My Empress 🖤️✨ ( Sinhala Ff...

By Daisy_Dinu

6.2K 1.4K 506

අතීතයේ හදවතකට පෙම් බැදි කාලතරණය කළ ගායකයෙක්.... 🌹 මේ Story එක කාලතරණ කතාවක්...අතීත රාජධානියකට ගිය ගායකයෙක්... More

හැදින්වීම 🖤
Chapter : 01 🖤✨
Chapter : 02 🖤✨️
Chapter : 03 🖤✨️
Chapter : 04🖤✨️
Chapter : 05 🖤✨️
Chapter : 06 🖤✨️
Chapter : 07🖤✨️
Chapter : 08 🖤✨️
chapter : 09 🖤✨️
Chapter : 10 🖤✨️
Chapter : 11 🖤✨️
Chapter : 12🖤✨️
Chapter : 13 🖤✨️
Chapter : 14 🖤✨️
අතීත රාජධානියේ චරිත හදුනගමු 🖤✨️
Chapter : 15 🖤✨️
Chapter : 16 🖤✨️
Chapter : 17 🖤✨️
Chapter : 18 🖤✨️
Chapter : 19 🖤✨️
Chapter : 19 🖤✨️ (SP❤🌹)
Chapter : 20 🖤✨️
Chapter : 21🖤✨️
Chapter : 22 🖤✨️
Chapter : 23🖤✨️(SP❤🌹)
Chapter : 24 🖤✨️
Chapter : 25 🖤✨️(PART1)
Chapter : 25 🖤✨️(PART2)
Chapter : 26 🖤✨️(PART2 , LAST)
පසුවදන ~ 🖤

Chapter : 26 🖤✨️(PART1)

125 32 9
By Daisy_Dinu

පෙර කොටසට :https://m.facebook.com/story.php?story_fbid=265986148889825&id=100064353265866

My Empress 🖤✨️
Chapter 25 pt.1 👑 (අවසාන කොටස)

__________________🌺

වැළලී ගිය අතීතයක්.....
අලුත් කළ ගායකයෙක් ......

කාලය කියාවී දෛවයේ සරදම්🍂

________________________________________

(පෙර කොටසට සම්බන්ධය...)

☑️තෙදොo : වර්තමාන ටේහ්‍යුන්ගේ අතීත රූපේ

මෝයුන් : වර්තමාන නම්ජූන්ගේ අතීත රූපේ...

ඩෝයුන් :වර්තමාන ජින්ගේ අතීත රූපේ

යොන්හා : වර්තමාන හොබීගේ අතීත රූපේ...

චoසොන් : වර්තමාන ජන්ග්කුක්ගේ අතීත රූපේ..

ලී චිo : වර්තමාන යූන්ගිගේ අතීත රූපේ
_______________

🌟ජිමින් (මින්හො) POV :

අනික් අය කෑම ගද්දි දොර අරින්න ගිය සුයෝන් දොර ළඟ ගල් වෙලා වගේ හිටන් ඉන්නේ ඇයි කියලා බලන්න මම එයා ළගට ගියා...

"සුයෝන්....ඇයි මොකක්ද්ද...අ...."

කියාගෙන එයා ළගට ගියා විතරයි මගේ ඇස් උඩ ගියේ දොර ඉස්සරහ හිටන් ඉන්න කෙනාව දැක්කම...

දෙයියනේ බේක් කියුං...මගෙ පපුව එකතැන නතර වුණා වගේ වුණා..මගේ ඇස් ඉස්සරහ තවත් කීපදෙනෙක් එක්ක හිටන් ඉන්නේ බේක් කියුංගෙ අතීතේ රූපේ....මට හිතාගන්නවත් බැහැ...මේක කොහොමද වෙන්නේ..මගෙ කතාව ප්‍රධාන චරිතයක් වුණ බේක් කියුංව කොහොමද මට අමතක වුණේ...මන් මෙහෙම කාලතරණය කරන්න හේතුවත් බේක් කියුං..

ඒ මූණ දිහා බලාගෙන මම මොහොතකට ප්‍රශ්න ගොන්නක අතරමං වුණා...

"අහ් මි...න්....හෝ...." ඒ මිනිහා මගේ නම කඩලා උච්චාරණය කළේ හරි නෝන්ඩි විදිහට...ඉස්සර බේක් කියුං වගේම..

මම ඒ මිනිහා දිහා බලල එකපාරටම හැරුණේ සුයෝන් දිහාවට..ඇස් දෙකත් ලොකු කරගෙන සුයෝන් ඒ මිනිහා දිහා බලන් හිටියේ හරියට හොල්මනක් දැකලා බයවෙලා වගේ....

සුයෝන් දිහා බලලා ඒ මිනිහා දිහා බැලුවම මට මොකක්දෝ අමුතු හුරු බවක් දැනුණා..මගෙ මතකේ එදා වින්ක්ලි අවෝඩ් ශෝ එක දවසට දුවගෙන ගියේ ඒත් එක්කම...ඒ දවස් වල වුණ සේරම දේවල් මට එකපේළියට මතක් වෙන්න ගත්තේ හැමෝගෙම මූණුත් මතක් වෙන ගමන්...

මේ ඒ දෙන්නා....බේක් කියුංනුයි ,රියායි...
එතකොට සුයෝන් කියන්නේ අනාගතේ රියාද...මේක වෙන්න බැහැ... කොහොමටවත් වෙන්න බැහැ..ඒත් ඒ දෙන්නා එදා වගේමයි..මුළ ඉදලම සුයෝන් ගැන ලාවට මතකයක් තිබුණත් ඒ කෙනා රියා කියලා මම හීනෙකින්වත් හිතුවෙ නෑ.
මොකද බේක් කියුං තරම්වත් රියා මගෙ ජීවිතේට ළඟ කෙනෙක් නොවුණ නිසා.
ඒත් එක්කම මට එදා පෙනුණ අමුතු හීනෙත් මතක් වුණා..ඒ හීනෙ හිටියෙත් බේක් කියුංනුයි රියායිද..?මට කොහොමද මගෙ කතාවේ ප්‍රධානම කෙනාව අමතක වුණේ...?

මගේ මතක වල සුයෝන්ගෙයි අනාගතේ රියාගෙයි මූණු ,හිනාව එකට ගැළපෙද්දි මන් මං එක්කම තර්ක කළා....

සුයෝන් කියන්නේ රියාගේ අතීත රූපේ කියලා මට තාම විශ්වාස කරගන්න බැහැ......

"මොකද බය වෙලා වගේ අහ්හ්...."
ඒ මිනිහා හිනාවෙලා මා දිහාවට හැරුණා..

"තමුන් කවුද....?" මම සැරෙන් ඇහුවේ ඒ හිනාව මට පිළිකුළ් හැගීමක් දනවපු නිසා.

"සුයෝනා...ඔයා මෙයාට කිව්වේ නැත්ද
මන් ඔයාගේ කවුද කියලා..."

"තමුන්.....කොහොමද...." සුයෝන් අහන්න හැදුවේ ආවේගයෙන්...

"මම කොහොමද ජීවත් වෙන්නේ කියල නේද...ඒක දිග.....කතාවක්...
යාහ් සුයෝනා..ඔයාට සතුටු නැත්ද මැණික මම ආපහු ආව එකට..."

"යාහ් තමුන් කවුද....? මොනවද මේ කියවන විකාර...."

ඒ මිනිහා සුයෝන්ට මැණික කියද්දි මගේ කේන්තිය දෙපිටින් ගියා...

"මම කවුද නේද....ඇයි සුයෝන් ඔයාට මම ගැන කියලා නැත්ද...?"

"මෙතනින් යනවා...." සුයෝන් කෑගහලා කිව්වේ එකපාරටම...එයාගේ ඇස් පවා කේන්තියෙන් රතු වෙලා...

"මොකක්ද මෙතන වෙන්නේ...."

සුයෝන්ගෙ කෑගැහිල්ලේ සද්දෙට ලී
අයියණ්ඩි අපි ළගට ආවා..ෂිනුයි මියුන්ජුයි වගේම කෑම මේසේ හිටපු අනික් අයත් දොර ළගට ආවේ ඒත් එක්කම...

"යාහ් ඔයා කවුද...?අක්කණ්ඩි මේ කවුද?" හාජින් ඇහුවේ කියුං වගේ මිනිහා දිහා ඇස් අමුතු කරලා බලලා....

"තමුන් කවුද කියනවා..." මියුන්ජුගෙ වචනත් සැර වුණා...

කවුරු මොනා ඇහුවත් ඒ මිනිහා නක්කලේට වගේ කට කොනින් හිනාවක් දාගෙන සුයෝන් දිහා බලාගෙන ඉන්නවා ඇරෙන්න කිසි උත්තරයක් දුන්නේ නෑ....

"මින්හෝ ඔයා මෙයාව අදුරනවද..."

අර මිනිහගෙන් කිසි උත්තරයක් ලැබුණෙ නැති නිසාදෝ ලී අයියණ්ඩි මං දිහාවට හැරුණා..

"නැහැ අයියණ්ඩි....මම දන්නේ නෑ...."

මම ලී අයියණ්ඩි එක්ක කතා කරද්දි අර වූබින් කියන මිනිහා අඩි කීපයක් අපෙන් ඈතට ගියේ නෝක්කාඩු මූණක් හදාගෙන..

"ආශ්....ශියෑන් මාළිගාවේ ආගන්තුක සත්කාරනම් අන්තිමයි...
ආව වෙලේ ඉදන් කවුද කවුද කියලා අහලම මගේ කනත් මොකක්ද වෙලා..."

හාජින් : "කරුණාරලා තමුන් කවුද කියනවද...??"

"ඔන්න ආයෙත් පටන් ගත්තා...ඇරපු අතක් නෑ අක්කණ්ඩි වගේමයි හාජින් ඔයත්..."

මේ මිනිහා කලින් ඉදන්ම හාජින්වත් අදුරනව කියලයි මට හිතුණේ..එන්න එන්නම මගෙ රතු කට්ට පනින්න ආසන්න වුණේ ඒ මූණ මට බේක් කියුංව සැරින් සැරේ මතක් කරද්දි...

"සෙබළුනි..." මම සෙබළුන්ට කතා කළේ උපරිම සද්දෙන්..

"ඕකනේ කරන්නේ බැරි උතුමාණෙනි...
ඔබතුමා කලබල වෙනවනේ...
අපි තේ බොන ගමන් ටිකක් කතා කරමු..."

කියපු ඒ මිනිහා කෑම මේසෙන් වාඩි වුණේ හරියට එයාගේ තැනක් වගේ...

"සෙබළුනි...දැන්මම මේ පිස්සාව මාළිගාවෙන් එළියට ඇදලා දානවා..."

"ඔබතුමා කොච්චර කතා කළත් සෙබළු කවුරුත් නම් එන එකක් නැහැ රජතුමණි..." කියලා කෝප්පෙට තේ වක්කරගෙන පුටුවකින් වාඩි වෙලා තේ බොන්න ගත්තේ කිසි ගාණක් නැතුව..

"තමුන් මොනවද කියවන්නෙ..." මට මේ මිනිහගෙ අමුතු විකාර හැසිරීම ඇල්ලුවෙම නැහැ...

"ඔබතුමා දැන් යටත් වුණොත් හොදයි...
දැන් ශියෑන් මාළිගාව තියෙන්නේ මගේ යටතේ...

අලුත් ශියෑන් රජු සියෝ වූබින්ට දීර්ඝායුශ වේවා....! "

කියලා තේ කෝප්පේ අපි දිහාවට දික් කළේ හරියට සතුටට සව්දිය පුරන්න වගේ..ශියෑන් මාළිගාව ඒ මිනිහට යටත් වුණා කිව්වම මට හිතාගන්න බැරි වුණා...

ලී අයියණ්ඩි : "මොකක්ද...."

මියුන්ජු : "මොනවද මේ කියවන්නේ...."

චංසොන් : "මාළිගාව ආක්‍රමණය කරළද...? ඒ කොහොමද..."

හේසූ : "මොනවද සුයෝන් මේ වෙන්නෙ..."

හැමෝම හිටියේ වෙන්නෙ මොනවද කියලා හිතාගන්න බැරුව..

"ඔයාලා අලුත් රජතුමාව පිළිගන්න විදිහනම් අන්තිම සවුත්තුයි..."

"රජ වෙන්න තමුන් කවුද...?

කියපු සුයෝන් මියුන්ජුගෙ ඉණේ තිබුණ කඩුව කොපුවෙන් එළියට අරගෙන,

කියලා වූබින්ගෙ බෙල්ල මුල ඉලක්ක කළේ ඇහිපිය ගහන තත්පරේට..අපි හැමෝගෙම ඇස් උඩ ගියා..ඒත් සුයෝන් නම් වූබින්ගෙන් ඇස් අහකට අරගත්තෙම නැහැ...ඒ ඇස් කේන්තියෙන් රතු වෙලා..
ඇයිදෝ මන්දා මට ඒ ඇස් වල හැංගුණ මහ දුකක් තියෙනවා කියලා දැනුණ..මොනා වුණත් සුයෝන් වූබින් දෙන්නට අපි නොදන්න අතීතයක් තියෙනවා කියලනම් මට හොදට තේරුණා...

සුයෝන් කඩුව අරන් වූබින්ව ඉලක්ක කරද්දි දොර ළඟ හිටපු වූබින්ගෙ සෙබළු විස්සක් විතර උන්ගෙ කඩු අරගෙන අපිට වටකළා..අපිට වූබින්ට යටත් වෙනවා ඇරෙන්න කරන්න දෙයක් නැහැයි කියලා ඒ රිදී කඩුවල මුවහත දකිද්දි මට එවෙලෙ හොදට තේරුණා..

"සුයෝන් මැණික.....වීණාව හුරු ඔය අත්වලට අසිපත ගැළපෙන්නෙ නැහැ.." ඒ මිනිහා සුයෝන් ළගට තව තවත් ළං වුණේ අසිපතට කිසි බයක් නැතුව..

"ඔය අසිපත ඒක බිම දැම්මොත් හොදයි නේද...."

වූබින් එහෙම කිව්වත් සුයෝන්නම් තවත් ශක්තිමත්ව කඩුව ඉලක්ක කලා ඇරෙන්න පසුබහින්න හිතුවෙවත් නැහැ..

"මන් හිතන්නේ නෑ මෙතන ඉන්න කාටහරි තුවාල වෙනවට ඔයා කැමතිවෙයි කියලා...ඒ නිසා අසිපත බිම දාන්න..."

ඒ කතාවත් එක්ක සුයෝන් බැලුවේ මං දිහා..මගෙ බෙල්ල ඉලක්ක කරලා තියෙන කඩුව දැක්කම සුයෝන්ගෙ ශක්තිය එහෙම පිටින්ම නැතිවුණා කියලා මට දැනුණා.. සුයෝන් මන්දිහා බලාගෙනම හිමින් හිමින් කඩුව පහත් කළා....

"තමුන්ට මොනවද ඕනේ කියනවා..." සුයෝන් ඇහුවා...

"ඔයාව...." උගෙ සෙල්ලක්කාර වචන මාව තවත් තරහගැස්සුවා...

"යාහ්....මන් තමුන්ට කිව්ව නේද සුයෝන්ගෙන් ඈත් වෙලා ඉන්න කියලා..."

"එයා කොහොමත් ඉන්නේ මගෙන් ඈත් වෙලා...ඒත් ඇයිද මන්දා මට එයාගෙන් ඈත් වෙන්න හිතෙන්නේ නැහැනේ..."

ඒ වචන එනන් එන්නම මාව මගේ ස්වයං පාලනය නැතිවුණා...

"උඹ කොහොමද.....??.." මම හැදුවේ උට දෙකක් නෙළන්න..ඒත් කඩුවෙ අග මගෙ බෙල්ලෙ මුල කැපුණෙ එකපාරටම...

"මින්හෝ....මින්හෝ....." ඒක දැකපු සුයෝන් හොදටම කළබල වුණා...

"වූබින්, තමුන්ට ඕනේ මාවනේ... මගෙන් පළිගන්නවා....අනික් අයව අතාරිනවා..."

"ඕකනේ මැණික ඔයා එක්ක බැරි...
ඉස්සරහ වගේම තාමත් පොඩ්ඩ ඇත්නම් ඔයාට තරහ යනවනේ...
අපි මේක ලස්සනට සමරමු...."

"සෙබළුනි...මේ හැමෝවම අත් අඩංගුවට ගන්න...ඒ වගේම අපේ අලුත් රජතුමා මින්හො එතුමට විශේෂයෙන් සළකන්න..."

සෙබළු අපේ අත් ගැටගැහුවේ හෙළවෙන්නවත් බැරි විදිහට..වෙන්නෙ මොනවද කියලා හරියටම හිතාගන්න බැරි වුණත් මුළු මාළිගාවම මේ වූබින් කියන මිනිහා අක්‍රමණය කරලා කියලනම් මට හොදට තේරුණා..එළියෙ ඉන්න අනික් අය ගැන මට දැනුනෙ ලොකු බයක් වගේම අයියණ්ඩිලා ගැන දැනුණෙ වේදනාවක්..
මේ වගේ නොහිතපු දෙයක් වෙයි කියලා මම හීනෙකින්වත් හිතුවෙ නෑ.....
__________________________________________

පැය කිහිපයකට පසු~

🌟 AUTHOR POV : (කතෘ)

හිතාගන්න බැරි විදිහට මුළු රාජ මාළිගාවෙම බලය ශින්ජු වූබින් අතට පත් වෙද්දි මුළු රාජධානියේම ජනතාව හොදටම කලබල වුණා..ජනතාව හුගක්ම
දුක් වුණේ රැජිණ වගේම එයාලගෙ රජතුමා ගැන..ජනතාව රැජිණටත් වඩා මින්හොට හුගක් ආදරේ කළා...

වූබින් සුයෝනුයි අනික් හැමෝවමවයි රාජ සභා ශාලාවට ඇතුළට දාලා හිරකළේ ජනතාව මින්හො වෙනුවෙන් පෙළ ගැහෙනවා කියලා කල් තියාම දන්න නිසා..
මින්හොට වගේම සුයෝන්ට විරුද්ධ පාර්ශව එකතු කරගත්ත වූබින් තමන්ට රජකම පවරගන්න හැමදේම සූදානම් කරගත්තා.....

@මාළිගාව
~රාජ සභා ශාලාව

"ඇතුළට යනවා...."

කියන ගමන් සෙබළෙක් මින්හොව ශාලාව ඇතුළට ගෙනත් අතෑරියම මින්හොව ගිහින් නැවතුණේ ඇතුළේ තිබුණ කණුවක වැදිලා.....

"මින්හෝ.....ඔයා හොදින් නේද...? " ළග හිටපු හාජින් මින්හොට අත දුන්නේ එයාට නැගිටින්න..

"ඔව් මං හොදින් හාජින්..." කියන ගමන් මින්හො හාජින්ගෙන් වාරු අරන් ඔලුව ඉස්සුවා...

"උන් කොහොමද රජතුමාට මෙහෙම සළකන්නේ..." හාජින් කෑගහලා කිව්වම සෙබළු ශාලාවේ දොර පියන් වහලා දැම්මේ නෝක්කාඩු හිනාවක් දාන ගමන්..මේ දේවලට මින්හොට කේන්ති දැනුණත් එයා ඒක පාලනය කරගත්තා...

"මින්හෝ...ඔයා හොදින් නේද.."

"හාජිනා....ඇයි ඔයාව විතරක් මට මතක නැත්තේ...ඇයි..?" මින්හො හඩ අඩුකරලා හාජින්ගෙන් ඇහුවේ එයාගේ ජීවිත කතාවේ හැම ප්‍රධාන චරිතෙකටම අතීත චරිතයක් තිබුණත් අතීතෙට ආව දවසෙ ඉදලා දකින හාජින්ගෙ චරිතෙට චරිතයක් එයාගෙ මතක නැති එක ගැන ලොකු වේදනාවකින්...

"ආහ්...මොකක්ද..?" හාජින් පුදුම වුණා..

"හාජින්...ඔයාව මතක නැති එකට මට සමාවෙන්න..අපි ආපහු පාරක් මුණගැහුනොත් මන් කවදාවත් ඔයාව අමතක වෙන්න දෙන්නේ නෑ..." මින්හො එයාගේ හැගීම එහෙමම වචන කළා...

"මින්හො ඔයා මේ මොනවද කිය..." හාජින් කට අරින්න හදවත් එක්කම ,

"මින්හෝ......මින්හෝ...." කියාගෙන ඈත ඉදන් සුයෝන් මින්හෝ ළගට දුවගෙන ආවේ කලබලෙන්..

"ඔයා හොදින් නේද මින්හෝ..ඔයාට ප්‍රශ්නයක් නැහැනේ..."

කියලා සුයෝන් මින්හොට අත තියද්දි
හාජින් මින්හොගෙන් අත අයින් කරන් එතනින් එහාට ගියේ කොයිතරම් එයා මින්හො ගැන වදවුණත් සුයෝනුයි මින්හොයි අතරට එන්න ඕන වුණේ නැති නිසා..නමුත් මින්හො ඒ කියපු අමුතු කතාව හාජින්ගෙ හිතේ ප්‍රශ්නයක් ඉතිරි කළා..

"මන් හොදින් සුයෝන්...ඔයා හොදින් නේද..?" මින්හො හීන් හිනාවක් ඇදගෙන සුයෝන් දිහා බැලුවා..

"ඔව්.....මම හොදින්....ඔයාට මොකුත් අනතුරක් වුණේ නෑ නේද.."

"නැහැ...සුයෝන්...මාළිගාව..මේ මුළු මාළිගාවම දැන් විනාස වෙලා ගිහිල්ලා...
මම හොද රජකෙනෙක් නෙමෙයි...
මට බැරිවුණා මගෙ ජනතාව ආරක්ෂා කරන්න..මට බැරි වුණා..." මින්හො එයා ගැන හුගක් පසුතැවුණා..

"නොකරපු වරදකට ඔයා වැරද්ද පටවගන්න ඕනි නෑ මින්හෝ..."

"ඔව් ඔයා හරි සුයෝන්..මින්හො කොහොමත් මේවට වගකියන්න ඕනි නෑ..මේ දේවලට වගකියන්න ඕනි ඔයා..."

"අයියණ්ඩි...??" ලී චිං එකපාරටම කිව්ව දේ ගැන මින්හොට හිතාගන්න බැරි වුණා...

"කවුද ඌ....? සුයෝන් කවුද ඒ මිනිහා....??"

කියලා ලී චිo සුයෝන් දිහා බැලුවේ මූණ අදුරු කරගෙන..ඒ ප්‍රශ්නෙට උත්තරයක් තිබුණත් ඒ උත්තරය ගළපගන්න නොතේරුණ නිසා සුයෝන් ඇස් බිමට හැරෙව්වේ බිදුණු ස්වරූපයක් මවාගෙන...

"බිම බලාගත්තම සේරම හරිද...? ඌ අදුරන්නේ ඔයාව විතරයි..." ලී චිo ගේ වචන රළු වුණා.

"අයියණ්ඩි...."

"ඔයා කටවහගන්න මින්හෝ.....අද අපි මෙහෙම හිරවෙලා ඉන්නේ කවුරු නිසාද කියලා මට දැනගන්න ඕනී..
සුයෝන්..මට උත්තර දෙන්න..කවුද ඒ මිනිහා....?"

"හොදයි....." සුයෝන් සාමාන්‍ය පෙනුමක් මවාගත්තේ එයාගේ වේදනාව හංගගෙන.

"සුයෝනා..."

"ඒකට කමක් නැහැ මින්හෝ...මෙතන ඉන්න හැමෝටම අයිතියක් තියෙනවා ඒ ප්‍රශ්නෙ මගෙන් අහන්න...." සුයෝන් අහින්සක විදිහට හිනාවෙලා මින්හො දිහා බැලුවේ මින්හොව සන්සුන් කරන්න හිතාගෙන....

"සියෝ වූබින් කියන්නේ කලින් ශින්ජු රජ පවුලේ රාජ කුමාරයා..." සුයෝන් හැගීම් විරහිත මූණක් මවාගත්තා...

"මොකක්.....?? " මෝයුන්ගෙ ඇස් උඩ ගියා..

තෙදොo : "එහෙම වෙන්නෙ කොහොමද...? ඔයා ශින්ජු යටත් කරගද්දි එයා මැරුණ කියලනේ ආරංචි වුණේ..."

චoසොන් : "ඔව් ඒකනේ...."

සුයෝන් : "එයා නිකම් මැරුණේ නැහැ....මම එයාව මැරුවා.."

සුයෝන් එකපාරටම කියපු මේ කතාවට හැමෝම උඩ බිම බැලුවේ ඇස් පුදුම කරගෙන..මින්හො ගල් වෙලා වගේ සුයෝන් දිහා බලන් හිටියේ වචනයක්වත් නොකියා...

ලී චිo : "මොකක්ද කියන්නේ....? "

"ඔව්....මම මගෙ අතින්ම එදා වූබින්ට අසිපතින් ඇන්නා....
ඒත් අවාසනාවට එයා මැරිලා නැහැ...
එයා අද ජීවත් වෙන්නේ කොහොමද කියන්න මම දන්නේ නෑ..."

වූබින් නොමැරුණ එක ගැන තියන පසුතැවීම සුයෝන් එහෙමම වචන කළේ මූණෙ කිසි වෙනසක් පෙන්න්නෙ නැතුව..

හේසූ : "මොකක්ද....? ඒත් ඇයි...?"

හාජින් : "අක්කණ්ඩි....ඔයා කොහොමද...?'

දරාගෙන ඉන්න බැරිම තැන හාජින් කට ඇරියා..

"මම කලින්ම කිව්වනේ හාජිනා...
මම ඔයාලා හිතනවට වඩා භයානක කෙනෙක් කියලා..." සුයෝන් හාජින් දිහා බැලුවේ හීන් හිනාවක් මූණේ අයිනක ඇදගෙන...ඒ හිනාව යන්තම් දරුණු පෙනුමක් ගත්තත්..ඒ හිනාව ඇතුළේ සුයෝන් ලොකු වේදනාවක් හංගගෙන හිටියා...

තෙදොo : "ඒත් ඇයි....? ඇයි ඔයා එහෙම දෙයක් කළේ...?"

"මොකද එයා මගේ පළවෙනි ආදරේ නිසා.."

සුයෝන් හැගීමක් නැති විදිහට මින්හොගෙ ඇස් දිහා බලාගෙන එහෙම කියද්දි ඒ වචන මින්හොගෙ පපුව පසාරු කරගෙන ගියේ ලොකු වේදනාවක් එයාට දැනෙන්න ගද්දී..බේක් කියුං...අනාගතේ තමන්ගෙ ජීවිතේ තමන්ටම එපා කරපු මනුස්සයාගෙ අතීතේ රූපේ වුණ වූබින් තමන්ගේ ආදරවන්තියගේ පළවෙනි ආදරේ වුණා කිව්වම මින්හොට දරාගන්න බැරිවුණා....

චoසොන් : "ආහ්....?? "

තෙදොo : "ඔයාගෙ පළවෙනි ආදරේ...ඔයා එයාට ආදරේ කළාද...?"

තෙදොo එහෙම අහද්දි සුයෝන් මින්හො දිහාම බලාගෙන හිටියේ හැගීම් විරහිත මූණකින්..ප්‍රශ්න නොඇහුවත් අනික් අයත් හිටියේ මේ කියන දේවල් හිතාගන්න බැරුව...

හේසූ : "ඒත් කොහොමද...කොහොමද ඔයා ඔයා ආදරේ කරපු කෙනාව මරන්නෙ තියා හිතන්නෙවත්....?? "

"ඇති හේසූ ඔය ඇති...සුයෝන්ට එහෙම කරන්න හේතුවක් තියෙන්න ඇති...
තවත් පරණ දේවල් හාරවුස්සන්න එපා.."

මින්හෝ හේසූට කිව්වේ තවත් ඒදේවල් ගැන අහන් ඉන්න වුවමනාවක් තිබුණ නැති නිසා..

"නැහැ මින්හෝ...හේසූ කිව්වේ ඇත්ත...
ආදරේ කරපු කෙනෙක්ව මරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඒ මමම විතරයි.."

"සුයෝන්...." මින්හොට තවත් එයාගේ හැගීම් විරහිත වචන දරාගෙන ඉන්න පුළුවන් වුණේ නැහැ...සුයෝන් දරාගැනීමේ වචන මින්හොව තව තවත් රිද්දුවේ එයාව ප්‍රශ්න ගොඩක අතරමං කරවලා...

"ඔයාලා හැමෝටම දැනගන්න ඕනෙ ඇතිනේ මගෙ අතීතේ ගැන...
හොදයි...මම කියන්නම්...."

එයාගේ වැළලිලා ගිය ඇත්ත හැමෝගෙම කුතුහලය පිරුණු ඇස් ඉස්සරහ ආපහු අවදි කරන්න සුයෝන් හිත හදාගෙන පුරුදු සාමාන්‍ය විදිහට මූණ හදාගත්තේ කාටවත් කිසි වෙනසක් නොපෙනෙන්න...

"ඒ පුoචි කෙල්ලට එතකොට වයස අවුරුදු දහයයි..ඒ කෙල්ලයි රැජිණයි රජතුමයි ඒ තුන්දෙනා හුගක් සතුටින් ජීවත් වුණා..
ඉස්සර ඒ රාජධානිය පුරාවටම සංගීතය..
එයා උදේට අවදිවුණෙත් රෑ නින්දට ගියෙත් සංගීතයත් එක්ක.‍.. ඒ තරම්ම එයාගේ ජීවිතේ සංගීතය එක්ක බැදිලයි තිබුණේ...

ඒත් එක දවසක් එයාට සංගීතය නෙමේ මුළු ජීවිතයම එපා කළා...එදා තමා වාර්ෂික ප්‍රාර්ථනා උත්සවය තිබුණ දවස..මුළු රාජධානියම උත්සවයට හුගක් ලස්සන සූදානම් වුණා..

ඒත් ඒ ලස්සන නැතිවෙල යන්න මහ ලොකු වෙලාවක් ගියේ නෑ...අද වගේම එදා ශින්ජු අක්‍රමණකාර කැරලිකරුවෝ නොහිතපු විදිහට මාළිගාව ආක්‍රමණය කළා..රැජිණවයි රජතුමාවයි ඒ පුoචි කෙල්ලගෙ ඇස් ඉස්සරහම මරලා දැම්මා...

ඒ දෙන්නා මැරෙන දිහා කදුලු පුරෝගෙන බලාගෙන ඉන්නවා ඇරෙන්න එයාට මොකුත් කරගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ..එදා ඒ කෙල්ල උත්සවය වෙලාවේ වීණා වාදනය කළා..මින්හෝ , ඔයාගේ පියාණන් හරි ආසයිලු එයා වීණා වාදනය කරන්වා අහන් ඉන්න.."

කියපු සුයෝන් මින්හෝ දිහාවට හැරිලා හිනාවුණේ ඇස් වල කදුලු හංගගෙන..
මොනදේ වුණත් සුයෝන් මින්හො ඉස්සරහ ඇරෙන්න වෙන කා ඉස්සරහවත් තමන්ගෙ කදුලු පෙන්නුවේ නැහැ...ඒ ගැන මින්හො පවා හොදටම දැනන් හිටියා...

එදා ඒ කෙල්ලගෙ පියාණන් අන්තිම හුස්ම හෙලුවෙත් වීණා සංගීතය අහගෙනමයි.
ඉතින් ඒ පුoචි කෙල්ලට එයාගේ පියාණනුයි මෑණියනුයි එයාගේ ඇස් ඉස්සරහ මැරෙද්දි වීණාව වාදනය කරනවා ඇරෙන්න කරන්න දෙයක් තිබුණේ නැහැ...මොකද එයා අසිපතට හුගක් බය නිසා..ඉතින් ඇගිලි පුරුක් තුවාල වෙලා ලේ එනකන් අඩ අඩා ඒ කෙල්ල වීණාව වාදනය කළා..ඒ වීණාවේ සංගීතයත් එක්කම ඒ කෙල්ලගෙ මුළු ජීවිතයම එයාට එක මොහොතින් නැති වුණා..

"සුයෝන්....ඔය ඇති...." මින්හො කිව්වේ දරාගෙන ඉන්න බැරිම තැන..සුයෝන් සාමාන්‍ය විදිහට හිටියත් ඒ සාමාන්‍ය කම ඇතුළෙ තිබුණ වේදනාව මින්හොට හොදටම දැනුණා...

"නැහැ...කතාවක් මගින් නතර කරන්න හොද නැහැනේ... (සුයෝන් මින්හොගෙන් ඇස් අහකට අරන් අනික් අය දිහාවට හැරුණා..හැමෝම කතාවට කන් දුන්නෙ හුගක් වුවමනාවෙන්...

ඉතින් ඒ කෙල්ලගෙ ඉතිරි අවුරුදු පහම ගෙවුණේ නාට්‍යාoගනාවක් විදිහට..
ඒ කෙල්ල රෑ නිදි නැතුව කිසි විවේකයක් නැතුව උමතු වුණ රජතුමාව සතුටු කරන්න වීණා වාදනය කළා..එන්න එන්න සංගීතය, වීණාව අප්පිරියා වුණත් ඒ කෙල්ලට කරන්න දෙයක් තිබුණෙ නැහැ...
තමන්ගෙ දෙමව්පියො මරපු මිනීමරුව ඉස්සරහ හැමදේම දරාගෙන හිනාවෙලා ඉන්න එයාට සිද්ධ වුණා..

වයස අවුරුදු දාසයක් වුණ ඒ පුoචි කෙල්ලට හැමෝම වෛශ්‍යාවකට වගේ සලකද්දි, ඒ කෙල්ලට සංගීතය විතරක් නෙමේ තමන්වම පිළිකුල් වුණා..ඒත් ඒ දේවල් දරාගෙන ඉන්නවා ඇරෙන්න එයාට කරන්න දෙයක් තිබුණේ නැහැ...

ඔය අතරෙ තමා එයාගෙ ජීවිතයට කෙනෙක් ආවේ..ඒ කෙනා ඒ කෙල්ලට ආදරේ කරනවා වගේ බොරුකරලා ඒ අහින්සකී ලව්වා තමන්ගෙම පිය රජතුමාව මරවලා අන්තිමට ඒ කෙල්ලව වැරදිකාරයා කරලා රජකම ගත්තා...

නොකරපු වරදකට ඒ කෙල්ලව අවුරුදු දෙකක් වහල් සේවයේ යොදවලා නොසෑහෙන්න වද දුන්නේ හරියට සතෙකුට වගේ..මිනිස්සු රාක්ෂයො වගේ ඒ කෙල්ලගෙන් අයතු ප්‍රයෝජන ගන්න හැදුවා..කලින් ඒ කෙල්ලට පණ දෙන්න හිටපු ඒ ආදරේ ඒ කෙල්ලව කකුලට පෑගෙන දූවිල්ලක් ගානට දැම්මා..

අවුරුදු දෙකකට පස්සෙ දෙවියෙක් වගේ මනුස්සයෙක් ඇවිත් එයාව එතනින් බේරගෙන එයා වටේට මිනිස්සු එකතු කරවලා මේ හැමදේම හරිගස්සන එයාට උදව් කළා..එදා තමා ඒ කෙල්ල ඇතුළෙ හිටපු ලාමක කලාකාරිය මරලා දලා ශක්තිමත් කාන්තාවක් වෙන්න පටන් ගත්තේ..අවුරුදු ගාණක් දුක් විදලා සටන් කරලා තමා එයා හැමදේම හරිගස්සලා හැමෝටම සාධාරණය කළා..එයාගේ ජනතාව වෙනුවෙන් අසාධාරණය වෙනුවෙන් නැගිට්ටා.....

ශින්ජු වල ප්‍රධාන පෙළේ නාට්‍යාoගනාවක් වුණ ඒ කෙල්ල රැවටීමට රැවටීමෙන්ම උත්තර දුන්නේ නාට්‍යාoගනාවො කියන්නේ සාමාන්‍ය මනුස්සයො කියලා ඒ අමනුස්සයාට තේරුම් කරවලා..

නෘත්‍ය ශිල්පියෙක් වුණත් නාට්‍යාoගනාවක් වුණත් සංගීතවේදියෙක් වුණත් සාමාන්‍ය හිත් පිත් තියන මනුස්සයො කියලා හැමෝටම තේරුම් කරන්න එයාට ඕන වුණා..කෙනෙක් සතුටු කරපු පළියට තවත් කෙනෙක් කොහොමද ඒ කෙනාගේ ජීවිතේ තමන්ට ඕන විදිහට පාලනය කරන්නේ..ඉතින් ඒ කෙල්ලගෙ වගේම තවත් කෙල්ලන්ගෙ ජීවිතේ සෙල්ලමකට ගත්ත ඒ පව්කාරයට දඩුවම් ලැබුණ එක වැරදි නැහැනේ.. නේද.." කියලා සුයෝන් එයාගේ අදුරු මූසල අතීත කතාව ඉවර කළා..

"සමාවෙන්න සුයෝන්...." ලී චිo එයා සුයෝන්ට කතාකරපු විදිහ ගැන හුගක් පසුතැවුණා..

හේසූ : "අපිට සමාවෙන්න...අපි ඔහොම දෙයක් ගැන දැනන් හිටියෙ නැහැ....." රැජිණ සංගීතය තහනම් කරන්න හේතුව මේ තරම් අදුරු ජීවිත කතාවක් වෙයි කියලා කවුරුත් හිතුවෙ නැහැ...

"නැහැ..එදා හිටපු ඒ අහින්සක කෙල්ල ඒ අතීතෙත් එක්කම වැළලිලා ගියා...එයාව මම මරලා දාලා හුගක් කල්...
ඒ නිසා සමාව ඉල්ලන්න එපා..." සුයෝන් කැමතිවුණේ නෑ කාගෙවත් අනුකම්පාවක් එයාට ලැබෙනවට..එයා අනුකම්පාව කියන වචනයට පවා හුගක් වෛර කළා..
බැරිම තැන අතීත කතාව කිව්ව මිසක් තමන්ගෙ අතීතේ හාරවුස්සනවත් සඅනුන් ඉස්සරහ දුර්වලයෙන් වෙන්නවත් සුයෝන්ට ඕන වුණේ නෑ..කොහොමත්ම...

සුයෝන් කතාව ඉවරකරත් මින්හො හිටියේ ප්‍රශ්න ගොන්නක් හිතේ හිරකරගෙන කල්පනා ලෝකෙක තනිවෙලා..සුයෝන් මේ තරම් වේදනා වි

"මින්හෝ...." සුයෝන් මින්හො ළගට ආවා.

"මම ඔයාට කලින් මේ දේවල් හංගන්න හිතුවේ නෑ....මට ඕන වුණේ පරණ දේවල් අමතක කරලා ඔයා එක්ක අලුත් ජීවිතයක් පටන් ගන්න.."

"මන් දන්නවා...මන් ඔයාට එදත් කිව්වා සුයෝන්...මට අතීතෙ සිද්ධ වුණ දේවල් වැඩක් නැහැ...කොහොමත්ම...." මින්හො සුයෝන්ගෙ අත අල්ලගත්තේ හුගක් ආදරණීය විදිහට...

හාජින් : "ඔව් අක්කණ්ඩි...එදා අක්කණ්ඩිට මට උදව් කරන්න බැරි වෙන්න ඇති..ඒත් අද මම ඔයා වෙනුවෙන් ඉන්නවා..."

ෂින් : "මට සමාවෙන්න සුයෝන්...ඔයාගේ අමාරු කාලවලදි මට ඔයා ළගින් ඉන්න බැරි වුණා.." වැඩි කතා බහ නොකෙරුවත් ෂින්ගෙ ඒ විශ්වාසවන්ත වචන හැමදාමත් වගේ සුයෝන්ගෙ හදවතටම කතා කළා..

"ඔයා මට මේ කරලා තියන උදව් ඕනවටත් වඩා වැඩියි ෂින්...ඔයා ඒ ගැන දන්නවා..."

තෙදොo : "සුයෝන්...මම, මියුන්ජු, චoසොන් ඒ වගේම අපේ අයියණ්ඩි අපි හැමෝමත් ඔයා එක්ක ඉන්නවා....."

යොන්හා : "හැමදේටම උත්තර කාලය ළඟ තියෙනවා සුයෝන්...අපි ඔයා එක්ක ඉන්නවා..." යොන්හා මින්හො දිහා බලාගෙන කිව්වේ මින්හො ඉන්නේ අතීත අනාගත ගැටළුවක කියලා යොන්හට දැනුණ නිසා....

චoසොන් : "අපි එකතු වෙලා මේ ප්‍රශ්නෙට මුහුණ දෙමු...මතකනෙ අපි පොරොන්දු වුණා මොන දේ වුණත් හැමදාමත් එකට ඉන්නවා කියලා....."

ජීවිතේ කවදාවත් මේ තරම් අය එයා වෙනුවෙන් ඉදියි කියලා සුයෝන් කවදාවක්වත් හිතුවේ නැහැ..එයාට මේ වගේ යාළුවෝ ටිකක් ඉන්න එකට ලොකු සතුටක් දැනුණා..

"දැන් අපි කොහොමහරි මෙතනින් එළියට යන්න ක්‍රමයක් හිතන්න ඕනි..." ලී චිo කිව්වේ අනුස්මරණ ශාලාව වටේට ඇස් යවන ගමන්..ලා පහන් එළියෙන් එළිය වුණ ඒ ශාලාවේ හද එළිය වැටෙන්න පවා හිඩසක් නොතිබුණ තරම්...

මෝයුන් : "එළියෙ ගොඩක් සෙබළු රැකගෙනයි ඉන්නේ...අපිට එළියට යන්න විදිහක් නැහැ...."

ලි චිං : 'මේ කොහෙම හරි එළියට යන්න දොරක් ඇති...."

"මේ අනුස්මරණ ශාලාවෙන් එළියට යන්න දොරක් නැහැ..." ෂින් එහෙම කිව්වම ලී ෂින් දිහාවට ඇස් හැරෙව්වා..හැමවෙලේම වගේ ලී චිoගෙ ඇස් ෂින් දිහාවට හැරිලා තිබුණේ ඉබේටමයි...

මියුන්ජු : "ඔව්...ෂින් කියන කතාව ඇත්ත.
මේ ශාලාව නිර්මාණය වෙලා තියෙන්නේ ඒ විදිහට.."

ලී චිං : එහෙමද...ඒත් කමක් නෑ... මෝයුන් යොන්හා අපි මේ පැත්තට ගිහින් බලමුකො කොයිකටත්..." කියලා ලී අනික් අය එක්ක ශාලාවේ ඇතුළට යන්න ගියා..
කණුවක් ළඟින් වාඩි වෙද්දි , ෂින් තනියම අයිනකට වෙලා හේත්තු වුණා..

හාජින් තෙදොo ළගට ගියේ තෙදොo තනියම කල්පනා කරනවා දැකලා...

"තෙදොo....‍තෙදොං....."..

"ආහ්...ඔව්....ඔව් හාජින්...." තෙදොoගෙ කල්පනා ලෝකෙ බිදිලා පියවි සිහියට ආවේ හාජින්ගෙ කටහඩ ඇහෙනවත් එක්ක...

"තෙදොo මොකක් හරි ප්‍රශ්නයක්ද..?" කවදාවත් හාජින් කියන නම නොකියන තෙදොo අද නම කියපු නිසා හාජින් ටිකක් පුදුම වුණා...

"නැහැ....හාජින්...මන් මේ අයියණ්ඩි ගැන කල්පනා කළේ...එයා හොදින්ද දන්නෙ නැහැ..." තෙදොo ඩෝයූන් ගැන හුගක් වද වුණා...

"අහ් ඩෝයූන් හොදින් ඇති...දන්නවනේ ඩෝයූන් ගැන...ඒ නිසා බය වෙන්න එපා....ම්ම්..."

"හ්ම්ම්....
හාජින්......"

"ඔව් කියන්න...."

"නැහැ....මොකුත් නැහැ..." තෙදොo කියන්න ගිය දේ ගිලගත්තේ ඒක මේ වෙලාවේ ගැළපෙන්නේ නැහැ කියලා එයාට දැනුණ නිසා...

"යාහ්....ඔය හිතේ තියාගෙන ඉන්න දෙයක් තියනවනම් දැන්ම කියනවා....
කියන්න බෑනේ අද මැරුනොත් එහෙම...
ඒ නිසා දැන්ම කියලා දානවා..."

"යාහ්... මොනවද ආහ් කියවන්නේ..."
තෙදොo හාජින්ගෙ ඔළුවට පාරක් ගැහුවේ ඒ කතාවට කේන්ති අරගෙන...

"ආව්හ්...." කෙල්ල මූණ බෙරි කරන් ඔලුව අතගාගත්තා...

"යාහ්..මෝඩ කතා කියන්න එපා..මම මැරුනත් ඔයාට මැරෙන්න දෙන්නේ නැහැ මම...ආයේ ඔය වගේ කතා කියන්න එපා..
තේරුණානේ..." තෙදොoගෙ හිතේ තිබුණ හැගීම් වචන වුණේ එයාටත් නොදැනිම..

"ආහ්......
හරි හරි...ඉතින් මම ඔච්චර කේන්ති ගන්න දෙයක් කිව්වේ නැහැනේ..."

තෙදොoගෙ අමුතු හැසිරීම හාජින්ව පුදුම කළා...

"කටපියාගෙන මෙන්න මෙහෙන් වාඩි වෙනවා..."කියලා තෙදොo හාජින්ව අතින් ඇදලා බිමින් වාඩි කරවලා එයත් බිමින් වාඩි වුණා...

රජෙක්...උරුමයක්..අනාගතක්...පරණ මතකයන්..සංගීතය එක්ක බැඳුණ ජීවිත කතාවන්..මින්හොට මේ දේවල් හිතාගන්න බැරි වුණා..හැමදෙයක්ම එකිනෙකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා එයා එයාගෙන්ම ප්‍රශ්න කළා.....

"මින්හෝ...." සුයෝන් මින්හො ළගට ආවා..

"ඔව් සුයෝන්...."

"මින්හෝ...මම ඔයාගෙන් සමාව ඉල්ලන්නේ නැහැ....මොකද මම ඔයාට කිසිම වැරැද්දක් කරලා නැහැ...."

"ඔව්...ඔයා මට නෙමෙයි....මෙතන ඉන්න කාටවත් වැරැද්දක් කරලා නැහැ සූ...
මේ හැමදේම දෛවයේ සෙල්ලමක් මිසක්.." මින්හො බිදුණු කටහඩකින් කිව්ව ත් ඒ හඩ ඇතුළෙ සුයෝන් ගැන මහ ආදරයක් තිබුණා...

"මන් දවසක් ජීවත් වුණත් කවදාවත් ඔයාව අතාරින්නෙ නැහැ....මන් පොරොන්දු වෙනවා.." සුයෝන් මින්හොගෙ අතින් අල්ලගත්තේ හැමදාටම එයා මින්හො වෙනුවෙන් පළිහක් වගේ ඉන්නවා කියලා පොරොන්දු වෙන ගමන්...

"ඔයයි මගේ රැජිණ මුළු ජීවිත කාලෙටම..
ඉතින් මන් කවදාවත් ඔයාව අතාරියිද..?"

මින්හෝ කිව්වේ එයාගේ අතිනුත් සුයෝන්ගෙ අත අල්ලගෙන..ඒ අතේ තිබුණ තුවාල කැලැල් වගේම ශින්ජු වහල් සලකුණත් මින්හොව තවත් සංවේදි කළා...

සුයෝන් මින්හෝ එයාලගෙ ආදරයෙන් හිත් සනසගද්දි චoසොන්,මියුන්ජු වගේම හේසූ , මෝයුනුත් තමන් ආදරය කරන අයගෙන් හිත සනසගත්තා..හැමෝම මොනවම හරි දේකින් හිත් සනගත්තේ ඊළග තත්පරේ තමන්ගෙ ජීවිතේ අවිනිශ්චිතයි කියලා හැමෝම හොදාකාරම දන්න නිසා..අමාරුවෙන් හරි කදුලු අතරින් හිනාවෙන්න උත්සහ කළේ දැනුණ ඒ වේදනාව මොහොතකට අමතක කරලා...

___________________________________

අවසාන කොටසින් හමුවෙමු !🌹

මෙය හුදෙක් මන:කල්පිත කතාවක් පමණි..!

හායි රීඩර්ස්...❤
මේ කොටසින් කතාව ඉවර කරන්න ඕනි වුණත් දිග වැඩි නිසා අවසාන කොටසත් දෙකට වෙන් කරන්න වුණා..දෙවෙනි කොටස හෙට අනිවාර්යයෙන්ම දෙන්නම්..😍❤️

අවසානය වෙනකන්ම ඉන්න❤️
සරන්හේ💜

ලයික් ,වෝට්, කමෙන්ට් කරන හැමෝටම ගොඩක් ස්තූතියි ❤️
අදහස් අඩුපාඩු කියන් යන්න 😍

#Dinu

Continue Reading

You'll Also Like

200K 4.2K 46
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...
761 89 8
Naruto was neglected by his family for all his life, When the time came for his final mission, naruto Accept it.
1.3M 57.8K 104
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
1.6K 273 16
මාලිගාවක් නේද?🏰 ඒකනේ මං කිව්වේ බොරුද?එයා මායාකාරියක්..🧙 අර වයසක ගෑනි මගෙ ඕඩිව ගෙම්බෙක් කරලා සුප් හදලද දන්නෑ..🦴 මේ වුන දේවල් නිකන් ෆිල්ම්ස් වල තියෙ...