  වීදුරුවෙන්  බාගයක්  පමණද  හිස් කළාය.

" අඩුයි  වගේ ද  පුතේ... ටිකකින්  හරියාවි... අමාරුයි  වගේනම්  කියන්න  අපි  බේත්  ටිකක්  ගේන්න  යමු..."
තව ම  හමුවී  මිනිත්තු  දහයක්වත්  නොගිය  මේ  කාන්තාවගේ  කාරුණික  ස්වරූපය  ගැන  අනුත්තරාට  පුදුමයක්  හා  විශාල  පැහැදීමක් ද  ඇති වී  තිබිණි.

" ඔය  ළමයි අහල  පහළම  වෙන්නැති  නේද? " අනුත්තරා  අත  තිබූ  වීදුරුව  ඉල්ලාගන්නා  අතර  රන්දිකගේ  මව  ඇසුවා ය.

"ඔව්  නැන්දෙ... අපි  මේ  පන්සල්  වත්තෙන්  එහා  වත්තෙ..." අනුත්තරා  පළමු  වරට  වචනයක්  දෙඩූයේ  දැන්  විය.

" ඒ  කීවෙ  ගහල  වත්තෙ ද ?..."

" ඔව් නැන්දෙ..." ඒ පිළිතුර සංසලාගෙන් ය.

මද  වෙලාවක්  පැවතුනු  සුහදශීලී  කතාබස්  අවසානයේ  ඔවුනොවුන්ගෙන්  සමුගැනීමට  සැරසෙද්දීම  එකවර  කඩාවැදුනේ  අනුත්තරාට  නුහුරු  උවත්  සංසලාට  නම්  හුරුපුරුදු  මුහුණකි.

ඒ  පෙරහැර  දිනයන්හී දී  රන්දික  හා  දුක්  විදි  රන්දිකගේ  අසම-සම  මිතුරා  වූ  අසන්ග යි...

" නැන්දෝ..." මෙලෝ  සිහියක්  නැතිව  ඔහේ  මිදුලට  කඩාවැදි  ඔහු  තරුණියන්  දිටිවන ම  තක්බීරි  වූයේ ඉබේටම ය.

" මොකද  අසන්ග පුතේ... කෝ  අපේ  එකා?"

" ඇයි  ගෙදර  නැද්ද  නැන්දෙ? ඌ  මන්  එනකම්  ඉන්නම්  කිව්වනෙ  පන්සලට  යන්න..."

" ආ  පුතා  තාම  පන්සල්ට  ගියේ  නැතෙයි? රන්දික  ගිහින්  ගොඩක්  වෙලානෙ. ඔයා  පරක්කු  නිසා  යන්ටැති  මයෙ  හිතේ..."

"වෙන්ටැති  නැන්දෙ. මට  මේ  පාං  පෝලිමේ  ඉන්න  උනානෙ. අමතක  උනා  මූට  එන්නම්  කිවු වග..."

" පන්සලේ  වැඩ  ගොඩක්  ඇති  කොල්ලො. ඉක්මන්ට  ගියා නම්  හොදයි  නේද?..." යි  රන්දිකගේ  මව  කීවෙ  අසංග  සැරින්  සැරේට  විස්මිත  මුනුනෙන්  කෙල්ලන්  දෙස  බැලුම්  හෙලනු දුටු  නිසායි.

____________________________________

*වෙන්කරපු  හාල් - රන්දිකගේ  මව  ඇතුලු  ගම්වල  සමහර  කාන්තාවන්  තමා  ඇතිකරන  කුකුලුන්ට, කුරුල්ලන්ට  වෙනම ම  හාල්  වෙන්කර  ඇත.

*හිරෙයක් - කසාදයක්

          **********************************

හලෝ...මේ පෙබරවාරි නූනට මොකද ඉන්න මන් දුන්නා.මන් කිව්වනෙ මන් හොද නිසා මෙහෙම අවස්තා එන්න පුලුවන් කියලා.

ඊයෙ මගෙ උපන්දිනේ.අද BTS ARMYලගෙ උපන්දිනේ.(අදත් මගෙ උපන්දිනේ තමා ඒ නිසා)

ඉතින් මන් ඊයෙ හිතන් ඉදියෙ හරියට 8.30ට Update කරනවා කියලයි.ඒත් 8.30ට අපේ විදුලිය විසන්දි වෙලා.ඉතින් ඊයෙ දෙන්න බැරි උනා.

කතාව අමතකත් ඇති නේද?  •_•

ඔන්න දැන් කෙල්ලගෙ නම දන්නෝනි.
අනුත්තරා
(රන්දික×අනුත්තරා)

ආයෙ චැපියක් මේ වගේ විශේශ දවසක එන්නත් පුලුවන්.නිකම් දවසක එන්නත් පුලුවන්.බලන් ඉදියට ස්තූති.

#HappyBirthdayARMY
#GotaGoHome

                                                           _SaSha_

Lanjutkan Membaca

Kamu Akan Menyukai Ini

16.6K 3.7K 23
"හරි නරකයි ඔහෙ මට ඉන්න දෙන්නැ ඉහි..ඉහි ,අනික මන් ඔහෙගෙ නමවත් දන්නෑ" යෙහස් බිම බලාගෙන කිව්වා.. "මගෙ නම විහංඟ , විහංඟ ප්‍රභාෂ්වර රත්නායක ....කවුරැහරි උ...
19.3K 2.9K 11
ආදරේ කරන්න නොදන්න හිතකට ආදරේ කරන්න කියලා දුන්නු එයා ඒ ආදරේ අමතක කරන විදිහ කියලා දුන්නේ නැත්තන්...? ° nonfiction °
4K 667 12
ආදරේ කියන්නෙ හුත්තක්. එච්චරයි __සිතුම් ආකාෂ් ෆ්‍රනෑන්ඩෝ