My powerless Hero || Complete...

Bởi nethu_chimmy

2.7K 580 264

ඇයි හියුන් මට අමතක වුනේ ඔයාටත් කවුරුත් නෑ නේද කියලා ඇයි මට හිතුන් නැත්තෙ ඔයාටත් පාලු ඇති නේද කියලා ඇයි මට බැ... Xem Thêm

Chapter 1
chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
A/N
Gifts 💜

Last chapter

445 81 81
Bởi nethu_chimmy

යාහ් ජන්කුකා නැගිටිනවා. අද ඔෆිස් යන් නැද්ද මනුස්සයෝ. දෑන් අටත් පහු වෙලා.

අනේහ් තව ටිකක්.....
උදේ පාන්දර හියුන්ගේ සද්දෙට යන්තම් ඇහැරුණු මම නිදිමරගාතෙම කිව්වේ තව ටිකක් නිදා ගන්න ඕනි නිසා.උදේ පාන්දර හීතලේ බෙඩ්ෂීට් එක අස්සේ ගුලි වෙලා නිදාගන්න තරම් සැපක් වෙන කොහෙවත් නෑ.

කෝ කෝ නැගිටින්න කුකී.දැන් ඇති ඔය

කොහෙද මේ හියුන්ග් එක්ක බෑනේ. සසර පුරුද්දටද කෙහෙද ජිමිනි හියුන්ට පාන්දර හය වෙද්දී ඇහැරෙනවා.දැන් ඊටත් කලින් නැගිටිනවා.යුමී නූනා වැඩට යන්න කලින් එයත් එක්ක හුරතල් වෙන හියුන් එයා ගියාට පස්සේ මගේ ලව් එකට බාල්දි පෙරලනවා.

අනේ හියුන් කුචු කවන්න එපා අනේහ්

අදත් පටන් අරන් සුපුරුදු රාජකාරිය.මන් නැගිටින් නැති බව හොදටම දන්න හියුන් මාව ඇහැරවන්න ඕනි කමට බඩ කුචු කවනවා. මාත් ඉතින් බෝලේ වගේ පෙරලිලා ඇදේ එහා කෙරෝලට ගියේ හියුන් කුචු කවනකොට ඉන්න බැරි නිසා.හියුන් ඇද වටේ රවුමක් ගිහින් ආයෙම මගේ පැත්තට ඇවිත් ආයේ මාව කුචුකවනවා.ආයෙත් බෝලේ වගේ පෙරලිලා ඇදේ අනිත් පැත්තට ගියාම ආයෙත් ඇද වටේ රවුමක් ගිහින් මන් ගාවට ආවා.හැම උදේම හියුන් මේ වගේ ට්‍රිප් එකක් යවන එක දැන් මට පුරුද්දට ගිහින්

යාහ් නැගිටින්න අනේ.මගේ අත් දෙකත් රිදෙනවා දැන් මේක කරකෝලම.

හියුන් කියන දේ ගානකට ගන් නැතුව මම නිදිවගේම හිටියා.ටික වෙලාවකින් සද්දයක් නැති පාර ලාවට ඇරගන ඉදිය ඇහැ තව ටිකක් ලොකු කරලා බැලුවේ මොනාද කරන්නේ කියලා. නිදි වගේ හිටියට හොරාට ඇහැ කොනෙන් බලාගන ඉදියේ මොනාද කරන්නේ කියලා.අලබෝලේ වගේ පෙරලුනොත් කාට කියන්නද??

ඇදේ එක පැත්තක් අල්ලගෙන එයා හිමීට නැගිටින්න හදනවා. නැගිටින්න හදන පාරක් ගානේ ආයේම වීල්චෙයාර් එක උඩට වැටෙන හියුන් දිහා මට තව වෙලා බලාගෙන ඉන්න බැරි වුණා. ඇදෙන් නැහිටිලා ඇවිත් හියුන්ව ඇද උඩින් වාඩි කරපුවාම එයා මන් දිහා බලලා අහිංසක විදියට හිනා වුණා.

මාව බලාගත්තට කුමාවෝ කුකී.මන් ඔයාගේ හියුන් වෙලත් ඔයාට සිද්දවුනා මාව බලාගන්න
ඒ මූණේ ඇදිලා තිබ්බේ වේදනාත්මක පසුතැවීමක්

ඔයාව බලාගත්තට නෙවෙයි හියුන්. මම හැමදාම ඔයාව බලාගන්නවා.සදහටම...

ඒක නෙමෙයි,යුමී නූනා හොස්පිට්ල් ගියාද?
කතාව වෙන පැත්තකට හරවන්න ඕනි නිසා මන් ඇහුවේ නූනා ගැන.හියුන් හිතත් ඉන්නේ මට එයාව බරක් කියලා,ඒත් මගේ ජීවිතේ මන් ගැන ඕනවටත් වඩා හොයලා බලලා,මාත් එක්ක ඉදපු මනුස්සයා මට බරක් නෙවෙයි කියලා ඔයා තේරුම් ගන්නේ කවද්ද හියුන්??

හ්ම්ම් ගියා..අද කලින් එනවා කිව්වා කොහෙද යන්න ඕනි නිසා.

ඕහෝඕඕඕ ඒමද? හාකෝ හාකෝ දිමින්සී...
හියුන්ව අවුස්සන ඕනි නිසා මාත් චාටර් හිනාවක් දාලා කුස්සියට ආවේ උදේ පාන්දර මගේ මිල්ක් එක හොයාගෙන....නිකම්ම මිල්ක් නෙවෙයි...ඒවා බනානා මිල්ක්.......

යාහ් අක්කයි මල්ලියි මාව කොහේ උස්සන් යන්නද හදන්නේඒඒඒ????
හියුන් කාමරේ ඉදන් යටිගිරියෙන් කෑගහන එක ගානකට නොගෙන මම කිචන් එකට ආවා....
.
.
.
.
.
.
.
.
.
.
.
.
උදේ කෑම ගන්න ගමනුත් මගේ හිත තිබුණේ වෙනම කල්පනාවක, ජීවිතේ කිසිම විදිහට නොහිතපු කෙනෙක් නිසා අද අපේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා...

ඒ වෙන කවුරුත් නෙවෙයි යුමී නූනා.....

එදා ටේහියුන් කිව්වා වගේම අපේ ජීවිතවලට ආයෙම හිනා වෙන්න පුලුවන් කාලයක් ඇවිත්...හැම කෙනාම එකවගේ නෑ..මේ ලෝකේ ඉන්න මිනිස්සු තේරුම් ගන්න අපිට කාලයක් යනවා..ඒ තේරුම් ගැනීම හරි විදිහට ඉක්මනට කරපු කෙනා දිනුම්...

එහෙම නැති වුනොත් අපිට පරදින්න වෙනවා....

දෙවනි අවස්ථාවක් ලැබෙන්නේ කලාතුරකින්.....

එදා නූනා හියුන්ට ආදරෙයි කිව්ව දවසේ මම තරම් සතුටු වුණ කෙනෙක් තවත් නැතුව ඇති..ඒත් මම බය වුණා..ඒ අහිංසක හිතට තව හිතක් ලං කරන්න.මොකද මම හොදටම දැනගෙන ඉදියා හියුන් එයාගේ හිත හදාගන්න විදපු දුක....ඉතින් මේ පාරත් ඒ හිත බිදුනොත් ,

ආයෙම හදාගන්න අමාරු බව මම හොදටම දැනගෙන ඉදියා....




නූනා ඔයා හියුන්ට ආදරේ කරන්නේ ඇත්තටම නේද? ඔයත් ආදරේ සල්ලිවලට නම් ගන්න හදන්නේ, ප්ලීස් ඒක නතර කරන්න...මේක තව දුර නොයවා මෙතනින් හැරෙන්න
ආයෙත් පාරක් ඒ හිත රිදෙනවා බලන්න බැරි නිසයි මම ඉක්මන් වුණේ..කලින් වුණ වැරැද්ද ආපහු සැරයක් වෙනවා දකින්න මම කැමති නෑ..ඒක නිසාමයි මම මේක ගැන නූනා එක්ක කතා කරේ..

දන්නවද කුක්, මම ජිමින්ට ආදරේ කරේ එයා Park industry එකේ CEO කියලා නොදැන , මන් ආදරේ කරේ සල්ලිවලට කියලා හිතනවනම් මන් ආදරේ කරපු ජිමින්ගාව සල්ලි තිබ්බේ නෑ...ඒ ජිමින් ගාව තිබ්බේ හරි අහිංසක හිතක් , ඇස් දෙක හීනිවෙලා යන ලස්සන හිනාවක් හැමෝවම සනසවන්න පුලුවන් ආදරණීය අදහස්.....මන් ආදරේ කරේ ඒවට කුක්. ඒ අහිංසකකමටයි මන් ආදරේ දුන්නේ.....

ඇත්ත....හියුන් යුමී නූනා ගාවට යනකොට හියුන්ගේ නමට තිබ්බ properties කොයිතරම් ද කියලා හියුන්වත් නොදන්නවා ඇති , මන් මේ කම්පැණි එක ගෙනාපු දුර මටවත් හිතාගන්න බැරිතරම්......ඒත් ඒ කිසි දෙයක් හියුන් දන්නේ නෑ.....

නූනාට හියුන්ව අතාරින්න හේතු දාහක් තිබ්බා. යුමී නූනා දන්න ජිමින් කියන්නේ ,

තමන්ගේ කලින් ආදරේ නිසා හිත බිඳුණු මානසික රෝගියෙක් ......

කකුල් දෙකෙන් හිටගන්න බැරි අබ්බගාතයෙක්.......

යුමී නූනා කියන්නේ උගත්, වැදගත් ලස්සන වෛද්‍යවරියක්.....

ඉතින් කෙල්ලෙක් විදිහට දාහක් හේතු තිබ්බා නූනට හියුන්ට ලං නොවෙන්න. සමාජේ වැදගත් රස්සාවක් කරන නූනට හියුන්ට වඩා හොද කෙනෙක් හොයාගන්න ඕනතරම් අවස්ථාව තිබ්බා...
ඒත් ඒ දාහක් හේතු අතරේ නූනා එක ලස්සන හේතුවක් හදාගත්තා ආදරේ කරන්න.....

ඒ හියුන්ගේ මනුස්සකම.........

"පහුවෙලා හරි ඒ ජීවිතේට ආයෙමත් වසන්තය ආවා. මොකද මනුස්සයෙක් විදියට අපි ලෝකෙට දෙන්නේ හොදක් විතරක් නම් අපිට ආපිට ලැබෙන්නේ හොදක්ම විතරයි...........❤"
.
.
.
.
.
.
.
.
.
.
______________________

හියුන් ඔයා ලෑස්තිද???මොකක්ද අනේ මනමාලි වගේනේ මෙයා, අර නූනත් ලෑස්ති වෙලා දැන් කොච්චර වෙලාද???අනික අපි පාර්ක් එකට යන්නේ වෙඩින් එකකට නෙමෙයි , නූනා ඔයාට වෙඩින් එක දවසට හියුන්ව ගෙනියන්න මහ පාන්දර ඉදන් අන්දන්න වෙයි හොදේ.....

හරි හරි කුක්කෝ මේ එනෝඕඕඕඕ

හියුන් එක්ක ගමනක් යනවා කියන්නේ ඉතින් මගේ වචනෙන් කිව්වොත් පට්ට ගේමක්,කෙල්ලක්ට වඩා හපන් මෙයාව ලෑස්ති කරන් ගෙදරින් එලියට ගන්න එක. සෙක්සි , කියුටි , ලව්ලි එකපාර වෙන්න හදනවා...

මොකද මොකද මේ අයියා මලෝ දෙන්නා කෑගහන්නේ ආ.මට කිචන් එකට ඇහෙනවා දෙන්නගේ සද්දේ...!
නූනා ගෙනියන්න හදාගත්ත කෑම ටිකත් අරන් ලිවින් රෑම් එකට ආවේ අපි දෙන්නටම බැණ බැණ

මම නෙවෙයි නූනා මේ අලමෝචි එක්ක තමා බැරි.හුම්

ආ මන් මොකක්ද කරේ මේ තඩිහාවා තමා බොරුවට කෑ ගහන්නේ.

ඒත් හියු--

ආ හරි හරි දැන්වත් යමුද?නැත්තන් පාර්ක් එක වහපුවාම තමා යන්න වෙන්නේ..?
මගෙයි හියුන්ගෙයි වලිය තව දුර ඇදෙන්න කලින් නූනා ඒක නැවැත්තුවා. ඇත්ත දැන් තුනත් පහුවෙලා..පහහමාරට ඒක වහනවා...දැන්ම නොගියොත් නටලා කරලා එන්න තියන චාන්ස් එක නැතිවෙන්නේ....
.
.
.
.
.
.
.
.
.
.
.

අදත් එදා වගේමයි...
මෙතන මේ පාර්ක් එකමයි....

එදා වෙච්ච සිද්ධියෙන් පස්සේ මට මෙතනට එන්න හිතේ ලොකු දෙගිඩියාවක් තිබ්බා..ඒ නිසාමයි හියුන්ගේ රෝද පුටුව අල්ලගෙන ඉදපු මගේ අත තවත් තද වුණේ..ඒත් අද මට බයවෙන්න දෙයක් නෑ...අලමෝචි ගේ ශක්තිය මම වගේම යුමී නූනත් අද එයත් එක්ක ඉන්නවා..

හියුන්ට නම් මේ ලෝකේ සිහියක් නෑ පාර්ක් එකේ ඉන්න පොඩි එකාගේ ඉදන් වයසක ආච්චි වෙනකම් හැම එකාටම සිරික්කිය දානවා...අනේ අම්මපා මේ පාර්ක් එකේ ඉන්න අම්මණ්ඩිලටත් ගානක් නෑ ඇස් ගහනවයි, හිනා වෙනවයි එතන එකම විකාරයයි....

ඒ හැමෝටම හියුන් ලස්සන හිනාවකින් සංග්‍රහ කරනකොට මගෙනුයි නූනගෙනුයි ලැබුණේ ආත්මයම සීතල වෙන කට පුරෝපු රැවිල්ලක්......

බැරිම තැන නූනා අතේ තිබ්බ කෑම පාර්සල් ටික හියුන්ගේ උකුල උඩින් තියලා හියුන්ගගේ ෂර්ට් එකේ පන්නපු බොත්තම් ටික බෙල්ල මුලට වෙනකම්ම දැම්මා.හොද වැඩේ, දැන්නම් හුස්ම ගන්නත් බැරුව ඇති...

අපි දෙන්නගේ රැවුම් ගෙරවුම් මැදින් ඉස්සරහට යනකොට අදත් එයා ඉදියා...

ඒත් වෙනදට රතුම රතු පාටට දිලිසෙන තොල් අද සුදුමැලි වෙලා,

වෙනදට ඇගටම හිරවෙන ඇදුම් වලින් ඕනවට වඩා විවෘත වෙලා තිබ්බ ඇග අද යටිපතුල් වෙනකම් දිග සායකිනුයි, වැලමිට හරියට විතර වෙන බ්ලවුස් එකකිනුයි වහගෙන ඉදියා.....

එක එක පාටින් පාට කරලා තිබ්බ කොණ්ඩේ කලුපාටට හැරිලා ගොතපු කොණ්ඩේ පිට දිගේ බේරිලා තිබ්බා....

බැහැගෙන යන ඉරඑලිය ඒ මූණට වැටිලා තව තවත් දුර්වල වෙලයි පෙනුනේ.....

එයාමද කියලා අඳුරගන්න බැරි විදියට සේරි නූනා වෙනස් වෙලා ගොඩක්.........

මෙච්චර වෙලා හන්ගඟ දිහාවට හැරිලා තිබ්බ ඇස් අපි හරහා යනකොට ගැස්සෙනවා මම හොදටම දැක්කා.....

ඒක රිදෙන්න ඇති,

හියුන්ගෙන් ලැබුණු සැර කම්මුල් පාරකට වඩා ඒක රිදෙන්න ඇති....

හියුන්ගෙන් ලැබුණු තද බැනුමකට වඩා ඒක රිදෙන්න ඇති.....

එයාගේ ඇස් ඉස්සරහ තියන මේ දර්ශනේ එයාට රිදෙන්න ඇති....
සේරි නූනාගේ ගැස්සුණු ඇස් ඒකට සාක්ෂියි..

මොකද එයා අනාත කරලා ගිය හිත අද අනාත වෙලා නෑ. හියුන්ගේ මේ පවුල එයාව අනාත කරලා නෑ.ඉතින් නූනට රිදෙන්න ඇති....මොකද

"අපිට රිද්දන්න කෙනෙක්ට දෙන්න පුලුවන් හොදම දඩුවම එයාලා හීනෙකින් වත් නොහිතන අපේ සාර්ථකත්වය......."

සේරි නූනා හිමීට අපේ පැත්තට ඇදුණා..මොන දේ වුනත් ඔයාව තනි නොකරන්න හිතාගෙන මගේ අත හියුන්ගේ වීල්චෙයාර් එකට තද වුණේ යුමී නූනත් මන් දිහා බලාගෙන ඉද්දි..හිමීට අපි ගාවට ආපු සේරි නූනා හියුන්ගේ වීල්චෙයාර් එක ඉස්සරහ දණ ගහගත්තා.

එකපාරට හියුන් මෙහෙම දෙයක් බලාපොරොත්තුව නොවෙන්න ඇති. හියුන්ගේ ලොකු වුණු ඇස් අපි දිහාවට හැරෙද්දි යුමී නූනයි ,මායි දෙන්නම ඔලුව වැනුවේ හියුන්ව සන්සුන් කරන්න...

මට සමාවෙන්න ජිමින්. මට ඇත්තටම සමාවෙන්න. මම මෝඩ වුණා, හැමදේම තේරුම් යද්දි මම හොදටම පරක්කුයි. මන් අතින් සිද්ධ වුණේ හදාගන්න පුලුවන් විදිහේ වැ‍රැද්දක් නෙවෙයි .ඒකට මන් අද විදවනවා....මුළු ආත්මයෙන්ම මම අද විදවනවා..මම පසුතැවෙනවා. ඔයාට කකුල් දෙකෙන් හිටගන්න බැරි වුණේ මම නිසයි..ඔයා මානසික රෝගියෙක් වුණේ මම නිසයි ජිමින්.මම ...මම මහ කාලකණ්නි ගෑණියක්...මට බැරිවුණා ඒ අවංක ආදරේ අදුර ගන්න .ඒ ආදරේට ආදරේ කරන්න...මන් මහ පව්කාර ගෑණියක්..සල්ලි නිසා මගේ ජීවිතේ විනාස කරගත්තු මහ මෝඩ ගෑණියක් මම...

සේරි නූනා හියුන් ගාව දණින් වැටිලා අඩද්දි අපි තුන්දෙනාම වෙන්නේ මොනවද කියලා හිතාගන්න බැරුවයි ඉදියේ..යුමි නූනත් හියුන්ට කතා කරන්න කිව්වේ සේරි නූනා ඉකිගගහ අඩනවා බලා ඉන්න බැරිම තැන...

සේරියා මට කියන්න මොකද්ද වුණේ??

මට දඩුවම ලැබුණා ජිමින්, ඔයාට දුන්නු හැම වේදනාවකටම මට දඩුවම් ලැබුණා.සල්ලි නිසා මගේ පිරිසිදුකම විකුණපු මට දැන් ජීවත් වෙන්නවත් සල්ලි නෑ...ඒ සල්ලි නිසාම මම අද සමාජ රෝගියෙක්.. තව ටික දවසකින් මේ පව්කාර ජීවිතේ අතෑරලා මම යන්නම යනවා. මට ඕන වුණා ඔයාගෙන් සමාව ගන්න, ඒත් මන් ඔයා ඉස්සරහට එන්න බය වුණා. ඔව් මම බය වෙන්න ඕනි..ඊටත් වඩා ලැජ්ජ වෙන්න ඕනි...මන් වගේ පහත් ගෑණියක් ඔයාට ගැලපෙන්නෑ ජිමින්...ඔයා සතුටින් ජීවත් වෙන්න...හැමදාටම..මේක ඔයාට කියාගන්න බැරිවෙයි කියලා මම හිතුවේ..ඒත් දෙවියෝ මට අහම්බෙන් අවස්ථාවක් දුන්නා.දැන් මට ගොඩක් ලොකු සැනසීමක් දැනෙනවා ජිමින්..මට දැන් නිදහසේ ඇස් දෙක පියාගන්න පුලුවන්...

හැමදාම සතුටින් ඉන්න ජිමින්...ඒක ඔයාට ලැබෙන්නම ඕනි දෙයක්...

ඔයා කොහොමද හියුන් ඔය තරම්ම හොද වුණේ ,කොහොමද ඔය තරම් අහිංසක වුණේ...

ඔයාගේ ජීවිතේම විනාස කරපු කෙනෙක් වෙනුවෙන් අඩන්න තරම් ඔයා කොහොමද නිහතමානි වුණේ...ඒ ඇස් දෙක පුරාම ගලන කඳුලු ඔයාව නැති කරලා දාන්න හදපු කෙනෙක් වෙනුවෙන්....

සේරියා, ඔයාට බෙහෙත් ගන්න සල්ලි තියෙයිද??

අනී ජිමින්, ඔයා මන් වෙනුවෙන් කරපු දේවල් හොදටම ඇති. තවත් ඔයාට වධයක් වෙන්න එන්නෑ මම.ඇරත් මම treatments නවත්තලා දැන් ගොඩක් කල්... මට ඇති ජිමින්, මේ පව්කාර ලෝකෙන් මට සදහටම යන්න ඕනි...

හියුන් ඉස්සරහින් නැගිටපු නූනා යුමී නූනා ගාවට ගිහින් එයාගේ අත් දෙක අල්ල ගත්තා....

ජිමින් කියන්නේ ඒන්ජල් කෙනෙක්..ඔයා ගොඩාක් වාසනාවන්තයි ඒ ආදරේ ලබන්න..මට රකින්න බැරිවුණු ඒ ආදරේ ඔයා පරිස්සම් කරන්න. මම දන්නවා මම ඒක කියන්නවත් සුදුසු නෑ කියලා...ඒ වගේම එයා ඒක මැරෙනකම්ම කරයි කියලත් මම දන්නවා...ඔය දෙන්නා හැමදාම සතුටින් ඉන්න....

අන්තිමට සේරි නූනා හැමෝගෙන්ම සමාව ගත්තා. මගෙනුත් එයා සමාව ගත්තා.මට කියාගන්න දෙයක් නැතුව හිටියේ. මේ දෛවය කොයිතරම් නම් වෙනස් වෙනවද?මට හිතුණු එකම දේ ඒකයි...තව එයා ස්තූති කරා....එයාට දුන්නු හැම ලස්සන මතකයකටම.......

අපෙන් ඈතට ඇදිලා යන සේරි නූනා දිහා අපි තුන්දෙනාම බලාගෙන ඉදයේ හිස් හැගීමකින් ...

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.....................

අද අපේ ජීවිත වල තව ලස්සන දවසක්. කොච්චර කඳුලු පිරුණු දවස් තිබ්බත් දවසක හිනා වෙන්න පුලුවන් කියන හැගීම දැනෙන දවසක්....

අද ඒ දෙන්නා එකතු වෙන්නයි යන්නේ...මට හුගාක් සතුටුයි. ඒ වගේම මට ගොඩක් ආඩම්බරයි. ලෝකේ ඉන්න හොදම සහෝදරයා මට ලැබුණු එකට...

ඔයා තමයි හියුන් මගේ වීරයා...

බල රහිත වුනත් මගේ වීරයා ......

ලස්සන කුමාරයෙක් වගේ ඇදගෙන යුමී නූනා එක්ක පිටත් වෙන්න යන හියුන්ට හැමෝම සුභපැතුවා...
ඒ දෙන්නට ආශිර්වාද කරා...

හියුන්ගේ වීල්චෙයාර් එක ඉස්සරහ දණ ගහගෙන මම හියුන්ගේ අත් දෙකෙන් අල්ල ගත්තා ....

සරන්ග්හේ හියුන්...






"ඔයාට තනියම හිටගන්න කුකුල් දෙක හයිය නැති වුණාට හැමදාටම වාරු වෙන්න ශක්තිමත් උරහිසක් මේ ලෝකේ තියනවා කියලා මතක තියාගන්න...."




❤❤❤❤❤❤

💜 THE END 💜

************

ඔන්න ඉතින් ඒකත් ඉවරයි..

ඔයාලට දැනුනු දේ කියාගෙන යන්න❤❤🥰

BORAHEA 💜💜💜💜





















Đọc tiếp

Bạn Cũng Sẽ Thích

234K 13.3K 37
Taekook ⚠️ រឿងភាគខ្លីᕦ⁠༼⁠✩⁠ل͜⁠✩⁠༽⁠ᕤ
158K 10.8K 22
ကမ္ဘာပေါ်မှာ လူပေါင်း billion ချီပြီးရှိနေလည်း ကျွန်မအကြည့်တွေက ရှင့်တ​ယောက်အတွက်သာ။
62.2K 10.3K 29
ආදරෙයි මගේ මැණික.. මහ ගොඩක් අඩු නැතිව.. නොදැනෙන්න ඇති නුඹට.. මගේ සෙනෙහසේ තරම.. ඒත් මම ආදරෙයි ඊයෙටත් වැඩිය.. මැරෙනකල...
3.3K 924 8
Short sinhala Story Not a fanfiction Based on a true story ⚠️️ hate comments දාන්න එපා කියලා ආදරෙන් ඉල්ලනවා. ᵀʰᵉ ᵐᵉ ᵒᶠ ʸᵉˢᵗᵉʳᵈᵃʸ, ᵗʰᵉ ᵐᵉ ᵒᶠ ᵗᵒᵈᵃʸ...