Spring day

By Dazzling_bloom

1.6K 229 520

ප්‍රේමය.................................... අකුරු තුනකට කරන්න පුලුවන් මොනවද? සුරදූතයෙක්ව යක්ශයෙක් කරන්නද යක්ශ... More

නැවතුමක් ?
නික්මයාම
උමතුව
මායාව
පසුතැවීම
ආගන්තුක ඇරඹුම
හිමි අහිමිවීම
නිහඬ පෙම

පුනරුත්පත්තිය

187 22 130
By Dazzling_bloom

Jimin's pov

හ්ම්......හේතුවක් නොදැන මම ඇවිද්දා.මට හිතුන තරම් ඇවිද්දා.මටත් නොදැනිම මම ඇවිත් තියෙන්නේ එතනට.

මේ තරම් හවස් වෙනකම්ම මම ඇවිදලද?
මට එතකොට තමා ඒක තේරුනෙත්.

මම හිමින් එයා ළගට ඇවිදගෙන ගියා.අදත් එයා මොනවද ලියනවා.

"ම්හ්ම්.......මම මෙතනින් වාඩිවුනාට කමක් නැද්ද?" මම උගුරත් පාදලා ඇහුවම එයා ටිකක් බයවුනා.

"ඔඕ......................මම බයවුනා.ජිමින්ශි.....
වාඩිවෙන්න." කෙල්ල බය වෙලා හැරුණේ පපුවෙන් අතත් තියාගෙන.මම හොදටම බය කරලා.

"මම බය කලාද ඔයාව?" මම ඇහුවේ එයා වාඩිවුන බන්කුවෙන්ම වාඩිවෙලා.

"හ්ම්....ඔව්.බොරු කියන්න ඕන නෑනේ.ජිමින්ශී අද තනියමද ආවේ?" කෙල්ල පුරුදු හිනාවෙන්ම අහනවා.

"ඔව් අද තනියම.ඇයි මාත් එක්ක කතා කරන්න කැමති නැද්ද?" මම තනියම ආපු එකට ඔයා කැමති නැද්ද?.....පොඩි දුකක් හිතට එද්දි මම ඇහුවා.

"අනේ......එහෙම මුකුත් නෙවෙයි ජිමින්ශී......මම පුරුද්දට ඇහුවේ....." කෙල්ල කලබල වෙලා කිව්වා.

"ආ...එහෙමද? මොකක්ද ඔයාගේ නම? අපි ඒකවත් දන්නේ නෑනේ?"මගේ හිතේ තිබුන ලොකු ආසාවක් මම එහෙම ඇහුවා.

"Goo Ha neul ඒක තමා මගේ නම ජිමින්ශී...." කෙල්ල හිනාවුනා.

"Ha neul ලස්සන නමක් ඇත්තෙන්ම.ඉතින්....
ඇයි මට ඔප්පා කියන්න බැරි?මම පේන තරම් නපුරු නෑ......
හිනා නොවී කතා නොකර ඉන්නේ ඒ මගේ විදිහ නිසා." මම ඉස්සරහ බලන්ම කියලා දැම්මා.

"හ්ම්.....අනී....ඔප්පා නපුරුයි කිව්වේ කවුද?මම බයවුනා පොඩ්ඩක්.ඔප්පා අකමැතිද දන්නේ නෑනේ මම ඔප්පා කියනවට ඒකයි." කෙල්ල අතේ ඇගිලි එක්ක සෙල්ලම් කරන ගමන් කිව්වා.

"හ්හ......මම ඔයාව කන්නේ නෑ ළමයෝ........
මේ මගේ හැටි.
ඔයා අපේ fan කෙනෙක්ද?Army?" මම ඇහුවේ එයා දිහාවට හැරිලා.කෙල්ලට පොඩි හිනාවක් ගියා.

"හ්ම්...ඔව් මම ඔප්පලාගේ සිංදු අහනවා.ඒත් army කියලම කියන්න බෑ .මොකද මම ඔයාලා ගැන ලොකුවට දන්නේ නම් නෑ .ඒත් සින්දු අහනවා.මම ආසයි ඒ සින්දුවල තේරුම්වලට.ඒවා ලස්සනයි ගොඩක්." කෙල්ල කිව්වේ ආසාවෙන්.

"එහෙමද? කවුද ඔයාගේ bias?" මම ඒ දේ ඇහුවේ හිතේ ලොකු ආසාවකින්.

"නම්ජුනී ඔප්පා........" කෙල්ල සතුටින් එහෙම කියද්දි මගේ හිතට ලොකු දුකක් දැනුණා.ඒත් ඇයි?
හිතේ ඇතුලින් නම් මම හිතුවේ ඒ මමම වෙන්න කියලා.මොකක්ද මේ මට වෙන්නේ?

"එ..එහෙමද?ඒ මොකද හ්‍යුන්ග්ම?"
ඇයි ඒ කෙනා මම වෙන්න බැරි කියන්න Ha neul ?

"ඔප්පා smart genius genuine handsome ඒ වගේම inspiring ඉතින් මම නම්ජුනී ඔප්පාට ගොඩක් ආසයි.හිතනවා cameraවට පේන ඒ personality එකම ඔප්පාට ඇති කියලා." කෙල්ල ඇස් බෝල කරගෙන කිව්වා.

"හ්ම්...ඔව් හ්‍යුන්ග් ඒ වගේමයි නෑ ඊටත් වඩා හොදයි ආදරණීයයි.ඒත් හ්‍යුන්ග්ට යෝජා චින්ගු කෙනෙක් ඉන්නවා.ඒ මගේ නූනා."මොකක්...ඒක මම කිව්වා නෙවෙයි කියවුනා.

ආයිශ්...ඇයි මම මගේ හ්‍යුන්ග්ට ඉරිසියා කරන්නේ?
පාර්ක් ජිමින්......................................
තමුසෙට පිස්සුද යකෝ.....

"පුදුම වෙන්න දෙයක් නෑ .මම හිතුවා නම්ජුනී ඔප්පාට යෝජා චින්ගු කෙනෙක් ඇති කියලා.එයා ගොඩක් වාසනාවන්තයි ඔප්පා වගේ කෙනෙක් ලැබෙන්න.ජිමින් ඔප්පාට නූනා කෙනෙක් ඉන්නවද?" කෙල්ල සතුටින් මගෙන් ඇහුවා.

"මගේම ලේ නෙවෙයි.ඒත් මගේම නූනා තමා.හ්‍යුන්ග්තුත් ගොඩක් වාසනාවන්තයි නූනාව ලබන්න.
ඒක නෙවෙයි කවුද ඔයාගේ bias wrecker?"

Plz දෙයියනේ මේ පාරවත් මම වෙන්න.
ආයිශ්.....ඇයි මම මෙහෙම?

"හෝසොකී ඔප්පා......එයා තමා මගේ bias wrecker cool chilling සරල සැහැල්ලු කෙනෙක්.මම හරි ආසයි ඒ හිනාවට.එයාටත් යෝජා චින්ගු කෙනෙක් ඉන්නවද?" කෙල්ල හරි ආසාවෙන් මගෙන් ඇහුවේ.

මොකක්? ඒ පාරත් මම නෙවෙයි. ආ........

"ඔව්, ඉන්නවා.එයාලා engaged වෙලා ඉන්නේ."මම අහක බලන්ම කිව්වේ තවත් එයා දිහා බලන් ඉන්න බැරිකමට.හිත පුරාම මහ අමුතු දුකක් පිරිලා.

"අනේ හරිම සතුටුයි.මම ඒ දෙන්නටම wish කලා කියන්න.හැමදාම සතුටින් ඉන්න කියන්න.
ජිමින් ඔප්පා.....ඔප්පා........" මම හැරුණේ එයා මගේ අතින් අල්ලලා හොලවපු නිසා.කෙල්ල මම හැරුණ ගමන්ම අත අරගත්තා.

"ම්ම්.....?" මම එයා දිහාම බලන් ඇහුවත් එයා බිම බලාගෙන.

"ඔප්පා....ඔප්පාගෙන් දෙයක් අහන්නද?" කෙල්ල බිම බලන්ම අහනවා.

"අහන්න ඉතින්" මම අහස දිහා බලාගෙන ඇහුවා.

"ඔප්පා....ඔයා කොහෙද හැන්ගුනේ?" කෙල්ල අහින්සකව මගේ දිහා බලාගෙන ඇහුවේ.ඒ අහපු දෙයින් මම පුදුම වෙලා එයා දිහාවට හැරුණේ.

"මොකක්ද? ඇයි එහෙම ඇහුවේ?" මම පුදුමෙන් ඇහුවේ.

"කොහෙද පරන හුරතල් ජිමින් ඔප්පා හන්ගලා ඉන්නේ ඔප්පා? ඇයි ඔප්පා එයාව හැන්ගුවේ?" කෙල්ල මගේ ඇස් දිහාම බලාගෙන අහද්දි මම ගොලුවුනා.මම ඒ ඇස් අතර අතරමං වුනා.

"ඔප්පා....? ඔප්පා ප්‍රශ්නෙකද ඉන්නේ? ඒ නිසාද එහෙම වුනේ?"ඔහොම අහද්දි මම නිරුත්තර වෙන්නේ නැද්ද කෙල්ල.

"අකමැති නම් කියන්න එපා ඔප්පා.මොනවා වුනත් ඔය වගේ ඉන්න එපා.ඔප්පා හරි ලස්සනයි හිනාවෙද්දි.හිනා වෙලා ඉන්න.හැම දේකටම හොඳම බෙහෙත ඒක තමා."එයා හිනාවෙලා කියද්දි මටත් පොඩි හිනාවක් ගියා.

"ඒක නෙවෙයි එදා කොහොමද ඔයා හොයාගත්තේ ඒ පොත අපි කියෙව්වා කියලා?" මම කතාව වෙනස් කරන ගමන් ඇහුවා.

"ඒකද? ඒ පොත මගේ .මගේ පොතේ පොඩිම වෙනස් වීමත් මට පේනවා.මම bookmark එක තියපු තැන නෙවෙයි තිබුනේ ඒකයි."කෙල්ල පොත තුරුල්කරගෙනම කිව්වා.

"ම්ම්.....එහෙමද? මමත් දෙයක් අහන්නද එහෙනම්?" මම ඇහුවේ හිතේ තියන දේවල් අහන්න ඕන නිසා.

"අහන්න ඔප්පා." එයා මගේ දිහා හැරුනා.

"ඇයි නිදහසක් නෑ කිව්වේ?" මම මාව කලබල කරපු දේ එයාගෙන් ඇහුවා.

"හ්ම්.........මට වියදම් කරන්නේ මගේ මාමා.එයා ගොඩක් හොදයි.මට කිසිම දේකට බලකරන්නෙ නෑ .අප්පා පොඩි කාලෙදිම නැතිවුණා.ඔම්මා විතරයි ඉන්නේ.මම ආස subject එක තියෙන්නේ soul uni එකේ.ඒකට වියදම් වැඩී.ඔම්මොනිට ඒක කරන්න බෑ .ඒ නිසා මාමා තමා ඒ වියදම් කරන්නෙ.ඒ නිසා මට එයාගේ කීමෙන් පිට යන්න බෑ .මට එහෙම කරන්න බෑ .ඔප්පාටම ඒක තේරෙනවනේ.

ඒ නිසා වෙන අය වගේ විනොදවෙන එක,ගමන් බිමන් යන එක,මම ගොඩාක් අඩුකලා.මගේ ජීවිතේ සමහර තීරණ ගනිද්දි මේ දෙවල්වලදි එයාගේ අදහස්වලට මට ගරු කරන්න වෙනවා.සමහරවිට මම ඉගනගෙන ඉවරවෙද්දි එයා මට marry කරන්න කෙනෙක් හොයලා දේවි.ඒ කවුරුවුනත් මට වැරැද්දක් නම් වෙන්න දෙන්නේ නෑ .මම ඒක දන්නවා.
ඒත් ............." කෙල්ල එහෙම කියලා ඈත බලාගත්තා.

"ඔයාගේ නිදහස තෝරාගැනීම් සීමා වෙලා? මම හරිනේ"මම කිව්වේ එයා දිහාම බලන්.

"ඔව්, හරි.ඒ නිසයි මේ පොත ලියන්නේ.අප්පා හිටියා නම් ගොඩක් දේවල් වෙනස් වේවි.ඒත් මේ මගේ ලැබීම.මම ඒක භාර ගන්නවා.මොනවා වුනත් මම වාසනාවන්තයි .ගොඩක් අයට නොලැබෙන දේවල් මට ලැබිලා." කෙල්ල හිනාවෙලා ආයෙත් කියවනවා.

"හ්ම්........ආදරෙ හිතිලා නැද්ද?" මම ඉක්මනින් වෙන පැත්තක් බලාගෙන ඇහුවා.

"මොකක්ද ඔප්පා?"එයා අහනවා.

"මම මේ ඇහුවේ නම්ජා චින්ගු කෙනෙක් නැත්නම් කාටවත්ම ආදරේ හිතිලා නැද්ද ඔයාට?" මම අහද්දි එයා ටිකක් හයියෙන් හිනාවුනා.

"ම්හ්ම් නෑ ..........මම තවම පොඩි 20යි මට.මට මොන නම්ජා චින්ගුලද ඔප්පා.මට ඒ දේ කරන්න බෑ .ඔයාටම තේරෙනවනේ.

ආදරේ....?
කොහොමද ආදරේ කරන්නේ ඔප්පා ආදරේ කියන දේ සෙල්ලමක් වෙද්දි"කෙල්ල කියනකොට මම එයා දිහා බැලුවේ සැකෙන්.කුතුහලෙන්.

"ඇ..ඇයි එහෙම කියන්නේ?"

"බලන්න ඔප්පා......මගේ පස්සෙන් ඕන තරම් කොල්ලෝ ඔය වචනේ ඉස්සරහට දාගෙන එන්න ඇති.ඒත් එතනින් එක්කෙනෙක්වත් ඒ වචනේ තේරුම දන්නේ නෑ.
මගේ නමත් එක්ක නම පටලවගෙන මුලු uni එකක් ඉස්සරහම මාව විහිළුවක් වෙලා.
මට ආදරේ නම් ඇත්තටම ආදරේ නම් එයා දැනගන්න ඕන මගේ ගෞරවය රකින්න.
එයා මට ආදරේ නම් ඒක කියන්න ඕන මට මිසක් uni එකේ ඉන්න අනිත් අයට නෙවෙයිනේ.
හැමතිස්සෙම අනුන් කියන කියන දේවල් කරලා මාව විහිළුවක් කරගෙන.

කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් හොයන්නේ ආරක්ශාව එහෙම නැතුව තමන්ව විහිලුවට ගන්න එකවත් time passවත් නෙවෙයි.
ගොඩක් කොල්ලෝ දන්නේ එච්චරයි.ඒ කෙල්ලව මම පරිස්සම් කරන්න ඕන කවදකම හරි එයා මගේ...
මේ කිසි දෙයක් ඒ ඔලුවල නෑ ඔප්පා.
කෙල්ල එක්ක යාලුවෙනවා ඊළඟට ඕන ඒ කෙල්ල එක්ක නිදාගන්න.
කෙල්ලෙක්ව ඕන තමන්ගේ අසහනේ නැති කරගන්න.
සමහරු ඉන්නවා ඔලුවේ කෙස් ගානට කෙල්ලෝ එක්ක නිදියන.ඊළඟට කිසි ගාණක් නෑ වගේ ඒ කෙල්ලව අතාරින.
ඔව්,කොල්ලොන්ට ඒක කොලුකම

එතකොට අර නිදාගෙන අතඇරලා දාපු කෙල්ලගේ ආත්ම ගරුත්වයට මොකද වෙන්නේ?
ඒ කෙල්ලගේ හැඟීම්.......ඒවට මොකද වෙන්නේ?

කෙල්ලෙක් කොල්ලෙක් ළඟ තමන්ගේ හැම දේම දෙන්නේ ලොකු විශ්වාසෙකින්.
ම්හ්ම්..........
ඒත් කෙල්ලව රවට්ටලා හෝ කොහොමහරි
ඒ කෙල්ලගේ හැමදේම අරගෙන අත අරින්නේ කෙසෙල් ලෙල්ලක් වගේ.

තමන්ගේ ඇතුලේ තියන හැමදේම ඒ කෙල්ලගෙන් නිදහස් කරනවා.එයාලගේ ඇතුලේ තියන එයාලගේ ප්‍රශ්නවලට පාඩුවේ ඉන්න කෙල්ලෙක් පලිද?

ඒ සමහරු ඊලග කට්ටිය මනුස්සකමට කතා කරාම හිතවත්කමට ළඟින් ඉන්න දුන්නම
ඊළඟට තමා ඇත්ත මූන එලියට එන්නේ.

ඊළඟට පුදුමාකාර වදයක් වෙන්නේ.................
යාලුවෙක් කියලා සැලකුවම විකාර කරන්න එනවා.4n එක වෙන වෙන අයට දීලා එක එක ජරා msg එවනවා.

ඒකත් හරි කමක් නෑ එයා නෙවෙයි කියලා හිත හදාගෙන සමාව දුන්නම.....ම්හ්ම්...

ඊළඟට රෑ මැද call දෙන්නේ dares කියලා.මාව සෙල්ලමක්.......

මෙහෙම කොල්ලෝ කෙල්ලොන්ව සෙල්ලමකට ගනිද්දි කොහොමද කොල්ලෙක්ව විශ්වාස කරන්නේ? ආදරේ කරන්නේ?

කොහොමද කියන්නේ අවුරුදු ගාණක් ඒ ආදරේ වෙනස් වෙන්නේ නෑ කියලා.අද කෙල්ලව දකිනවා හෙට ඒ කෙල්ලගෙන් askout කරනවා.ඒකට කියන්නේ ආදරේ නෙවෙයි ආසාව කියලා.
ඕක ගොඩක් කොල්ලොන්ට තේරෙන්නේ නෑ.

එක්කෝ නොදන්නකම නැත්නම් සල්ලාලකම.මට වෙන කියන්න දෙයක් නෑ."

Ha neul ලොකු කතාවක් කියලා ලොකු හුස්මක් පිටකලා.
මේතරම් වෙලා මම එයා දිහාම ඇහිපිල්ලම් නොගහා බලන් හිටියා.

ඒ කියපු හැම වචනයක් ගානෙම මම මාව ප්‍රශ්න කරන්න ගත්තා.
මමත් එහෙම නේද? මම කලෙත් ඒක නේද?
සල්ලාලයා.....ඔව් මමත් එහෙම කෙනෙක්.

"දන්නවද ඔප්පා.....?සමහර කොල්ලෝ එයාගේ ආදරේට ගොඩක් ආදරේ කරනවා.ඒ ආදරේ නැතිවුනාම එයාලා වෙනස් වෙනවා.එයාලට එයාලම අමතක වෙනවා.තනිවෙන්න නිහඬ වෙන්න ගන්නවා.

ඔප්පා..........................
ඔප්පාටත් වුනේ එහෙම දෙයක් නේද?කලබල වෙන්න එපා.මම නිකම් guess කලා මම දන්නේ නෑ.ඒත්,ඔයා ඔය විදිහට ඉන්න එක තේරුමක් නැති දෙයක්.

ඔප්පා එයාට අවන්කවම ආදරේ කරන්න ඇති.බොහෝදුරට එයත් ඔයාට අවන්කවම ආදරේ කරන්න ඇති.මම හිතනවා එහෙම වෙන්න ඇති කියලා.

ඔප්පාට ඔප්පාගේ ආදරේ නැතිවුණ විදිහ හේතුව මම දන්නේ නෑ .මට දැනගන්න ඕනෙත් නෑ .මම වගේ පිට කෙනෙක්ට ඒක අදාලත් නෑ .ඒක ඔප්පාගේ පෞද්ගලික ජීවිතේ.

ඒ මොනවා වුනත් එයාට ඔප්පා මේ වගේ වෙනස් කෙනෙක් වෙලා ඉන්නවා බලන්න ඕන වෙන්නේ නැතුව ඇති.ඔප්පා සමහරවිට ගොඩක් මෝඩ වැඩ කරන්න ඇති.

ඒත්..........ඒ මොන දේ කලත් පාර්ක් ජිමින් කියන්නේ කවුද කියන එක අමතක කරන්න එපා ඔප්පා.ඔයාට ඔයාවම මතක් කරලා දෙන්න.කන්නාඩියක් ඉස්සරහට ගිහින් අවන්කවම හිතින් අහන්න ඔප්පා.ඔයා ඔයාටම විවෘත වෙලා අහන්න.ඔයා ඔයාටම මේ කරන්නේ සාදාරණයක්ද කියලා.
ඔව්,ආදරේ කරන්න ඇති.එයත් ආදරේ කරන්න ඇති.ඒ ආදරේ නැතිවුනාම වැටෙන්න ඇති.ජීවිතේ එපාම වෙන්න ඇති.ඒක සාමාන්‍ය දෙයක්.අපි මිනිස්සු.අපි ආදරේ කරන කෙනෙක් ඈතට ගියාම එහෙම හැසිරෙන එක සාදාරණයි.

ඒත් මතක තියාගන්න එහෙම කියලා ජීවිතේ විනාස කරගන්න එක ඒ ආදරේටත් කරන අපහාසයක්.එයාට ඔප්පා මෙහෙම දකින්න ඕන වෙන්නේ නැතුව ඇති.ඒ ආදරේ අවංක නම් එයා ඔප්පාට ඔප්පාගේ සතුට හොයාගෙන ලස්සනට ජීවත් වෙන්න කියන්න ඇති.

අපි හැමෝම එක වගේ නෑ .එකම ලැබීමත් නෑ .ඒත් අපි පතාගෙන ආපු දේවල් කර්මය ඒ දේවල් වලට අනුව සිද්දවිය යුතු දේ සිද්දවෙනවාමයි.ඒක අපිට නවත්තන්න බෑ .ඒ දේවල් භාර ගන්න.ඔයාවම රවට්ටගන්න එපා ඔප්පා ඒක තේරුමක් නැති වැඩක්.
අර බලන්න අර තියෙන්නේ ඉර ඒ බව දැන දැනම ඒ හද තමා කියලා ඔයාවම රවට්ටගන්න එකේ තේරුම මොකක්ද?

තේරුමක් නෑ ........මොනම විදිහකින්වත්.
කැමරාව ඉස්සරහා හිනාවෙලා සතුටින් ඉන්නවා කියලා පෙන්නන්න පුලුවන් ඇති ඔප්පා.

ඒත් ජීවිත කාලයක්ම මිනිස්සු ඉස්සරහා බොරුවට ඔයාවම රගපාන එක...ඒක කරන්න බැරි දෙයක්.ප්‍රතිරූප දෙකක් maintain කරන එක කරන්න එපා.ඔයා ඔයා වෙන්න.ඔයා වගේම ඉන්න ඒ දැනෙන සැහැල්ලුව ඒ තමා ජීවිතේ විඳිනවා කියන්නේ.

ජීවිතේ විදින්න ඔප්පා.මොකද ඔප්පලා දිහා බලලා ජීවිත හදාගත්තු අය ඕන තරම් ඉන්නවා.එහෙම දහස් ගානකගේ ජීවිත හදපු ඔප්පාට වරදින්න කිසිම දෙවිකෙනෙක් ඉඩ තියන්නේ නෑ.ඒ ආශිර්වාදය ඔප්පාට තියනවා.

හිත හදාගන්න ඔප්පා.තවත් ඔයාවම රවට්ටගන්න යන්න එපා.ඔයාම වෙන්න.

මම යන්නම් ඔප්පා........
දැන් රෑ වෙලා.ඔම්මොනි හොයාවි මාව.ඔප්පා පරිස්සමට යන්නකෝ.......... "
Ha neul හරි ලස්සනට හිනාවෙලා ඒ පොතත් තුරුල් කරගෙනම මටත් bow කරලා යන්නයි හැදුවේ.

ඔයා කියපු හැම වචනයක් පාසාම මම ඔය ඇස් දෙක දිහා බලාගෙන අහගෙන හිටියේ.මට දැනුණා.මගේ ඇතුලාන්තයටම.

"Ha neul..............ඉන්න.මෙහෙම අහන එක හරිද මන්දා.ඔයාගේ ඔයාගේ පොත මට අද දෙනවද? මම හෙට අනිවාර්යයෙන්ම ගෙනත් දෙන්නම්."මම ඇයි එහෙම ඇහුවේ.ඔයාව මුන ගැහෙන්න හේතු හොයනවද මම Ha neul?

"ඒ මොකටද ඔප්පා?"කෙල්ල පුදුමයෙන් ඇහුවා.

"ආසයි කියවන්න මට තනියම.මාව ගොඩක් නිවනවා ඒ කවි.පුලුවන්ද මට ඒ උදව්ව කරන්න.මේක ඉල්ලීමක් Ha neul ජේබල්"
ඔව්,මට ඕන ඒ පොත.මට කියවන්න ඕන.මට ඒ සැනසීම විදින්න ඕන.

"ආ ගන්න ඔප්පා.හෙට ගෙනත් දෙනවද?" කෙල්ල අත් දෙකෙන්ම මගේ දිහාවට පොත දික්කරලා ඇහුවා.

"ඔව් අනිවාර්යයෙන්ම .හෙටත් මෙතනදිම මේ වෙලාවටම ගෙනත් දෙන්නම්.ඒත් මේ මම නෙවෙයි." මම පොත පරිස්සමෙන් ගන්න ගමන් කිව්වා.

"එහෙනම් කවුද ඔප්පා?" එයා කුතුහලෙන්

"ඔයාගේ පරන ජිමින් ඔප්පා හුරතල් ජිමින් ඔප්පා ඔයාට ඒක ගෙනත් භාරදේවි.ගොඩක් ස්තූතියි Ha neul.මේ තරම් කල් මට මගේ නූනලා හ්‍යුන්ග්ලා කියන්න හදපු දේ තේරුම් කළාට.ගොඩක් ස්තූතියි." මම කිව්වේ හදවතින්මයි.ගොඩක් ස්තූතියි Ha neul.

"ම්ම්......ඒක සුලු දෙයක්.ඔප්පා තව දෙයක්.ඔප්පාගේ ආදර කතාව මට රහසක් වෙන්න ඇති.ඒත් කවදකමහරි ඔප්පාගේ හැබෑම උරුමක්කාරි ආපු දවසකට ඒක එයාට කියන්න ඔප්පා.රහස් එක්ක දෙන්නෙක්ට ජීවිතේ බෙදාගන්න අමාරුයි ඔප්පා.ඒක අනිත් කෙනාව රිද්දනවා.පරිස්සමට යන්න ඔප්පා ආ නෑ ගිහින් එන්න." කෙල්ල හිනාවෙවීම ඈතට ඇවිදගෙන ගියා.

"අනිවාර්‍යෙන්ම කියන්නම් මම ඒ උරුමක්කාරිට.ඔයත් පරිස්සමට ගිහින් එන්න මගේ නාරි........
මගේ පුන්චි ලිලී මල. "
මම ඇහෙන නෑහෙන ගානට මුමුනලා resort එක පැත්තට ඇවිදගෙන එන්න ගත්තා.

ආපු ගමන්ම මම ගියේ මගේ කාමරේට.දොරත් ලොක් කරපු මම ඇවිත් නැවතුනේ කණ්ණාඩිය ඉස්සරහා.

මම කවුද? මේ ඉන්නේ මම? ඇයි මම තව දුරටත් මේ වගේ රගපාන්නේ?

මේ ඔයා නෙවෙයි ජිමින් මේ ඔයා නෙවෙයි.ඇයි ඔයා ඒ අහිංසක ජිමින්ව මරලා දැම්මේ? ඇයි තව තවත් ඔයාව රවට්ටගන්නේ.....?
සුමී ඒ කෙල්ලගේ ආදරේට මගේම ආදරේට ඇයි මම අපහාස කරන්නේ?

මගේ නාරි කිව්වා හරි.පරන ජිමින්ට ඇහැරෙන්න කාලේ හරි.ඇහැරෙන්න ජිමින්.
ඔයා කරපු නොහොබිනා දේවල්වලින් ඈත්වෙන්න.ඒ දේවල්වල පවු නැතිවෙන්න වැරදි හදාගන්න ජිමින්.
ඔව් ඔයාට පුලුවන් නූනා කියනවා වගේ මම තනි නෑ.නූනාගේ මෝචි ගොඩක් ශක්තිමත්.

පිලිගන්න ජිමින් මේ ඔයාගේ ලැබීම.මේ ඔයාගේ කර්මය.ඒක පිලිගන්න.ජිමින්ට ජීවත් වෙන්න ඉඩ දෙන්න.සුමීගේ ආත්මෙට සැනසීමක් දෙන්න.ජීවත් වෙන්න ජිමින්.සතුටින් මේ වගේ සැහැල්ලුවෙන්.

ඒ එක්කම මම දැක්කේ මගේ හැන්ගිලා තිබුන අවන්ක හිනාව.ඔව්, මම හිනාවෙනවා.

හ්‍යුන්ග් ටේ කුකී බලන්න ඔයාලගේ පරන ජිමින් ඇවිත් එයා හිනාවෙනවා.

නූනා මගේ නූනා බලන්න ඔයාගේ මෝචි බෝලේ ආවා ආයෙත්.එයා ආවා.
නූනලා...බලන්න ඔයාලා ළඟ හුරතල් වෙන්න මම ආයේ ආවා.ඔව් මම ආයෙත් ඉපදුනා Ha neul ,මගේ නාරි මට ආයේ පණ දුන්නා.

මට දැනුනේ අසීමාන්තික සැනසීමක්.මේ තරම් කල් මම කරපු රගපෑමෙන් මම එලියට ආවා.මම මමම වුනා.මම පාර්ක් ජිමින්ව හරිම පාර්ක් ජිමින්ව හොයාගත්තා.

මම ඉක්මනින් ඇඟ සෝදගෙන නාරිගේ පොතේ කවි ටිකකුත් කියවලා තවත් හිත සන්සුන් කරගත්තා.

සුමී ස්තූතියි .මට ආදරේ කළාට අවන්කවම.සමාවෙන්න ඒ ආදරේ හෑල්ලු කළාට.අද පොරොන්දු වෙන්නම්.ඒ වුන හැම පොරොන්දුවක්ම ඒ විදිහටම රකිනවා මම.ඒ විදිහටම.

නාරි මගේ පුන්චි ලිලීමල.ඔයා මාව වෙනස් කලා නෑ .මට මාව හොයලා දුන්නා.ස්තූතියි මම ඒක හැමදාම කියන්නම් මොකද ඒ වචනේ මොන තරම් ඔයාට ඇහෙන්න කිව්වත් මගේ හිතට මදි නිසා.

මම හිනාවෙවීම උඩ පැන පැන ගියේ පහලට.

"නූනා................................." මම හිනාවෙවී උඩ පැන පැන කෑ ගහ ගහා එන දිහාවට හැමෝම හැරුණේ පුදුමෙන්.මම සතුට වැඩිකමට දුවලා ගිහින් නූනාව පොඩිවෙන්නම බදාගෙන කම්මුලට kiss එකකුත් දුන්නේ ජුන් හ්‍යුන්ග් බලන් ඉන්න එකත් අමතක වෙලා.

"මෝ.......මෝචි......" නූනා කදුලු පුරවන් මගේ ඔලුව අතගානවා.මට දැනෙනවා ඒ ආදරේ.

"අයිගෝ.....මගේ ලස්සන නූනා කදුලු පුරවන් ඇයි මේ ඔයා කැතයි හලෝ අඩද්දි.oops ඔය මම කලේ වැඩක්......

😁😁😁 ජූන් හ්‍යුන්ග් සොරි වෙන්ඩ ඕන.දන්නේ නැද්ද ඉතින් ඩාම් වෙනෝ ඩූම් වෙනෝ.ඔයා ඉන්නවා කියලා අමතකවුනානේ.සොරි ඈ...රවන්න පුප්පන්න එපා නූනා ඔයාගේ wife එයා ඔයාගේ.ඒත් මටත් පොඩ්ඩක් දෙන්න හොදේ."
මම නූනාව hug කරගෙනම මගේ puppy eyes දෙකත් දාගෙන කිව්වේ හ්‍යුන්ග් ඒකට අහුවෙන නිසා.මම දන්නවා නූනාව හ්‍යුන්ග් ඉදිද්දි hug කරනවා කියන්නේ මරණයට අත වැනීමක් බව.ඒත් මට සතුටුයිනේ ඒකයි.ඒත් වුනේ නොහිතපු දෙයක්.

හ්‍යුන්ග් කදුලු පුරවන් දුවගෙන ඇවිත් මාව බදාගෙන මගේ නලලට හාදුවක් දුන්නේ ආදරෙන්.

"මගේ මල්ලියේ උබ ආයේ ඇවිත්.හ්‍යුන්ග්ට සතුටුයි ගොඩාක්.කියන්න බැරි තරමට ඒ නිසා අදට විතරයි .ආයේ උබ ඔය වැඩේ කරලා අහුවෙයන්කෝ මම දෙන්නේ නෑ මගේ lap එක බොට." හ්‍යුන්ග් මගේ කනෙන් පොඩ්ඩක් ඇදලා කියද්දි මම මගේ හුරතල් හිනාවක් දැම්මේ හ්‍යුන්ග් ගානට ඒකට අහුවෙන නිසා.හ්‍යුන්ග්තුත් මගේ කොන්ඩේ අවුස්සලා හිනාවුනා.

"ජින් හ්‍යුන්ග්...................................................." මම දුවලා ගිහින් හ්‍යුන්ග්ගේ කරේ නැග්ගේ තවමත් මගේ දිහා කදුලු වැටෙද්දි බලන් ඉන්න නිසා.

" ජිමිනා ඇවිත්.ගායෝන්.........බලන්න මගේ ලොකු මල්ලි ආයෙත් ඇවිත්.මගේ කොල්ලා ආයේ ඇවිත්.....ගායොනා......." හ්‍යුන්ග් සතුටින් මාව කර උඩ තියාගෙන උඩ දදා කියද්දි මට ගොඩක් සතුටු හිතුනා.

"හ්‍යුන්ග්......නාකි වුනාට තවම මාව උස්සගන්න පුලුවන්නේ.
මරු ආ......
ගායෝන් නූනා.......මේකා බොරු කරනේ නූනාව වඩාගන්න වෙනවට අහුවෙන්න එපා ඕවට." මම නූනාට කියද්දි හ්‍යුන්ග්ට රතුකට්ට පැනීගෙන එන බව පෙනුණා.

"පාර්ක් ජිමින් පාත්ත තාරා හොට ප්ලැටිපස් හරක් මී තඩියා.....
බැහැපිය යකෝ මගේ කරින් බිමට.
පවු කියලා වඩා ගත්තම උබ එනවද කොට පාත්තයෝ යසට තියන මගේ පවුල කඩන්න.බැහැපිය බිමට."හ්‍යුන්ග් දබොග් ගාලා මාව බිමට අත ඇරියේ rap එකකුත් කියාගෙන.

"ජිනී.....මගේ කොලු පැටියට බනින්න එන්න එපා.ඇත්තනේ කිව්වේ...බලන්න කවද්ද මාව අන්තිමට වඩා ගත්තේ.....ඔයා දැන් මට ආදරේ නෑ ජිනී.ජිමිනි බලන්නකෝ......." ගායෝන් නූනත් මාව බදාගෙන මූන දෙක කරන් කියද්දි හ්‍යුන්ග් නම් හිටියේ pan එක තියපුතැන මතක් කරගන්නකම්.මම සිඟිති සිනා පාලා දුවගෙන ගිහින් යුන්ගි හ්‍යුන්ග් ලගට පැන්නා.හප්පටසිරි වෙන්න පූශාට ඒ ටිකට flight එකක් සෙට් වෙලා.පොර කට කපලා බෙල්ල කඩාගෙන බුදි.

"යුන්ගියා...පූස්....යා........මින් යුන්ගි...........................................!" හා හරි පූසාගේ alarm එක මාරන්තික අඩහැරය.සමා නූනා පිටියට අවතීර්ණ වුනා.

"ආ ...ඔව්, කියන්න angel මොකක්ද හදිස්සිය.මම නිදි නෑ පොඩ්ඩක් ඇහැ පියවුනා."
සැක් මේ පූස් තඩියා කට වටේපෙරුන කෙල පොදිය මගේ ඇගේ උලලානේ කියන්නේ.

"නූනා......මේ කුම්බකරන බිලාලයා මගේ ඇගේ කෙල ගානවා."මම බොරුවට අඩාගෙනම සමා නූනා ළගට ගියා.

"ඒක තමා,යා.....බිලාල තඩි කුම්භකර්න පිස්සු පූසා...මගේ චූටි පැටියාගේ ඇගේ කෙල ගන්නේ ඇයි?මගේ පොඩි පැටියාව මම දැක්කේ මාස ගානකින් එහෙම වෙලාවකත් මේක ලැජ්ජ නැතුව බුදි.අනේ අම්මපා මට එන තරහක්." නූනා හ්‍යුන්ග්ට රව රව මාව ආදරෙන් තුරුල් කරගත්තා.

" ස්තූතියි දෙවියනේ.....මගේ ලොකු මලයා මගේ කරදරකාර කොට පාත්තයා ආයේ මං ලගට ඇවිත්.ඕයි ජිමිනා මෙහේ වරෙන් හ්‍යුන්ග් ළගට.උබට බැරිනම් හිටපන් මම ආයේ කියන්නේ නෑ .ආයේ hugතුත් නෑ ." හ්‍යුන්ග් මුල් ටික ගොඩක් ආදරෙන් කිව්වත් අග ටික සුපුරුදු don't care tone එකෙන් කියද්දි මම දුවලා ගිහින් හ්‍යුන්ග්ට තුරුල්වුනා.හ්‍යුන්ග් ආදරෙන් මාව බදාගෙන හිමින් මට ආදරෙයි කියලා මිමිනුවා.

"යා....මගේ පාත්ත පැටියෝ...උබට තව හ්‍යුන්ග් කෙනෙක් ඉන්නවා.අන්න ඒකාගේ නම හෝසොක්.ඌත් මැරිලද කියලා බලපන්.
ඒකත් ආසයි මේ මාස ගාණක් ඒකට ඇහුන නැති පාත්ත ක්වැක් ක්වැක් එක අහන්න." හොබී හ්‍යුන්ග් එහෙම කියද්දි මම කදුලු පුරවන් හ්‍යුන්ග් ලගට දුවන් ගිහින් තුරුල් වුනේ හ්‍යුන්ග් හිනාවෙවී මාව බදාගනිද්දි..

"මම හ්‍යුන්ග්ට ආදරෙයි.ඒත් මට ස්ප්‍රයිටුවක් දෙනවා නම්." මම හ්‍යුන්ග්ව බදාගෙන කිව්වම මේ යකා කිසි හිතක් පපුවක් නැති ගානට මාව ඈත් කරලා අත් දෙකෙන් බොරු කරාටි ශොට් පෙන්නනවා.

"ඈ බොල කොට තාරාවෝ..... සහෝදරකම් නැතිවෙන්නේ දැන් තමා.උබ මොන හයියකින්ද යකෝ මගේ නිමල ප්‍රේම පුරානේ මගෙන් උදුරගන්නේ....දෙන්නේ නෑ එකෙක්ට මගේ ස්ප්‍රයිටුව.මගේ අම්මලන් කැටේ......"හ්‍යුන්ග් ස්ප්‍රයිට් එකකුත් බදාගෙන කියවනවා.මම හයියෙන් හිනාවෙද්දි අනිත් සෙට් එකත් හිනාවෙනවා.

"යා..ජන්ග් හෝසෝක් එතකොට මම මොකාද? ඔයාගේ හොර ගෑනිද?අනේ ඇත්තමයි මට කේන්තියි.ජිමිනි ටේටේ අර තියන ඔක්කොම ස්ප්‍රයිට් ටික බීල ඉවර කරන්න.කුකී මැනික මූනූ හැදුවට මම අහුවෙන්නේ නෑ .මගේ බනියට කූල් බොන්න එපා කියලා තියෙන්නේ රූ......මගේ පුන්චි චිමී කෝ එන්නකෝ නූනා ලගට ලොකු උම්මා එකක් දෙන්න.නූනාට හරි සතුටුයි අද.හොබී එන්න එපා මගේ ළගට ඔය ටින් එකත් එක්ක ඉන්න එකයි ඇත්තේ.අනික ආයේ ස්ප්‍රයිට් නෑ .ඕක තමා අන්තිම එක.ජීවිතේටම."නූනා හ්‍යුන්ග්ට බැනලා මාව බදාගෙන ලොකු උම්මා එකෙකුත් දීලා නූනා ළඟ මූන බෙරි කරන් ඉන්න හ්‍යුන්ග්ට ගස්සගෙන වෙන තැනකට ගියා.

"ටේයියෝ.............."

"ජිමිනෝ................" අපි දෙන්නම ගේ දෙක වෙන්න කෑ ගහලා දෙන්නව බදාගෙන බිම වැටුණා.

"මගේ පාපී බිත්තරේ ආයේ ඇවිත් I miss my කුප්ප සමාගම now I'm gonna start it again.we are back in වද දෙන service "
ටේයියා විලාප දීලා කියද්දි හ්‍යුන්ග්ලා හතර දෙනාම ඔලුවේ අත ගහ ගත්තා.

"ටේයියා...ඒ මේ අර ...." මම කුක්කා හිනාවෙවී අපේ දිහා බලන් ඉන්න අතරේ ඒකගේ එහා පැත්තේ තිබ්බ කෙහෙල් කිරියයි කැරට් අලේයි පෙන්නුවම අපි දෙන්නගෙම කුපාඩි telepathy වැඩකලා.මම දුවලා ගිහින් කෙල්හෙල් කිරිය බොද්දි.ටේයියා කැරට් අලේ කටට දෙකට කෑවා.

"ජිමින්ශී....................................................................................................................................
කිම් ටේහ්‍යුන්ග්................................................................
අද තමා ඔය දෙන්නගේ අවසානේ.ඒක ලියවෙන්නේ...." කුකියා දුම්මල වරම අතට අරන් කෑ ගහද්දි ටේයියා වැඩ ඇරබුවා.

"සද්දන්ත කුලේ මසල් හා තඩියෙක් අතින් පවු හැබැයි නේ ජිමිනා."ටේයියා කියද්දි මමයි ඌයි බිම පෙරලිලා හිනා වෙද්දි කුකාට මාරයා වැහිලා.ඔන්න පැන පැන එනවා.මමයි ටේයි වැටි වැටි නැගිට නැගිට living area එක වටේම දිව්වා.අන්තිමට තුන්දෙනාගේ පිටවල් උඩ වැටිලා හයියෙන් හිනාවෙන්න ගත්තේ මේ පවුලේ නැතිවුණ හිනාව ආයේ ගෙනල්ලා.හ්‍යුන්ග්ලා නූනලා හරි ආසාවෙන් අපේ දිහා බලන් ඉන්නවා.
මට ටේට 27ක් කුක්කට 25ක් ඒත් අපි තවම පුරුදු පොඩි එවුන්ම තමා එයාලට.අපිත් එහෙම්මම තමා.

අද දවස හරි ලස්සනයි.කාලෙකින් මම ජීවත් වෙනවා කියලා දැනුනේ.මම අද බිව්වෙත් නෑ අදින් පස්සේ මම බොන්නේ නෑ අඩුම වයින් උගුරක්වත්......
මම නාරිගේ පොතත් කියවලා නින්දට වැටුනත් මට දෙයක් මතක් වුනා.
Goo Ha neul

Goo ඒ කියන්නේ someone to complete you
ඔව් නම වගේම ඔයා තමා මාව සම්පූර්ණ කලේ මගේ පුන්චි ලිලී මල.මාව සම්පූර්ණ කලේ ඔයා.
Ha neul ඒ කියන්නේ අහස
අහස වගේ ඔයා ඇත්ත,රෑ කලුවරේ හිටපු මට දවාලක් තියනවා.එලියක් තියනවා කියලා පෙන්නපු කෙල්ල ඔයා.
එතකොට ඇයි මම නාරි කියන්නේ ඔයාට.මම දන්නෙත් නෑ.ඒත් මට එහෙම හිතුනා.
සූආ නූනා සෝආ වුනේ කොහොමද මටත් මේකට හේතුවක් දෙන්න දන්නේ නෑ.........
ඔයා මගේ නාරි.

කුමාවෝ මගේ නාරි.......කුමාවෝ...

එයාව මතක් කරගෙනම හිනාවෙවීම නිදගත්තේ හෙට මගේ ලිලීමලව බලන්න යන නිසා.

Time pass............................

"ඉතින් ඔන්න මම ආවා......"වෙනදා පුරුදු තැන ඉන්න එයා ළගට ගිහින් මම කිව්වම එයා නැගිට්ටේ පුරුදු හිනාවෙන්මයි.

"ජිමින් ඔප්පා....ඔයා? ඇත්තම ඔයා ඇවිත්"එයා සතුටින් කිව්වේ.




අමාවක පුර කලුවර
අරාගත් සිත් අහස
දිවාකල එළිය ගෙන
සොයා දුන්නා අහිමි මාහට

නුඹයි ඒ මගේ අහස
පිරෙව්වේ මගේ ලොවම
ඉතින් නුඹ මගෙම මල
සියුම් පෙති ඇති මගේ කුසුම

කිසිත් ඹබර පහස නොලද
ඉතින් මගේ නොඉඳුල් ලිලී මල
නුඹයි අරුත් කල
නිකලැල් පිවිතුරු බව
අතින් ගත් මගේ අහින්සකාවිය

Author's pov

මම ආවා ඔන්න කියවලා කියන්න.
නාරි කියන්නේ ලිලී මලට.එතකොට ලිලී මලේ තේරුම පිවිතුරුබව අහින්සකකම.

එතකොට අර කොල්ලෝ ගැන ලියපු එක ඔව්වා ඇත්ත.වගකීමෙන් කියන්නේ

ඔන්න කිව්වා මම එහෙනම් මම ගියා.

ගිහින් එන්නම්.

Continue Reading

You'll Also Like

62.1K 16.2K 56
💚❤ පෙරවදන් කුමකටද...... පසු වදනින් මුණගැසෙන තුරු.......❤💚 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️‍🔥❤️‍🔥
157K 24K 18
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."
75.4K 10.2K 38
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]
1.5K 218 8
ඔය උණුහුමට තුරුල් වී ඉන්න මේ හිත කොච්චර ආසද රත්තරං..... හැම භවයකම පතන්නෙ ඔබවමයි මං.... නොවෙන්නම් ඔබට දුක් ගින්නක් නිවන්නම් ඔබෙ හදේ ගිනිදැල් වෙන්නම...