My powerless Hero || Complete...

Da nethu_chimmy

2.6K 574 264

ඇයි හියුන් මට අමතක වුනේ ඔයාටත් කවුරුත් නෑ නේද කියලා ඇයි මට හිතුන් නැත්තෙ ඔයාටත් පාලු ඇති නේද කියලා ඇයි මට බැ... Altro

Chapter 1
Chapter 3
Chapter 4
Chapter 5
Last chapter
A/N
Gifts 💜

chapter 2

349 88 17
Da nethu_chimmy

හියුන්!!!!!!

නෑනෑ ඒක වෙන්න බෑ......අන්ද්වේ හියුන්.....මං දැක්කේ ලේ පෙරාගෙන උඩු අතට වැටිලා ඉන්න හියුන්ව..

ඒ මහ මූසල අතීතෙ ගිලිලා ඉදපු මාව මේ ලෝකෙට ආවෙ ICU එකේ දොර ඇරැඹු සද්දෙට.ඒ ආවෙ හේසෝක් හියුන්..

අනේ හියුන් කෝමද මෙ ජිමිනි හියුන්ට..
එයාට කරදරයක් නෑ නේද ??එයා හොඳින් නේද??අනේ කතා කරන්න හියුන් ඇයි කට වහගෙන ඉන්නේ.මාව බය නොකර කතා කරන්න....
මං හියුන්ගේ කෝට් එකෙනුත් ඇද ඇද කතා කරේ පුදුමාකාර බයකින්.මට ඒ ජීවිතේ නැති කරගන්න බයයි.මට ඒ ජීවිතේ ඕනි.

ජන්කුකා මේ අහන්න.කලබල නැතුව මම කියන දේ අහගනින්..
ඒත් ඔයාගෙ පසුතැවීම පිරුණු මූණ මාව තවත් නොසන්සුන් කරනවා හියුන්....

අපි ජිමිනාගේ ජීවිතේ බේර ගත්ත.......
ඒත්......



















































ජිමිනාට ආයි එයාගෙ කකුල් දෙකෙන් හිටගන්න බැරි වේවි.......!!!!!

මොකද්ද මට ඒ ඇහුනෙ....මගෙ හියුන්ට ඇවිදින්න බෑ...අනී මේක විහිලුවක්.හේසෝක් හියුන් බොරු කියන්නේ.මේක වෙන්න බෑ.ඇයි හියුන් ඔයා මගේ හිත ගිනි අරන් ඉන්න වෙලාවේ විහිලු කරන්නේ....චේබල් ඕක නවත්තන්න....මේක ඕනවට වැඩී.......

මොකද්ද හියුන් ඔයා කිව්වේ????

ඔව් ජන්කුකා..ජිමිනාගෙ කොන්ද තදට වැදිල තියෙනවා.ඒකෙන් එයාගෙ කශේරුකාවට ගොඩක් ඩැමේජ් වෙලා.ඒ නිසා එයාගේ කොන්දෙන් පහලට සන්වේදන දැනෙන් නෑ....ඌට ආයි කකුල් දෙකෙන් හිට ගන්න බැරි වේවි!!!!!

මොනවද දෙයියනේ මට මේ ඇහෙන්නේ.මේක හීනයක්ද?????අහ්හ් මේක මහ විකාරයක්.

හියුන් මට මගෙ හියුන්ව බලන්න පුලුවන්ද??චේබල්......

බලන්න පුලුවන්.ඒත් ඌට තාම සිහිය නෑ.උබ බලලා ඉවර වෙලා මගේ කැබින් එකට වරෙන්.උබ එක්ක ටිකක් කතා කරන්න ඕනි.

හරි හියුන්.

මම වෙව්ලන කකුල් දෙකෙන් ICU එක ඇතුලට ගියා.දෙයියනේ මගෙ හියුන් ඉන්න විදිහ දැකලා මගෙ හුස්ම හිර වුනා වගේ දැනුනෙ.හැමදාම හිනාවෙන් උදුරලා යන ඇස් දෙක අද පියවිලා, එක අතක් බැන්ඩේජ් කරලා,පිම්බිලා තියන මූණ සුදුමැලි වෙලා.මීට වඩා හොදයි හියුන් මාව මරලා දැම්මනම්....ඔයා ඔහොම ඉන්නකොට මාව පිච්චෙනවා හියුන්....

මගෙ අත් දෙක ගියේ හියුන්ගේ පන නැති කකුල් දෙකට.මේ කකුල් දෙක අල්ලලා වැද වැද සමාව ඉල්ලුවත් මට මදි...ඇයි මට බැරි වුනේ ඔයා යන් කියපු වෙලාවේ ඔයා එක්ක එන්න???ඇයි බැරි වුනේ අර ගෑනිට කෑ ගහන වෙලේ එක පාරක් ඔයා දිහා හැරිලා බලන්න??ඇයි හියුන් ඇයි??මං හියුන්ගේ කකුල් දෙක අල්ලගෙන පැය ගානක් අඩන්න ඇති,කොච්චර ඇඩුවත්,කොච්චර පසුතැවුනත් දැන් වැඩක් නෑ...මගෙ හියුන්ට ආයේ එයාගෙ කකුල් දෙකෙන් හිට ගන්න බෑ...!!!!

අඩලා අඩලා හති වැටුනු මම අසිහියෙන් වගේ ගියෙ හේසෝක් හියුන්ගේ කැබින් එකට.

අහ් ජන්කුකා උබ ආවද?මං දන්නව මේක අමාරුයි. ඒත් අපි ඇත්තටම මූණ දෙන්න ඕනි.උබ මේ වෙලාවේ වැටිලා හරියන් නෑ..තේරුනා??ඒ නිසා හිත හයිය කරගන මං කියන දේ සිහියෙන් අහගන හිටපන් හොදද .........
.
.
.
.
.
.
.
.
.
.
.
.
ආහ්හ්හ්......ඇයි දෙයියනේ මගෙන්ම මෙහෙම පලිගන්නේ?මම මොකද්ද කරපු වැරැද්ද?මේ හැමදේම ඇයි එක පිට එක මටම වෙන්නේ....මේ හැමදේම දරා ගන්න තරම් මම ශක්තිමත් නෑ.....මේක දරා ගන්න තරම් ඔයාගෙ කුකී හයිය නෑ හියුන්....ප්ලීස් ඒ නිසා එහෙම වෙන්න එපා ප්ලීස්...!!

After 2 days

දවස් දෙකක් තිස්සෙ හියුන් ගාවට වෙලා එයා එක්ක කොච්චර කතා කරත්,නැගිටින්න කියලා කොච්චර කිව්වත් එයා නැගිට්ටේ නෑ.වෙලාවකට ඔයත් හරිම නපුරුයි හියුන්....ඔයාගේ මල්ලිට ගොඩක් රිද්දනවා නේද??කමක් නෑ මම දරා ගන්නම්....මගේ හියුන් වෙනුවෙන් මම දරා ගන්නම්......

දවස් දෙකකට පස්සේ මම අකමැත්තෙන් උනත් ගෙදර ආවේ හියුන්ට ඕනි කරන බඩු වගයක් අරන් යන්න.මේ ගෙදර පිරිලා තියෙන්න මගෙයි හියුන්ගෙයි පිස්සු වැඩ වලින්.වයස විසි හයක් වුනාට නටන්න ගත්තම එයා පොඩි එකෙක්ටත් අන්තයි. මේ ගේ අස්සේ අපි දෙන්නා ඕනි තරම් මොන්ටිසෝරි වැඩ කරලා ඇති...ඕනි තරම් ගොන් වැඩ කරලා බඩ කොර වෙනකම් හිනා වෙලා ඇති..

අම්බෝ අපිට පිස්සු නේද ඕයි...මොනවද යකූ මේ කරන්නේ...??
කරන්න තියෙන ඔක්කොම ඔලමොට්ටල වැඩ ටික කරාට පස්සේ අපි දෙන්නගෙම කටින් පිටවෙන්න ඕක...අනේ මට ආයි ඒ විදියට ජීවත් වෙන්න ඕනි...මට ආයෙත් ඒම පිස්සු නටන්න ඕනි...ඊට පස්සේ ඔයාට ගගහා හිනා වෙන්න ඕනි...මට මගේ අලමෝචිව ආපහු ඕනි...

I miss u soo much Hyung......

සිතිවිල්ලෙන්ම කාමරේට ගිහින් ක්ලෝචස්ට් එක ඇරිය මගේ ඇහැ ගියේ
ඒකේ උඩම තිබ්බ තඩි මිකී මවුස් කෙනෙක් ඉන්න කලු පාට ටීෂර්ට් එකට.මේ ලෝකේ හියුන් වැඩිපුරම ආස කරන්නේ,ආදරේ කරන්නේ,පරිස්සම් කරන්නේ ඕක.මම වත් ඕක අදිනවට හියුන් කැමති නෑ.ඒ මගෙ පොකට් මගේ පොකට් මනී එකතු කරලා ඉස්සෙල්ලම හියුන්ගෙ උපන්දිනේට දුන්න තෑග්ග ඕක නිසා.මං ඕක ඉල්ලනකොටත් "ඕක දෙන්න බෑ.තවුසෙ මඩ කනයා වගේ කොහේ හරි මල ජරාවක ගිහින් ඉදගන ඕකෙ කුණු ගානවා."කියලා මූණත් පුම්බගන ගිහින් කබඩ් එකට දාලා දොර වහනවා.ඒ තරම් එයා ආදරෙයි ඒකට.

ඒ ටීෂර්ට් එක දැක්කට පස්සේ මට කෑ ගැහිලා ඇඬුනා.ඒක පපුවට ගුලි කරගෙන පැය ගානක් මම ඇඬුවා.මගේ ඇස් දෙක අඬලම දැවිල්ලයි.ඒත් අතොරයක් නැතුව වැටෙන කඳුලු නවත්තන්න මට කිසිම ඌමනාවක් නෑ.

ඇද පාමුල අඬ අඬ ඉදපු මාව ගැස්සිලා ගියේ මගෙ රිගින්ග් ටෝන් එකට.කෝල් එක හේසෝක් හියුන්ගෙන්.දෙපාරක් නොහිතා මම කෝල් එක ආන්සර් කලා.




























































































"ජන්කුකා.....ජිමිනට සිහිය ආවා....."

Continua a leggere

Ti piacerà anche

3.1M 253K 66
ကျိန်စာတွေ လှလွန်းတဲ့အခါ အရှုံးပေးသူက ? Start ~24.6.2021💔 End~ 22.11.2021💔
3.5K 701 32
අහම්බෙන් හමු වු එක් සුවිශේෂී පුද්ගලයෙක්.......... ජීවිතය සැහැල්ලුවට දකින දගකාර තරුණියක්....... ඔවුන්ගේ ජීවිත කේසේ වෙනස් වේද.......... අවසානය...
230K 29.3K 65
🐯 Taekook fanfiction 🐰 ____________________ Language : sinhala Taekook namjin sope Jihope Yoonminseok topTAE bottomKOOK 🔞💦💥 if you don't lik...
17.6K 4.6K 68
Jin:"joon මම ඔයාට මෝඩයෙක් පෙන්නන්නද?" Joon:"කෝ...කොහෙද?" Jin:"දැන් මේක කියවන එකා මෝඩයෙක් jooni ....😌" Joon:"🤨ඇයි එහෙම කියුවේ?" Jin:"🤣මොකද මේකා පොත...