"අපි යාලුවෝ" -කියලා හිතාගෙන ඉ...

Galing kay Norah_Yoneli

19.2K 3.7K 711

"බලන්න සංදීප්... හඳ පායලා!" "ම්ම්..." මමත් හඳට අවධානය යොමු කලෙමි. අහසේ හඳ දීප්තිමත්ව බැබලෙමින් තිබුනි. "හඳ පා... Higit pa

බල්ලෙක්, වල් ඌරෙක් හා ගෙම්බෙක්
පෞද්ගලික ලේකම්
නත්තල් කෑම
උත්තෝලකයේ පලහිලවුව
පැතිරගිය 'පදය'
කෝමත ටිකිරි මොලේ...?
පරිණාමය මග හැරීම
මොන මගුලක්ද
වැරදී ගිය ලොකේශන්!
සුලු මොහොතක්
ආදරණීය නවාතැනක්
මිහිරි රාත්‍රිය
කලාත්මක නිවස
ආදරෙයේ රහස
ඇස්වහක් නැති ආදරේ
අහසට තරුවක්
සීතල රෑකදී එක ඇසිල්ලක්
මතක! අදුරු මිහිරි මතක!
පාලුව මෙතරම් නපුරුද?
සීතලේ උණුසුම සොයා
බලාපොරොත්තු සහ කඩවීම්
අඳුරේ දුටු සඳ
වේදනාවක් වූ ආදරය
නොකියූ රහසක්
සඳ පෑයූ රැයක්
සියලු තරු මත කල දිවුරුම!
සදාකාලික නවාතැනක්...~
කස max pro!

තේ කෝපි

761 179 19
Galing kay Norah_Yoneli

සුපුරුදු උදෑසන කලබලය අතරේ විහග සහ සදරුව ඔවුන්ගේ කාර්යාල වෙත පිටත් කල පසු සදරුගේ කැඩුණු පිංතූරය අලුත්වැඩියා කරගෙන එන්නැයි හෝටලයේ කොලුවෙකුට බාරදුන් මම හැකි උපරිම වේගයෙන් මගේ කාර්යාලය වෙත ඉගිලෙමින් සිටියෙමි .

"අලුත් ලමයා අද එනවා කිඋවද දන්නෑ" මම මටම මුමුනා ගත්තේ කාර්යාල කාමරයේ දොර තල්ලු කරන ගමන්‍ ය.

කාර්යාලයට පිවිසුනු මට දැකගත හැකි වූයේ අලු පැහැ කලිසමට ලා රෝස පැහැ කමිසයක් හැද මගේ මේසය මත ඇති ලිපි වගයක් ෆයිල් කවර වල අඩුක් කරන තරුණයාගේ රුවයි. තිරරෙදි මෑත් කර තිබූ අතර උදෑසන හිරු කිරණ ඔහුගේ මුහුනේ පසෙකට වැටී එය ආලෝකමත් කලේ මේ දැං දෙව්ලොව සිට පාර වැරදී මගේ කාර්යාලයට කඩාපත්වුනු කුඩා දේව පැටියෙකු සිහි ගන්වමිනි.

"ආහ්! උදේම වැඩ පටන් අරං තියෙන්නෙ...!!" මම කීවේ කෙලවරේ තිබූ සෝපාව මතට මගේ බෑගය අතහරිමිනි.

මගේ කඩහඩ ඇසුනු සැනින් හෙතෙම ගැස්සී ගිය අතර අතින් කොල දෙක තුනක්ම ගිලිහී බිම පතිත වූයේ හේමන්තයේ පත්‍ර පතනය සිහි ගන්වමිනි.

"හපෝයි, මං ඔයාව බය කලා නේද!" කියමින් මම මගේ කැරකෙන පුටුවේ වාඩි ගත්තෙමි.

"අහ්! ගු-ගුඩ් මෝනින් සර්! මම මේ... මේ සර් ගේ මේසෙ චුට්ටක් අස් කරලා දැම්මා" ඔහු කීවේ වහා මේසයෙන් ඈත්ව මගේ ඉදිරියෙන් සිටගනිමිනි.

"ආ... බොහොම හොදයි බොහොම හොදයි... දැං කරන්න ඕනේ වැඩ ගැන එහෙම දන්නවද?" මම ඇසුවේ අත්සන් කිරීමට කියා මට එවා තිබූ ෆයිල් කවර කිහිපක් පෙරලා කියවමිනි.

"ඔවු සර්... මම අද උදේම ආව. මිසිස් සමරසිංහ මට ඔක්කොම කියලා දුන්නා..." පියකරු සිනහවක් සමග ඔහු කීය. මිසිස් සමරසිංහ යනු කවුරුදැයි මට මතක තිබ්බා නම් කොච්චර හොද දැයි සිතුනි. චැක්... මට නම් මතක තියාගැනීම සම්බන්ධයෙන් ඇත්තේ හරිම දුක්ඛිත පසුබිමකි. වරක් මම ඉතිහාසයට 'පොළොන්නරුවේ රජකල දුටුගැමුණු රජතුමා' යැයි ලියා තිබී හමුවූ උත්තර පත්තරය පංතියම ඉදිරියේ මගේ ඉතිහාසය ගුරුතුමා විසින් කියවූ හැටි තවම මතකය.

"ආහ්, එහෙමද..." මම කීවමි.

ඉන් පසු මද නිහැඩියාවක් පැවති අතර මම නිහඬව මා ඉදිරියේ ඇති ලිපි කියවාගෙන ගියෙමි.

"මේ... එක්ස්කියුස් මී සර්.... සර් ට බොන්න තේ එකක් හදන්න කියන්නද?" ඔහු අවසානයේ ඇසුවේ නිහැඩියාව බිදිමිනි.

"ආහ්, ඔයා උදේට කාලා එහෙමද ඉන්නේ?" මම ඇසුවේ ඔහු බඩගින්නේ නම් මම මෙතන වී තේ උලාබොන එක නුසුදුසු යැයි හැගුනු හෙයිනි.

"ඔ-ඔවු සර්.... මගදි පොඩි දෙයක් කෑව" ඔහු ලැජ්ජාශීලීව කිවේය.

"ආ... ඒ මොකෝ පොඩි දෙයක්! ඇයි අම්මා උයන එවා රස නෑ...?" සිනහවක්ද සමග මා ඇසුවේ වෙන අසන්නට දෙයක් නොතිබූ නිසාය... එයා ඇසුවේ අපරාදේ යැයි කියා මට සිතුනි, මක් නිසාද යත් ඊලග මොහොතේ ඔහුගේ දෑස් දුකින් බරව පහලට යොමු උනි.

"මේ... අම්මා.... එයාල ගමේනේ... මම කොලඹ ආවා" ඔහු කියා දැම්මේය.

"කොහෙද ගම් පලාත?" මම ඇසුවේ ඇවිස්සුනු කුතුහලයෙනි.

"නුවරඑළිය" හේ ලැජ්ජාවෙන් කීය.

"ආ.... හරි ලස්සන ගමක් නේ... නුවරඑළිය ටවුන් එකේමද ගෙවල්?" මේසය මත දෑත් තැබූ මම මගේ අවදානය පෙන්වීමට මදක් ඉදිරියට නැමුනි.

"ඔ-ඔවු සර්... ග්‍රෙගරි ලේක් එක හරියේ" ඔහු කීවේ හදිසියේවත් මට එහි කඩාපාත්වීමට හිතක් ඇත්දැයි සැකයෙන් මෙනි.

"ආ.... එච්චර ලස්සන ගම අතෑරලා මොකෝ ඉතිං කොළඹ ආවේ?" මම ඇසුවෙමි.

"අම්.... කොළඹ එන්න තමා පොඩි කාලෙ ඉදන්ම ආසාව තිබ්බේ.... තව ඉතිං... පොඩි පොඩි ප්‍රශ්නත් ආව... මං ගෙදරින් ආව" ඔහු සිනාවකින් මුව සරසාගැනීමට වෑයම් කරමින් කීය.

"මෙහෙ ඉන්නේ තනියමද?" මම මදක් පුදුමයෙන් මෙන් ඇසුවෙමි. මෙතරම් ලැජ්ජාශීලී තරුණයෙකු කොළඹ වැනි තදබද නගරයක කෙසේ නම් තනිව ඉහ ගහගෙන සිටින්නේදැයි මට සිත්විය.

"ඔවු සර්... ලග ගෙදරක බෝඩ් වෙලා ඉන්නේ"

"ආ.... කොළඹ ලගම නිසා බෝඩිං ගාස්තු සැර ඇති මගෙ හිතේ...."

"අම්... ඔවු සර්... ටිකක් සැරයි" ගැහැනු ලමයෙකු මෙන් කිංකිණි සිනාවක් පෑ හෙතෙම බිම බලාගත්තේය.

"පවුලේ ඔයා විතරද?" අනේ අම්මපා මට පාංද? අනුංගේ රෙද්දවල් අදින්නේ චීත්තයක් වගේ? නමුත් කුතුහලයෙන් මඩිනු ලැබූ කල චීත්තයක් උවද කම් නැතැයි සිතේ.

"නංගි කෙනෙකුයි අක්කලා දෙන්නෙකුයි ඉන්නවා" කෙටි පිලිතුරක් ලැබුනි.

"ආ.... පවුලේ එකම කොල්ලා නිසා හැමෝම හුරතල් කරනවා ඇති ඒනම්..." සිනහවක් සමග මම කී අතර එයින් ඔහුගේ හිසකෙස් පවා තද රත් පැහැයට හැරුනා යැයි කීවත් එය අවතක්සේරුවක් නොවේ...

"මේ... සර්.... තේ එකක්?" ප්‍රශ්න මාලාවේ මුල මතක් කරන්නට මෙන් ඔහු ලැජ්ජාවෙන් ඇඹරෙමින් කීය.

"ආ... තේ එකක් ගිය දුර... ඒනම් තේ කෝපි එකක් හදාගෙන එන්නකෝ" මගේ අවදානය යලිත් ෆයිල් වෙත යොමු කරමින් මම කීවෙමි.

"මොකක්?" ඔහු රහසින් මෙන් ඇසුවේ මගේ වචන හටි හැටි නොඇසුනා සේය.

"මොකෝ?" මමත් ඇසුවේ පුදුමයෙනි.

"තේ කෝපි?" ඔහු ඇසුවේ පුදුමයෙන් විසල් වූ දෑසිනි.

මට මගේ සිනහව පාලනය කරගත නොහැකි විය. හනේ ඇත්තමයි අද උදේ සිට මට මක් වෙලාද මේ?

"කිරි කෝපි! තේ වලට කෝපි දාන්නේ මොන රටේදෑ..." මම අවසානයේ කීවෙමි.

සිහින් සිනහවකින් මූන සරසාගත් හෙතෙම මට හිස නමා යන්නට සූදානම් විය.

"මේ... කලන!" මගේ මුවින් හිටිහැටියේම ඔහුගෙ නම පිටවීමෙන් ඔහු මෙන්ම මාද මොහොතකට හිටි තැන ගල් ගැසුනි. සදරු හා විහග හමුවූ මුල් කාලයේ සදරුට වුහග කියාද, විහගට සදරු කියාද මාරුකර ඇමතීමේ වරද හදාගැනීමට මට මසකට වඩා ගතවිය. නමුත් දිනකට ඉහතදී හමුවූ මේ ඇටකිචි කොලුවාගේ නම එක් වරකින් මතක තිබීම මගේ මොලයට මහ පුදුමයක් වූවාක් මෙන් විය.

"ඔවු සර්?" ඔහු ඇසීය.

"මේ... මට සර් සර් කියන්න ඕනේ නෑ... කොහොමත් කලන මට වඩා අවුරුද්දයිනේ බාල. ඒ නිසා සංදීප් කියන්න. හරිද?" සිනහවක් සමග මම කීවෙමි.

"ආහ්... සංදීප්? ලියුම් වල G.S.ෆනෑන්ඩෝ කියලා ගහල තියනවා දැක්කට G.S කියන්නේ මොකක්ද කියලා දැනං හිටියේ නෑ නේ" ලැජ්ජාශීලී සිනහවක් සමග ඔහු මිමිනුවේය.

"ගයේශ් සංදීප්. G කියන්නේ ගයේශ්" මම කීවෙමි.

"ලස්සන නමක් නේ" කී ඔහු ලැජ්ජාවෙන් ඇඹරෙමින් කාමරයෙන් පිටතට දිව ගියේය.

හනේ මෙහෙමත් කොල්ලෙක්!

දිනයේ උදේ වරුව නිස්කලංකව ගෙවී ගියේය. මම ගොඩගැසේ තිබුනු ලියුම් තොගක් අත්සන් කර අවසන් කල අතර කලන ඔහුගේ පාඩුවේ වැඩක් බලාගෙන මගේ කාමරයට අල්ලපු මේසයේ සිටියේය. පුටුවේ වාඩිවී ෆයිල් තෝරන ඔහුගේ සිහින් හා කුඩා සිරුරේ හැඩතල දෙස මටම නොදැනී මමම බලාගෙන සිටින බව වැඩි වෙලා යන්නට මත්තෙන් මට වැටහුනි. හැකි ඉක්මනින් මගේ අවදානය යලි ෆයිල් වලට යොමු කලත් මම අසිහියෙන් ඔහු දෙස බලා සිටි වරෙක මේසයෙන් දෑස් එසවූ ඔහු පුදුමයෙන් මෙන් මා දෙස බලා සිටින්නට විය. සිද්ධිය තේරුම් ගිය මම වහා උගුර පාදා මට වතුර එකක් ගෙනෙන්නැයි ඔහුට කීවේ මගේ ඇස් මායිමෙන් ඔහුව මදකට පිටත් කර තිබීමේ අභිලාෂයයෙනි.

දහවල් කෑම වේලාව ලං වන විට මට සදරුගෙන් ඇමතුමක් ලැබුනි. දැං දවස් දෙක තුනක සිට මම ඔවුන් සමග දිවා ආහාරය ගැනීමට නොපැමිනි බවට චෝදනා කල ඔහු අදත් මා නොපැමිනියහොත් රාත්‍රියේ මා නිවසට පැමිනෙන විට දොර ජනෙල් අගුලු ලා මට එලියේ නිදාගැනීමට සලස්වන බවට තර්ජනය කලේය. තවද ඇපලෝව ප්‍රාන ඇපයට ගෙන මා ඔවුන් සමග කෑමට එන තෙක් ඔහුව නිදහස් නොකරන බවද කීය. මේ මරණ තර්ජන හමුවේ මම ඔවුන් සමග දිවා ආහරය ගැනීමට තීරණය කලෙමි.

කාර්යාලයේ දොර හැරගෙන, ජල වීදුරුවක් ද අතැතිව කලන පැමිනියේ මේ මොහොතේය.

"ආ... මම මේ ලන්ච් එකට එලියට යන්නය කියලා" මම කීවේ පුටුවෙන් නැගී සිටිමිනි.

"ආහ්... හරි. මම හවස වීඩියෝ කොන්ෆරන්ස් එකට කොන්ෆරන්ස් රූම් එක ලෑස්ති කරලා තියන්නම්. සංදීප් ගිහින් එන්න එහෙනම්" සිනහවක් සමග ඔහු කීවේය.

"අම්ම්... එක්කෝ යමුද මාත් එක්ක? මං අදුන්නලා දෙන්නම්කො මගෙ අනිත් හවුල්කාරයෝ දෙන්නව" මම බලාපොරොත්තු සහගතව ඇසුවෙමි.

"අම්... කමක් නෑ... මම මෙහෙන් කන්නම්... සංදිප් ගිහින් එන්නකෝ" ලැජ්ජාවෙන් රතු වෙමින් ඔහු කීවේය.

"පලවෙනි දවසනේ... ඔන්න ඔහේ අද මගේ ගානෙ ලන්ච් එක කියලා හිතා ගන්න. යමුකෝ මාත් එක්ක" දොර දෙසට යමින් මම කීවෙමි. මගේ වචනයට පිටුපා පලමු දවසේම මගේ හිත නරක් වේයැයි බියෙන් මෙන් ඔහු අවසානයේ මා පසුපස ඇවිද එන්නට විය. බිම්මහලේ රථගාල වෙත කඩිමුඩියේ ඇවිදගිය මම මගේ අලුත්ම කාර් රථයේ අගුලු ඇරියෙමි.

"නගින්නකෝ. වැඩි දුරකට නෙමෙයි. මේ ලගම තැනකට යන්නේ" මම කීවේ මගේ කාරය දෙස විසල් කරගත් දෑසින් බලා සිටින කලනටය.

"ආම්.... හාකො එහෙනම්" උරහිස් ගැස්සූ ඔහු ඉදිරිපස මට එහා අසුනේ තැන්පත් වූවේය.

හෝටලය තෙක් ගමන සම්පූර්ණයෙන්ම නිහඩ විය. මට එහාපැත්තේ වාඩිවී සිටිමින් ඉදහිට හිස හරවා ජනේලයෙන් එපිට බලමින්ද තවත් විටෙක කකුලට ඇගිල්ලෙන් තට්ටු කරගනිමින් ද සිටි ඔහු පලමු වතාවට කොළඹ ආ කුඩා දරුවෙකු මට සිහි කලේය. විකාරරූපි සිනහවක් ඉබේම මගේ මුහුනෙ ඇදුනු අතර මා කොතෙක් උත්සාහ කලද එය ඉවත් කරගැනීමට මට නොහැකි විට. අවසානයේ කාරයෙන් පිටතට බැහැගත් මම කලනටද මා සමග එන්න යැයි පවසා මා එනතුරු මේසයක් අසල බලා සිටින විහග හා සදරු වෙත ගියෙමි.දිග මේසයේ දෙකෙලවටරටම වී ඔවුන් දෙදෙනා වාඩි වී සිටියේ ඔවුනොවුන් අතර හැකි උපරිම පරතරය ලබාගැනීමටය.

"අම්බෝ... අන්තිමේට ඕං ආරාධිත අමුත්තා සම්ප්‍රාප්ත උනා එහනං!" විහග කීවේ මගේ පිටට තට්ටුවක් දැමූ පසුවය.

ඔහු කී දෙය ගනනකට නොගත් මම පුටුවක් ඇද වාඩි වූයෙමි.

"කවුද මේ පොඩි එකා?" නුරුස්සනා ස්වරයකින් සදරු ඇසුවේ අපි තෙදෙනාගේ සුපුරුදු සමාගමට අලුතින් කඩාපාත්වුනු 'මනුස්ස සත්වයා' දෙස තම හිස ගස්වමිනි. උපතේ සිටම පමන මනුෂ්‍ය වර්ගයා අප්‍රියා කරන්නෙකු වන සදරුගේ මුවින් පිටවන ඒ වැනි වදන මට හුරුපුරුදු වූවත් නොගැලපෙන වාග් ප්‍රහාරයෙන් සිත් රිදවාගත්තාක් වැනි පෙනුමකින් යුත් කලන මා දෙස බැලුවේ උදවු කරන්න යැයි ඉල්ලන්නාක් මෙනි.

"ආ... මේ කලන, මගේ අලුත් සෙකට්‍රි නේ" මම කීවේ කලනට වාඩි වෙන්න යැයි අතින් සන් කිරීමට අමතක නොකරමිනි. ප්‍රවේසමෙන් වාඩි වූ හෙතෙම සදරු දෙස බියමුසු අයුරින් බැලීය.

"ආහ්..... එයාද මේ...." කී සදරු කට කොනකට නංගාගත් සිනහවකින් යුතුව කලන දෙස බැලීය. "අදුනගන්න ලැබීම සතූටක්." කී ඔහු "තමුසෙ හෙන පොඩීනෙ ඕයි!" යැයි කීමටද අමතක නොකලේය.

ලැජ්ජාවෙන් රතුවූ කලන "අදුනගන්න ලැබීම සතුටක් සර්" යැයි කීවේය.

"ඒයි පොඩි එකා...!" විහග කීවේ කලනගේ අවදානය තමා වෙතට හරවා ගැනීම උදෙසායි. "සර් සර් ගාන්න උවමනා නෑ... මම විහග. මේ මෙතන වාඩිවෙලා ඉන්න කිසිම වැදගැම්මකට නැති ගෙම්බා තමා සදරු. එයාව වැඩිය ගනං නොගත්තාට කමක් නෑ" යැයි කීවේ සදරුගේ නපුරු බැල්ම මග හරිමිනි.

"කට වහගන්නවා වල් ඌරාහ්! අපි හැමෝම දන්නවා මෙතන ඉන්න වැදගැම්මකට නැති එකා වෙන කවුරුත් නෙමේ තමුසෙම බව" සදරු කීවේ ජංගම දුරකතනයට ලබා දී තිබූ තමාගේ අවදානය විහගට දීමට තරම් නොවන්නේයැයි පෙන්වීමට මෙන් ජංගම දුරකතනයටම දෑස් අලවාගෙනය.

"අනේ ඇත්තට! අහනවා සංදිප්ගෙන් එයා වැඩිපුර ආදරේ අපි දෙන්නගෙන් කාටද කියලා! දෙකක් නෑ... මට තමා වැඩිපුරම ආදරේ! නේද සංදීප්?" විහග බලාපොරොත්තු සහගතව මා දෙස බලා සිටින්නට විය.

"ගෙදරින් එලියෙදී රණ්ඩු වෙන්න තහනම් කියල කියලා තියනවා නේද? දෙන්නම ඕක නවත්තනවලා දැං. කෑම ඕඩර් කරාද?" මම ඇසුවේ මෙනු පත අතට ගනිමිනි.

"ඔයාට නම් ඕඩර් කරා. පොඩි එකා එක්ක එන බවක් දැනං හිටියේ නෑ නේ.... එයාට නම් ඕඩර් කරේ නෑ ඉතිං" විහග කීවේ කලනට මිත්‍රශීලි සිනහවක් සංග්‍රහ කරමිනි.

"පොඩිඑකා පොඩිඑකා ගාන්න එපා ඕයි.. එයා අපිට වඩා අවුරුද්දයි බාල" මම සිනහවෙමින් කීවෙමි.

"හනෙ හපුච්චේ!... වයස අවුරුදු 24කට ඔයා හැදිල මදි කියලා මීට කලින් කවුරුවත්ම ඔයාට කියල නැද්ද?" සදරු සිනාසෙමින් ඇසුවේ ලැජ්ජාවේ රතුවූ කලනගෙන්‍ ය.

ඔහු කී දේ සත්‍යය. එය කලන වෙනුවෙන් කාලය සටන් විරාමයක් ප්‍රකාශයට පත් කලාක් වැනිය. ඔහු දෙස බලන ඔනෑම කෙනෙකුට සිතෙන්නේ කලන වයස 18ක් හෝ 19ක් වන සුකුමාර තරුණ වියේ පසුවන්නෙකු බවටය.

"කලන මොනවද කන්නේ?" මම ඇසුවේ ඔහු පත්වී ඇති අපහසුකාරී මාතෘකාවෙන් ඔහුව ගලවා ගැනීම සදහාය.

"සංදීප් කැමති දෙයක් ඕඩර් කරන්නකෝ" ඔහු සිනහවක් සමග කීය. ඔහු නිතරම සිනහසෙයි.

" සංදීප් කැමති දෙයක් නම් ඉතිං මාව තමා ඕඩර් කරන්න වෙන්නේ. මොකද මේ වල් ඌරා හිතාගෙන හිටියට සංදීප් වැඩිපුර ආදරේ එයාට කියල ඒම නෑ... සංදීප් වැඩිපුර කැමති මම..." සදරු කීවේ තම කොලරය ආඩම්බරයෙන් උසවමිනි.

"අනේ නිකන් යනවා ගෙම්බෝ යන්න.... තෝ පිලිගත්තත් එකයි නැතත් එකයි... සංදීප් වැඩිපුරම ආදරේ මට!" තම නම බේරා ගැනීමට වහා ඉදිරිපත් වූ විහග කියා සිටියේය.

"මං තොපිල දෙන්නගෙන් එකෙකුටවත් ආදරේ නෑ! කටවගෙන ඉන්නවලකො මේ ලමයට කෑම ඕඩර් කරන්න දීල!" මම නැගී එන සිනහව යටපත් කරගැනීමට වෑයම් කරමින් කීය.

"ආ ඇත්තට? මේං ඇහුනද...? ඒ පාර අපි දෙන්නම ආදරේ නෑලු!" විහග කීවේ සදරුගේ අවදානය ලබා ගැනීමටය.

"හහ්! අද යංකෝ ගෙදර...! ඒලියෙ තමා නිදාගන්න වෙන්නෙ සංදීප් ට!" මට රවමින් සදරු කීය.

"ඒව බලමුකෝ.." මම කීවේ අවසානයේ කලන වෙනුවෙන් චීස් බර්ගර් එකක් ඕඩර් කිරීමට තීරණය කරමිනි.

○○○●○○○○○○●○○○●○○○●○○○●○○○●○○○●

කස :

ආයුබෝවන් 🙏

ඉතිං ඉතිං...කෝමැයි ජීවිතේ? බඩු මාර ගනං නේ?? මේ අමුතු ඇටේ දාල යන්න කලේ හරි බං.....

ඉතිං මා ප්‍රිය මිත්‍රෝරුනී.....

සංදීප් ගැනයි එයාගේ යාලුවෝ දෙන්න ගැනයු හිතෙන දේ ලියාගෙන යංද??

චැප්ටරේට වෝට් කරාය කියලා ලංකාවේ ආර්ථිකේ කඩං වැටෙන එක නතර වෙන්නේ නෑ බං... අපි චීනෙට ණයයි... <3

සතුටෙං හිටාං හොදේ..ආදරෙයි ඔක්කොටම පොලව පැලෙන්නම...

Ipagpatuloy ang Pagbabasa

Magugustuhan mo rin

1.1M 59K 49
အမိန္႔စည္း+သခြပ္႐ိုး ( ႐ွင္မႈန္းနံ႔သာ) အမိန့်စည်း+သခွပ်ရိုး ( ရှင်မှုန်းနံ့သာ) ခြင့္ျပဳခ်က္မရပဲ ငါ့အနားကထြက္ခြာခြင့္မျပဳနိင္ဘူး အသက္နဲ႔ခႏၶာတည္ျမဲေနသ...
18.4K 3K 24
"පුංචි මහත්තයා,මේ අහස තරු විතරක් තියෙද්දී හරි ලස්සනය්.. මටත් ඕන උනා ඒ අහසේ පුංචි තරුවක් වෙන්න." " එතකොට මන්? " " එත් පුංචි මහත්තය දන්නවද? ඒ තරු කැමති...
5.2K 956 7
●. Sinhala ●. Gay Stories ●. Short Stories ~ තාරුකා එලි ඇවිලිලා නැති පාළු අම්බරේ... පායනාතුරු බලා ඉන්නම් කන්ද පාමුලේ.. වලාකුල් මැකිලා කවදා යයිද ආක...
4.1K 783 12
"දේවා....හිතකට ආදරේ කියන එක දැනෙන්නෙ එකපාරයි....මට ඒක දැනුනා...මම පුරවල ආදරේ දුන්නා....තවමත් දෙනවා....ඒ ආදරේ මට තව කෙනෙක්ට බෙදන්න ඕනි නෑ ...." ______...