:JIMIN POV:
"මෙලී..."
මායි,හ්යොනුයි කෑගහුවේ අපිව ඉස්සර කරන් ගියපු මෙලීට හීනෙකින්වත් හිතපු නැති දෙයක් උන නිසා....වේගෙන් ආව බයික් එකක මෙලී නොවැදී බේරුණත් බැලන්ස් එක නැතිවෙලා මෙලී බිම වැටුනේ අපි ඉස්සරහමයි.....
"මෙලී ඔයා හොදින්ද"
මායි හ්යොනුයි මෙලී ගාවට දුවලා ගිහින් එයාව නැගිට්ටද්දී හ්යොන් ඇහුවා....
"මන් හොදින් ඔප්පා.."
මෙලීට හිනා වෙන්නත් පුලුවන්ද කියලා මන් බලන් හිටියේ හ්යොන් එක්ක හිනාවෙලාම කතා කරත් මාව දැක්කත් රවන නිසා ...
"තමුසෙට හොදයිනේ...ඒනිසා යනවා මෙතනින්"
මන් හ්යොන්ටත් යන් කියලා කා එකට නැග්ගත් කා එක ස්ටාට් කරන්න විනාඩියක් තියලා මෙලීත් පිටිපස්සේ සීට් එකෙන් වාඩි උනා.....
"ඇත්තටම තමුසෙට කිසි හිතක් පපුවක් නැද්ද...කකුලක් කැඩිලා තියෙන මනුස්සයෙක්ට පයින් ගෙදර යන්න දෙන්නේ"
ඔලුවත් වන වන ඇසුත් නටව නටව කියවන මෙලී එක්ක හ්යොන් ජීවත් වෙන්නේ කොහොමද කියන එක ගැන තිබුනේ ලොකු ප්‍රශ්නයක් මොකද හ්යොන් කචකච ගානවට පොඩ්ඩක්වත් කැමති නෑ...
"එක මට හිතක් පපුවක් නෑ තමයි එතකොට දෙක තමුසෙගේ කකුල කැඩිලා නෑ උලුක්කු වෙලා විතරයි එතකොට අවසානම එක තමුසේ හිගන්නෙක් නෙමේනේ අප්පට කෝල් එකක් දීලා කා එකක් ගෙන්න ගන්නවා"
මෙලීගේ පැත්තටම හැරිලා මන් කියුවා....
"යාහ් මොනාහරි වෙලානේ කකුලට අනික මේක මන් හිතලා කරගත්තේ නෑනේ තමුසෙගේ මහලොකු හ්යොන් නිසා තමයි.... ඒනිසා මාව ගෙදර ගිහින් දානවා නැත්තම් මන් අප්පට කියනවා යුන්ගි මගේ කකුල කැඩුවා කියලා එතකොට වෙනදේ තේරෙනවනේ"
ඇහිබමකුත් උස්සලා නිවුන කටහඩකින් උනත් තර්ජනාත්මක කටහඩකින් මෙලී කියද්දී මන් ඒකිටත් රවලා ඉස්සරහ බලන් හ්යොන්ට කෝල් එකක් ගත්තා....
📞"හ්යොන් කොහෙද ඉන්නේ"
📞"Mansion එකේ ඇයි"
එහා පැත්තෙන් ඇහුන හ්යොන්ගේ කටහඩේ නම් තිබුනේ ගෙදර වරෙන්කෝ උබ වගේ හැගීමක්....
📞"හ්යොන් ඔයාගේ වයිෆ්ගේ කකුල උලුක්කු වෙලා මටයි හ්යොන්ටයි එයාව ගෙදරට ඇරලවන්නලු"
📞"ඒකිව කොහොමද හම්බුනේ...දැන් ඉතින් කරන්න දෙයක් නෑනේ ඒකීව ගෙදර ගිහින් දාලා ඔය දෙන්නත් ඉක්මනට එන්න"
මන් බලාපොරොත්තු උනා ඔයිට වඩා දෙයක් හ්යොන් කියයි කියලා කොහෙද ඉතින් එයාට ඕනදේ කියලා ෆෝන් එක කට් කරානේ....
"මොකෝ යුන්ගියා කියන්නේ"
ජීන් හ්යොන් අහද්දී මන් එයා දිහා බලලා චූටි හිනාවක් දැම්මා...
"ගෙදර ගිහින් දාන්නලු හ්යොන්..."
මන් කියුවට පස්සේ හ්යොන් ඔලුව වැනුවේ තේරුනා කියන්න වගේ.....
"යාහ් මට පාර කියනවා ගෙදරට යන"
කකුල් දෙකත් වන වන ඔහේ ඉන්න මෙලීගෙන් මන් අහද්දී කෙල්ල ගැස්සිලා මන් දිහා බැලුවා...මේ ලෝකේ නෙමේ වෙන්න ඇති ඉන්න ඇත්තේ මෙලෝ සිහියක් තියෙන කෙල්ලෙක් ඇයි...
"ආහ් ඔහොම ඉස්සරහට යමුකෝ"
මෙලී පාර කියද්දී මාත් කා එක ඩ්‍රයිව් කරේ හිතෙන් ඔක්කොටම දෙහි කප කප..කවදා කාපු කටුද මේවා....පැය භාගෙකට විතර පස්සේ මෙලීගේ ගෙදරට ආවම ගේට් එක ගාවින්ම මෙලීව දාලා පුලුවන් තරම් ඉක්මනින් එතනින් ආවේ තව මොන කරදරයක් වෙයිද කියලා හිත හිත....
"ඒ කෙල්ල නපුරු පාටයි නේ ජීමිනා"
හ්යොන් නිශ්ශබ්දතාවය බීදලා දාලා අහද්දී මාත් කල්පනා කරේ මෙලී ගැන...ඒ මූන නපුරුයි කියනවට වඩා කිසි හැගීමක් නැති මූනක් කියුවොත් හරි....
"යුන්ගි හ්යොන්ටම ගැලපෙනවා හ්යොන්"
මායි හ්යොනුයි දෙන්නම හිනාඋනේ ලේසියකට හිනාවෙන්නේ නැති හ්යොන්ගේ මූණ මතක් කරලා.....
"මෙලී යුන්ගිගෙන් ගුටි කාලාම මැරෙයි වගේ ඔය කට නිසා"
හ්යොන් කියපුදේ නිසා මට හුස්ම ගන්නත් අමතක උනේ යුන්ගි හ්යොන්ට තරහ ගියාම මෙලෝ සිහියක් නැති නිසා...මෙලීගේ කටත් එක්ක හ්යොන්ට තරහ නොගියොත්නේ ඉතින් පුදුමේ...ජීන් හ්යොන් එක්ක කතා කර කරම Mansion එකට ඇවිත් කා එක මාක්ට පාක් කරන්න දීලා මන් ඇතුලට දිව්වේ හ්යොන්ව බලන්න....
:Yoongi pov:
කා එක නවත්තන සද්දෙත් එක්ක මායි කුකී ලිවින්ග් රූම් එක පැත්තට එද්දී ජීමින් ටයිල් පොලවෙම අතපය දිගෑරගෙන උඩබලන් හුස්ම ගන්නවා..හ්යොනුත් cough එකෙන් ඉදගෙන හුස්ම ගන්නේ පයින් ගිහින් ආවා වගේ....
"හ්යොන් මොකද ඔයාලට උනේ හොල්මනක්වත් පස්සෙන් ආවද.."
කුකී ඇස්දෙකත් ජිල්බෝල කරන් අහද්දී ජීමින් ඔලුව පොඩ්ඩක් උස්සලා අපි දිහා බලලා කෙලින් වෙලා ඉදගත්තා...
"හොල්මනක් පස්සෙන් ආවේ නෑ මෙච්චර වෙලා හොල්මනක් එක්ක තමයි හිටියේ..."
ජීමින් මූනත් රතු කරගෙන කියද්දී එයාට හොදටම තරහ ගිහින් කියන්න අමුතුවෙන් හිතන්න ඕනවුනේ නෑ....
"කව්ද හ්යොන් හොල්මන මෙලී නූනාද"
කුකී හිනාව තදකරගෙනම ජීමින්ගෙන් ඇහුවා.....
"නූනා නෙමේ ඒකි යක්ශනියක්...මේ බලනවා මගේ චූටි අතට වෙලා තියෙන දේ"
ජීමින් කෑගහගෙනම නැගීටගෙන ඇවිත් කුකීට එයාගේ අත පෙන්නද්දී මාත් මොකද වෙලා තියෙන්නේ කියලා බලද්දී දැක්කේ ජීමින්ගේ අතේ තදට හිටපු දත් පාරක් එතන සීරිලත් එක්ක......
"ඕක කරේ මෙලීද...යාහ් දෙන්නගෙන් එක්කෙනෙක් උනේ මොකක්ද කියනවද"
පුදුමයත් දෙන්නම කිසිම දෙයක් නොකියන තරහත් එක්ක මන් කෑගහද්දී හ්යොන් මන් දිහා බැලුවා....
"අපි කැෆේ එකේ ඉද්දී එතනට මෙලී ආවා පස්සේ ජීමින් ඒකිට බැන්නා...බැනලා ටිකවෙලාවකට පස්සේ මෙලී කැෆේ එකටම ඇහෙන්න බේරගනීයෝ කියලා කෑ ගැහුවා..ජීමිනා කෑගහන්න එපා කියලා කටවහපු වෙලේ තමා මෙලී ජීමින්ව හැපුවේ"
හ්යොන් කතාව කියලා ඉවර වෙනවත් එක්කම මෙච්චර වෙලා තදකරගෙන හිටපු හිනාව කුකී හයියෙන්ම එලියට දැම්මේ ජීමින් තරහින් කුකීට රවද්දී.....
"ජීමින්ව...කෙල්ලෙක්...හපලා....දැන්..අපි...සමාජෙට...මූන දෙන්නේ...කොහොමද හ්යොන්"
කුකී බිම වැටීගෙනම කෑගගහ හිනාවෙනවා..ඕකට ඔච්චර හිනාවෙන්න දෙයක් නැතුවත් මොකට කුකී හිනාවෙනවද කියන පුදුමෙන් මන් බලන් ඉද්දී ජීමින් කුකීගේ ඇගට පැනලා "හිනාව නවත්තන්න" කියලා ගහද්දී මායි හ්යොනුයි අපේ රූම් පැත්තට යන්න හැදුවේ ඒ ඩබලට ඕන දෙයක් කරගන්න ඉඩදීලා....
______________
:Meli pov:
කකුලත් නොන්ඩි ගගහ ගේ ඇතුලට යද්දී අජුම්මා දුවලා ඇවිත් මගේ අතේ තිබුන බෑග් එක අරගෙන මාව cough එකෙන් වාඩි කරවලා දුවලා ගිහින් වතුර එකක් ගෙනත් දුන්නා......
"මෙලී බබා මොකද දෙයියනේ උනේ"
අජුම්මා ඇස්වල කදුලු පුරවගෙන මගේ කකුල අතගාද්දී මන් ලාවට හිනාඋනේ අජුම්මා මට කැස්සක් හැදුනත් ගොඩක් බය වෙනවා කියලා දන්න නිසාමයි....
"අජුම්මා මන් හොදින් අනේ ඔයා දන්නවනේ ඉතින් මන් කව්ද කියලා"
වතුර වීදුරු ටේබල් එක උඩින් තියලා මන් අජුම්මට කියද්දී එයා කදුලුත් පිහාගෙන මගේ ඔලුව අතගෑවා...
"මන් දන්නවා හැමෝටම වඩා හොදට මෙලී කියන්නේ කව්ද කියලා....ඒත් තුවාල කරගන්න එපා"
අජුම්මගේ සෙනෙහෙබර වචන එක්ක මන් ඔලුව වනලා උලුක්කු උන කකුල අල්ල ගත්තා.....
"ආහ්...."
වේදනාව නිසා මගේ කටහඩ දෝංකාර දෙද්දී උලුක්කු උන කකුල හදාගන්න ඕන නිසා කකුල දෙපාරක් තුන්පාරක් අතින් එහාට මෙහාට නමලා මන් හිටගෙන කකුල ගැසුවා....
"දැක්කනේ අජුම්මා මන් හොදින් ඔයා බොරුවට බයවෙනවනේ ඉතින්"
අජුම්මගේ කම්මුලත් මිරිකලා බෑග් එකත් අරගෙන මන් රූම් එකට දිව්වා......
"තව දවස් හතරයි හැමදේටම "
මගේම රූපේ දිහා කැඩපතින් බලාගෙන මන් මිමිණුවේ අතීතය ඉස්සරහට ගේන ගමන්...හැමදේම තත්පරේකින් විනාශ උනා වගේම හැමදේම තත්පරේකින් මට ලැබුනා...ඒත් අදටත් සම්පූර්ණ නැති හැගීමක් එක්ක මන් විදවනවා....
.
.
.
.
:Lora pov:
මේ ලෝකේ මන් වෛර කරන තැන වගේම ආදරේම කරන තැනට වෙලා මන් බලන් හිටියේ මගේ ඉස්සරහ තියෙන සොහොන් කොත දිහා.....
"බේබි ඔයාට ඔතන සීතලද..පාලුද පැටියෝ ඔතන....ඔයා බය නෑ නේද තනියම ඉන්න ආහ්...."
සොහොන් කොත උඩට වැටිලා තියෙන ගස් වල කොල අයින් අරන් ගමන් උත්තරයක් නොලැබෙනවා කියලා දැන දැනත් මන් කතා කරා.....
"බේබි මේ දවස්වල මට වැඩ ගොඩයි....ඉස්සරහට මට ඔයාව බලන්නවත් එන්න බැරිවෙන තරම් මන් බිසී වෙයි ඔයා ඔයාගේ ප්‍රින්සස් එක්ක තරහ වෙන්නේ නෑනේද එතකොට"
ලිලී බොකී එක සොහොන් කොත උඩ තියලා ඉටිපන්දම් පත්තු කරලා මන් බේබිගෙන් ඇහුවා.....
"බේබි මට ඔයා නැතුව පාලුයි...ගොඩම ගොඩක් මට ඔයා නැතුව පාලුයි...හැමවෙලේකම මට ඔයාගේ හුරතල් වැඩ,දඟකාරකම්,ප්‍රින්සස් කියලා දුවලා ඇවිත් මාව බදාගත්ත හැටි මට මැවී මැවී පේනවා බේබි...මට ඔයාව ආරක්ශා කරගන්න බැරිඋනා බේබි...මිආනේ....බේබි"
ලෝරා අඩනවා කියන එක විහිලුවක් වෙයි ගොඩක් දෙනෙක්ට...කෙල්ලෙක් උනත් මට කිසිම දේකට උණු වෙන හිතක් තිබුනේ නෑ...නෑ මට උණුවෙන හිතක් තිබුනා ඒත් මගේ බේබි හැමදේටම උනුවෙන ඒ හිතත් අරගෙන යන්නම ගිහින්...ඇස්වලින් රස්නෙට වැටෙන කදුලු නවත්තන්න ඕනකමක් මට තිබුනේ නෑ....හැමතැනකම ලෝරා කියන ශක්තිමත් කෙල්ල ඉස්සරහට එද්දී මට මගේ බේබිගේ ප්‍රින්සස් වෙන්න පුලුවන් උනේ බේබිගේ සොහොන ගාවදී විතරයි....එතන මට අඩන්න තහනමක් තිබුනේ නෑ..කව්රුත් මාව නැවැත්තුවෙත් නෑ.....Mansion එකේ පිටිපස්සට විහිදිලා තිබුන විශාල ඉඩමේ කොණේම මගේ බේබි සැපට නිදාගෙන ඉද්දී මන් ඇරෙන්න කිසිම කෙනෙක් බේබි ගාවට ආවේ නෑ....
ඉතින් මෙතන මට අඩන්න කාගෙන් තහනමක්ද?..
"බේබි ඔයාගේ ප්‍රින්සස් දැන් යන්නද ආයේ මට ඔයාව බලන්න කවදා එන්න පුලුවන් වෙයිද දන්නේ නෑ ඒත් පුලුවන් ඉක්මනට මම එන්නම් බේබි"
බේබිගේ සොහොනත් ඉබලා මගේ කදුලුත් පිහිදගෙන මන් Mansion එක පැත්තට ඇවිදන් ගියා....
"ජේවොන් ටයිගර්ලට එන්න කියන්න"
මගේ ඉස්සරහට දුවගෙන ආව ජේවොන්ව මන් දුර තියාම හරවලා යවලා බේස්මන්ට් එකේ තිබුන පුටුවෙන් ඉදගත්තා.....ජේවොන් එක්ක ටයිගර්ස්ලා ඇවිත් මට දනනවලා ආචාර කරා....
"මට ටික කාලෙකට එන්න වෙන්නේ නැති වෙයි සමහරවිට මාස තුනක් වගේ...මන් ඒකාලේ ඇතුලත මගේ වැඩ ටික කරගන්නකන් ජේවොන් එක්ක Mansion එකයි අපේ අනිත් ඩීල් හැමදේමයි ඇල්ෆා ඔයාලා බලාගන්න ඕනේ...වැදගත්ම දේ සුගාට අපි පසුබැහැලා කියන හැගීම එන විදියට වැඩ කරන්න"
මාස තුනක සමුගැනීමක් සමහරවිට ඊටත් කලින් මට මගේ වැඩ ටික කරගන්න පුලුවන් වෙයි...ඒ කාලේ ඇතුලත මට විශ්වාසවන්තම ජේවොන්ටයි ටයිගර්ස්ලටයි හැමදේම භාරදෙන එක හොදයි කියන එක තමයි මගේ එකම තීරණය උනේ....
"අපේ උපරිමය කරනවා බොස්"
ඇල්ෆා ගේ වචනෙත් එක්ක මන් ඔලුව වනලා අතින් සංඥා කරේ එයාලට යන්න කියන්න.....
"ජේවොන් සුගා මැරි කරනවා ඔයා ඒක දන්නවා මන් හිතන්නේ"
ජේවොන්ගෙන් අහද්දී එයා ඔලුව වැනුවේ දන්නවා කියන්න....
"මැරි කරනවා කියන්නේ සුගාට මාෆියා වැඩ වලට ලොකු අවධානයක් දෙන්න බැරිවෙනවා කියන එක...ඒනිසා සුගා වට්ටන එක ඒහැටි දෙයක් නෙමේ ඒත් අපි පසුබැහැලා කියන හැගීම එන විදියට වැඩ කරන්න ඕන තේරුනාද"
"තේරුණා බොස්"
"එකටම පාක් මෙලීව මරලා දාන්න ඕන එතකොට සුගාත් මන් වගේම විදවයි හැමදාටම...එතනින් එහාට සුගාව වට්ටන එක අමාරු වැඩක් නෙමේ"
මන් එහෙම කියාගෙන පුටුවෙන් නැගිටිද්දී ජේවොන් ඔලුව වැනුවේ එයාට මන් කියන දේ හොදටම තේරුණා කියලා අඟවන්න.....
_________________________💥💥💥
බේබී ඕනම කෙනෙක් විය හැක.....😌