Spring day

By Dazzling_bloom

1.6K 229 520

ප්‍රේමය.................................... අකුරු තුනකට කරන්න පුලුවන් මොනවද? සුරදූතයෙක්ව යක්ශයෙක් කරන්නද යක්ශ... More

නැවතුමක් ?
නික්මයාම
මායාව
පසුතැවීම
ආගන්තුක ඇරඹුම
පුනරුත්පත්තිය
හිමි අහිමිවීම
නිහඬ පෙම

උමතුව

132 26 18
By Dazzling_bloom

Jimin's pov

"සුමී............" හැමදාමත් වගේ ඒ කරුමක්කාර දවස හීනෙන් පෙනිලා මම නැගිට්ටේ වෙනදා වගේම මගේ සුමීගේ නම කියාගෙනමයි.

ඔව්, අදත් මම මගේ කාමරේ...................මගේ ඇදේ.......................පුරුදු විදියටම ටේහ්‍යුනා මගේ ළඟ මගේ අත අල්ලගෙන නිදි.

කවදද උබ මේක නවත්තන්නේ බන්...?කවදද උබට මේ ජිමිනව ඇති වෙන්නේ...?කවදද උබ මහ රෑ කනත්ත අස්සේ එන එක නවත්තන්නේ........?

හ්ම්.....හැමදම වගේ ඊයේත් මම නිදාගත්තේ මගේ සුමීගේ සොහොන උඩ.......මොනතරම් බිව්වත් මොන කෙල්ල එක්ක නිදා ගත්තත් මට ඕන වුනේ ඒ උණුහුම විතරයි.ඒ උණුහුම විතරමයි.ඒ නිසායි හැමදාම මම අන්තිමට එතන නතර වෙන්නේ.....

ඒ හැමදාම ටේ මාව උස්සගෙන ගෙදර අරගෙන ඇවිත් ඇදුම් මාරු කරවලා ඇදෙන් නිදිකරවනවා.රෑට මට panic attack එන්න ඉඩ වැඩී කියලා නූනා කියපු නිසා මගේ ලගම නිදියනවා.නැත්නම් හොබී හ්‍යුන්ග් ජන්ග්කුකා මේ කවුරුමහරි.යුන්ගි හ්‍යුන්ග් සමහර දවසට මගේ ළඟ.ජින් හ්‍යුන්ග් උදේ පාන්දරම එයාගේ ගෙදරින් කෑමත් අරගෙන dorm එකට ඇවිත් ඉස්සෙල්ලාම එන්නේ එයාගේ සෙල්ලක්කාර බේබදු මල්ලිව හොයාගෙන.නම්ජූන් හ්‍යුන්ග්.....හ්ම්....වචනයක්වත් නොකියන ඒ මූනේ තියන හැඟීම් මට තෝරගන්න බෑ .

ඒත්...................................................................
ඔව්,ලෝකයක් දන්න පාර්ක් ජිමින් දැන් සෙල්ලක්කාර බේබද්දෙක්.ඔව්, සුමී ඔයා ගියේ ඔයාගේ මිනීව බේබද්දෙක් කරලා..............
සුමී නැතිවුණ එක මට තවම විශ්වාස කරන්න බෑ .ඒ නිසාම මම බෝතලේට ඇබ්බැහි වුනා.එදා සුමීගේ අවසන් කටයුතු හ්‍යුන්ග්ලා වගේම නූනලා මුල්වෙලා කලේ මට හරි හමන් සිහියක් නැති නිසා.

සුමී................................................................

හ්ම්......................

ඇයි මම විතරක් පොරොන්දු රකින්න ඕන......?

තමුන් මගේ ළඟ ඉන්නම් කිව්වා......

මට පොරොන්දු වුනා.ඒත් මාව දාලා ගියා........................
මට කිව්වට මම ඒ දේවල් පොරොන්දු වුනේ නෑනේ................................

ඔව්,මම විනාස වෙනවා...................................... බීලාම නැතිවෙනවා.......
ඔයාගේ නැතිවුණ උණුහුම හොයන්න දවස ගානේ එක එක clubවල කෙල්ලෝ එක්ක නිදාගන්නවා.

පාර්ක් ජිමින් මේ මගේ රූපෙට මොන කෙල්ලද වහ වැටෙන්නේ නැත්තේ........?
ඉස්සර ඔයාව මලක් වගේ පරිස්සම් කරපු ජිමින්ම තමා....
අද කාලා විසි කරන කෙසෙල් ලෙලි වගේ කෙල්ලන්ව පාවිච්චි කරලා විසි කරන්නේ...............................

ආ....................................................

මුලු ඇගම දැවිල්ලයි................

ටේ නැගිටින්න කලින් බඩු ගහන්න ඕන.මූට හොරා ගැහුවේ නැත්නම් ඊයේ හොරෙන් ගෙනාපු ටිකත් සින්ක් එකේ.....

ඔව්,මම දැන් drug addicted එකෙක්........මට drugs නැතුවම බෑ දැන්.හ්‍යුන්ග්ලා දන්නේ නෑ .දැනගත්තොත් නම් ඉවරයි.

ටේයියා නම් දන්නවා.මගේ කනටත් ගහන්න ආවා ඒත් මූට බෑ මට ගහන්න.ඒත් මගේ drugs මූ විසි කරනවා.

මම දැන් සතෙක් වගේ.කිසිම හැඟීමක් දැනීමක් නෑ .මම ඔම්මා අප්පා ළඟ විතරයි මිනිහෙක් වගේ ඉන්නේ.................................

හ්‍යුන්ග්ලා.......නූනලා........ජන්ග්කුකා........මේ කිසි කෙනෙක්ව මට දැන් ගානක්වත් නෑ .මම ටිකක් හරි control ටේයියාට..........හ්හා.......

ම්හ්ම්...................................හ්හා................

අම්මෝ මේවා නාහේට ගියාම දැනෙන සනීපේ...ම්ම්......වෙනම ලෝකෙක.................

කිසිම කෙනෙක් මට අදාල නෑ දැන් .
අදත් sexy කෑල්ලක් දාගන්න ඕන අපරාදේනේ නැත්නම් මේ බඩු ටික.....

ටේයියා දැන්ම නැගිටින්නේ නෑ ...........................

Ready වෙලා club එකට යන්න ඕන.කුකා....පොඩි එකා ඌ මාව නවත්තන්න මාත් එක්ක club ආවේ ඌ විනාස වේවි කියලා මම නවතීවි කියලා ඒත් මොකෙක්ටවත් මාව නවත්තන්න බැරිවුනා.මට තවමත් එදා මතකයි.

Flashback..........................

මම එදත් ආවේ කෙල්ලෙක් එක්ක නිදියගෙන ඒත් කුකා මාව ගෙනාවා.ඌත් බීලා.
මම වැනි වැනීම ඒකාවත් තල්ලු කරලා මගේ කාමරේට ගියා.

"ජියෝන් ජන්ග්කුක්........මගේ මාරයා අවුස්සගන්නේ නැතුව ඔතනම නැවතියන්" ජින් හ්‍යුන්ග් කුක්කාට කෑ ගැහුවා.මූ ගෙදර ගිහින් නැද්ද? පවු අර pregnant wife .

"හ්....ඉක්....යුන්ග්......හික්....." කුකාට හොදට වැදිලා....

"උබ කොහෙද අරූ එක්ක ගියේ....?" ජින් හ්‍යුන්ග්ට යකා නැගලා වගේ.

"Club එකට හ්‍යුන්ග්......" ජන්ග්කුකාත් උත්තර දෙනවා.

"හා දැන් උබත් පටන් ගත්තද නාඩගම...එකයි හිටියේ..... අඩුපාඩුවට වෙන්න ඇති උබ පටන් ගන්න ඇත්තේ?" ජින් හ්‍යුන්ගේ රතුවුන ඇස් දෙක මට කාමරේ ඉඳලා මැවිලා පෙනුණා.

"හ්...හ්‍යුන්ග්...ම...හික්....මම..."

"මම්...මම්....මම....මොකක්ද උත්තර දීපන් යකෝ......." ඌප්ස්..........පොරට යකා වැහිලා.

"හ්‍යුන්ග් ඇති දැන් ජිමින්ව නවත්තන්න ඕන නිසානේ මූ club යන්න ගත්තේ....අනික කුකා වෙනුවෙන් ජිමිනා ඕන දෙයක් කරනවනේ...." නම්ජූන් හ්‍යුන්ග් කිව්වත් ඒක අහලා මට කට කොනින් හිනා ගියා.

"ජිමින්ව නවත්තන්න .හ්හා....හරි....දැන් මූ කලාද ඒක .අරූ අර නැවතිලාද ඉන්නේ? දැන් මට ඒක කියපන්."අන්න හොද ප්‍රශ්නයක් ජින් හ්‍යුන්ග්, මාව නවත්තන්න දැන් මොකාටවත් බෑ .

"හ්‍යුන්ග්.......ඒත් club මරු හ්‍යුන්ග්.....හැමදාම යන්න හිතෙනවා...." අඩෝ කුක්කෝ උබටත් සෙට් නේ එහෙනම් මම හිනාවෙන ගමන් හිතුවා.

චටාස්.........................................................

"අවුරුදු 13 ඉඳලා උබව මම හැදුවේ මගේම මල්ලිටත් වඩා මගේ දරුවෙක් විදිහට.....එහෙම හදපු උබේ කටින් මට ඇහෙන්නද මිනිහෝ උබ ඔය දේවල් කියන්නේ........

එක අඩියක් තියපන් අදින් පස්සේ අර ගුබ්බෑයමට.........මේ අත් වලින් උබව හදපු මට උබේ අන්ඩක් දෙකක් කඩන එක මහ වැඩක් නෙවේ.......උබට මොනවද ඕන.......
හැමදාම උබට ගහන්න උස්සන මගේ අත අල්ලගෙන රෑ පුරා උබේ වමනේ අදින මේ යුන්ගියාව තවත් මරවන්නද ඕන............

මගේ ජන්ග්කුකා මගේ කොල්ලා කිය කිය උබේ ඔලුව අත ගගා රෑට තුරුල් කරන් ඉන්න උදේට උබට සාත්තු කරන උබ දිහා බලන් රෑට රෑට හූල්ලන මේ හොබියව මරාගන්නද උබට ඕන .

එකෙක්ට පස්සේ එකෙක් නටන නෙයිනාඩගම් ඔක්කොම ඉවසගෙන හැමදේම යටගහන හැමදේකම වගකීම ගන්න මේ අහිංසක නම්ජූනාව පිස්සෙක් කරන්නද උබට ඕන.....

උබවයි අන්න අරූවයි හැම රෑකම කරගහන් එන මේ ටේවත් මරාගනින්.මාස ගානකින් හරියට නිදාගෙන නැති මූවත් මරා ගනින්.කරපන් ඒක විතරයි අඩු අපිට.මතක ඇතුව මාවත් මරපන් ඊළඟට අර මගේ ඉපදෙන්න ඉන්න ළමයට අප්පෙක් නැති කරපන්.ඒකනේ උබට ඕන කරපන් ඉතින්." ජින් හ්‍යුන්ග් කෑ ගහලා කියද්දි මගේ ඇස් අතරට කදුලු ආවේ නෑ කිව්වොත් බොරුවක්.ඒත් එකපාරටම.....

"ජිමිනා................................."මොකද මේ ටේයියා විලාප දෙන්නේ....

මම හිමින් කාමරේ දොර ඇරලා උඩ ඉදලාම පහල බැලුවා.

"දැන් හරිද තොට සතුටුද යකෝ..........තෝ නිසා මේ පොඩි එකා විනාස වෙනවා බලලා තොට සතුටුද?

බලපන්............මූව එක වචනෙකින්වත් නොරිද්දලා හදපු මේ අත්වලින්ම අද මුගේ තොල් පැලෙන්නම වදිද්දි මේකා වැටිලා ඉන්න එක බලන්නද තොට ඕන.

උබ විනාස වෙනවා නම් තනියම විනාස වෙයන්.මොකද උබව බලාගන්න මම හැමදාම වුනත් ඉන්නවා.මූට ජීවත් වෙන්න දියන්.මූ ජීවිතේ විදලා නෑ .

මේ ඉන්න එකා ගැන උබට දැන් කැක්කුමක් නැතිවුනාට මෙතන ඉන්න අනිත් පස් දෙනාටම ඒ කැක්කුම තියනවා.ඌට පාඩුවේ ඉන්න දියන්.මම උබේ යාලුවා කියපන් මම එන්නම් ඕන තැනකට, උබ යන අපායක මාව ඇඳන් පලයන් මේ අහින්සකයට උගේ ගමන් යන්න දීපන්.
මම උබට මේ හොදින් කියන අන්තිම වතාව......දැන් පලයන් ගිහින් නිදාගනින් මම ආවම උබට wash දාගන්න උදවු කරන්නම්.පලයන් ඉතින්."

ටේ මගෙ soulmate මගේ යාලුවා......ඒ වචන මට පිහිපාරක් වගේ ඒත් මම ඒ යන ගමන් මට නවත්තන්න බෑ බන්.කුකාව පරිස්සම් කරපන් මගෙන්.ඈත්වෙයන් මගෙන් ඈත් වෙයන් මේ කාලකන්නියාගෙන්.

"ජන්ග්කුකා............මගේ මල්ලි....ඔයාගේ ටේටේ හ්‍යුන්ග්ට පොරොන්දු වෙනවා නේද මගේ පොඩ්ඩා....ආයේ club යන්නේ නෑ කියලා නේද? ජින් හ්‍යුන්ග්ට පේන්න පොරොන්දු වෙන්නකෝ හ්ම්..." හොබී හ්‍යුන්ග්ටයි නම්ජූන් හ්‍යුන්ග්ටයි තුරුල්වෙලා කම්මුල අල්ලගෙන ඉකිගහන ජන්ග්කුකා ළඟ වාඩිවෙලා ටේ අහනවා මම බලන් හිටියේ හොරෙන්.

"ම්හ්ම්......ම්හ්ම්....දෙ...දේ.....හ්‍යුන්ග්....ආ..යේ...යන්නේ....නෑ ......පො..පොරොන්දු වෙනවා....කුකී.............
හොබී...හ්..හ්‍යුන්ග්......රිදෙනවා.....කුකීට ගො...ගොඩක් රිදෙනවා........

ජූන් හ්‍යුන්ග් .......ජන්ග්කුකී...ට.සමා වෙන්න කි...කියන්න ජිනී හ්‍යුන්ග්ට......ජිනී හ්‍යුන්ග් නැතුව ඉන්න බෑ කුකීට............

ජන්ග්කූට සමාව දෙනවා නේද හ්‍යුන්ග්ලා.....ආයේ කුකී යන්නේ නෑ club
කුකී පොරොන්දු වෙනවා.....අනේ ජින් හ්‍යුන්ග් මගේ දිහා බලන්නකෝ...........................................
කුකීට ජින් හ්‍යුන්ග් නැතුව ඉන්න බෑ ......යුන්ගි හ්‍යුන්ග් කියන්නකෝ......." ජන්ග්කුක් කෑ ගගහා අඩද්දි හැමෝම ඇඩුවා.ඒත් මම ඇරෙන්න.මම මේ වගේ වුනේ ඇයි කියන්නවත් මම දන්නේ නෑ....

ජින් හ්‍යුන්ග් ලගට ගියාම හ්‍යුන්ගේ තුරුලට පැනපු ජන්ග්කුකා පොඩි එකෙක්වගේ හ්‍යුන්ග්ව බදාගෙන ඇඩුවා.

Flashback end...........................................

එදායින් පස්සේ ජන්ග්කුකා මාත් එක්ක ආවේ නෑ .කිව්වත් වගේම ටේයියා මාත් එක්ක හැමදාම හිටියා.ඒ වගේම අනිත් අයත්.ඒත් එයාලව මග ඇරියා නම් මග ඇරියේ මේ මම.
මම වෙනස්ම මිනිහෙක් ඔව්,වෙනස්ම කෙනෙක්.ඉක්මනට ඇදගත්ත මම club එකට පිටත්වුනේ මාව දැකලා ලොකු හුස්මක් පිටකරපු නම්ජූන් හ්‍යුන්ග්ට පේන්නමයි.

වෙනදා වගේම රෑවේලා මම dorm එකට ආවා.අද වෙනසක් තියනවා .ඔව්,මම තනියම ආවේ.....ටේයියාගේ කරින් නැතුව.
මට දැන් drugs ඕන......ඒ ටික ගෙදර ඒ නිසායි ආවේ. මම දොර ඇරගෙන ඇතුලට ගියේ හිටපු කිසි කෙනෙක් ගණන් නොගෙන .කෙලින්ම කාමරේට ගියපු මට මගේ වස්තුව හොයාගන්න බැරිවුනා.

කිම් f***ing ටේහ්‍යුන්...................

jimin's pov

කෙලිලෝල මා සිතට
කිමද බැදුනේ  ටියුලිප් මල
කොතෙක් තිබුණද  නේක මල් හැම
කිමද බැදුනේ ඔබට මේ සිත

අහිමි වන බව නොවැටහුනේ කිම,
ඉතින් ටියුලිප් නම් එයම විය
අහිමි වීමක් මතින් හැඩවුන

නමුදු  පෙර මා නෙලාගැනුමට
සෙමින් සිපගත් මගේ කුසුමම
කිම්ද මුකුලිත වුනේ විගසම

යලිදු විකසිත නොවේ ඒ මල
එහෙත් උමතුය
බඹරිදුගේ  සිත
සොයමි විමසමි ඒ ටියුලිප් මල
නොඑන බව වැටහුනිද මා හට.........

Taehyung's pov

කෙලස පවසම්ද මා සකි
ඇය නැවත නොඑනා බව........
වටහා ගෙන ඔබම එය මතු දිනක....
මුහුණ දෙනු මැන යතාර්තයටම
කෙසේ කෙදිනක වුවත් ඒ දෙය.......
ඔබේ අසලම රැදෙමි සකි සඳ ........ . .....

 

Author's pov

අද chapter එක හොදද? නරකද?
ඉදිරියේ කුමක් සිදු වේවිද?

ජිමිනාට මොකද වුනේ?
දවසේ පැනය උත්තර  දෙන්න

මම ගියා.........
මේක කියවන්නේ නම් නෑ  ගොඩක් අය 😁😁

මමත් ලියනවා ආසාවට bye

Continue Reading

You'll Also Like

6.2K 1.2K 13
" මට ජීවත් වෙන්න හේතුවක් දෙන්න එපා ජන්කුක්... " ඉරනම කියන්නෙ මොකක්ද? ඉරනම කියන දේ විශ්වාස කරනවද? ඔයා වැරදි කෙනා එක්ක සෙල්ලම් කරන්නෙ ජියොන් ජ...
1.1K 252 7
ඇය සෙල්ලක්කාර හදවදකට ආලය කරන අහිංසකාවියක්.. නමුත් ආදරයෙහි අරුත නොදනින ඔහුට ආදරය ලබන්න තරම් හදවත සංවේදී නැතුව ඇති!! ...
56K 3.3K 53
ထုံးစံတိုင်းပါဘဲ 18+ပါ ကြိုက်မှလာဖတ်ကြပါရှင်။
46.7K 8.5K 44
මන්දාරම් අහස යට දී එකතු වුන ඒ ආදරය .. ඒ මන්දාරම් අහස යටදීම වෙන් වුනොතින් ..! රෂාන් ♡ මිහික Start = 2023. 11. 12 End = .................. Cover by...