🖤🖤Hi Mr Min🖤🖤 ||Min Yoong...

By 1993Dul

19.5K 4.7K 642

🖤🖤underworld king මින් යුන්ගි අතැරලා ගියපු ආදරේ වෙනුවෙන් හැමදාම ආදරේට වෛර කරයිද? 🖤🖤ඇමති පියාගේ ආදරේ මැද්... More

🖤🖤Hi Mr Min🖤🖤 01
🖤🖤Hi Mr Min 🖤🖤 02
🖤🖤Hi Mr Min🖤🖤03
🖤🖤Hi Mr Min🖤🖤 04
🖤🖤Hi Mr Min 🖤🖤05
🖤🖤Hi Mr Min 🖤🖤6
🖤🖤HI MR MIN 🖤🖤 08
🖤🖤HI MR MIN 🖤🖤09
🖤🖤HI MR MIN 🖤🖤10
🖤🖤HI MR MIN 🖤🖤11
🖤🖤HI MR MIN 🖤🖤12
🖤🖤HI MR MIN 🖤🖤13
🖤🖤HI MR MIN 🖤🖤14
🖤🖤HI MR MIN 🖤🖤FINAL
Recommendation
❤New❤

🖤🖤HI MR MIN 🖤🖤07

1.1K 310 20
By 1993Dul

ජන්කුක් යන දිහා බලාගෙන plate එක අත් දෙකෙන්ම තද කරලා අල්ලගෙන නිවී ලොකු හුස්මක් පහලට දැම්මා,  නිවීටත් නොදැනීම නිවීගේ මූනේ නිහඩ හිනාවක් ඇදිලා තිබුනා. නිවීට සතුටුයි යුන්ගි තමන් ගැන හිතනවා කියලා දැනුනම,  ඒත් යුන්ගි ගේ හිතේ තියන්නේ මොනවද කියලා නිවීට තේරුනේ නෑ.  ඒ වගේම යුන්ගි නැතුව ජීවත් වෙන්න බෑ එතනින් එහාට ජීවිතයක් නෑ කියලා නිවී හිතුවේත් නෑ.  නිවී ගේ හිතේ කැමැත්තක් ඇතිවුන පලවෙනි පිරිමියා වුනේ යුන්ගි,  ජීවිත කාලේ ඕන තරම් පිරිමි මුන ගැහිලා තිබුනත් නිවීගේ හිත නැවතුනේ යුන්ගි ලග.   තෙතමනයක් නැති ඒ නපුරු ඇස් යට තියන ආදරේ නිවී දැක්කා,  හේසෝක් ව දැක්කම ඒ ඇස්වල ඉහිරිලා යන තෙත නිවී අනන්තවත් දකිනවා,  ජන්කුක් කලබලේ නිසා දාගන්න කරදර ලගදී ඉවසන විදිය, ජින් ගේ එක වචනෙට පොඩි දරුවෙක් වගේ අවනත  වෙන විදිය නිවී දැකලා තියෙනවා. 

තේහයුන් ඇගේ එල්ලිලා දගලන කොට අතාරින්න කියලා කෑ ගැහුවත් පැත්තකට ගිහින් හිනාවෙන යුන්ගි ව නිවී දැකලා තියනවා,  පිටතින් සීතල කොල්ලෙක් වුන යුන්ගි ඇතුලතින් හරි ආදරනීය චරිතයක් කියලා වැඩි දවසක් යන්න කලින් ම නිවීට තේරුනා,  නිරායාසයෙන්ම මූනට ආව හිනාවත් එක්කම උරහිස් අකුලපු නිවී

"කියුට් හරියට පූසෙක් වගේ අල්ලලා පොඩි කරලා දාන්න හිතෙනවා "  (මටත් නිවියෝ 🙄)

"කෝ කොහෙද?"

නිවී එක සැරේටම පිටි පස්සට හැරුනේ ඒ කටහඩට,

"ත් තේහයුන්!!! මොනවද?"

"පූසෙක් ගැන කිව්වේ "

"ක් කවුද?"

"ඇයි දැන් කිව්වේ පොඩි කරලා දාන්න හිතෙනවා කියලා "

තේහයුන් එහෙම අහද්දි ඇස් ලොකු කරගෙන තේහයුන් දිහා බලාගෙන හිටපු නිවී එක සැරේටම නැගිටලා මැන්ෂන් එක ඇතුලට යන්න ගීයේ තේහයුන් ගැස්සිලා යද්දී.
__________________________________

කාමරේ ජනේලෙන් එලියට ඇස් රදවගෙන හිටපු නිවී බලාගෙන හිටියේ ටිකෙන් ටික අදුරු වෙන පරිසරය දිහා,  නිවී මෙතනින් වාඩි වෙන කොට මුලු පරිසරයම තිබුනේ ඉර එලියෙන් පාට වෙලා ඒත් දැන් තැනින් තැන අදුරු හෙවනැලි මතු වෙලා...

තවත් සෑහෙන වෙලාවක් අදුරට යොමු වෙලා තිබුන නිවීගේ  ඇස් දෙක එක මොහොතකට බිත්තියේ තිබුන ඔරලෝසුව දිහාවට යද්දී නිවී ගේ කටින් බර හුස්මක් පිට වුනා,  වෙලාව රෑ එකොලහ සටහන් වෙලා තිබුනත් නිවී ට නිදි මතක් දැනුනේ නෑ. 
දවල් වරුවම අරගෙන නිවී රූම් එක අස් කලා අස් කරලා ඉවර වෙලා මහන්සියට වාඩි වුන ගමන් තමයි නිවී කල්පනාවක අතරමං වුනේ.  තවත් හුස්මක් අතෑරලා නැගිටලා වොෂ් රූම් එකට ගිය නිවී වොෂ් එකක් අරගෙන ආපහු සැරයක් කාමරේ පුරාම ඇස් යැව්වේ හැමදේම හොදින් ද කියලා තහවුරු කරගන්න. 
සද්දේ ඇහෙන්නෙ නැති වෙන්න කාමරේ දොර වහපු නිවී එහෙමම පහලට ඇවිත් කොෆී එකක් හදාගෙන රූම් එකට  යන්න හදන කොටම කිචන් එකට ආවේ හේසෝක්...

"ඔප්පා ඔයා තාම නිදි නැද්ද?"

"මං හෙයොන්ග් ලා එනකම් ඇහැරලා ඉන්නවා නිවී හැමදාම, නිවී මොකද ඇහැරලා "

"ඔප්පට කොෆි එකක් "

"ඕකේ, අදත් දවල් වරුවම නිදාගත්තද"

" අනී ඔප්පා මං දැන් තමයි වැඩ ටික ඉවර කරලා වොෂ් එකක් ගත්තේ "

"මොන වැඩද?"

"මං රූම් එක අස් කලා ඔප්පා "

නිවී එහෙම කියද්දී කට ලගට ගත්ත කොෆී එක නොබීම හේසෝක් නිවී දිහා බැලුවා,

"නිවී?"

"මට ඇහුනා ඔප්පා,  මියන්හේ හොරෙන් අහගෙන හිටියා නෙවේ "

ඇස් දෙක බිමට හරවගෙන අත් දෙකෙන්ම මග් එක තද කරලා අල්ලගෙන නිවී එහෙම කියද්දී හේසෝක් කලේ ඇස් පියාගෙන ඔලුව දෙපැත්තට වනපු එක.

"යා යා නිවී මේ ගෙදර දේවල් සිද්ධ වෙන්නේ ජින් හෙයොන්ග් ට ඕන විදිහට විතරයි ඒ නිසා යුන්ගි හෙයොන්ග් කියන දේවල් වැඩිය හිතන්න දෙයක් නෑ "
_____€___________________________

හේසෝක් එහෙම කිව්වත් නිවීට ඒවා නිකන් ම වචන ටිකක් කියලා අමතක කරලා දාන්න පුලුවන් කමක් නෑ.  දවල් නිවී තේහයුන් හිටපු තැනින් නැගිටලා මැන්ෂන් එක ඇතුලට එද්දි ම ජින් යුන්ගි ගෙන් ඇහුවේ යොන්වා එක්ක ආවම එයා  කොහොද ඉන්නේ කියලා.

තට්ටු තුනකින් සමන්විත වුන මැන්ෂන් එකේ බිම් මහල සම්පූර්ණයෙන්ම වෙන් වුනේ ලිවින්ග් රූම් එකට පැන්ට්‍රි එකට වගේම විශාල ඩයිනින්ග් රූම් එකට සහ ගෙස්ට් රූම්ස් දෙකකට.  දෙවෙනි  මහල වෙන් වුනේ full luxury family bedrooms අටකට , තුන් වෙනි මහල swimming pool එකක් play area එකකට  සහ gim එකකට වෙන් වෙලා තිබුනා.

නිවී හිටියේ අමතර නිදන කාමරයේ නිසා ජින් ඇහුවේ යොන්වා මේ ගෙදරට එක්ක ඇවිත්  නවතින්නේ කොහෙද කියලා, මොකද හොයාගත්ත තොරතුරු වලට අනුව ජින් කැමති වුනේ නෑ යොන්වා මැන්ෂන් එකේ නවත්ත ගන්න,  ඒත් යුන්ගි ට ඒක කියන්න පුලුවන් කමක් නැති නිසා ජින් කිව්වේ ඉඩ නැති නිසා යොන්වාව පුරුදු විදිහටම එලියේ නවත්තමු කියලා,  ඒත් ඒකට යුන්ගි දීපු  උත්තරේ නිවී ට ඇහුනා.

"නිවීගේ රූම් එක යොන්වාට දෙන්න පුලුවන් නේ හෙයොන්ග් "

"යුන්ගියා මොනවද මේ කියන්නේ එතකොට තමුන් කියන්නේ නිවී ව මෙහෙන් යවන්න කියලද"

"නිවීට පුලුවන් නේ ගෙස්ට් රූම් එකට move වෙන්න එයා අපේ ගෙස්ට් කෙනෙක් නේ  අනික එයා කොහොමත් ආපහු යන්න බලාගෙන නේ ඉන්නේ "

යුන්ගි එහෙම කියද්දී තවත් ඒ කථාව අහගෙන ඉන්න ඕන කමක් නිවීට තිබුනේ නෑ නිවී එහෙම ම රූම් එකට ඇවිත් මුලු දවල් වරුවම යොන්වා වෙනුවෙන් රූම් එක අස් කලා.  
______________________________

"කොෆී එක නිවෙන කන්ම කල්පනා කරනවද"

දවල් වෙච්ච දේවල් ආපහු මතක් කර කර හිටපු නිවී පියවී සිහියට ආවේ හේසෝක් එහෙම අහන කොට,  හේසෝක් දිහා බලලා හිනාවුන නිවී කොෆි එක එක උගුරට බීලා,  හේසෝක් දිහාවට හැරිලා, 

"මං ඇදුම් ටික අරන් එන්නම් ඔප්පා, ගෙස්ට් රූම් එක ලොක් කරලද තියන්නේ "
"යාහ් නිවී "
හේසෝක් කථා කරද්දි ම රූම් එකට ගිහින් ගෙදරින් එනකොට අරගෙන ආව ඇදුම් ටික එකතු කරගෙන ආපු නිවී ගෙස්ට් රූම් එකට යද්දි හේසෝක් ත් නිවීගේ පිටිපස්සෙන් ආවා.

"නිවී යුන්ගි හෙයොන්ග් කියන දේවල් වැඩිය හිතන්න එපා "

"මං හිතන්නේ නෑ ඔප්පා  මං කොහොමත් තව ටික දවසකින් යනවනේ, එතකන් ඔයාලට අමුත්තෝ නැති වුනොත් හොදයි "

"අපිට කොහොමත් අමුත්තෝ එන්නේ නෑ නිවී, ඒක නෙවෙයි නිවී  ට ආපහු ඇමරිකා යන්න විදියක් ජින් හෙයොන්ග්  ලෑස්ති කරලා දෙයි,  ඒත් නිවී  මං මෙහෙම අහනවට තරහා වෙන්න එපා,  නිවී එහේ ගිහින් කොහොමද ජීවත් වෙන්නේ "

"ඒ කිව්වේ ඔප්පා "

"මං කිව්වේ වියදම් එහෙම..."

"මං ලග සල්ලි ටිකක් තියනවා ඔප්පා,  මගේ අකවුන්ට්,  කාඩ්ස් ඔක්කොම අප්පා බ්ලොක් කරලා ඒක දන්න නිසාම මං කෑෂ් අරගෙන ආවා ටිකට්ස් වලට ඒ ඇති"

"යා නිවී ඒවා ජින් හෙයොන්ග් බලාගනී,  මං අහන්නේ එතනින් එහාට මොකක්ද කරන්නේ කියලා "

"ඔප්පා අමතක වුනාද මං ඩොක්ටර් කෙනෙක්, මට පුලුවන් ආපහු ජොබ් එක හදාගන්න එතකන් ජේම්ස් මාව බලාගනී  මට තියන්නේ ජේම්ස් ට කෝල් එකක් දෙන්න විතරයි "

"නිවී ඇත්තටම ජේම්ස් කියන්නේ කවුද "

"මං දන්නවා ඔප්පා අහන දේ,  ජේම්ස් ඇත්තටම ගොඩක් හොද යාලුවෙක් ඔප්පා ඊටත් වඩා සහෝදරයෙක්.

"හ්ම් හ් ඕකේ ඕකේ නිවී නිදා ගන්න, හැබැයි මේ හිතුවක්කාර වැඩේට නම් ජින් හෙයොන්ග් ගෙන්  බැනුම් අහන්න ලෑස්ති වෙන්න "

හේසෝක් දිහා බලලා හිනාවුන නිවී,

"එයාලා පරිස්සමින් එයි නේද ඔප්පා? ප්‍රශ්නයක් වෙන එකක් නෑ නේද?"

" හ්ම්හ්  අපි එහෙම හිතමු නිවී"
_________________________________

තද නින්දක හිටපු නිවී ගැස්සිලා ඇහැරුනේ කවුරු හරි කෙනෙක් නින්දේ ඉන්න  නිවීගේ අතින් ඇදලා කෙලින් කරපු නිසා,  නිදි මතේම භාගෙට ඇස්  ඇරලා බලපු නිවී ඇස් ලොකු කරගත්තේ තමන්ගේ මූනට ලං ලංවෙලා පේන යුන්ගි ගේ මූන දැක්කම. ආපහු ඇස් දෙක පියාගෙන ඔලුව ගස්සලා ඇස් ඇරපු නිවී ගැස්සිලා ගියේ තාමත් ඇස් ඉස්සරහ යුන්ගි ව පේද්දී.  මූන ඇඹුල් කරගෙන යුන්ගි දිහා බලාගෙන ම නිවී තොල හපන්න ගන්න කොට යුන්ගි නිවී ව ආපහු ඇදටම තල්ලු කරලා දැම්මා.
____________________________________

හිතුවට වඩා ගොඩක් ලේසියෙන් යුන්ගිට යොන්වා ව ඩේව් ගේ මිනිස්සුන්ගෙන් ගලව ගන්න පුලුවන් වුනා.  ඒ නිසාම ඒක යුන්ගි ගේ හිතේ සැකයක් ඇති කලත් මග දිගට ප්‍රශ්නයක් නොවුන නිසා යුන්ගි තමන්ගේ හිතට දැනුන සැකේ ගැන කාටවත්ම කිව්වේ නෑ.

මග දිගට මැන්ෂන් එකට එනකන්ම යොන්වා කලේ අඩන එක,  ඒ නිසාම කවුරුත් යොන්වා ගෙන් කිසිම දෙයක් ඇහුවේ නෑ , ඒත් කට්ටිය එනකම් ලිවින්ග් රූම් එකේ වාඩි වෙලා හිටපු හේසෝක් ව දැක්කම යොන්වා ගේ ඇස් ගැස්සෙනවා කවුරුත් දැක්කේ නෑ.

වෙනසක් නොපෙන්වා ම යොන්වා පුදුමෙන් හේසෝක් ට මොකද උනේ කියලා අහද්දි වෙච්ච දේ කෙටියෙන් කියපු ජින් යොන්වාට රූම් එකක් ලෑස්ති කරන්න හදද්දී,  යොන්වා ට නිවී හිටපු රූම් එකේ ඉන්න පුලුවන් කියලා හේසෝක් කියන කොට, යුන්ගි කලබලෙන් හේසෝක් දිහාවට හැරුනේ නිවී කොහෙද අහන්න.

යුන්ගි වගේම අනිත් පස් දෙනත් හේසෝක් දිහා බලාගෙන ඉද්දි නිවී ගෙස්ට් රූම් එකට ගියා කියපු හේසෝක් ත් රූම් එකට ගියා. යුන්ගි එතනම හිටගෙන බලාගෙන ඉද්දි  අනිත් අයත් තම තමන්ගේ රූම්ස් වලට ගියා,  යොන්වා ගෙදර ආවම හැමදේම හරි කියලා හිතාගෙන හිටියත් යුන්ගි ගේ හිතට සතුටක් දැනූනේ නෑ.  යොන්වාට රූම් එක පෙන්නලා තමන්ගේ රූම් එකට ආවත් යුන්ගි ට නිදාගන්න තරම් හිතට සැහැල්ලුවක් දැනුනේ නෑ.

හිතුවක්කාර නිවී ප්‍රශ්න නොකරම ගෙස්ට් රූම් එකට මාරු වුන එක යුන්ගිගේ හිත රිද්දුවා,  ඒ වෙලාවේ ගේ ඇතුලට එන නිවී ව දැක්කම,කලින් දවසේ ගෙදර යන්න ඕන කියපු එකට  නිවී ව රිද්දන්න නිවීගේ රූම් එක යොන්වාට දෙන්න පුලුවන් කිව්වාට එහෙම කරන්න අදහසක් යුන්ගි ට තිබුනේ නෑ.

එලි වෙන්න තිබුන ඉතිරි පැය දෙක තුන කාමරේ එහා මෙහා ඇවිදලා ම ගෙවලා දාපු යුන්ගි යන්තමට ඉර එලිය වැටෙද්දී නිවී හිටපු  කාමරේ දොරට තට්ටු කලත්  තද නින්දක හිටපු නිවීට ඒක ඇහුනේ නෑ...
_______________________________
ඇදට වීසී වුන සැරේ හොදටම ඇහැරුන නිවී ගැස්සිලා බැලුවේ ජනේලේ දිහා බලාගෙන අත් දෙක බැදගෙන ඉන්න යුන්ගි දිහා,.

"මිස්ටර් මින්!!!!!"

"තමුන් කාගෙන් අහලද ගෙස්ට් රූම් එකට ආවේ"

"හාහ්!!එ ඒත් මි  මිස්ටර් මින් ඊයේ කිව්වේ "

"කිව්ව ගමන් එහෙම එනවද"

"එන්න එපැයි මං මේ ගෙදර අමුත්තෙක්නේ මිස්ටර් මින් "

ඇගට පතට නොදැනී නිවී එහෙම කියන කොට අඩියට දෙකට නිවී ලගට ආපු යුන්ගි නිවීගේ කම්මුල් දෙපැත්තෙන් අල්ලලා නිවීගේ ඇස් වලට එබිලා,

"මං ඒ අමුත්ත නැති කරන්නම්කෝ ඉක්මනට තමුසේ ගානට වැඩියි"

කියලා නිවී ගේ යට තොල දිගේ මහපට ඇගිල්ල අරගෙන ගිය යුන්ගි නිවී ඇස් ලොකු කරගෙන බලාගෙන ඉද්දි සද්දෙට දොර වහගෙන යන්න ගියා....

🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤
හම්මෝ මාර මහන්සි මං අත්තම්මා බලන්න ගිහින් දැන් ආවේ ආපු ගමන් ඔන්න දාන්නේ,  කලින් දානවා අනාගතේ අද හින්දා අත්තම්මලෑ දිහාට සිග්නල් නෑ 🤭පරිස්සමින් සතුටින් ඉන්නෝ 😘😍

දුල්

Continue Reading

You'll Also Like

121K 12.6K 51
-من هەڵەم نەکرد بچکۆلەکەم، من تەنیا خۆشم ویستی... -تاک و تەنیا ئاواتی من داهاتووێک بوو لەگەڵ تۆ~ -عەشقی من بۆتۆ ئەو ئۆقیانووسە قوڵەیە کە دەمەوێ تێیدا...
71.7K 3.9K 60
ထုံးစံတိုင်းပါဘဲ 18+ပါ ကြိုက်မှလာဖတ်ကြပါရှင်။
82.2K 10.9K 40
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]
70.6K 4K 16
"មកពីអូនស្រលាញ់ទើបប្រចណ្ឌបង..ហ្ហឹក! បងធុញអូនណាស់មែនទេបើបងធ្វើចរឹកត្រឹមត្រូវអូនក៏មិនទៅរករឿងបងដែរ ..ថ្ងៃណាមួួយអូននឹងលែងបង្ហាញមុខនៅចំពោះមុខបងលែងប្រចណ្ឌប...