🖤🖤Hi Mr Min🖤🖤 ||Min Yoong...

By 1993Dul

19.5K 4.7K 642

🖤🖤underworld king මින් යුන්ගි අතැරලා ගියපු ආදරේ වෙනුවෙන් හැමදාම ආදරේට වෛර කරයිද? 🖤🖤ඇමති පියාගේ ආදරේ මැද්... More

🖤🖤Hi Mr Min🖤🖤 01
🖤🖤Hi Mr Min🖤🖤03
🖤🖤Hi Mr Min🖤🖤 04
🖤🖤Hi Mr Min 🖤🖤05
🖤🖤Hi Mr Min 🖤🖤6
🖤🖤HI MR MIN 🖤🖤07
🖤🖤HI MR MIN 🖤🖤 08
🖤🖤HI MR MIN 🖤🖤09
🖤🖤HI MR MIN 🖤🖤10
🖤🖤HI MR MIN 🖤🖤11
🖤🖤HI MR MIN 🖤🖤12
🖤🖤HI MR MIN 🖤🖤13
🖤🖤HI MR MIN 🖤🖤14
🖤🖤HI MR MIN 🖤🖤FINAL
Recommendation
❤New❤

🖤🖤Hi Mr Min 🖤🖤 02

1.3K 325 28
By 1993Dul

තමන්ගේ ගෙදර වගේ සෝෆා එකට වෙලා ඉන්න කෙල්ල දිහා බලාගෙන හිටපු ජන්කුක් වගේම කෙල්ලත් ගැස්සුනේ කෑ ගහගෙන එතන්ට ආපු ජින් නිසා, ඒප්‍රන් එකත් ඇදගෙන ජන්කුක් ලගට ඇවිත් අතේ තිබුන හැන්දෙන් ජන්කුක් ට එකක් ගහපු ජින්,

"ජන්කුකා යුන්ගියාට හදපු රාමෙන් එකත් කෑවද ආ"

"යා හයුන්ග් රිදෙනවා "

ජන්කුක් අත අල්ලගෙන මූන ඇද කරගෙන ජින් දිහා බලපු විදියට පැත්තකට වෙලා මේක බලාගෙන හිටපු කෙල්ලගේ කටින් හිනාවක් පැන්නා, එතකොටයි ජින් නිවී ව දැක්කේ , ජන්කුක් ට වගේම ජින් ටත් කෙල්ල අත උස්සලා හායි කියද්දී, කෙල්ලට හිනාවක් දාපු ජින් ජන්කුක් දිහා බලලා ඇස් හීනී කරද්දී ජන්කුක් කරේ උරහිස් ගස්සලා අහක බලාගත්ත එක.

ඒත් එක්කම එතන්ට ආවේ නම්ජූන් ඒ පිටිපස්සෙන් ටේයොන් ඊලගට  හේසෝක් ගේ වීල් චෙයා එක තල්ලු කරගෙන ජිමින් හැමෝම පෝලිමට නිවී දිහා බලාගෙන ඉද්දි නිවීත් සෝෆා එකට වෙලා ආපු කට්ටිය දිහා බලාගෙන හිටියා..
.කොල්ලො පස්දෙනා කෙල්ල දිහා බලාගෙන හිටියේ අමුතු සතෙක් දැක්කා වගේ,  මතක ඇති කාලේක මේ යුන්ගි  ගොදරට එක්ක  ඇවිත් තියෙන්නේ එකම එක කෙල්ලෙක් විතරයි,  ඒ යොන්වා.  ඒත්  යොන්වා අතුරුදහන් වුනාට පස්සේ යුන්ගි ඕන තරම් ගැහැණු ආශ්‍රය කරත් ඒ කිසිම කෙනෙක් ගෙදර ගෙනත් නෑ ඒ හැම බැදීමක් ම එක රැයකින් අවසාන වුනා..

ඉතින් නිවීගේ ආගමනය කොල්ලෝ පස් දෙනාටම ප්‍රශ්නයක් වුනා,  ඒ වගේමයි නිවීටත්,  යුන්ගි ගේ  ගෙදර තවත් අය ඉදී කියලා නිවී හිතුවේ නෑ,  ඒ වෙලාවේ කරන්න දෙයක් නැති කමට ආවත් දැන් නිවීට දැනුනේ බයක්,, නන්නාදුනන පිරිමි හත් දෙනෙක් මැද  මොකක්ද කරන්නේ කියලා නිවී ට හිතාගන්න බැරි උනා ඒ නිසාම නිවී කලෙත් තමන්ගේ ඉස්සරහ හිටගෙන ඉන්න කොල්ලො හය දෙනා දිහා  කන්න වගේ බලාගෙන හිටපු එක..

අට දෙනාම මූනට මූන බලාගෙන ගෙවුන විනාඩි ගානකට පස්සේ ඇහුනේ දොරක් ඇරෙන සද්දයක් ඒත් එක්කම හැමෝම ඒ පැත්තට හැරෙද්දී දොර අල්ල ගෙන එක අතකින් තෙත කොන්ඩේ හද හද දොර ලග හිටියේ යුන්ගි.  යුන්ගියා ව දැක්කා විතරයි කට්ටියම,

"යුන්ගියා "
"හයුන්ග් "
"මිස්ටර් මින් "

"මොකෝ ආ මොකද ඒ පාර "

එහෙම අහගෙන ඇවිත් යුන්ගි නිවීගේ එහාපැත්තෙන් සෝෆා එකේ වාඩි වෙද්දි,  කලබලෙන් ගවුම අකුලලා ගත්ත නිවී යුන්ගි ට ලං වෙලා වාඩි වෙද්දි, අනිත් පැත්තෙන් ජින් ඇවිත් යුන්ගි ගේ එහා පැත්තෙන් වාඩි වුනේ යුන්ගියා ව මැදි වෙන්න,

"යා යා හයුන්ග්  මොකද ආ"

කලබලෙන් වාඩි වෙලා හිටපු තැනින් නැගිට්ට යුන්ගි එහා පැත්තෙන් වාඩි වෙලා ඇගිලි තුඩු වලින් නලල තෙරපලා පුටුවේ ඇන්දට පාරක් ගහලා නැගිට්ටා..

"ආහ්  හයූන්ග් මේ අර පැනලා යන මනමාලි,  "

ඊලගට නිවීගේ පැත්තට හැරිලා,

"ඒයි මේ මගේ සහෝදරයෝ අද රෑ ඉදලා හෙට උදේම යන ලෝකෙක යනවා පව් නොදී"

කෙල්ල එහෙමම බලාගෙන ඉද්දි එහෙම කියපු යුන්ගි ආපහු කාමරේ ට යද්දී කොල්ලෝ ටික කෙල්ලගේ පැත්තට හැරුණා,  මුලින්ම කථා කලේ ජිමින්,

"ඔයාගේ නම නිවී එහෙම නේ "

"ඔව්😁"

"හ්ම් නිවී දැන් ඔයා මොකක්ද කරන්න හිතාගෙන ඉන්නේ "ඒ ජින්

"මං ආපහු ඇමරිකා යනවා මං හිටියේ එහේ, මට මෙහේ අදුරන කවුරුත් නෑ "

"මේකයි නිවී එයාපෝට් එකෙන් නම් ඔයාට ඇමරිකා යන්න වෙන්නේ නෑ "
ඒ ටේයොන්.

"ඒ මොකද? එයාපෝට් එකෙන් නැතුව මං flight එකට මගින් නගින්නයැ"

"මගින් නගින්න බෑ වගේම නිවී ඔයාට එයාපෝට් එකෙන් නගින්න ත් බෑ, මොකද මේ වෙනකොටත් හැම එයාපෝට් එකක්ම ඔයා ගැන විමසිල්ලෙන් ඉන්නේ"

නම්ජූන් phone එක නිවීට දික් කරලා එහෙම කියන කොට ඒකේ තිබුන news එක දැක්ක නිවීගේ ඇස් වලට කදුළු පිරුනේ කරන දෙයක් හිතාගන්න බැරුව.

"ටික කාලයක් යනකම් නිවීට පුලුවන් අපිත් එක්ක ඉන්න"
හැමෝගෙම ඇස් පුදුමෙන් ඒ පැත්තට හැරෙද්දී එහෙම කියපු හේසෝක් වීල් චෙයා එක තල්ලු කරගෙන රූම් එකට ගියා...

හේසෝක් ගිය දිහා ටිකක් වෙලා බලාගෙන හිටපු ජින් බිම බලාගෙන හුස්මක් පහල දාලා නිවී දිහාට හැරුනා,

"හ්ම් පිරිමි විතරක් ඉන්න මේ ගෙදර ඔයාව එක රෑකට වත් නවත්ත ගන්න කැමැත්තක් මගේ හිතේ නෑ නිවී ඒත් අවුරුදු තුනකට පස්සේ එයාව කථා කරවපු එකට ඔයාට තෑග්ගක් දෙන්න එපැයි,  හ්ම් ඔයාගේ ඇමරිකා ගමන පුලුවන් ඉක්මනින් ලෑස්ති කරලා දෙන්න මං පොරොන්දු වෙනවා,  එතකන් ඔයාට පුලුවන් මෙහේ ඉන්න.."

"අවුරුදු තුනකට පස්සේ? ඇයි ඒ "

"ඒක ඔයාට ඉස්සරහට දැන ගන්න ලැබෙයි,  ඔය කොරිඩෝ එකේ කෙලවර රූම් එක අද ඉදන් ඔයාගේ, අදට ජිමින් නිවීට ඇදුමක් දෙන්න, හෙට ඔයාට ඕන කරන දේවල් ගෙනත් දෙන්නම්,  අද ඉදන් මෙහෙන් යනකන් ඔයා අපේ අමුත්තෙක් "

"ආ මට ඇදුම් එපා මං ලග ඇදුම් තියනවා,  කුමාවෝ මිස්ටර්??"

"ජින්, මිස්ටර් කෑලි  ඕන නෑ නිවී,  වොෂ් එකක් අරන් ඇවිත් කෑම කන්න "

නිවී දිහා නොබලම ජින් එහෙම කියද්දී නිවී එතනින් නැගිටලා ජින් පෙන්නපු රූම් එකට ගියා...
________________________
මීට අවුරුදු තුනකට කලින් හදිසියේම යුන්ගි ගේ මුලු ලෝකෙම වුනේ යොන්වා.  යොන්වා නිතර මේ ගෙදරට ආවා ගියත් යොන්වා නැවතිලා හිටියේ ටවුන් එකේ අපාර්මන්ට් එකක. යුන්ගි නැති දවසක හදිසියේම ගෙදරට ආපු යොන්වා හේසෝක් එක්ක ආපහු යද්දී වුන අනතුරකින් අතුරුදහන් වුනා, මාස තුනක් එක දිගට කෝමා එකක හිටපු හේසෝක් ට සිහිය ආවත්  හේසෝක් ට කකුල් දෙක බිම තියලා ඇවිදින්න පුලුවන් වුනේ නෑ,  එදා  ඒක දැන ගත්තම හොස්පිට්ල් එක දෙකක් වෙන්න කෑ ගහපු  හේසෝක් එදායින් පස්සේ කාත් එක්ක වත් වචනයක් කථා කලේ නෑ...

මුලින් මුලින් කට්ටිය එයාව බලෙන් කථා කරවන්න හැදුවත් doctr කෙනෙක් විදියට ජින් ට තේරුනා හේසෝක් ට තියන්නේ අසනීපයක් නෙවෙයි කියලා,  ඉතින් ජින් අනිත් අයට කිව්වා හේසෝක් ට කාලය දෙන්න කියලා...
__________________________

පහුවදා උදේ ජින් නැගිටලා කිචන් එකට එනකොටත් නිවී හැමෝටම කෑම හදලා ටේබල් එක ලෑස්ති කරලත් ඉවරයි...

"ඔහ් ඔයා කෑම හැදුවද නිවී??ඇයි කරදර වුනේ"

"කරදරයක් නෙවෙයි ඔප්පා ඇමරිකා වලත් ඔක්කොටම කෑම හදන්නේ මම තමයි "

"පුදුමයි "

"ඒ ඇයි??"

"නෑ ඔයා අපාර්මන්ට් එකක් අරගෙන  නෙවේද හිටියේ,  නෑ මං කියන්නේ ඔයාගේ අප්පට ඔයා වෙනුවෙන් වියදම් කරන්න සල්ලි ඕනවටත් වඩා තියනවනේ"

"අපාර්මන්ට් එකක තමා හිටියේ ඒත් අප්පා එවන සල්ලි අපි හැමෝටම ජීවත් වෙන්න මදි වුනා "

කෙල්ල කටත් ඇද කරගෙන එහෙම කියද්දී ජින් කෙල්ල දිහා බැලුවේ හැමෝම කිව්වේ කවුද කියලා අහන බැල්මකින්,

"ආ අපි හැමෝම කිව්වේ ඔප්පා මගේ යාලුවෝ අපි ඔක්කොම අට දෙනෙක් හිටියා ඒකයි "

ජින් එතනින් එහාට මොකුත් නොකියා කෑමට වාඩි වුනා..

" ඔප්පා අනිත් අය,"

"ආ එයාලා තව ටිකක් දවල් වෙලා ඇහැරෙන්නේ නිවී,  මාත් ඇහැරුනේ කෑම  හදන්න ඕන නිසා "

"එතකොට ඔයාලා ජොබ් එකක් කරන් නැද්ද "

නිවී එහෙම අහද්දි කෑ කටේ පුරවගනම ජින්  නිවී දිහා බලාගෙන ඉද්දි කවදාවත් නැතුව කලින් ඇහැරලා ඇවිත් තිබුන යුන්ගි මේසෙට වාඩි වෙන ගමන්,

"අපි වැඩ කරන්නේ රෑට "

කියලා අත ලග තිබුන ජූස් ග්ලාස් එක බොන්න ගද්දීම නිවී කියපු දේට යුන්ගි ට ජූස්  එක ඉස්මොල්ලේ ගියා, 

"ආආ ඒ කියන්නේ ඔයාලා සෙකියුරිටි ඔෆිසස්ලා එහෙම නේ"

ජින් ඇස් උඩ තියාගෙන බලාගෙන ඉද්දි ටක් ගාලා නැගිටපු නිවී යුන්ගි ගේ පිටට තට්ටු කරන්න හදද්දිම නිවී ව තල්ලු කරපු යුන්ගි එතනින් නැගිටලා යන්න ගියා..

"ඔප්පා මං වැරදි දෙයක් කිව්වද "

"ආ අ ආආ නෑ නිවී එහෙම නෑ ඔයා කෑම කන්න "

නිවී සැරෙන් සැරේට යුන්ගි ගේ කාමරේ දිහා බැලුවත් ජින් කලේ පාඩුවේ කෑම කන එක, නිවි හිතුවේ යුන්ගි නැගිටලා ගියේ එයා අහපු දේට කියලා,  ඒත් යුන්ගි නැගිටලා ගියේ ඒ වෙලාවේ නිවීගේ හැසිරීම යුන්ගිට යොන්වා ව මතක්  කරපු නිසා කියලා ජින් දැනගෙන හිටියා...

____________________________

දවස් ගෙවිලා යද්දී යුන්ගි ඇරෙන්න අනිත් හැමෝම නිවීට ගොඩක් හිතවත් වුනා,  ඒත් යුන්ගි පුලුවන් හැම වෙලාවකම නිවී ව මග ඇරලා ඉන්න පරිස්සම් වුනා.. ගෙදර කී දෙනෙක් හිටියත් නිවීගේ ඇස් දුවන්නේ යුන්ගි පස්සේ කියන එක අනිත් හැමෝටම රහසක් වෙද්දි හේසෝක්ට විතරක් ඒක තේරුනා....

ඒ වගේම හැමෝටම රහසින් යුන්ගි ගේ ඇස් එක මොහොතකට නිවී ලග නවතිනවා කියලා කවුරුත් දැනගෙන හිටියේ නෑ...

එදා අහපු විදියටම නිවී හිතාගෙන හිටියේ යුන්ගි ඇතුලු පිරිස කරන්නේ  සෙකියුරිටි ජොබ් එකක් කියලා,  හත අට වෙද්දි නින්දට යන නිවී ආපහු ඇහැරෙන්නේ පහුවදා උදේ නිසා රෑට ඒ ගෙදර ඇතුලේ වෙන දේවල් නිවී දැන ගෙන හිටියේ නෑ..දවල්  තිස්සේ අනිත් අය  වැඩි හරියක්ම කලේ නිදා ගන්න එක නිසා නිවී වැඩි පුර කාලේ ගෙව්වේ හේසෝක් එක්ක..

හැන්ගිලා තිබුන හේසෝක් ගේ හිනාවට නිවී ඇසුරේ  පන ඇවිත් කියන එක අනිත් අය දැන ගෙන හිටියේ නෑ,  නිවී ඇමරිකාවේ ගෙවපු ජීවිතේ ගැන එහේ හිටපු යාලුවො ගැන හේසෝක් එක්ක කථා කලේ ගොඩක් සතුටින්,  ඒ වගේමයි හේසෝක් ඇවිදින්න පුලුවන් කාලේ ගෙවපු සැහැල්ලු ජීවිතේ ගැන ඉඩක් ලැබුන හැම වෙලාවකම පිස්සුවෙන් වගේ සින්දු වලට ඩාන්ස් කරපු හැටි ගැන නිවී එක්ක කියන්න හේසෝක් අමතක කලේ නෑ...

ගෙදර හැමෝටම රහසින් හේසෝක් නිවී අතර හරි අපුරු යාලුකමක් ගොඩ නැගුනා,  නිවීගේ හීතේ යුන්ගි ගැන කැමැත්තක් තියෙන බව මේ ආශ්‍රයේදි හේසෝක් ට හොදටම තේරුනා, වගේම හේසෝක් ඒ ගැන ගොඩක් සතුටු වුනා...

"නිවී මොකද අපේ යුන්ගි ගැන හිතන්නේ "
හැමදාමත් හේසෝක් නිවී ගෙන් මේ ප්‍රශ්නේ ඇහුවත් පලවෙනි වතාවට ඒක අහනවා  වගේ නිවී රතු වෙලා යනවා ,

"මිස්ටර් මින් හොදයි "

හේසෝක් ට කවදාවත් එතනින් එහා දෙයක් නිවීගේ කටින් අහගන්න හම්බ වෙන්නේ නෑ එතනින් පස්සේ නිවී කරන්නේ ඈත බලාගෙන කල්පනා ලෝකෙක අතරමං වෙන එක, ආපහු නිවී මේ ලෝකෙට එන්නේ හේසෝක් ගේ ඇතුලට ගිහින් දොර වහන සද්දෙට...
___________________________________
කලින් දවසේ දවල් හේසෝක් එයාගේ treatment වලට හොස්පිට්ල් එකට ගිය නිසා මුලු දවල් වරුවම නිවී කලේ නිදා ගන්න එක,  වෙනදා පුරුද්දට රෑ හත අට වෙද්දි නින්දට ගියත් දවල් තිස්සේ ම නිදාගත්ත නිසා නිවීට නිදි මතක් දැනුනේ නෑ  ඒ නිසාම කෙල්ල කිචන් එකට ආවේ මොනවා හරි කන්න හිතාගෙන,  ඒත් ලිවින්ග් රූම් එකේ ඉදලා  එලියට යන කොල්ලෝ හය දෙනා දැක්කම කෙල්ලගේ ඇස් ලොකුවෙලා කටත් ඇරුනා...

එහෙමම ඒ පිටිපස්සෙන් ගියපු නිවී දැක්කේ  ගරාජ් එක ඉස්සරහ නවත්තලා තියන කලුපාට වාහන තුනක් එලියට ආපු කොල්ලෝ හය දෙනා ඉස්සරහ වාහනේ ලග කථා කරන අතරේ හිමින් එලියට ආපු නිවී පිටිපස්සෙන් තිබුන වාහනේ ට නැගලා සීට් එක අතර හැන්ගුනේ නීවීටම ආවේනික ක්රමේට වාහනේ දොර ඇරගෙන...
🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤
පරක්කු වුනාට සොරි හොදේ, නිවී බාල්දි හොයාගෙන යන ඩයල් එකක් වගේ නේහ් බලමු ඉස්සරහට , ආදරෙයි 😍❤😘.

දුල් 🖤

Continue Reading

You'll Also Like

80.6K 10.8K 40
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]
583K 111K 119
කවුරුත් නැතිව උඹම උඹේ හිත සනස ගත් දවසට ඒහිත ඒ හේතුවටම කිසිදින නැවත නොවැටෙනු ඇත.........!!
459K 63.8K 78
🌻 " අනුක් අයියේ " "...................." " අනුක් අයියේ " බස් එකේ ජනේලෙන් එපිට බලාගෙන උන්න මන් ගැස්සුනෙ එයාගෙ සුළැගිල්ල මගේ සුළැගිල්ල වටේ එතෙනකොට...
271K 47.6K 59
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)