-දින දෙකකට පසු-
:Yoongi pov:
තව දවස් හතරකින් මන් අකමැතිම දෙයක් කරන්න වෙලා...මැරි කරන එක මොන විකාරයක්ද කියලා හිතෙන තරමටම මන් ඒකට කැමති නෑ.....
"ඕයි ඔය ඉස්සරහ තියෙන ශොප් එකෙන් නවත්තනවා"
මෙලීගේ කටහඩටට මන් කා එකත් නවත්තලා එයා දිහා බැලුවේ හැගීම් රහිත විදියට.....මෙලීගේ frock එක ගන්න අප්පා මටත් යන්න කියුව නිසා වචනයක්වත් නොකියා මම කැමති උනේ දැන් අකමැති උනාට තේරුමක් නෑනේ කියලා.....
"තමුසෙගේ කටවැඩී...යන්න ඕන දිහාක පයින් යනවා මගුල...තමුසෙට ඕන ඕන තැන්වල මගේ කා එක නවත්තන්නේ නෑ"
මෙලීට මන් හිමීට උනත් තරහින් කියුවේ මට මේ කෙල්ලව දැකපු දවසේ ඉදලම එපා වෙලා තිබුන නිසා....
"පයින් යනවා තමයි ඇයි තමුසේ හිතුවද මේක විතරයි රටේම කා එකකට තියෙන්නේ කියලා"
මෙලී මගේ දිහාට ඇගිල්ලකුත් දික් කරන් කතුර වගේ කියවද්දී මන් එයාගේ පැත්තට බරවුනා...
"යාහ් ම්..මොනවද..කරන්නේ"
මෙලීගේ මූනයි මගේ මූනයි අතර තිබුන හුස්ම පරතරයක එක්ක එයා කතා කරේ ගොත ගගහ....මන් හිමීට කා එකේ දොර ඇරියේ එයාගේ ඇස් දිහා බලාගෙනමයි....දොර ඇරුන එක ගැනවත් එයාට ගානක් නොතිබ්බ නිසා මන් එයාගේ සීට්බෙල්ට් එකත් හිමීට ගැලෙව්වා......
"ආහ්....තමුසෙට පිස්සුද ඕයි"
සීට්බෙල්ට් එක ගලවපු ක්ෂණික මන් මෙලීව කා එකෙන් තල්ලු කරේ එයා මහපාරේම බිමට වැටීගෙන කෑගහද්දී...
"දැන් පයින් යනවා..."
අතේ වැලමිටත් අල්ලගෙන ඒකට පිබ පිබ ඉන්න මෙලී දිහා බලාගෙනම මන් දොර වහලා කා එක ස්ටාට් කරන් ඉස්සරහට ගීයේ සයිඩ් කණ්ණාඩියෙන් මෙලී දිහත් බලන ගමන්...බිම ඉදගෙනම අතත් දික්කර කර එයා මට බනිනවා කියලා තේරුනත් ඒ දේවල් නම් මට ඇහුනේ නෑ....
.
.
.
.
"මාක් ඇතුලට එන්න"
විනාඩි පහලවකට විතර පස්සේ Mansion එකට ආව මන් ගාඩ්ලා එක්ක මොනාද කතා කරන මාක්ට ඇතුලට එන්න කියාගෙන Mansion එක ඇතුලට ගියා....
"මෙච්චර ඉක්මනට ආවද හ්යොන්...මන් නම් හිතුවේ එන්න හවස් වෙයි කියලා"
ලැප් එකත් තියාගෙන පූල් එක ගාව බෙන්ච් එකේ ඉදගෙන හිටපු කුකී කිචන් එක පැත්තට යන්න හදපු මට කෑගහද්දී මාත් පූල් එක පැත්තට ගියේ කොල්ලා බරටම කරන වැඩේ මොකක්ද කියලා බලන්න ඕන නිසා.....
"කෝ ජීමිනුයි හ්යොනුයි"
දෙන්නගේ සද්දයක්වත් නැතිනිසා මන් ඇහුවා...
"ඒදෙන්නා කොහෙද මන්දා ගියා හ්යොන්"
ලැප් එකෙන් ඇස් අයින් කරගන්නේ නැතුවම කුකී කියුවා...
"මොනාද ඕකට එබීගෙන කරන්නේ "
Mansion එක ඇතුලෙම වෙපන්ස් තිබුන රූම් එකට තරමක් එහායින් තිබුන පූල් එක අපි හැමෝම නිදහසේ වැඩක් කරන්න ඕන වෙද්දී තෝරගත්ත තැනක්.....පෑනකුත් කනේ ගහගෙන කුකී බලන් ඉන්න ලැප් එකට කුකීගේ පිටිපස්සෙන් හිටගෙන මාත් ඔලුව දැම්මා.....
"හ්යොන් මේ තමයි දැනට ලෝකේ වැඩිම ගානකට යන drugs...කොරියාවේ ඇමතිලාගේ ඉදන් ක්ලබ්කාරයින් වෙනකන් හොයන්නේ මේක..."
කුකී ලැප් එකේ පින්තූර වගයක් ලොකු කර කර මට පෙන්නුවේ බලාපොරොත්තු ගොඩක් එක්ක......
"මේක හ්යොන් ඇමරිකා වල විතරයි තියෙන්නේ.....මේ drugs කොච්චර ගානකට ගියත් මේවාවල අයිතිකාරයා මේවා හැමෝටම විකුනන්නේ නෑ"
"ඒ කියුවේ කුකී"
අන්තිමට කියපු දේවල් නොතේරුන නිසා මන් කුකීගෙන් ඇහුවේ බෙන්ච් එකේ පැත්තකින් ඉදගන්න ගමන්....
"මාෆියා අයට විතරයි මේක ඌ විකුනන්නේ ඒකත් ඇමරිකාව එක්ක වෙපන්ස් සම්බන්ධ දේවල් වලදී එකතු වෙන අයට විතරයි"
කුකී කියන්න හදන දේ මට නොතේරුනාම නෙමේ ඒත් මන් මුකුත් නොකියා එයා කියනදේ අහගෙන හිටියේ එයාටම කියන්න ඉඩදීලා.......
"ඉතින් හ්යොන් අපි වෙපන්ස් ගන්නේ ඇමරිකා වලින්නේ...ඒනිසා අපිට drugs ගන්න එක අමාරු දෙයක් නෙමේ..."
"බොස්"
මාක් අපි ගාවට ඇවිත් මට ආචාර කරද්දී කුකී එයාගේ කතාව නැවැත්තුවේ මාක් ආවේ ඇයි කියලා ඇස්වලින් මගෙන් අහන ගමන්....
"ලෝරා ගැන ආරන්චියක් නැද්ද මාක්"
එදා ඇටෑක් එකෙන් පස්සේ ලෝරාගේ සද්දයක්වත් නැතිකම මට ගෙනාවේ ලොකු ප්‍රශ්නයක්.....
"ලෝරා කිසිම ගනුදෙනුවක් මේ දවස් ටිකේ කරලා තිබුනේ නෑ බොස්...ඒවගේම එයාගේ කා එකත් Mansion එකෙන් පිටත් වෙලා නෑ"
මාක් කියද්දී මන් ඔලුව වැනුවේ එයාට යන්න කියන්න....මාක් මටයි කූටයි ආචාර කරලා ගියාට පස්සේ මන් ආයෙත් පරණ කතාවට වැටුනා....
"ඉතින් කුකී දැන් ඔය drugs වල විශේෂේ මොකක්ද"
මෙච්චර අගේ කර කර කියවන drugs එකේ විශේෂත්වය දැනගන්න මට තිබුනේ නොඉවසිල්ලක් මොකද ලෝකේ වැඩිම ගානකට යන drugs කියන්නේ අනිවාර්යෙන් ලොකු විශේෂයක් තියෙන්න ඕන....
"මේකට හ්යොන් නීතියෙන් බාදාවක් නෑ සම්පූර්ණ අවසරයක් තියෙනවා තව 1mg එකක් කෝටියකට එහා වෙනවා....විශේෂම දේ තමයි හ්යොන් 3mgට වඩා පාවිච්චි කරොත් මැරෙනවා මැරුනු විදිය හොයාගන්නවත් බැරි විදියට"
කුකී අන්තිමට කියපු දේත් එක්ක නම් මට පුදුම හිතුනේ මන් එහෙම දෙයක් බලාපොරොත්තු නොඋන නිසා....
-MEANWHILE-
:Meli pov:
ඇදුන්කන වැලමිටත් අල්ලගෙනම මන් ශොප් එකේ බිල් එක පේ කරේ යුන්ගිත් එක්ක තිබුන තරහ හදවත ඇතුලේ ජෝගි නටද්දි......
"මැඩම් මෙන්න මැඩම්ගේ frock එක....ආයෙමත් එන්න"
frock එක දාපු බෑග් එකත් මගේ අතට දීලා ඒ ගෑනු කෙනා කියුවේ හරි සුහද විදියට.....
බරට බරේ එල්ලෙන බෑග් එක තනිඅතට අරන් ශොප් එකෙන් එලියට ආවේ පිස්සෙක් ගානට...ඇත්තටම මොකෙක්හරි මාව දැක්ක නම් පිස්සෙක් ගානට තමා හිතන්නේ ඇයි ඉතින් රතු පාට දනහිසට ටිකක් උඩින් තිබුන ගවුමේ තැනින් තැන ජරාව වැදිලා ඒ අස්සේ නොන්ඩි ගගහ යද්දී මොනාද මිනිස්සු මන් ගැන නොහිතන්නේ....කකුල උලුක්කු උනේ අර පිස්සු යකා මාව කා එකෙන් තල්ලු කරපු වෙලේ හීල් එකත් එක්කම කකුල පොඩ්ඩක් පෙරලුන නිසා.....ඇවිදින්න බැරි උනත් මන් පයින්ම ගෙදර යන්න හැදුවේ හිතුවක්කාරකමට මට යුන්ගිව බදින්න ඕන කියලා ඒ යකා මාව තල්ලු කරා කියලා දැනගත්තොත් අප්පා මගෙත් කකුල් කඩලා යුන්ගිව බෙල්ලෙන් එල්ලයි කියලා හිතුන නිසා....
"ඕහ් අර ඉන්නේ පුංචි උනත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ නේද..."
මන් මටම මුමුන ගත්තේ මගෙන් අඩි විස්සක් විතර ඉස්සරහට වෙන්න තිබුන කොෆි ශොප් එකක් ඇතුලට යන යුන්ගිගේ ලේකමුයි තව දැක්කත් බඩපිරෙන උස කොල්ලෙක්වයි දැකපු නිසා....
එකෙක් මගේ කකුල කඩලා දාලා යද්දී තව එකෙක් ඉන්නවනේ මට පලිගන්න කියලා හිතාගෙන මන් හිමීට බඩගෑවේ කැෆේ එක පැත්තට.....කොහොමහරි අමාරුවෙන් කැෆේ එක ඇතුලට ආව මන් බැලුවේ අර කොට පරාණේ කෝ කියලා....කැෆේ එකේ මුල්ලක් අල්ල ගෙන අර දැක්කත් බඩපිරෙන කොල්ලා එක්ක කයියක් එයා.....
"ආහ් යුන්ගිගේ ලේකම් කොහොමද ඉතින්"
මට පිටුපාලා හිටපු කොට පරාණේ මගේ පැත්තට හැරුනේ මේ මොන හෙනයක්ද පාත් උනේ වගේ බැල්මකින්.....
"තමුසේ මොකද මෙතන කරන්නේ..අනික මන් යූන්ගිගේ ලේකම් නෙමේ මම ජීමින් පාක් ජීමින් යුන්ගිගේ මල්ලී"
පුහ් මේකාගේ ගෑස් බලකෝ..කෙල්ලෙක් උන මටවත් ඔච්චර ලස්සනට රවන්න බෑ.....
"ආහ් ලේකම් නෙමේද මන් හිතුවේ එදා නැට්ට ගිනිඅරගෙන දගලපු විදියට ඔයා යුන්ගිගේ ලේකම් කියලා...කොහොමහරි පාක් ජීමින් අපි දෙන්නම පාක් නිසා අපිට සහයෝගෙන් කටයුතු කරන්න පුලුවන් වෙයි"
මන් ජීමින්ට එහාපැත්තෙන් තිබුන පුටුවෙන් වාඩිවෙලා ජීමින්ට අතදෙද්දී ජීමින් මන් දිහාට පාඩුවේ ඉදපන් වගේ බැල්මක් දාලා අර කොල්ලා දිහා බැලුවා......
"අන්යොන් මන් පාක් මෙලී...තව දවස් හතරකින් මින් මෙලී..ඉතින් ඔයා කව්ද"
මන් අර කොල්ලා පැත්තට අත දික්කරාම එයා නම් බලන් හිටියේ පුදුම වෙලා....
"ආහ්..මන් කිම් සොක් ජීන් යුන්ගිගේ අයියා"
එයා නම් ජීමින්ට වඩා සුහදශීලීව හිනාවෙලා මට අතට අත දුන්නා....
"තමුසේ මොකද මෙතන කරන්නේ..කෝ හ්යොන්"
ජීමින් මන් දිහා බලන් ඇහුවේ හරියට එයාගේ හ්යොන්ව මන් මරලා දාලා වගේ බැල්මකින්.....
"තමුසේ තමුසේ ගාන්නේ මොකද ආහ් තමුසෙගේ වයස කීයද කියනවා ඔක්කොටම කලින්....එතකොට මෙතන ප්‍රශ්නේ තමුන්ගේ හ්යෝන් නම් ඒ යකා ගෙදර ගිහින් ඇති"
මන් ගානක්වත් නැතූව කියලා දැම්මේ යුන්ගිව මතක් කරද්දීත් මට තරහ යන නිසා....
"මට වයස කීයක් උනත් තමුසෙට මොකද..අනික යකා කව්ද"
ජීමින් ඒක නම් කියුවේ රතුකරගත්ත ඇස් දෙකකින්...දෙයියනේ මිනිස්සුන්ට වයස ගැන ඇහුවත් මෙච්චර තරහ යනවද ඔව් ඉතින් කොට අයට තරහ යනවා කියන්නේ කටකහනවට නෙමේනේ....
"ඉතින් මෙලී ඇයි ඔයා නොන්ඩි ගගහා ආවේ"
අනේ අර සූටි ජීන් කොලුවට විතරයි මන් නොන්ඩි ගගහ ආව එක පෙනිලා තියෙන්නේ...
"මේ ජීමීන්ගේ මහලොකු හ්යොන් මාව කාර් එකෙන් තල්ලු කරලා දැම්මා ජීන් ඔප්පා ඒකයි...ආහ් මන් මරලා දානවා යුන්ගි තමුසෙව"
මේසෙට තුවාල නොවුන අතින් පුංචි පාරක් ගැහුවේ මටත් තරහ යනවා කියලා ජීමින්ට කියලා දෙන්න ඕන නිසා....
:Jimin Pov:
"කට පරිස්සම් කරන් කතා කරපන් හරී"
මෙලී කියුව කතාවට මන් විහිලුවට උනත් තරහින් කතා කරේ එයාට මොකුත් කරගන්න බැරිඋනත් පොඩ්ඩක් බය කරලා හරි තියාගන්න ඕන නිසා....
"අනේ..කව්රුහරි මාව බේරගන්නකෝ...මේ මනුස්සයා මට ගහන්න හදන්නේ..අනේ දෙවියනේ මාව බේරගන්න "
මෙලී එකපාරට කැෆේ එකටම ඇහෙන්න කෑගහන්න ගත්තම මායි හ්යොනුයි මූනට මූන බලාගත්තේ මේ මොන මගුලක්ද උනේ කියන බැල්මකින්......කැෆේ එකේ හැමෝම අපි දිහා බලද්දී මන් මෙලීගේ කට මගේ අතින් තදකරලා වහගෙන කැෆේ එකේ හැමෝටම ඔලුව වැනුවේ සමාව ඉල්ලන ගමන්....
"ආහ්..."
මට කෑගැස්සුනේ මෙලී හයියෙන් මගේ අත හපපු නිසා...මෙලීව අතෑරලා මන් අත දිහා බලද්දී දත් පාර හොදට හිටින්නම මේකි මාව හපලා....ඔලුව කුඩුවෙන්නම වෙඩි තියලා දාන්න හිතෙද්දී මන් සන්සුන් උනේ හ්යොන් ඔලුව දෙපැත්තට වනලා මට සන්සුන් වෙන්න කියද්දී.....
"දැන් පේනවා ඇතිනේ තමුසෙට මට මොනාද කරන්න පුලුවන් කියලා ඒනිසා කට පරිස්සම් කරන් හිටියොත් හොදයි"
මෙලී මට ඇගිල්ලකුත් දික් කරලා කියද්දි මන් හ්යොන්ට ඔලුවෙන් සංඥා කරේ මෙතනින් යමු කියන්න....සන්ග්ලාස් දෙකත් දාගෙන මායි හ්යොනුයි කැෆේ එකෙන් එලියට එද්දී මෙලීත් නොන්ඩි ගගහ එනවා දැනුනත් මායි හ්යොනුයි ඉක්මන් කරලා ඇවිද්දා ඒත් මොන හේතුවකටද මන්දා මෙලී අපිව ඉස්සර කරන් ගියේ එයාගේ කකුලත් උලුක්කු වෙලා කියන එක අමතක කරගෙන....
"මෙලී..."
මායි,හ්යොනුයි කෑගහුවේ අපිව ඉස්සර කරන් ගියපු මෙලීට හීනෙකින්වත් හිතපු නැති දෙයක් උන නිසා....
_____________________💥💥
මනංකල්පිතයකි ඒනිසා මන් කතාව ඇතුලේ මට කැමති දේවල් හදනවා හොදේ