||DEAR_MAFIA||Completed

By Euphoria091

10.1K 2.3K 407

A broken heart is all that's left I'm still fixing all the cracks Lost a couple of pieces when I carried it... More

PROLOGUE
Chapter 1
Chapter 2
chapter 3
Chapter 4
chapter 5
chapter 6
chapter 7
Chapter 8
chapter 9
chapter 10
chapter 12
chapter 13
chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
EPILOGUE

chapter 11

286 81 12
By Euphoria091


:Yoongi pov:
සතිදෙකක් හරිම වේගෙන් ගෙවිලා ගියේ මගේ හිතේ මෙලී ගැන හැගීමක් ඇති කරන ගමන්....
මේ සතිදෙකටම මගේ ඇස් ඉස්සරහට නෑවිදින් මගේ හැමදේම කරන මෙලී ගැන මට තිබුනේ ආදරය මිශ්‍ර උනු ගෞරවයක්........

"හ්යොන් මොකෝ තනියම හිනාවෙන්නේ"
කුකී මගෙන් අහද්දී මන් ඒපැත්ත බැලුවා....
මෙලී නිසා මන් දැන් තනියම හිනා වෙන්නත් පුරුදු වෙලාද.....?

"ඇයී කියනවකෝ කතා කරේ"
මගේ ඉස්සරහට වෙලා ඉදගෙන හිටපු කුකීගෙන් කතාව වෙනස් කරන්න ඕන නිසා මන් වෙන දෙයක් ඇහුවේ හිතලමයි....

"ටේටේ හ්යොන් අද හ්යොන්ලගේ ගෙදර එනවා කියුවා"
කුකී කියුවදේත් එක්ක මට පුංචි සතුටක් දැනුනේ මෙලීව අද ටේ නිසා හරි මට දකින්න පුලුවන් වෙයිනේ කියලා....

"ඒත් ටේටේ මට කියු....ඕහ් මේ කෝල් කරන්නේ මතක් කරද්දීම"
මන් ඉස්සෙල්ලා කියන්න හදපු දේ වෙනුවට ටේ ගැන කියුවේ ටේගෙන් ආව කෝල් එකත් කූකීට පෙන්නන ගමන්.....

📞"Mr.Min කොහෙද ඉන්නේ"
එහැපැත්තෙන් ඇහුණ ටේගේ රාජකාරිමය කටහඩ නිසා මාත් ඒවිදියටම කතා කරන්න හිතාගත්තා....

📞"මන් තාම කම්පැනි එකේ සර්...ඇයි හදිසියක්ද"

📞"ආහ් මේකයි Mr.Min මන් ඔයාගේ ගෙදරට යන ගමන් ඉන්නේ...ඔයාට එන්න පුලුවන්ද"

📞"සර් යන්න මන් එන්නම්....මෙලී ඉන්නවා ගෙදර"

📞ok Mr.Min

ටේහ්යොන් කෝල් එක කට් කරාට පස්සේ කුකී මන් දිහා බලන් හිටියේ පුදුම වෙලා වගේ.....

"මොකද ඔහොම බලන් ඉන්නේ"

"ටේටේ නේද හ්යොන් කතා කලේ"
පුදුමය මුලු මූනෙන්ම ඉස්මතු කරගෙන කුකී ඇහුවා...

"ඔව් ටේටේ තමා ඇයි"

"ඉතින් එතකොට ඇයි ටේටේට හ්යෝන් සර් කියලා කතා කරේ"
ආහ් මේ කොල්ලා පුදුමෙන් ඉදලා තියෙන්නේ මන් සර් කියපු නිසා ටේටේට...

"ටේටේ කියන්නේ ඉතින් ආරක්ෂක ඇමතිනේ කුකී ගරු කරලා කතා කරන්න ඕනනේ "
මන් සීරියස් විදියට කියද්දී කුකී ඔලුව වැනුවේ කියපුදේ තේරුන් අරගෙන......

"කුකී ඔක්කොම වැඩ ටික ඉවර වුනාම mansion එකට යන්න හරිද....මන් ගෙදර යන්න ඕන ටේටේ එන නිසා"
මන් බ්ලේසර් එකත් දාගෙන කුකීටත් කියලා කම්පැනි එකෙන් එලියට ආවේ ඉක්මනට ගෙදර යන්න......

:Meli pov:

සතිදෙකක් ගෙවිලා ගියේ හැමදේම සාමානය විදියට සිද්ධ වෙද්දී...
මන් මට පුලුවන් හැමදේම යුන්ගිගේ ඇස් ඉස්සරහට නොගිහින් කරලා දුන්නේ එයා මාව එයාගේ ජීවිතේට බරක් කරගන්න ඕන නැති නිසා......

"ට්ලින්..ට්ලින්"
ලිවින්ග් රූම් එකට වෙලා කල්පනා ලෝකෙක ගිලිලා හිටපු මගේ අවධානය වෙනස් කරලා බෙල් එක වැදුනේ මේ මහ දවල් කව්රුත් ගෙදරට එන්නේ නෑනේ කියන දේත් මට මතක් කරලා.....

ආයේ ආයෙත් බෙල් එක වදිද්දී ඕන මගුලක් වෙච්චදෙන් කියලා හිතන් මන් දොර ඇරියා.....

"තමුසෙට මෙච්චර වෙලා යනවද දොරක් අරින්න"
මන් දොර ඇරපු ක්ශනික ටේහ්යොන් මට බැනගෙන ගියේ එයා ඇදගෙන හිටපු සුදු ශර්ට් එකේ අත්දෙක හරිගස්සන ගමන්...බැනලා ඇතිවෙලාද කොහෙද මගේ ඇගෙත් හැප්පීගෙනම එයා ගේ ඇතුලට ගියේ හරියට මේ ගෙදර එයාගේ වගේ....
දොර ගාව හිටගෙන හිටපු ගාඩ් කෙනෙක් ලොකු බොක්ස් එකක් මගේ අත උඩින් තියලා යන්න ගියාම මන් වටේම ඇස් යවලා බැලුවේ මුලු ගෙදරම ගාඩ්ලගෙන් පිරිලා තිබුන නිසා...

"ටේහ්යොන්ෂී යුන්ගි තාම ආවේ නෑ"
පෙට්ටියත් උස්සගෙනම මන් ටේ ගාවට ගිහින් කියද්දී එයා දාගෙන හිටපු සන්ග්ලාස් දෙකත් ගලවලා ටේබල් එකක් උඩීන් තිබ්බා....

"මන් ඒක දන්නවා තමුසේ කියන්න ඕන නෑ...තව ටිකෙන් හ්යොන් එයි"
මන් දිහා අපහසයට වගේ බලලා ටේහ්යොන් කියද්දී දත් ඇන්ද බඩට යන්න දෙන්න හිතෙනවා.......
මන් බොක්ස් එකත් ටේබල් එක උඩින් තියලා ටේහ්යොන්ගේ ඉස්සරහින් ඉදගත්තා......

"තමුසේ ඇයි හ්යොන්ව බදින්න හිතුවේ"
කකුල් දෙකත් යාරයක් තරමට දිගෑරගෙන මාෆියා ලුක් එකකින් ටේ ඇහුවේ හරියට යුන්ගි කියන්නේ එයාගේ පෞද්ගලික දේපලක් වගේ......

"ඒක ඉතින් මගේ කැමැත්තනේ ටේහ්යොන්ශි...මන් කැමති ඔයා ආරක්ශක ඇමති නෙමේ කවුරු උනත් අනුන්ගේ පෞද්ගලික දේවල් හොයන්නේ නැතුව ඉන්න තරමට"
මන් කාරුණික විදියට උනත් ටිකක් තදට කියද්දී ටේ මෙච්චර වෙලා හිනාවෙවී හිටපු එක නතර කරා......

ආවා මෙතන අනුන්ගේ දේවල් හොයන්න.....

"තමුන් ඔය මට තර්ජනය කරනවද"
මූනට ක්ශනික හිනාවක් අරගෙන ආයෙමත් හිනාවක් නැති දරුණු මූනට එන ගමන් ටේ අහද්දී මට කෙල ගුලියක්ම ගිලුනේ කටුස්සෙක් වගේ වෙස් මාරු කරන ටේහ්යොන් නිසා බය හිතෙද්දී.....

"අපි බලමුකෝ නේද පාක් මෙලී ඔයා කව්ද කියලා"
මගේ උත්තරයක් නැති තැන ටේහ්යොන් කටකොනකට හිනාවෙලා කියපු කතාව නිසා මට ප්‍රශ්නයක් ඉතුරු වුනේ ටේහ්යොන් අදහස් කරපු දේ මට තේරුම් ගන්න බැරිඋන නිසා....

"මන් කවුද කියන එකෙන් ඔයා අදහස් කරේ මොකක්ද ටේහ්යොන්ශී...."

"ඕහ් ඇයි මේ බයවෙලා මන් මොනාහරි වැරදි දෙයක්වත් කියුවද...මන් කියුවේ ඔයා කොයිවගේ කෙනෙක්ද කියන එක අපිට දැනගන්න පුලුවන් වෙයි කියලා..ඒකේ මොකක්හරි වැරැද්දක් තියෙනවද මෙලී"
ආරක්ෂක ඇමති විදියට මගේ ඉස්සරහ හැසිරෙන්න උත්සහ කරනවද කොහෙද ටේහ්යොන්...
ජීමින්ටයි ටේහ්යොන්ටයි නම්ජුන්ටයි මාව පෙන්නන්න බැරි හේතුව මොකක්ද කියලා මට හිතාගන්න බෑ....

"ඒකේ වැරැද්දක්...."
මගේ කතාව නැවතුනේ දොර ඇරගෙන ආව යුන්ගි නිසා....

"ටේහ්යොනා"

"හ්යොන්"
ටේ සෝෆාවෙන් නැගිටලා යුන්ගි ගාවට දුවන් ගිහින් එයාව බදාගත්තේ හරිම හුරතල් විදියට...ඇත්තටම ටේහ්යොන්ට මාර හැකියාවක් තිබුනේ මූඩ් එක වෙනස් කරන්න.....ඒත් ටේහ්යොන් යුන්ගිව බදාගද්දී නම් යුන්ගිගේ මූණ ඇඹුල් වෙලා ගියා...

:A/N Pov:

"යාහ් එහාට වෙනවා"
යුන්ගි තමන්ව බදාගෙන ඉන්න ටේව තමන්ගෙන් ඈත්කරන්න බැරි නිසා හයියෙන් කෑගහද්දී ටේ ඈත් උනා......

"ගොඩක් වෙලාද ඇවිල්ලා"
යුන්ගි ටේත් එක්කම සෝෆා එකට එන ගමන් ඇහුවා......ඒදෙන්නා එන නිසා මෙලී එතනින් නැගිටලා ටිකක් එහාට උනේ ඒකෙන් යුන්ගිට අපහසුවක් වෙයි කියලා හිතුන නිසා...

"දැන් ටිකකට කලින් හ්යොන් ආවේ..."

"මොනාහරි බියුවද ටේටේ"
මෙලී කවදාවත් නොදැකපු හිනාවකින් යුන්ගි කතා කරද්දී මෙලීට ඒගැන ඇතිඋනේ පුදුමයක්.....ඒනිසාම යුන්ගි දිහා මෙලී බලාගෙන හිටියේ නිරායාසයෙන්ම හිනාවක් මූන රදවගෙන....

"මෙලී එක්ක ටිකක් කතා කර කර හිටියා විතරයි හ්යොන්...."

"මෙලී මොනවද බලාගෙන ඉන්නේ ගිහින් ජූස් දෙකක් හදාගෙන එනවා....යනවා ඉතින්"
තමන් දිහා බලාගෙන ඉන්න මෙලීට යුන්ගි තදින් කතා කරද්දී මෙලී ගැස්සිලා වගේ ඔලුව උඩ පහලා වනලා කිචන් එකට දිව්වා....

"පව් හ්යොන් කෑගහන්න එපා"
ටේහ්යොන් කටකොණේ හිනාවක් රදවාගෙනම කියුවත් යුන්ගි ඒ හිනාව දැක්කේ නෑ....

"කෑ ගහන්නේ හිතලා නෙමේ ටේහ්යොනා මට එයාව දැක්කම බයින්න හිතෙනවා"
යුන්ගි තමන්ගේ හැගීම් ටේට කියද්දී ටේ හිත යටින් සතුටු උනත් ටේටවත් එයා හිනාවෙන්නේ ඇයි කියන දේ ගැන තේරුමක් තිබුනේ නෑ......

"වැඩ ටික කොහොමද හ්යොන් මේ දවස්වල"

"නිශ්ශබ්දයි ටේහ්යොනා හැමදේම....ඒනිසා ලගදීම ලොකු සුනාමියක් එයි කියල නම් විශ්වාසයි"
මහ මුහුදත් සුනාමියට කලින් නිශ්ශබ්දව තිබිලා හැමදේම විනාශ කරා වගේ ලෝරාගේ නිශ්ශබ්දතාවයත් සුනාමියක පෙර නිමිත්තක් කියන්න යුන්ගි දැනගෙන හිටියා........

"ඕහ් මෙලී ඔයා ඔච්චර ඉක්මනට ජූස් හදලත් ඉවරද "
ටේ කටපුරෝලා හිනාවෙන ගමන් ජූස් වීදුරු දෙකක් අරගෙන එන මෙලීගෙන් අහද්දී මෙලී පුදුම උනේ ටේ තමන් එක්ක හිනාඋන නිසා.....

"ඔව් ටේහ්යොන්ශි ඔයාට තිබහත් ඇතිනේ"
අපහසයකට උනත් ඒක හරි කාරුණිකව කියපු මෙලී යුන්ගි ලගින් බීම වීදුරුවක් තියලා අනිත් වීදුරව ටේට දෙන්න යද්දීම මුලු බීම එකම ටේගේ ඇගේ හැලුනා.....

"මොනාද මෙලී තමුසේ කරන්නේ ආහ්"
ටේ සෝෆාවෙන් නැගිටලා කෑගහද්දී මෙලී ට්‍රේ එකත් පපුවට තුරුල් කරගෙනම ටිකක් පිටිපස්සට උනේ හිතේ ඇති උන චකිතයක් එක්ක.....

"ටේහ්යොනා වොශ්රූම් එකට ගිහින් ඕක හෝදගන්නකෝ"
යුන්ගි ටේට කියද්දී ටේ යුන්ගිගේ රූම් එක පැත්තට ගියේ මෙලී දිහාට කටකොනින් හිනාවෙන ගමන්......

"ඇයි එහෙම කරේ ආහ්"
ටිකෙන් ටික ඉස්සරහට එන යුන්ගි නිසා මෙලීට පිටිපස්සට යන්න ඕන උනත් මෙලීට ඒක කරගන්නවත් හයියක් තිබුනේ නෑ......

"ඒ...ඒක....ම්...මන්...හිතලා...කරේ...න්.......නෑ..."
මෙලී ගොතගගහ කියපු දේ ඇත්ත උනත් යුන්ගි ඒ ඇත්ත තේරුම් ගත්තේ නෑ.....
මෙලී බීම වීදුරුව ටේගේ ඇගට හැලුවේ නෑ ටේමයි මෙලී වීදුරුව දෙද්දී ඒක තමන්ගේ ඇගට හලාගත්තේ...ඒත් ඒක යුන්ගි දැක්කේ නෑ......

"වැරැද්දක් කරලා උබට ඒක පිලිගන්නත් බැරිද ආහ්"
යුන්ගිගේ ගැඹුරු කටහඩත් එක්කම යුන්ගිගේ අතත් එකම වෙලේ ක්‍රියාත්මක උනා.....මෙලීගේ රෝසපාට කම්මුල් තවත් රෝසපාට කරමින් යුන්ගිගේ ඇගිලි නැවතුනේ මෙලීගේ කම්මුල් වල ඒත් මෙලී එයාගේ කටින් වචනයක්වත් පිටකරේ නෑ......තමන්ගේ නිර්දෝශීකම ඔප්පු කරන්න තවත් කතා කරන්නවත් මෙලීට උවමනා උනේ නෑ...

මෙලීගේ රෝසකම්මුලක් තමන්ගේ අතින් රතු පාටට හැරෙද්දී යුන්ගිට ඒක මෙලීටත් වඩා රිදෙනවා කියලා දැන දැනත් යූන්ගිගේ ආවේගය නැගීසිටියේ තමන්ගේ සහෝදරයා වෙනුවෙන්......

"පලයන් මෙතනින්...ටේහ්යොන් යනකන් උබ කාමරෙන් එලියට එන්න හිතන්නවත් එපා"
මෙලීගේ කොන්ඩෙන් අල්ලන් හිටපු අත අතෑරලා මෙලීව යුන්ගි තල්ලු කරද්දී කෙල්ල ට්‍රේ එකත් බිමට දාලා පඩිපෙල නැග්ගේ වේගෙන්.....

පඩිපෙලේ වේගෙන් අඩිතියන මෙලී දිහා බලන් හිටිය යුන්ගි මෙලීගේ ඇස්වලින් වැටුන කදුලු දැක්කේ නෑ.....
ඒත් ඒ කදුලු එක්කෙනෙක් දැක්කා...
ඒ ටේහ්යොන්.....
පල්ලෙහට යන්න පඩිපෙල ගාවට එන ගමන් හිටපු ටේහ්යොන් අඩමින් දුවගෙන එන මෙලීව දැක්කා......
මෙලී ටේහ්යෝන් ගාව තත්පරේකට නැවතිලා ඒමූණ දිහා බලන් හිටියේ ටේ කරපු දේ මෙලී හොදටම දැනගෙන හිටපු නිසා.....
මෙලීට අපහසයට හිනාවෙලා පහලට බැස්ස ටේහ්යොන් සෝෆාවට වෙලා ඔලුවත් අත්දෙකෙන්ම අල්ලගෙන ඉන්න යුන්ගි ගාවට ගියා.....

"හ්යොන් ඔයා හොදින්ද"
යුන්ගිගේ හුරතල් මල්ලිගේ චරිතෙට පණදෙන ගමන් ටේහ්යොන් ඇහුවා.....

"මන් හොදින් ටේහ්යොන් ඔයා හොදින්ද..ශර්ට් එක හෝදගත්තද"
ටේදිහාට හැරෙන ගමන් යුන්ගි ඇහුවා....

"ඔව් හ්යොන් හෝදගත්තා.. ..අහන්නකෝ මන් ආවේ හෙට රෑට පාටි එකක් තියෙනවා ඒකට ඉන්වයිට් කරලා යන්න හ්යොන්ට"
ටේහ්යොන් ටේබල් එක උඩ තිබ්බ බොක්ස් එක අරගන්න ගමන් කියුවේ හරිම සන්සුන්ව....

"ඉතින් ටේහ්යොනා mansion එකට ඇවිත් ඕක කියන්න තිබුනනේ"

"මේකනේ හ්යෝන් ඔයා දැන් මැරිකරපු කෙනෙක්නේ ඒනිසා පෞද්ගලිකවම ඇවිත් ආරධනා කරන්න හිතුවා...ජීමිනාට කියුවා ජීන් හ්යොන්වයි කුකීවයි එක්කගෙන පාටි එකට එන්න කියලා"
ටේහ්යොන් කියද්දී යුන්ගි පුංචි හිනාවක් තමන්ගේ තොල් අතර රදවාගත්තා.....

"හදිසියේ පාටි එකක් මොකටද ටේටේ"
යුන්ගි විමසිල්ලෙන් ඇහුවා....

"බිස්නස් කරන අයව ටිකක් අදුරගන්න කියලා හ්යොන්"
ටේහ්යොන් ගානක් නැතුව කියද්දී යුන්ගි ඒක පිලිගත්තා වගේ ඔලුව වැනුවා...

"නම්ජුනා හොබීත් එනවද"

"ඔව් ඒදෙන්නත් එනවා.....හ්යොන් ආ මේක අරන් බලන්නකෝ"
ටේහ්යොන් බොක්ස් එක යුන්ගිගේ අතෙන් තියද්දී යුන්ගි ඒක හිමීට ඇරියා...නිල්පාට ඕෆ් ශෝල්ඩර් පාටි frock එකකුයි invitation එකකුයි ඒක ඇතුලේ තිබ්බේ....

"මේ ගවුම කාටද ටේටේ...."
යුන්ගි ගවුම දිහත් ටේහ්යොන් දිහත් බලන ගමන් ඇහුවේ පුදුමයකින්....

"ඕක මෙලීට මන් තේරුවේ ලස්සනද "
ටේහ්යොන් අහපු දේට යුන්ගි ඔලුව වැනුවේ ටේට මේ තරම් ලස්සන දේවලුත් තෝරන්න පුලුවන්ද කියන පුදුමෙත් එක්ක....

"ටේටේ මෙලීවත් එක්ක එන්න ඕනද"
යුන්ගි ඒකනම් ඇහුවේ අදිමදි කරලා...

"ඔව් හ්යොන් එයානේ ඉතින් හ්යොන්ගේ වයිෆ් ඊටත් අමතරව park industry එකේ එකම දුව"

"ටේටේත් කුකී වගේ මෙලීට කැමතිද"
යුන්ගිට ගවුම දිහා බලාගෙන ඉද්දී හිතුන දේ ටේගෙන් අහද්දී ටේ ඒකට හිනාඋනේ තමන්ගේ හිතෙන්ම ඒකට උත්තරයක් හොයාගන්න බැරි නිසා...

"කැමත්ත අකමැත්ත කෙසේ වෙතත් මට එයාව දැකලා පුරුදුයි හ්යොන්"

_________________________💥💥💥
To be continued.....



Continue Reading

You'll Also Like

2.2M 115K 64
↳ ❝ [ INSANITY ] ❞ ━ yandere alastor x fem! reader ┕ 𝐈𝐧 𝐰𝐡𝐢𝐜𝐡, (y/n) dies and for some strange reason, reincarnates as a ...
13.3K 2.4K 31
මගේ ජීවිතේට ආලෝකයක් වෙලා මාව සනසපු සුරදූතිය ........ සමාවෙන්න මට ... ඔබේ පෙම හඳුනානොගත්තාට....... -jjk කිම් සූමින් යුනි එකේ අහින්සක ගෑනුලමයෙක් . එත...
311K 6.9K 35
"That better not be a sticky fingers poster." "And if it is ." "I think I'm the luckiest bloke at Hartley." Heartbreak High season 1-2 Spider x oc
6.1K 1.5K 14
It's a secret Babee😉🤫 Start Date:- 2021.08.01 Published Date:- 2021.08.06 Finished Date:- 2021.12.18