❣️Տᗩᖇᗩᑎᘜᕼᗩᗴ ᑎOOᑎᗩ❣️ ☾︎𝗝𝗝𝗞...

By Daisy93-94

15.6K 4K 699

ශීත ඍතුවේ පලමු හිම පතනය සිද්ධ වුන රන් පාට සැදෑවක අහම්බෙන් මුන ගැහුන ඔවුන්!!!! වැඩිමහල් ඇගේ සිතට පෙම් කරන දගකා... More

01
02
03
04
05
07
08
09
10
11
12
13
14
15
16
17
18
19
20
පසුවදන
⛔New story Alert ⛔

06

753 191 20
By Daisy93-94

"සරන්ග්හේ නූනා "

මොහොතකට සාරාගේ දෙතොල් අතරින් මෑත් වෙලා ජන්කුක් කියන කොට රතු වුන තොල් දත් වලින් හපලා අතෑරපු සාරා ජන්කුක් ගේ බෝල ඇස් දිහාම බලාගෙන

"නාදු කුක් "

කියලා කියන කොට ආයෙමත් සැරයක් සාරා කිටි කිටියේ ජන්කුක් ගේ පපුවට තද වෙලා ගියා...

වේගෙන් ගැහෙන ජන්කුක් ගේ පපුවට කම්මුල හිර කරගෙන මූන උස්සලා සාරා ජන්කුක් දිහා බැලුවා...

"කුක් "

"ම්ම්" 

"එයාලා "

"කවුද නූනා "

"නම්ජූන් ලා "

"ම්ම් "

"මං ගැන දන්නවද?"

සාරා ඇස් උස්සගෙන ඒක අහපු විදියට ජන්කුක් ට එක සැරේටම හිනා යද්දී සාරා හැදුවේ ජන්කුක් ලගින් අයින් වෙන්න,  ඒත් ගැලවෙන්න නොදී සාරාව තව ටිකක් තද කරලා අල්ලගෙන නිකටෙන් අල්ලලා සාරාගේ මූන උඩට හරවගත්ත ජන්කුක්, 

"මං තාම කිව්වේ නෑ "

"ඒක හොදයි, කවුරුවත් මේ ගැන දැන ගන්නේ නැත්නම් මං කැමතියි  කුක් "

"නූනා මොකක්ද කියන්න හදන්නේ "

"මං ආදරෙයි කුක් ඒ ගැන කිසිම dought එකක් නැ, ඒත්!!......"

"ඒත් මොකද්ද නූනා!"

"ආදරේ කියන්නෙ අයිති කරගන්න එකම කියලා මං හිතන් නෑ කුක්... ඒක නිසා....."

"ඇති නූනා මොකුත් කියන්න එපා ,නූනා එහෙම හිතුවේ නැති වුනාට මං එහෙම හිතනවා "

"කිසිම දෙයක් ගැන ඕනවට වඩා බලාපොරොත්තු එකතු කරන්න එපා කුක්,  ඒවා නැති වෙලා ගියොත් අපිට ආපහු හිත හදාගන්න අමාරුයි "

සාරාව අතෑරල අනිත් පැත්ත හැරුන ජන්කුක් සාක්කුවේ අත් දෙක දාගෙන ටිකක් වෙලා ඉදලා ආපහු සාරා දිහා ට හැරෙද්දී සාරා හිටියේ ජන්කුක් දිහා ම බලාගෙන...

"නූනා මොකක්ද මට කියන්න හදන්නේ?"

"මේ අහන්න කුක්,  ඉස්සරහට මොන දේ වුනත් අපි එකට හිටියත් නැතත් ඔයා ඔයාගේ ගමන මොනම හේතුවක් නිසාවත් නවත්තන් නෑ නේද?"

"ඇයි නූනා එහෙම කියන්නේ,? "

"මට බයයි  කුක් මං නිසා ඔයාගේ ජීවිතේ හැමදේම නැති වෙයි කියලා"

උඩ තොල දත් වලින් හපාගෙන ටිකක් වෙලා සාරා දිහා බලාගෙන හිටපු ජන්කුක් හුස්මක් ඉහලට අරගෙන සාරාගේ අත් දෙකෙන්ම අල්ල ගත්තා,,,

"නූනා!! මොන ප්‍රශ්නෙ ආවත් නූනා මාත් එක්ක ඉන්නවා නම්,  මාව නවත්තන්න කාටවත් බෑ,  නූනාට පුලුවන් ද පොරොන්දු වෙන්න???"

"පොරොන්දු වෙනවා කුක්,  මොන දේ වුනත් මං ඔයත් එක්ක ඉන්නවා, "

හිනාවෙලා සාරාගේ නලලට හාද්දක් තියපු ජන්කුක් සාරාගේ අතේ ඇගිලි අතරේ ඇගිලි පටල ගත්තා...ජන්කුක් හිටියේ සතුටින්,  ඉවරයක් නැති පුහුනුවීම්  එක්ක විවේකයක් නැති ජීවිතේන් කොල්ලා ට නිදහසක් දැනුනා සාරා ලග ඉද්දි....

ජන්කුක් ආසා කලා ඒ දැනෙන සැනසීමට....ඒ හිත නිවෙන හැගීමට.... හැමදේටම වඩා සාරා ජීවිතේ දකින විදියට ජන්කුක් ආසා කලා....

"වාව් ලස්සනයි!!!"

ජන්කුක් එහෙම කියද්දී සාරාත් ජන්කුක් ගේ බැල්ම දිගේම ඒ පැත්ත බැලුවා,,,ජන්කුක් ගේ ඇස් නැවතිලා තිබුනේ පිපිලා දවස් දෙක තුනක් වගේ වුන පෙති විසිරුණු රෝස මලක වහලා හිටිය ලපටි සමනලයෙක් ලග....

එක සැරේටම ආපු පුංචි හුලගට සමනලයා වහලා හිටපු මල් පෙත්ත ගිලිහිලා බිමට වැටෙන කොට කලුවරේ අතරමං වෙලා ඒ මේ අත ඉගිලුන සමනලයා උඩම අත්තක පිපීගෙන එන රෝස මලක වහන කොට ජන්කුක් ගේ අතට කම්මුල තද කරපු සාරා...

"හරියට අපි දෙන්නා වගේ කුක් "

කියද්දී ජන්කුක් ලොකු ඇස් වලින්  ටිකක් වෙලා සාරා දිහා බලාගෙන ඉදලා, රෝස අත්ත පහත් කරලා පුංචි සමනලයා ආපහු  හිටපු රෝස  මල උඩින් ම තිබ්බා...

"යා මොකක්ද ඒ කලේ "

ජන්කුක් ගේ අතට එකක් ගහලා සාරා අහන කොට, ජන්කුක්,,,

"ඒ අපි දෙන්නා නම් අපි දෙන්නා ඉන්න ඕන එකට "

"පිස්සු හාවෙක් "

ජන්කුක් දිහා බලලා තොල පෙරලලා කියපු සාරා ඉස්සරහට ඇවිදගෙන යද්දී,  එතනම හිටගත්ත ජන්කුක්,

"නූනා දන්නවද හාවන්ට පිස්සු හැදුනම මොකද කරන්නේ කියලා "

ඉස්සරහින් යන සාරාගෙන් අහද්දි, නැවතිලා පිටිපස්ස බලපු සාරා උරහිස් අකුලලා නෑ කියලා කියන කොට, 

"පෙරලගෙන හපා කනවා!!"

කියලා ජන්කුක් සාරා ලගට දුවගෙන යද්දී හිනාවෙවීම සාරා ඉස්සරහට දුවගෙන ගියා,  ටිකක් දුර යද්දිම දුවගෙන ගිහින් ජන්කුක්  සාරාගේ ඉනවටේ අත දාලා සාරාව අල්ලලා උස්සගෙන හිනාවෙලා ඉස්සරහ බලන කොට,  අටවෙනි පුදුමේ දැක්කා වගේ ඉස්සරහ හිටගෙන බලාගෙන හිටියේ නම්ජූන් එක්ක අනිත් කොල්ලො පස්දෙනා!!!!!

එක සැරේටම වුන දේ නිසා සාරාගෙයි ජන්කුක් ගෙයි හිනාවත් නැවතෙද්දි දෙගොල්ලොම ටික වෙලාවක් මූනෙන් මූන බලා ගෙන හිටියේ දැක්ක දේවල් විශ්වාස කරගන්න බැරුව....

"හේ හේ ජන්කුකා ආ ආ මොකද මෙතන වෙන්නේ!!!"

හැමෝම ගල්වෙලා බලාගෙන ඉද්දි ජින්ගේ කටේ සද්දෙට හැමෝම පියවි සිහියට ආවා... නම්ජූන් සාරා දිහයි ජන්කුක් දිහයි මාරුවෙන් මාරුවට බලද්දි සාරා බිම බලාගත්තා!!!

"කුක්!!"

ජන්කුක් සාරාගේ අතින් අල්ලලා සාරාව ලගට ගද්‍දී,  නම්ජූන් කථා කලා!!!

"ජන්කුකා අපි කථා කරන්න ඕන!!!"

"නූනා යන් ඔම්මා ලගට ඇරලවලා එන්නම්..."

"බෑ කුක් මාත් ඉන්නම් "

ජන්කුක් ගේ අත තද කරලා අල්ල ගෙන සාරා කියන කොට, ජන්කුක් හුස්මක් පහල දාලා ඔලුව වනලා සාරාගේ අතින් අල්ලගෙන ම කොල්ලෝ ටික ලගට ඇවිදගෙන ගියා...

සද්ද නැතුව ම කට්ටියම ගිහින් ගාඩ්න් එකේ තිබුන බෙන්චස් වලින් වාඩි වෙද්දි ජන්කුක් කථාව පටන් ගත්තා...

"හෙයොන්ග් මං කියන්නයි හිටියේ!!!,  මේ සාරා,  හෙයොන්ග් ලට මතකද අවුරුද්දකට විතර කලින් රෝසස් යැව්වේ!!"

"ඕහ් හෝ සාරා!! "
නම්ජූන් බිම බලාගෙන ඔලුව වනද්දි,  යුන්ගි,,,

"ඒ කියන්නේ ජන්කුක් අවුරුද්දක් ම මේක අපෙන් හංගගෙන හිටියා!!!"

"ආනියා හෙයොන්ග්!!! නූනා මට ආපහු එහේ එන්න එපා කියපු නිසා මං ගියේ නෑ, ඊයේ තමයි ඊවුරුද්දකට පස්සේ අපි හම්බ වුනේ!!!!"

ස්වභාවයෙන්ම ලොකු ඇස් දෙක තවත් ටිකක් ලොකු කරගෙන අත්දෙකත් වනලා ජන්කුක් කියද්දී,, ටේයි ජිමිනුයි දෙන්නම එක සැරේටම,

"නූනා!!!!!"

කියලා කෑ ගහද්දී, හිනාව තද කරගෙන තොල් දෙකම කට ඇතුලට අරගෙන සාරාත්  ජන්කුක් දිහා බැලුවා......

"ආග්හ් හෙයොන්ග්!!! "

කොල්ලෝ ටිකගේ හිනාව විසිරෙද්දි ජන්කුක් සාරාගේ අතින් ඇදගෙන එතනින් නැගිටලා එන්න ආවා....

ටිකක් දුර එද්දි හංගගෙන හිටපු සාරගේ හිනාවත් විසිරිලා ගියාම,  ජන්කුක් පුදුමෙන් සාරා දිහා බැලුවා.....

"ම්වෝ!!!"

"අම්මෝ මං නම් හොදටම බය වුනා කුක්, දැන් ඔයාට ඉන්න හම්බ වෙන්නේ නෑ,  නූනා කියලා මොකද එතන කියන්න ගියේ!!!"

හිනා වෙවීම සාරා කියන කොට, සාරා දිහා බලපු ජන්කුක්,,

"බයවෙන්නේ මොකටද නූනා,  එයාලා හැමෝටම ඉන්නේත් නූනලා තමයි,  ජින් හෙයොන්ග් ට ඇරෙන්න!!!"

ඒ සැරේ පුදුම වෙන අවස්ථාව සාරාගේ, 

"මොකක්ද ඒ කතාවේ තේරුම කුක්!!"

"තේරුම!! නූනාට තේරෙන තේරුමම තමා..."

"කුක්!!ඇත්තටම මං නම්..."

"හිතුවේ නෑ එහෙමනේ...."

සාරාගේ කථාව සම්පූර්ණ කරන්න නොදීම  එහෙම කියපු ජන්කුක්,,

"අයිඩල්ස් ලා උනාට අපිත් මිනිස්සු නූනා අපිටත් හැගීම් දැනීම් තියනවා නේ "

"මියන්හේ කුක්,, මං වැරදි දෙයක් කිව්වා නම්.."

මූන උඩට උස්සලා ජන්කුක් දිහා බලලා සාරා කියන කොට සාරාගේ නලලට තොල් තියපු ජන්කුක්,,

"ඔන්න සමාව දුන්නා "
කියලා හිනා වෙද්දි ජන්කුක් ගේ phone එක රින්ග් වුනා...සාරාගේ උරහිස වටේ අත දාගෙනම කෝල් එක ට උත්තර දීපු ජන්කුක්, phone එක සාක්කුවේ දාගෙන සාරා දිහාට හැරුනා....

"යමු නූනා,  ජූන් හෙයොන්ග් එන්නලු"

"ඒ සැරේ මොකටද?"

"අයියෝ නූනා,,නිකන් අනේ එන්න යං "

සොෆ්ට් වයින් එකක් තොල ගාන ගමන් සාරා කොල්ලෝ හය දෙනා එක්ක ආගිය තොරතුරු බෙදාගද්දී එක සැරේටම නම්ජූන් කියපු  දේට සාරා ඇස් උස්සලා නම්ජූන් දිහා බැලුවා....

"මිස්ටර් ජේසන් කියන්නේ ලේසියෙන් දේවල් අතෑරලා දාන කෙනෙක් නෙවේයි කුකියා මං දන්න විදිහට නම් "

"මටත් ඒක තේරුනා නම්ජූන් ෂී මං අනිද්දට මෙහෙන් යන්නයි ඉන්නේ "

"මොන දේ කලත් පරිස්සමින් සාරා,, අපි හැමෝම එක පවුලක්,,ඕන දේකට දැන් අපිත් ඉන්නවා මතක තියාගන්න"

කදුළු පිරුන ඇස් වලින් හිනා වෙලා සාරා ඔලුව වනද්දි ජන්කුක් තව ටිකක් තද කරලා සාරාගේ අත අල්ල ගත්තා...

"මං දැන් ගියොත් හොදයි කුක් "

ජන්කුක් දිහා බලලා සාරා කියද්දී,   වයින් වීදුරුව කටේ තියාගෙන හිටපු යුන්ගි ට  කැස්සක් හැදුනා...

සාරා ලොකු ඇස්වලින් යුන්ගි දිහා බලද්දි තොල් දෙකම කට ඇතුලට අරගෙන ජන්කුක්  සාරාගේ අතින් අල්ලගෙන ම නැගිටින කොට සාරා ඔලුව නමලා හැමෝටම සමු දුන්නේ ආයෙත් දවසක මුන ගැහෙන්න පොරොන්දු වෙලා....

"පරිස්සමින් සාරා ඉක්මනින් ම හන්ගුක්  වලදි හම්බ වෙමු "

සාරාගේ උරහිසට තට්ටු කරලා ජින් සාරාට සමුදෙන කොට සාරා ජන්කුක් එක්ක එන්න එනකොට ටේමින් දෙන්නා එකටම....

"ඉක්මනින් එන්න කුක් "
කියලා ඇදලා කියන කොට සාරාට ඒක ගානක් නැති වුනත් යුන්ගි මූන ඇදකරගෙන මොනවා හරි කියනවා දැකපු ජන්කුක් ට සද්දෙට හිනා ගියා...

මොකුත් නොකියාම ජන්කුක් එක්ක එක පෙලට ඇවිදගෙන යන ගමන් සාරා බලාගෙන හිටියේ හිනා වෙන ජන්කුක්ගේ මූන දිහා...

ආමිලා ආසම ගෝල්ඩන් මැක්නිගේ හිනාව!!! හාවෙක් වගේ  දත් ටික පේන කෙල්ලෝ පිස්සු වැටෙන හිනාව!! ඒ හිනාවේ අයිතිකාරි තමන් කියලා සාරාට තාමත් හිතාගන්න බෑ!!!

ජන්කුක් ගේ අතේ එල්ලිලා යන ගමන් සාරාගේ ඇස් වලට අහු උනේ ලස්සනට පායලා තියන හඳ... ජන්කුක් හරියට ඒ පේන හඳ වගේ.... එතකොට සාරා!!! හඳ දිහා බලාගෙන ඉන්න දාහකුත් එකක් කුමුදු මල් අතරේ සාරාත් එකම එක මලක් විතරයි......

හඳ පොලවට ඇවිත්ද කුමුදු මල අහසට ගිහින්ද කියලා සාරාට තාමත් හිතාගන්න බෑ!!! ඒ දෙකෙන් එක දෙයක් වත් සිද්ධ වෙන දේවල් නෙවෙයි කියලා හිතෙනකොට සාරාට නොදැනීම හුස්මක් පිට වුනා....

"නූනා සරන්ග්හේ!! ගිහින් මට කියන්න හාද,  පරිස්සමින්!!"

සාරා කල්පනා ලෝකෙන් එලියට ආවේ ජන්කුක් ගේ කටහඩට...

"නාදු කුක්,,,ඔයත් පරිස්සමින් හොදේ!!"

ඇගිලි වලින් ඉස්සිලා ජන්කුක් ගේ කම්මුලට තොල් තියපු සාරාගේ ඉනෙන් අල්ලලා උස්සපු ජන්කුක් මොහොතකට සාරාගේ තොල් අතරේ අතරමං වුනා....

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

මමයි අර පුරාහඳ
රෑ අහස එකලු කල..
නුඹ මගේ තනි තරුව
අහම්බෙන් නෙත ගැටුන....
                                         කුකී 🥀
💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗

දේශු♔︎

පරක්කුද😊මියන්හේ, වෝට්ස් කමෙන්ට්ස් වලට කුමාවෝ 💗සරන්ග්හේ, පරිස්සමින් ඉන්න හොදේ 💗💗

Continue Reading

You'll Also Like

2.9K 672 6
ලෝකේ හැමෝම හිනාවෙනවා නේද ? එතකොට ලිලී මලුත් ? ඒත් ලිලී මල් හිනා වෙන්නේ කොහොමද ? ලිලී මල් නේද දුක නැත්නම් වේද නාවෙ සංකේත ය... එහෙනම් ලිලී මල් කොහොමද...
561 129 35
කවදා මුණ නොගැසුණද, හදවතේ හිමිකාරයා ඔබ නම්, ඔබ වෙත ලියමි, සිතුවිලි අකුරු කර, මෙලෙසින්❤️🙂
464K 31.5K 47
♮Idol au ♮"I don't think I can do it." "Of course you can, I believe in you. Don't worry, okay? I'll be right here backstage fo...
166K 17.6K 23
"𝙏𝙤𝙪𝙘𝙝 𝙮𝙤𝙪𝙧𝙨𝙚𝙡𝙛, 𝙜𝙞𝙧𝙡. 𝙄 𝙬𝙖𝙣𝙣𝙖 𝙨𝙚𝙚 𝙞𝙩" Mr Jeon's word lingered on my skin and ignited me. The feeling that comes when yo...