🖤🖤Hi Mr Min🖤🖤 ||Min Yoong...

Oleh 1993Dul

19.5K 4.7K 642

🖤🖤underworld king මින් යුන්ගි අතැරලා ගියපු ආදරේ වෙනුවෙන් හැමදාම ආදරේට වෛර කරයිද? 🖤🖤ඇමති පියාගේ ආදරේ මැද්... Lebih Banyak

🖤🖤Hi Mr Min🖤🖤 01
🖤🖤Hi Mr Min 🖤🖤 02
🖤🖤Hi Mr Min🖤🖤03
🖤🖤Hi Mr Min🖤🖤 04
🖤🖤Hi Mr Min 🖤🖤05
🖤🖤Hi Mr Min 🖤🖤6
🖤🖤HI MR MIN 🖤🖤07
🖤🖤HI MR MIN 🖤🖤 08
🖤🖤HI MR MIN 🖤🖤10
🖤🖤HI MR MIN 🖤🖤11
🖤🖤HI MR MIN 🖤🖤12
🖤🖤HI MR MIN 🖤🖤13
🖤🖤HI MR MIN 🖤🖤14
🖤🖤HI MR MIN 🖤🖤FINAL
Recommendation
❤New❤

🖤🖤HI MR MIN 🖤🖤09

1.1K 329 56
Oleh 1993Dul

"මොකක් කවුද ඒ අමුත්තෝ?"

"ඒක තමා මීට කලින් අපිට අමුත්තෝ ඉදලා නෑනේ හෙයොන්ග් "

"එතකොට නිවී කොහෙද ඉන්නේ?"

පාඩුවේ කෑම කන ජින් ගේ වටේ එකතු වෙලා තේහයුන් ජිමින් ජන්කුක් තුන් දෙනා එහෙම අහද්දි,

"ඇත්තටම හෙයොන්ග් නිවී කොහෙද ඉන්නේ එතකොට "
කියලා අහගෙන එතන්ට ආවේ හේසෝක්..කොල්ලෝ හතර දෙනා කලබල වෙලා හිටියත් කිසිම කලබලයක් නැතිව කෑම එක ඉවර වෙන්නම කාලා භාජන ටික ඉස්සරහට තල්ලු කරපු ජින් අත් දෙක බැදගෙන පුටුවේ පිටිපස්සට හේත්තු වුනා. 

"දැන් මොකද්ද අහන්නේ "

"යුන්ගි හෙයොන්ග් කිව්වා හවසට ගෙස්ට් ලා දෙන්නෙක් එනවා කියලා ගෙස්ට් රූම්ස් ලෑස්ති කරන්න කියලා "

ජන්කුක් එහෙම කියද්දී අහක බලාගෙන උගුර පාදපු ජින් බිම බලාගෙන හිනා වෙවී ඔලුව දෙපැත්තට වැනුවා.

"හෙයොන්ග්!!"

"අයිෂ් යුන්ගියා ආහ් , කෝ දැන් යුන්ගියා "

හිනාවෙන ගමන් ජින් එහෙම අහද්දි හේසෝක් ඇරෙන්න අනිත් කොල්ලො තුන් දෙනා බලාගෙන හිටියේ ජින් ට පිස්සු හැදීගෙන එනවාද කියලා.

"ජන්කුකා යොන්වාට කියන්න යුන්ගි ගේ රූම් එකට යන්න කියලා,  නිවීට කියන්න ආපහු උඩ රූම් එකට එන්න කියලා එතකොට හරි , ආ චෙෆ් ට කෝල් එකක් දීලා කියන්න වැඩි පුර තව තුන් දෙනෙකුටම කෑම හදන්න කියලා"

"තුන් දෙනෙක් නෙවෙයි හෙයොන්ග් දෙන්නයි "

"ආ ඔව් නිවීටත් අමුත්තෙක් ඉන්නවා අද ඒකයි"

"ඒ කවුද හෙයොන්ග් "

"ජේම්ස්,  නිවී ගේ යාලුවා "

එහෙම කියපු ජින් එතනින් අයින් වෙලා ඔෆිස්  රූම් එකට යද්දි ටිකක් වෙලා එතන්ට වෙලා හිටපු හේසෝක් ත් ඔෆිස් රූම් එකට ආවා.

"හෙයොන්ග් "

"හිටගෙනම ෆයිල් එකක් පෙරල පෙරල හිටපු ජින් ඔලුව හරවලා හේසෝක් දිහා බැලුවා.

"හේසොකා "

"මොකද්ද වෙන්නේ හෙයොන්ග් "

ඔලුව දෙපැත්තට වනලා ෆයිල් එක ටේබල් එක උඩට දාපූ ජින් පුටුවක් ඇදලා වාඩි වුනා. 

"මට යුන්ගියා ව තේරෙන්නේ නෑ හේසොකා "

"මට හෙයොන්ග් ව තේරෙන්නේත් නෑ"

හේසෝක් එහෙම කියද්දී ජින් හේසෝක් දිහා බැලුවේ ඒ මොකද කියලා අහන බැල්මකින්,

"හෙයොන්ග්  හදන්නෙ යොන්වා ව ආපහු යුන්ගි හෙයොන්ග් ට ලං කරන්නද"

"හේසොකා "

"ඇයි හෙයොන්ග් යොන්වාට යූන්ගි හෙයොන්ග් ගේ රූම් එකට යන්න  කිව්වේ "

"නැතුව ඉතින් නිවීට යන්න කියන්නයැ"

"හෙයොන්ග්!!"

"හේසොකා "

දොර දිහා බලලා පුටුව තව ටිකක් හේසෝක් ලගට ලං කරගත්ත ජින් ලොකු කථාවකට මුල පිරුවා.

"මට තේරෙන්නේ නෑ මේ දේවල් කොහොමද පටන් ගන්නේ කියලා "

වීල් චෙයා එක උඩ තිබුන හේසෝක් ගේ අත උඩින් අත තියලා ඒ අත තද කරලා අල්ල ගත්ත ජින්, 

"හෙයොන්ග් උබව හැමදාම විශ්වාස කලා හේසොකා, ඒත් මට සාක්ෂි තිබුනේ නෑ "

"හෙයොන්ග්!!!"

"ඔව් එදා ඇක්සිඩන්ට් එක දවසේ උබ ඇදගෙන හිටපු ඇදුම් තියේටර් එකෙන් මගේ අතටයි දුන්නේ  , ඒ ෂර්ට් එකේ තිබුන ලිප්ස්ටික් පැල්ලම දැක්කම මං දැනගත්තා හේසෝක් කියන්නේ ඇත්ත කියලා,  තාමත් හනා වෙනුවෙන් බලාගෙන ඉන්න උබගේ ෂර්ට් එකට ලිප්ස්ටික් පැල්ලමක් එන්න විදියක් නෑ කියලා මං දන්නවා "

"හනා මෙතන්ට  අදාල නෑ හෙයොන්ග් "

හුස්මක් පහල දාලා හේසෝක් ගේ උරහිසට අත තියපු ජින්,

"හැමදේම පැටලිලා හේසොකා"

"මොකද්ද පටලැවිල්ල හෙයොන්ග්,  යොන්වා මේ දේවල් කලේ මොකටද කියලා අහන්න ඇයි තවත් වෙලාව ගන්නේ"

"යොන්වාට දරුවෙක් ඉන්නවා හේසොකා "

"හෙයොන්ග් මොනවද මේ කියන්නේ?"

"යොන්වා මොන අරමුණකින් එදා එහෙම දෙයක් කලාද කියන්න මං දන්නේ නෑ, ඒත් එදා හේසෝක් ගේ ගන් ෂොට් එක යොන්වාට වැදිලා තියනවා ඒ වෙනකොටත් යොන්වා pregnant වෙලා ඉදලා තියෙන්නේ "

"හෙයොන්ග් මො මොනවද මේ කියන්නේ "

"හේසොකා කලබල වෙන්න දෙයක් නෑ,  NISඑකේ මගේ යාලුවා ඇක්සිඩන්ට් එකෙන් දවස් දෙකකට පස්සේ කාටත් නොදැනී මට හේසෝක් ගේ ගන් එක දුන්නා,  ඒකේ එක බුලට් එකක් අඩුයි කියලා මං දැක්කා,ඒකෙන් මට හේසෝක් කියන්නේ ඇත්ත කියලා තේරුනා ඒත් මං ඒ අවට හොස්පිට්ල් ඔක්කොගෙම හොයලා බැලුවත් වෙඩි වැදුන කෙනෙක් කොහේට වත් ඇවිත් තිබුනේ නෑ,  ඒ නිසයි   ඒ නිසයි මං ඒ දේවල් විශ්වාස කරන්නේ නෑ වගේ හිටියේ"

"ඒත් හෙයොන්ග් කොහොමද  දන්නේ යොන්වා..."

"හ්ම් මතකද මං මීට මාසෙකට  කලින් පාටි එකක් තියෙනවා කියලා ගියා, එහෙදි මට හම්බ උනා මෙඩිකල් කොලේජ් එකේ පරන යාලුවෙක්, මිනිහත් ඩොක්ටර් කෙනෙක්. අපි ඩොක්ටර්ස්ලා කට්ටිය අපිට හම්බ වුන අමුතු විදියේ පේෂන්ට් ලා ගැන විස්තර කිය කිය ඉද්දි තමයි මගේ මේ යාලුවා ජෝන් එයාට වුන දෙයක් කිව්වේ "

"ඒ මොකද්ද?"

"දවසක් රෑ අටට විතර මිනිහගේ මෙඩිකල් සෙන්ටර් එකට ආපු මිනිස්සු කට්ටියක් මිනිහව home visit එකකට එක්ක ගිහින් තියනවා බලෙන්ම.  පාරේ ටිකක් දුර ගිහින් අර මිනිස්සු ජෝන් ගේ ඇස් දෙක බැදලා තියනවා.  මිනිහට treatment කරන්න වෙලා තියන්නේ කෙල්ලෙකුට,  පිටිපස්සෙ ඉදන් තියපු ගන් ෂොට් එකක් ඒ කෙල්ලගේ උරහිස ට වැදිලා තිබිලා තියෙන්නේ,  හොදම වැඩේ කියන්නේ ඒ කෙල්ල pregnant වෙලා ඉදලා තියෙන්නේ. "

"හෙයොන්ග්!!!"

"හ්ම් දින වකවානු කියද්දී මට සැකයක් හිතුනා,  ඊටපස්සේ  දවසක ගිහින් මං ජෝන් ගෙන් මේ ගැන ඇහුවා, මං අදුරන කෙනෙක් ටත් එහෙම සිද්ධියක් වුනා කියලා ඒ කෙල්ලගේ ඩිලිවරි එක ලං වෙනකන් ම treatment කරලා තියෙන්නේ ජෝන්,  හැමදාම ඒ තැනට ඒ මිනිස්සු ජෝන් ව අරගෙන ගිහින් තියෙන්නේ ඇස් වහලා,  අන්තිම තුරුම්පුව විදියට මං යොන්වාගේ පින්තූරයක් පෙන්නලා ඇහුවා ඒ මෙයාද කියලා,  මුලින්ම ජෝන් හොදටම බය වුනා, උන් ජෝන් ට තර්ජනය කරලා තියනවා මේ ගැන කාටවත් කියන්න එපා කියලා,  ඒත් පස්සේ ජෝන් පිලිගත්ත යොන්වා තමයි ඒ කෙල්ල කියලා "

"හෙයොන්ග් ඇයි ඉතින් තවත් බලාගෙන ඉන්නෙ අපිට පුළුවන් ජෝන් ගේ මාර්ගෙන් යුන්ගි හෙයොන්ග් ට හැමදේම කියන්න,  එතකොට අපිට දැන ගන්න පුළුවන් යොන්වා ගේ අරමුණ මොකක්ද කියලා,  යොන්වා මේ ගේ ඇතුලේ ඉන්න එක හැමෝටම අවදානමක් හෙයොන්ග් "

"ඒක කරන්න විදියක් නෑ හේසොකා දැන් සති දෙකක් තිස්සේ ඉදන් ජෝන් අතුරුදහන්,  මෙඩිකල් සෙන්ටර් එකත් විකුණලා දාලා ෆැමිලි එකත් එක්කම ජෝන් ආගිය අතක් නෑ "

"අපි දැන් මොකද්ද කරන්නේ හෙයොන්ග් මෙතන මොකක් හරි ලොකු දෙයක් තියනවා, අනික හෙයොන්ග් ඒ දරුවා "

"නම්ජුනා ආපහු එනකම් අපි පොඩ්ඩක් බලමු හේසොකා,  යුන්ගියා කලබල වෙලා මොනවා කරයිද දන්නෑ, මේක කලබල වෙලා විසදන්න පුලුවන් ප්‍රශ්නයක් නෙවෙයි, "

"අනිත් එක යුන්ගි හෙයොන්ග් දෙපැත්තට වැනෙනවා කියලයි මට හිතෙන්නේ "

හේසෝක් එහෙම කියලා යන්න හැරෙන කොටම ඔෆිස් රූම් එකේ දොර ඇරගෙන ඇතුළට ඔලුව දැම්මේ ජන්කුක්,  හේසෝක් දිහා බලලා විරිත්තපු ජන්කුක්,

"හෙයොන්ග් අර එනවා කියපු කට්ටිය ඔක්කොම ඇවිත් ඇතුලට එවන්නද ඇහුවා ගාඩ් හවුස් එකෙන් "

එහෙම කියලා යන්න හැරුන ජන්කුක් ආපහු ඔලුව ඇතුලට දාලා,

"ඒකනෙවේ හෙයොන්ග් මොකක්ද අර වැනෙන කථාවක් කිව්වේ?"

"යා ගිහින් ඒගොල්ලොන් ව ඇතුලට එවන්න කියනවා, ආහ් මේ පොඩි එකා නම්.."

අඩි හප්පලා ජින් කෑ ගහන්න ගන්න කොට දොර අතෑරපු ජන්කුක් එලියට දුවගෙන ගියා..

_________________________________

"යාආආ ජේම්ස්..."

කෑ ගහගෙන දුවගෙන ආපු නිවී ජේම්ස් ගේ ඇගට පැනලා  බෙල්ලේ එල්ලෙන කොට ජේම්ස් ආපිටට නිවීව බදාගත්තා,  ඒත් එක්කම නැගිටපු යුන්ගි නිවීව ඇදලා පැත්තකට කරලා,

"ගිහින් බොන්න මොනා හරි අරගෙන එනවා "

කියලා නිවීව කිචන් එකට තල්ලු කරන කොට යුන්ගි දිහා බලලා ගස්සපු නිවී ජේම්ස් වත් ඇදගෙන කිචන් එකට ගියා.

තේහයුන් ජිමින් ට ඇනලා හොරෙන් හිනා වෙන කොට ජිමින් අහක බලාගෙන හිනාව හංග ගත්තා.

දවස් කීපෙකට කලින් නිවී කථා කරාට පස්සේ ජේම්ස් පොරොන්දු වුනා නිවීව හම්බ වෙන්න එන්න.   යෝජිත මනමාලයා පාතාලේ නම ගිය මැරයෙක් කියලා නිවී කිව්වම,  නිවී ගෙදරින් පැනලා ඇවිත් ඉන්නේ නන්නාදුනන කොල්ලෝ හත් දෙනෙක් එක්ක කිව්වම, නිවී වෙනුවෙන් කොරියාවට එන්න ජේම්ස් දෙපාරක් හිතුවෙ නෑ.

නිවීගේ ආරක්ෂාව තමන්ගේ වගකීමක් විදියටයි ජේම්ස් දැක්කේ,  කාත් කවුරුවත් නැතුව මහ පාර අයිනේ කානුවක මැරිලා යන්න හිටපු තමන්ගේ ජීවිතේ බේරගත්ත නිවී ගැන ජේම්ස් ගේ හිතේ තිබුනේ ආදරනීය සහෝදර බැදීමක්. 

ජේම්ස් පැන්ට්‍රි එකට හේත්තු වෙද්දි නිවී fridge එක ඇරියේ බොන්න මොනා හරි ගන්න, fridge  එකේ තිබුන ලෙමනේඩ් ජග් එක අරගන්න අත දික් කරපු නිවීගේ එහා පැත්තෙන් fridge එකට එබුනේ යුන්ගි.

නිවී ඉක්මනින් කෙලින් වෙන්න හදන කොටම fridge එක ඇතුලේ තිබුන නිවීගේ අත තද කරලා අල්ල ගත්ත යුන්ගි නිවීගේ කන ලගට ලංවෙලා,,,,,

"තව සැරයක් තමුසේ අරූගේ ඇගේ එල්ලුනොත් ඒ ඌ හුස්ම ගන්න අන්තිම තප්පරේ"

කියලා කියද්දී නිවී ඇස් ලොකු කරලා යුන්ගි දිහා බැලුවා.  නිවී බලාගෙන ඉද්දිම වතුර බෝතලයක් අරන් බොන ගමන් යුන්ගි එතනින් යන්න ගියේ නිවී තාමත් හිටගෙන යුන්ගි යන දිහා බලාගෙන ඉද්දි...

"නිවී ඇයි?"

"ආහ් ජිමින්!! නිකන් යමු මං මේක අරගෙන එන්නම් "

_______________________________

ජේම්ස් ඇරෙන්න අනිත් අමුත්තෝ දෙන්නා රූම්ස් වලට ගියාට පස්සේ යුන්ගි ලගින් වාඩි වුන ජින්,

"යුන්ගියා ඇයි කවදාවත් නැතුව ඩීලර්ස්ලා මැන්ෂන් එකේ නවත්ත ගත්තේ?"

"විශේෂයක් නෑ හෙයොන්ග් "

"හ්ම්  නිවී ජේම්ස් ට ගාඩ් හවුස් එකේ නවතින්න ඇරේන්ජ් කරන්න කිව්වා මං කමක් නෑනේ "

"ජේම්ස් ට මාත් එක්කත් නවතින්න පුලුවන් නේ ඔප්පා අ නෑ මං කිව්වේ කමක් නෑ, ගාඩ් හවුස් එක හොදයි "

ඉනේ තිබුන ගන් එක ගත්ත යුන්ගි ට්‍රිගර් එකට අත තියලා පිබිනකොට එහෙම කියපු නිවී ජේම්ස් ගේ බෑග් එක දීලා ජේම්ස් ව එලියට තල්ලු කරගෙන ගියේ යුන්ගි කට කොනකින් හිනා වෙද්දි.

ජේම්ස් ව ගෙයින් එළියට දාලා ආපු නිවී එහෙමම ආවේ රූම් එකට,  නිවී රූම් එක ඇතුලට යන්න කලින් ම පිටිපස්සෙන් ආපු යුන්ගි නිවීගේ උරහිසෙන් අල්ලලා බිත්තියට හේත්තු කලා.

"මිස්ටර් මින් "

"කවුද ඌ"

"ආ?"

"අර කොන්ඩයා"

"ඒ ජේම්ස් "

කට ඇදකරලා යුන්ගිව ගනන් ගන්නෙ නැතුව නිවී එහෙම කියද්දී නිවීගේ මූන ලගම බිත්තියට අතින් පාරක් ගහපු යුන්ගි,

"මං ඇහුවේ ඌ තමුන්ගේ කවුද කියලා "

යුන්ගි එහෙම අහද්දි උරහිස් අකුලපු නිවී "අනේ මන්දා "
කියද්දී,  යුන්ගි ගේ නිදහස් අත නැවතුනේ නිවීගේ කම්මුල් තද කරලා අල්ලගෙන, 

"ඌ කවුරු වුනත්, කවුරු වෙලා හිටියත් මේ දැන් ඉදන් ඒ ගනුදෙනු ඉවරයි තේරුනාද?

නිවීගේ කට දෙපැත්තෙන්  කම්මුල් තද කරලා අල්ලගෙන නිවීගේ ඇස් වලට එබිලා යුන්ගි රහසින් වුනත් තදින් කියද්දී යුන්ගි ගේ අත ඇදලා දාපු නිවී, යුන්ගි ගේ ෂර්ට් එකේ කොලර් එකෙන් අල්ල ගත්තා.

"යොන්වා කවුද මිස්ටර් මින් "

යුන්ගි ගේ ඇස් දීහාම බලාගෙන නිවී එහෙම අහද්දි තප්පරේකට යුන්ගි ගේ ඇස් ගැස්සුනා, බිම බලලා කට කොනකින් හිනා වෙලා ආපහු යුන්ගිගේ මූනට එබුන නිවී,

"යොන්වා එක්ක තිබුන පරන ගනුදෙනු ඔක්කොම නවත්තලා ඇවිත් ආපහු සැරයක් මට ඕක කිව්වොත් මං පිලිගන්නම්,  එතකන් බෑ"

යුන්ගි එහෙමම බලාගෙන ඉද්දි ගස්සගෙන රූම් එකට යන්න හදපු නිවී ගේ අතින් අල්ලලා ඇදලා ගත්ත  යුන්ගි නිවීගේ ඉනවටේ අතදාලා අල්ලගෙන, 

"ඒ ගනුදෙනු ඉවර වෙලා ගොඩක් කල් "

කට කොනකින් හිනා වුන නිවී එහාපැත්තේ රූම් එකෙන් එලියට ආපු යොන්වා දිහා බලලා යුන්ගිට,

"ඔප්පු කරලා පෙන්නන්න "
කියද්දී, බෙල්ල හරවලා යොන්වා දිහා බලපු යුන්ගි ඊලගට නිවී දිහා බලලා පරිස්සමට නිවී ගේ කම්මුල් වලින් අල්ලලා තොල් වලට බර වෙනකොට නිවීගේ ඇස් ලොකු වුනේ කේන්තිකාරයෙක් වුන යුන්ගි ගෙන් මේවගේ හැසිරීම ක් නිවී කොහොමට වත් බලාපොරොත්තු වුනේ නැති නිසා...

"සරන්ග්හේ නිවියා!!!"

🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤
කෝමද? දෙයක් අහන්නද කථාවට විව්ස් තියනවා සීය පන්නල දාලා දවසක් යන්නත් කලින් ඒත් වෝට්ස් නෑ,  ඇයි ඒ වෝට් එකක් දෙන්න තරම්  හොදනැති නිසාද ?  අනේ මන්දා 🥺
කෝම හරි, අද ප්‍රශ්න ගොඩක් ඇති තේරෙන්නේ නෑ වගේද? ඉස්සරහට තේරෙයි හොදේ, පරිස්සමින් සතුටින් ඉන්න ආදරේ යි 😘❤❤

දුල්

Lanjutkan Membaca

Kamu Akan Menyukai Ini

24.8K 4K 29
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...
31.2K 3K 23
ဝိုင်.....🍷 မြည်းစမ်းရုံနဲ့ ရူးနှမ်းစေမယ့် ဝိုင်... ဦးကိုကိုရဲ့ နှုတ်ခမ်းက ချိုပေမယ့် အဆိပ်တွေနဲ့.. ဒါပေမဲ့ ကျွန်တော်ကြိုက်တယ်..။ ❗ZhanYi Fanfic 20...
4.7K 248 32
Born into a strange pairing Jaune is the Natural Born son of Roboutte Guilliman and Yvraine, This union would make the Imperium stronger during their...
Queen Oleh khinyaticho

Fiksi Penggemar

71.6K 3.9K 60
ထုံးစံတိုင်းပါဘဲ 18+ပါ ကြိုက်မှလာဖတ်ကြပါရှင်။