🇱🇰♥️
දින දෙකකට පසු...
අලුත් දවසක උදාවක් වුනත් අද ටිකක් කලබලකාරී දවසක්. මොකද අද අපේ විහගි දකුණු කොරියාව බලා පිටත්වෙන දවස. අවශ්‍ය සියලුම දෑ සූදානම් කරගත් විහගි, ඇගේ මව ඇතුළු පිරිස ගුවන්තොටුපළ දක්වා ගමන් කලේ නොයෙක් කතාබහ මැද්දේ....✈️
ගුවන්තොටුපළට පැමිණි පසු...
*විහගි:-* අම්මා...එහෙනම් මං ගිහින් එන්නම්...
මේ විහගි විදේශගතවන දෙවෙනි අවස්ථාව. කලින් සම්මාන උළෙලක් සදහා ඇය විදේශගතවන විට මවත් ඇය සමග ගියා.
*අම්මා:-* හරි මගෙ දූ...පරිස්සමින් යන්න හොදද...බුදු සරණයි මගෙ දූට. ඔයාගෙ හැම හීනයක්ම හැබෑවෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා.
*විහගි:-* බුදු සරණයි අම්මා. විහගි මවගේ දෙපා වැද ආශිර්වාදය ලබාගත්තේ ඇස්දෙකෙහි වූ කදුලු බිදු දෙකක් තම මවගේ දෙපාවල තවරමිනි. 😢
*අම්මා:-* අනේ මගෙ රත්තරං...අඩවන්න එපා. කෝ මේ බලන්නකො...ඔයා හොද ගමනක්නෙ යන්නෙ. හ්ම්ම්...දැන් අඩන්න එපා හොදේ..🙂
*විහගි:-* මට එපා කිව්වට අම්මත් අඩනවනෙ...🥺🥺
*පවුලේ වැඩිහිටියො:-* ඔව් දූ දැන් ඔය කදුලු පිහදාගෙන සතුටින් ගිහින් එන්න...අපි බලාගෙන ඉන්නවා ඔයාගෙ අලුත් ඩ්‍රාමා එක බලන්න.
*ෂානු:-* මගෙ බිස්ටියෝ පරිස්සමින් ගිහින් එන්න හොදේ..ඔයා නැතුව පාලු හිතෙයි. හැමදාම කෝල් කරන්නම්...ආදරෙයි හොදේ..ආහ් මේ අර කොරියන් ඔප්පලා ටිකට කියන්න මේ ෂානු එයාලට මැරිලත් පැයක් සරංහේ (ආදරෙයි) කියලා.😇😇
*විහගි:-* (කදුලු අතරින් සිනාසී) හරි හරි කියන්නම්කො..එහෙනම් මම ගිහින් එන්නම්. හැමෝටම බුදු සරණයි.
🙋♀️🙋♀️🙋♀🙋♀🙋♀🙋♀🙋♀🙋♀
පවුලේ හිතවතුන්, යාලුවන්, රසිකයන් හා media වල කැමරා විහගිව නොපෙනී යන තෙක්ම ඇය දෙස බලා සිටියා.
ගුවන්‍යානයට ගොඩ වූ විහගි තමන්ගේ ආසනයෙහි වාඩිවී මදකට දෑස් පියා ගත්තේ ඇයට දැනෙන මේ සතුටත් දුකත් මිශ්‍ර වුණු හැගීම හිතට බරක් වගේ හැගුන නිසයි.
මදවෙලාවකින් ගුවන්ගතවීම ආරම්භ කළ ගුවන්‍යානයෙහි කවුලුවෙන් පිටත බලා ඇය දිග සුසුමක් හිලුවේ තම ටිකෙන් ටික කුඩා වී නොපෙනී යන තම රටට තාවකාලිකව හෝ සමුදීමට මෙනි.🙂✈️
🇰🇷💜
පැය කිහිපයක් ගුවන්ගමනින් පසු ඇය දකුණු කොරියාවට පැමිණ ඇත. ඒ පිළිබදව කල නිවේදනය ඇසූ විට ඇයට දැනුනේ අමුතුම හැගීමකි. ගුවන්‍යානයෙන් බැස තමා පිළිගැනීමට ගුවන්තොටුපළට පැමිණ සිටින පිරිස දැක ඇයට දැනුනේ අමුතුම ආකාරයේ සතුටකි.
මතකනෙ නේද....මං මුලින්ම කිව්වෙ අපේ විහගි කොරියන් පිස්සියක් නිසා ඇයට යම්තාක් දුරකට කොරියන් කතාකරන්න පුලුවන් හොදේ... ඒ නිසා එයා කොරියන්වලින් තමයි කොරියාවෙ අයත් එක්ක කතා කරන්නෙ. මටයි, කියවන ඔයාලටයි කොරියන් බැරි නිසා මං සිංහලෙන් ලියනවා.😁😁
*ලේකම්:-* හලෝ මිස් විහගි. ඔයාව ගෞරවයෙන් දකුණු කොරියාවට පිළිගන්නවා. මම මිස්ටර් පාර්ක් මියුන්ජිගෙ ලේකම් කිම් යොන්ජුන්.
*විහගි:-* හදුනාගැනීමට ලැබීම සතුටක් මිස්ටර් යොන්ජුන්. ( දකුණු කොරියානු චාරිත්‍රයට අනුව විහගිද හිස නමා ඔහුට ආචාර කලා.)
*ලේකම්:-* මිස් විහගි, මේ ඉන්නෙ ඔයාගෙ පෞද්ගලික සහයිකාව මින්වා. ඔයා දකුණු_කොරියාවේ ඉන්නකම් එයා ඔයාගෙ සහයට ඉදියි.
*මිනවා:-* ඔයාව ගෞරවයෙන් පිළිගන්නවා.
*විහගි:-* ඔයාවත් හදුනගන්න ලැබීම සතුටක් මින්වා. ලස්සන නමක්.
*මින්වා:-* කම්සාහම්නිදා ( ස්තූතියි )
*ලේකම්:-* එහෙනම් මිස් විහගි..අපි යමුද..?
*විහගි:-* ඔව් අපි යමු.
ඔවුන් ගුවන්තොටුපලින් නික්මී සුඛෝපභෝගී මෝටර් රථයක් අසලට පැමිණියා. රථයට ගොඩවීමට මොහොතකට පෙර ඇය දකුණු කොරියානු අහස දෙස බලා සතුටින් සිනාවක් පා කලේ ඇය ඇගේ සිහින දේශයට ආ වග දැන්වීමට මෙනි.
රථයේ ගමන් කරන ගමන්ම විහගි තම මවට දුරකථන ඇමතුකම් දුන්නේ ඇය සුරක්ෂිතව පැමිණි වග දැන්වීමටය.
*විහගි:-* අම්මා...මං දැන් මෙහෙටඇවිත් ඉන්නෙ. මං ආවා කියන්න කතා කලේ..පස්සෙ නිවීසැනසිල්ලේ කතා කරන්නම් හොදේ..😚😚
*අම්මා:-* හරි පරිස්සමින්..බුදු සරණයී. මං බලන් ඉන්නවා කතා කරනකම්.
*විහගි:-* බුදු සරණයි අම්මා.
දුරකථනය විසන්ධි කළ ඇය කවුලුවෙන් එපිට පේන දකුණු කොරියානු සුන්දරත්වය හදවතින්ම විද ගත්තේ මේ ඇය සිටින්නේ ඇය සිහින මැවූ සිහින දේශයේ කියන කරුණ මෙන්ම ඇගේ හිත පතුලේ හරි පරිස්සමට රැකගෙන ඉන්න ඇගේ ආදරය දිනාගත් පුද්ගලයාගේ පණ ගැහෙන හුස්ම මුසු වූ දේශයේ නේද කියලා හිතනකොට මොහොතකට දැනුනු ඒ හැගීමෙන්ය.♥️