🔞My Unconditional Love[NoN-F...

By BantiPrabu

27.8K 4.1K 1.3K

ඔයා ද වැරදි මම ද වැරදි කියලා හිතනවට වඩා ලේසී ආදරේ කියන්නේ ආදරේ කියලා තේරුම් අරන් ඉන්න එක..හිතට වහල් වුනු සැබෑ... More

🦋හැදින්වීම🦋
01-අහිංසක ආදරය🦋
02- හිතට වහල් වීම🦋
03- නුඹ මට හිමි නැත 🦋
04- හදවතේ ආයාචනාව🦋
05- සැනසෙමි මං නුඹෙන්🦋
06- හිරිමල් ආදරේ 🦋
07- නිහඩ ආදරය 🦋
08- අපේ අහිංසක ආදරේ🦋
09- අරුන්ගේ ඇසින් ආදරය 🦋
10- අනුරාගී හෝරාව 🦋
11- සුසුම් උණුසුම් ය🦋
12- නුඹ මගේ සැනසීමයි 🦋
13- ඔබ මගෙමයි 🦋
14- නින්දට පෙර🦋
15- අලුත් ආරම්භයක් 🦋
16-නව තනුව 🦋
17- වෙනස් වීම🦋
18 -වසන්තය අවසන් 🦋
19- ගැටලු අතර 🦋
🦋සුන්දර ආරම්භය(අවසන් කොටස) 🦋

20- රැඟිල්ලේ අවසානය 🦋

1K 169 84
By BantiPrabu

My Unconditional LoVe 🦋
.
.
.
.
.
.
.
" මචං එහෙනම් මම යන්නම්.. උදේට කම්ප්ලේන් එක දාපන් ඇවිත්. "

" හරි. එල තෑන්ක්ස් මචං මේ රෑ ආවට..."

" අනේ තෝ ආයේ ඔය මගුල කිව්වොත් කිසි දේකට මං ආයේ එන්නෑ හොදේ.."

"හපෝ හරි හරි බන් රෙද්ද.. දැන් පලයං..."

" ගුඩ් නයිට් බන්.. "

" ගුඩ් නයිට්..."

"ඕකුන් එකෙක්ටවත් මම යහතින් ඉන්න දෙන්නෑ...බලමුකො දේපලයි ළමයිනුයි මගෙන් ගන්න හැටි.. මම දෙන්න හිටියේ. උඹමයි බන් ඔක්කොම වරද්ද ගත්තේ.. දැන් බලමුකො. "

මම ටවල් එකත් අරන් bathroom එකට ගියා..නානගමන් මං කල්පනා කරේත් දේවල් පිළිවෙලකට කරන හැටි.
නාලා ඉවර වෙද්දී මම මගේ ප්ලෑන් එක හිතලා ඉවරයි.

සරමකුත් ඇදගෙන මම ඇද ලගට යද්දි මගේ මැණික කෙදිරි ගානවා...
දාඩියත් දාලා...
මාව රත් වුනා.. මම හිමීට පිට අත්ල තියලා බැලුවම හොදටෝම උන...

" මැණික...බබා... අනේ..."

මම ඉක්මනින් කුස්සියට දුවලා වතුර බාජනේකුයි ටවල් එකකුයි ගත්තා..
අරන් ඒක පොගවලා මගේ කොල්ලගේ බෙල්ල වටේ මූන අල්ල යටි පතුල් තෙමුවා..
පස්සේ කොලොන් එක අරන් ගෝස් කෑල්ලක් පොගවලා නලලට තිබ්බා..
තියලා ඒ සිනිදු කෙස් අතරේ මගේ අත අරගෙන ගියා..
දැන් නම් කෙදිරිය ටිකක් අඩුවෙලා ගියා....

උදේ මං ඇහැරුනේ කවුරුහරි මගේ ඔලුව අතගානවා වගේ දැනුනු නිසයි..

" බබී ගුඩ් මෝනින්.. "

මම ඉක්මනින් නැගිටලා එයාගේ නලලට බෙල්ලට අත තියලා බැලුවා...

" අම්බෝ දැන් නම් උන නෑ. මං බය වුනා..."

" අනේ සංකු ඉතින් ඇදට එන්න එපැයි. පුටුවේ නිදාගත්තේ ඇයි අනේ..."

එයාගේ ඇස් කඳුළින් පිරෙන්න ගත්තා....

" අනේ මැණික ඉතින් ඔය අත පාරගත්තනම් මාත් ඇදට නැගලා.. කෝ ඉතින් දැන් තව ටිකක් නිදාගන්නකො. තාම 6.00 යි.. ""

මම කාමරේ කෙලවර බිත්තියේ එල්ලලා තිබ්බ ඔරලෝසුව දිහා බලාගෙන කිව්වා.

" හාම්... "

""මම කිරි එකක් හදාගෙන එන්නම්. උදේටත් මොනා හරි කමු. අපි බෙහෙත් බොන්නත් ඕනිනේ. හවසට ආයේ ඩොක්ට ලගට යමු. උනත් ගත්තනේ.""

" හ්ම්ම්..."

එයාට අමාරුයි.. මට දැනෙනවා. වෙනදා කටේ තිබ්බ පන අද නෑ.. කෙදිරි ගගා වගේ කතා කරන්නේ...
මම නලලටත් හාදුවක් දීල ඉක්මනින් කුස්සියට ආවේ කිරි එකක් හදන්න.. කිරි එකත් රත් කරලා කෝපි ටිකක් දාලා හදලා මැණිකට දෙන්න ගියාම එයා ආයේ දොයි...

"බබී.. මම කතා කරාට එයා තද නින්දේ. මම ඒක වහලා නිවෙන්න තියලා ආයේ ආවා සැන්ඩ්විච් ටිකක් හදන්න...
බත් කැද ටිකකුත් හදන්න ඕනි....සරම කැහැපොට ගහගෙන මං වැඩේ පටන් ගත්තා...
පැයකින් වගේ දෙකම හදලා මම ඉවර කරා...

"අවුලක් නෑ.. කොල්ලා වැඩ්ඩා... !"
රස පාටයි....





" හරි.. දැන් අපි මැණික හොයාගෙන යමු..."

"අහ් නැගිට්ට ද...??"

හ්ම්ම්ම්...

මම යනකොටත් එයා ඇදවට්ටමට හේත්තු වෙලා පුළුවන් අතින් කිරි එක බොනවා...

" ඉන්න බබා මං පොවන්නම්.. !"
මම ඉක්මනින් එයාගේ අතේ තිබ්බ කෝප්පේ අරන් කිරි ටික පොවන්න ගත්තා හුරු අතම කැපුනු නිසා වේදනා වැඩි ඇති....

'" මැණික... මම බත් කැඳ හැදුවා. සැන්ඩ්විච් හැදුවා.. මොනවද ඕනි ඉස්සෙල්ලම..."

" සැන්ඩ්විච් 😁"

" ආහ්... මං හිතුවා. කපටි රාල.."

" හ්ම්ම් හ්ම්ම් මොනවා හරි කමක් නෑ කාලා බෙහෙත් බොන්න ඕනි...."

" හරියෝ.. එයා අමාරුවෙන් හිනා වෙලා මහපට ඇගිල්ල පෙන්නුවා...

" බබී ඒක නෙවෙයි. ඔයා පාස්පෝට් හදලද තියෙන්නේ..??"

මගේ ප්‍රශ්නයත් එක්ක එයා එකපාරටම මං දිහා බැලුවා...

" හ්ම්ම් තියනවා ඉතින් ගෙදර. ඒත්‍ දැන් අලුත් කරන්න ඕනි ඇති. "

" හ්ම්ම්.කමක් නෑ අපි අලුත් කරමු. ඒක අත හොද උනාම ගේමු. "

" හරි..!"

මම ටිකකින් සැන්ඩ්විච් දීලා ඒක කෑවට පස්සේ බෙහෙත් ටිකත් දුන්නා..
නැගිට්ටවලා පරිස්සමෙන් අත නොතමා ඇගත් සෝදවලා ආයෙම ලුණු කැද එකත් දීලා නිදිකෙරෙව්වා...

" මැණික.. මම පොඩ්ඩක් එලියට යනවා. දොර ලොක් කරගෙන යන්නම්.. හදිසියක් උනොත් ඉක්මනින් කෝල් එකක් ගන්න මට..."

" හ්ම්ම්ම්ම්... ඒත් කොහෙද යන්නේ...??"

" පොලීසියට.."

" අහ්.
ඒ මොකටද...?"

" පැමිණිල්ලක් දාන්න ඊයේ සිද්ඩියට.."

" අහ්.. කාට විරුද්ධවද.
?"

" ඔයාගෙයි මගෙයි වයිෆ්ලට විරුද්දව..."

" හරි ඒත් ෂෙරින් කොහොමද මේකට සම්බන්ධ උනේ..???"

" ඔයා මොනවද දන්නේ බබා...සේරම කරේ ඒ ගෑනි. ඊයේ රෑ මම ගියේ ඒකි හම්බෙන්න. "

මම උන සේරම සිදුවීම එයාට කිව්වම එයා බයවෙලා වගේ සේරම අහගෙන හිටියා...

" අනේ සංකු මම හිතාගෙන හිටියේ එයා මාරම කෙයාරින් අම්මෙක් වයිෆ් කෙනෙක් කියලා.. ඒත් මම හිතුවෙ නෑ කවදාවත් ඔහොම කෙනෙක් කියලා..."

" ඔක්කොටම වඩා මට තියන තරහා ඔයාගේ ලේ හොලවපු එක..."

" හරි සංකූ.. කේන්ති නොගෙන පරිස්සමෙන් ඒ ටික කරගෙන එන්නකෝ."

මම ගිහින් පැමිණිල්ල දැම්මම මිනීමැරීමට උත්සහ කිරීම සහ මිනීමැරීමකට අණ දීම යටතේ ෂෙරින්වයි , හෂානිවයි ඒකිගේ අලුත් මිනිහවයි අත් අඩංගුවට ගත්තා...
මම පුළුවන් තරම් මගේ දැනුම එක්ක ගෑනු දෙන්නව හොදටම  හිර කලා..ෂෙරින්ව ගද්දි මට පොඩි දුකක් දැනුනේ මොනා වුනත් අවුරුදු ගානක් එකට පවුල් කාපු නිසා. ඒත් වැරැද්ද නම් වැරැද්දමයි.. ඒකට සමාවක් නෑ...
මම ගෙදර යද්දි රෑ වුනා.. ඒත් මම යතුර දීලා මගේ යාලුවෙක් උන ප්‍රමෝද්ව ගෙදර යැව්වා මැණිකගේ උදව්වට .. මම ඒක  බබාට කෝල් කරලා කිව්වම නම් මුලින් අදි මදි කරත් පස්සේ කැමති උනා..

මම දරු දෙන්නත් අරන් රෑ 7.00 ට විතර ගෙදර ආවා...

" සංකූ............අනේ මේ දෙන්නා..."

මම ගිය ගමන් අතත් අල්ලගෙන ඉස්සරහට මගේ මැණික දුවගෙන ආවා...
මම ජයග්‍රාහී හිනාවක් දැම්මා.. පොඩි උන් දෙන්නම මගේ අත් දෙකේ දොයි...

" අනේ මෙයාලා...😍

" අනිත් කාමරෙන් තියන්නම් මැණික.. කෝ අත පරිස්සමෙන් හොදේ.. යන්න කාමරේට මම මෙයාලාව තියලා එන්නම්..."

එයා කඳුළු පුරෝ ගත්තේ වඩා ගන්නවත් බැරි නිසා කියලා මම දන්නවා...

මම පොඩ්ඩාවයි පොඩ්ඩිවයි කාමරෙන් පරිස්සමෙන් තියලා නෙට් එකත් දාලා වටේට කොට්ට තිබ්බා...

" බබා.. පරිස්සමෙන්.. වතුර බෝතලයක් ඇරගන්න එයා ඔට්ටු වෙනවා...

" කෝ මෙහෙට දෙනවා පණ්ඩිත රාල..."

මම එයාට ඒක ඇරලා පෙව්වා..

" මොකද කෝප්පෙකට ගන්න එපැයි.. බෝතලෙන් බොන්න බබෙක්ද අනේ..."

" ඉතින් ඔයානේ මට බබා කියන්නේ..."

අහ් . කාලා වරෙන්කෝ.. ඒකත් ඇත්ත ඉතින්...

මම සරමක් දාගෙන කුස්සියට ගියා...
එතකොට ප්‍රමෝද් වාඩි වෙලා tv බලනවා..

" මල්ලි මචං රෑට කාලා යමන් හොදේ...!"

" අයියෝ බෑ අයියා.. හෙට අපේ ස්කූල් එකේ ෆයිනල් මැච් එක. මම යනවා...

කොල්ලා නැගිටලා මේසේ උඩ කූඩේ තිබ්බ ඇපල් ගෙඩියකුත් අරගෙන උඩ දදා අල්ල අල්ල ගියා...

" තැන්ක්ස් මලයා......!"

" අයියෝ ඕක මොකක්ද යතුරු දෙක මේසේ උඩ අයියා.. මං ගියා..."

" හරි එල. පරිස්සමෙන් "

ඒ පොලීසියේ මගේ යාලුවගේ මල්ලී.. පොරවත් මම පොඩි කාලේ ඉදලම දන්නවා. උන් මට මගේම සහෝදරයො වගේ උනා.. ඒත් ෂෙරින් ඉන්නකොට ඒ කවුරුත් මට මෙහෙම උදව් කරන්න ආවේ නෑ.. මොකද ඒ ආවත් ෂෙරින් මට හොරෙන් උන්ට රවනවා කියලා මට ඊයේ අරූ කියනකන් මම දන්නෑ..
බලාගෙන යද්දි මම හොදට ඇදලා ඉදලා තියෙන්නෙ...

💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥

සතියකට පසු......
.
.
.
.
.
.
සතිය අවසානයේ ෂෙරින්ගෙන් මට ඩිවෝස් එකත් හම්බෙලා බබාලාවත් මගේ නමට මම පවරා ගත්තා.. හෂානි ෂෙරින් අර මිනිහයි මාස 03 කට ඇතුලට ගියා...
මට කරන්න දෙයක් නෑ..
නැත්නම් ලක්ෂ 15 ගානේ ඇප  දීලා ගන්න පුළුවන් කම තිබුණා..
ෂෙරින්ගේ ගෙදරින් නම් ෂෙරින්ව ගන්න ලෑස්ති කරන් තියෙන්නේ කියලා මට ආරංචිය ආවා..

දේවල් එහෙම වෙද්දී මගේ කොල්ලගේ අතේ මැහුම් කපන්න මම එක්කගෙන ආවා...

එතකන් ගෙදරට බබාලව බලාගන්න මම නැනෝ අම්මාව ආයෙම ගෙන්න ගත්තා...එයත් පුදුම කැමැත්තකින් ආවා.. කෙයානුත් එයාට ආස වුන නිසා මට ස්ට්‍රෙස් එකක් ආවෙම නෑ...
ඒ අතරේ මම පාස්පෝට් ලෑස්ති කරගත්තේ ඕස්ට්‍රේලියා යන්න...

ලබන සතියේ අපි හැමෝටම නැනෝ අම්මටත් යන්න පුළුවන් විදියට මම සේරම හදාගත්තා...
ඒකට ඉතින් මට ලක්ෂ 80 කට වඩා ගියා.. තවත් ලක්ෂ 50 ක් යද්දි ඕනි...
මම යාලුවෙක් ලව්වා එහෙ ඉන්න තැනක් එක්ක සේරම දැන්ම ලෑස්ති කරගත්තේ පොඩ්ඩො දෙන්නා නිසයි....

මුල් දවස් ටිකේ අම්මව අහලා අහලා වද දුන්නත් නැනෝ අම්මා ආවට පස්සේ උන්ට අම්මාව මතකත් නෑ.. ඒකින්ම හිතා ගන්න පුළුවන් දරුවෝ ආදරේ කාටද කියලා...

💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥

" අයියෝ.. මට රිදෙන්නේ නෑ අනේ. ඔයා මූන බෙරි කරගන්නේ නැතුව ඉන්නකෝ අනේ..."

" ඒත් රිදෙන්නේ නෑ කියලා ශුවර් ද බබී..."

එදා බෙහෙත් දාපු නර්ස්ම අපි දෙන්නගේ කෝලම්වලට හිනා වෙවී මැහුම් කපලා බෙහෙත් දැම්මා..

" දැන් නම් ගොඩක් දුරට හොදයි..දවස් තුනකින් ආයෙ එන්න. තුවාලේ පෙන්වලා ඕනි උනොත් එදාට බෙහෙත් දාමු. දැනට තෙමා ගන්නේ නැතුව ඉන්නකෝ.. "

" හරි මිස්.. තැන්ක් යූ..."

" ඕකේ වෙල්කම් දෙන්නටම.."

එයා හිනාවෙලා අපිට සමු දුන්නා.. මම බබාත් එක්කගෙන කා එකට නැගලා ආපහු මගේ සුරවිමනට ආවා...

මගේ සැනසීම....
මගේ පවුල....
මගේ ආදරය
මගේ ජීවිතය

සේරම දැන් මේ වහල යට.....
.
.
.
.
.

මතුවට
( බන්ටි )

💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥

🌟 තව කොටසයි.. මේක ඉවරයි.😍😍😍😍

🌟 අද කොටස ෆාස්ට් ගොයින් ද අනේ...

🌟 අදහසක් කොටාගෙන වෝට් එකක් දාගෙන යන්න.....😍♥️

Continue Reading

You'll Also Like

536K 97.9K 99
Non fiction BL මට පෙන්නන්න බැරි දේවල් තමයි වැඩියෙන්ම ඕනේ.
1.6M 125K 41
( ရိုးမာန်ဂုဏ် ♡ နွေလရိပ် ) ♡ 28 . 8 . 2021>♡< 19 . 12 . 2021 ♡
17.3K 2.7K 53
කිරුළ නොපලන් රජෙකුගෙ කතාව
2.8K 632 5
ඒ පිපිරුවේ , බොයිලේරුව ද ? නැත්තන් මගේ කන් අඩිද ? එහෙමත් නැත්තන් ඒ අළු ඇස් දෙකේ හිර වෙලා තිබ්බ මගේ හදවත ද ? - සයිවර් කඩේ -