Home Town//Taekook//

By TDM___Pink

2K 482 20

Love? Doesn't love change? What if it's too late to get the one we love? Jungkook is a married man who loves... More

Introduction
A New City And A New Beginning But My Home Town...
New Friends But My Home Town...
New Neighbors But My Home Town...
A Kiss But My Home Town...
Entertainment? But My Home Town...
Tae's house But My Home Town...
Don't Go But My Home Town (Pt. 1)...
Don't Go But My Home Town (Pt. 2)...
Sweet Night but my Hometown...
I Miss You, But My Home Town...
I'm Sorry But My Hometown...
My home town changed my life...
Fate
A/N

A New Lecturer But My Home Town...

112 33 0
By TDM___Pink

Jungkook ට college යන්න පරක්කු උනත් කොහොම හරි Lecture එකට කලින් college එකට ඇවිත් හෝල් එකට ගියා. කවදාවත් නැතුව හෝල් එකේ අද ලමයි ගෙන් පිරිලා තිබ්බ. Jungkook ට ඉන්න තැනක් Hobi, Yoongi දෙන්නා තියාගෙන හිටියේ නැත්තම් Jungkook ට ඉන්න තැනක් නැති වෙනවා. Jungkook යනවාත් එක්කම වගේ Lecturer හෝල් එකට ආවා.

"Jungkook මොකෝ බන් මෙච්චර පරක්කු උනේ?" hobi Jungkook ගෙන් අහුවෙ කවදාවත් පරක්කු වෙන්නේ නැති කෙනා අද පරක්කු නිසා.

"අහන්න එපා hobi, මූ උදේම lily එක්ක මොනා හරි කරන්න ඇති." Suga hobi ගෙ කරට අත දාන ගමන් කිව්වේ Jungkook දිහා අමුතු හිනාවක් දාගෙන.

Hobi එක සැරේ suga කරපු දේ එක්ක ගැස්සුන නිසා Jungkook ගෙ අත තදින් අල්ල ගත්තා. Jungkook ට hobi ගෙ හැසිරීම ගැන ටිකක් සැක නොහිතුනා මත් නෙවෙයි. ඒත් Jungkook ඒක‍ අමතක කරන්න තීරණය කරා.

"ඒයි එහෙම දෙයක් නෙවේ, ඊයේ Job එකට ගිහින් ගෙදර එද්දි ගොඩක් රෑ උනා." Jungkook Suga, hobi ට රව රව කිව්වා.

"ඒක‍ නෙවේ Job එක කොහොමද?" Suga ඇහුවේ Jungkook ගෙන්.

"හොඳයි ඉතින් කියන්න තරම් වරදක් නෑ." Jungkook කිව්වා.

"ඔතන ඉන්න කෙනා කියන්න බලන්න." ඒ වචනත‍් එක්ක මුළු හෝල් එකේම අය Jungkook දිහා බැලුවා. Lecturer මොකක් හරි ඇහුවා කියලා තේරුන නිසා Jungkook නැගිට්ටා.

ඒත් Jungkook ට අහපු ප්‍රශ්නේ වත් අහන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. Jungkook අත්තටම ඒ Lecturer ව දැකපු පලවෙනි වතාව මේක. Jungkook දැකලා තියෙන කඩවසම්ම තරුණයා එයා වෙන්න පුළුවන්. Jungkook ගෙ හදවත වෙලාවක වේගයෙන් සහ තවත් මොහොතක නොගැහී තිබුණා. Jungkook හරි සිහියට ආවේ මුළු හෝල් එකේම අය Jungkook ට හිනා උන නිසා. Jungkook ට කරගන්න දෙයක් වත් හිතා ගන්න බැරි වෙනවාත් එක්ක hobi Jungkook ගෙ අතින් ඇදලා පුටුවේ ඉන්දවෙව්වා.

Lecture එක ඉවර වෙනකන් හෝ hobi, suga, Jungkook ගෙන් එක වචනයක් වත් පිට උනේ නැත්තේ ආයේ කතා කරනවා දැක්කොත් කියලා. ඊටත‍් වඩා කාටවත් ඕනේ උනේ නෑ විහිලුවක් වෙන්න ලමයි ඉස්සරහා.

තුන් දෙනාම lecture ටික ඉවර වෙලා Canteen එකට ආවේ වෙන කරන්න දෙයක් නැති නිසා. මොකද මේ වෙද්දි තිබුණ රස්නෙ එක්ක කාටවත් ඕනේ කමක් තිබ්බෙ නෑ ඇග වෙහෙසවලා මොකුත් කරන්න.

Jungkook ඉක්මනට කාලා college එකේ තියෙන පොකුණ ළඟට ආවේ Jungkook ට නිදහසේ ඉන්න ඕනේ නිසා. Jungkook ඊයේ වැඩ ඇරිලා ගෙදර එද්දි පාන්දර 03 විතර උනා. Jungkook රෙස්ටුරන්ට් එකක වගේම club එකකත‍් වැඩ කරා. Jungkook අඩුම තරමේ පැය 04 වත් විවේක ගත්තෙ නැහැ. Lily ට උණ තිබ්බ නිසා Jungkook ට lily ට කෑම හදලා ලඟින් පවා තියලා එන්න උනා. Jungkook ට college යන්න බැහැ කිව්වත් Lily ගෙ ඉල්ලීම නිසා Jungkook ට යන්න උනා. Collage එකේ pont එක ලඟ ගොඩක් ලමයි නැ වගේම ගස් වැල් එක්ක තියෙන නිහඬ බව එක්ක නිදහසේ ඉන්න ගොඩක් හොඳ නිස්කලංක තැනක් උනා. ඒත් මේ වෙලාවෙ Jungkook ගෙ හදවත ඊටත් වඩා නිස්කලංක උනා. Jungkook ට කලින් හිටපු Lecturer ව හම්බ වෙන්න ඕනේ උනා. Jungkook ට අමුතු හැඟීමක් දැනුනා. හරියට ම පැහැදිලි නැති උනත් ගිනි ගොඩකට අයිස් ගොඩක් වැටුණම දැනෙන හැගීම වගේ හැගීමක් Jungkook ට තේරුණා. Jungkook ට මේ අමුතු හැගීම එක්ක සින්දුවක් කියන්න ඕනේ උනා.

"Heart beats fast
Colors and promises
How to be brave
How can I love when I'm afraid to fall
But watching you stand alone
All of my doubt, suddenly goes away somehow
One step closer
I have died everyday, waiting for you
Darling, don't be afraid, I have loved you for a thousand years
I'll love you for a thousand more
Time stands still... "

"Christina Perri ගෙ A Thousand years එහෙම නේද?" එක සැරේ ඇහුන හුරු පුරුදු කට හඩ එක්ක Jungkook හැරිලා බැලුවේ කවුද කියලා. Jungkook බලා පොරොත්තු උන කෙනා ඉන්නවත‍් එක්ක Jungkook ට අමුතු සතුටක් ආවා. ඒත් Jungkook මොකුත් නොකියා ආයෙත් pont එක දිහා බැලුවා.

"ඔයා මන් එක්ක තරහින් ද ඉන්නේ? මට සමාවෙන්න. මට ඕනෙ උනේ නෑ Jungkook ඔයාව ලමයි ඉස්සරහ ලැජ්ජා කරන්න." Lecturer කියනවත‍් එක්ක Jungkook එයා දිහා බැලුවා. Jungkook එහෙම හිතලා නෙවෙයි කතා නොකර හිටියේ. ඒත් Jungkook?? එයා කොහොමද Jungkook ගෙ නම දන්නේ?

"sir කොහොමද මගේ නම දන්නේ?" Jungkook අහනවත‍් එක්ක lecturer හිනා උනා.

"ඔව් ඒකත් ඇත්තනේ... ඔයා කොහොමද මාව දැන ගන්නේ ඔයා එදා නිදිනේ." lecturer ආයෙත් හිනා වෙවී කිව්වා.

"මට sir කියන එක තෙරුන් නැහැ" කවුද Jungkook ඇහුවේ ටිකක් කලබලකාරීව.

"මම තමයි Dali ගෙ හියුන්ග්. Taehyung. එදා ඔයාලගෙ ගෙදර ආවේ අපි" Jungkook ට ඇත්තටම ලැජ්ජාවක් දැනුනා. Jungkook එදා ගොඩක් මහන්සිවෙලා හිටියේ. Jungkook ට නින්ද යන එක සාධාරණ දෙයක් උනත් ගෙදර අසල් වැසියන් ඉන්න මොහාතක? අනික Jungkook කිසිම වෙලාවක දැක්කේ නෑ Dali ගෙ හියුන්ග් ගෙ මූණ. ඒත් Jungkook ට පොඩි සතුටක් නොදැනුනාමත් නෙවෙයි. Taehyung වගේ කෙනෙක් අසල් වාසීන් වෙනවට කවුද අකමැති වෙන්නේ.

"මට සමාවෙන්න. මන් හිතලා නෙවේ නිදා ගත්තෙ ඒ වෙලාවේ. මන් ගොඩක් මහන්සි වෙලා හිටියේ. මන් හිතුවේ නෑ..." Jungkook එක පාරටම කියවන් යනවාත් එක්ක Taehyung ට හිනා ගියේ රැප් එකක් වගේ කියවන් ගිය නිසා.

"ඕ.. ඕ.. ඕක නවත්තන්න
ඔයාගෙ හුස්ම හිර වෙයි"  Taehyung අමාරුවෙන් හිනා වත් තද කරන් කිව්වේ Jungkook ගෙ කියවිල්ල අහන් ඉන්න බැරි නිසා.

" මට සමාවෙන්න... " Jungkook ආයෙත් මූණ පාත‍් කරන් කිව්වේ principle ඉස්සරහා ඉන්න වැරද්දක් කරපු පොඩි ලමයෙක් වගේ.

"ඕ Jungkook. ඔයා ගොඩක් Cute නේ. ඒකට කමක් නෑ. මට උනත් එහෙම වෙනවා. අනිත් එක ඔයා අනිත් අය නැති වෙලාවට sir කියන්න ඕනේ නෑ. ඔයාට Taehyung කියන්න පුළුවන්." Taehyung හිනා වෙලා Jungkook ට කිව්වා.

"ඇත්තටම ද? හරි ටේ" Jungkook කිව්වා.

"ටේ? මන් ඒ නමට කැමතියි කූකී" Taehyung කිව්වා. Jungkook ට මීට කලින් කූකී කිව්වේ lily විතරයි. ඒත් Taehyung එහෙම කියනවට Jungkook අසා උනා.

" ආ dali කිව්වා ලබන සතියේ සදුදා අපේ ගෙදර party එකක් දානවා ඒකට ඔයාලා දෙන්නට එන්න කියන්න කියලා" Taehyung කිව්වා.

"thank you අපි අනිවාර්යෙන්ම එන්නම්"

♡︎_____                                                      

Jungkook job එකට ගිහින් ගෙදර එද්දි රෑ 08. 00 විතර උනා. සෙනසුරාදා, ඉරිදා විතරක් club එකේ වැඩ කරපු නිසා Jungkook ට Collage  එකේ පාඩම් වැඩ කරන්න වෙලාව තිබ්බා. මේ විඳිහට සතියක් ගෙවිලා ගියේ lily ගෙ හදවත Jungkook ට තවත් ලන් කරමින් සහ Jungkook හා Taehyung ගෙ හදවත‍් තව තවත් එකිනෙකා සමග බැදෙමින්. Jungkook ට lecture නැති හැම මොහාතකම Jungkook Taehyung හම්බවෙන්න පුරුදු වෙලා හිටියා වගේම Jungkook ට Taehyung ළඟ කලින් නොදැනුන ආරක්ෂාවක්, රැකවරණයක් දැනුනා. Taehyung මේ වෙද්දිත් Jungkook ට ආදරය කරා.

"lily ඉක්මනට එන්න අපි පරක්කු වෙයි." Jungkook lily ට කතා කරේ lily තව ලෑස්ති වෙලා ආවේ නැති නිසා. මොකද Jungkook දන්නවා තවත් වෙලා හිටියොත් Taehyung ලාගේ ගෙදර යන්න පරක්කු වෙනවා කියලා.

"හරි මන් ආවා" lily කිව්වා. Lily ලස්සන කලු පාට හීනි පටි අත් දෙකක් තියන දණහිස ළඟට වඩා ටිකක් ඉහලින් තියෙන ගවුමක් ඇඳන් හිටියා. ඒ ගවුමේ අන්තිම කොටසේ ලා රෝස පාට මල් වර්ගයකින් රටා මවලා තිබ්බා. Lily එයාගෙ ලා දුඹුරු කොන්ඩයට රෝස පාට මලක් තියෙන hair band එකක් විතරක් දාලා කොන්ඩෙ කඩා ගෙන හිටියා. ඒ වගේම ලා රෝස පාට ලිප්ස්ටික් විතරක් ගලා තිබුණා. මොකද lily කියන්නේ ගොඩක් ලස්සන ගෑණු ලමයෙක් ඒ නිසා lily ට makeup දාන්න ඕනේ උනේ නෑ ගොඩක්. Lily ඇත්තටම ඒ ගවුම වගේම ඇඟේ කුඩා මුහුණත් එක්ක ඉතා හුරතල් පෙනුමකින් හිටියා.

නමුත් Jungkook ඊට නොදෙවෙනි ලෙස කඩවසම් උනා. එයා සාමාන්‍ය ලෙස කිට් එකක් ඇද සිටි අතර කොන්ඩය මඳක් ඇස ආවරණය කරන විඳිහට දාගෙන හිටියා. ලොකුවට සැරසී හිටියේ නැති උනත් Jungkook ගෙ උපන් කඩවසම්කම හොඳටම ඇති උනා. එමෙන්ම කොන්ඩය නිසා එයා තවත් කඩවසම් විඳිහට පෙනුනා.

__TDM__Pink__
                                                                       

Continue Reading

You'll Also Like

6.5M 179K 55
⭐️ ᴛʜᴇ ᴍᴏꜱᴛ ʀᴇᴀᴅ ꜱᴛᴀʀ ᴡᴀʀꜱ ꜰᴀɴꜰɪᴄᴛɪᴏɴ ᴏɴ ᴡᴀᴛᴛᴘᴀᴅ ⭐️ ʜɪɢʜᴇꜱᴛ ʀᴀɴᴋɪɴɢꜱ ꜱᴏ ꜰᴀʀ: #1 ɪɴ ꜱᴛᴀʀ ᴡᴀʀꜱ (2017) #1 ɪɴ ᴋʏʟᴏ (2021) #1 IN KYLOREN (2015-2022) #13...
1M 38.7K 90
𝗟𝗼𝘃𝗶𝗻𝗴 𝗵𝗲𝗿 𝘄𝗮𝘀 𝗹𝗶𝗸𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 𝗳𝗶𝗿𝗲, 𝗹𝘂𝗰𝗸𝗶𝗹𝘆 𝗳𝗼𝗿 𝗵𝗲𝗿, 𝗔𝗻𝘁𝗮𝗿𝗲𝘀 𝗹𝗼𝘃𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 �...
7.3M 302K 38
~ AVAILABLE ON AMAZON: https://www.amazon.com/dp/164434193X ~ She hated riding the subway. It was cramped, smelled, and the seats were extremely unc...
412K 12.5K 94
Theresa Murphy, singer-songwriter and rising film star, best friends with Conan Gray and Olivia Rodrigo. Charles Leclerc, Formula 1 driver for Ferrar...