My Empress 🖤️✨ ( Sinhala Ff...

By Daisy_Dinu

6.2K 1.4K 506

අතීතයේ හදවතකට පෙම් බැදි කාලතරණය කළ ගායකයෙක්.... 🌹 මේ Story එක කාලතරණ කතාවක්...අතීත රාජධානියකට ගිය ගායකයෙක්... More

හැදින්වීම 🖤
Chapter : 01 🖤✨
Chapter : 02 🖤✨️
Chapter : 03 🖤✨️
Chapter : 04🖤✨️
Chapter : 05 🖤✨️
Chapter : 06 🖤✨️
Chapter : 07🖤✨️
Chapter : 08 🖤✨️
chapter : 09 🖤✨️
Chapter : 10 🖤✨️
Chapter : 11 🖤✨️
Chapter : 12🖤✨️
Chapter : 13 🖤✨️
Chapter : 14 🖤✨️
අතීත රාජධානියේ චරිත හදුනගමු 🖤✨️
Chapter : 15 🖤✨️
Chapter : 16 🖤✨️
Chapter : 17 🖤✨️
Chapter : 18 🖤✨️
Chapter : 19 🖤✨️
Chapter : 19 🖤✨️ (SP❤🌹)
Chapter : 20 🖤✨️
Chapter : 21🖤✨️
Chapter : 23🖤✨️(SP❤🌹)
Chapter : 24 🖤✨️
Chapter : 25 🖤✨️(PART1)
Chapter : 25 🖤✨️(PART2)
Chapter : 26 🖤✨️(PART1)
Chapter : 26 🖤✨️(PART2 , LAST)
පසුවදන ~ 🖤

Chapter : 22 🖤✨️

130 31 19
By Daisy_Dinu

වැළලී ගිය අතීතයක්...
             අලුත් කළ ගායකයෙක්...

කාලය කියාවී දෛවයේ සරදම්..🍂
___________________________________

🌟AUTHOR POV :( කතෘ)

මෝයාගේ අවමංල්‍ය උත්සවය හරිම චාම් විදිහට ආච්චි අම්මගේ ප්‍රධානත්වයෙන් සැමරුවා..මරණය නිසා පිටුවහල් කරල හිටපු මෝයාගේ පවුලේ නෑදෑයන්ට පවා උත්සවයට සහභාගී වෙන්නත් රැජිණගෙන් අවසර ලැබුණා...

රජ පවුලේ කෙන්කුට අනපේක්ෂිත මරණයක් නිසා මුළු රාජධානියම දින තුනකට රැජිණ ශෝක දින විදිහටත් නම් කළා..රැජිණගේ ඉදන් පාලිකාව දක්වා හැමෝම ඇදුම් පවා සුදට මාරු වුණේ සාම්ප්‍රධායක් විදිහට....

⭕මෝයාගේ මරණෙන් දින දෙකකට පසු
උදෑසන~

තමන්ගේ ආදරේ තමන්ගේ ඇස් ඉස්සරහම නැතිවුණාම දැනෙන වේදානාව
මොකක්ද..ඒ වේදනාවෙන් ඩෝයූන්ගේ මුළු ආත්මයම දැවිලා අලු වෙලා ගියා..

මෝයාගේ අවමංගල උත්සවය දවසෙ ඉදලා ඩෝයූන් එකමොහොතක්වත් මෝයාව සොහොනේ තනි කළේ නැහැ..
එයා මෝයාගේ දේවලුත් අරගෙන සොහොනේ  පඩියේ වාඩිවෙලා මෝයා ගැන කල්පනා කළා..

"මම හිතුවා අදත් ඔයා මෙතන ඇති කියලා...."

කියපු හාජින් හිමින් ඇවිත් ඩෝයූන් ළඟින් වාඩිවුණා..

"ආහ්....හාජින්....."

කියලා ඩෝයූන්, එයාගේ ඇස් කොනින් වැටුණ කදුළ අතින් පිහගත්තේ හජින්ට නොපෙනෙන්න..

"ඔයා මොකද මෙහෙ කරන්නේ...."

ඩෝයූන් සාමාන්‍ය පෙනුමක් මවාගෙන හාජින් දිහාවට හැරුණේ එයාට වෙනසක් නොපෙන්නන්න...

"ඔයා හොදින්ද....."

"ඔව් මම හොදින්.....මොකක් හරි ප්‍රශ්නයක්ද....."

"මට ඔයාට දෙන්න දෙයක් තියනවා..."

කිව්ව හාජින් එයාගේ ඇදුමේ සාක්කුවෙන් ලියුමක් අරගෙන ඩෝයූන්ට දුන්නා...

"මේ මොකක්ද......? "

"කියවලා බලන්න.....".

ඒ ලියුම දිගෑරිය ගමන් ඩෝයූන් අමාරුවෙන් නවත්තගෙන හිටපු කදුළු කම්මුල් දිගේ බේරෙන්න ගත්තා...

"මෝයා......"

කියාගෙන ඩෝයූන් හාජින්ගේ උරහිසට කඩාගෙන වැටුණා..හාජින්ටත් තමන්ගේ යාලුවා ගැන දැනුණේ ලොකු වේදනාවක්..

ඩෝයූන් හාජින්ගේ උරහිසට බර වෙලා හොදටම අඩන්න ගත්තේ එයාට දැනුණ වේදනාව තවත් හිරකරගෙන ඉන්න පුළුවන්කමක් තිබුණේ නැති නිසා..

"හරි ඩෝයූන් දැන් අඩන්න එපා....හොදද..."

හාජින් ඩෝයූන්ගේ ඔලුව අතාගාල  ඩෝයූන්ව සැනසුවා...

"මේක කොහෙන්ද..."

ඩෝයූන් ඔලුව උස්සලා ඇහුවේ ලියුම දිහාවට ඇස් හරවලා....

"මෝයා ඔයා ශින්ජුවල දේශශීමා ගැටලු විසදන්න ගිය කාලේ එයාගේ දාසිය යුන්ට කියලා ලියවලා තියෙන්නේ..."

"ඒ කියන්නේ එයා ඒ දවස් වල ඉදන්ම දැනගෙන ඉදලා එයාගෙ ජීවිතේ තියෙන්නේ අනතුරේ කියලා...."

"ම්ම් ඔව්....ඒකයි එයා ඔයාට ඔය ලියුම ලියවලා තියෙන්නේ..."

"ඒත් එයාට මං මෙහෙ ආවම මට කියන්න තිබ්බා....මං එයාව බේරගන්නවනේ.."

"දැන් දුක් වෙලා වැඩක් නැහැනේ..ම්ම්...."

"මන් කොහෙද යන්න  ඕනේ...., කාටද කතා කරන්න ඕනේ..මොනවද කරන්න ඕනේ කියලා මට කිසි දෙයක් තේරෙන්නේ නෑ හාජින්....කිසිදෙයක් තේරෙන්නේ නෑ.."

"ඔයා ශක්තිමත් වෙන්න ඕනේ....මෝයාට මේ දේවල් කරපු උන්ව කොහොමහරි හොයාගන්න ඕනේ...."

"මට මගේ මෝයා නැතුව උන් හොයාගෙන වැඩක් තියනවද...."

ඩෝයූන් කිව්වේ මෝයාගේ සොහොන දිහාවට ඇස් හරවලා..

"ඔව් වැඩක් තියනවා....මෝයා වෙනුවෙන් , එයාගේ නිර්දෝශිබව වෙනුවෙන් ඔයාට සටන් කරන්නම වෙනවා ඩෝයූන්..."

හාජින් හැදුවේ ඩෝයූන්ගේ හිතේ විශ්වාසයක් ඇතිකරවන්න...

"මම කොහොමද එයා නැතුව ජීවත් වෙන්නේ...
ඔයා දන්නවද හාජින් , මෝයාට එයාගේ ඇස් පෙනීම නැතිවුණ දවසෙ මට දැනුණ වේදනාව කොහොමද කියලා..එයාටත් වඩා ඒ වේදනාව වින්දේ මම...."

"ඔව් මම දන්නවා ඩෝයූන්..."

"අපි දෙන්නට මුණගැහෙන්න ලැබෙන ටික වෙලාවෙදි හරි මම කළේ මෝයාව සතුටින් තියපු එක...
මං කවදාවත් කැමතිවුනේ නෑ ඒ අහින්සකීගෙ ඇස් වලින් කඳුළක් වැටෙනවා දකින්න....ඒ නිසා මං මට පුළුවන් හැමවෙලේම එයාව සතුටින් තිබ්බා..."

"ඔයාව මට ශින්ජුවල මුණගැහුණ කාලේ ඉදන්ම..එච්චර දුර ඉදලත් ඔයා මෝයාට ආදරේ කළේ කොහොමද කියලා මම දන්නවා...."

"මට තේරෙන්නේ නෑ හාජින්.....ඇයි මගේ අහින්සක මෝයාටම මේ දේවල් වෙන්නේ..ඇයි...??මේක කරපු උන් එයාට කොච්චර රිද්දන්න ඇත්ද...? "

ඩෝයූන් දැනුණේ කියාහන්ම බැරි ලොකු වේදනාවක්...

"මරණ පරීක්ෂණ වාර්තාවල විදිහට වතුර යට හුස්ම ගන්න අමාරු වෙලා තමා මෝයා නැති වෙලා තියෙන්නේ....උන් මෝයාට..."

කියලා හාජින් කියන්න යනවත් එක්කම ඩෝයූන් ,

"ඇති නවත්තන්න...මට තවත් ඕව දරාගන්න බෑ ඇත්තමයි...."

කියලා  මූණ හකුලගත්තේ එයාට ඒ වේදානාකාරි  දේවල් තවත් දරාගන්න  ශක්තියක් තිබුණේ නැති නිසා...

"මට සමාවෙන්න...

සමාව ඉල්ලන්න ල්
ඩෝයූන් ඔයා අර සංකේත ලියුම ගැනල් විස්තර මොනවා හරි හොයාගත්තද..."

හාජින් බැරැරූම් පෙනුමක් මවාගෙන කතාවට මුළපිරුවා...

"තාම විස්තර හොයනවා..මං ඒක ගැන විස්තර හොයන්න මට විශ්වාසවන්ත කීප දෙනෙක්වම යොදවලා තියෙන්නෙ....
මේ ප්‍රශ්නත් එක්ක ඒක මට අමතක වෙලාම ගියා හාජින්..."

ඩෝයූන් හඩ අඩු කරලා කිව්වේ හරි උදාසීන විදිහට.....

"ඔයා දිගටම ඒ ගැන විස්තර හොයන්න.. මං දන්න තරමින් ශුයැං මතවාද දරන මිනිස්සු සාමන්‍යෙන් කිසිම දෙයක් ගැන එළි කරන්නෙ නැහැ...
ඉතින් සංකේත අකුරු ගැන අපිට ලොකු විශ්වාසයක් තියාගන්න බැහැ...."

"ඕක ලියපු සේවිකාව සංකේත අකුරුවලින්ම ලියන්න ඇත්තේ කාටත් සැක නොහිතෙන්න වෙන්න ඇති..."

"ඔව්...ඔය ලියුම තමා අපිට දැනට තියන එකම තුරුප්පුව...මම ගුරුතුමාටත් මේ සිද්ධිය ගැන කියලා කොහොමහරි ලියුමක් යවන්නම්...."

හාජින් ගුරුතුමා කියන වචනේ  කිව්වා මිසක් එයා ගැන කිසි දෙයක් ඩෝයූන්ට නොකියන්න හුගක් පරිස්සම් වුණා..මේ ප්‍රශ්නත් එක්ක ඩෝයූන්ට හාජින් ගැන වැඩි අවධානයක් දෙන්න මතක් වුණේ නැහැ...

"ඔයාත් පරිස්සම් වෙන්න හාජින්...සමහර විට මෝයාගේ මරණේ චෝදනාත් ඔයාලා පිට පැටවෙන්න පුළුවන්..."

ආපහු නොකරපු වැරැද්දකට එයාලට චෝදනා පැටවෙයි කියලා ඩෝයූන් බය වුණා..

"ඔව් මං ඒ ගැන අනික් අයටත් කියන්නම්..."

"මේ මාළිගාව හුගක් භයානක තැනක්..
මෙහෙ ඉන්න කිසිම කෙනෙක්ව විශ්වාස කරන්න තියා හිතන්න්වත් එපා හාජින්....
කිසිම කෙනෙක්ව."

බල තණ්හාවේ , පළිගැනීමේ, වෛරයේ තෝතැන්නක් නිසා ඩෝයූන්ට මාළිගාව ඒ තරම්ම පිළිකුල් වුණා..

_________________________________________

⭕@ මාළිගාව..( විමර්ශම කාර්යාලය)
මෝයාගේ මරණෙ පිළිබඳ විමර්ශන කාර්යංශ රැස්වීම..~

"සමාවෙන්න රැජිණියනි.... සමාවෙන්න රැජිණියනි...ඔය වචන ටික කිව්වම සේරම හරියි කියලද තමුන්ලා හිතාගෙන ඉන්නේ ආහ්..කියනවා...."

කෑගගන ගමන් පුටුවෙන් නැගිටපු රැජිණ ,මේසෙ උඩ තිබුණ සේරම වාර්තා ටික බිම දමලා ගැහුවේ කේන්තියෙන්..
විමර්ශන කාර්යංශයේ නොසැලකිලිමත් කම නිසා වගෙම හැමවෙලේම නිදහසට හේතු කියන නිසා රැජිණ හිටියේ හොදටම තරහ ගිහින්..

"රැජිණියනි අපිට සමාවෙන්න....".

කලින් ඉදන්ම  පුරුදු වුණත් හැමදාම වගේ අදත් , රැජිණගේ මේ හැසිරීමට විමර්ශන නිළධාරියෝ හුගක් බය වුණා...

"මට තමුන්ලගේ ඔය වචනේ පිළිකුල්...."

රැජිණ ' සමාවෙන්න' කියන වචනෙට පවා වෛර කළේ ඕනම වැරැද්දකට ඒ වචනේ නිදහසට කරුණක් වෙන නිසා..

නොහිතපු වෙලාවක වුණ මෝයාගේ මරණේ නිසා රැජිණ හිටියේ හොදටම කලබල වෙලා...

"ඔබතුමිය කලබල වෙන්න එපා..මං මේ ගැන බලාගන්නම්...."

ෂින් රැජිණිව සන්සුන් කරන්න උත්සහ කළා..ඒත් එක්කම රැජිණ ආපිට පුටුවෙන් වාඩි වුණත් රැජිණගේ කේන්තියෙ කිසි අඩුවක් පේන්න තිබුණේ නැහැ..

රැජිණ වාඩිවුණාම මූණට මූණ බලාගත්ත අනික් නිළධාරිනුත් මේසෙ වටේට වාඩි වුණා නොකර බැරි කමට...

ෂින් : "අසපුවේ මේ කොටසේ වගේම මේ කොටසෙත් දිගටම පරීක්ෂණ පවත්වන්න..."

කියන ගමන් මේසෙ උඩ තිබුණ අසපුවේ කොටස් ගැන තිබුණ සිතියම ගැන අනික් අයට පැහැදිලි කළා...

නිලධාරියෙක් : "එහෙමයි....අපි මේ කොටසේ පරීක්ෂණ පවත්වන ගමන් ඉන්නේ...

මියුන්ජු : "හොදයි....ඒ වගේම මෝයා මැතිණිය ආශ්‍රය කරපු හැමෝම ගැන වෙන වෙනම විස්තර හොයාගන්න.."

තවත් නිලධාරියෙක් : "අපි හැකි ඉක්මනින් ඒ ගැන වාර්තාවක් පිළියෙල කරන්නම්...."

"නිළධාරීතුමා...මරණ පරීක්ෂණ විස්තර වලට අනුව මිය ගිය වෙලාව සහ ආකාරය ගැන විස්තර කොහොමද...?"

මියුන්ජු හැරුණේ පරීක්ෂණ නිළධාරීතුමා දිහාවට...

"කලින් කීපදෙනාම මිය ගිය කාල වේලා වලට සාපේක්ෂව මේ වෙලාවෙ යම් යම් පරස්පරතා තියනවා...ඒ වගේම මෝයා මැතිණිය නැතිවෙලා තියෙන්නේ හුස්ම ගැනීමේ අපහසුතාවය නිසා..."

"ඔව් අනික් හැමෝගෙම බාහිර ශරීරයේ තුවාල තිබුණත් මෝයා මැතිණියගේ එහෙම මොකුත් තුවාල තිබුණේ නැහැ..."

කියලා තවත් නිළධාරීයෙක් ඒ කතාව සනාථ කළා..

ෂින් : "මාළිගාවේ සෙබළුත් ඇතිතරම් ඉන්න නිසා ආරක්ෂාව තවත් දැඩි කරන්න...
වහලා දාලා තියන ශාලාවලට පවා දිවා රෑ ආරක්ෂාව සපයන්න..."

"හොදයි සේනාධිපතිතුමියනි..."

"ඔව් එහෙම  කරන්න....."

රැජිණ කිව්වේ ෂින්ගෙ කතාවට එයා එකගයි කියලා පෙන්නන්න.....

"එසේ කරන්නම් රැජිණියනි.."

නිලධාරීන් හැමෝම රැජිණට ආචාර කළා.

මියුන්ජු : 'ඒවගේම මිය ගිය දවසේ පොකුණට ආරක්ෂාව සපයපු ආරක්ෂකයන්ගෙන් දිගටම ප්‍රශ්න කරන්න..."

"අපි දැනටමත් ඔවුන්ගෙන් ප්‍රශ්න කරගෙන යනවා....සැක කටයුතු දෙයක් දැනගත් වහාම ඔබතුමියට දන්වන්නම්..."

ෂින් : "හොදයි.....ඒ වගේම මාළිගාවේ දොරටු භාර ප්‍රධානිතුමා, ඔබතුමා මාළිගාවට එදා ඇතුළුවන පිටවුණ හැමෝගෙම වාර්තා පිළියෙල කරන්න....."

"හොදයි මේ වාර්තා ටික ඔබතුමිය පරීක්ෂා කරන්න..."

කියලා නිළධාරියෙක් රැජිණ ළගට වාර්තා වගයක් ගෙනත් දුන්නා...

"කිසි කෙනෙකුට කිසිම හේතුවකට අවසර නැතුව මාළිගාවෙන් පිටවීම වගේම ඇතුළුවීත් තහනම් බවට දැන්වීමක් ප්‍රචාරය කරන්න...."

රැජිණ කිව්වේ වාර්තාවේ පිටු පෙරළන ගමන්...

"හොදයි උත්තමාවියනි...."

මියුන්ජු : "හැමෝම හොදට අහගන්න....
මේ මරණය අනික් හැම මරණයකටම වඩා හුගක් විශේෂයි..මේ පාර ඔවුන් ඉල්ලක්ක කරේ රජ පවුලේ සාමාජිකාවක්ව...ඒ නිසා තමන්ගේ උපරිමයෙන් හැමෝම රාජකාරී කරන්න...."

"හොදයි.....අපි එසේ කරන්නම්...."

රැජිණ : "කුමන්ත්‍රණයට සම්බන්ධ කිසි කෙනෙකුට කිසි සමාවක් ලැබෙන්නේ නෑ..ඔවුන් හැමෝටම මරණ දඩුවම ලැබෙනවමයි..."

"හොදයි රැජිණියනි....අපි අපේ උපරිමය කරන්නම්....."

කියලා නිලධාරීන් මූණට මූණ බලාගත්තේ රැජිණට නොපෙන්න..

රැජිණ : "මියුන්ජු...ප්‍රධාන ඇමතිවරුන්ගේ ශින්ජුවල සේවා කාලය දීර්ඝ කළ බවට නියෝගයක් යවන්න...
ඔවුනුත් මාළිගාවේ නැති නිසා විමර්ශන වලට කිසිදු බාධාවක් වෙන්නේ බැහැ..."

"හොදයි එසේ කරන්නම්...."

"ඒ වගේම ශියෑන්වල ප්‍රදේශ පහේම ජනතාවත් මේ ගැන දැනුවත් කරන්න...
කුමක් නිසාවත් ජනතාව කලබල කළයුතු නැහැ..රාජධානියේ ස්ථාවරත්වය වෙනුවෙන් තමන්ගේ උපරිමය කරන්න..

කියලා පුටුවෙන් නැගිටපු රැජිණ එයාගෙ කඩුව කොපුවෙන් එළියට ගත්තෙ නිලධාරීන් හැමෝගෙම හිත් වල පුoචි චකිතයක් ඇති කරවලා..

"මේ පාර තමුන්ලා අතින් වෙන සුළු වැරැද්දකටවත් මගෙන් සමාවක් ලැබෙයි කියලා හිතන්න එපා...
තේරුණානේ..."

රැජිණ කිව්වෙ නිළධාරියො දිහාවට කඩුව හරවලා..ඒක කීමකට වඩා අනතුරු ඇගවීමක් කියලා හැමෝටම හොදට තේරුණා..

"එහෙමයි උත්තමාවියනි..."

"මගේ රාජධානියේ කිසි වැරැද්දක් වෙන්න බෑ...කිසි වැරැද්දක්..."

කියලා නිළධාරින් දිහා ඇස් අමුතු කරලා බලපු රැජිණ , එකපාරටම එතනින් යන්න ගියේ මොහොතකට හැම නිළධාරියෙක්ට
ම තමන්ගේ ජීවිතේ නැතිවෙන බය කොහොමද කියන්න දන්වලා....

රාත්‍රිය~🌙

🌟NO ONE POV :

රැහැයි සද්දෙත් එක්ක මුහු වෙලා එන හීන් බටනළා සද්දෙ රාත්‍රී පරිසරයකට කොච්චර මූසලද , බටහිර නිලධාරී අංගනයේ අග කොටස ඒ මූසල කමෙන් පිරිලා ගියා..විටින් විට උඩ පහළ යන බටනළා ස්වරවලින්  මැවුණේ වෙනමම අමුත්තක්..

ඔලුවේ  ඉදන් වගගෙන ගෑනු කෙනෙක් කබාය ඔලුවෙන් අයින් කරලා  බටනළා සද්දේ ඇහෙන කාමරය ඇතුළට ගියේ වටපිට හොදට අවධානයෙන් බලලා...

පැහැදිලිව මූණක් නොපෙනුනත් හද එළියට ගොතපු කොණ්ඩෙ යන්තමින් දිළිසුණා..

"ඇයි ඔයා මාළිගාවට ආවේ....පණිවිඩයක් එව්වනම් මම එනවනේ....."

ඒ ගැනු කෙනා කිව්වේ අදුරු කාමරේ  ඇතුළෙ ලා හද එළියෙන් බිත්තියට වැටිලා හෙවනැල්ලට...

"අහ් මට සුයෝන්ව බලන්න හිතුනා...
ඉතින් මම ආවා..."

ඇතුළෙන් පිරිමි කටහඩක් මතුවුණේ බටනළා සද්දේ නැවතෙනවත් එක්ක..ඒ කටහඩේ තිබුණේ නපුරු දගකාර පෙනුමක්...

"ඒත් ඔයා මේ කරන දේවල් නිසා අන්තිමට අපි හැමෝම අමාරුවේ වැටෙනවා කියලා තේරෙනවද..."

ගෑනු කෙනාගේ හඩ ටිකක් උස් වුණා..

"කතාවක් අහලා තියනවද කාටවත් තමන්ගේ හෙවනැල්ල රවට්ටන්න බැහැ කියලා..."

"කතාව වෙනස් කරන්න හදන්න එපා..."

"යුන් මෝයා.....පව් අසරණී.....මට කරන්න දෙයක් නැහැ ඇත්තටම....එයාට තිබුණා මම කියපු දේවල් කරලා පාඩුවේ ඉන්න.."

මාව රවට්ටන්න හැදුවෙ නැත්තම් මේ කිසි දෙයක් වෙන්නේ නෑනේ...නේද..."

කිය කියා ඒ කෙනා අදුරු කාමරේ තවත් ඇතුළට ඇවිදන් ගියා. වටපිට පැතිරිලා තියන අදුර මකන්න හද එලියට පුලුවන් කමක් තිබුණේ නැති නිසාදෝ මුළු කාමරයම භයානක පාළු පෙනුමක් ගත්තා..

"මෝයාගේ මරණ පරීක්ෂණය ගැන අද රාජ සභාවේ සාකච්ඡා කළා...
රැජිණ මේ ගැන හුගක් විමසිල්ලෙන් ඉන්නේ කියලා දන්නවනේ....."

"අහ් සුයෝන්...අපි එයා එක්ක තව ටිකක් සෙල්ලම් කරමු නේ...."

ඒ කෙනා කිව්වේ බටනළාව ඇගිලි අතරින් යව යවා....

"තව.....මේ ඇති නැත්ද.....?"

"ඇයි අනේ මේ සෙල්ලම පටන්ගත්තා විතරයිනේ...හොදම හරිය තියෙන්නෙ අන්තිමට...පහනක දැල්ල වුණත් වැඩි වෙන්නෙ නිවෙන්න ළං වුණාමනේ...."

"ඒත්....."

ගෑනු කෙනාගෙ හඩේ තිබුනේ හරි නොසන්සුන් බවක්..

"අපි සුයෝන්ට තව ටිකක් සෙල්ලම් කරන්න දෙමු...එයා එක්ක සෙල්ලම් කරද්දි තියෙන්නේ වෙනම විනෝදයක්.."

හෙවනැලි මිනිහා කිව්වේ බටනළාව තවත් කරකව කරකව හිනාවෙන ගමන්...

"හහ්..ඔයාට කියලා වැඩක් නැහැ....
මම දැන් යන්න ඕනේ...ඔයාත් පුළුවන් ඉක්මනටම මෙහෙන් යන්න...."

"මට පුළුවන් මම ගැන බලාගන්න..."

ඒ වචන වල තිබුණේ ලොකු විශ්වාසවන්ත පෙනුමක්...

"රතු හමුදාවත් ඔයා ගැන හොයනවා...
පුළුවන් තරම් පරිස්සමෙන් වැඩ කරන්න.."

"වාහ් මේ සෙල්ලම එන්න එන්නම විනෝද වෙනවනේ....."

කියලා ආපහු බටනළාව අරන් ස්වර සෙල්ලම් කරන්න පටන් ගත්තා..

හෙවනැලි මිනිහා කතාකරපු එක වචනයකවත් බයක් ගෑවිලාවත් තිබුණ පෙනුමක් තිබුණේ නෑ..හිනාවෙලා කියපු ඒ හැම වචනයකම ගුප්ත බවක් තියෙනවා කියලා අහන් ඉන්න ඕනම කෙනෙකුට හිතෙන්නේ ඉබේටමයි....
______________

🌟 AUTHOR POV BACK : කතෘ නැවතත්

රාත්‍රී රාජකාරී ඉවර වෙලා නවාතැනට යන ගමන් හිටපු මින්හෝ නැවතුණේ අංගනේ කොනින් එකපාරටම ඇහුණ බටනළා සද්දෙට..

බටනළා සද්දයක් කොහෙන්ද...
අනික මාළිගාවෙ කවුද බටනළා ගහන්නේ...ඒකත් ෆ්ලැට් නෝට් වලින් අහන් ඉන්නත් අමාරුයි....

හිතපු මින්හෝ බටනළා සද්දෙ ගැන කුතුහලෙන් අංගනේ කොනටම ඇවිදගෙන ගියා..අහන් ඉන්න ඕන කෙනෙක්ව තිගස්සන තරමට හුළගත් එක්ක මුහුවෙලා එන  බටනළා සද්දේ හරි මූසල පෙනුමක් ගත්තා...

ටිකෙන් ටික බටනළා සද්දෙ හොයාගෙන ඉස්සරහට ගිය මින්හෝගෙ ඇගේ එකපාරටම ඔලුවේ ඉදන් වහගත්ත කෙනෙක් හැප්පුණේ නොහිතපු වෙලාවක.

"අහ්....."

කියපු මින්හෝ ඇගේ වැදිලා වැටෙන්න ගිය ඒ කෙනාගේ අතින් අල්ලගත්තා...

"ඔයා කවුද ?..."

මූණත් වහන් හිටපු නිසා මින්හොට ඒ කෙනා ගැන දැනුණේ ලොකු අමුත්තක්..

"අහ් මම....මේ......"

කියලා වචන පටලලා කියනවත් එක්ක මින්හෝ ඒ කෙනාගේ මූණට එබුණේ එකපාරටම...

"ලී දායින්....ඔයා......???"

හද එළියෙන් පෙනුණ ලී දායින්ගේ මූණ දැක්කම මින්හොගෙ ඇස් උඩ ගියා...

"අහ් මින්හෝ අයියණ්ඩි.....ම..ම මේ....මම.."

බය වෙලා හිටිය පාරට කෙල්ලට වචනත් පැටළුණා..

"දායින් ඔයා මොකද මේ රෑ නිලධාරී අංගනයේ කරන්නේ....රෑට මෙහෙට පාලිකාවන්ට එන්න තහනම්නේ..."

මින්හෝ බැරෑරුම් මූණක් මවාගත්තා..

"මම මේ...."

කෙල්ල කිව්වේ බිමට ඇස් හරවලා. කෙල්ල හිටියේ එයාව අහුවෙයිදෝ කියලා බයින්...

"දායින් ඔයාටත් මේ පැත්තෙන් අමුතු බටනළා සද්දයක් ඇහුණද..."

මින්හොගේ හිතේ දායින්ටත් වඩා කුතුහලයක් තිබුණේ එකපාරටම ඇහිලා එකපාරටම අතුරුදහන් වෙලා ගිය බටනළා සද්දෙ ගැන...

"අහ් ඔව් මටත් ඇහුණා.. අද රාත්‍රී රාජකාරි ඉවර වෙලා යන්න හදනකොට ඒ සද්දේ ඇහිල තමා මමත් මේ හරියට ආවේ..."

"අද රාජකාරි රෑ වෙනකන් තිබුණද....?"

"ඔව් අයියණ්ඩි...."

"අහ් එහෙමද...? හාජිනුයි අනික් පාලිකාවොයි දැන් ගිහිනුත් ඇති...මම ඔයාව දකුණු අංගනයට ඇරළවන්නම්..
නැත්තම් සෙබළුන්ගෙන් ප්‍රශ්නයක් වෙයි.."

"හොදයි..."

"අනික් දවසේ මෙහෙම තනියම එන්න එපා තේරුණාද...
දන්නවනේ දැන් මාළිගාවේ සිද්ධ වෙන දේවල්...
පරිස්සම් වෙන්න....."

කියපු මින්හෝ දායින්වත් අරගෙන එතනින් යන්න ගියා..එකපාරටම ඇහිලා නැවතුණ බටනළා සද්දෙ ගැන වගේම නොහිතපු විදිහට මතුවුණ දායින් ගැනත් මින්හොගේ හිතේ කුතුහලයක් නොතිබුණාම නෙමේ..
_________________________________________

🌺තවත් දින දෙකකට පසු ~
@මාළිගාව ~ පොකුණේ පාලම
උදෑසන ~

සාධන කාර්යංශයට යන ගමන් හිටපු මින්හෝගේ ඇස් , පාලම උඩට වෙලා තනියම පොකුණ දිහා ඉන්න රැජිණ දිහාවට හැරුණේ ඉබේටමයි..

රැජිණගේ හුළගත් එක්ක සෙල්ලම් කරන සේද ඇදුම්, එහෙ මෙහෙ විසිරෙන කෙස්‍ රැලි, හැගීම් විරහිත ඇස් , අහංකාර පෙනුම  මින්හොව වෙනම ලෝකෙකට ගෙනිච්චා..

රැජිණගේ ඒ අහංකාර ලස්සනට මින්හෝ හුගක් ආස කළා..දුර ඉදලා රැජිණ දිහා  දිළිසෙන ඇස් වලින් බලාගෙන හිටපු මින්හෝ, ළඟ මල් පදුරකින් මල් කිනිත්තකුත් කඩාගෙන රැජිණ ඉන්න දිහාවට ඇවිදගෙන ගියේ මූණේ ලස්සන හිනාවක් ඇදගෙන..

පහළ ඉවුරෙ හිටපු  පාලිකාවන්ගෙන් අවසර අරගෙන පාළම උඩට ගියා.දවස් කීපයකට පස්සෙ රැජිණව දැකපු නිසාදෝ මින්හොට රැජිණ ළගට නොයාම බැරිවුණා...පිටුපාලා ඉදිද්දි වුණත් රැජිණ හරි ලස්සනයි කියලා හිතපු මින්හෝ මල් පොකුරත් අතට අරගෙන හිමින් හිමින් ළගටම ඇවිදගෙන ගියා..

"ඔච්චර කල්පනා කරන්නේ මොනවද.."

මින්හෝ කිව්වේ රැජිණගේ අවධානේ එයාගේ දිහාවට හරවගන්න..මින්හෝ කටහඩ ඇහිලා ආපිට හැරුණත් රැජිණගේ මූණේ එච්චර පුදුමයක් තිබුණේ නැත්තේ රැජිණ මේ අමුතු මරණ ගැන කල්පනා ලෝකෙක තනිවෙලා හිටිය නිසා..

"අහ් මෙන්න...."

කියලා මින්හෝ හිනාවෙලා මල් පොකුර රැජිණ දිහාවට දික් කළේ හරි සතුටින්..

"මොකක්ද ?......"

"මේ මල්....මේ මල් මම ඔයා ඉන්නවා දැකලයි කඩාගෙන ආවේ...."

"ම්හ්...."

කියන ගමන් රැජිණ මින්හෝගේ අතින් මල් පොකුර ගත්තා..ඒ වෙලාවේ තිබුණ හැගීමත් එක්ක රැජිණට මින්හෝව ප්‍රතික්ෂේප කරන්න හිත දුන්නේ නැහැ..

රැජිණ මල පොකුර අතට අරගන්නවත් එක්ක මින්හෝගෙ ඇස් උඩ ගියා. මල් කඩාගෙන ආවත් රැජිණ මල් ගනීවි කියලා විශ්වාසයක් මින්හෝගේ හිතේ තිබුණේ නෑ.....

"දැ..දැන් ඔ...යා ඒ මල් ගත්තද.....?"

කලබල වුණ පාර මින්හොට වචනත් පැටළුණා....

"ඇයි මට නෙමෙයිද ගෙනාවේ...."

රැජිණ මින්හෝ දිහාවට ඇස් හරවලා ඇහුවේ කිසි අමුත්තක් නොපෙන්වා හරි සාමන්‍ය විදිහට...

"ඔව් ඔයාට තමයි......

කියලා මින්හෝ පුදුම නොවුණ බව පෙන්නන්න බොරු හිනාවක් දැම්මා...

"ඔයා හොදින් නේද...."

මින්හෝ ඇහුවේ ඇස් ලොකු කරගෙන...

"ම්ම්...දැන් මෙතනින් පිටවෙන්න..."

කියලා කියපු රැජිණ මල් පොකුර වැට උඩින් තියලා ආපහු පිටිපස්ස හැරිලා අහස දිහාවට ඇස් හැරෙව්වා...

"යාහ් නපුරි, ඔයාට ඕනේ මේ වෙලාවෙත් මාව පන්නගන්නද ආහ්..."

මින්හෝ ඇහුවෙ හඩ උස් කරලා මූණ ඇඹුල් කරන්.....

"මොකක්ද ?.."

රැජිණ ආපිට මින්හෝ දිහාවට හැරුණා..

"හරි මට සමාවෙන්න....මං ඒක එච්චර හිතලා කිව්වේ නැහැ..."

"මට ටිකක් තනියෙන් ඉන්න ඕනේ..."

රැජිණ කිව්වේ හඩ අඩු කරලා...

"ඒක තමා මං කරන්නේ....."

කියපු මින්හෝ , රැජිණ ළගට ගිහින් අත් දෙක බැදගෙන වැටට හේත්තු වුණේ මූණේ ලස්සන හිනාවක් ඇදගෙන...

"ආහ්......??"

රැජිණ ප්‍රශ්නාර්ථ මූණක් මවාගත්තේ මින්හෝ කියපු කතාවට වගේම එයා ළඟින් මින්හෝ හිටගත්ත නිසා...

"ඔයාට තනි නොවෙන්න ඉඩ දෙනවා..."

මින්හොගේ ළා දුඹුරු පාට ඇස්  දිළිසුණා..ඒ ඇස් වල රැජිණ වෙනුවෙන් හරි ලස්සන හැගීමක් ගැබ් වෙලා තිබුණා...

"ආහ්....?....."

මින්හොගේ ඇස් දිහාවට හැරුණ නිසාදෝ රැජිණට මින්හො කියපු කිසි දෙයක් පැහැදිලි වුණේ නෑ.....

"ඒක වැඩක් නැහැ.....ඔයා ඇත්තටම  හොදින් නේද...?"

"චං මින්හෝ ඔයාට කිසි බයක් නැත්ද....?"

රැජිණ ඇහුවේ මින්හෝගේ මූණ දිහා බලලා...එයා මෙච්චර ප්‍රතික්ෂේප කරන්න කරන්න මින්හෝ එයාට ළං වෙන නිසාදෝ රැජිණට මින්හෝ ගැන දැනුණේ පුoචි  කුතුහලයක්...

"බයක්....මොකටද....?"

මින්හෝ නහයත් අකුළගෙන කල්පනාකාරී මූණක් මවාගත්තා..

"මාත් එක්ක මෙහෙම කතා කරන්න..
ඔයාට බය නැත්ද...."

කියලා රැජිණ ආපිට මින්හොගෙන් ඇස් අහකට අරගත්තා....

"මනුස්සයෙක් මොකටද තවත් මනුස්සයෙක්ට බය වෙන්නේ....අනික ඔයාටනම් මං කොහො..මත් බය නැහැ...."

මින්හෝ එයාගේ හැගීම එහෙම්ම කියලා දැම්මා..මින්හෝ ඒ කියපු කතාවට රැජිණට ආපිට කියන්න දෙයක් තිබුණේ නෑ..එයාට මින්හෝ ගැන තිබුණේ පුoචි කුතුහලයක් ...

"ඔයා ඩෝයූන් ගැන බැලුවද...."

රැජිණ ඇහුවේ එහා ඉවුරෙ තනියම ඇවිදන් යන ඩෝයූන්ව දැකලා..ඩෝයූන්ගේ වෙනදා තිබුණ ක්‍රියාශීලී පෙනුම එහෙම්පිටින්ම නැතිවෙලා ගිහිනුයි තිබුණේ...

රැජිණ ඈත බලනවා දැකලා මින්හෝත් එහා ඉවුරට ඇස් හැරෙව්වා...

"ම්ම්..අයියණ්ඩි හොදින් නෙමෙයි ඉන්නේ...එයායි මෝයා මැතිණියයි හුගක් ආදරෙන් ඉදලා වගේ...
ආදරය කරන හැමෝටම ඇයි දන්නේ නෑ මෙහෙම වේදනා විදින්න වෙන්නේ....."

"දන්නේ නෑ...."

රැජිණ ඇස් වෙන දිහාවකට හරවගත්තා..

"රැජිණ ඔයා කවදහරි කාටහරි....."

කියලා අහන්න ගියත් රැජිණ එයා දිහා බැලුව නිසාදෝ මින්හෝ වචන ගිලගත්තා.

"ම්හ්......"

"අහ් නෑ ඒක වැඩක් නැහැ....මට අහන්න ලැබුණා මෝයා මැතිණියගෙ මරණෙ ගැන මාළිගාවේ විශේෂ  විමර්ශනයක් සිද්ධ වෙනවා කියලා..."

මින්හෝ බැරෑරුම් මූණක් මවාගෙන කතාවට මුළ පිරුවා...

"ඔව්...."

"ඒත් ඔයා හිතනවද ඕකෙන් ප්‍රයෝජනයක් ලැබෙයි කියලා...."

"ඇයි...??"

"නැහැ මම කියන්නේ මීට කලිනුත් මේ වගේ මරණ වෙලා තියනවනේ...ඒත් තාමත් කිසි සාක්ෂියක් හොයාගෙන නැහැනේ..."

"සාක්ෂි කියන්නෙ හරියට උදේට වැටෙන පිනි වගේ... දකින්නත් කළින් අතුරුදහන් වෙලා යනවා...."

"මට පුළුවන් ඔයාට උදව් කරන්න...මම තව මහන්සි වෙලා අර පින්තූරෙ තියන පොත ගැනත් හොයාගන්නම්...
මේ ප්‍රශ්නෙ පටන් ගත්ත තැන හොයාගත්තනම් ඒකට උත්තරේ හොයන එක ඒතරම් අමාරු දෙයක් නෙමේ...

මින්හෝ කිව්වේ එයා අනාගතෙන් ආව නිසා අනික් අයට සාපේක්ෂව එයාට මේ ප්‍රශ්නෙට විසදුමක් හොයාගන්න පුළුවන් වෙයි කියලා ලොකු විශ්වාසයක් හිතේ තියාගෙන...

"එහෙම හිතනවද....?"

කියපු රැජිණ හිමින් හිමින් ඉස්සරහට  ඇවිදගෙන ගියා..චිත්‍රෙ තියන පොත හම්බුණා කියලවත් ඒ ගැන හොයන්න රැජිණ ඕෂින් ප්‍රදේශයට යනවා කියලවත්  රැජිණ මින්හොට කියන්න ගියේ නැහැ..‍රැජිණ මින්හො ඒ දේවල් ගැන  දැනගන්නවට කොහොමත් කැමතිවුණේ නැහැ....

"මට ඔයාට උදව් කරන්න දෙන්න...."

මින්හෝ හඩ අඩු කරලා කිව්වේ ලොකු විශ්වාසයක් හිතේ තියාගෙන..ඒත් එක්කම ඇවිදන් ගියරැජිණ මොහොතකට  නතර වුණා..

"හා....."

නැවතිලා කිව්වේ හැගීම් විරහිත මූණක් මවාගෙන..රැජිණගෙන් ඒ වගේ උත්තරයක් බලාපොරොත්තු නොවුණ නිසදෝ මින්හෝ ටිකක් කලබල වුණා...

"මොකක්ද ?....ඔයා කිව්වේ හා කියලද.."

කියලා මින්හෝ දුවගෙන ගිහින් රැජිණගෙ මූණට එබුණේ එයාට දැනුණ සතුටට...

"ම්න්....."

රැජිණ එහෙම කියලා ඔළුව වනනවත් එක්ක මින්හෝගෙ මූණේ ඇදුණ හිනාව තවත් වැඩි වුණා..

"අවසරයි රැජිණියනි.....!!"

කියාගෙන සෙබළුත් එක්ක ෂින්  එතනට ආවා...මින්හෝ රැජිණ ළඟින් හිටගෙන ඉන්නවා දැකලා ෂින් වගේම, එකපාරටම  ෂින්ව දැකලා මින්හොත් හොදටම පුදුම වුණා..

"ආහ් ෂින්...."

කියලා රැජිණ ෂින්ව පිළිගත්තා....

විනාසයි.....ෂිනුත් මේ වෙලාවෙම කඩාගෙන පාත් වුණානේ....😬😬

කියලා හිතපු මින්හෝ,කලබලෙන්  රැජිණ පිටිපස්සෙන් ගිහින් මූණ හංගගත්තේ අත් දෙකෙන් රැජිණගෙ වැළමිට අල්ලගෙන..

"මොකක්ද ප්‍රශ්නෙ ෂින්...."

රැජිණත් එකපාරටම  ෂින්ව දැකලා කලබල නොවුණාම නෙමේ....

"චං මින්හෝ.....නුඹ....."

ෂින් කිව්වේ රැජිණ පිටිපස්සට වුණ මින්හෝ දිහා ඇස් පුoචි කරලා බලලා..
අපරාධකාරයෙක් නිසා මින්හෝ රැජිණට ළං වෙනවට ෂින් කොහොමත්ම කැමති වුණේ  නෑ....

"මමයි ෂින් මින්හොට කතා කළේ..."

රැජිණ එකපාරටම එහෙම කිව්වම ෂින් වගේම අනික් සෙබළියොත් ඇස් ලොකු කරගත්තා..

"ඈහ්.....? "

ඒ කතාවට මින්හොත් උඩ ගියා..මින්හෝ දිහාවට හැරුණ රැජිණ, ඇස් වලින් මින්හොට එයාගේ වැළමිට අතාරින්න කියලා ඉගි කළා..සෙබළියො වගේම ෂිනුත් මින්හො රැජිණගෙ වැළමිට අල්ලන් ඉන්න දිහා බලාගෙන හිටියේ ඇස් අමුතු කරන්...

"ආහ්...මට සමාවෙන්න...😬."

කියපු මින්හෝ  එහාට වුණේ දත්මිටි කාගෙන නහය අකුලගෙන..හැමෝම එයා දිහා බලන් හිටපු නිසාදෝ මින්හොට පුoචි ලැජ්ජාවක් දැනුණා..

"රැජිණියනි , රාජ සභාවේ කටයුතු සියල්ල සූදානම් කරලා තියෙන්නේ....
දැන් ඔබතුමිය පැමිණිය යුතුයි....."

"අහ් එහෙමද......?
හොදයි අපි යමු...."

කියපු රැජිණ ඉස්සර වෙලා යන්න හැරුණා...රැජිණ පාළමෙන් බැහැලා පහළට යනවත් එක්ක පිළිවළට ෂින් ඇතුළු අනික් සෙබළුත් යන්න ගියා..

හැමෝම මින්හෝ දිහා බැලුවේ හරි අමුතු බැල්මකින්..හැබැයි මින්හොටනම් ඒ ගැන දැනුණේ පුoචි සතුටක්...මින්හෝ රැජිණ එයා වෙනුවෙන් කරන පුoචි දේවල් වලින් පවා හරියට සතුටු වුණා...

මින්හෝගෙ ඇස්  එකපාරටම හැරුණේ පහළ මිදුළේ හිටගෙන හිටපු හාජින් දිහාවට.....

"ආහ්....මෝඩාච්චි...."

කියලා මින්හෝ උඩ පාළමේ ඉදලා හාජින්ට අතවැනුවා..මින්හෝ හාජින් දිහා හිනාවෙලා බැලුවම හාජිනුත් මින්හොට පුoචි හිනාවක් දාලා අත වැනුවේ හිනා නොවී බැරි කමට...
___________

මොහොතකට පෙර~ 🌺
( රැජිණ මින්හෝ කතා බහ අතරතුර)

"මේ, අර බලන්නකෝ..... "

එහා ඉවුරේ හාජින් එක්ක බඩු වගයක් අරන් ගිය සේවිකාවෝ තුන්දෙනාගෙන් එක්කෙනෙක් කිව්වේ රැජිණයි මින්හොයි පොකුණ ළඟ කතා කරනවා දැකලා...

"කොහෙද...? "

කියපු අනික් සේවිකාවෝ වටපිට බැලුවා..

"අර...

කියලා ඒ සේවිකාව ටිකක් ඈත පාළම උඩ හිටපු මින්හොවයි රැජිණවයි ඇස් වලින් පෙන්නුවා.ඒත් එක්කම හාජිනුත් ඒ දිහාවට හැරුණා...

"හැමෝම කියන කතා බොරුවක් නෙමෙයි එහෙනම්....."

"ඔව්...බොරු නෙමෙයි තමා...මමත් කීපවතාවක්ම දැක්කා ඒ දෙන්නා කතා කර කර ඉන්නවා...."

"රැජිණ එහෙම කා එක්කවත් වැඩිය කතා කරන්නේ නැහැනෙ නේද..."

"අනේ මන්දා....ඔය කතාකරන්නෙ ඉතින්.."

"ඒ දෙන්නා අතර මොකක් හරි සම්බන්ධයක් තියනවද...."

"පිස්සුද....? අනුස්මරණ ශාලාවේ සිද්ධියේ අපරාධකාරයෙක්නේ එයා..."

පාලිකාවෝ තුන්දෙනා එක එක ඒවා කිය කිය කතා කරන අතරතුර හාජින් කළේ බිදුණු ඇස් වලින් මින්හොයි රැජිණයි දිහා බලාගෙන හිටපු එක..මින්හෝ රැජිණ දිහා බලලා ලස්සනට හිනාවෙද්දි හාජින්ට කියාගන්න බැරි මොකක්දෝ දුකක් දැනෙන්න ගත්තේ එයාගේ පාලනය එයාට අහිමි කරවමින්...

මේ හිනාව දැක්කම ඉස්සර එයා දිහා බලලා මින්හෝ හිනාවුණ විදිහ හාජින්ට ඉබේටම මතක් වෙන්න ගත්තා..මින්හොට නොකිව්වත් ඇස් හංගන ඒ හිනාවට හාජින් හුගක් ආස කළා...

"ඒයි...
සේවිකාවක් හාජින්ට කතා කළේ එයාගේ අවධානේ බිදින ගමන්...

ඔය රැජිණ එක්ක  කතා කර කර ඉන්න කෙනා, ඔයාත් එක්ක නේ දඩුවම් සේවයට මාළිගාවට ආවේ...ආහ්..."

"ම්ම්...."

කියපු හාජින් ආපහු මින්හෝ දිහාවට ඇස් හැරෙව්වා...

"අහ් එයා රැජිණ එක්ක ආශ්‍රිය වැඩි නිසා තමා මෙයාලටත් දැන් ටිකක් නිදහස ලැබිලා තියෙන්නේ..."

මින්හෝ රැජිණගෙන් ඉල්ලීම් කරපු නිසා දඩුවම් සේවය ලැබිලා ආව මුල් කාලයට වඩා දැන් හාජින්ටන්ලට ටිකක් නිදහස ලැබුණා...හැබැයි ඒ ගැන සමහර අයනම් නම් එච්චර සතුටු වුණේ නැහැ....

"අපිට මොකටද අනුන්ගේ දේවල්...එයා රැජිණ ගැන තාම හරියට දන්නේ නැතුව ඇති.."

ඒ සේවිකාව කිව්වේ මින්හො දිහා බලලා සමච්චල් හිනාවක් දාලා..රැජිණ කියන්නේ
ඔය පේනවට වඩා හුගක් වෙනස් චරිතයක් කියලා මුළු මාළිගාව දැනන් හිටියා...

"අනේ ඔව්...ඕවා ගැන කත කරලා අපිටත් රැජිණගෙන් කඩු පාර තමා කන්න වෙන්නේ..."

එක සේවිකාවක් කිව්වේ මූණ අකුලගෙන.

"ඔව් ඔව්...... හරි හරි අපි යමු...."

කියලා සේවිකාවෝ තුන්දෙනා ආපහු මින්හෝ රැජිණ දිහා බලලා යන්න හැරුණා...

"යාහ්.....ඔයා එන්නේ නැත්ද....."

කෙනෙක් හාජින් දිහා බලලා කතාකළේ හාජින් ,රැජිණයි මින්හොයි දිහා එක් එල්ලේ බලාගෙන ඉන්නවා දැකලා..ඒ කතා කළත් කිසිම ප්‍රතිචාරයක් නැතුව හාජින් දිගටම මින්හො දිහා ඇස් අමුතු කරගෙන බලාගෙන හිටියේ එයාට දැනුණ අමුතු හැගීම තේරුම් ගන්න බැරුව...

__________________________________________

@මාළිගාව
පාලිකා ශාලාව...~🏵️

"ඔය විදිහටම තව විනාඩි පහළොවක් විතර ඉන්න...."

මින්හෝ කිව්වේ මූණට අලේපයක් ගාගෙන වාඩිවෙලා විවේක ගන්න සෙබළියො ළගට ගිහින්..

"හොදයි අපි ඉන්නම්..."

පේළියට වාඩිවෙලා මූණ උඩට හරවන් හිටපු සෙබළියෝ හැමෝම වගේ එකහඩට කිව්වෙ කට කොනින් හිනාවෙලා..

හැමෝම හරියට සතුටු වුණා හැමවෙලේම  සටන් පිටියේ ඉන්න එයාලගේ මූණ අවපැහැ ගැන්වෙන ප්‍රශ්නෙට මින්හොගෙන් රූපලාවණ්‍ය විසදුමක් ලැබුණ එකට...🤭
මින්හෝ අනාගතෙන් ආව නිසාත් කලින් ජිමින් හැඩකාර ගායකයෙක් නිසාත් එයා දන්න හැම ලස්සන වීමේ ක්‍රමයක්ම වගේ සෙබළියන්ට කියලා දුන්නා...

"ඇත්තටම චං මින්හෝ ඔයානම් පුදුම කෙනෙක්...
මට හිතාගන්නවත් බෑ මගේ මූණ ආපහු සාමාන්‍ය පෙනුමටම ඇවිල්ලා..."

කණ්නාඩිය ඉස්සරහ වාඩි වෙලා හිටපු තවත් පොඩි සෙබළියක් කිව්වේ එයාගේ මූණ කණ්නාඩියෙන් හොදට බල බලා...

"ඒකනේ මම කිව්වේ....."

මින්හොත් ඒ ගෑනු ළමයා දිහා බලලා හිනාවුණා..හැමෝටම තමන්ට පුළුවන් විදිහට උදව් කරන්න ලැබුණ එක ගැන මින්හෝ හිටියෙ හුගක් සතුටින්..

"අනේ ගොඩක් ස්තූතියි ඔයාට..."

" අනේ ඔව් මම කීපවතාවක්ම එක එක දේවල් මූණට ගෑවත් කිසි ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ....ඔයාට ගොඩක් ස්තූතියි.."

තවත් කෙනෙක් කිව්වා...

"මං මේ වගෙ වට්ටොරුවක් ගැන කලින් අහලවත් තිබුණේ නෑ..."

සතුටට ඒ ගෑනු ළමයින්ට කෑගැහුණේ නැතිඑක විතරයි..මාළිගාවට අලුතින් බැඳුණ සෙබළියො විසිදෙනෙක් විතර මින්හොගෙ මේ රූපලාවණ්‍ය වැඩේට සම්බන්ධ වුණා....

"හරි...ඔයාලට උදව් කරන්න ලැබුණ එක මටත් සතුටක්...😉"

කියපු මින්හෝ , එයාලව පහු කරගෙන තවත් සෙබළියෝ කීප දෙනෙක් ළගට ගියා..එදා පුස්තකාල ශාලාවේ මින්හෝ එක්ක සෙල්ලම් කරපු පුoචි පාලිකාවො කීපදෙනාත් මින්හොගේ මේ වැඩේට එක එක ආලේපන හදන්න උදව් කළා..

"සූබිනා මෙයාව පොඩ්ඩක් බලන්නකෝ..."

සෙබළියකගේ මූණකට රෝස මල් පෙති ඇතිරුව සේවිකාවක් කිව්වේ අයිනේ ආලේපන වගයක් හද හදා හිටපු අනික් සේවිකාව දිහාවට හැරිලා...

"හොදයි..ඉන්න එන්නම්...."

කියපු සූබින් ,එයාට කතා කරපු සේවිකාව ළගට ඇවිත් එයාට උදව් කළා...

හැමෝම හිටියේ මේ රූපලාවණ්‍ය පුහුණුව නිසා හරි සතුටින්...

⭕@සටන් පිටිය~_________________

රාජකාරියකට සටන් පිටිය ළගින් ගිය යොන්හායි , ලීචිංනුයි දෙන්නා ෂිනුයි රැජිණයි කඩු  සටන් පුහුණු වෙන දිහා මොහොතකට නැවතිලා බලාගෙන හිටියේ ඇස් දල්වගෙන..

එතනින් යන ඕනම කෙනෙකුගේ ඇස් ඇදගන්න තරම් රැජිණගේ පෙනුමෙ වගේම ෂින්ගේ සෙබළ පෙනුමෙත් තිබුණේ ලොකු තේජසක්..හැම නිළධාරියෙක්ම වගේ රැජිණගෙ ඒ ලස්සනට වශී වෙනවා නොඅනුමානයි..

නමුත් යොන්හාගේ ඇස් තිබුණෙනම් ෂින් ළඟ නැවතිලා..ඒ නපුරු ඇස් වල මොකක්දෝ අමුතු සුන්දරත්වයක් යොන්හා ෂින්ගෙන් දැක්කා...

"එහෙනම් ඔබතුමිය හෙට පිටත් වෙනවා නේද...?"

"ඔව්...ෂින්, ඔයා තමා මාළිගාවෙ කටයුතු ගැන හොදට වග බලාගන්න ඕනි...
ඇමතිවරුත් ධූත ගමනක නිස ඒක ඒතරම්ම අපහසු වෙන එකක් නැහැ.."

රැජිණ කිව්වේ කඩුව කරකවලා තවත් කඩු පාරක් හසුරන ගමන්...

"හොදයි..."

කියපු ෂින් කඩුව රැජිණගේ කඩුවට ප්‍රිතිවිරුද්ධව දකුණින් හැසිරෙව්වා....

"මහ ඇමති ගැන විශේෂයෙන් විමසිල්ලෙන් ඉන්න...

රැජිණ ෂින්ට ඉස්සර වුණා...

විස්තර වල විදිහට මෝයාගේ මරණෙට නිර්ණාමික කණ්ණාඩයමක් සම්බන්ධයි...
උන්ටනම් මගෙන් කිසි සමාවක් ලැබෙන්නේ නෑ..."

"ඔබතුමිය කොහොමහරි රතුලිපිය ගැන විස්තර හොයාගන්න..මට පුළුවන් මාළිගාවේ කටයුතු ගැන බලාගන්න...."

"ෂින් ඔයා වගේ සහෝදරියක් ලැබුණ එක ඇත්තටම මට ලොකු දෙයක්..."

කියලා කඩු පාරෙ සැර බාල කළේ එයාට ෂින් සැනසීමක් වුණා වගේ කියන්න...

"මීට අවු. කීපයකට කළින් ඔයා මට කරපු උදව් වලට මම මෙහෙම ණය ගෙවලා මදි...."

"ඔයා මට කවදාවත්ම ණය නැහැ ෂින්.."

රැජිණ ෂින් දිහා විශ්වාසවන්ත බැල්මක් හෙළුවා...

"ඔබතුමිය හුගක් දියුණුවෙලානේ.."

ෂින් කිව්වේ රැජිණ ෂින්ගේ හැම කඩුපාරකටම ප්‍රතිවිරුද්ධ කඩුව හොදින්  හැසිරුව නිසා...

"ඔයාත් ෂින්...ඔයාගේ සමහර ඉරියව් එහෙම හුගක් දියුණු වෙලා..."

"ඒත් මට වඩා ඔබතුමිය තමයි දක්ෂ..."

ෂින් කිව්වේ හීන් හිනා රේඛාවක් මූණේ ඇදගෙන..කලාතුරකින් හීන් හිනාවක් ඇරෙන්න රැජිණ වගේම ෂිනුත් ඒ තරම්ම හිනාවුණේ නැහැ...

"දැන් විවේක කාලය ඉවරියිනේ...නමුත් තාම ඇයි සෙබළියෝ පුහුණු වීම් වලට ආවේ නැත්තේ..."

කඩුව හසුරන ගමන් ෂින් කිව්වෙ සටන් පිටියට ඇතුළ්වෙන තැනට ඇහැ යවලා..

"ඒක තමයි මේ මමත් බැලුවේ...."

කියපු රැජිණත් පිටියේ ඉස්සරහට ඇහැ ගෙනිච්චා...

"රැජිණියනි!!...රැජිණියනි !
රැජිණියනි..."

රැජිණගෙයි ෂින්ගෙයි කඩුපුහුණුව එකපාර නතර වුණේ පාලිකා හන් කෑගහහෙන එතනට කලබලෙන් එනවත් එක්ක...

"හන් පාලිකාව කුමක්ද කලබලය..."

රැජිණ ඇහුවේ ප්‍රශ්නාර්ථ මූණක් මවාගෙන..

"රැ...රැ...ජ්...ජිණියනි..., ච්..චං මින්හෝ  නවක සෙබළියන්ට..."

චං මින්හොගෙ නම අහපු ගමන් මින්හෝ ආපහු ගැටළුවක් ඇතිකරලදෝ කියලා ෂින්ගේ මූණ අදුරු වෙලා ගියා...

"මොකක්ද...?"

"චං මින්හෝ  නවක සෙබළියන්ව..."

කියලා පාලිකා හන් කතාවට මුළ පිරුවේ හති අරින ගමන්..මාළිගාවේ මීට කළින් මෙහෙම දෙයක් නොවුණ නිසා පාලිකාව හිටියේ හොදටම කලබල වෙලා...

ඒ කතාව ඇහුවා විතරයි රැජිණයි ෂිනුයි මූණට  මූණ බලාගත්තේ මාළිගාවේ මෙහෙම දෙයක් වුණ පලවෙනි වතාව නිසා..

"දැන් මගේ මූණ ලස්සන වෙලා නේද...?"

සෙබළියක් මින්හොට එයාගේ මූණ පෙන්නුවා...

"ඔව්..." මින්හෝ කිව්වේ හිනාවෙලා...

"අනේ....මට හරිම සතුටුයි..."
සෙබළිය එයාගේ සතුට පිටකළා...

"චං මින්හෝ මොකක්ද මෙතන වෙන්නේ.."

එකපාරටම පාලිකාවෝ පිරිවරාගෙන රැජිණ එතනට ආවම ශලාවේ හිටිය හැම සෙබළියක්ම සේවිකාවක්ම වගේ ඇස් උඩ ගියා...

"අහ් රැජිණිය..ඔබතුමිය..."

මින්හෝ කිව්වේ දොර ළඟ ඉන්න රැජිණ දිහා බලලා...

"රැජිණියනි , සේනාධිපතිනියනි..."

කලබල වුණ පාරට මූණෙ තිබුණ ආලේපන පිටින්ම සෙබලියො ආචාර කළා...

"මට මෙතන වෙන දේ පැහැදිලි කරන්න පුලුවන්ද...."

හන් පාලිකාව ඇහුවේ සේවිකාවෝ දිහා ඔරවලා බලල...

"අපි මේ...රැජිණියනි අපි මේ.."

"ඔය මොනවද මේ මූණේ ගාලා තියෙන්නේ...
සූබින් මොකක්ද මෙතන වෙන්නේ..."

හන් පාලිකාව ආපහු සැර වුණා...

"නෑ..මේ ඔය ආලේපනයක්..."

"ආලේපනයක්...??" හන් පාලිකාවගේ ඇස් ලොකු වුණා...

"ඔව්....."

කියපු මින්හෝ රැජිණ දිහාවට හැරුණේ අතින් මූණ පිහදාන ගමන්...

"මේ අහන්න රැජිණ , ඔයා හිතනවා වගේ දෙයක් මෙතන සිද්ධ වුනේ නෑ...
මම මෙයාලට  උදව් කළා විතරයි..
මට ඕන වුණේ මෙයාලට උදව් කරන්න.."

"තමුන්ලා කොහොමද මෙහෙම..."

ෂින් හිටියේ සෙබළියෝ එක්ක හොදටම කේන්ති ගිහින්...

"අපිට සමාවෙන්න සේනාධිපතිනියනි...
අපි දැන්ම සටන් පිටියට එන්නම්.."

සෙබළියෝ බිම බලාගත්තා...

"හැමෝම මුළින් ඔයාලගේ මේ වැඩෙ ඉවර කරලා පිරිසිදු වෙලා ඉන්න..."

රැජිණ පුoචි හිනාවක් දලා කිව්වේ හරි සන්සුන් විදිහට..සෙබළියෝ මෙහෙම බූතයෝ වගේ මූණු ආලේප කරගෙන හිටපු විදිහට රැජිණට පුoචි හිනාවක් ගියා..

"ඈහ්..." මින්හෝ ප්‍රශ්නාර්ථ බැල්මක් දැම්මේ ඇස් ලොකු කරගෙන...

"චං මින්හෝ ඔයත්...."

රැජිණ කිව්වේ මින්හොගේ මූණෙත් ආලේපන වලින් සුදු පාට ඉරක් ඇදිලා තියනවා දැකලා..මින්හොගේ මේ අමුතු කෝළම් වෙලාවකට රැජිණට හරි අමුතු හැගීමක් දැනෙව්වා....

ආපහු මින්හෝ දිහා බලලා පුoචි හිනාවක් දාපු රැජිණ ,එතනින් යන්න ගියේ හැමෝම හොදටම පුදුම කරවලා..කවදාවත් හිනානොවෙන රැජිණගේ එකපාරට වුණ මේ වෙනස් වීම හැමෝවම හොදටම පුදුම කළා..

"එ..එයා ඒ හිනාවුණාද....?"

මින්හෝ ගල් වෙලා වගේ ඇස් ලොකු කරගෙන පාලිකාවක්ගෙන් ඇහුවේ රැජිණගෙ ඒ  ලස්සන හිනාව එයාගේ හදවතටම දැනුණ නිසා..

__________________________________________

ඊළග කොටසින් හමුවෙමු 🌹

මෙය හුදෙක් මන:කල්පිත කතාවක් පමණි!

🏵️දැන ගැනීමට -

✅* ඕෂින් යනු ශියෑන් රාජධානියේ ප්‍රදේශ පහෙන් එකකි...(පෙර කොටසකද සදහන් වූවා)

*ඩෝයූන් - වර්තමානයේ ජින්ගේ රූපේ අතීත රූපය...

යොන්හා - වර්තමානයේ හොබී රූපේ අතීත රූපය...

ලී චිo - වර්තමානයේ යූන්ගිගේ රූපේ අතීත රූපය...

චoසොන් - වර්තමානයේ ජන්ග්කුක්ගේ රූපේ අතීත රූපය...

✅සැ: යු : මේ කතාව කියවනකොට පරණ කොරියානු රාජධානියක් මවාගෙන කියවන්න...ඒක ඔයාලට හුගක් පහසු වෙයි...🌟

දිග වැඩියිනේ ළමයි..😬😬 සොරි වෙන්න ඕනී...🤧

අදහස් , අඩුපාඩු කියන්න...ඔයාලගෙ අදහස් මට හුගක් වටිනවා❤️🌷

ලයික්, කමෙන්ට් , වෝට් කරන හැමෝටම කුමාවෝ😍🌹❤️

සරන්හේ💜

දිගටම කතාව එක්ක ඉන්න 🌹❤️

#dinu

Continue Reading

You'll Also Like

12.5K 2.7K 20
අහසට ගැබ් කරමි මා කඳුලු...☁️☁️☁️☁️☁️ ඉතිං... නොහඬනු මැනවී..... 🌧️🌧️🌧️🌧️🌧️ Story cover by : @hosophile
52.7K 9.6K 24
"Hello!!" "කොහොමද ඔයාට මගේ number එක හම්බුනේ" Sorry babe, ඒකනම් රහසක්" Original story belongs to author Jinshipai - So all the credits of this story...
461K 31.4K 47
♮Idol au ♮"I don't think I can do it." "Of course you can, I believe in you. Don't worry, okay? I'll be right here backstage fo...
1.6K 273 16
මාලිගාවක් නේද?🏰 ඒකනේ මං කිව්වේ බොරුද?එයා මායාකාරියක්..🧙 අර වයසක ගෑනි මගෙ ඕඩිව ගෙම්බෙක් කරලා සුප් හදලද දන්නෑ..🦴 මේ වුන දේවල් නිකන් ෆිල්ම්ස් වල තියෙ...