හත්දින්නත් තරු 💜🌟💫

By kjdhaHdtaxudthdgx

4.3K 636 275

ඇගේ ආදරේ..❤️💫 BTS නම් වූ හත්දින්නත් තරු යායේ හයවෙනි තරුවට ආදරේ කළ තාරකාවියගේ කතාව...💜💫 More

හැදින්වීම
part 1
Part 2
Part 3
Part 4
Part 5
Part 6
Part 7
Part 8
Part 9
Part 10
Part 11
Part 12
Part 13
Part 14
Part 15
Part 16
Part 17
Part 18
Part 19
Part 20
Part 21
Part 23
Part 24
Part 25
Part 26
Part 27
Part 28
Part 29
Part 30
Part 31
Part32
Part 33
Part 34
Part 35
Part 36
Part 37

Part 22

82 18 6
By kjdhaHdtaxudthdgx

ඊයේ දින එළි දැක්වූ නව ගීතය පිහිට වූ වාර්තාත් සමග BTS සංගීත කණ්ඩායමට එක දිගට සම්මුඛ සාකච්ඡා ආදියට මුහුණ දීමට සිදුවිය. රූපවාහිනිය, පුවත්පත් ආදියෙහි ද ප්‍රදාන මාතෘකාව වූයේ ඔවුන් ය.

*Jimin:-* අප්පා..අදනම් හොදටම මහන්සියි. අර මීඩියාවලින් අහන ප්‍රශ්නවලට උත්තරදීලම මගෙනම් කටත් රිදෙනවා.

*Jin:-* ගනන්ගන්න එපා බ්‍රෝ....සමහර දවස්වලට අපිට තියෙන කාලසටහන් එක්ක බලද්දි අද නිකන් නිවාඩු දවසක් වගේ. හුස්ම ගන්නවත් විනාඩියක් නැති තරමට අපි වැඩ කරපු...අදටත් වැඩ කරන දවස් කොච්චරද..🤷‍♂️

*RM:-* ඒක ඇත්ත. අන්න ඒ අපේ මහන්සියේ ප්‍රතිඵල තමයි අපේ army ලා අපිට මේ අරං දෙන්නෙ. මේ...ඒක නෙවෙයි කෝ V ?

*Jk:-* ආන්න ෂූටින් යන්න දඩිබිඩිගාලා ලෑස්ති වෙනවා. 😎

*Jin:-* ෂූටින්...මේ දැන් ?

*Jk:-* ඔව්...අද රෑලු තියෙන්නෙ 🤷‍♂️ මහන්සියිනෙ..ඕන්නම් අද මිස්ටර් මියුන්ජිට කියලා නොගිහින් ඉන්නත් පුලුවන්. කොහෙද ඉතින්..කොල්ලට යන්නම ඕනෙ ඇතිනෙ නෙහ් 😏

*Jimin:-* මොකෝ Jk නිකන් අමුතුවට ඒක කිව්වෙ?

*Jk:-* අමුතුවට කිව්වෙ ඉතින් කොහොමත් එයා මේ දවස්වල අමුතු නිසා. ඇත්තටම මට විතරද අනේ ඒක තේරෙන්නේ🤷‍♂️ ජිමින්ෂී...ඔයානෙ එයාගෙ මහලොකු ආත්මීය මිතුරා. ඔයාටවත් තේරෙන්නෙ නැද්ද නිකන් වෙනසක්.

*RM:-* වෙනසක් කිව්වෙ? දැන් ඉස්සරලම jk කියන්නකො ඔයාට V ගෙ දැනෙන වෙනස මොකක්ද කියලා🤷‍♂️

*Jk:-* මං මට දැනෙන දේ  කියන්නම්. හැබැයි ඔන්න නම්ජුනී හියුන්ග් මට බනින්න බෑ හොදේ.

*RM:-* හරි හරි බනින්නෙ නෑ.....කියන්නකෝ.

*Jk:-* මට නිකන් දැනෙනවා මේ දවස්වල අලුතින් කොල්ලට..ලව්..

Jk ට ඔහුගේ කතාව අවසන් කරන්නට හැකිවූයේ නැත. ඒ එතැනට V පැමිණි නිසාය.

*V:-* Love..? මොකක්ද jungkookie ලව් එකක් ගැන කිව්වෙ😳

*Jk:-* ආහ්..මේ නෑ මේ මං කිව්වෙ...මේ දවස්වල මට නිකන් ලව් සික් වගේ...ආදර හැගීම් පහලවේගන එනවා අනේ. හිත කියනවා ඔක්කොම දමලා ගහලා කසාදයක් බැදහන් බැදහන් කියලා. මං ඉතින් මේ නම්ජුනීට කිව්වෙ මට ලෙඩක්ද කොහෙද කියලා 🤷‍♂️😏

*V:-* ඔව් ඔව් ඕක ලෙඩක් තමයි. ඉක්මනට බෙහෙත් ගත්තනම් හරි.

*Jk:-* ගන්න ඕනෙ... ගන්න ඕනෙ...කවුද දන්නෙ නැත්නම් මගෙ හියුන්ග්ලා ටිකටත් මගෙන් බෝවුනොත් එහෙම 🤷‍♂️
දැනටමත් සමහරුන්ටනම් රෝග ලක්ෂණ තියෙනවත් වගේ.

*V:-* ඒ කිව්වෙ?

*jk:-* නෑ  ඉතින් මේ...

*Jimin:-* ඔය මෝඩයගේ කතා අහන්න එපා V. කෝ ඔයා ඔය ෂූටින් යන්නද ලෑස්තිය.

*V:-* ඔව් ජිමිනාහ්..ලබන සතියෙ අග concert එකත් තියෙන නිසා ඒකෙ පුහුණුවීමුත් තියෙන නිසා පුලුවන් වෙලාවල් මග නොහැර ෂූටින් යන්න ඕනෙ.

*Jk:-* ඒකනෙ නේද අයියේ...නැතුව මේ...

නැත. නැවතත් Jk ට ඔහුගේ වාක්‍යය සම්පූර්ණ කිරීමට හැකියාවක් ලැබුනේ නැත.
ඒ RM පැමිණි Jk ගේ අතින් අල්වා ඔහු දෙස බලා කිසිවක් නොකියන ලෙස  මුහුණින් අණ කළ නිසාය.

*RM:-* හරි V ඔයා දැන් යන්නකො. මාත් යනවා ටිකක් නිදාගන්න.

*V:-* Ok ළමයී..එහෙනම් මේ V කුරුල්ලා ඉගිල්ලිලා ගියෝ.

V පිටවී ගිය පසු RM හැරුණේ Jk වෙතටය.

*RM:-* Jk...

*Jk:-* ම්ම්ම්..

*RM:-* හැමදාම...
හැමතැනම...හැමවෙලාවෙම විහිලු කරන්නෙ නෑ හොදේ. විශේෂයෙන්ම ඔයා මතක තියාගන්න ඕනෙ මිනිස්සුන්ගෙ හැගීම්වලට විහිලු නොකර ඉන්න. සාමාන්‍යයෙන් අපි අපේ යාලුවන්ට එයාලගෙ ආදරේ ගැන කියලා ජෝක් කරනවා තමා. ඒක සාමාන්‍යයයි. ඒත් තාම අපිට එහෙම දෙයක් පටන්ගන්න පුලුවන් වාතාවරණයක් නෑනෙ නේද? එහෙම එකේ ඔයාට V ගෙ මොකක්හරි වෙනසක් තේරෙනවනම් කරන්න ඕනෙ හොදම දේ එයාට ඒ දේට මුහුණ දෙන්න ශක්තියක් වෙන එක. නැතුව එයාව දකින දකින තැන අපි හැමෝම ඉස්සරහා එයාව ජෝක් එකට අරං නෝන්ඩි කරන එක නෙවෙයි. මතක තියාගන්න ඒ ඔයාගෙ අයියා. ඔව් මං දන්නවා..මහලොකු වයස්පරතරයක් ඔයාලා අතර නෑ වගේම ඔයයි V යි ජිමිනුයි හොදම යාලුවො කියලා..ඒත් ඒ ඔයාගෙ අයියා. එයාට කවුරුහරි ගැන ආදරයක් හරි මොකක්හරී ඒ වගේ හැගීමක් ඇතිවෙලානම් අපි තාම disband වෙලා නැති නිසා එයාට ඒක හිතේම හන්ගගෙන ඉන්න වෙනවා. එහෙම එකේ අපිත් එයාගෙ හැගීම් මේ වගේ වෙලාවක විහිලුවට ගත්තොත් එයා ඒවා කාට කියලද හිතවත් නිදහස් කරගන්නෙ...ආ?
මටත් දැන් V ගෙ පොඩි වෙනසක් තේරිලා තියෙන්නෙ..හැබැයි අපි එයාට උදව් කරන්න ඕනෙ. තේරුණාද? මං මේ V ගැන විතරකුත් නෙවෙයි  කියන්නෙ.. Jk ට විතරකුත් නෙවෙයි කියන්නෙ හොදේ....පොදුවේ මාත් ඇතුළු අපි ඔක්කොටම.අපි හත්දෙනා ගැන දැන් හොදටම දන්නෙ අපි හත්දෙනා. ඉතින් අපි අපේ හැගීම් තේරුම් අරං අපි අපිට උදව් කරන්න ඕනෙ නේද🤷‍♂️ ම්ම්ම්...Jk තරහා නෑනේ මං කියපුවට.🤷‍♂️

*Jk:-* අනේ නෑ හියුන්ග්. ඔයා කියපුවා හරියටම හරි. මටත් ඒක දැන් තමයි තේරෙන්නෙ...🤷‍♂️

*J hope:-* ඒකනෙ කියන්නෙ...අපි බලමුකෝ අපේ Taehyung ගෙ හිතේ තියෙන්නෙ මොනාද කියලා. අපිට පුලුවන්නෙ ඊට පස්සෙ අපේ කොල්ලට උදව් කරන්න. නැද්ද ජිමින් ?

*Jimin:-* අනිවා....🧏‍♂️  ඒත් ඉතින් මොනා කරන්නත් මේ පූස් තඩියා නිදිනෙ🤷‍♂️ ලෝකෙ පෙරලුනත් එච්චරයි 😂😂

*Suga:-* ආ...ලාලාහ්...මං ඔක්කොම අහන් හිටියෙ ජිමිනෝ..😾

*J hope:-* අන්න හරිනෙ ජිමින්ෂි..😂😌

.................................................................................

තාමත් විහගිගේ රූගතකිරීම් ආරම්භ කර නොමැත. එනිසා ඇය රාත්‍රී අහස දෙස බලාගෙන කල්පනා කරන්නට වූයේ ඇගේ ජීවිතය පිළිබඳව ය.

රූගතකිරීම් සිදුකරන ස්ථානයට පැමිණි V ඈත සිටම දුටුවේ එළිමහනේ වාඩි වී අහස දෙස බලාගෙන කල්පනා කරමින් සිටින විහගිවය. ඔහු මොහොතක් නැවතී ඇය දෙස බලා හිදින්නට වූයේ ය.

*V ගේ සිත:-*

දවස් දෙකක්...දවස් දෙකකට පස්සෙ අද ආපහු ඔයාව දැක්කම මට හිතෙන්නෙ හරියට අවුරුදු දෙකක් වගේ. ඇත්තටම ඇයි විහගි මට මෙහෙම වෙලා තියෙන්නෙ...ඔයා කොහේදෝ ඉදන් එකපාරටම හුළගක් වගේ ඇවිත්  මගෙ ජීවිතේම කුණාටුවක් කරලා. එක්කො තව ටික කාලයක් ගිහින් ම එන්න තිබුණා නේද...එහෙම වුනානම් මේ හමුවීම මීට වඩා ලස්සන වෙන්න තිබුණා. ඒත් දැන්...දැන් මටම මගේ හිතට වාරණ දාගන්න වෙලා. අවුරුදු 15,16 විතර ඉදන් අවුරුදු 30 ක්  31 වෙනකන් අදටත් මට මගෙ හිතට වාරණ බදින්න වෙලා. ඔයා කොහේදෝ ඉදන් ඇවිත් මට ආපහු මතක් කරලා දුන්නා...සාමාන්‍යයෙන් කොල්ලෙක්ට නොලැබෙන ගොඩක් දේවල් මං ලබාගත්තට...ඒ දේවල් නිසාම සාමාන්‍යයෙන් කොල්ලෙක්ට අනිවාරෙන් හිමිවෙන තරුණ ජීවිතේ ගොඩාක් දේවල් මට තාම හිමි වෙලා නෑ කියලා.

විහගි දෙස බලාගෙන තමා ගැනම කල්පනා කළ V අවසානයේ දිග සුසුමක් පිට කළේ ඒත් සමගම හැගීම් සමුදායක්ද මුදාහරිමිනි.
ඉන්පසු ඔහු ශබ්ද නොනැගෙන ලෙස සෙමින් අඩි තබමින් විහගි සිටි දෙසට ගමන් කරන්නට විය.


ඇත්තටම එයාලට එයාලගෙ තරුණ ජීවිතේ කොච්චර දේවල් මගඇරිලා තියෙනවද නේද....අපි ප්‍රාර්ථනා කරමු එයාලා disband වුණු දවසක ඒ හැමදේම එයාලට ලැබෙන්න කියලා.... 💜

Continue Reading

You'll Also Like

277K 8.2K 93
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...
140K 6.4K 36
"I can never see you as my wife. This marriage is merely a formality, a sham, a marriage on paper only." . . . . . . She was 10 years younger than hi...
458K 31.3K 46
♮Idol au ♮"I don't think I can do it." "Of course you can, I believe in you. Don't worry, okay? I'll be right here backstage fo...
151K 16.9K 23
"𝙏𝙤𝙪𝙘𝙝 𝙮𝙤𝙪𝙧𝙨𝙚𝙡𝙛, 𝙜𝙞𝙧𝙡. 𝙄 𝙬𝙖𝙣𝙣𝙖 𝙨𝙚𝙚 𝙞𝙩" Mr Jeon's word lingered on my skin and ignited me. The feeling that comes when yo...