-දින හතරකට පසු-
:Yoongi pov:
විවාහය...හැගීමක් නැති තැන බැදීමක් නැති බව දැන දැනම අකමැත්තෙන් උනත් මුදු මාරු කරගන්න වෙන දවස....ඔම්මා වෙනුවෙන් කරන්න පුලුවන් අන්තිම යුතුකමත් විදියට විවාහ වෙන්න තීරණේ කලේ මගේ හිතේ කැමැත්තකින් නෙමේ....චර්ච් එකේ අල්තාරේ ලග හිටගෙන හිටපු මම චර්ච් එක වටේම ඇස් යැව්වා පුරුදු රූප ටික හොයාගන්න....කුකී,හ්යොන්,ජීමින් අප්පා එක්කම වාඩිවෙලා හිටියේ මන් දිහා බලාගෙන....අමුත්තෝ හැමෝම මන් දිහා බලලා හීනාඋනත් ඒකට පෙරලා හිනාවෙන්නවත් උවමනාවක් මට තිබුනේ නෑ.....ටිකකින් චර්ච් එකේ දොර විවෘත වෙනවත් එක්කම හැමෝම ඉදගෙන හිටපු තැන් වලින් නැගිට්ටේ මනමාලියව පිලිගන්න...පොඩි ගෑනුලමයි දෙන්නෙක් මෙලීගේ ඉස්සරහින් යන ගමන් මල් විසික් කරද්දී පාක්ගේ අතේ එල්ලිලා සුදු පිම්බුන වෙස්ටන් frock එකක් ඇදගෙන හිටපු මෙලීගේ මූන හිනාවෙන් පිරිලා....ඒත් එයාගේ කිසිම ලස්සනක් මන් එවෙලේ දැක්කේ නෑ...දැක්කේ නෑ නෙමේ මට බලන්න උවමනාවක් තිබුනේ නෑ....පාක් ඇවිත් මෙලීගේ අත අල්ලලා මගේ අත උඩින් තියද්දී මෙලී මගේ අත අල්ලගෙන මගේ එහා පැත්තෙන් හිටගත්තා....
විවාහ පොරොන්දු එකදෙක කියවද්දී මට හිතුනෙම මෙතනින් පැනලා දුවන්න......
ජීවිතේට මුද්දකින් විලංගුවක් දාගෙන හැමදේම නැතිකරගන්න මට උවමනා උනේ නෑ.......
කව්රුහරි ඇවිත් මේ විවාහය නවත්තන්න කියලා කෑගහයි කියලා මන් බලන් හිටියා....
ඒත්,.....
විවාහ පොරොන්දු කියවලා ඉවර උනා....මුදු මාරු කරගත්තා.....සිපගන්න මොහොතත් ලන්උනා...සිපගන්න ඕනේ ආදරේ කරන කෙනෙක්ව...පලමු සිපගැනීම ආදරයෙන් දෙන්න උවමනාවක් තිබුනත් මේ මන් ආදරේ කරන කෙනා නෙමේ.....
බලෙන් මගේ ජීවිතේට පටලවපු නූල් බෝලයක්.....
කොයිපැත්තෙන් ගලවන්න හැදුවත් කොනකින් හරි පැටලෙන නූල් බෝලයක්......
හැමෝම සිපගන්න කියද්දී ඔක්කොම දමලා ගහලා දුවන්න හීතුනත් දැන් ඒකට පරක්කු වැඩියි....මන්ම ඒ විලංගු දාගෙන ඉවරයි......
මෙතන දාලා දුවන්න ඕන හදිසියටම මන් අකමැත්තෙන් හරි මෙලීගේ නලල සිපගත්තා.....හැමෝම බලාපොරොත්තු නොවුන විදියේ සිපගැනීමක් උනත් ඒක තමයි මට කරන්න පුලුවන් උන එකම දේ.....
චාරිත්‍ර හැමදේම ඉවර උනාට පස්සේ අමුත්තෝ හැමෝම ඇවිත් අපිට විශ් කරා....
ඒ හැමෝම කියුවේ,
ප්‍රීතිමත් මංගල ජීවිතයක් සැනසීමේ ගතකරන්න සුභ පතනවාලු......
ඒත් මගේ විවාහයේ කොහෙද ප්‍රීතියක්....
කොහෙන්ද සැනසීමක්...
තිබුන සැනසීමත් නැති උන එකයි මට උනේ.....
හැමෝම බිස්නස් දෙකක් එකට එකතු වෙලා සාර්ථකත්වය වැඩිවෙයි කියලා සතුටු වෙද්දී.....
මන් හිතින් අඩනවා තියෙන දේවල් නැති කරගන්න බෑ කියලා.....
මට මගේ ජීවිතේ උන මාෆියා අතාරින්න බෑ...
මන් ඒකට කවදාවත් සූදානමකුත් නෑ....
හැම කෙනෙක්වම මරලා දාලා මන් මගේ තැන හදාගත්තේ කොහෙවත් තියෙන කසාදයක් නිසා ඒ හැමදේම නැති කරගන්න නෙමේ.....
:Meli Pov:
හැමදේම හොද විදියට ඉවර උනාට පස්සේ අමුත්තෝ ආවේ අපිට සුබ පතන්න....ඒ එක සුබ පැතීමකටවත් යුන්ගිගෙන් හිනාවක්වත් ලැබුනේ නැති එකට මට දැනුනේ පුදුමයක්......මොන විදියක පුදුමයක් තිබුනත් සුදු ෆුල්සූට් එකක් ඇදලා ඊටත් වඩා සුදුහමක් තිබුන යුන්ගිගේ ලස්සන ගැන පුදුමයකිනුයි මන් හිටියේ එයා ඒ තරම් ලස්සනයි.....
ජීමින් ,ජීන් ඔප්පා තව හාවෙක් වගේ කොල්ලෙක් එක්ක චර්ච් එකේ පැත්තක ඉදන් ඉද්දී යුන්ගිගේ ඇස් සැරෙන් සැරේ ගියේ ඒ පැත්තට.......
"හ්යොන්.."
යුන්ගි ගාවට ආව ගොඩක් උස හිනාවෙද්දී ඩිම්පල් දෙකක් තියෙන පිරිමි ලමයෙකුයි තව ලස්සන හිනාවකුයි දිලිසෙන මූනකුයි තිබුන පිරිමි ලමයෙකුයි යුන්ගිව බදාගත්තා....
"දැක්ක කල් දෙන්නව"
යුන්ගි ඒ දෙන්නව ඈත් කරන ගමන් කියලා මගේ දිහාට හැරුනා....
"මේ ඉන්නේ NIS HEAD Kim Nam Joon"
උස ඩිම්පල් පිරිමි ලමයව පෙන්නලා යුන්ගි මට කියද්දී මට පුදුම හිතුනේ NIS HEAD ගැන අහලා තිබුනේ ගොඩක් නපුරු කෙනෙක් කියලා උනත් මෙයා හරි අහින්සක පාටට හිටපු නිසා....
"මන් මින් මෙලී නම්ජුන්ශී..අදුනගැනීම සතුටක්"
මන් හිනාවෙලා එයාට අතට අත දික්කරත් නම්ජුන් මන් දිහා රවලා බලලා යුන්ගි දිහා බැලුවා...පුදුමයක් නෑ මෙයාත් නපුරුයි යුන්ගි වගේම......
"මේ ඉන්නේ Jung Ho Seok..මෙයා"
"මෙයා තමයි කොරියාවේ අංක එකේ ලෝයර් අද වෙනකන් කිසිම නඩුවක් පරාද නොඋන"
මන් යුන්ගිගේ කතාව මැද්දෙන් පැනලා කියවද්දී යුන්ගියි හෝසොක්ශී මන් දිහා බලන් හිටියේ පුදුමෙන්....
"ඔයා මාව දන්නවද"
හෝසොක්ශී එයාදිහාටම ඇගිල්ල දික් කරන් අහද්දී මන් ඔලුව වැනුවා....
"ඔයාව කව්ද නොදන්නේ..මන් ඔයා ගැන අහලා නම් තියෙනවා ඒත් මූණ ඒහැටි මතකයක් නොතිබුන නිසා තමා අදුරගන්න වෙලා ගියේ"
මන් ඇත්තටම එයාව අදුරගන්න වෙලා ගිය හේතුව කියුවා....එයාගේ නම අහලා තිබුනට රූපේ ගැන ලොකු මතකයක් තිබුනේ නෑ මට...
"පරිස්සම් වෙන්න"
නම්ජුන්ශි හෝසොක්ශී දෙන්නම සුබ පතනවා වෙනුවට පරිස්සම් වෙන්න කියලා එතනින් ගියා.....
"තමුන් ඕනාව...."
යුන්ගි එයා කියන්න හදපු දේ නැවැත්තුවේ චර්ච් එක වෙපන්ස් ගත්ත ගාඩ්ලා කියන්න පුලුවන් කට්ටියක් වටකරපු නිසා...ඒ එක්කම යුන්ගි ලාවට හිනාවෙනවා මන් දැක්කා...
චර්ච් එකේ දොරෙන් ඇතුලට ආවේ ආරක්ෂක ඇමති Kim Taehyung..කලුෆුල් සූට් එකත් හිනා නොවීම අපි පැත්තට ඇවිදගෙන ආපු විදිය නිසාත් එයාට තිබුනේ ගාම්බීර පෙනුමක්...
"හ්යොන් ඔයාව බලලා යන්න ආවේ..ඒත් සුබ පතන්නේ නම් නෑ හොදේ"
යුන්ගිව බදාගෙනම ටේහ්යොන්ශි කියුවේ කාලෙකින් දැක්කා වගේ සතුටකින්..මට නම් තිබුනෙම මේ දෙන්නා දන්නේ කොහොමද කියන ප්‍රශ්නේ....ටේහ්යොන් මන් දිහා බලද්දී මන් එයාට ආචාර කරත් මන් දිහා රවලා බලලා මාව නොදැක්ක ගානට ගියේ එයාට පරක්කු වෙනවා කියලා කියාගෙන...පුහ් මේකාගේ ගෑස් ජීමින් හොදයි තව.......
"ඊයා ඕයි බලනවා තමුසෙව කව්රුත් ගනන් ගන්නේ නෑ"
මායි යුන්ගි ගාවට ජීමින් අනිත් දෙන්නා එක්ක එන ගමන් කියුවේ අපහසයට වගේ කටකොනින් හිනාවෙවී....
"මාව කව්රුත් ගනන් ගත්තත් නැතත් මට මොකද ඕයි මොකද මාව ගනන් නොගත්තා කියලා මගෙන් මුකුත් අඩුවෙන්නේ නෑනේ"
ජීමින් දිහා නොබලම මන් කියද්දී ජීන් ඔප්පයි හාවෙක් වගේ ඉන්න ලමයයි මගේ එහා පැත්තෙන් ඇවිත් හිටගත්තා....
"නූනා ඔයා ඕවා ගනන් ගන්න එපා අනේ..ඒ කොටාගේ ඇග වගේම මොලෙත් පොඩ්ඩක් අඩුයි"
මගේ කණට කරලා හාවෙක් වගේ ලමයා රහසින් කියද්දී මට බකස් ගාලා හිනාගියේ ඉන්න තැනත් අමතක වෙද්දී....ඒක දැකපු යුන්ගි ජීමිනුයි නම් මන් දිහා රවලා බැලුවා...
"මන් Jeon Jungkook නූනා...යුන්ගි හ්යොන්ගේ චූටිම මල්ලී"
හා දත් දෙකත් එලියට දාගෙන හිනාවෙවී කතා කරන එයාව දැක්කම නම් බෑග් එකකට දාගෙන ගෙදර අරන් යන්න හිතෙනවා හරිම කියුට්.....
"තමුසේ කතා කරලා ඉවර නම් එනවා යන්න...මට සෙල්ලම් කර කර ඉන්න වෙලා නෑ"
මන් ජීන් ඔප්පයි,කූ එක්කයි කතා කර කර ඉද්දී යුන්ගි යකෙක් වැහිලා වගේ කෑගහන්න ගත්ත නිසා මන් හැමෝටම බායි කියලා එයාගේ පස්සෙන් ගියා.....
"මගේ දෝණි පරිස්සමින් ඉන්න ඕන හරිද"
යුන්ගිගේ ගෙදර යන්න පිටත් වෙද්දී අප්පා මාවත් බදාගෙන අඩන්න ගත්තේ එයා ඒ විශාල ගෙදර තනිවෙනවා කියන හැගීම එයාට වදදෙන නිසා වෙන්න ඇති...
"අප්පත් පරිස්සමින් ඉන්න හරිද..මන් ඉක්මනට අප්පව බලලා යන්න එන්නම්කෝ..."
මන් අප්පගෙන් ඈත්වෙලා එයාගේ කදුලු පිහලා කා එකට නැග්ගේ තවත් වෙලා හිටියොත් යුන්ගි කෑගහයි කියලා හිතුන නිසා....
"තමුසෙට පුලුවන් දැන් උනත් ගෙදර යන්න මෙතන අඩ අඩ ඉන්නේ නැතුව"
යුන්ගි ඩ්‍රයිවර්ටත් ඇහෙන්න කියද්දී මට දැනුනේ ලැජ්ජාවක්....මුකුත් නොකියම මන් වීදුරුවෙන් එලිය බලාගත්තා....පැයකට විතර පස්සේ කා එක පුංචි අතුරු පාරකට දැම්මා....ඒක ගමක් වගේ වටේම ගස්කොලන් වලින් පිරිලා චූටි ගගකුත් ගලාගෙන යනවා....පුංචි පුංචි ගෙවල් තිබුන නිසා මන් හිතුවේ යුන්ගිගේ ගේත් පොඩි එකක් වෙයි කියලා....ඒත් ඒ සිතුවිල්ල බොරුවක් කරමින් කාර් එක විශාල ගේට්ටුවකින් ඇතුලට දැම්මා.....
"ඕමෝ"
මටත් නොදැනීම මගේ කටින් එහෙම කියවුනේ යුන්ගිගේ ගෙදර දැකපු නිසා....ගවුමත් අල්ලගෙනම ගා එකෙන් එලියට බැහැලා මන් වත්ත වටේම ඇස් යැව්වා...හරිම ලස්සනයි...තාම දවල් නිසා ඒ පරිසරය හරිම ලස්සනට පෙනුනා....වත්තේ කොනකට වෙන්න තිබුන චෙරි බ්ලෝසම් ගහත් එක්කම පොකුනකුත් ඊට ඉස්සරහින් බෙන්ච් තූනකුත් තියලා තිබුන ඒ පැත්ත නම් ගොඩක් ලස්සනයි......
"තමුසේ ඔතනම ඉන්නවද ඇතුලට එන්නේ නැද්ද"
යුන්ගිගේ සැරපරුෂ කටහඩ ගෙදර දොර ලගින් ඇහෙද්දී මන් ඒ සුඛෝපභෝගී ගෙදර දිහාත් බලලා යුන්ගි ගාවට ඇවිදන් ගියා...
"යුන්ගි..."
දොර ඇරලා දාලා එතන යුන්ගි හිටියේ නැති නිසා මන් ගේ ඇතුලට ගියේ එයාට කතා කරගෙනමයි....ඒ ලොකු ගේ අස්සේ මගේ කටහඩ ඕනවටත් වඩා සද්දෙට ඇහුනා කියලයි මට හිතෙන්නේ....
"කටවහගන්නවා....මන් වැඩිය සද්දෙට කැමති නෑ"
යුන්ගිගේ කටහඩ මගේ පිටිපස්සෙන් ඇහෙද්දී මන් ඒ පැත්ත හැරුනේ මට කලින් ඇතුලට ගියපු කෙනා මගේ පිටිපස්සේ ඉන්නේ කොහොමද කියලා හිත හිත....
:A/N Pov:
මෙලී පිටිපස්ස හැරෙද්දී දැක්කේ ලැගේජ් වගයක් උස්සගෙන ඉන්න යුන්ගිව...
"කෑගහන්නේ ඇයි ආහ්"
යුන්ගි ටිකක් තදින් අහද්දී මෙලී හිනා උනා....
"ඔයා පේන්න හිටිය නැති නිසා බැලුවේ යුන්ගි"
කලින් තිබුන කටකාර ගතිගුණ නැතිවෙලා අහින්සක මෙලී කෙනෙක් යුන්ගි ඉස්සරහ මැවෙද්දි යුන්ගිට ඒක දිහා බලන් ඉන්න පුලුවන්කමක් තිබුනේ නෑ.....
"ඇයි තමුසෙට මන් පේන්න ඉන්න ඕනද"
ලැගේජ් දෙක පැත්තකට විසිකරලා දාලා කටකොනින් හිනාවෙන ගමන් යුන්ගි මෙලීට ලන්වෙද්දී මෙලීත් අඩියෙන් අඩිය පිටිපස්සට ගියා.....
"ම්...ඔයා..මගේ...හස්බන්ඩ්..න්..නිසයි..මන් හොයලා බැලුවේ"
මෙලී ඇස්දෙක බෝල කරගෙන කතා කරද්දී යුන්ගි එයාගේ ඔලුව දෙපැත්තට වේගෙන් ගැසුවේ මේ ලෝකෙට එන්න වගේ....ඒ ක්ශනික යුන්ගි මෙලීගේ රෝස පාට කම්මුල් පුපුරන්න තරම් වේගෙන් කම්මුල් වලට ගැහුවා......යුන්ගිගේ අතේ ශක්තියත් එක්ක වාරු නැතිඋන මෙලී බිමට වැටෙද්දී යුන්ගි මෙලීගේ කොන්ඩෙන් ඇදලා අරගෙන තමන්ගේ මූණ ලගට ලන්කරගත්තා.......
"හහ්..මන් උබේ හස්බන්ඩ්....මන් කියුවද මන් උබේ හස්බන්ඩ් කියලා නෑනේ නේද කියපන් ඉතින්.....එකක් හොදට මතක තියාගනින් මන් උබේ හස්බන්ඩ්වත් උබ මගේ වයිෆ්වත් නෙමේ ඒනිසා සීමාවේ ඉදපන්"
තොල පැලිලා ලේ එන මෙලීගේ කම්මුලට තවත් හයියෙන් පාරක් ගහලා යුන්ගි කාමරේට ගියා......
උනදේ හිතා ගන්න බැරුව තාමත් බිම වැටිලා ඉන්න මෙලීගේ කම්මුල් වලට වඩා රිදුනේ හදවත.....
මෙලී බලාපොරොත්තු උනා ආදරේ නොකරත් තමන්ට භාර්යාව කියන තැන හරි යුන්ගිගෙන් ලැබෙයි කියලා......
ඒත් ඒ හැම හීනයක්ම සුනු විසුනු කරලා දාලා යුන්ගිගෙන් ලැබුනේ හදවත කඩලා දාන්න පුලුවන් තරම් වචන ටිකක්......
.
.
.
කාමරේ ඇතුලට ගිහින් කැඩිලා යන්න තරම් වේගෙකින් දොර වහලා දාලා තමන් ඇදන් හිටපු බ්ලෙසර් එකත් ගලවලා කාමරේ පැත්තකට විසික් කරලා දාපු යුන්ගි මහ හයියෙන් කෑගැහුවේ දැනෙන පීඩනේ නැතිකරගන්න.....
තමන් අකමැති දෙයක් කරන්න උනාම දැනෙන පීඩනේ ගැන කොහොම විස්තර කරන්නද....
තමන්ගේ පණ වගේ තියෙන දෙයක් එක පොඩි අතපසු වීමකින් නැතිවෙයි කියන හැගීම යුන්ගිව වෙලාගත්තේ හරිම ඉක්මනට......
"ආහ් උබ මාව හිරකරා හැම අතින්ම"
අතේ ඇගිල්ලක දිලිසෙන විවාහ මුද්ද ගලවලා විසිකරන ගමන් යුන්ගි කෑගැහුවා.....
එක පැත්තකින් බිස්නස්..
තව පැත්තකින් මාෆියා...
තව පැත්තකින් මැරේජ් ලයිෆ් එක....
ඔය තුනම බලාගන්න පුලුවන් වෙයිද කියන හැගීම ආවේගයත් එක්ක එකට එකතු වෙද්දී කාමරේ තිබුන හැම බඩු මුට්ටුවක්ම කුඩුවෙලා ගියේ වීදුරු කෑලි සීසීකඩ කාමරේ පුරාම විසිරෙද්දී.....
________________________💥💥💥
නරකම ආරන්චියක් නේද පූස් පැටියට පොසිටිව්....වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරත් අන්තිමට ඒකම වෙලා😔
යුන්ගිශී ගොඩක් ශක්තිමත් කෙනෙක්නේ එයාට ඉක්මනට හොද වෙන්න කියලා අපි හැමෝම විශ් කරමු.......🥺♥️