🖤🖤Hi Mr Min🖤🖤 ||Min Yoong...

Oleh 1993Dul

19.5K 4.7K 642

🖤🖤underworld king මින් යුන්ගි අතැරලා ගියපු ආදරේ වෙනුවෙන් හැමදාම ආදරේට වෛර කරයිද? 🖤🖤ඇමති පියාගේ ආදරේ මැද්... Lebih Banyak

🖤🖤Hi Mr Min🖤🖤 01
🖤🖤Hi Mr Min 🖤🖤 02
🖤🖤Hi Mr Min🖤🖤03
🖤🖤Hi Mr Min🖤🖤 04
🖤🖤Hi Mr Min 🖤🖤6
🖤🖤HI MR MIN 🖤🖤07
🖤🖤HI MR MIN 🖤🖤 08
🖤🖤HI MR MIN 🖤🖤09
🖤🖤HI MR MIN 🖤🖤10
🖤🖤HI MR MIN 🖤🖤11
🖤🖤HI MR MIN 🖤🖤12
🖤🖤HI MR MIN 🖤🖤13
🖤🖤HI MR MIN 🖤🖤14
🖤🖤HI MR MIN 🖤🖤FINAL
Recommendation
❤New❤

🖤🖤Hi Mr Min 🖤🖤05

1.1K 296 13
Oleh 1993Dul

නිවී අත් දෙකෙන්ම කිචන් ටේබල් එක තද කරලා අල්ලගෙන හේසෝක් යන දිහා බලාගෙන හිටියා, යොන්වා!!! මේ ගෙදරට ආවත් හරි නිවීට කීප සැරයක්ම ඒ නම ඇහිලා තිබුනත් ඒ කවුද කියලා නිවී දැනගෙන හිටියේ නෑ. යොන්වා ගැන කියවෙන හැම වෙලාවකම නිවී ඒ කවුද කියලා ඇහුවත් කොල්ලෝ ටික කරන්නේ මොකක් හරි කියලා කථාව මග අරින එක. 

ඒත් අද යොන්වා කවුද කියලා දැනගන්න නිවීට ලොකු වුවමනාවක් ඇති වුනා, යොන්වාට යුන්ගිගේ සම්බන්ධයක් තියනවා කියලා නිවීට මුල ඉදන් ම තේරුනා,  ඒත් ඒක තේරෙන හැම අවස්ථාවකම නිවී කලේ යොන්වා යුන්ගිගේ සහෝදරියක් කියලා  හිතලා ඒක අමතක කරලා දාපු එක...

ඒත් ඒක එහෙමමද කියලා විශ්වාසයක් නිවීට තිබුනේ නෑ,  නිවීට ඕන වුනා අදත් යොන්වා යුන්ගිගේ සහෝදරියක් කියලා හිතන්න, ඒත් අද යුන්ගිගේ හැසිරීම නිවී ට ඒකට ඉඩ දුන්නේ නෑ,  හැමදාමත් ආඩම්බරෙන් පිරිලා තියන ඒ මූන පුරා අද ඉහිරිලා තිබුනේ  පරාජිත පෙනුමක්,  රතු වෙලා තිබුන ඇස් නිසා  ඒ හිත ඇතුලේ තියන වේදනාව තේරුම් ගන්න  නිවීට බැරි උනේ නෑ...

යුන්ගියාහ්!!!!
හයුන්ග්!!!!!!

එක සැරේටම ඇහුන කටහඬවල් වල සද්දෙට නිවී ගැස්සිලා පියවි සිහියට ආවා..කලබල කටහඬවල් යුන්ගි ගේ රූම් එක පැත්තෙන් ඇහෙද්දි අත් දෙකෙන්ම මූන පිහගත්ත නිවී ත් ඒ පැත්තට දුවගෙන ගියේ කලබලේ මොකක්ද කියලා බලන්න...

කාමරේ පුරාම ඉහිරිලා තිබුන වීදුරු කටු ගොඩ මැද ඇදට පිට දීලා බිම වාඩි වෙලා හිටියේ යුන්ගි,  නවාගෙන හිටපු කකුලේ දනිස්ස උඩින් තිබුන අතින්  වැටෙන ලේ බිංදු එකින් එක සුදු පාට ටයිල් පොලවට වැටුනත් යුන්ගිට ඒ ගැන ගානක් තිබුන බවක් පෙනුනේ නෑ,   හිස් වෙච්ච ඒ ඇස් නැවතිලා තිබුනේ සිවිලිමේ.

යුන්ගි ගේ කාමරේ ලගින් එහා මෙහා යද්දී කීප වතාවක්ම නිවී මේ වීදුරු  statue එක දැකලා තියෙනවා,  එකිනෙකා දිහා ආදරෙන් බලාගෙන ඉන්න ලස්සන හංස ජෝඩුව බලාගෙන ඉන්න හිතෙන තරම් ලස්සනයි,  ඒත් දැන්  මුලු statue එකම වීදුරු කටු ගොඩක් වෙලා.

නිවී දොර ලග නැවතිලා බලාගෙන ඉද්දි first aid box එකක් අරගෙන දුවගෙන ආවේ ජින්. ජන්කුක් තේහයුන් එකතු වෙලා කාමරේ තිබුන වීදුරු කටු අයින්  කරනකොට හේසෝක් ගේ රූම් එක පැත්තෙ ඉදලා දුවගෙන ආවේ ජිමින්..

"ජිමිනා හේසොකා ට මොකද?"

යුන්ගි ලගින් පාත් වෙන ගමන් ජින් ඔලුව උස්සල ජිමින් ගෙන්  එහෙම අහද්දි,

"ටැබ්ලට් එක දුන්නා හයූන්ග් නින්ද ගියා "

කාමරේ ඇතුලට යන ගමන් එහෙම කියපු ජිමින් යුන්ගි ලගින් වාඩි  වෙලා ජින් ට උදව් කරා, කාටවත් නිවී ගැන ගානක් තිබුනේ නෑ,  එහෙමම දොර අල්ලගෙන යුන්ගි දිහා බලාගෙන හිටියා මිසක් තමන් ඩොක්ටර් කෙනෙක් කියන එක නිවීට අමතක වුනා,  මේ වෙලාවේ තමන් කරන්න ඕන ජින් ට උදව් කරන එක කියලා නිවීට අමතක වුනා...

නිවීගේ හිතේ ආදරයක් ඇති වෙලාද? නිවීට තාමත් තමන්ගේ හිත තේරුම් ගන්න පුළුවන් කමක් තිබුනේ නෑ,  තමන් ව ගනන් ගන්නෙ නැති යුන්ගි , අඩුම තරමේ නිවීට යුන්ගි ගෙන් ආදරනීය ඇස් බැල්මක් වත් ලැබිලා නෑ,  ඉතින් නිවී කොහොමද යුන්ගිට ආදරේ කරන්නේ???, යුන්ගි කවදාවත් නිවීට හොදින් කථා කරලා නෑ,  කොටින්ම යුන්ගි හැසිරෙන්නේ නිවී කියලා කෙනෙක් ඉන්නවද කියලවත් නොදන්න ගානට,  ඉතින් යුන්ගි ලග නිවීට ඉඩක් තියේවිද? 

ඒත් නිවී යුන්ගි ට කැමති,  කැමැත්ත කියන්නේ ආදරේද කියලා නිවීට තේරුම් ගන්න බැරි උනා,  නිවීට ඕන වුනේ සීතල කොල්ලෙක් ඒ නිසාම නිවීගේ හිත යුන්ගි ලග නැවතිලාද? ඇස් දෙක යුන්ගි ලග නැවතිලා තිබුනත් නිවී හිටියේ හිත ඇතුලෙන් තමන් එක්කම තර්ක කරන ගමන්,  ඒ නිසාම ජින් කියපු දේ නිවීට ඇහුනේ නෑ.

"යා නිවී මොකද කරන්නේ තවත්  "

"ආහ්  මො මොකක්ද:"

"යුන්ගියට ටිකක් නිදහසේ ඉන්න දීලා කෑම කන්න එන්න කිව්වේ "

"මං කරදර කලේ නෑනේ ඔප්පා, නිකන් බලාගෙන නේ හිටියේ  "

"වෙලාවකට සමහරුන්ගේ බැල්මත් එක විදියක කරදර ගොඩක්  තමා නිවී"

හුස්මක් පහල දාලා එහෙම කියපු ජින් නිවී දිහා නොබලම යන්න යද්දී ඇස් වල පිරුනු කදුලු එක්කම නිවී එහෙමම රූම් එකට යන්න හැරෙනවා ජින් දැක්කේ නෑ,  ජින් කිව්වේ නිවී නොදන්න ජින් දන්න යොන්වා ගැන වුනත් නිවී හිතුවේ ජින් කිව්වේ තමන් ගැන කියලා,  හිතේ උඩින් ම ඉන්න කෙනෙක්ගෙන් වරදක් නොකරම හිත රිදෙන වචනයක් ඇහුවම ඒක ගොඩක් හිතට දැනෙනවා,  නිවීටත් එහෙමයි,  පලවෙනි වතාවට නිවී පසුතැවුනා මේ ගෙදර නැවතුන එක ගැන.

ජන්කුක් වගේම ජිමිනුත් ඇවිත් නිවීට කෑම කන්න කථා කලත් නිවී බඩගිනි නෑ කියලා දෙන්නවම මග ඇරියා,  වෙනදට කලින් ම නිදාගත්තත් අද නින්දටත් නිවී ලගට එන්න අමතක වෙලා,  ජේම්ස් එක්ක එහේ යාලුවෝ එක්ක ගෙවුන නිදහස් ජීවිතේ මතක නිවීට ආයේ ආයේ මතක් වුනා. 

තමන්ව මේ සහෝදර සමාගමය ට කරදරයක් කියලා නිවීට පලවෙනි වතාවට හිතුනා,  අන්තිමට නිවී තීරනයක් ගත්තා...
________________________________
"යා නිවී මෙච්චර වෙලා නිදාගත්තේ මොකද?, මං දෙපාරක් කතා කලා"

ටිකක් දවල් වෙනකන් ම නිදාගත්ත නිවී පහුවදා ඇහැරලා එද්දි ලිවින්ග් රූම් එකේ වාඩි වෙලා හිටපු ජන්කුක් එහෙම අහද්දි,
නිවී ජන්කුක් ට උත්තර දෙන්න හැරෙන කොටම ලැප් එකත් අරගෙන එතන්ට ආපු   ජින්,

"නිවී ඔයාට පුලුවන්ද යුන්ගියාගේ තුවාලේට බේත් දාන්න මට පොඩි වැඩක් තියනවා "

ජින් එහෙම කියද්දී නිවී ජින් ගේ මූන දිහා බලාගෙන හිටියේ ඇහුන දේ විස්වාස නොවුන නිසා,

"නිවී?"

"ආහ් හාහ් පු පුලුවන් "
_________________________
First aid box එකත් අරගෙන යුන්ගිගේ රූම් එකේ දොරට තට්ටු කරපු නිවී ටිකක් වෙලා බලලා ඇතුලට යද්දී යුන්ගි හිටියේ ඇදේ හාන්සි වෙලා  හිස් බැල්මෙන් දොර දිහා බලාගෙන,

"මං ඇතුලට එන්නද මිස්ටර් මින් "

වචනයක් වත් නොකියපු යුන්ගි කෙලින් වෙලා head board එකට හේත්තු වෙනකොට නිවී යුන්ගි ලගින් වාඩි වෙලා යුන්ගිගේ අතේ තිබුන dressing එක අයින් කරන්න ගත්තා.. වෙනදට ඉවරයක් නැතිව කියවන නිවී සද්ද නැතුවම වැඩේට අවදානේ දිල තියන එක අමුතුයි කියලා යුන්ගිට තේරුනාත් ප්‍රශ්නයක් ද කියලා නිවීගෙන් අහන්න යුන්ගිගේ ආඩම්බර හිත ඉඩ දුන්නේ නෑ.

සම්පූර්ණ අවදානේ වැඩේට යොදවලා තිබුන නිවී ඇස් උස්සලා එක මොහොතකට වත් යුන්ගි දිහා බැලුවේ නැති වුනත් යුන්ගි ගේ නොසන්සුන්  ඇස් නැවතිලා තිබුනේ නිවීගේ මූනේ, 

"යා තමුන්ට ඔය තොල හපන් නැතුව ඔය වැඩේ කරන්න බැරිද ආ"

සැරෙන් සැරේට දත් වලින් යට තොල හප හප නිවී කරන විකාරේ බලාගෙන ඉදලා බැරිම තැන යුන්ගි නිවීට කෑ ගහන කොට ඇස් ලොකු කරලා යුන්ගි දිහා බලපු නිවී,  තවත් සැරයක් දත් වලින් අල්ලලා තොල කට ඇතුලට අරගෙන නැගිටලා,

"ඉවරයි මිස්ටර් මින් "

කියලා රූම් එකෙන් එලියට ගියේ යුන්ගි ගේ නොසන්සුන් හැගීම් ගැන වගක් වත් නැතුව,
__________________________
"නිවී මොකක් හරි ප්‍රශ්නයක්ද "

ඉක්මනින් කිචන් එක අස් කරපු  නිවී රූම් එකට යන්න හදද්දි හේසෝක් ඇහුවේ උදේ ඉදලම නිවීගේ වෙනසක් පෙනුන නිසා,  යන්න හදපු නිවී ආපහු  හැරෙන ගමන් හේසෝක් දිහා බලලා, 

"මං ආපහු ගෙදර යන්න කියලා හිතුවේ හේසෝක් ඔප්පා"

"ගෙදර කිව්වේ?"

"අ අප්පා ලගට "

නිවී එහෙම කියද්දී කෑම කකා හිටපු ජින් පිටිපස්ස හැරිලා,

"ඒ මොකද නිවී හදිසියේම "

"හදිසියේ නෙවෙයි ඔප්පා ඇත්තටම  ඔයාලටත් කරදරයිනේ ඒකයි"

"දැන් කවුද නිවීට කිව්වේ නිවී කරදරයක් කියලා ම් "

"මට හිතුනා ඔප්පා "

"නිවී ට යන්න ඕනම නම් යන්න අපි ඉන්න කියලා බල කරන්නේ නෑ ඒත් අප්පා ආපහු නිවීගේ මැරේජ් එක කරලා දෙයි ඒක ප්‍රශ්නයක් නැද්ද "

"මට අප්පා එක්ක  කථා කරලා විසද ගන්න පුලුවන් වෙයි ඔප්පා "

"පුලුවන් නම් මොන මගුලට ද මෙහේ ආවේ"

එක සැරේටම ඇහුන යුන්ගි ගේ කටහඩත් එක්ක නිවී ගැස්සිලා යද්දී, එහෙම කියාගෙන ආපු යුන්ගි කකුලක් උඩ කකුලක් දාගෙන නිවීගේ ඉස්සරහින් වාඩි වුනා.

"එදා ඇත්තටම ඒකට වෙලාවක් තිබුනෙ නැහැ මිස්ටර් මින් "

බිම බලාගෙන නිවී එහෙම කියද්දී කට කොනකින් හිනා වෙන ගමන් යුන්ගි අහක  බලාගත්ත,

"ඇත්තටම නිවී කවුද ඔය මනමාලයා "

පැත්තක හිටපු තේහයුනුත් එහෙම අහගෙන ඇවිත් කථාවට එකතු වුනා.

"ඩේවිඩ් ජේක් "

"මො කවුරු කිව්වා"

කොල්ලෝ ටික මූනෙන් මූන බලා ගෙන එහෙම අහද්දි,

"හ්ම්,  ඒ මනුස්සයා මහ එපාකරපු මනුස්සයෙක් "

නිවී එහෙම කියද්දී  කලබලෙන් නිවීගේ පැත්ත ට නැමුන යුන්ගී,

"ඇයි තමුන් එහෙම කියන්නේ??"

"එදා ඒ මිනිහා මට මට.. ම්හ් ඒවා වැඩක් නෑ "
නිවී එහෙම කියලා නැගිටලා යන්න හදද්දි නිවී ගේ අත තද කරලා අල්ල ගත්ත යුන්ගි,

"ඇයි ඌ තමුසේට මොනවද කලේ ආ මොනවද කලේ"

යුන්ගිගේ දිහා පුදුමෙන් බලපු නිවී,

"මිස්ටර් මින් මට රිදෙනවා "

"මටත් රිදෙනවා තමුන් මෙහෙම කටවහගෙන ඉන්න කොට,"
නිවී ව ආපහු පුටුවට තල්ලු කරලා යුන්ගි එතනින් නැගිටලා යන්න යද්දී තේහයුන් 

"නිවී ඌ මොනවද කලේ?"

"අ අ එ එදා ඒ මනුස්සයා මගේ බෙල්ලට පිහියක් තියලා කිව්වා ආයේ පැනලා ගිහින් තිබුනොත් මාව හොයාගෙන Africa  වල නාකි මනුස්සයෙක් ට විකුනලා දානවා කියලා "

"හහ් "
"ආයේ පැනලා ගියොත් කිව්වේ මීට කලිනුත් නිවී පැනලා ගියාද?"

"  ඒ මිනිහා මාව එලියට එක්කගෙන ගිය හැම දවසකම,   ඒත් ඔයාලා ඒ මනුස්සයා දන්නවද?"

" ආහ් ඔව් නිවී මේක නිවීට කියන්න හිටියේ ඒත් අවස්ථාවක් ආවේ නෑනේ "

ජින් වාඩි වෙලා හිටපු තැනින් නැගිටලා ඇවිත් නිවීගේ ඉස්සරහින් වාඩි වෙන ගමන් එහෙම කියද්දී  හේසෝක්,

"හයූන්ග්  ඒත් "
හේසෝක් දිහා බලලා නිවී දිහාවට හැරුන ජින්,

"ඩේවිඩ් එහෙම නැත්නම් ඩේව් කියන්නේ ඉස්සර  underworld එක රන් කරපු පීටර් ගේ එකම පුතා නිවී "

"Underworld එක!!?"

"ඔව් නිවී ඒ වගේම දැන් යුන්ගි ගේ girlfriend ඉන්නෙත් ඩේව් ලග"

"මිස්ටර් මින් ගේ girl friend!!?"

"ඔව් නිවී යොන්වා.  යොන්වා යුන්ගිගේ girl friend ඩේව් එයාව හිර කරගෙන  ඉන්නේ"

"ආහ් ඒකද මිස්ටර් මින් ඊයේ ඊයේ ඒ විදියට "

"ඔව් ,නිවී කැමති නම් ටික දවසක් ඉවසලා  ඉන්න අපි නිවීට ආපහු ඇමරිකා යන්න ලෑස්ති කරලා දෙන්නම් "

ජින් කියපු දේට ඔලුව වනලා එකග වෙලා නිවී එතනින් නැගිටලා යද්දී නිවී යන දිහා ටික වෙලාවක් බලාගෙන හිටපු හේසෝක් ජින් දිහා ට හැරිලා, 

"හයූන්ග් මං හිතනවා පහුගිය දවස් ටිකේ මං දැකපු දේවල් හයුග්නුත් දකින්න ඇති කියලා,  එහෙම එකේ....""

"හේසොකා, ඒක එහෙම නම්  ඊයේ යුන්ගියා අර විදියට හැසිරෙන්න ඕන නෑනේ නේද?"

"හයූන්ග් ඒත්..."

"හේසොකා නිවී හොද කෙල්ලෙක් මං කැමති නෑ නිවී ත් යුන්ගියාට යොන්වා ගේ අඩුව පුරවන තවත් එක කෙල්ලෙක් වෙනවට ඒකයි මං නිවීට ඒ දේවල් කිව්වේ "

"ඒත් හයුන්ග්......."

හේසෝක් ට පටන් ගත්ත දේ කියලා ඉවර කරන්න ලැබුනේ නැත්තෙ එතන්ට කලබලෙන් දුවගෙන ආපු ජිමින් නිසා,

" හයූන්ග්, ජින් හයුන්ග්, යුන්ගි හයූන්ග්......"

🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

ඔයාලා හොදින් ද? පරිස්සමින් ඉන්න හොදේ ආදරෙයි ❤😘, පරක්කු වුනාට සොරියෝ 😘❤🖤

දුල්💜











Lanjutkan Membaca

Kamu Akan Menyukai Ini

4.1K 772 19
Zero Sugar is not sweet......, but good for Health ! Binthew Fanfiction { Start - 14 May, 2024 - } ဤ FanFiction သည် စာရေးသူ၏ စိတ်ကူးအတွေးသက်သက်...
278K 48.4K 60
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
25K 4K 29
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...
121K 12.6K 51
-من هەڵەم نەکرد بچکۆلەکەم، من تەنیا خۆشم ویستی... -تاک و تەنیا ئاواتی من داهاتووێک بوو لەگەڵ تۆ~ -عەشقی من بۆتۆ ئەو ئۆقیانووسە قوڵەیە کە دەمەوێ تێیدا...