My Empress 🖤️✨ ( Sinhala Ff...

By Daisy_Dinu

6.2K 1.4K 506

අතීතයේ හදවතකට පෙම් බැදි කාලතරණය කළ ගායකයෙක්.... 🌹 මේ Story එක කාලතරණ කතාවක්...අතීත රාජධානියකට ගිය ගායකයෙක්... More

හැදින්වීම 🖤
Chapter : 01 🖤✨
Chapter : 02 🖤✨️
Chapter : 03 🖤✨️
Chapter : 04🖤✨️
Chapter : 05 🖤✨️
Chapter : 06 🖤✨️
Chapter : 07🖤✨️
Chapter : 08 🖤✨️
chapter : 09 🖤✨️
Chapter : 10 🖤✨️
Chapter : 11 🖤✨️
Chapter : 12🖤✨️
Chapter : 13 🖤✨️
Chapter : 14 🖤✨️
අතීත රාජධානියේ චරිත හදුනගමු 🖤✨️
Chapter : 15 🖤✨️
Chapter : 16 🖤✨️
Chapter : 17 🖤✨️
Chapter : 18 🖤✨️
Chapter : 19 🖤✨️ (SP❤🌹)
Chapter : 20 🖤✨️
Chapter : 21🖤✨️
Chapter : 22 🖤✨️
Chapter : 23🖤✨️(SP❤🌹)
Chapter : 24 🖤✨️
Chapter : 25 🖤✨️(PART1)
Chapter : 25 🖤✨️(PART2)
Chapter : 26 🖤✨️(PART1)
Chapter : 26 🖤✨️(PART2 , LAST)
පසුවදන ~ 🖤

Chapter : 19 🖤✨️

159 33 16
By Daisy_Dinu

My Empress ✨️🖤
Character :19 👑
_______________________________

@පියුම් අසපුව
රාත්‍රිය

🌟AUTHOR POV :

මෝයා වාඩි වෙලා නිකටට අත තියන් බර කල්පනාවක ගිලෙද්දි ,ඩෝයූන් කළේ  නොනවත්වාම කාමරේ එහාට මෙහාට ඇවිදපු එක..කාමරේ ඇතුළේ නිහැඩියාවක් තිබුණත් ඒ නිහැඩියාව අතර දෙන්නාගෙම මූණු වල කැළඹුන නොසන්සුන් බවක් පෙනුණා....

"මෝයා මැතිණියනි..."

එකපාරටම දොර එහාපැත්තෙන් කටහඩක් ආවා..ඒ හඩත් එක්කම තිගැස්සුණ මෝයා වාඩිවෙලා හිටිය පුටුවෙන් නැගිට්ටේ මේසෙන් වාරු අරන්..මෝයාට නැගිටින්න උදව් කරපු ඩෝයූන් මෝයාව නැගිට්ටවලා එයා ළගින් හිටගත්තා...

"ඇතුළට පැමිණෙන්න යැං......."

ඩෝයූන් කිව්වම යැo දාසිය කාමරේ ඇතුළට ආවා..

"අවසරයි ප්‍රධානීතුමා....."

කියපු යැo, එයා ඔලුවේ ඉදන් වහන් හිටපු රෙද්ද අයින් කරළා දෙන්නටම ඔලුව නවලා ආචාර කළා....

"යැo අර සෙබළු දෙන්නා  එළියේ ඉන්නවද...?"

මෝයා ඇහුවේ හඩ බාල කරලා...

"නැහැ මැතිණියනි ,
ඉදිරිපස අය ඇරෙන්න ඒ දෙන්නනම්  පේන්න හිටියේ නැහැ...මන් හොදට බැලුවා..."

එහෙමද ? එහෙනම්  උන් රෑ කෑමට ගිහින් තාම ඇවිත් නෑ ඒ කියන්නේ... ඩෝයූන් ඔයාට ඉක්මනටම යාගන්න පුළුවන් වෙයි..."

"හරි මෝයා...ඔයා බය වෙන්න එපා..."

"ප්‍රධානීතුමා...ඔබතුමා ඇයි මට අද අසපුවට එන්න කිව්වේ...."

"මම එන්න කිව්වේ යැං අර ඔයාට ලැබුණ ලියුම ගැන දැනගන්න..."

"ලියුම ගැන....."

"ම්ම්...ඔව් මට ඒක ලැබුණේ කොහෙන්ද , කොහොමද , අයිතිකාරයා කවුද සේරම විස්තර දැනගන්න ඕනි...."

"ඔව් යැං.....ඔයාගේ දරුවව බේරගන්න ඕනි නම් ඩෝයූන්ට මට කියපු විස්තර සේරම එකක් නෑර කියන්න...
ඩෝයූන්ට පුළුවන් වෙයි අපි දෙන්නට උදව් කරන්න...එයාව විශ්වාස කරන්න...."

මෝයාගේ ඒ වචන වල තිබුණේ විශ්වාසනීය බවක්..

"හොදයි මම ඔබතුමාට කියන්නම්....
කොහොමහරි මගේ දරුවව බේරලා දෙන්න...."

"අනිවාර්යයෙන්ම.. මන් මගේ උපරිමේ කරනවා යැං..."

"එදා හවස මම  භාජන වගයක් හොයන්න බෙහෙත් ශාලාවලට ගියා... තැන්  කීපයකින් හොයාගෙන වහලා දාපු බෙහෙත් ශාලාවට ගියේ මදි පාඩුවක් එහෙ ඇතියි කියලා හිතලා..."

"වහලා දාපු ශාලාවට..අර අවතාර ගැන තියන කතාව නිසා කවුරුත් ඒ ශාලාවට යන්නේ නෑනේ...."

ඩෝයූන් ඇහුවේ ප්‍රශ්නාර්ථ මූණක් මවාගෙන..

"ඔව් ප්‍රධානීතුමා....ඒත් එවෙලේ බටහිර අංගනයේ   ශාලාවට ගොඩක් දුර යන්න බැරි නිසා මම ඒවා ගැන හිතන්නේ නැතුව ගියා ඉතින්...අනික වහලා දැම්මට බෙහෙත් බඩු තාමත් ඒ ශාලාවේ තියනවනේ..."

"හා....දිගටම කියන්න...."

"ඉතින් මම දොර ඇරගෙන ශාලාව ඇතුළට ගියා..ටික වෙලාවක් ගියාට පස්සේ මට ශාලාවේ ගබඩා කාමරයක් ඇතුළෙන් අමුතු සද්දයක් ආවා. සද්දෙ කොහෙන්ද බලන්න ටිකක් ඉස්සරහට ගියාමයි මගෙ ඇස් උඩ ගියේ..ගැටගහලා දාපු තරුණ දාසියක්.. ඒ දාසියගෙ අත් කකුල් කට පවා බැදලාදාලයි තිබුණේ.ඒ වගේම හැමතැනම ලේ..හොදටම තුවාල වෙලා...."

"ඒ කෙල්ල හිටියේ හොදටම බය වෙලා ප්‍රධානීතුමා..මම එයාට කතා කරන්න උත්සහ කළත් එයා මන් එක්ක වචනයක්වත් කතා කළේ නෑ.. පස්සෙයි දැනගත්තේ එයාට කතා කරන්න බෑ කියලා....."

"මොකක්... කතා කරන්න බැහැ... එතකොට එයාගේ ඇස්.....ඇස් පෙනුණාද...."

"ඔව් ඇස් පෙනුණා...ඒ කෙල්ලට මුලින් එහෙම කිසි ප්‍රශ්නයක් තිබිලා නෑ...."

"බලන්න මෝයා..ඒ නරුමයා ඌ ගැන විස්තර දැනගන්න කිසි සාක්ෂියක් ඉතිරි කරන්නේ නෑ...ඔයාගේ ඇස් අන්ධ කළා වගේ ඒ දාසියට කතා කරන්න බැරි කරළා....
මට තේරෙන්නෙ නෑ මෝයා මට තේරෙන්නේ නෑ..."

ඩෝයූන් කිව්වේ වේදනාබර බිදුණු කටහඩකින් මෝයාට සිදුවුණ අවසානවන්ත සිද්ධියට ඩෝයූන් ගොඩක් දුක් වුණා...

"සන්සුන් වෙන්න ඩෝයූන්....(ඩෝයූන්ගෙ අත අල්ලගන්න ගමන්.....)
යැං ඔයා දිගටම කියන්න....."

"පස්සෙ ඒ දරුවා මට අර ලියුම දුන්නා. ඒ ලියුම ලියලා තිබුණේ ලේ වලින් වගේම සංකේත අකුරු වලින්..."

"සංකේත අකුරු....? ලියන්න සංකේත අකුරු පාවිච්චි කරන්නේ ශුයැං මතවද දරන අය නේද....?"

"ඔව් ඩෝයූන්.... ඉස්සරහ  විංහෙ වල අපේ ලොකුසීයා ඔය අකුරු  ගැන කියලා තියෙනවා මට මතකයි.. "

"ඊට පස්සෙ මොකද වුණේ....?"

"ඊටපස්සෙ ප්‍රධානීතුමා එයා ඒ ලියුම අරගෙන මට මොනවද කියන්න උත්සහ කළා...මට කිසි දෙයක් තේරුණේ නෑ... ඊළගට එයා එයාගේ තුවාලේ ලේ වලින් ලියුම අග මොකක්ද ලොකු සළකුණක් ඇන්දා...."

"සලකුණක්......??"

"ඔව් ප්‍රධානීතුමා..ඒ දරුවා ඒ සලකුණ ඇන්දේනම් හුගක් විශේෂ කරලා..
පස්සෙ කවුදෝ එන සද්දයක් ඇහිලා මට හැංගෙන්න  කියලා ඉගි කළා.. එයාව හිටපු විදිහටම බැදලා දාල මට යන්න කිව්වා.මට වෙන කරන්න දෙයක් නැති කමට ඒ දේ කළා මිසක් ඒ අසරණීව එහෙම දාලා යන්න මට හිත දුන්නේම නෑ....

පස්සෙ මිනිස්සු වගයක් ඇවිල්ලා  ඒ කෙල්ලට වද දීලා දිගින් දිගටම මේ ලියුම ගැන ඇහුවා. ඒ කෙල්ලට හරියට වද දුන්නා...පව්...

"මිනිස්සු ??...."

ඩෝයූන්ගේ ඇස් පුදුමෙන් පිරිලා....

"ඔව් එයාලා කළු ඇදගෙන හිටියේ....කළුවරට පැහැදිලි වුණෙත් නෑ..පස්සේ උන් ඒ කෙල්ලව අරගෙන ගියා...."

"ඔය ලියුම ගැන උන් ඔච්චර වද වෙනවා කියන්නේ...ඒකෙ මොකක් හරි විශේෂයක් තියෙනවාමයි මෝයා...."

"එදා ප්‍රධානීතුමා ලියුම හවස ඔබතුමාට ලැබෙන්න සුපුරුදු විදිහට මම පුස්තකාල ශාලාවේ පොත ඇතුළෙන් තිබ්බත් ඔබතුමාට ලැබුණේ නෑ කියලා දැනගන්න ලැබුණා..."

"ඒකට ඉතින් මොනවා කරන්නද...?අවාසනාව තමා..අපිට පුස්තකාල ශාලාවෙන් පණිවිඩ  හුවමාරු කරගද්දි මීට වඩා සැළකිළිමත් වෙන්න තිබ්බා..."

"එදා රෑ එතන රතු හමුදාව ඉදලා තියෙනවා ප්‍රධානීතුමා....."

"ඔව් ඩෝයූන් තව එදා සුයෝනුත් අහම්බෙන් එතනට ඇවිත් තියෙනවා....

"ඒ කියන්නේ එදා පුස්තකාල ශාලාවට දෙපාර්ශවයක්ම ආව කියන එකද....?"

"නැහැ....විස්තර විදිහට වෙළෙන්දො තව දෙන්නෙකුත් ඇවිත් තියෙනවා.."

"මොකක්ද ?....? "

"ඔව් එහෙම තමා....එදා රෑ තමා ඩෝයූන් අර යැංට මුණගැහුණ  දාසියත් මරලා දාලා තිබුණේ..."

"ආහ්....අර පුoචි දරුවට කළින් මැරුණ දාසිය ඒ දාසියද එහෙනම්....."

"ඔව් ප්‍රධානීතුමා...මට මුණගැහිලා දවස් දෙකකට පස්සේ ඒ කෙල්ලව මරලා දලා තිබුණා...."

මේ හැමදේටම උත්තර ඒ ලියුමෙ තියෙන්න පුළුවන්..ඒ ලියුමෙන් විතරයි මෝයා  ඔයාව බේරගන්න පුලුවන්...

"මම හැමතැනම හෙව්වා ප්‍රධානීතුමා ඒත් හොයාගන්න පුළුවන් වුණේ නැහැ..."

"මන් හිතන්නේ මෝයාට තර්ජනය කරන උන්ම තමා මේ දේවල් කරන්නේ...උන්ම වෙන්න ඕනි..
මාළිගාවේ ගැටළු ඇතිකරන්න උන්ට තරම් වුවමනාවක් වෙන කාටවත් තියෙන්න විදිහක් නෑ....."

ඔව්...ප්‍රධානීතුමා...උන් තමා...මොකද උන් කීපවතාවක්ම මගෙන් ඇවිත් ඇහුවා..නමුත් මම ඇත්ත කිව්වේ නෑ..වාසනාවකට වගේ උන් තවම අපිව සැක කරන්නේ නෑ..."

රැජිණ  මේ ලියුම ගැන දන්නේ නෑ නේද...

නෑනෑ.....දැනගන්න විදිහක් නැහැ....සුයෝන් හොයන්නෙ රතු ලිපිය විතරයි...මම මේ ලියුම ගැන හොයන්න අර වෙළෙන්දො දෙන්නා පස්සෙ
රහසින් ඔත්තුකරුවන් යැව්වා..ඒත් සුයෝන් මට ඉස්සර වුණා...එදා රෑ එයා හැමතැනම රතු ලිපිය හෙව්වා....

එහෙමද....?

"ඔව් එක අතකට රතුලිපිය තිබුණ එකත් හොදයි ඩෝයූන්...ඒ නිසා මට පුළුවන් වුණා ඒ පිට දාලා අර ලියුම ගැන හොයන්න..."

"ඔව් ඒක හොදයි තමා එතකොට ඔයා සුයෝන්ට විරුද්ධ නැහැයි කියලා පුoචි හරි සැකයක් උන් ගාව  තියනවනම් ඒක නැති වෙනවනේ.....

ඩෝයූන් කතාකරන අතරතුර මෝයා  කල්පනාකාරි මූණක් මවාගත්තා...

"අපි කොහොමහරි මේ ලියුම හොයාගමු...
එතකොට පුළුවන් මේ හැමදේම විසදගන්න."

මම නම් හිතන්නෙ නෑ ඔය ලියුම හොයාගත්තයි කියලා මට මේ පව් වලින් නිදහස් වෙන්න ලැබෙයි කියලා...කොහොමත් මේ වුණ හුගක් දේවලට මන් සම්බන්ධයිනේ.
ඒ හැමදේටම උන් ළග සාක්ෂි තියෙනවා...

ඒ සාක්ෂි බොරුයි කියලා කියන්නත් බෑනේ..
ඇත්තටම ඒවා කලේ මමනේ...ඔයාට මේ දඩුවම් ලැබෙන්න පවා මමනේ හේතුව...."

මෝයා කිව්වේ වේදානාබර බිදුණු කටහඩකින්..

"ඒ ඉතින් ඔයාට වෙන කරන්න දෙයක් තිබුණේ නැති නිසානේ මෝයා... "

ඩෝයූන් හැදුවේ මෝයාව සනසන්න...

"ඔව් මැතිණියනි , දුර්වලතාවයකට පහරවැදුනම ඕනම කෙනෙක්ට වෙන්නෙ ඔබතුමියට වුණ දේමයි...මටත් එහෙමයි...
ඔබතුමියගෙ පවුලේ අය වගේ මගේ දරුවා.."

"ඒත් යැං මෙහෙම කාගෙවත් රූකඩයක් වෙලා ජීවත් වෙනවට වඩා මැරිලා යන එක දාහින් සැපයි...."

"මෝයා.....??"

"කොහොමත් මරණෙට කැප වුණ එකේ  කොයිවෙලේ මැරිලා ගියත් මොකද...ඒත් මගෙ කරුමෙට ඉක්මනටම මැරෙන්න විදිහක්වත් නැහැ...🙂

"මැතිණියනි !"🥺

"මට මේ චරිත දෙකක් රගපාලා එපාවෙලා තියෙන්නේ...මන් හිතන්න පතන්න ඕනිත් උන්ට ඕන විදිහට...ඒක කරුමයක් නෙමේද ඩෝයූන් කරුමයක් නෙමේද....?

"මෝයා ටිකක් ඉවසල ඉන්න මට ඔයාගේ වේදනාව නොතේරෙනව නෙමේ...මන් මේ හැමදේම හරිගස්සන්නම්...."

"නැහැ ඩෝයූන් මේ කිසි දෙයක් ආපහු හරි ගස්සන්න බෑ..එන විදිහට අපි මූණ දෙන්න ඕනි...

යැං ඔයා එහෙනම් දැන් යන්න..හුගක් රෑවෙලාත් එක්ක..අර ආරක්ෂකයො මුණගැහුණොත් කියන්න ඕනි දේ ඔයා දන්නවනේ.."

කියලා මෝයා හැරුණේ යැං දිහාවට....

"හොදයි මැතිණියනි , මම යන්නම් එහෙනම්...
අවසරයි ප්‍රධානීතුමා ...."

"මේ වතාවේ වචන ගැන හුගක් ප්‍රවේශම් වෙන්න...උන්ට ඔයාගේ එක සුළුඅත් වැරැද්දක් ඇති මේ හැමදේම විනාස කරන්න...."

"හොදයි ප්‍රධානීතුමා, මම එහෙනම් යන්නම්...
අවසරයි....."

කියලා යැං දෙන්නටම ආචාර කරලා කාමරෙන් යන්න ගියා...

"ඩෝයූන් ඔයත් එහෙනම් දැන් යන්න...

කියලා පුටුවෙන් නැගිටලා මෝයා දොර ළගට ගියා..

"මෝයා...."

ඩෝයූන් කතාකළත් මෝයා  ඉස්සරහට ඇවිදන් ගියේ මොකුත් නෑහුණ ගානට....

"මන් උන්ගෙ අවධානය වෙනස් කරන්නම් ඒ අතරතුර ඔයා කැලෙන් පැනලා යන්න....."

මෝයාගේ ඒ වචන වල තිබුණේ හිරකරගත්ත ලොකු වේදනාවක්...

"මෝයා....."

ඩොයූන් ආපහු කතා කළා..නමුත් මෝයා ඩෝයූන්ගෙ කතාවට අවධානය දුන්නේ නෑ..
මෝයාගේ ඒ තුවාල වුණ ඇස් වලින් කදුලු කම්මුල් දිගේ වැටුණා..

"මෝයා....."

කියලා මෝයා ළගට ගිය ඩෝයූන් මෝයාගේ අතින් අල්ලලා එයාගේ ළගට ඇදලා අරගෙන පපුවට තුරුළු කරගත්තා..හුළගට පිහාටුවක් පාවෙලා එනවා වගේ මෝයා ඇවිත් ඩෝයූන්ගේ පපුවට ගුළි වුණේ වැඩි ආයාසක් නැතුව..

මෝයා....මන් දන්න ශක්තිමත්ම කෙල්ල  තමා ඔයා...මන් ඔයාට ආදරේ කරන්න පටන් ගත්තේ මට අවුරුදු දාසයේදි ඔයාව ශියෑන්වල දැකපු පළවෙනි දවසේ ඉදන්...එදා ඉදන් අද වෙනකන් මගේ ආදරේ එක බින්දුවක්වත් ඔයාට අඩු වුණේ නෑ...

අදටත් හෙටටත් හැමදාටමත් මම ඔයාට හුගක් ආදරෙයි මෝයා...හුගක්....මම ඔයාට පොරොන්දු වෙනවා ඔයාව මේ හැමදේකින්ම නිදහස් කරනවා කියලා...

"නැහැ ඩෝයූන්... මට කවදාවත් බැහැ ආපහු හිටපු මෝයා වෙන්න...."

"නැහැ....පුළුවන්...මගෙ මෝයා එයාගේ නංගි සුයෝන්ට හොද සහෝදරියක් ..ඒ වගේම
මට හොද ආදරවන්තියක්  ඔයා තාමත් එහෙමයි...ම්ම්... ඉස්සර හැමවෙලේම හිනාවෙලා හිටපු ඒ මෝයමයි...ඒ හිනාව මන් ආපහු ඔයාට ගෙනත් දෙනවා...බය වෙන්න එපා...මන් දැන් ඉන්නේ ඔයා ළග...ආපහු ඔයාලව දාලා කොහෙවත් යන්නේ නෑ..."

කියලා ඩෝයූන් මෝයාව තවත් තද කරලා තුරුළු කරගත්තේ හරි ආදරයෙන්...
ඩෝයූන්ගෙ ඒ විශ්වාස පිරුණු වචන මෝයාගේ මුළු හදවතම නිව්වා..ඒත් ඩොයූන්ගේ ඒ ආදරේ මෝයාට දුන්නේ ලොකු වේදනාවක්..
මේ දේවල් නිසා ඩෝයූන්ටත් අනතුරක් වෙයිදෝ කියන බයින් මෝයාගේ හදවත රිදුම් දුන්නා..

_____________________________________________

පසු දින ~

🌟ජිමින් ( චං මින්හෝ ) POV:

ඊයේ රෑ තෙදොoලව මුණගැහිලා නවාතැනට ආවට පස්සේ මන් මුළු පුරාම  ලියන්න පුරුදු වුණා.. හුගක් පාන්දර වෙලා නින්දට වැටුණ නිසාදෝ ඊයේ මන් දැකපු හීනය නම් ඒ තරම් හොද එකක් වුණෙ නෑ....

ඒ කාමරේ මද අදුරු කාමරයක්..ඒ කාමරේ ඇතුළේ මිනිස්සු දෙන්නෙක් හිටියා..විනිවිද පේන ජනේලෙන් වැටෙන හද එළියෙන් ඇතුළේ ඉන්න මිනිස්සු දෙන්නා ගැහැණු , පිරිමි කියලා වෙන් වෙන්ම අදුරගන්න පුළුවන් වුණා මිසක් මූණු නම් කොහෙත්ම පෙනුණේ නැහැ......

"ඔයා මේ ඇග්‍රිමන්ට් එකට සයින්ග් කරන්නේ නැත්තේ පාර්ක් ජිමින් නිසානම්, ඒක මෝඩ වැඩක්...."

ඇතුළේ හිටිය කලිසම්කාර මිනිහා කිව්වේ මේසෙ උඩින් ෆයිල් එකක් වගේ එකක් අතට අරගෙන....

"ඒක ඔයාට අදාළ දෙයක් නෙමේ......"
කියපු කෙල්ල අහක බලාගත්තා..

"යාහ්.....මෝඩ වෙන්න එපා.. ඔයාට ඕනි නවල් එකක කැරැක්ටර් එකක් වෙන්නද....
පිස්සු නැතුව මේකට සයින්ග් කරනවා...."

කියන ගමන් ඒ මනුස්සයා ෆයිල් එකක් කෙල්ලගේ අතට දුන්නා...

"මට බැහැ....."

ගත් කටටම කියපු කෙල්ල ෆයිල් එක මේසෙ උඩට විසික් කළේ අහක බලාගන්න ගමන්..

"ඔයා දන්නවනෙ මේක අපිට ලැබුණ හොද ඔපචුනිටි එකක්....ඔයාගේ ඔය තේරුමක් නැති වැඩ නිසා මට මේක මිස් කරගන්න ඕනේ නැ...."

"එකපාරක් කිව්වනේ මට බැහැ....ඔයා කොහොම කිව්වත් මන් ඕකට කැමති වෙන්නේ නෑ....නෑ....."

"ඒ කියන්නේ තමුන්ට බැහැ....."

ඒ මිනිහගේ වචන සැර වුණා....

"ඔව් බෑ තමා...."
කෙල්ල කිව්වේ ලොකු විශ්වාසෙකින් වගේ...
ඒත් එක්කම ළග හිටපු මිනිහා පැනපු ගමන් කෙල්ලගේ එක අතකින් අල්ලගත්තේ හරි නපුරු විදිහට....

"මගේ අත අතාරිනවා.....මගෙ අත අතාරිනවා....."

කෙල්ලගේ ඒ වචන වල තිබුණෙ තරහක් වගේම අකමැත්තක්...මූණ නොපෙනුණත් ඒ වචන වල කෙල්ලගේ ඒ මිනිහට තිබුණ අකමැත්ත හොදට පෙනුණා....

"තමුසෙ හිතන් ඉන්නේ තමුසෙ කවුරු කියලද ආහ්.....
පාර්ක් ජිමින්....පාර්ක් ජිමින්...තමුසෙට ඒකව ඔච්චර වටිනවද.... "

ඒ මිනිහා මගෙ නම උච්චාරණය කළේ හරි සමච්චල් විදිහට...

"මාව අතාරිනවා......."

"යාහ් පාර්ක් ජිමින් , තමුසේ මැරිලවත් මට නිදහසේ ඉන්න දෙන්නේ නෑනේ.... මන් හිතුවා මැරිලවත් මගේ වැඩවලට ඇණයක් නොවී ඉදී කියලා...
කොහෙද තමුසෙ පුදුම වදයක්නේ....."

"කට පියාගන්නවා....තමුසෙගේ ඔය ජරා කටින් ජිමින්ගේ නමවත් කියන්න එපා..."

කියන ගමන් කෙල්ල උත්සහ කළේ අර නරුමයගෙන් එයාගේ අත ගන්න...කෙල්ල කවුද කියලා නොපෙනුණාට ඒ වචන වල මන් ගැන ලොකු විශ්වාසයක් තිබුණා...ඒ වගේම මට ඒ කටහඩ මට හරි හුරු පුරුදුයි....
කවුද මේ කෙල්ල....?

"ඇයි මැණික ජිමින්ට මොනා හරි කිව්වම ඔයාට දුකයිද....."

කියන ගමන් ඒ මිනිහා අතින් කෙල්ලගේ මූණ ඇල්ලුවා..හීනයක් නෙමේනම් බලාගන්න තිබ්බා මන් ඕකට මොකද කරන්නේ කියලා....

" අත අහකට ගන්නවා...මාව අල්ලන්න එපා...."

කෙල්ල මූණ අනික් පැත්තට හැරෙව්වා...

"හරි මම තමුන්ව අතාරින්නම්...
බලාගෙන ඉන්නවා තමුසෙට මේකට කැමති වෙන්න වෙනවමයි......"

කියලා කෙල්ලගේ අත අතෑරියා..ඒත් එක්කම කෙල්ල ,

"ඒ මන් ජීවත් වෙලා හිටියොත්නේ....මන් ජීවත්වෙලා ඉන්නකන් තමුසෙගේ හුස්ම වැටෙන ළගටවත් එන්නේ නෑ....."

"ඒක අපි බලාගමුකෝ......"

කියපු ඒ මිනිහා ෆයිල් එකත් අතට අරගෙන කාමරෙන් යන්න ගියා...

"ඇයි දෙයියනේ මට මෙහෙම වෙන්නේ
ඇයි.... මට සමාවෙන්න....මේ හැමදේටම වග කියන්න ඕනෙ මම......"

කියන ගමන් කෙල්ල ගහක් වගේ බිමට කඩන් වැටුණා..ඒ වචන වල ලොකු දුකක් , ලොකු පසුතැවීමක් වගේම වේදනාවක් ගැබ් වෙලා තිබුණ කියලා මට හොදට තේරුණා...

"ජිමින්....Sorry !  මට සමාවෙන්න..... ඔයාට පුළුවන්ද ජිමින් මට සමාවෙන්න.....!
මට සමාවෙන්න ජිමිනාහ්... !"

කියපු කෙල්ල හොදටම අඩන්න පටන් ගත්තා.. ඒ නිහඩ අදුරු කාමරය ඒ කෙල්ලගේ ඉකි ගහන සද්දෙන් පිරිලා ගියා...අනේ මට හරිම වේදනයි...මන් දැකපු ඒ හීනෙ එයාගේ කදුළුන්ම ඉවර වුණා..මට හිතාගන්න බැහැ... ඒ ගෑණු ළමයා කවුද ? ඒ නරුම මිනිහා කවුද ? ඒ ගෑණු ළමයා ඇයි මගෙන් සමාව ඉලන්නේ...ඒ මිනිහ මට එච්චර අකමැති ඇයි?....

සාමන්‍යෙන් මම හීන දැක්කොත් උදේ වෙද්දි අමතක වෙනවා...ඒත් ජීවිතේ පළවෙනි වතාවට මට මේ හීනයක් මතක හිටියමයි...
ඒත් අනාගතේ...මගේ කලින් ජීවිතේ....ඇයි මට කවදාවත් නැතුව අනාගතේ  දේවල් පේන්නේ...
මට  අනාගතේ වෙන දේවල් දකින්න පුළුවන්ද..
මේක පිස්සුවක්....??

මන් ලෑස්ති වෙන ගමන් කල්පනා කළා..දැන් පාන්දර හයට විතර ඇති...කාලසටහනේ විදිහට උදේ හත වෙද්දි කාර්‍යාලයට වාර්තා ටික අරන් යන්න ඕනි..හිත හිත ඉන්න එක පැත්තකට දාලා ඉක්මනටම ලෑස්ති වුණේ වෙලාවට ශාලාවට යන්න ඕනි නිසා....

විනාඩි කිහිපයකට පසු ~

කල්පනාවක මහත කියනවනම් මන් දැන් ඉන්නේ මේ නිමක් කොනක් නැති ලොකු මාළිගාවේ අතරමං වෙලා...කාගෙන්වත් අහන්න විදියක් ඇත්තෙත් නෑ... කුමන්ත්‍රණකාරයෙක් නිසාදෝ මාළිගාවේ මිනිස්සු මාව දුටු තැන මගාරිනවා...

තැන තැන පිළිම වගේ හිටපු සෙබළු ඇරෙන්න කවුරුත් මට විශේෂ අවධානයක් දුන්නේ නෑ.. මම පළවෙනි වතාවට මාළිගාව දැක්කට වඩා නම් දැන් ගොඩක් ආරක්ෂක සෙබළු ඉන්නවා..
යන අතකට ගියාවේ කියලා මාත් ඔහේ වටපිට බල බල ඉස්සරහට ඇවිදගෙන ගියා...

ඇවිදගෙන ඇවිදගෙන ඇවිල්ලා අන්තිමේට නැවතුනේ පිට්ටනියක් ළග..පිට්ටනියක් කිව්වට සටන් පුරුදු වෙන තැනක්..සෙබළ ඇදුමෙන් හැඩවුණ අවු. දහඅටක වගේ පෙනුමක් තියන ගෑනු ළමයි තිහක් විතර  පිට්ටනිය මැදට වෙන්න පේළියට හිටගෙන හිටියෙ උදේ රැස්වීමක ඉන්නවා වගේ..මාත් ඈත ඉදන් බලාගෙන හිටියේ මෙතන මොකද වෙන්න කියලා දැනගන්න ආසාවෙන්...

"හැමෝම ඉලක්කයටයි අවධානේ දෙන්න ඕනේ..."

පේළියට හිටගෙන හිටිය සෙබළියන් අතරින් මතුවුණේ රැජිණ..රාජකීය ඇදුමට වඩා සටන් ඇදුමට එයා මාරම හැඩයි..මොන ඇදුමට වුණත් නපුරු ආඩම්බර පෙනුමනම් අඩු නැතුව තිබුණා...

"හොද ඉලක්කයකට අවධානේ තමා වැදගත්ම දේ වෙන්නේ....ඒ වගේම හිතේ සැහැල්ලුව...
හැමෝගෙම ඉලක්ක වෙන්න ඕනි සටන් පුවරුවේ මැද කොටස.... "

රැජිණ කිව්වේ සෙබළියන්ට මීටර කීපයක් දුරින් තිබුණ රතු පාට පසුබිමේ සුදු පාටින් ඉරි ගිය ඉලක්ක පුවරු වලට ඇස් හරවලා..සටන් පුවරු දහයක් විතර පේළියට හිටවලා තිබුණා...

"හොදයි රැජිණියනි !"

කියලා සෙබළියෝ ආචාර කළා....

"හොදයි අපි එහෙනම් දැන් ආරම්භ කරමු...
හැමෝම සිරස් අතට පෙළක් හැදෙන්න...

සෙබළියෝ ටික සිරස් අතට පේළියක් හැදුණා.

"තුන්වන ඉලක්ක පුවරුව තමා ඉලක්කය.. ලකුණු දහයට වඩා අඩුවෙන් ලබාගන්න සෙබළියන් දඩුවම විදිහට පිට්ටනිය වටා වට විස්සක් දිවීමට නියෝග ලැබෙනවා...."

දෙයියනේ වට විස්සක්...මේ පිට්ටනියේ වට පහක් දුවාගන්න පුළුවන් වුණොත් පුදුමයි..
කෙල්ලො ටික මූණට මූණ බලාගත්තා....

"ෂින්...."

කියලා ප්‍රධාන සෙන්පතිනිය දිහාට එයාට මොනාවද ඔලුවෙන් ඉගි කරලා පිට්ටනියෙන් ටිකක් එහාට වෙන්න තිබුණ පොඩි කූඩාරම ළගට ඇවිදගෙන ගියා..ඒ කූඩාරම තිබුණේ සෙබළියන්ට ටිකක් මෙහායින් , මම හිටන් ඉන්න තැනට ටිකක් ළගින්..පාලිකාවෝ වගේම සේවිකාවෝත් ඒ කූඩාරමට ටිකක් මෙහායින් රැජිණට ආචාර කරගෙන හිටියා...

"ආරම්භ කරන්න......"

රැජිණ එහෙම කිව්වම ෂින් සෙන්පතිනිය දුන්නකුයි ඊතළකුයි අරගෙන පේළියේ ඉස්සරහ හිටපු ගෑනු ළමයට දුන්නා...

"ආරම්භ කරන්න...."

සෙන්පතිනිය නියෝගය දුන්නම ඒ ගෑනු ළමයා දුන්නයි ඊතළයයි විදින විදිහට හරවගෙන , පුවරුව ඉලක්ක කරලා ඊතළය අතෑරියා..හුළං කපාගෙන ගිය ඊතළය රවුම් පුවරුවේ මැදට ටිකක් ළගින් වෙන්න වැදුණා....

"ලකුණු 30 යි....."

පුවරුව ළග හිටපු සෙබළෙක් මුළු පිට්ටනියට -ම ඇහෙන විදිහට කෑගහලා කිව්වේ සුදු පාට කොඩියක් දෙපැත්තට  වනන ගමන්..

ඊතළය විදපු කෙල්ලනම් හිටියේ හුගක් සතුටින්..ඒ කෙල්ල පිටිපස්සෙ කෙනාට දුන්න දීලා පැත්තකට ගියා. දුර හිටියත් රැජිණ  හැමෝම දිහා බලාගෙන හිටියේ විමසිලිවන්ත ඇසින්..

ඒ වගේම ළමයි තුන්දෙනෙකුත් ඒ වගේම ලකුණු ගත්තට පස්සේ  තවත් කෙනෙක් දුන්නයි ඊතළයයි අතට අරගෙන තැනින් හිටගත්තා...පුoචි රවුම් මූණක් තිබුණ ඒ කෙල්ල ටිකක් බය වෙලා වගෙයි හිටියේ..දුන්න හසුරන විදිහත් කලින් අයට වඩා හුගක් නොසන්සුන්..

අමාරුවෙන් ඊතළය තියාගෙන ඒ කෙල්ල ඉලක්කයට දුන්න ඇද්දා..ඒ කෙල්ලගේ අත ලිස්සිලා හරි මගේ කරුමෙට හරි ඒ ඊතළය හැරුණේ පුවරුවට නෙමේ මගේ දිහාවට..

තව ටිකයි මන් ඉවරයි...මට එතනින් යාගන්න ඕනි වුණත් බයටමද මන්දා කකුල් දෙකම පණ නැති වෙලා.. හුළං කපාගෙන එන  ඊතළය ටිකෙන් ටික මගේ දිහාවට ළං වෙනවා..ඒ
ඊතළය හරිම වේගවත්....

ඒත් එක්කම මම තද කරලා ඇස් පියාගත්තේ තව ක්ෂණයකින් ඊතළය මට වදින නිසා... වැදුණද....? මට රිදුනේ නෑනේ..
මට ආපහු සිහි නැති වෙලාද...?

මන් ඇස් ඇරියා..ඒත් එක්කම මන් දැක්කේ ඒ ඊතළය උණ බටයක් පසාරු කරගෙන මගෙ කකුල් දෙක ළග වැටිලා තියෙනවා...

"ඔබතුමාට කරදරයක් නෑනේද.....?'

කියලා කටහඩත් ඇහෙද්දිම බිමට ඇස් හරවන් හිටපු මම උඩ බැලුවා..මගේ ළග හිටන් හිටියේ අර ඊතළය විදපු කෙල්ල...

"නිළධාරීතුමා....ඔබතුමා හොදින්ද....."

"අහ්....ඔව් මන් හොදින්....."

කියලා මන් පුoචි හිනාවක් දැම්මා...

"මට සමාවෙන්න... මන් ඒක කළේ හිතලා නෙමේ....
ඇත්තටම මට සමාවෙන්න !...."

කෙල්ල හිටියේ හොදටම කලබල වෙලා..පව්.. ඒ ඇස් වල පුoචි තිගැස්මකුත් තිබුණා..

"හරි... ඒත් කොහොමද ඊතළය....."

කියන ගමන් මම බිම බැලුවා..මගෙ දිහාවට ආව ඊතළේ කොහොමද උණ බටයට වැදුණේ..

"රැජිණිය...එතුමිය ඊතළයෙන් ඔබතුමාව වැළැක්වුවා..."

"ඈහ්....රැජිණ....."

මොකක්..?? මේක විශ්වාස කරන්න පුළුවන්ද ?
මන් ඇස් පියාගද්දි , ඒ ඊතළේ තිබුණේ මට මීටර හතරක විතර ඈතින්..ඒක උණ බටයක් එවලා නැවැත්තුවා කියන්නේ....එච්චර  වේගයක්...ඒත් එයා ඇයි මාව  බේරගත්තේ...?

"ඔබතුමා හොදින්ද.....? නිළධාරීතුමා ඔබතුමා හොදින්ද....."

"ආ....ආහ්...හ්...ඔව් මන් හොදින්....."

මන් කල්පනා ලෝකෙන් පියවි ලෝකෙට ආවා..

"නුඹ කවුද.....?"

කියාගෙන රැජිණ , ෂින් සේන්පතිනිය එක්ක පාලිකාවෝ වගයක් අපි ළගට ආවා.. දැන්නම් ටිකක් බයයිත් වගේ...

"අහ් මම...."

"චං මින්හෝ....තමුන් චං මින්හෝ නේද....?"

ෂින් සෙන්පතිනිය මගේ නම හරියටම කිව්වේ මාව හරියටම අදුරගෙනද කොහෙද...

"ඔව් චං මින්හෝ..... මේ ඔහු තමයි....?

තවත් සෙබළෙක් කිව්වා...

"නුඹ මේ ස්ථානයේ සිදු කරන්නෙ කුමක්ද කියනවා..නුඹ නැවතත් ඔත්තු බලනවාද...."

ෂින් සෙන්පතිනියගේ වචන සැර වුණා.. හැමෝම මූණ අමුතු කරගෙන බලාගෙන හිටියේ මා දිහා..

"නෑ.....ඇත්තටම මේ මම....
මට මේ.....මට  පාර වැරදුනා...පාර වැරදුනා...."

"කුමක්ද ?...."

සෙන්පතිනිය ඇහුවේ ප්‍රශ්නාර්ථ මූණක් හදාගෙන..ඇත්ත කිව්වත් මෙයාලගෙන් බේරෙන්න බෑනේ...මටමනේ වෙන්නේ දෙයියනේ....🤧

"ඔව්...ඇත්තටම මම මේ කාර්ය සාධන අංශයට යන ගමන් හිටියේ...මට මේ  පාර ටිකක් වැරදුණා..
මම මේ හිතලා මෙහාට ආව නෙමේ... අනික
මම ඔත්තු බලන්නත් නෙමේ ආවේ....ඕනි නම්
අර සෙබළුන්ගෙන් අහලා බලන්න....
මම කියන්නේ ඇත්ත....."

"නුඹ ! නුඹ රැජිණිය ඉදිරියේ කෙසේද සාමන්‍ය බස් වහර භාවිතා කරන්නේ...ගරු කිරීමට පුරුදු වෙනු....!"

ආශ්...අයියෝ...මේ ඉන්නෙ රැජිණනේ...මට ඒකත් අමතක වුණා..

"මට කමා කරන්න රැජිණියනි....ඒ වගේම කලින් මගේ ජීවිතේ බේරුවට ගොඩක් ස්තූතියි
ඔබතුමියට කෘතඤ වෙනවා...."

කියල මම අත් දෙක එකතු කරලා ආචාර කළා.
මාළිගාවේ ගෞරවාන්විත භාෂාව මට එච්චර හුරුත් නෑ..සමහර වචන වැඩීද මන්දා..ඔය එහෙන් මෙහෙන් අහුලගත්ත වචන ටිකක් කියලා දැම්මේ....

"පිටවෙනවා.....!"

රැජිණ කිව්වේ එච්චරයි...එයා කිව්වේ මගේ දිහා හරියට බලන්නෙවත් නැතුව..ඒ හිනා රේඛාවක්වත් නැති මූණ කේන්තියෙන් පිරිලා. ඒ කළු පාට ලොකු ඇස් කේන්තියෙන් දිලිසුණා..

තවත් මොකුත් නොකියා මන් ආපහු ආචාර කරලා එතනින් එන්න ආවේ ආපහු හිර කූඩුව
-ට යන්න ඕනි නැති නිසා...දන්නවනේ රැජිණ ගැන...

"නුඹ වට විස්සක්...ආරම්භ කරන්න....."

කෙල්ල දිහාවට ඇස් හරවලා කියපු රැජිණ ආපහු එයාගේ කූඩාරමට යන්න හැරුණා.යන ගමන් මන් ආපහු හැරිලා බැලුවේ ඒ ගෑනු ළමයා දිහා...පව් කෙල්ලගේ මූණ ඇඹුල් වෙලා..
මේ පිට්ටනිය වටේ වට විස්සක් දුවලා ඒ කෙල්ල ජීවතුන් අතට හිටියොත් තමා පුදුම...

_____________________________________________

@දායින්ගේ කුටිය
🌟Author Pov :

හාජින්ට දාසියන්ගෙ නවාතැනෙන් අලුත් කාමරයක් ලැබුණ නිසා හාජින් , දායින් එක්ක
එකතුවෙලා හරි හරියට කාමරේ බඩු අස් කළා...

"අක්කණ්ඩි මේ ටික මම මෙතනින් තියන්නම්ද? එතකොට ඉඩ ඇහිරෙන්නෙ නෑ..."

දායින් කිව්වේ බඩු වගයක් අරන් කාමරේ අයිනෙන් තියන ගමන්......

"හරි ඔහොම තියන්න..."

කියන ගමන් හාජින් ඇද රෙදි අස් කළා...

"ඒක නෙමේ අක්කණ්ඩි ඔයා මන් එක්ක තරහින්ද...?....."

"ඒ මොකටද දැන් තරහ වෙන්නේ....? "

"නෑ...ඔයාව මගේ කාමරේට වැටුණ නිසා... ඔයා අකමැතිනම් කියන්න හොදද මම  පාලිකාවට කියලා වෙන කාමරයකට යන්නම්....."

"දැන් මම එහෙම දෙයක් කිව්වද ?... ඔයා එක්ක වැටුණ එක හොදයි..."

"හොදයි.....? "

හාජින් අක්කණ්ඩිගෙන් ඒ වගේ උත්තරයක් බලාපොරොත්තු වුණේ නැති නිසාදෝ දායින්ගේ ඇස් ලොකු වුණා....

"ඔව් ඔයාගේ අනික් යාළුවො මට කැමති නෑ නේ...මන් එක්ක කතා කරන්නෙවත් ඔයා විතරයිනේ....."

"අහ් එහෙනම් කමක් නෑ....මට හිතුණා අක්කණ්ඩි හොද  කෙනෙක් කියලා...ඒකයි
කතා කළේ...."

කියලා ලස්සන හිනාවක් මූණෙ ඇදගෙන දායින් තවත් රෙදි වගයක් අරගෙන පිළිවලට අස් කරන්න ගත්තා....

"වාහ් 😍 අනේ මේ පසුම්බිය....ඇත්තටම ඒක හුගක් ලස්සනයි අක්කණ්ඩි....."

දායින් ඇස් පුදුම කරන් කිව්වේ හාජින්ට එදා ලැබුණ පසුම්බිය අතට අරගෙන හැඩ බලන
ගමන්..ඒ පසුම්බිය මහලා තිබුණ පාට පවා
ඇස් ඇදගන්න තරම් ලස්සනයි....

"ඔයා ඕකට කැමතිද....? එහෙනම් අරගන්න..."

"ඇත්තටමද....?...."

"ඔව් ඇත්තටම ඔයා තියාගන්න..."

"අනේ ගොඩක් ස්තූතියි අක්කණ්ඩි..."

දායින් කිව්වේ කටේ හිනාව පුරෝගෙන..ඒ හිනාවට හාජිනුත් කට කොනින් අහින්සක
හිනාවක් දැම්මා...

"ලී දායින්....ලී දායින්....."

එළියෙන් ආවේ දායින්ගේ යාළු සේවිකාවන්ගේ
කටහඩවල්..ඒත් එක්කම කලබල වුණ දායින්

"අක්කණ්ඩි මට කතා කරනවද කොහෙද..මන් ගිහින් ඇවිත් ඔයාට උදව් කරන්න එන්නම්.."

කියලා පසුම්බිය ගවුමේ සාක්කුවට දාගෙන කලබලෙන් එතනින් දුවලා ගියේ ඇදට උඩින් පැනලා....

"හරි පරිස්සමෙන්....ඔය බලාගෙන.. දායින්

දායින් කකුළ පැටලලිලා වැටෙන්න යනවත් එක්කම හාජින් කෑගැහුවා.. තියන දාංගලේට වැටෙන්න ගියත් දගකාරි නොවැටී බේරුණේ අනූනවයෙන්..

"මේ පිස්සු කෙල්ලනම් ඇත්තමයි...."

හාජින් කිව්වෙ කටකොනින් හිනාවෙලා..
දායින්ගේ ඒ දගකාරකම් , සහෝදරියක් නැති හාජින්ගේ පාළුව මැකුවා....

"යමු යමු.....මම පරක්කුද...?"

කියාගෙන දායින් දුවලා දුවලා ඇවිත් යාළුවො තුන්දෙනාගෙ කරට පැන්නා...

"ඔව් දැනටමත් පාඩමට හුගක් පරක්කුයි..."

" ඒ කියන්නේ අදනම් ප්‍රධාන පාලිකාවගෙන් බේරෙන්න වෙන්නේ නෑ....."

දායින් මූණ ඇඹුල් කරන් කිව්වා...

"ප්‍රමාද වෙලා ආවට අනිවාර්යයෙන්ම දඩුවම් ලැබෙයි..."

"වේවැල් පාරවල් කන්න වෙයිද දන්නේ නෑ..."

තව කෙනෙක් කිව්වේ නහය අකුළගෙන..

"හරි හරි කතාව නවත්තලා ඉක්මන් කරලා යමු.....
නැත්තම් තවත් පරක්කු වෙනවා...
කෝ යමු....."

කියලා එතන හිටපු තවත් සේවිකාවක් තුන්දෙනාගෙම අත් අල්ලගෙන ඇදගෙන ගියා..

කොහින් කොහොම හරි විනාඩි කීපයක්
ඇතුළත උඩුමහල් පාලිකා පාඪශාලාව ගිය දායිනුයි ,යාළුවොයි උඩ ගියේ ජිහියා පාලිකාව දැනටමත් පාඩම අනික් අයට පටන් අරන් තිබුණ නිසා..අනික් හැමෝම පාලිකාවෝ පිළිවලට බිම පුoචි මේසවල වාඩිවෙලා ජිහියාගේ පාඩමට අවධානේ දීගෙන හිටියා....

"දැන් මොකද කරන්නේ...."

ශාලාවේ එළියේ කණුවකට මුවාවෙලා පාලිකාවක් ඇහුවේ ජිහියා දිහා හොරැහින් බලන ගමන්...

"අපි ආපහු යමුද....."

"අපිව දකින්න කළින් යමු එහෙනම්...."

"හා හා...යමු යමු...."

කියපු දායින් ඉස්සරහ වෙලා ආපහු හැරිලා යන්න හැරෙනවත් එක්කම හොරගල් අහුලන
දායින්වයි යාළුවන්වයි දැකපු ජිහියා ,

"ලී දායින්.....යාහ් ලී දායින්....

කියලා සද්දෙන් කෑගහනවත් එක්කම හොරෙන් පැනගන්න හදපු හතර දෙනා උඩ ගිහින් බිම වැටුණා..

"ආහ්.....පා...ආ.....පප්...පාලිකාවනි...."

‍යන්න ඉස්සරහට තිබ්බ කකුල ආපහු පිටිපස්සට ගන්න ගමන් දායින් කිව්වේ පැටළුණ වචන වලින්..කලබලේට කෙල්ලට වචනත් පැටලුණා....

"දායින් , සොන්වී, යූසුන්,ඕහ්‍යුන් හොදයි හතරදෙනාම පන්තියට එන වෙලාව...
රාජකාරී ඉවර වුණේ කොයි වෙලාවද
මෙච්චර වෙලා මොකද කළේ ආහ්....."

"ආහ්....පා....ලී...කාවනි....මේ....මේ...අපි.."

"මේ අපි මේ පාලිකාවනි මුළුතැන්ගෙය..."

"ඔව් ඔව්....අපි මුළුතැන්ගෙය අස් කළා..."

"ඔව් අපි හතරදෙනාම මුළුතැන්ගෙය අස් කළා"

හතරදෙනාම හැදුවේ බොරුවක් කියලා බේරෙන්න..ඒත් ජිහියානම් හතරදෙනාගේ ගොත ගගහා කියන දේවල් අහන් හිටියේ බොරුයි කියලා හොදටම දැනගෙන...

"මුළුතැන්ගේ අස් කළානේ....බොරු කියන්න හදන්න එපා...හතරදෙනාම ඇවිල්ලා මෙතනින් දණගනවා...."

ජිහියා වචන සැර කරලා කිව්වේ කේන්ති මූණක් මවාගෙන..දැන්නම් ගැළවිල්ලක් ඇත්තෙම නෑ කියලා තේරුණ කෙල්ලො තුන්දෙනා ඔලුව නවාගෙන ලැජ්ජාවෙන් අනික්
පාලිකාවො අතරින් ඉස්සරහට ඇවිල්ලා ඉස්සරහින් පේළියට දණගහගත්තේ මූණවල් බෙරි කරගෙන..ඒ මූණු දැකලා අනික් පාලිකාවෝ දායින්ලට ජිහියාට නොපෙන්න කට කොණින් හිනාවුණා....

"හරි අපි පාඩම නැවැත්තුවේ කොතනින්ද , එතනින් පටන් ගන්න...."

ජිහියා එහෙම කිව්වම ශාලාවේ වාඩි වෙලා හිටපු තවත් පාලිකාවක් නැගිටලා පොත අතට අරගෙන පාඩම කියවන්න ගත්තා..පාලිකාව
පාඩම කියන අතරතුර ජිහියා කළේ ශාලාවේ අනික් පාලිකාවෝ වටේ ඇවිදපු එක.. හිමින්
හිමින් අඩිය තිය තිය ඇවිදපු ජිහියා දායින් ළග නැවතුණේ එයාගේ කකුළ ළග බිම වැටිලා තිබුණ හාජින් දායින්ට දුන්න පසුම්බිය දැකලා.
ඒ පසුම්බිය දිහා ඇස් ලොකු කරන් උනන්දු -වෙන් බලපු ජිහියා, බිමට නැවිලා පසුම්බිය අතට ගත්තේ මූණ අමුතු කරගෙන..

දණගහගෙන හිටපු දායිනුයි එයාගේ යාලුවොයි මූණට මූණ බලාගත්තේ ජිහියා ඒ පසුම්බිය
අතට අරගන්නවත් එක්ක...පසුම්බිය අතට
අරගෙන ඒක දිහා අවධානෙන් බලපු ජිහියගෙ
ඇස් උඩ ගියේ ඒ පසුම්බියේ අයිනේ නූල් වලින් මහලා තිබුණ 'ගෝ හාජින් ' කියන නම දැකලා...

"මේ...මේ....පසුම්බිය....ඒක කොහොමද...?

"ආහ්.....පාලිකාවනි....ඒක මගේ....."

කියලා දායින් , පසුම්බිය ගන්න අත දික් කළා..

"ඔයාගේ...වෙන්න බෑ...මේක ඔයාට කොහෙන්ද
ලැබුණේ...."

ජිහියා ඇහුවේ කලබලකාරි කටහඩකින්..

"ආහ් ඔය පසුම්බිය මගේ නෙමේ මගේ අක්කණ්ඩිගේ...."

"අක්කණ්ඩි.....??"( ප්‍රශ්නාර්ථ බැල්මක්...)

"මෙයා ඔය අක්කණ්ඩි අක්කණ්ඩි කියන්නේ පාලිකාවනි , අර කැරලිකරුවන්ගෙන් දඩුවම් සේවය ලැබුණ  මුළුතැන්ගෙයි සේවිකාවට...."

"දඩුවම් සේවය කිව්වේ අර ළගදි දඩුවම් ලාබුණ කැරලිකාරයොද...??"

"ඔව් පාලිකාවනි...මේ දායින් ඒ කෙනා එක්ක හරි එකතුයි.....මෙයා එයාගේ නවාතැන් කුටියත් එයා එක්ක බෙදා ගත්තා...."

යාළුවො දෙන්නෙක් දායින් දිහා බලලා මූණු අමුතු කරන් කිව්වේ හාජින්ට එයාලගේ තියන අකමැත්ත හොදට පෙන්නලා....

"ඔව් පාලිකාතුමියනි ,  දායින් එයාට පොඩ්ඩක්වත් බය නෑ..අපි අද පොත් ගන්න කඩ වීදියට ගිය වෙලෙත් දායින් එයා එක්කයි හිටියේ......"

"මොකක් කඩවීදියට.....??"

ජිහියා ඇහුවේ ඇස් ලොකු කරගෙන..මේ පාරනම් පාලිකාවෝ ටික අතටම අහු වුණා..

"ආශ්....මට කියවුණානේ....නෑ...නෑ පාලිකාවනි..
මේ...මේ...."

"ඕහ්‍යුන් ඔයානම්....ශ්...."
තව කෙනෙක් කිව්වේ ඇස් ලොකු කරගෙන ඕහ්‍යුන් දිහා බලලා..පාලිකාවෝ තුන්දෙනාම හිටියේ හොදටම බය වෙලා....

"ලී දායින් ඔයා මාත් එක්ක එන්න....අනික් තුන්දෙනා පාලිකා විනය නීති සියපාරක් පිටපත් කරන්න.."

ජිහියා එහෙම කිව්වම පාලිකාවෝ තුන්දෙනා උඩ ගියා...

"මොකක්.....ස්.....සිය....පාරක්....අනේ පාලිකාවනි....අනේ....."

"ප්‍රධාන පාලිකාවනි ! පාලිකාවනි !
කියලා ජිහියට ආයාචනා කළා... ඒත් ජිහියා කනකටවත් ගත්තේ නෑ...

"ලී දායින් එන්න...... හන් පාලිකාව මෙයාලගේ පාඩම ආපහු පටන් ගන්න...."

කියපු ජිහියා ඇදුම ගසලා එතනින් යන්න හැරුණා..දණගහගෙන හිටපු තැනින් නැගිටපු දායින් ජිහියා පස්සෙන් යන්න ගියේ යාලුවො දිහා ආපහු පාරක් හැරිලා බැලුවෝ මොකද කරන්නේ කියලා අහන්න වගේ.. ඒත් යාලුවො  නම් හිටියේ මූණු බෙරි කරගෙන....

වෙන්නෙ මොනවද කියලා නොතේරුණ දායින්ට
ජිහියාගෙ වචනෙට ගරු කරනවා ඇරෙන්න කරන්න දෙයක් තිබුණේ නැති නිසා දායිනුත් ජිහියා එක්ක යන්න ගියා....
_____________________________________________

පසුදින ~

🌟ජිමින් (චං මින්හො) POV :

පෙරේදා අර පෙනුන විකාර හීනේ නිසාදෝ ඊයෙ වගේම තමා අද දවසත් පොඩ්ඩ්ක්වත් හොද නෑ..මගේ දෛවයනම් ඇත්‍තමයි පිස්සුවක්..
කලින් ජීවිතේ මට මුණගැහුණ හුගක් අය වගේම අය අතීතෙත් හම්බෙයි කියලා හිතුවට,
මන් ජීවිතේට හිතුවේ නෑ අර හොර කපටි නාකි වංචාකාර ඒජන්සිකාරයා 'ජන්ග්' වගේ මිනිහෙකුත් මේ ජීවිතේදි ඒ විදිහටම මට මුණගැහෙයි කියලා......

මගේ කළින් ජීවිතේ විනාශ කරපු ඒ මිනිහා මේ රාජධානියේ මහ ඇමති..හිතාගන්න පුළුවන්ද
මේක කොච්චර පිස්සුවක්ද කියලා..මම ඒ
මිනිහව දැක්කේ අහම්බෙන්..රතු පාට අමාත්‍ය නිළ ඇදුමට මිනිහට ටිකක් ගති පෙනුමක් නොතිබ්බම නෙමේ...නෑ....නෑ...එක්කො තිබ්බේ නෑ කියලා හිතන්නකෝ...මන් ඉතින් හිතුවා ඒ ජීවිතේ මෙ මිනිහා නරුම මිනිහෙක් වුණත් මේ කාලේ හොද යහපත් මනුස්සයෙක් කියලා....මොන....මේ කාලෙත් එහෙමම තමාලූ.

රාජධානියේ හොර කපටි මගෝඩි හැම දේකම වගේ මේ මිනිහලු මහ මොළකාරයා..රැජිණට පක්ෂපාති අය ඇරෙන්න අනික් අය හුගක් මෙයාට යටත් වෙලාලූ ඉන්නේ...මන් මේ විස්තර දැනගත්තේ මෝයුන්ගෙන්...නම්ජූනුත් කළින් ජන්ග්ට කැමති නෑ වගේ වගේ තමා
මෝයුනුත් මහ ඇමතිට කැමති නෑ..මහ ඇමති ගරු ඒ මිනිහට ගරු වැඩියිද මන්දා.... හරි
කොහොම හරි...

කලින් අයගේ රූපේ වගේම මේ අයගෙත් සිතුම් පැතුමුත් එක වගේද කොහෙද...අනේ මන්ද ඉතින්...මගේ අවිනිශ්චිත ජීවිතේ සිද්ධ වෙන්නේ පුදුමාකාර දේවල්නෙ...

අද උදේ කාලේ ජන්ග්ව දැක්කට පස්සෙ දවසම
අවුල්..ඒ වගේම අද දවල්  නව නිපැයුම්කරුවන්ගේ ප්‍රදර්ශනයක් තියන නිසා මට ටිකක් වැඩ වැඩී...අද රැජිණ මාළිගාවේ නව නිපැයුම්  අංශෙට අලුත් නිළධාරියො  තෝරගන්නයි මේ  ප්‍රදර්ශනය සූදානම් කරලා
තියෙන්නේ...

"අපි යමු... තව ටිකකින් ප්‍රදර්ශනය පටන් ගනී....

"හා....රැජිණ එන්න කලින් යන්නත් එපැයි...."

"හා හා යමු යමු...."

"යමු...."

කියලා මාත් එක්ක හිටපු අනික් අය කීපදෙනා
ලියකියවිලිත් අරගෙන එතනින් නැගිටලා යන්න ගියා..මාත් කර කර හිටපු වැඩේ අතෑරලා දාලා එතනින් නැගිටලා ඇදුම ටිකක් හදාගෙන තොප්පිය ටිකක් හදාගත්තේ  ප්‍රදර්ශනයට බලන්න යන්න කියලා..හරි පාළුයි
කතාකරන්නවත් කවුරුත් නෑනේ...හාජින්වත් හිටියනම්...මට කෙල්ලව හැමවෙලේම මතක් වුණා..වැඩට ආවට පස්සෙ කෙල්ලව දකින්නවත් ලැබුණේ නෑ....කොහෙහරි යද්දි මන් එහෙම තනියම යන්නේ නෑ...තනියම යන්න ගිහින් තමා මේ හැමදේම සිද්ධ වුණෙත්.

විනාඩි කිහිපයකට පසු~🌸

සොන්ග් , මෝයුන් ඇතුළු කාර්ය සාධන අංශේ හැමෝම වගේ ප්‍රදර්ශනයට ගියා.. හිතුවට වඩා හුග දෙනෙක් මේ නව නිපැයුම් ප්‍රදර්ශනයට
ඉදිරිපත් වෙලා තිබුණා..මේ නිර්මාණ දැක්කම
නම් මාර පුදුමයි...

පරණ තාක්ෂණය, මිනිස්සු හරි දියුණුයි.. මෙහෙට ආව එකේ අලුත් නිර්මාණයක් වත් හදාල බලන්න ඕනි කියලා ඒවා දැක්කම මට නිකමට වගේ  හිතුණා....හැමෝම එයාලගේ නිර්මාණ මේසෙ උඩ තියාගෙන බලාගෙන හිටියේ රැජිණ එනකන්....

"යන්න යන්න.....තමුන් හුගක් පරක්කුයි...."

ප්‍රදර්ශනයට ඇතුළ්වෙන එන්ට්‍රන්ස් එක  ළග සෙබළෙක් කාටදෝ මන්දා කෑගහනවාඇහුණා...

"අනේ කරුණාරලා...කරුණාරලා මට පොඩ්ඩක් යන්න දෙන්න...."

කාගෙදෝ මන්දා ආයාචනාත්මක කටහඩක්..

"වෙලාව ඉවරයි කිව්වම අහලා යනවා... යනවා."

සෙබළා ටිකක් සැර වුණා...එතන මොකක්ද වෙන්නෙ කියලා බලන්න මන් ටිකක් ඒ පැත්තට ගියා..කීපදෙනෙක්ව පහු කරගෙන
සෙබළු ඉන්න දිහාවට ගියාමයි මගෙ ඇස් උඩ ගියේ...හොබී හ්‍යුන්...නෑ...නෑ....එයා වගේ කෙනා..

"අනේ කරුණාරලා මට ඇතුළ් වෙන්න විතරක් දෙන්න...."
ඒ කෙනා බැගෑපත් වුණා..සේද ඇදුමින් වගේම දැල් තොප්පියෙන් හැඩ වුණ එයා හොබීගෙ අතීත පෙනුමට හොදටම ගැළපුණා..එදා කඩ වීදියේ අහම්බෙන් දැක්කත් සෙනග වට කරන් හිටිය නිසා හරියට බලාගන්න බැරි වුණානේ..."

"කිව්වම අහලා යනවා..."

කිසි හිතක් පපුවක් නැති ගාණට සෙබළා කිව්වේ ඒ මනුස්සයව එළව ගන්න වගේ...

"මෙතන මොකක්ද වෙන්නේ.....?"

කියාගෙන මම එතනට ගියේ එයාට උදව් කරන්න පුළුවන්ද කියලා බලන්න..

"නිළධාරීතුමා...."

"මෙතන මොකක්ද වෙන්නේ ඇයි මෙයාට මෙහෙම කෑගහන්නේ...."

මම ටිකක් හඩ බාල කරලා ඇහුවේ එයාලා මම දඩුවම් ලැබුණ කෙනෙක් කියලා දන්නවාදෝ කියලා හිතේ සැකෙන්....

"නැහැ නිළධාරීතුමා... මොහු ප්‍රදර්ශනයට ප්‍රමාද වෙලා පැමිණිලා දැන් ඇතුළට යන්න අවසර ඉල්ලනවා...."

සෙබළා  මට ටිකක් ගරු කරලා කතා කළ නිසා ප්‍රශ්නයක් නැහැයි කියලා හිතුණා..

"එසේද....ප්‍රශ්නයක් නැහැනේ...ප්‍රදර්ශනයට තවමත් වෙලාව තියෙනවනේ...මොහුට ඇතුළ් වෙන්න දෙන්න..."

"නමුත් නිළධාරීතුමා , "

"කරුණාරලා මොහුට ඇතුළ් වෙන්න දෙන්න...
ආයෙ අවස්ථාවක් ලැබෙන්නේ නැහැනේ..."

මන් එහෙම කිව්වේ එයාට උදව් කරන්න හිතුණ නිසා..

"හරි නිළධාරීතුමා....නුඹ එහෙනම් ඇතුළ් වෙන්න...."

ඒ සෙබළා එහෙම කිව්වම මැළවිලා ගිය මූණ ආපහු පිපිලා එනවා දැක්කම මට හරි සතුටක් දැනුණා...මොනවා වුණත් හෝසක් හ්‍යුන් වගේමනේ...

"ඉන්න මන් උදව් කරන්නම්....."

මන් කිව්වේ එයාගේ ලී පෙට්ටිය වගේ එක උස්සන්න එයාට උදව් කරන ගමන්..ඒ ලොකු පෙට්ටිටේ ඇත්තේ එයාගේ නිර්මාණේ වෙන්න ඔනී.....

"නැහැ...කමක් නෑ නිළධාරීතුමා....මට පුළුවන් "

"ආහ් ඒකට කමක් නෑ අයියණ්ඩි...මේක හුගක් බරයිනේ...මන් උදව් කරන්නම්...."

මන් අහින්සකව හිනාවෙලා කිව්වා..එයා මට නිළධාරීතුමා කියලා කතා කරන එක හරි අමුතුයි වගේ..නිළධාරීතුමා කිව්වට මම මෙහෙ පහළම අංශේ නිළධාරියෙක්නේ....

අපි පෙට්ටිය ප්‍රදර්ශනයට ගෙනාවා..මම එයාට මේසෙකුත් සූදානම් කරළා දුන්නා.

"මම චං මින්හෝ....එතකොට ඔයා...."

"මම යොන්හා...විංහෙ වලින්...."

ඔයා අලුත් නිර්මාණත් හදනවද...මන් හිතුවේ අනාවැකි විතරයි කියන්නෙ කියලා...

"ඔබතුමා මාව දන්නවද....? "

"ආහ්...මට ඔබතුමා කියලා කියන්න එපා අයියණ්ඩි..චං මින්හෝ කියන්න...

"හොදයි...."

"මම ඔයා කඩවීදියේ ඉන්නවා දැකලා තියෙනවා ඔයා අනාවැකිවලට ප්‍රසිද්ධයිනේ...."

"ආහ්...ඒක මිසක්....."

"ඔයාගේ මේ නිර්මාණෙත් ගොඩක් හොදයි.."

කියලා මම හැරුණෙ එයාගේ නිර්මානේ පැත්තට. ලී පතුරු , රෙදි පටිවලින් හදලා තිබුණ ඒ වතුර  ගැජට් එකනම් සුපිරියි.. වතුර කළමනාකරණය කරන්නද කොහෙද හදලා තියෙන්නේ..ඕක දැක්කම මට ඉබේම හිනාවක්
ගියේ අපේ අයිස්ටයින් හොබී ඒ කාලේ කරපු
සයස්ටික් වැඩ මතක් වෙලා....

"මන් හිතන්නේ ඔයාට අවස්ථාවක් ලැබෙයි නව නිපැයුම් අංශෙට බැදෙන්න..."

"එහෙමම කියන්න බැහැ ඉතින්....රැජිණ ගැන දන්නවනේ ඉතින්...."

"නැහැ...නැහැ....ඔයා තේරෙනවමයි අයියණ්ඩි..
බලන්න ඔයාගේ නිර්මාණෙ වුණත් ගොඩක් නිර්මාණශීලියි...

කියලා මම වතුර මැෂිම දිහා තවත් හොදට බැලුවා...

"හැම දේම වගේ ඔයා හොදට හදලා තියෙනවා..මේ වතුර යන විදිහ එහෙම... වැස්ස
කාලෙට වතුර පාලනය කරන්නම් ගොඩක් හොදයි...දැන් කොහොමත් එන්නේ වහින කාලේනේ...

"ඔයා මෙහෙට අයිති කෙනෙක් නෙමේ නේද..?"

කියලා කිව්වේ හරි අමුතු විදිහට..මට ඇහුණ විදිහද එයා කියපු විදිහද කියලා මට සැකයක් හිතුණා...

"ආහ් මොකක්ද ?...."

මන් යොන්හා දිහාවට හැරුණා..යොන්හා මූණ හදාගෙන හිටියේ හරි අමුතු විදිහට.. අයිති කෙනෙක් නෙමේ කියන කතාවේ තේරුම මොකක්ද ? මන් අනාගතෙන් කියලා එයා දන්නවවත්ද..??.....මට ප්‍රශ්න ගොඩයි....

"රැජිණිය සැපැත්වන වගයි......!!"

කියලා කටහඩක් ඇහෙනවත් එක් යොන්හ රැජිණ එන දිහාවට ඇස්  හැරෙව්වා..
ඒ දේ මට ඇහුණ විදිහක් වෙන්න ඇති කියල හිතාගෙන රැජිණ දිහාවට හැරුණා...
සේනාපතිනියො දෙන්න එක්ක රැජිණ ප්‍රදර්ශනයට ඇතුළ් වුණේ පුදුම ආඩම්බරයකින්...
එයා හරිම ලස්සනයි.. එයාගේ ඒ අහංකාරකම දැක්කම සේරම එකපාරටම අමතක වෙලා යන්නේ ඉබේටමයි..

ඊළග කොටසින් හමුවෙමු 🌹

_____________________________________________

සැ: යු : මේ කතාව කියවනකොට කොරියානු පරණ රාජධානියක් මවා ගෙන කියවන්න..ඒක ඔයාලට ගොඩක් පහසු වෙයි...🌺

කතාව ගැන අදහස් , අඩුපාඩු කියන් යන්න..❤
ලයික් , කමෙන්ට් , වෝට් කරන හැමෝටම කුමාවෝ😍🌹❤️

දිගටම කතාව එක්ක ඉන්න ❤🌟

📌️කතාව දිග වැඩිද.....?🙂 පරක්කු වෙන නිසයි දිගට දෙන්නේ...හිස්ටොරිකල් නිසා ටිකක් දිග වෙනවා...🤧🤧

පරක්කු වෙනවට සමාවෙන්න හොදද... මේ දවස්වල චුට්ටක් වැඩ වැඩී...🤧 මේක ඉක්මනටම ලියලා ඉවර කරන්නත් ඕනි...

ඔයාලගේ කමෙන්ට් වලට රිප්ලයි කරන්න ටිකක් දවස් යයි...ඒත් මන් හැම එකක්ම බලනවා හොදද....❤

Character 20 Special episode එකක් දෙනවා..ඒකනම් ටයිප් කරලා තියෙන්නේ...ඉක්මනටම දෙන්නම්...🌸

දිගටම මන් එක්ක ඉන්න හොදද...❤

Continue Reading

You'll Also Like

462K 31.4K 47
♮Idol au ♮"I don't think I can do it." "Of course you can, I believe in you. Don't worry, okay? I'll be right here backstage fo...
2.6K 550 16
අහම්බෙන් හම්බුන දෙයක් නිසා ඔයාගෙ මුලු ජීවිතේම වෙනස් උනොත්!!
767 89 8
Naruto was neglected by his family for all his life, When the time came for his final mission, naruto Accept it.
203K 4.3K 47
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...