💐💐 The fateful love 💐💐

By ChatuChatu

5.6K 1K 172

ආදරය යනු දෙවියන් විසින් කෙනෙක්ගෙන් තව කෙනෙක්ට දෙනු ලබන සුන්දර වූත් වටිනා කියන වූත් දෙයක්.. සමහරුන් ඒ ආදරය න... More

introduce
💚❤️chapter 01 ❤️💚
❤️chapter 02💚
💚❤️chapter 03❤️💚
💚❤️chapter 04❤️💚
❤️💚 chapter 05 💚❤️
💚❤ chapter 06❤💚
❤💚 chapter 07💚❤
💚❤ chapter 08 ❤💚
💚❤ chapter 09 ❤💚
💚❤ chapter 10❤💚
💚❤ Chapter 11 ❤💚
💚❤ chapter 12 ❤💚
💚❤ chapter 13 ❤💚
💚❤ Chapter 14 ❤💚
💚❤️ Chapter 15❤️💚
💚❤ Chapter 17 ❤💚
💚❤ Chapter 18 ❤💚
💚❤️ Chapter 19 ❤️💚
💚❤️ Chapter 20 ❤️💚
💚❤️ Chapter 21 ❤️💚
💚❤️ Chapter 22 ❤️💚
💚❤️ Chapter 23 ❤️💚
💚❤ Chapter 24 ❤💚

💚❤ Chapter 16 ❤💚

125 31 1
By ChatuChatu

💐💐The Fateful Love💐💐

💚Chapter 16❤️

Continue 🌹🌹🌹🌹

👨" බෝ අපි කැම්පින් යමුද. මම ඔයා අක්කා මමා පපා හැමෝම... අහ් අමතක උනා අපේ චෙනාවනම් අරන් යන්නම ඕනේ . ඔයා එදා කිව්වා වගේ ඒකගේ හිතේ අක්කා ගැන තියෙනවනම් අපි ට්‍රිප් එක දවසට ඒකත් එලියට ගමු😁😁" ශාන් බෝට කුප්ප හිනාවක් දමමින් කිව්වා..

👨" හරි බනී එහෙනම් ඔයා ඔක්කෝම ටික ඇරේන්ජ් කර ගන්නකෝ අපි යමු..😊😍"

Continue 🌹🌹🌹🌹

කාලයාගේ ඇවෑමෙන් ටිකෙන් ටික ශාන්ගෙත් පවුලේ හැමගේත් ආදරය සමග බෝ හොදටම හොද වී නැවතත් සුපුරුදු පරිදි එයාගේ ජීවිතයට හැඩ ගැහුනා..ශාන්ගේ බලා ගැනීමත් සමග වයිද්‍යවරුන් පවා පුදුම කරමින් බෝ ඉක්මනින්ම  සුව වෙන්නට වුනේ ඔහුගේ ගතේ මෙන්ම හිතේ හයිය හා ශාන්ගේ රැක බලා ගැනීම නිසයි.නැවතත් පෙර පරිදිම බෝ ඇකඩමියෙහි වැඩ වලට සම්බන්ද වූ අතර ශාන්ද පොත් සාප්පුවේ මෙන්ම ඔහුගේ අනික් රැකියාව වන ග්‍රැෆික් ඩිසයිනින් වැඩ සදහාද කාර්‍ය්‍ය්බහුල වන්නට වුනා.. ශාන්ගේ ඇවටිල්ල නිසාම බෝ ටික කාලෙකට මෝටර් බයිසිකලය අයින් කරන්නට වූ නිසා සෑම දිනකම ශාන් විසින් බෝව ඇකඩමියට ගෙන යාම හා ගෙන ඒම සිදු කරනු ලැබුවා.. ශාන් ඇකඩමියට එන හැම අවස්ථාවකම බෝ සමග රන්ඩු සරුවල් වෙමින් ඉන්නට වුනේ ඇකඩමියේදී ශාඕ විසින් ඕන කමින්ම බෝගේ ඇගෙ එල්ලීම සදහා මාන බලමින් සිටින්නට වූ බව ශාන් විසින් හොදාකාරවම දැන වුන් නිසයි.. ඒත් ශාන් බෝ සමග ශාඕ නිසාම රන්ඩු කරන නිසා ශාන් කෙරෙහි බෝගේ හිතේ තිබූ ආදරය  දවසින් දවස තව තවත් දලුලන්නට විය.. ඒ ආදරය මැද්දට වෙනත් කිසිවෙකුට පැමිනීමට නොහැකි ලෙස බෝ විසින් ඔහුගේ හිතට හා ශාන්ගේ හිතට තහනම් පනවා තැබුවා...

බෝ හොදටම සුව වී මාසයක් පමන ගත වූ පසු යැන්ලි අක්කාගේ පෙරැත්ත නිසාම කට්ටියම ට්‍රිප් එකක් යෑම සදහා සූදානම් වන්නට විය...ගමන සදහා ශාන්ගේ මව හා පියා සම්බන්ධ නොවුනේ පියාගේ බිස්නස් වැඩ වගයක් සදහා ඔහුට පිටරට  යෑමට සිදු වූ නිසත් මවට තරුන දරුවන් හා ගමන නොයාමට තිබූ අකමැත්ත නිසා ඔවුන්ගෙ සතුට ඔවුන්ට විදීමට දීම හොද බව සිතා මවද පියා සමග විදෙස් රටට යාමට සූදානම් වන්නට වූ නිසයි..

ගමන සදහා ශාන්, යීබෝ, යැන්ලි, චෙං , චෙංගේ නන්ගි සහ වෙංද සහභාගි වන්නට වුනා..

බීජිං වලින් ආරම්භ කල ගමන ඔවුන් යන්නට වුනේ ගොවැන්ඩෝ වෙතයි..එහි ඇති ශීතල පරිසරයෙහි විනෝදවිම සදහාම කදවුරු බැදීමට වෙන්වූ ප්‍රදේශයක ඔවුන් සැම විනෝදවීම සදහා තෝරා ගනු ලැබුවා..ඔවුන් එහි යනවිටත් හවස් කාලය උදා වී තිබූ බැවින් විනෝදවීම සදහා හෙට යෑමට කතිකා කර තම තමන්ට රැය ගත කිරීම සදහා සැවොම එකතු වි තම තමන්ට අවශ්‍ය ආකාරයට කූඩාරම් තනා ගන්නට විය.. පැමිනි සිටි සියලු දෙනාම බෝ හා ශාන් ආදරය කරනා බව දන්නා බැවින් ඔවුන් හට කිසිම තහංචියක් නොමැතිවම ඔවුන් සදහාම කූඩාරමක් තනා ගැනීමට හැකි වූ අතර යැන්ලි අක්කා හා චෙංගේ සහෝදරිය එක් කූඩාරමක්ද, චෙං හා වෙං තවත් කූඩාරමක්ද ඔවුන් වෙනුවෙන් සකසා ගන්නට වුනා..

👱‍♂️" බෝ බෝ" කූඩාරම වටා කැරකෙමින් ශාන් කතා කරන්නට වුනේ තවමත් කූඩාරමේ එක් කොනක් සාදා ගැනීමට උත්සහ කරන බෝ දෙස බලමිනුයි..

👱‍♂️" ඇයි බනී" බෝ කූඩාරම සාදන ගමන්ම උත්තර දුන්නා..

👱‍♂️" රෑට මෙහෙට සත්තු එනවද දන්නේ නෑනේ..🥺"ශාන් කියන්නට වුනේ ටික ටික කලුවර වී එන ප්‍රදේශය දිහා ඇස් යවමින්..

👱‍♂️" සත්තු නම් එනවා ඇති බනී.. බලන්නකෝ මේ වටේම තියෙන්නේ හද්ද කැලේ. ඉතිම් සත්තු එනවා තමයි.. මොකෝ චන්ඩියා බයයිද දැන් සිංහයෙක් කොටියෙක් එහෙම එයි කියලා.මෝඩ බනියා🤣🤣" බෝ ශාන් දෙස බලා කියමින් හයියෙන් සිනාසුනා.

👱‍♂️" අනේ මේ පාඩුවේ ඉන්න බෝ බෝ☹️☹️ මන් මේ බයකට ඇහුවා නෙමෙයි අක්කා බයයි සත්තුන්ට ඒකයි මන් මේ ඇහුවේ.. සතෙක් එහෙම ආවොත් අක්කා ආයෙත් ගෙදරටම දුවලා නතර වෙයි..එහෙම දුවලා හරි නතර උනොත් හොදයි..😊මෝඩ බෝ බෝ😑😑.. "ශාන් බෝට රවමින් කිව්වා..

👱‍♂️" අහ් මේ අක්කා බය නිසාද ඇහුවේ..🙃🙃 මන් හිතුවේ මේ මට විතරක් සිංහ පාට් දාන සිංහයා බය වෙලා කියලා🤪🤪 අක්කාට බය වෙන්න දෙයක් නෑ එයාලගේ කූඩාරම මැද්දෙන් තියෙන්නේ.දෙපැත්තෙන් පරිස්සම් කරන්න ඔයයි මමයි චෙනයි වෙනුයි සේරමලා ඉන්නවා.. අපි පරිස්සම් කරේ නැතත් චෙනා හෙට උදේ වෙනකන් හරි ඇහැරන් මදුරුවෝ තල තල අක්කගේ කූඩාරම පරිස්සම් කරයි බනියෝ.. ඔයාගේ වන් ඇන්ඩ් ඔන්ලි මස්සිනාව විශ්වාස කරන්න😉😉" බෝ ඇහැක් ගසමින් සිනාසෙන්නට වුනේ මූන බුම්මන් ඉන්න ශාන් දෙස බලමිනුයි.

👱‍♂️" ඔයාට හැමදේම විහිලු බෝ😒😒"

👱‍♂️" අයියෝ ඔන්න ඉතින් මේ නපුරු බනියට කේන්ති ගිහිල්ලනේ..මන් ජෝක් නෙමෙයි කරන්නේ.. බලන්නකෝ මේ ට්‍රිප් එකේදී ඔයාට තේරෙයි බනී මන් කියපු දේ ඇත්තක් කියලා..☺️☺️" බෝ කූඩාරම සාදා නිම කරමින් බනී දෙස බලා කිව්වා..

👱‍♂️" කෝ බනී එන්න අපි ටිකක් ඇතුලට ගිහින් බලමු මොනාද මේකේ තියෙන අඩුපාඩු කියලා.. ගොඩක් කාලෙකින් මේ කෑම්පින් එකක් යන්න සෙට් උනේ.."බෝ ශාන්ගේ අතින් අල්ලා කූඩාරම තුලට යන්නට විය..

👱‍♂️" අනේ බෝ බෝ මාරම ලස්සනයි නේද.. මන් මාරම ආසාවෙන් හිටියේ මේ වගේ කැලෑවක දිය ඇල්ලක් තියෙන හරියෙන් කූඩාරම් ගහලා කෑම්පින් එන්න.. අක්කා නිසා තමයි එන්න පුලුවන් වුනේ. නැත්තන් ඉතින් හැමදාම ශොප් එකට යනවා ගෙදර එනවා එපා වෙලා හිටියේ හැමදාම එකම විදියට දවස  ගෙවෙන නිසා.. ☺️☺️” ශාන් බෝගේ ඉන වටා අත යවමින් බෝට තුරුල් වෙන ගමන් කියන්නට වුනේ ඔවුන්ගේ කූඩාරම පිටු පසට වෙන්න පිහිටා තිබූ සුන්දර දිය ඇල්ල දෙස බලමිනුයි..

👱‍♂️" අනේ බෝ මට අද නිදියන්න ඕනේ නෑ අපි මෙතනට වෙලා රෑට කතා කර කර ඉමුද. මට ඕනේ නෑ මේ වගේ ලස්සන තැනකට ඇවිත් නිදියගෙන ඒ ලස්සන බලන්න තියෙන වෙලාව නැති කර ගන්න. හාද කියන්නකෝ🥰🥰" ශාන් කුඩා දරුවෙක් මෙන් හුරතල් වෙමින් බෝගේ කම්මුලක් මිරිකමින් කිව්වා.

👱‍♂️" හරි බනී අපි එහෙම කරමු.. ඒත් දැන් නම් මට හොදටම බඩගිනියි.. එන්න අපි අක්කලා එක්ක මොනා හරි හදන් කාලා ඉමු..☺️. බෝ ශාන්ගේ නලලට කිස් එක්ක දෙන ගමන් කූඩාරමෙන් එලියට ආවා..

ඔවුන් එලියට පැමිනෙන විට යැන්ලි අක්කා අනෙක් පිරිස හා එකතු වී කෑම සෑදීම සදහා සියල්ල සූදානම් කරමින් සිටියා.බෝ මෙන්ම බනී ආසම ක්ශනික ආහාර කිහිපයක්‍ යැන්ලි අක්කා විසින් ගෙනත් තිබූ අතර චෙං හා වෙං විසින් එලියෙහි සාදන ලද ස්ථානයක මස් පුලුස්සමින් බාබකිව් කරමින් සිටියා..

👱‍♂️" අක්කා ඔයාලා කෑම හදන්නත් ලෑස්ති උනාද.☺️☺️" යැන්ලි අසලට පැමිනි ශාන් යැන්ලිගේ කර වටා අත් යවමින් අසල භාජනයක දමා තිබූ දොඩම් ගෙඩියකුත් අතට ගන්න ගමන් ඇහුවා..

👩" ඔව් මල්ලි කට්ටියටම බඩගිනි වෙලා ඉන්නේ දැන්.. ඔයාලටත්  බඩගිනියි නේද.." යැන්ලි සුප් බදුනක සුප් තවත් බදුනකට බෙදන ගමන් ශාන්ගෙන් ඇහුවා..

👱‍♂️" ඒයි බෝ බෝ. ශාන් මෙහේ වරෙන් බන් දෙන්නම ලව් කරා ඇති දැන් මේ කෑම ටික හදන්න උදව් වෙයල්ලා....මුන් යකෝ කූඩාරමුත් හදනවා ලව්ත් කරනවා අපිට තමයි ඇල් වතුරවත් නැතුව කෑම හද හද ඉන්න වෙලා තියෙන්නේ😒😒" චෙං ශාන්ට කියන්නට වුනේ යැන්ලි දෙසද හොරෙන් බලන ගමන්..

👱‍♂️" අහ් මේ මේ චෙනා අපි උබට කියලා නෑනේ ලව් කරන්න එපා කියලා හොදේ.. උබත් ඉතින් කාව හරි හොයන් ලව් කරපන් දැන් වයසත් හරිනේ.. නැත්තන් ගෙදරට නාකි වෙවී බත් තම්බන්නයි වෙන්නේ🤣🤣" ශාන් හයියෙන් සිනා වෙන ගමන් චෙංට කියන්නට වුනේ අක්කා දෙසද බලමිනුයි..

👱‍♂️" අනේ පල පල යන්න තොපිලට තමයි පාප මිත්‍රයෝ කියන්නේ.. ඇයි යකෝ බඩේ බොක්කේ තියන් තොපිලට අපි සපෝට් කරාට මොකද උබලගෙන් අපිට නෑනේ බන් ඒ වගේ දේකට සපෝට් එකක්.. ඔහොම යමුකෝ මල්ලී අපිටත් කවදා හරි ඉර පායයිනේ😫😫". චෙං කියන්නට වුනේ ශාන් දෙස බලා බොරුවට රවමිනුයි..

මොවුන්ගේ කතාවට ඇහුම්කන් දෙමින් යැන්ලිද සිනා වෙන ගමන් සියලු දෙනාම සදහා කෑම සූදානම් කරනු ලැබුවා..

⛺️⛺️⛺️🌕🌕⭐️⭐️⭐️

කතා කරමින් ආහාර ගත් සියලුම දෙනා රාත්‍රී කාලයෙහි දිය ඇල්ලක් අසල කූඩාරම් ගසමින් එයින් ලබන්නට වූ ආශ්වාදය විද ගැනිම සදහා තම තමන් ආස කරන තැන් වෙත ඉබේ ගමන් කරන්නට විය.. චෙං යැන්ලි හා කතාවට වැටෙමින් සිට හිමින් හිමින් ඇයත් සමගම දිය ඇල්ල අසලට පැමිනියා.. ඒ අතර ශාන් හා බෝ ඔවුන්ගේ කූඩාරමෙහි පිටු පස කොටස ඇල්ලෙහි කොටසක් හා එක හා සමානව පෙනෙන බැවින් ඒ අසල රැදී සිටින්නට වුනා.. වෙං හා චෙංගේ නන්ගිද ආගිය තොරතුරු කතා කරමින් අසල තිබූ ගිනි මැලය ලගට වී සිටියා..

👱‍♂️" බෝ බෝ🥰🥰"

👱‍♂️"හ්ම්ම්ම්ම්ම්" ශාන් දෙස නොබලාම බෝ හූ මිටි තබන්නට වුනේ මේ වෙද්දී පරිසරයෙහි තිබූ සුන්දරත්වයට බෝගේ හිතත් ඇසුත්  ඇදී ගොස් තිබූ නිසයි.

👱‍♂️" බෝ බෝ" 😟😟

👱‍♂️" ඕඕඕඕඕ"

👱‍♂️" අෂ්ෂ්ෂ්..😑😑 මේ ඇල්ල දැක්කත් හරි මේ මෝඩයට මාව දැන් මතකම නෑනේ.. මන් යනවා යන්න ඇල්ලටම වෙලා ඉන්නවකෝ මෝඩයා☹️☹️" බෝ තමන්ට ඇහුම්කන් නොදෙන බව දැකපු ශාන් මූනත් පුලුටු කරන් බෝ අසලින් නැගිට යන්නට හැදුවා..

👱‍♂️" අයියෝ බනී මට ඇහුනා ඔයා කතා කරනවා.. චුට්ටක් ඇල්ල ලගින් ඇස් දෙක ගන්න බැරි උනා ඒකයි ඉතින් ටිකක් මන් සද්ද නැතුව හිටියේ..☺️☺️ මේ බනියා දැන් ඕනාවට වැඩියි හැමදේමට කේන්ති අරන් දගලනවා නපුරු බනියා..😒" ශාන්ව කේන්ති ගැස්සීමට ඕන වූ නිසා එසේ කියූ බෝ ශාන්ව ඇද ඔහුගේ තුරුලට ගත්තා..

👱‍♂️" බෝ බෝ"

👱‍♂️" හ්ම්ම් කියන්නකෝ බනී මන් අහන් ඉන්නේ..☺️😘" බෝ ශාන්ගේ හිසමත දෙතොල් තබමින් කිව්වා..

👱‍♂️" බෝ දවසක අපි දෙන්නා විතරක් මෙතනට එමුද.☺️ අපි දෙන්නම විතරක්🥰" ශාන් බෝගේ අත පිරිමදිමින් කියන්නට වුනා..

👱‍♂️" ඒ මොකෝ ඒ අපි දෙන්නා විතරක් 🥰🥰"

👱‍♂️" අයියෝ ඉතින් නිකන් එහෙම කිව්වේ මෝඩයෝ .. මට ආසයි.ඒ නිසා දවසක අපි දෙන්නා මේ වගේ එක රැයක් ඉදලා යන්න එමු..හරිද බෝ බෝ🥰😘😘" ශාන් තවත් බෝට තුරුල් වෙමින් කිව්වා..

👱‍♂️" ඇයි බනී ඔයාට මේ හද්ද කැලේ ඇතුලේ හනිමූන් එකක් වගේ යන්න ආස හිතුනද😉😉🤣🤣" බෝ ඇසක් ගසමින් හයියෙන් හිනාවෙවී කියද්දී ගස්සලා නැගිට්ට ශාන්..,

👱‍♂️" මන් මෝඩයෙක් කියලා මේ මෝඩයට කියන්නේ නිකන්ද ඉතින් ..මෝඩ බෝ බෝ ☹️☹️ මෙයා දැන් එන්න එන්නම නරක් වෙනවා ඉන්නකො මට අහු උන වෙලාවක කරනවා හොද වැඩක්.. හ්ම්ම😣😣" ලැජ්ජාවෙන් මූන රතු කර ගත් ශාන් හුස්ම නොගෙනම එක දිගට කියවගෙන කියවගෙන යන්නට වුනා..

👱‍♂️ "අම්මෝ අම්මෝ මෙන්න මගේ අහිංසක හාවා නපුරු හාවෙක් වෙලා දැන්.. කෝ මෙහේ එන්න මැනික..😘😘😍😍" බෝ අත දික් කර තවමත් නැගිට තමන් අසල සිටින ශාන්ට තමා අසලට එන ලෙස කිව්වා..

👱‍♂️" මට බෑ මන් යනවා යන්න එලියේ ඇවිදින්න😣😣"

👱‍♂️" බනී කියන දේ අහන්න දැන් හොදටම රෑ වෙලා සත්තුත් ඇති එලියේ ඔන්න කෑ ගහගෙන එහෙම එන්නෙපා මන් කිව්වා හොදේ.. අනිත් එක අනිත් කපල් දෙකත් එලියේ තැන් තැන් වල කියව කියව ඉන්නවා😁😁.මගේ මෝඩ බනියා වගේ ඒ අස්සේ රිංගලා එයාලට ඩිස්‍ටර්බ් කරන්න එපා.. තේරුනාද..☺️☺️ බෝ ආදරයෙන් ශාන් දෙස බලා කියූ අතර ශාන්ද යන්නට හදපු ගමනෙ වේගය ක්‍රමයෙන් බාල කර නැවතත් බෝ සිටි දෙසට යන්නට වුනා..

🏘🏘🏘🏘🏘🏘🏘

👩" බලන්නකෝ පපා මන් කීයේ ඉදලාද ශාන්ට කෝල් ගන්නේ ..උදේ ඉදලම ඒ මිනිහගේ ෆෝන් එක වැඩ නෑ😠😠" යැන්සි පියාට කියන්නට වුනේ එක දිගටම ශාන්ට කෝල් ගත්තද එයින් පලක් නොවූ නිසයි.. කෝල් ගත් හැම වෙලාවකම ෆෝන් එක ඕෆ් කර තිබූ අතර මේ වෙද්දී යැන්සිට හොදටම කේන්ති ගොස් තිබුනා..

👨‍🦰" ඇයි බබා ශාන්ලා යද්දී ඔයාට කියලා නෙමෙයිද ගියේ.☹️" පියා ඇසුවේ කර කර හිටපු වැඩෙත් පසෙක දමමිනුයි..

👩" මොනාද? 😑 මට මුකුත් කිව්වේ නෑනේ.. ඇයි ශාන්ලා කොහෙද ගියේ පපා.😠" යැන්සි ඉක්මනින්ම පියා අසලට පැමින අසන්නට විය..q

👨‍🦰" ඇයි කට්ටියම ගියේ කෑම්පින් එකකට. අංකලුයි ආන්ටියි ගියා බිස්නස් ටුවර් එකක්. ඉතින් ශාන්ලත් කට්ටියම එකතු වෙලා කොහෙද දුර කෑම්පින් එකකට ගිහින් එන්ජෝයි කරන්න.. ඇයි ඔයාට කතා කරේ නැද්ද☹️☹️" මූනත් කලු කර ගනිමින් යැන්සිගේ පියා යැන්සිගෙන් ඇසුවා..

👩"මට කිව්වෙවත් නෑනේ පපා.. 😡 මේකා මාර මිනිහෙක්නේ.😡😡"

👨‍🦰" මන් හිතුවේ බබාගෙන් අහලා බබා බෑ කියලා ගෙදර ඉන්නවා ඇති කියලයි..ශාන්ගෙත් වෙනස් වෙන ගතියක් මට මේ ලගකදී ඉදලා පේනවා බබා.. එයාලාගේ අක්කායි මමයි උනත් ඔයාව දැන් කෙයා කරන්නේ නෑ නේද..😠😠". යැන්සිගේ පියා යැන්සි දෙස බලමින් කියන්නට වුනේ දත් මිටි කන ගමනුයි.

👩"😏😏 ඒවා කොහෙද පපා මාත් එක්ක.. මන් එයාට එහෙම මගෙන් ලේසියෙන් ගැලවෙන්න දෙන්නේ නෑ.. ඒ සල්ලි ගහ පැලවෙන්න ඕනේ අපි ලගයි.. වෙන අය ගාව හැදෙන්න දෙන්න බෑ😠 එයාට මාව එක්කන් යන්න බැරි උනාට මට පුලුවන්නේ එයා ගාවට යන්න. බලන්නකෝ පපා මන් හෙට කරන දේ😏"යැන්සි එසේ කියමින් වේගයෙන් ඇගේ කාමරයට යන්නට විය..

☀️☀️☀️☀️☀️☀️☀️☀️
උදෑසනම හිරු එලිය පොලවට පතිත වූවද පරිසරයෙහි පිහිටි රෑස්ස ගස් නිසා ශාන්ලා සිටි ස්ථානයට හිරු මුදුන් වන්නට දහවල් වන්නට වුනා.. තවමත් ගමන් මහන්සිය නිසාම සියලු දෙනාම තම තමන්ගේ කූඩාරම් වල නිදා සිටි අතර බෝට තුරුල් වී නිදන් හිටි ශාන් කලින්ම අවදි වන්නට වුනේ පරිසරය සිසිල් බැවින් ගතට දැනුන සීතල නිසයි..ශාන් අවදි වන විටත් බෝ ඔහුගේ දෑතක් ශාන්ගේ බද වටා යවමින් තුරුල් කර ගන්නට වුනා.හිමින් බෝ දෙසට හැරැනු ශාන් හිමින් ඔහුගේ අතක් ගෙන බෝගේ හිසකෙස් අතර ඇගිලිතුඩු යවන්නට වුනේ උතුරා යන ආදරයෙන්..හෙමීට බෝගේ පිරිපුන් කම්මුලක්ද මිරිකමින් ශාන් බෝගේ තොල් දෙසට ඔහුගේ තොල් ලං කරේ බෝ හොද නින්දක පසු වූ නිසයි..

👱‍♂️" අම්මෝ මගේ සිංහ පැටියා.🥰🥰නිදාගෙන ඉද්දිනම් හරි අහිංසකයි. නැගිට්ටම තමයි මට පෙන්නන්නේ හොද හොද සිංහ පාට්..😊😊" මෙසේ සිතමින් ශාන් බෝගේ තොල් මතට ලං වෙද්දීම...

👱‍♂️" බනී උදේ පාන්දර අහිංසක මාව අවුස්සන්නේ නැතුව ඉන්නකෝ.. වටේ පිටේ තව අය ඉන්නවා හොදේ.. " කියූ බෝ ශාන්ගේ ඉන වටා බැදි ඔහුගේ අත් තවත් තදින් ශාන්ගේ බද වටා ගෙන ගියේ ශාන්ව තදින් තුරුල් කර ගනිමින්....

👱‍♂️" කම්මැලි බෝ බෝ දැන් නැගිටින්න මේ ගෙදර නෙමෙයි ඔය විදියට නිදා ගන්න.. තව කරන්න දේවල් කොච්චර තියෙනවද..😊😊 කෝ නැගිටින්නකෝ " ශාන් බෝගේ ග්‍රහනයෙන් මිදීමට උත්සහ කරමින් කිව්වා..

👱‍♂️" මට බෑ බනී මට නිදිමතයි.. හරි සීතලයි අනේ මාව චුට්ටක් තුරුල් කර ගන්නකෝ..😴😴😴 හ්ම්ම්ම්" දෑස් වසාගෙනම බෝ කිව්වේ ශාන්ට තව තව තුරුල් වෙන ගමන්..

👱‍♂️" බෝ අපි ඇවිදින්න යන්න ඕනේ නේද..අක්කලත් දැන් නැගිටලා ලෑස්ති වෙලා එයි එලියට  යන්න.කෝ දැන් නැගිටින්න හොද ලමයා වගේ..😍😍" බෝගේ හිස ආදරයෙන් අතගාන ගමන් ශාන් කිව්වා.

ඇගේ හිරිකඩමින් නැගිටගත් බෝ බිම ඉදගෙනම නැවතත් නිදි කිරා වැටෙන්නට විය..බෝගේ මේ හුරතල් වැඩ දෙස බලමින් වුන් ශාන් නැගිට බෝට අත දික් කරේ ඔහු බෝව මේ ලෙස දමා එලියට ගියොත් ඔහු නැවතත් නිදා ගන්නා බව දන්නා නිසයි..ශාන්ගේ අතට අත දී නැගිටගත් බෝ ශාන්ටත් රව රවම කූඩාරමෙන් එලියට ගියේ අනෙක් අය මේ වෙලවෙදී නැගිට ඇතිද යන්න බැලීමටයි..ශාන් කිව්වා මෙන් අනිත් අය තාම නැගිට නොමැති අතර ශාන් දෙස බෝ බැලූ බැල්මෙන්ම හැමදේම වටහා ගත් ශාන් ඉක්මනින්ම එලියට විත් අනෙක් කූඩාරම් වල සිටින අයට ඇසෙන සේ කතා කරා..

👱‍♂️” අක්කා චෙනා නැගිටින්න අපිට යන්න පරක්කු වෙනවා..."

👱‍♂️" මෝඩ බනියා තව ටිකක් හයියෙන් කෑ ගහන්න එපැයිනේ..😫😫මට නිදා ගන්න දුන්නෙත් නෑ😴" බෝ නැවත ශාන් අසලට පැමින ශාන්ගේ උරහිස මත ඔලුව තබා ඇස් පියා ගත්තා..

👱‍♂️" අන්න බෝ අක්කලා නැගිට්ටා.. කෝ යමු යමු ලෑස්ති වෙන්න.." යැන්ලි නැගිට කූඩාරමෙන් එලියට එද්දීම චෙනුත් වෙං නිනුත් ඔවුන්ගේ කූඩාරම් වලින් එලියට ආවා..

👱‍♂️" අක්කා අපි කෑම්පින් එකේ පහලට යමු. පහල තමයි බෝට් සෆාරි එහෙම කරන්න තියෙන්නේ.. අක්කා ආසයිනේ ගගේ බෝට් එකෙන් යන්න ඉතින් අපි ඉක්මනට ලෑස්ති වෙලා යමුනේ..😊😊" ශාන් කියන්නට වුනේ පුදුම හදිස්සියකින්..

👩" අනේ එහෙනම් ශෝක් මල්ලී අපි උදෙන්ම යමු.. නැත්තන් දවස ගෙවෙනවා තේරෙන්නෙත් නෑනේ.."

මේ ලෙස උදෑසනින්ම අවදි වූ සියලුම දෙනා ලහි ලහියේ ලෑස්ති වන්නට වුනේ කෑම්පින් එකේ පහලින් පිහිටා ඇති විනෝදවීමටම සාදා ඇති ස්ථානය වෙත යාමටයි..සියලුම දෙනා ලෑස්ති වී ඔවුන්ගේ අවශ්‍ය කලමනා ටිකද රැගෙන පිටත් වන්නට වුනා..

🌵🌴🎋🍃🍁🍀🐿🦜🐇

යන අතරවාරයේදී අවට රූස්ස ගස්කොලන් හා සතා සිවුපාවන්ගෙන්ද සහිත පරිසරය මනා සේ රස විදිමින් සියලු දෙනාම ඉදිරියට යන්න වුනා..යන අතරතුර චෙං යැන්ලි අසලින් නොසෙල්වී ඇය හා එකට ගමන් කරමින් යන බව ඇස් වලින් හොරෙන් ශාන්ට පෙන්නූ බෝ සිනාසෙන්නට වූනේ ඔහු සිතු දේ ඒ ආකාරයට නිවැරදි වූ නිසයි.. මේ ගමනේදී චෙංගේ හැසිරීමත් සමගම ශාන්ටද බෝ කියූ දෙය පිලිගන්නට හැකි විය. ඒ කොහොම වුනත් චෙංගේ හිතේ ඇති දේ අක්කාට දැනවීමට තමන් කුමක්ද කල යුත්තේ බව සිතමින් ශාන් බෝ හා අත් අල්ලා ගනිමින් ඉස්සර වී ගමන් කරන්නට වුනා.

🚤🚤🚤🏖🏖⛰⛰🏝🏝

කන්දෙන් පහල කොටසට පැමිනි ඔවුන්ට දැක ගත හැකි වුනේ මේ නිවාඩු කාලයක් වෙන බැවින් ගොඩක් පිරිසක් විනෝදවීමට මෙහි පැමින ඇති බවයි.. අසල තිබූ ගගෙහි ගොඩක් බෝට්ටු නතර කර තිබූ අතර Rawing boat saffari එකට ගොඩක් අය කැමති බව එහි සිටි පිරිසෙන්ම ශාන්ලට දැක ගත හැකි විය.. පසුව ඔවුන්ද බෝට් සෆාරි එක සදහා සූදානම් වුනා. සියලු දෙනා තමන්ට ලැබුනු සේෆ්ටි ජැකට් එක ඇදන් සිටි ඇදුමට උඩින් ඇද එහි සිටි නියාමක විසින් ලබා දුන් බෝට් සෆාරි සදහා අවශ්‍ය සියලු දේ සපයා ගනිමින් අසල තිබූ බෝට්ටුවක් වෙත නැග ගනු ලැබුවා.. හිමින් හිමින් පටන් ගත් බෝට්ටුවේ ගමන් මග ටික ටික රලු වන්නට වුනේ කැලබෙන ජලය හා බෝට්ටුවද තරග කරන්නට වූ නිසයි.. ශාන් මෙන්ම යැන්ලිත් චෙංගේ නන්ගිත් හයියෙන් කෑ ගසමින් බෝට්ටුව තුල එහාට මෙහාට පැද්දෙමින් යන්නට වුනා.. ශාන් අසලින්ම සිටි බෝ ශාන්ගේ ඉන වටා අත දමමින් තුරුල් කරන් සිටින්නට වුනේ එන්න එන්නම ගගෙහි සැඩ පහර ක්‍රමයෙන් වැඩිවෙන බව බෝ දන්නා නිසයි.. එය ඒ ලෙසම දැනුනු චෙං ඉක්මනින්ම යැන්ලිගේ ඉන වටා අත් බැද ඔහුට ලං කර ගත්තේ මේ වෙද්දිත් වතුර වල සැඩ පහරේ වේගය ටිකෙන් ටික වැඩිවෙමින් ඉස්සරහට යන්නට වූ නිසයි..සියලු දෙනාම මේ සමග විනෝදය මෙන්ම ත්‍රාසයද කැටි කොට අලුත්ම අත්දැකීමකට මුහුන දුන් අතර සෆාරි එක නිමා කරමින් පැය කිහිපයකට පසු සියලු දෙනාම නැවතත් ගොඩට පැමිනියා..යැන්ලිව අතින් අල්ලා බැස්සවූ චෙං හෙමින් යැන්ලිවත් රැගෙන ගොඩට එන බව දුටු ශාන් කට කොනෙන් සිනා වී බොට ඇහැක් ඉගි මරන්නට වුනේ දැන් මේ වෙනකන් චෙංගේ හැසිරීමෙන් චෙංගේ සිතෙහි ඇති දේ ශාන්ට හොදටම දැනෙන්නට වූ නිසයි..

සියලුම දෙනා බෝට් සෆාරි එකෙන් විනෝද වූවද එහා මෙහා පැද්දෙමින් බෝට්ටුවෙන්  නොවැටී සිටීමට ලොකු උත්සහයක් ගෙන සෆාරි එක නිම කරපු නිසා සියලු දෙනාට මහන්සි බැවින් බෝ අසල පිහිටි කුඩා රෙස්ටුරන්ට් එකකට ගොස් සියලුම දෙනාට ස්නැක්ස් හා බීම ගෙන එනු ලැබුවා.

👱‍♂️" බෝ බෝ අපි කොහොම හරි චෙංගේ හිතේ තියෙන දේ අක්කට කියන්න විදියක් හදන්න ඕනේ🤔🤔 මොකෝ කරන්නේ අපි ඒකට.." අතෙහි තිබූ බීම බෝතලය අතින් කරකව කරකව ශාන් බෝට කියන්නට වුනේ බැරෑරැම් විදියටයි.

👱‍♂️" බලමු බනී මොකක්ම හරි විදියක් අපි හොයා ගමු. කොහෙද ඉතින් මේකා ගල් ගිලපු මොකාද එකා වගේ ඉන්නවනේ. අක්කට කියනවා තියා අඩුගානේ මූ අපිටවත් අද වෙනකන් කිසි දෙයක් කියන්නේ නෑනේ..😫😫" බෝ කියන්නට වුනේ තවමත් යැන්ලි අසලටම වී සිටින චෙං දෙස බලමිනුයි..

👱‍♂️ "හ්ම්ම් ඔව් ඒක තමයි බලමුකෝ අපි මොකක් හරි කරන්න.. හැබැයි බෝ බෝ කරන දෙයක් මේ කෑම්පින් එකේදිම තමයි කරන්න ඕනේ.. නැත්තන් ඉතින් ඕකගේ කටින් වචනයක් ගන්නවාට වඩා ලේසියි ඉබ්බෙක්ගෙන්  පිහාටුවක් ඉල්ල ගන්න එක.🤣🤣 "ශාන් කිව්වේ සිනාසෙන ගමන්..

👱‍♂️" බනි මන් කැම් එක කූඩාරමේ දාලා ඇවිත් මන් ගිහින් ඉක්මනට අරන් එන්නද..ඔයා ඔහොම ඉන්න හරිද." බෝ බිබී සිටි බීම එක ඉවර කර අසල තිබූ කුනු බදුනට දමමින් කිව්වා.

👱‍♂️" අනේ බෝ බෝ මාත් ඉතින් එන්නම්කෝ🥺🥺"

👱‍♂️" එප එපා බනී අක්කලා ඉන්නවනේ මෙතන එයාලව බලා ගන්න. සීසන් එක නිසා සෙනග ගොඩක් වැඩියි අක්කලාව අතරමන් උනොත් හොයා ගන්න හම්බ වෙන්නේ නෑ ෆෝන් ගෙනල්ලත් වැඩක් නෑනේ සිග්නල් නැති නිසා.. ඔයා අක්කලා එක්කම ඉන්න මන් ඉක්මනට ගිහින් කැම් එක අරන් එන්නම්.. ඕකේ බනී😊😊" බනීගේ කම්මුලට තට්ටුවක් දමමින් කියූ බෝ ඉක්මන් ගමනින් නැවතත් ඔවුන් සිටින කූඩාරම දෙසට පිටත් උනා.

මේ අතරවාරයේදී යැන්ලිද යාලුවන් කිහිප දෙනෙක් හා සමගින් ශාන්ලා පැමිනි කෑම්පින් එකටම එන්නට වුනේ ශාන්වත් අනිත් අයවත් පුදුම කරමිනුයි..යාලුවන් හතර දෙනෙක් හා පැමිනි යැන්සි අසල තිබූ ගලක වාඩිවී අවට පරිසරය දෙස බලමින් එය විදින ශාන්ට නොපෙනෙන ලෙස පිටුපසින් පැමින ශාන්ගේ පිටට හයියෙන් තට්ටු කරන්නට වුනේ ශාන් මෙන්ම අනෙක් අයටද කිසිවක් සිතා ගත නොහැකි ලෙස පුදුම කරමිනුයි..

👩" යැන්සි ඔයා..😯😯" යැන්ලිට ඉබේම කියවුනා.

👩" ඔව් අක්කා මන් තමයි..😊 ඇයි කට්ටියම පුදුම උනාද 😏" යැන්සි යැන්ලිගෙන් අහන්නට වුනේ ඇයට නොකියා ආව එක ගැන නොඅසාමයි..

👩" ඔව් ඉතින් කව්රු උනත් පුදුම වෙනවා තමයි මේ විදියට හිතපු නැති වෙලාවක ආවම..😟😟" කියන්නට දෙයක් සිතා ගන්න බැරි වුනු යැන්ලි අහක බලමින් කිව්වා..

👩" ඉතින් මේවට තමයි අක්කා සප්‍රායිස් කියන්නේ.. දැක්කනේ මන් ඔයාලා හැමෝම පුදුම කරපු විදිය..😂😂" යැන්සි හයියෙන් සිනා වී කියන විට ඇයගේ හිනාවට යාලුවන්ද හවුල් උනා..

යැන්සි ආව එක ගැන හිතෙහි කිසිදු සතුටක් නොතිබූ  ශාන් අහක බලමින් දත්මිටි කන්නට වුනේ තව ටිකකින් මෙතනට බෝ ආ පසු කුමක් සිදු වේද යන්න සිතින් සිතමිනුයි. කෙසේ හෝ යැන්සිව මේ තැනින් යවා ගැනීමට ශාන්ට ඕන උනත් මේ අවස්ථාවේ ඔලුවට කිසිම අදහසක් එන්නැති වන්නට වුනේ ශාන් බෝ කොයි වෙලේ මෙතනට පැමිනෙයිද කියා සිතන්නට වූ නිසයි..

💚මතු සම්බන්ධයි❤️

සුදුලා අපිත් යමුද කස්ටියම එකතු කරන් කෑම්පින් එකක්. ඇත්තටම කතාව ලියද්දී මටත් යන්න ආස හිතුනා.. බාල්දී දාන්න වහන්තරාව අරන් ආවට සමාවෙන්න සප්තලම්ලා 😁😁😁 සති 3කට පස්සේ වගේ කතාව දැම්මේ. ජොබ් එකත් එක්ක ගොඩක් බිසී වෙලා ඉන්නේ.. අනේ කතාව දිගටම කියවන්න.. ආයෙත් කොටස් දෙද්දී මේ තරම් කාලයක් බලන් ඉන්නට නොදී ඉක්මනට දෙනවා කියලා පොරොන්දු වෙනවා මගේ මැනිකෙලා ටිකට😍🥰අදහස් කියාගෙන යන්න 💚❤️💚❤️😍🥰

💚💚මෙය හුදෙක් bl fansla ගේ රසවින්දය හා මාගේ නිර්මානශීලිත්වය උදෙසා මාගේ අතින් ලියවෙන කතාවක් වන අතර මෙහි ඇති චරිත ජීවත්ව සිටින චරිත හා සම්බන්ද නොවන බව කරුනාවෙන් සලකන්න❤️❤️

Continue Reading

You'll Also Like

134K 3.7K 54
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...
836K 10.7K 44
You're rafe Cameron's girlfriend. He's controlling, manipulative, and insanely jealous over you. (13/01/24) #1-Rafecameron (12/03/24) #1-Outerbanks ...
1M 39.2K 92
𝗟𝗼𝘃𝗶𝗻𝗴 𝗵𝗲𝗿 𝘄𝗮𝘀 𝗹𝗶𝗸𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 𝗳𝗶𝗿𝗲, 𝗹𝘂𝗰𝗸𝗶𝗹𝘆 𝗳𝗼𝗿 𝗵𝗲𝗿, 𝗔𝗻𝘁𝗮𝗿𝗲𝘀 𝗹𝗼𝘃𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 �...
502K 14.4K 106
"aren't we just terrified?" 9-1-1 and criminal minds crossover 9-1-1 season 2- criminal minds season 4- evan buckley x fem!oc