"අපි යාලුවෝ" -කියලා හිතාගෙන ඉ...

By Norah_Yoneli

19.6K 3.7K 711

"බලන්න සංදීප්... හඳ පායලා!" "ම්ම්..." මමත් හඳට අවධානය යොමු කලෙමි. අහසේ හඳ දීප්තිමත්ව බැබලෙමින් තිබුනි. "හඳ පා... More

බල්ලෙක්, වල් ඌරෙක් හා ගෙම්බෙක්
පෞද්ගලික ලේකම්
තේ කෝපි
නත්තල් කෑම
උත්තෝලකයේ පලහිලවුව
කෝමත ටිකිරි මොලේ...?
පරිණාමය මග හැරීම
මොන මගුලක්ද
වැරදී ගිය ලොකේශන්!
සුලු මොහොතක්
ආදරණීය නවාතැනක්
මිහිරි රාත්‍රිය
කලාත්මක නිවස
ආදරෙයේ රහස
ඇස්වහක් නැති ආදරේ
අහසට තරුවක්
සීතල රෑකදී එක ඇසිල්ලක්
මතක! අදුරු මිහිරි මතක!
පාලුව මෙතරම් නපුරුද?
සීතලේ උණුසුම සොයා
බලාපොරොත්තු සහ කඩවීම්
අඳුරේ දුටු සඳ
වේදනාවක් වූ ආදරය
නොකියූ රහසක්
සඳ පෑයූ රැයක්
සියලු තරු මත කල දිවුරුම!
සදාකාලික නවාතැනක්...~
කස max pro!

පැතිරගිය 'පදය'

633 142 42
By Norah_Yoneli

"ආහ් සංදීප්.. අපි මේ ගෙදර එනකං බලං හිටියේ" මම නිවසට අඩියක් තැබුවා පමනි, සාලයෙන් ඇසුනේ විහගගේ කටහඩයි. වෙනදාට මං ගෙදර එන විට ඔවුන් දෙදෙනා ඔවුනොවුන්ගේ කාමර වලට වී තමංගේ දෙයක් බලාගෙන සිටී. නමුත් අද මා ගෙට ගොඩවූ විට දක්නට ලැබුනේ තම තමංගේ දේවල් පිලිබද කැමැත්ත අත්හැර තිබූ විහග සහ සදරු දෙදෙනාම සාලයට වී මා එන තෙක් බලා සිටින දර්ශනයයි.

"ඒපාර මොකෝ" මං මදක් පුදුමයෙන් මෙන් ඇසුවේ සාලයට ගොස් විශාල සෝපාවේ පතබෑවීමෙන් අනතුරුවය.

"මේ, අපි ඉතිං ඕවා විශ්වාස කරන්නවා කියල එහෙම නෙමේ.. ඒත් ඉතිං ඇත්ත දැනගන්න එක කොයිකටත් හොදා නේ" සදරු කීවේ මේ දැං නකුට වනා අශ්ඨාංග නමස්කාරය කර පිලිගැනීමේ ගීය කියා මා පිලිගත් පසු යලි සදරු ගාවට ගිය ඇපලෝව ඔහුගේ ඔඩොක්කුවට ගනිමිනි.

මෙයත් සදරුගේ තවත් එක් බූත විද්‍යා ඇදහීම සම්බන්ධ ගැටලුවක්ද යන්න ගැන මට සැක හිතුනද මං මොකුත් නොකියා ඔවුන්ම ඒ ගැන කියන තෙක් බලා සිටියෙමි.

"මේ.... ඇත්තද අර ඔෆිස් එකේ කට්ටිය කියන්නේ ඔයයි අර සෙකට්‍රි කොලුවයි ලිෆ්ට් එකේ කිස් කර කර ඉන්නව දැක්කයි කියලා" විහග ලැජ්ජාවෙන් මෙන් කියා දැමීය.

එක මොහොතකට මගෙ හදවත නැවතුනි.

"මොකා....ක්!" විලාපයක් මෙන් මගේ කටෙන් පිටවූ වචනයට ඇපලෝ පවා ගැස්සී ගියේය.

"හරි හරි කෑ ගහන්න එපා... ඇත්තද කියලා විතරක් කියාන්කෝ" සදරු කීවේ කට කොනකට නංගාගත් සිනහවක්ද සමගිනි.

"මොන හෙන ගැහිච්චි කතාවක්ද බං ඒ! අඩෝ දෙයියං පල්ලා මං එයාව කිස් කරේ නෑ බං!" ඉද්ද ගැහුවාක් මෙන් පුටුවේ කෙලින් වී වාඩිවී මම කීය.

"ඔෆිස් එකේ හැමෝම කතාවෙනවා මචං. අපි උබව හම්බෙන එන්න හිටියේ බෝඩ් මීටිං එකෙන් පස්සේ. එතකොට ආරංචි උනා කවුද ක්ලයන්ට් කෙනෙක් එක්ක මීටිං එකක් කියලා" විහග කීවේ මා ගැන අනුකම්පාවෙන් මෙනි.

"ඒ... කලන පවු ඕයි! එයා හැබැයි ඒ වෙලාවෙත් කිඋවා අර ගෑනි ඕක ඔෆිස් එක පුරා පතුරයි කියලා" මම ඔලුවේ අත ගසාගෙන කීවෙමි. දෙදෙනා අතරේ බැල්මක් හුවමාරු කරගත් විහග සහ සදරු ඉන් පසු මහ කැත හිනාවක්ද සමග මා දෙස බැලීය.

"කොයි වෙලාවෙද? ඔයා ඔයාගෙ ෆස්ට් කිස් එක එයා වෙනුවෙන් දුන්න වෙලාවෙද?" සදරු ඇසුවේය.

"තොගෙ ආච්චිට- මං කියන්නෑ...! අඩේ මං එයාව කිස් කරේ නෑ ඕයි!" මම කරකියාගන්නට දෙයක් නොමැතිව මම කීවෙමි.

"ඒනම් මොකක්ද උනේ කියාන්කෝ!" විහග කීවේ නැගිටවිත් මගේ එහාපැත්තෙන් වාඩි වෙමිනි.

"ඒහෙම මොකුත් උනේ නෑ බං. අපි හිටියේ ලිෆ්ට් එකේ උදේ ඔෆිස් එකට යන ගමන් අර බෝඩ් මීටිං එක ගැන කතා කර කර. අර මගේ කලින් තාවකාලිකව හිටපු සෙකට්‍රි කෝලම එකපාරටම මතු උනා නේ දොර ගාවින්. මං ඒ ගෑනිට කිඋවා ඇවිද ඇවිද ඉන්නේ නැතුව වැඩක් බලාගන්න කියලා.... ඒකට තරහට තමා ශුවර් එකටම ඔහොම කතාවක් හැම තැනම කියලා තියෙන්නේ!" මං කීවේ සිද්ධියේ සමහර කොටස්වලට එඩිට් පාරක්ද දමමිනි.

"හ්ම්ම්.... හාරි හාරි හාරි... අපි දැනට ඒම හිතාගමුකෝ! ඕම යං" තාලයකට හිස වනමින් සදරු කීය.

"අනේ ඉතිං ඔය බලාංකෝ... තොපිලා විශ්වාස කරන්නේ නෑනේ කිඋවට!" මං කීවෙමි.

"මොනා උනත් සංදීප්... උබල දෙන්නා මැච් මේඩ් ඉන් හෙවන්ස් වගේ ගානට ගැලපෙනවා" විහග මගේ පිටට තට්ටුවක් දමමින් කීය.

"මං කිවුවා කියලා හිතාගනිං... මැච් මේඩ් ඉන් හෙවන්.. අම්මගේ රෙද්ද!" අමනාප ගතියක් මවමින් මම කීවෙමි.

"දැම්ම කියලා තියන්නං ඕං... මං තමා වෙඩින් එකේ කේක් අල්ලන්නේ" විහග කීවේ මේ දැං මං එල්ල කර මහා කොට්ටය මූනේ නොවැදීමට අහකට පනිමිනි.

"මං තමා බෙස්ට්මන්! බ්‍රයිඩ්ස් මේට් ලා ඕනෙ වෙන්නෙත් නැති වෙයි නේ? පොඩි එකාට කියමු තව බෙස්ට්මන්ලා ටිකක් හොයාගන්න කියලා" සදරුට මා එල්ල කල කොට්ටය අල්ලාගෙන ඔහු කීය.

"වයිට් තමා තීම් එක. මං හදනවා අලුත්ම වෙඩින් පැකේජ් එකක්"

"අපි ලොස් ඇන්ජලීස් වල අලුතෙන්ම ඕපන් කරා නේද මේ ලගදි තව ප්ලාන්ට් එකක්? ඒකෙ ගමුද වෙඩිම?"

"ඇපලෝ ට පුලුවං මුද්ද අරං එන්න. මං දැක්කා එකපාරක් එහෙම වීඩියෝ එකක්"

"මං ප්ලෑන් කරන්නම් හනීමූන් එක. ප්‍රංශෙන් පටං අරං ලෝකෙ වටේම සවාරිය!"

"නවත්තගන්නවලා දෙන්නම! මං ඒ ලමයගේ අතින් ඇල්ලුවා විතරයි! උබලා දෙන්නා හනීමුන් එකත් ප්ලෑන් කරන්න කතාව!" මම එක්වරම කීවෙමි. දෙදෙනම එක් වරම නිහඩ විය.

"අතින් ඇල්ලුවා! ආවුස් අප්පා... මට ඇහුනේ ඔයාලා ලිෆ්ට් එකේ 'කතා කර කර' හිටියා කිඋවා වගේනෙ" සදරු කීවේ කට ඇද කර මට හිනා වෙමිනි.

"නෑ! මං කිවුවේ මේ..... නෑ නෑ... ආර්ග් හ්හ්හ්හ්!! මං යනවා  ඇදුම් මාරු කරං එන්න" මම නැගිට ගනිමින් කීවෙමි. දෙදෙනාම එකතු වී මහ හඩින් සිනාසෙන්නට විය. මම ඔරොක් කරගත් මූනෙන් ඉහල මාලය බලා නැගුනෙමි.

"මගේ අලුත්ම ඩ්‍රැකියුලා ස්ටිකර් කාඩ් එක ඔට්ටුයි... තව සතියක් යන්න කලින් මෙයා පොඩි එකාට ප්‍රපෝස් කරනවා" ඒ මට සිනා හඩ මැදින් අන්තිමට ඇසුනු වාක්‍යයි. කීවේ කවුද කියා සිතා ගැනීමට බැරි කමක් නෑ නෙ!

සුවබර නෑමකට පසු මම මගේ ඇද මතට වී පොතක් දිගහැර ගත්තෙමි. හිත කලබලය. මුනින් නිදාගෙන කියවීමට බැලීමි. හිත කලබලය. හිදගෙන කියවීමට බැලීමි. හිත කලබලය. මොන මගුලක්ද අප්පා!

කලන මොනවා කරනවා ඇත්ද.

ඉතිං මට මොකෝ!

එයාටත් ඕපාදූපෙ දැනගන්න ලැබුනද දන්නෑ...

එයා මා එක්ක තරහ වෙලාද දන්නෑ...

දෙවියනේ ඉතිං මට පාංද?

පාං තමා!

යන්න ඕනෙ විහගට වත් පොඩ්ඩක් වද දෙන්න. මම නැගිට සෙමෙන් සෙමෙන් විහගගේ කාමරය දෙසට පා නැගුවෙමි.

"විහග. මං ඇතුලට එනවෝ" කියාගෙනම මං දොර හැරියෙමි. ඇද මත මුනිංතලා වී ජංගම දුරකතනයට මූන ඔබාගෙන සිටි විහග මා දෙස පුදුමයෙන් බැලීය. සාමාන්‍යයෙන් වෙන්නේ අනෙක් පැත්තය. මට වද දීමට මගේ කාමරයට එන්නේ ඔවුන්‍ ය.

"මේ... මොකෝ කරන්නේ" මං ඇසුවේ ඇද මත වාඩි වෙමිනි. මං ඔහුගේ ජංගම දුරකතනයට එබුනු සැනින් ඔහු එය ඉවතට ඇද සගවා ගත්තේය.

"හප්පේ හරි හරි... මං බලන්නේ නෑ" සිනහවක්ද සමග මං කීවෙමි.

"නෑ නෑ.. මේ පරණ ෆොටෝ වගයක් බල බල හිටියේ" ලැජ්ජාවෙන් මූන රතු කරගත් විහග ඔහුගේ ජංගම දුරකතනයට මගේ අතට පත් කලේය. මගේ පුදුමයට මෙන් ඔහු බලමින් සිට ඇත්තේ සදරුගේ ඉන්ස්ටග්‍රෑම් වෝල් එකයි. අවුරුදු දෙකකට පමන ඉහතදී නුවර දළදා මාලිගාව අසල මල් වට්ටියක්ද අතැතිව සිටින සදරුගේ ජායාරූපයක් තිරයේ විය.

"ආහ්... ආ......හ්! පරණ ෆොටෝ කිඋවට 'සදරුගේ' පරණ ෆොටෝ කියල කවුද හිතුවේ!" මම උපහාසයට මෙන් කීය. ඇදේ අනෙක්පස පෙරලුනු විහග මාදෙස බලා සිනහවක් පෑය.

"ගස් ගෙම්බා ඕකෙ ලස්සනට ඉන්නව නේ" විහග කීවේ රතු කරගත් මූනෙනි.

"ඌ ඉතිං කෝමත් ලස්සන එකා නෙ." මං කීවේ වෝල් එකේ උඩට උඩට ස්ක්‍රෝල් කරමිනි. හිටිහැටියේ එය බැක් විය. තිරයේ මතු වූයේ විහගගේ හෝම් ස්ක්‍රීන් එකයි. මම මොහොතක් ඇස් අදහාගත නොහැකිව ඒ දෙස බලා සිටියෙමි. වෝල්පේපරය! සදරු නිදා සිටින විට හොරෙන් ලබාගත් ජායාරූපයක් විය හැකැයි තරයේ විශ්වාස කලහැකි පිංතූරයක් වෝල්පේපරයේ විය.

මා ඇස් එලියට දමාගෙන බලා සිටින්නේ කුමක් දෙසදැයි බැලීමට මෙන් මදක් එසවී තම ජංගම දුරකතනයට දෙස බැලූ විහග මුවින් අදෝනාවක් පිට කර දුරකතනය මගෙන් උදුරා ගත්තේය. ඉන් පසු අප අතරේ දීර්ග නිහැඩියාවක් පැතිය ගියේය.

"සදරුට කියන්න එපා" විහග මිමුනුවේ කොට්ටයට ඔබාගත් මූනෙනි. මට සිනා පහල විය.

"එයා ගැන ක්‍රශ් එකක් තියන බවක් ඇයි කලින් නොකිඋවේ?"මම ඇසුවේ ඔහුගේ ඇවිස්සුනු කෙස් අතරින් හෙමිහිට ඇගිලි යවමිනි.

"කලින් තිබ්බේ නෑ නේ" යැයි යලිත් කොට්ටයටම මිමිනුවේය.

"කෝ මෙහෙ එනව බලන්න කොල්ලගෙ මූන" උරහිසට මදක් තල්ලුවක් දෙමින් මම සිනහවෙන් කීවෙමි. තක්කාලි ගෙඩියක් වැනි මුහුනින් යුතුව මා ලගට බඩගා ඔහු ඉන්පසු මගෙ ඔඩොක්කුවේ ඔලුව තියා ගත්තේය.

"දැං කියාං බලන්න විස්තරේ" මම හෙමිහිට ඔහුගේ හිස අතගාමින් ඇසුවෙමි.

"පෙරේදා... අර ඩ්‍රැකියුලාගේ ෆොටෝ එක වැටුනේ.. මං ඒ වෙලාවෙ එයාගෙ කාමරේට ගියේ අය අපි රණ්ඩු උන සෙන්ට් බෝතලේ අපහු අරං එන්න. මේ... මං හිතුවේ ඒ ගස් ගෙම්බා තාම ඇවිත් නැතුව ඇති කියලා." විහග කියන්නට විය.

"ඉතිං මොකෝ උනේ" මම කුතුහලයෙන් ඇසුවෙමි.

"මේ.... මේකයි... එයාගේ බාත් රූම් එකේ ලොක් එක වැඩ නෑ නේ... මං හිතලා බැලුවා නෙමෙයි... ඒත්.. මේ.." විහග තටමන්නට විය.

"මට කියන්න එපා එයා අර ටොයිලට් එකේ වාඩි වෙලා ඩ්‍රැකියුලාට වදින ගාථාව කිය කිය ඉන්නවා දැක්කයි කියලා" මම සිනහසෙමින් ඇසුවෙමි.

"නෑ නෑ ඕයි... එයා මේ මේ... පොඩි පෞද්ගලික වැඩක් කර කර හිටියේ" ඇස් වහගත් විහග මිමිනුවේය.

"ඒ කිඋවේ!" නාන කාමරයේ කරන සියල්ලම පෞද්ගලික නිසා විහග කුමක් අදහස් කරේ දැයි සිතාගැනීමට නොහකි වූ මම ඇසුවෙමි.

"හනේ හප්පා.. අර මෙ... ඔයාට තේරෙනවනේ... කොල්ලන්ගේ වැඩක්" අවසානයේ විහග කී දෙය මට වැටහුනි.

"හපොයි!" මගේ කටින් ඉබේම පිටවිය.

"අනේ... එයාට කියන්න නම් එපා හොදේ" විහග මුමුනන්නට විය.

"මොංගල්ද ඩාලිං! මං කියන්නේ නෑ. ඉතිං උබ පැනල දිවුවද?" මම ඇසුවෙමි.

"මේ... මං උත්සාහ කරා පැනලා දුවන්න... ඒත්... අනේ ඔයා ඒක දැක්කා නම් ඔයාට පැනලා දුවන්න හිතෙන්නෙත් නැතිවෙයි!" විහග ඔහුගේ මුහුන මගේ බඩේ ඔබාගෙන නාහෙන් අඩන්නට විය.

"හපොයි!" මම යලිත් කීය.

"ඒ උනාට මං එයා වැඩේ ඉවරකරගන්න කලින් පැනගත්තා... ඒ කලබලේට තමා ඒ මගුල් පිංතූරේ මගෙ ඇගේ හැප්පුනෙ!" විහග කියන්නට විය.

"ඉතිං සදරුට පිංතූරේ බිදෙන සද්දේ වත් ඇහුනේ නැද්ද?" මං පුදුමයෙන් ඇසුවෙමි.

"එයා හයියෙන් සිංදු දාල තිබ්බේ. අර යටිගිරියෙන් මරහඩ දෙන රොක් ද මොනාද සිංදුනේ... එයාට ඇහුනේ නෑ" විහග කීය.

සදරුගේ සංගීත රසිකත්වය දන්න මම මේ කීම් පිලිගැනීමට පසුබට නොවුනෙමි. මට විහග ගැන දුක සිතුනි.

"දැං මොකද කරන්නේ එතකොට?" මම ඇසුවේ කුමක් කියන්නදැයි සිතගැනීමට නොහැකි වූ නිසාවෙනි.

"ඔක්කොම හොදයි... හීන.. හීන තමා ප්‍රශ්නේ... මට නින්ද යන්නෙත් නෑ අප්පා මගුල!" විහග කුනු කුනු ගායි.

"හීන? මොන හීනද?" මම ඇසුවේ කුතුහලයෙනි.

"මට පේන හීන. දැක්ක දේ දෙගුන තෙගුන වෙලා හීනෙන් පේනවා! හරි භයානකයි! හරීම භයානකයි! ඔයා නම් සෝවාන් වෙලා නිසා ඒ වගේ හීන පේන්නෙ නැතුව ඇති මගෙ හිතේ" නහයෙන් අඩමින් හෙතෙම කීය.

"මම සොවාන් වෙච්චි මගුලක් නෑ බං! මං-"

මට වාක්‍ය සම්පූර්ණ කිරීමට ඉඩ නොලැබුනි. කාමරයට කුණාටුවක් මෙන් කඩා වැදුනේ තුවායකින් පමනක් සැරසීගත් සදරුය.

"ඕයි වල් ඌරා...! තෝ ආයෙත් පාරක් අර සෙන්ට් බෝතලේ ඉස්සුවා නේද!"හෙතෙම කෙලින්ම විහගගේ කණ්නාඩි මේසය වෙතට යමින් ඇසීය.

"මං ගත්ත මගුලක් නෑ ගෙම්බෝ! ඒක මගේ!" මගේ උදරයේ මූන හංගාගත් විහග සිමින් මිමිනුවේය.

"මුට මේ මක් වෙලාද?" සදරු ඇසුවේ මගේ උකුලේ නිදා සිටින විහග දෙස හිස ගස්සමිනි.

"ආ... මෙයාට මේ ආදරේ හැදිලනෙ" මම භයානක බෝ වන රෝගයක් ගැන සදහන් කරන්නාක් මෙන් කීවේ පසුව "ලවු සික්!" යනුවෙන්ද එකතු කිරීමට අමතක නොකරමිනි.

"අඩ්ඩෙහ්! සිරාවටම...! කෝ එනව බලන්න!" විහගට කිචි කවමින් සදරු අසන්නට විය.

"ගිහිං ඇඳුමක් ඇදං එනව! අපතයා..!" මගේ උකුලේ ඇඹරෙන් විහග හඩ තැලීය.

"කෝ කෝ පොඩ්ඩක් එනවකෝ බලන්න... ආවුස් අප්පා... එකපාර වෙඩිං දෙකම ගන්න බැරියැ!" සදරු කීවේ විහගගේ ඉනට ඇගිල්ලෙන් අනිමිනි.

"අනේ මේ මගෙන් අහගන්න එපා!" මං කීවේ නැගී එන හිනාව මැඩපවත්වා ගනිමිනි.

"ආ... මතක් වෙච්චි එකත් හොදයි.. පොඩි එකා මට ඉන්ස්ට මැසෙජ් එකක් දාල තිබ්බනේ!" සදරු කීවේ විහග ගෙන් අඩි දෙක තුනක් පිටිපස්සට යමිනි.

"නෑ...!" මම පුදුමයෙන් කීවෙමි. "මොනාද දාල තිබ්බේ!?"

"පැතිර ගියපු ඕපාදූපෙ ගැන එයා ශෝකය ප්‍රකාශ කරලා තිබ්බා. තව එයා ඔයාට සොරි කියන්නත් තිබ්බා. අහල තිබ්බා ඒ ගැන ඔයා අවුලෙන්ද කියලා!" සදරු පැහැදිලි කරන්නට විය.

"ඉතිං තෝ මොකෝ කිඋවේ?" මම ඇසුවෙමි.

"මං කිඋවා ඔයා අපි එක්ක එකතු වෙලා ඔයාල දෙන්නගෙ වෙඩිං එක ප්ලෑන් කරනවා කියලා!" සදරු ගනනකට නොගෙන කීය.

"නොදාකින් තෝ නං! පොල් බූරුවහන්සේ! ඒ ළමයා මොනා හිතුවද දන්නෑ!" මං අදෝනාවක් මෙන් කීය. මගේ උකුලේ උන් විහග බක බක හා සිනාසෙයි.

"තෝ කොච්චර ගස් ගෙම්බෙක් උනත් තොට මොලේ කළදක් හරි තියන එක ගැන මට සතුටුයි!" විහග සිනහව අතරේ කීය.

"තොගේ ඌරු මොලේට වඩා නං මගේ මොලේ ලොකු බවට අහන්නත් දෙයක්ද" තම නූඩ්ල්ස් කෙස් අතරින් ඇගිලි යවමින් සදරු ආඩම්බරයෙන් කීය.

"තොපි දෙන්න ඕනෙ මගුලක් කරගන්නවා... මං යනවා නිදාගන්න" මං හොදටෝම තරහ බව පෙන්වමින් කීවෙමි.

"සංදීප්... අද රෑට මා එක්ක නිදාගමු? අනේ... රෑට හීනෙන් බය වෙනවා බං... මා එක්ක නිදාගමුකෝ???" තවමත් මගේ උකුලේ වෙසෙන විහග කන් කෙඳිරිගායි.

"ආ... මාත් එනවා එහෙනම්! අහකට ගනිං තොගෙ ඌරු කකුල් දෙක! හා.... තොගෙ මෙට්ටේ හෙනම සැපයිනෙ බං!" විහගගේ කකුලට උඩින් පතබෑවුනු සදරු කීය.

"ගිහිං ඇදුමක් ඇදං එනවා... උබෙ තුවාය කැඩුනොත් මුට කලන්තෙ දායි!" මම නැගී එන සිනහව මැඩපවත්වා ගනිමින් කීවෙමි.

නැගිට ගත් සදරු කිසිත් නොකියා විහගගේ ඇදුම් කාමර වෙත පා නැගුවේය. ඔහු යලි ඉන් ඉවතට පැමිනියේ තම ශාරීර ප්‍රමාණය මෙන් දෙගුණයක් පමණ වූ, විහග නිතරම පාහේ අදින කමිසයකින් 'පමණක්' සැරසීගෙනය. එහි විශාලත්වයට පිං සිදු වන්නට සදරුගේ සිහින් කලවා වල බාගයක් පමනම වැසී තිබුනි. ඔහු යලිත් කට හායි ගා ඇරගෙන තමා දෙස බලා විටින විහගව ගණං නොගෙන ඇදේ කොනකට රිංගාගත්තේය.

හනේ මෙහෙමත් කොලුවෝ!

කිසිත් නොකියූ මම නිහඩවම ලයිට් නිවා දමා ඇදට ගොඩ වූයෙමි.

○○○●○○○●○○○●○○○●○○○●○○○●○○○●○○○●

කස:

සැරදේවා....! 🎀

ඉතිං කෝමද?😁😁

ඕං ගෙනාවා තව චැප්ටරයක්..🤭💗

විහගගේ හිතේ සදරු ගැන තියන ක්‍රශ් එක හැන ඔබේ අදහස කොටා....ගෙන යං...😏😏💥

චැප්ටරේට වෝට් කරාං හොදේ..☠💦

ආදරෙයි හැමෝටම අහස තරං.. නෑ නෑ එච්චර ආදරේ නෑ...බොරුවට කිඋවේ😌😁

රැදී සිටින්න අප සමගම...🤫💟

Continue Reading

You'll Also Like

336K 35.1K 173
English Name: After Retiring from Marriage, I became the Favorite of a Powerful Minister Associated Names: 退婚后我成了权臣心尖宠 Chinese Author: Lan Bai Ge Ji ...
1.2M 64.2K 50
အမိန္႔စည္း+သခြပ္႐ိုး ( ႐ွင္မႈန္းနံ႔သာ) အမိန့်စည်း+သခွပ်ရိုး ( ရှင်မှုန်းနံ့သာ) ခြင့္ျပဳခ်က္မရပဲ ငါ့အနားကထြက္ခြာခြင့္မျပဳနိင္ဘူး အသက္နဲ႔ခႏၶာတည္ျမဲေနသ...
3M 265K 48
!အမွန္ေတာ့ မင္းက က္ုိယ္အၿမဲတမ္း အမွတ္တရ သိမ္းထားခ်င္မိတဲ့ အစိမ္းေရာင္ ေပ်ာ္႐ႊင္ျခင္းေလးပါ... Oct9.2021 !အ...
77.6K 10.7K 114
COMPLETED ✔️ Chinese Title - 如果月亮不抱你 English Title - If The Moon Won't Hold You Original Author - 六盲星 Status in COO - 71+3 Extras Start Date - 01.04...