හත්දින්නත් තරු 💜🌟💫

נכתב על ידי kjdhaHdtaxudthdgx

4.3K 636 275

ඇගේ ආදරේ..❤️💫 BTS නම් වූ හත්දින්නත් තරු යායේ හයවෙනි තරුවට ආදරේ කළ තාරකාවියගේ කතාව...💜💫 עוד

හැදින්වීම
part 1
Part 2
Part 3
Part 4
Part 5
Part 6
Part 7
Part 8
Part 9
Part 10
Part 11
Part 12
Part 13
Part 14
Part 15
Part 16
Part 17
Part 19
Part 20
Part 21
Part 22
Part 23
Part 24
Part 25
Part 26
Part 27
Part 28
Part 29
Part 30
Part 31
Part32
Part 33
Part 34
Part 35
Part 36
Part 37

Part 18

82 14 0
נכתב על ידי kjdhaHdtaxudthdgx

.................................................................

*අම්මා:-* මොකෝ කියන්නෙ ?

*විහගි:-* අහ්...මොකක්ද..කවුද?

*අම්මා:-* නෑ..නෑ කවුරුත් නෑ.

*විහගි:-* අනේ අම්මා...විහිලු කරන්න එපා අනේ. එයා ඇහුවෙ දැන් අත කොහොමද කියලා.🤷‍♀️

*අම්මා:-*  මාත් කියන්න හිටියේ..අරයා තල්ලු කරපු වේගෙනම් වැඩියි හොදේ.

*විහගි:-* ඔය ඉතින්..ඒක එයාට කරන්න තිබුණු කොටසනෙ. මං චුට්ටක් වැටුනා. දැන් ඒක හිතන්න එපා. එයා සොරිත් කිව්වනෙ.

*අම්මා:-* හරි හරි අපි බලමුකෝ. කෝ දැන් එන්න කවන්න.

ඉන් අනතුරුව මව විහගිට කෑම කවන ලදි.

රූගතකිරීම් අවසානයේ පිටත්වීමට පෙර විහගි මවටත් දන්වා ගියේ ඇයට පේන මානයේ ඒ වනවිට නොසිටි V සොයාගෙන ය.
ඒ ඔහුට තම දුරකථන අංකය ලබාදීමේ අරමුණෙනි.

එහෙත් එක්වරම ඇය ඉදිරියට පැමිණ ඇගේ මග හරස්කරන ලද්දේ ජුන් ජේ විසිනි.

*ජුන් ජේ:-* ආ..ළමයා...අත ගොඩක් රිදෙනවද?

*විහගි:-* අහ්..ජුන් ජේ...නෑ එහෙම ලොකූ අමාරුවක් නෑ. බෙහෙත් දැම්මනෙ.

ජුන් ජේ හා කතා කරන අතරවාරයෙදීත් ඇගේ ඇස් සිව්දෙසම සෙවූයේ V ගේ රුවය.

*ජුන් ජේ:-* කාවද ඔය ඇස් කරක කරක හොයන්නේ?😏

*විහගි:-* අනේ නෑ. මං ඉතින් කාව හොයන්නද..🤷‍♀️
මේ..ජුන් ජේ, එහෙනම් මං යන්නම්. දැන් යන්නත් එපැයි. අම්මා මාව හොයනවත් ඇති.
 
එහෙත් විහගි යෑමට සැරසෙන විටම ජුන් ජේ දුටුවේ V ඔවුන් දෙසට එමින් සිටින බවයි. ඔහු පැමිණෙමින් සිටි දෙසට පිටුපා සිටි නිසාවෙන් විහගි ඔහු එන බවක් දුටුවේ නැත.
එයින් ප්‍රයෝජන ගත් ජුන් ජේ ක්ෂණිකව හිතට ආ සිතුවිල්ලක් හේතුවෙන් එක්වරම විහගිගේ තුවාල වූ අතින් අල්ලන්නට විය.

*ජුන් ජේ:-* කොහොමත් බයවෙන්න එපා මේක පොඩි තුවාලයක්නෙ. ඕක ඉක්මනට හොදවෙයි.

තමා නොසිතූ  ලෙස ජුන් ජේ විසින් තම අත ඇල්ලූ විට විහගි තිගැස්සුනේ පුදුමයෙනි. විහගි පමණක් නොව ඈතදීම මෙම සිද්ධිය දුටු V ද හිටි තැනම නතරවූයේ ඔහුටත් නොතේරෙන අමුතු ම හැගීමක් හිතට දැණුනු නිසාවෙනි.

තවමත් අත් නොහැර ජුන් ජේ තමාගේ අතින් අල්ලා සිටින නිසාවෙන් විහගිට අවශ්‍ය වූයේ එතැනින් මිදී යාමටය.

*විහගි:-* ගොඩාක් සතූතියි ජුන් ජේ. මාත් හිතනවා ඉක්මනට හොදවෙයි කියලා. එහෙනම් මං යන්...

නැත. ඇයට වාක්‍යය සම්පූර්ණ කිරීමට හැකිවූයේ නැත. ඒ කොහේදෝ සිට  වේගයෙන් එතැනට V  පැමිණි නිසාය. V ගේ පැමිණීම නිසාවෙන් ජුන් ජේ තමාගේ අත අල්ලා සිටීම පිළිබඳව විහගිට දැණුනේ බලවත් අපහසුවකි. ඒ ඔහු තමා පිළිබඳව වැරදි වැටහීමක් ඇතිකරගනීයැයි යන බිය නිසාවෙනි. එහෙත් ඒ අපහසුතාවය තවත් වැඩිවූයේ V ගේ මුහුණ දුටු විටය. ඇය වහා ජුන් ජේගෙන් අත මුදවා ගත්තා ය.

ජුන් ජේට නම් ඇතිවූයේ කුරිරු සතුටකි. ඒ ඇයිදැයි ඔහුවත් දන්නේ නැත.

*ජුන් ජේ:-* ආහ්...V. මං මේ විහගිත් එක්ක ටිකක් නිදහසේ කතා කර කර හිටියා.😌

*V:-* ආ ඔව් මාත් දැක්කා. එහෙනම් ඔය දෙන්නා කතා කර කර ඉන්නකෝ. මාත් මේ යන්න කියලා. එහෙනම් විහගි මං යනවා. ජුන් ජේ මං යන්නම්.

එසේ කියා විහගි දෙස එක්වරක් පමණක් බලා V පිටව යන්නට සැරසුණු විට විහගි එක්වරම V ට කතා කළා ය.

*විහගි:-* V.

එවර V ඇය දෙස හැරී බැලුවත් ඇයට ඔහුට කුමක් කියන්නදැයි සිතාගැනීමට නොහැකි විය. එනිසා ඇය කටට ආ බොරුව කීවාය.

*විහගි:-* මේ..මේ..ආහ්..අර ඔයා මට දෙන්නම් කියපු සයින් කරපු ෆොටෝ එක දැන් දෙන්න පුලුවන්ද? මං එන්නම් ගන්න.

ජුන් ජේ මෙන් ම V ද ඇය දෙස පුදුමයෙන් බලා සිටියේ ඇය මේ කියන්නේ කුමක් ගැනදැයි කුතුහලයෙනි.

*විහගි:-* ඇයි අර..ඔයා මට දෙන්නම් කිව්වෙ..  හත්දෙනාම අත්සන් කරපු ඔයාලා හත්දෙනා ඉන්න ෆොටෝ එකක්. ඒක දැන්  තියෙනවනම් දෙන්නකො. මට ඒක අරගෙන මගෙ යාලුවන්ට ඒකෙ පොටෝ එකක් යවනකම් ඉවසිල්ලක් නෑ. එහෙනම් ජුන් ජේ මාත් යන්නම් නේද දැන්. අපි ඊලග දවසෙ හම්බවෙමුකො.

එසේ කියා ජුන් ජේට ආචාර කළ ඇය V වෙත ගොස් ඔහුවත් එකතුකරගෙනම එතැනින් පිට විය.

යන අතරවාරයේ V  කිසිදු වචනයක් පිට නොකිරීම විහගිට ඉවසා සිටින්නට නොහැකි විය.

*විහගි:-* V

ඔහු කිසිවක් නොකීවේය.

*විහගි:-* (නැවතත්) V...

*V:-* බොරු කියන්න දන්නෙම නෑ නේද?🤷‍♂️

*විහගි:-* බොරු...🤷‍♀️

*V:-* ඔව් ඇයි අර කිව්වෙ මොකක්දෝ ෆොටෝ එකක්ද මොකක්ද කියලා.

*විහගි:-* හරි ඉතින්..නැත්නම් එයාට කියන්න බෑනෙ ඔයාගෙ නම්බරේ ඉල්ලගන්න යන්නෙ කියලා. දන්නවනෙ ජුන් ජේ ටිකක් අමුතුයිනෙ.  ඒ නිසා තමයි කටට ආපු බොරුව කිව්වෙ. ඒක කොහොමත් බොරුවකුත් නෙවෙයි...දවසක මෙහෙන් යද්දී මට මතක් වෙන්න තියාගන්න ඔයාලා හත්දෙනාම අත්සන් කරපු ඔයාලගෙ ෆොටෝ එකක්
දෙන්න හොදේ මට ගෙනියන්න.

*V:-* අපේ විතරද..? ඇයි ජුන් ජේගෙ එපාද?

*විහගි:-* ඇයි එයාගෙ?

*V:-*  නෑ ඉතින්..අර අතිනුත් අල්ලං හිටියේ. මං හිතුවා ඉතින්..🤷‍♂️

V එසේ පැවසූ විටනම් විහගිට දුකක් දැණුනි. කිමද එය ජුන් ජේ විසින් සිදුකරන ලද්දක් මිස තමාගේ වුවමනාවට සිදුවූවක්  නොවේය.

*විහගි:-* එහෙනම් ඉතින් අර සුකීට ඔයාගෙ ලොකුම ලොකු කාඩ්බෝඩ් පිළිමයක්වත් දෙන්න වෙයි ගෙදර ගෙනියන්න. ඇයි ඒ විතරක්යැයි..මිලියන ගානක් army ලාට..🤷‍♀️

විහගි එසේ කියා එතැනින් නික්ම යන්නට සූදානම් විය. V වහාම ඇගේ අතින් අල්වා ඇයව නවතාලීය.

*V:-*  ඒ..මේ.. මේ...සොරි හොදද...අම්මොහ් මේ ළමයට යන තරහා. ලංකාවේ ඔක්කොමලා ඔහොමද අනේ. සොරි හොදද..මං විහිලුවට ඒක කිව්වෙ.

*විහගි:-* ඇස් රතුවෙන විහිලු කරන්න එපා V. මං දන්නෙත් නෑ එයා ඇයි එකපාරටම මගෙ අතින් ඇල්ලුවෙ කියලා...අත  අල්ලලා කිව්වා ඉක්මනට හොදවෙයි ඒ ගැන හිතන්න එපා කියලා. එච්චරයි. ඕකට ඔච්චරයි ඇනුම්පද කියන්න ඕනෙ නෑනේ නේද?🤷‍♀️ army girlsලම කීදෙනෙක් ඔයාගෙ අත්දෙක අල්ලලා තියෙනවද මේ වෙනකොට..ආ...ඔයාට ඒ ඔක්කොම මැරි කරන්න පුලුවන්ද බෑනෙ නෑනේ...🤷‍♀️🥺🥺

*V:-* හරි හරි ළමයෝ සොරි. මං දන්නවා. ආයේ ඒ වගේ කතා කියන්නෙ නෑ මං හරිද..මට චුට්ටක් ඉරි...🤐

V කියන්නට ගිය දේ නොකියා ගිලගත්තේ ඔහුට අවැසි වුනත් ඒ දේට දැන්ම ඔහුගේ ජීවිතයේ ඉඩක් නොමැති දීමට ඔහුට නොහැකි නිසාය. එ නිසා ඔහු වහා කතාව වෙනතකට හැරවීය.

*V:-* ඉන්නකෝ..ඊලග දවසෙ එනකොට මං ඔයාට අපි හත්දෙනාම අත්සන් කරපු ෆොටෝ එකක් අරං එන්නම්. හරිද...?

*විහගි:-* ඔය ඇත්තමද..? අනේ Thank you V 🥰❤️

*V:-* ඔව් ළමයෝ..ඕන්නම් ඔයාලගෙ කුමාරවරුන්ගේ හොදටම හිනායන පොටෝ ටිකකුත් දෙන්නම්කො.😁😁

*විහගි:-* අම්මොහ්..මංගාවත් ඒ වගේ ඔයාලගෙ ගොඩාක් විහිලු ෆොටෝස්, වීඩියෝස් තියෙනවා. ඇත්තටම ඕනෙම ප්‍රශ්නයක් අමතක වෙනවා අප්පා ඒවා බලපුවහම.😂😂☺️

*V:-* ඒකනෙ කියන්නෙ...🤷‍♂️😌 අහ්..මේ..කෝ ඔයාගෙ නම්බරේ දෙන්නකො.

ඉන්පසු විහගි ඔහුට ඇගේ දුරකථනය අංකය දෙන ලදි.
එවිට V විසින් ඇයට මිස් කෝල් එකක් ලබා දුන්නේ ඇයට තමාගේ දුරකථන අංකය දුරකථනයේ සටහන් කරගැනීමට හැකිවන පරිදිය.

*V:-*  හ්ම්ම්. හරි...එහෙනම් මං වෙලාවක ළමයට කෝල් එකක්  දෙන්නම්කො. අපි කොහොමත් දැන් Good friends ලගෙ. Good boy & Good girl...Good friends 💜☺️

*විහගි:-* 😁😁 මේ...එහෙනම් V අපි දැන් යමු නේද..?

*V:-*  ඔව් යමු. අහ්..මං කොහොමත් හෙටයි අනිද්දයි ෂූටින් එන්නෙ නැහැ. අනිද්දා අලුත් සිංදුව රිලීස් කරනවනෙ. මතකයි නෙහ්.

හෙට සහ අනිද්දා ඔහු නොමැතිවීම ඇයට දුකකි.

*විහගි:-* මතකයි මතකයි. ඔයාලටත් වඩා හොදට ඒ වගේ විශේෂ දවස් army ලට මතකයිනෙ සාමාන්‍යයෙන්. ☺️💜

*V:-* ඒකනෙ. එහෙනම් යමු නේ?

*විහගි:-* හ්ම්ම්...යමු.

ඉන්පසු ඔවුන් දෙන්නාම පිටත් වීම සදහා ගියහ.

..............................................................................................

המשך קריאה

You'll Also Like

151K 16.9K 23
"𝙏𝙤𝙪𝙘𝙝 𝙮𝙤𝙪𝙧𝙨𝙚𝙡𝙛, 𝙜𝙞𝙧𝙡. 𝙄 𝙬𝙖𝙣𝙣𝙖 𝙨𝙚𝙚 𝙞𝙩" Mr Jeon's word lingered on my skin and ignited me. The feeling that comes when yo...
1.1M 30.1K 37
After the passing of Abigail Bentley's mother, she is now the only one responsible for her family's well-being. Her father, often too drunk to stand...
412K 19.6K 81
Kang y/n was always been the black sheep of the family. Overshadow by her extremely talented, gorgeous sister Roseanne . Who has the world revolve a...
140K 6.4K 36
"I can never see you as my wife. This marriage is merely a formality, a sham, a marriage on paper only." . . . . . . She was 10 years younger than hi...