seven notes

By boosooky97

2.9K 441 1.2K

🤗🤗🤗 short story හතක්..🙄🙄❤️love story 😅😅😅🙄🙄sad ending ඒවත් තියෙ..🤪🤪🤪 More

seven notes
the hidden writer's love story -- part -01
The hidden writer's love story
The hidden writer's love story
The hidden writer's love story
The hidden writer's love story
the hidden writer's love story
we haven't enough time
we haven't enough time
we haven't enough time
we haven't enough time.
we haven't enough time
we haven't enough time
gook's diary
gook's diary
the last kiss.❤️
The last kiss ❤️
the last kiss❤️
the last kiss❤️
The last kiss❤️
The last kiss❤️

My hope🏵️

105 9 17
By boosooky97

Part 01..

Hope......

"" මේකි තවත් නෑනේ දෙයියනෙ..""

"" ඒක තමයි බන්.අපිට තව ටිකක් ඉදලම මේකිව ඇදගෙන එන්න තිබ්බෙ..මගුල..."""

බෝනයි , රියායි ඔලුවෙ අත ගහ ගෙන බැන්නෙ බලන් ඉදලා බැරිම තැන..තව විනාඩි 10කින් lecture  පටන් ගන්නවා..ඊට විනාඩි 5කට කලින් lecturer  එනවා..ඒත් චීනූ තාම නෑ...

එක පාරට lecture  hall එකෙන් සූවක් පටන් ගත්තා..බෝනයි ,රියාත් lecture hall එකෙ දොර දිහා බැලුවෙ මොකටද කට්ටිගෙ හුලං බහින්න ගත්තෙ කියලා බලන්න.. lecture hall එක ඇතුලට ආවෙ ලස්සන කොල්ලෙක්..සුදු පාට t shirt එකට blue  පැච් ඩෙනිම ඇදලා එක  කරකට දා ගත්තු බෑග් එකෙ පටියකින් අල්ලගෙන මූනට වැටිලා තිබ්බ කොන්ඩෙ අතින් හැදුවා....කොල්ලා 🙃 කුමාරයෙක් වගෙ.. කෙල්ලො කොල්ලො එකට සූව දාගෙන කටත් ඇරන් බලං හිටියා..ඒත් ඒ කොල්ලට නම් කාවවත් ගනන් ගන්න පාටක් තිබුන්නැ.... එයා කෙලින්ම ඇවිල්ල වාඩි වුනේ බෝනයි , රියයි වාඩි වෙලා හිටපු ඩෙස්ක් එකට පිටිපස්සෙ ඩෙස්ක් එකෙ...

හුටා...බෝනයි..රියායි මූනට මූන බලාගත්තා..චීනු ඉන්න ඩෙස්ක් එක..ඒ හෝන්තුව ඒක තනියම අයිති කරන් හිටියෙ..කාටවත් වාඩි වෙන්න දුන්නැ..ආවම චුරු චුරු ගායි ඩෙස්ක් එක අල්ල ගත්තෙ නෑ කියලා...

"" ඒ ... ජන්ග් සොන්ග් ගෙ එකම පුතා බන්.මන් දැක්කෙත් tv එකෙන්..මේ ලගදි එයාලා අලුතෙන්ම හොටෙල්  එකක් පටන් ගත්තා ""
   ඉස්සරහ ඩෙස්ක් එකෙ හිටපු ලමයි දෙන්න කොදුරපු එක යාන්තමට රියාටයි,බෝනටයි ඇහුනා..""යකො""  රියා කියවෙද්දි බෝනා කටටත් අත තියාගෙන රියා දිහා බැලුවා..

"" ජන්ග්  ""  ව්‍යාපාර ජාලය... කොරියාව පුරාම ප්‍රසිද්දයි.. සෝල් වල අංක එකේ ව්‍යාපාර ජාලය.. අයිති ජන්ග් සොන්ග්ට..
ඇත්තම කිවුවොත් ජන්ග් සොන්ග් මාෆියා කින්ග් කෙනෙක්..🙂✋ හැමෝම ඒ ගැන දැනගෙන හිටියා.. ජන්ග් හේසොක් ... ජන්ග් සොන්ගෙ එකම පුතා..අවුරුදු ගානක් හිටියෙ ඇමරිකා වල...

සූව ඉවර වෙලා..එත් කෙල්ලො ටිකනම් තාමත් බෙල්ල හරෝගෙන හිටියෙ හේසොක් දිහාවට..ඒත් එයාට නම් ගානක් නෑ .. කොල්ලා කෙලින්ම ඉස්සරහා බලාගෙන හිටියා...

ඒ අස්සෙ ඈනුම් ඇර ඇර නිදි හිරි කඩ කඩ යන්තන් බෑග් එකත් බිම ඇතිල්ලෙද්දි ඇදගෙන lecture  hall එකට ආවෙ චීනූ...

"" නැගිටපන් .. අඩුතරමෙ ඇස් දෙක ඇරගෙනවත් ඇවිදපන්."" රියා නැගිටලා ලගට ආපු චීනුට අත දිගෑරලා එකක් ගැහුවා..

"" රෑ තිස්සෙ නිදාගෙන තවත් නිදි.උබ මොකෙක්ද මන්ද..මන් දන්නැ.උබෙ ඔය යක්ස නින්ද කවදා ඉවර වෙයිද කියලා"" බෝනා පොත් ටිකත් එහාට කරලා ඉඩ හැදුවෙ චීනුටත් වාඩි වෙන්න ඉඩ දෙන්න..
'" මෙතනින් වාඩි වෙයන්""

ඒත් ඒ වෙනකොටත් චීනු පස්සෙ ඩෙස්ක් එක ගාවට ගිහින් ඉවරයි..

"" excuse me..මිස්ට පොඩ්ඩක් ඉඩ දෙනවද මට එහා පැත්‍තට යන්න"" චීනු හේසොක්ගෙන් ඇහුවා.. හේසොක් රවලා චීනු දිහා බලලා ඉස්සරහ බලා ගත්තා...

"" excuse  me.. මේ මං හැමදාම ඉන්න ඩෙස්ක් එක..""  ඒත් හේසොක් නම් චීනුව ගනන් ගත්තෙවත් නැ.. රියා හෙමීට චීනුගෙ බෑග් එකෙන් ඇදලා ඇස් කරකවලා පෙන්නුවෙ එයාල ගාවින් වාඩි වෙයන් කියලා..

ඒත් චීනුට දෙයක් කියනවට වඩා හොදයි කියන කට  , හොද නයිලෝන් නූලකින් හිඩසක් නැතිවෙන්න කියන එකාම මහ ගන්නවා.. චීනු  හරිම මුරන්ඩුයි.. බෝනයි රියායි බයවුනෙ හේසොක් එක්ක වලියක්වත් ඇදගනී කියලා..ඒම උනොත් හෙට උදේට තුන්දෙනාගෙම කෑලි සොල් වල තැන් තැන් වල පාලම් යටින් හොයාගන්න පුලුවන් වෙයි..

චීනු එක පාරට ලියන ඩෙස්ක් එක උඩට නැගලා හේසොක් වාඩි වෙලා ඉද්දිම දනගාගෙන ගිහින් බැහැලා හේසොක්ගෙ එහා පැත්තෙන් වාඩි වුනා..හේසොක් බයවුන පාරට කට ඇරිලා..ඇස් ලොකු වෙලා.. රියායි ,බොනයිත් බය වෙලා වගෙ බලං හිටියා..මුලු හෝල් එකම එහෙමයි..

  "" good morning  "" ලමයි.. professor  ලමයිට greeting කරන ගමන් හෝල් එකට ආවා.. හැමෝම වාඩි වෙලා ඉස්සරහට හැරුනෙ පාඩම අහ ගන්න.. රියාත් චීනුට රවලා වාඩි වෙලා ඉස්සරහ බලාගත්තා..

ඒත් හේසොක් නම් තාම බයවෙලා චීනු දිහා බලන් ඉන්නවා..
"" මේ.. කෙල්ලට ලැජ්ජවක් නැද්ද? කොල්ලෙක් ඉස්සරහ පේන්නම එහෙම යන්න..."" 

චීනු පාඩුවෙ පොත් ටික බෑග් එකෙන් එලියට ගත්තා..professor  උගන්නවා.. හේසොක් තාම බලාගෙන .. චීනු හෙමීට නැමිලා ඩෙස්ක් එකේ දාරෙක ලියපු දෙයක් පෙන්නුවා... මොකකින් හරි හූරලා "" චීනු "" කියලා ඒකෙ නම ගහලා තිබුනා කාටවත් පෙන්නෙ නැතිවෙන්න..""දැක්කනෙ මේතන මගෙ""

හේසොක් ආපහු ඉස්සරහට හැරුනා.. professor  ඇවිල්ලා හින්දා වෙන ඩෙස්ක් එකකට යන්න බෑ...එවලෙ ඉදන් හේසොක්වත්  ඒ පැත්තවත් බැලුවෙ බෑ...

පැයක් විතර ගතවුනා.. හේසොක්ට පාඩම අස්ස ඇහුනෙ ගොරෝන සද්දයක්..එහා පැත්තෙන් ඇහෙන්නෙ.. හේසොක් හැරිලා බලද්දි දැක්කෙ හොදට පොත උඩ ඔලුව තියාගෙන නිදාගෙන ඉන්න චීනුව.. professor  අරෙහෙ පන දාගෙන උගන්නද්දි චීනු ගොරව ගොරව නිදි..ඒ විතරක් නම් මදෑ.. කුනු කෙලත් පෙරනවා.... කුනු කෙල පොතේ කොල උඩට වැටිලා ඒවා රවුම් රවුම් හැදිලා...🤣 

  """ හෑයීයා.....😖🤢""   හෙට ඉදන් නම් මේකි  ඉන්න  පැත්තකවත් වාඩි වෙන්නැ  කියලා හේසොක් හිතාගත්තා..

ගොරවන සද්දෙ බොනටයි , රියාටයිත් ඇහෙනවා..බෝනා හෙමීට ඉස්සරහ හැරිලම හෙමීට චීනුට පෑනෙන් ඇන්නෙ නැගිට්ටවන්න.. professor  දැක්කොත් ඉවරයි...

චීනු තියා චීනුගෙ බල්ලවත් නෙවෙ නැගිට්ටෙ..බොනා පෑනෙන් ඇන ඇන නලියනවා professor  දැක්කොත් තව එකක්.
චීනුට එහෙම්ම ඉන්න ඇරලා බෝනයි රියායි පාඩම අහ ගත්තා..

Lecture  එක ඉවර වෙලා professor  යනවත් එක්කම හේසොක් බෑග් එකත් කරට දාගෙන නැගිටලා යන්න ගියා... ඒත් එක්කම චීනුත් නැගිට්ටෙ කුනු කෙලත් පිහි දාන ගමන්..

බෝනයි, රියයි දන්නවා චීනුට කොච්චර බැන්නත් තේරුමක් නෑ කියලා.. "" ඉදකින්.. උබෙ note පොතේ ගන්න දෙයක් නෑ කුනු කෙල පෙරලම...."" 

හවස lecture  නැති නිසා දෙන්නත් එක්කම චීනුත් ඇදගෙන ගියේ තුන් දෙනා එක්කම නැවතිලා හිටපු ගෙදරට..

"" උබ .. මොකද අර ජන්ග් හේසොක් එක්ක පැටලෙන්න ගියෙ?"" රියා campus එකෙන් එලියට ආපු වෙලෙ ඉදන් චීනුට දෙස් දෙවොල් තියන්න ගත්තා..

"" මන් පැටලුනේ නෑනෙ..එයානෙ එහාට වුනේ නැත්තෙ..එහාට වෙලා ඉඩ දුන්න නම් මන් එහෙම කරන්නෙ නෑනෙ""

"" උබ දන්නවද ඒ කවුද කියලා""

"" කවුරු උනත් මට මොකො.. මිනිහගෙ පුදුම ලොකු කමක්නෙ තියෙන්නෙ..😒""

"" එයා ජන්ග් සොන්ගෙ පුතාලු"" 

"" අර.. ජන්ග් ව්‍යාපාර ජාලයේ ජන්ග් සොන්ග් නෙමේ නේද?  🙄

"" එයා තමයි .. මෝඩියේ""

"" හෑපෝ...😒 ඒක තමයි අර කෙස් ගහේ ඉදන් ආඩම්බරකම.. ඒ වුනාට  පුතා කොහොම උනත් මිස්ට සොන්ග් නම් හිත හොද මනුස්සයා හොදේ....මන් හිතන් හිටියෙ මේ කැම්පස් මගුල දමලා ගහලා එයාගෙ මාෆියා කල්ලියකට ජොයින් වෙලා 😌 මාෆියා වැඩ වලට උදව් කරන්න.. 🙃 ""

"" අනෙ උබට කියනවට වඩා හොදයි.""

------------------------------------------------

රියා,බෝනා,චීනු හොදම යාලුවො..තුන් දෙනාම පොඩි කාලෙ ඉදන් හිටියෙ එකට..  ලග ගෙදරක් සල්ලි වලට අරගෙන හිටියෙ තුන් දෙනාටම කැම්පස් යන්න ලේසි නිසා..
චීනු කියන්නෙ සම්පූර්ණ අවුල් ජාලයක්..කෙල්ලට තිබ්බෙ හුගක් හුරතල් පෙනුමක්..

***
වෙනදට නිදාගෙන පරක්කුවෙලා දුවනු චීනු අද රියායි,බෝනයි එක්කම උදෙන් ආවෙ අදත් ඩෙස්ක් එක අල්ලන් ඉන්නවද බලන්න...ඒත් හේසොක් ඇවිල්ලා හිටියෙ නෑ... තුන් දෙනාම ගිහින් ඩෙස්ක් වල වාඩි වුනා.. ටිකකින් හේසොක් ආවා.. පංතියම හෑස් හූස් ගාගෙන බලන් ඉන්නවා..  රියත් එක පාරක් බලලා පොත දිහා බලාගත්තා.. චීනූ නම් ඇහැක් ඇරලවත් පැත්තවත් බැලුවෙ නෑ..මුලු cls එකෙන්ම හේසොක් ගනන් ගත්තෙ නැතුව වත් හිටිය එකම කෙල්ල චීනූ..බෝනා නම් සිහි නැතුව 4n එකේ .. බෝනගෙ නම්ජචිංගුට 😌 ආදර බස් කොටනවා...

හේසොකුත් වට පිට නොබල ඇවිල්ලා හිස් වෙලා තිබ්බ රේචල්ගෙ ඩෙස්ක් එකේ ඉද ගත්තා...මුලු පංතියෙම ආපහු සූව...

රේචල්ගෙ මූනෙ මල් හතයි.. ""  good morning "" රේචල් කිවුවෙ දාන්න පුලුවන් හැට හතර මායමම දාලා... ඒත් හේසොක්ගෙන් ප්‍රතිචාරයක් නෑ...

"" හායි.. ඔප්පා මම රේචල්""  රේචල් හේසොක්ට අත දික් කරා...

"" ඔප්පා"" 🤨 හේසොක් රවලා රේචල් දිහා බැලුවා... වටේ ඉන්න කෙල්ලොයි කොල්ලොයි සේරොම හේසොක්ට අත දික් කරන්නයි කතා කරන්නයි පටන් ගත්තා.. හැමෝටම ඕනි උනේ හේසොක්ට ලං වෙන්න..මොකද හේසොක් කියන්නෙ ලේසි පහසු කෙනෙක් නෙවෙනෙ..

හේසොක්ට නම් මේක වදයක්... එයා කවුරුවත් ගනන් ගත්තෙ නැ.. professor  ඇවිල්ලා  lecture  එක පටන් ගත්තා.. හේසොක්ට රේචල් ගාව ඉදලා එපා උනා..වාඩි වුන වෙලාවෙ ඉදන් රේචලුයි වටේම ඉන්න කෙල්ලොයි කොල්ලොයි කන්න වගේ බලන් ඉන්නව..කතා කරනවා.ඇබරෙනවා..කොන්ඩෙ කරකවනවයි..නාඩගමයි එතන.ඊට වඩා අර ඊයේ හිටපු තැන හොදයි..

-------

ඊලග දවසෙ රේචල් පොත් ටිකත් මෙහාට කරලා ඉඩ හදන් බලන් හිටියෙ හේසොක් එනකන්.ඒත් හේසොක් රේචල්ව පහු කරන් ගිහින් වාඩි වුනේ චීනු ගාවින්...

චීනු නම් වාඩි වුනේ.. කවුද කියලවත් බැලුවෙ නෑ.. රියායි බෝනයිත් පාඩුවෙ එයාලගෙ වැඩ.. හේසොක්ට කිසි කරදරයක් නෑ.. අද තිබ්බෙ botany  lecture  එකක්.. චීනු අදනම් යන්තන් ඇහැරලා පාඩම අහන් ඉන්නවා හේසොක්ට ඇස් කොනකින් පෙනුනා...

"" ලමයි .. අපි පොඩි picnic  එකක් යන්න ඉන්නෙ..picnic  එකක් කිවුවට educational  වැඩකට යන්නෙ... botany වල අපේ ඉස්සරහට එන පාඩම් ටිකකට අදාල plants live නිදර්ශක අපි බලන්න යන්නෙ..ඒ වගේම ඒ ගැන හොදට බලලා ඒ කොටස් ඉවර උන ගමන් මට ඒ ගැන වාර්තාවක් ඕනී.. මේක individual  activity  එකක් නෙවෙයි මම ඔයාලව group  කරනවා.. ඔය දැන් වාඩි වෙලා ඉන්න desk වල ඉන්න අයම දෙන්නා දෙන්නා එකට group  වෙන්න... තමන්ගෙ partner  ගැලපෙන්නෙ නෑ වගේනම් lecture  එක අවසානෙ දෙන්නටම කතා වෙලා මාරු වෙන්න පුලුවන්.... හෙට වෙද්දි මට group  ඔක්කොගෙම නම් ලියලා ඕනි..මොකද ඉස්සරහට දෙන හැම group  assignment  එකක්ම ඔයාලා කරන්න ඕනි  ඔය දැන් ඉන්න group  partner  එක්කමයි"""

"" හෑ....😣""   රියයි බෝනයි දෙන්නම  චීනු දිහා බලද්දි චීනුගෙ මූන තැලුනු අඹ ගෙඩියක් වගෙ වෙලා... හේසොක්ට නම් කිසිම ගානක් නෑ වගෙ..

Professor  පිටවෙලා යනවත් එක්කම චීනු හේසොක්ට කතා කරන්න හිතුවෙ කතා වෙලා group  එක මාරු කරගන්න කියලා හිතාගෙන.මොකද චීනු වගේම හේසොකුත් චීනුට පොඩ්ඩක්වත් කැමති නෑනෙ...

"" අහ්ම්ම්ම්ම්..මේ... හේසොක්...""

"" මන් group  මාරු කරන්න කැමති නැ.. හෙට මගෙ නමත් එක්ක group එකෙ නම් professor  ට දෙන්න.."" චීනුට කියන්නවත් ඉඩ නොතියා හේසොක් චීනුට තර්ජනේ කරලා බෑග් එකත් කරට දාගෙන යන්න ගියා...

"" ඒයී.. ඒයී.. හේසොක්.. ඒයි.. ජන්ග් හේසොක්.. තමුසෙ කොහොමද එහෙම කියන්නෙ..මන් කැමති නෑ..මන් කැමති නෑ කිවුවනෙ තමුසෙත් එක්ක group  එකෙ ඉන්න.. ඔහොම ඉන්නවා.. හේ...සෝ..ක්ක්..""
චීනු කෑ ගහද්දිම ඒ ගැන ගානකටවත් නොගත්තු හේසොක් හෝල් එකෙන් පිට වෙලා යන්න ගියා...

"" කෑ ගහන්න එපා යකො.. එයාට කිවුවට වැඩක් නෑ.. මිනිහා කිවුවොත් කියපු දෙයක් වෙනස් කරන ජාතියෙ කෙනෙක් නෙවෙ වගෙ..කට වහපන් යකො.පංතියම බලන් ඉන්නවා""  බොනා චීනුගෙ කට අතින් වැහුවෙ මුලු පංතියම බයවෙලා වගෙ චීනු දිහා බලන් හිටපු නිසා..රේචල් නම් එකසිය ගානට රවනවා... චීනු බුම්බගෙන බෑග් එක ඇදලා අරන් කරට දා ගත්තා....

රියාටයි බෝනටයි කරගන්න දේකුත් නෑ..🙂✋ චීනු එක්ක වැඩක් කරන්න හරිම අමාරුයි.. හේසොක් ඊට එහා.. ඉස්සරහට හොද නාඩගමක් මුලු කැම්පස් එකටම බලාගන්න වෙනෝ කියලා බෝනයි රියයි චීනු පස්සෙන්ම ගෙදර යන්න ගියා.......

           මා හෝපේ🥺🥺🥺🥺

හායි මගෙ 😌 බබීලා..🤭 ගොඩ කාලෙකින්....

Continue Reading

You'll Also Like

142K 6.5K 36
"I can never see you as my wife. This marriage is merely a formality, a sham, a marriage on paper only." . . . . . . She was 10 years younger than hi...
461K 31.4K 47
♮Idol au ♮"I don't think I can do it." "Of course you can, I believe in you. Don't worry, okay? I'll be right here backstage fo...
61.7K 1.2K 46
*Completed* "Fake it till you make it?" A PR relationship with a heartbroken singer in the midst of a world tour sounds like the last thing Lando Nor...
157K 17.2K 23
"𝙏𝙤𝙪𝙘𝙝 𝙮𝙤𝙪𝙧𝙨𝙚𝙡𝙛, 𝙜𝙞𝙧𝙡. 𝙄 𝙬𝙖𝙣𝙣𝙖 𝙨𝙚𝙚 𝙞𝙩" Mr Jeon's word lingered on my skin and ignited me. The feeling that comes when yo...