My Empress 🖤️✨ ( Sinhala Ff...

By Daisy_Dinu

6.2K 1.4K 506

අතීතයේ හදවතකට පෙම් බැදි කාලතරණය කළ ගායකයෙක්.... 🌹 මේ Story එක කාලතරණ කතාවක්...අතීත රාජධානියකට ගිය ගායකයෙක්... More

හැදින්වීම 🖤
Chapter : 01 🖤✨
Chapter : 02 🖤✨️
Chapter : 03 🖤✨️
Chapter : 04🖤✨️
Chapter : 05 🖤✨️
Chapter : 06 🖤✨️
Chapter : 07🖤✨️
Chapter : 08 🖤✨️
chapter : 09 🖤✨️
Chapter : 10 🖤✨️
Chapter : 11 🖤✨️
Chapter : 12🖤✨️
Chapter : 13 🖤✨️
Chapter : 14 🖤✨️
අතීත රාජධානියේ චරිත හදුනගමු 🖤✨️
Chapter : 16 🖤✨️
Chapter : 17 🖤✨️
Chapter : 18 🖤✨️
Chapter : 19 🖤✨️
Chapter : 19 🖤✨️ (SP❤🌹)
Chapter : 20 🖤✨️
Chapter : 21🖤✨️
Chapter : 22 🖤✨️
Chapter : 23🖤✨️(SP❤🌹)
Chapter : 24 🖤✨️
Chapter : 25 🖤✨️(PART1)
Chapter : 25 🖤✨️(PART2)
Chapter : 26 🖤✨️(PART1)
Chapter : 26 🖤✨️(PART2 , LAST)
පසුවදන ~ 🖤

Chapter : 15 🖤✨️

137 39 8
By Daisy_Dinu

My Empress ✨️🖤
Character : 14 👑

කාලය කියාවී දෛවයේ සරදම්......🍂

වැළලී ගිය අතීතයක්.......
           අලුත් කළ ගායකයෙක් .........🍂

________________

පෙර කොටසින් : ජිමින් (මින්හෝ ) POV

ජන්ග් හෝසක්....හොබී හ්‍යුන්ග්....... මට අදහාගන්නවත් බෑ...එයත් මේ කොහෙ හරි ඉදී කියලා පුoචි විශ්වාසයක් තිබ්බට මන් කවදාත් හිතුවේ නෑ එයාව අනාවැකිකාරයෙක් ව්දිහට මෙච්චර ඉක්මනටම මුණගැහෙයි කියලා....

ඇරපු අතක් නෑ හ්‍යුන්ග් වගේම තමා..ඒ පෙනුම අඩුවක් නැතුව මෙයාටත් තිබුණා.. එයාගේ අතීත පෙනුමෙ කිසි අවුලක් නෑ.. මොනවදෝ එක එක බඩු වගයක් ළග තියාගෙන මිනිස්සු පිරිවරාගෙන ඉන්න මෙයාව දැක්කම මට හිනාත් යනවා ඉතින්.එහෙදිත් කලේ එක එක පරීක්ෂණ කර කර හිටපු එකනේ.. එකම විදිහට කොහොම වුණාද මන්දා....

මන් ටික වෙලාවක් එයා දිහා බලාගෙන ඉදලා එතනින් එන්න ආවා. එයත් එක්ක කතා කරන්න පුoචි ආසාවක් හිතේ තිබ්බත් ආයෙමත් අවුලක් ඇති කරන්න ඕනි නැති නිසා මන් එතනින් එන්න ආවා.....

තෙදොo ඩෝයූන්ගෙන් සමුඅරගෙන පුරුදු විදිහට මායි හාජිනුයි අපේ ගෙවල් පැත්තට යන පාරට හැරුණා...

ඊයෙන් පස්සෙ කෙල්ල මාත් එක්ක වැඩිය කතා කළේ නැති තරම්.. අනේ මන්දා ඉතින් එයාවනම් තේරුම් ගන්නම බෑ...මාත් ඉතින් කට පියාගෙන ඔහේ ඉස්සරහට ඇවිදන් ගියා...

" යාහ් චo මින්හෝ..."

කෙල්ල එකපාරටම කතාකළාම වටපිට බල බල හිටපු මම කෙල්ල දිහාවට ඇස් හැරෙව්වා.

"ම්න්....."

"ඔයා ආයෙමත් මෙහෙ එන්න ඕනේ නෑ...."
කෙල්ල කිව්වේ කිසි ගාණක් නැතුව....

"මොකක්ද ?....."
මම ඇහුවේ ඉස්සරහට තියන්න හදපු කකුල පිටිපස්සට ගන්න ගමන්....

"ඔයා ආයෙමත් මෙහෙ එන්න ඕනි නෑ.. ඔයා ඔයාගේ ගෙදර යන්න..."

කෙල්ල මා දිහා බලලා එහෙම කියලා ඉස්සරහට ඇවිදන් ගියේ කිසි ගාණක් නැතුව. මට හිතාගන්න බැරි වුණා එකපාරටම එයා කිව්වෙ මොකක්ද කියලා......

"ගෙදර යන්න.....ඇයි මොකක්ද ප්‍රශ්නේ.....
හාජින් ඔයා මාත් එක්ක තරහින්ද.... "

මන් එහෙම ඇහුවේ මම ඊයේ සින්දුව කිව්ව එකට කෙල්ල  මොකුත් කිව්වේ නැති නිසා මම හිතුවේ එයා ඒකට තරහින් ඇති කියලා. එයා කැමතිද නැන්ද කියලවත් මට කිව්වේ නෑනේ.....

"නෑ..නෑ එහෙම දෙයක් නෙමේ.... ඔයා දිගටම මෙහෙ එන එක මට වගේම ඔයාටත් හොද මදි...."

"හොද මදි......ඉතින් අපි යාලුවොනේ.... අනික මිසෝ අම්මාත් මට මුකුත් කියන්නෙ නෑනේ.."

" මින්හෝ ඔයා වෙනස් වෙලා එක ඇත්ත.....ඒත් පිට අයට ඔයා එයාලා අදුරන චo මින්හොම තමා..."

මොන බූත කතාවක්ද මෙයා මේ කියවන්නේ...මාව නිකන් කරකෝල ඇතෑරියා වගේ වුණ....

"ඒත්......"

මන් මූණ අදුරු කරගෙන කියන්න කට අරිනවත් එක්ක කෙල්ල,

"එපා....තව මොකුත් කියන්න එපා...කරුණාරලා ඔයා මෙහෙන් යන්න.....ඒක ඔයාටත් හොද වෙයි.."

කියලා කෙල්ල මන් දිහා බලලා මාව පහු කරගෙන ඉස්සරහට ඇවිදන් ගියා..

ඇයි එයා මාව යවාගන්නේ.....මන් කොහොමද තනියම ඉන්නේ..මන් මොකක්ද කරපු වැරැද්ද. මට කිසි දෙයක් තේරුණේ නෑ...කලින් මාව තේරුම් ගත්ත කෙල්ල එකපාරටම මෙහෙම කතාවක් කියයි කියලා විශ්වාස කරන්නත් බෑ..

කිසි දෙයක් නොවුණ ගාණට යන කෙල්ල දිහා
බලාගෙන කල්පනා කරපු   මම , කෙල්ල හුගක් දුර ගියාට පස්සෙ ගෙදරට ගියා....

"ආයෙමත්...."

කෙල්ල  ගෙදර බoකුව උඩ තිබුණ මොනවද පාර්සලයක් අතට ගන්න ගමන් කිව්වා..

ගේට්ටුවෙන් එහා පැත්තෙ හිටිය මම මෙහා පැත්තට ඇවිත් ලණුවෙන් ගේට්ටු පියන් දෙක ගැටගහලා ගේ මිදුලට ආවා......

"මොකක්ද ?...."

මන් ඇහුවේ කෙල්ල ළගින් හිටගන්න ගමන් එයාගේ අතේ තිබුණ පාර්සලේ දිහාවට ඇස් හරවලා.....

"අහ්....මේක ගන්න........"

කියලා කෙල්ල මොකක්ද රෙදි  වලින් හදපු  මොකක්ද පුoචි පර්ස් එකක් වගේ එකක් මගෙ අතට දුන්නා....

"මොකක්ද මේ...."
මගේ අතේ තිබුණ පුoචි මල්ල දිහාවට ඇස් හරවලා....

" පසුම්බියක්...."

කෙල්ල එහෙම කිව්වම මම කෙල්ල දිහ බැලුවේ ප්‍රශ්නාර්ථ මූණකින්.....

"ආහ් සමහර විට ඔයාට මතක නැතුව ඇති.... හැම අවුරුද්දකට සැරයක්ම මගේ උපන්දින මාසේ ඔය පසුම්බි ඔයාටයි මටයි  එවනවා.....

"කවුද.....??"

"මන් දන්නෙත් නෑ..... පුoචි කාලෙ ඉදන්ම ඕවා අපිට එවනවා....

"ඉතින් කවුද කියලා දන්නේ නැතුව...."

"ඒ කාලේම අපේ අම්මා කිව්වා කලබල වෙන්න දෙයක් නෑ කියලා.....ඒ නිසා මේ ගැන වැඩිය හිතන්න එපා....

බලන්න ඕකේ  මේ වගේ ඔයාගේ නම මහලා ඇති..."

කියල කෙල්ල එයාගේ පර්ස් එකේ නම තිබුණ පැත්ත හරවලා මට පෙන්නුවා. කිව්වා වගේම මගේ පර්ස් එකෙත් නූල් වලින් මොනවද අකුරු වගයක් මහලා තිබ්බා.අකුරු කියලා දන්නව වුණත් ඇත්තටම  ඒකෙ මහලා තියන නම  කියවන්න මම දන්නේ නෑ..පරණ චීන කොරියානු මිශ්‍ර ලිවීමේ භාෂාවක් තමා මෙහෙ ලියන්න පාවිච්චි කරන්නෙ...

ටිකක් චීන කතා කරන්න පුලුවන් වුණත් මන් චීන අකුරු ලියන්න කියවන්න දන්නෙ නෑ.. ඉස්කෝලේ යන කාලේ චීන ඉගැන්නුවත් මන් ඔහේ ලිව්වා මිසක් චීන ඉගෙනගන්න කිසි වුවමනාවක් තිබ්බේ නෑ..හොද වැඩේ මටත්🤧

"හරි..... තාම හුගක් අදුර වැටිලා නැ...."

මිදුලෙ හිටපු කෙල්ල කිව්වේ වටපිට බල බල..

පර්ස් එක දිහා බලන් හිටිය මම කෙල්ල දිහාවට ඇස් හැරවලා...

"ඔව්....."

"එහෙනම් ඔයාට රෑ වෙන්න කලින් යන්න පුලුවන්  වෙයි.....

"මොකක්ද ?.....?"

"මන් කිව්වේ ඔයාට ලෑස්ති කරගන්න කියලා  බඩුත් නැති එකේ අදම ගෙදර යන්න පුලුවන්නේ..."

"හාජින් පොඩ්ඩක් මන් කියන දේ අහන්න...ඔයාට මොකද....??"

මම කියන්න කට ගන්නවත් එක්කම කෙල්ල ,

"හරි එහෙනම් මම යනවා.....අම්මට වෙලාවට බෙහෙත් ටික දෙන්නත් ඕනි...
පස්සෙ දවසක මුණගැහෙමු එහෙනම්....
පරිස්සමෙන් යන්න...."

"ඒ....ඒත්.......හාජි..ජි............"

ඇයි මොකද වුණේ...මොකක්ද ප්‍රශ්නේ කියලා මට අහන්න ඕනෙ වුණත් කෙල්ල මාව කනකටවත් ගත්තේ නැතුව, මිසෝ අම්මගේ කාමරේට ගිහින් දොර වහගත්තා...

ඇත්තටම ඇයි මේ එකපාරටම මාව එළවගන්න හදන්නේ....මන් මොකක්ද කරපු වැරැද්ද....ඊයේ රෑ බිව්වට පස්සෙ මොනවා හරි වුණාද....නෑ....වෙන්න බෑ.... මට මතක විදිහට මට ඊයේ රෑ හාජින්ව මුණගැහුනේ නෑ... තෙදොo කිව්වේ මන් වෙන කාමරේක හිටියා කියලනේ...ආශ්.....මට බිව්වට පස්සෙ වුණ කිසි දෙයක් මතක නෑනේ.....ඇත්තටම මොනා හරි වුණාද.....?

මන් මගෙන්ම ප්‍රශ්න කළේ කෙල්ල එකපාරටම මෙහෙම කියන්න හේතුව මොකක්ද කියලා දැනගන්න.....

@පැයකට පසු ~🍂

කොච්චර කල්පනා කළත් වැඩක් නෑ කියලා හිතපු මම මගේ කාමරේට ගිහිල්ලා තිබුණ බඩු ටික  එකතු කරගෙන කාමරෙන් එළියට ආවේ , අකමැත්තෙන් වුණත් මින්හෝගෙ ගෙදර යනව කියලා හිතාගෙන...

යන්න කලින් එකපාරක් හරි හාජින් එක්ක කතා කරලා යනවා කියලා හිතාගෙන මම කෙල්ලගේ කාමරේ දොර ඉස්සරහට ආවා... ඒත් මොකක්දෝ මන්දා අමුත්තක් නිසා මට කාමරේ දොරට තට්ටු කරන්න හිත දුන්නෙ නැ.. දොරට තට්ටු කරන්න උස්සපු අත පහළ දාපු  මම , එතනින් එන්න ආවේ මිසෝ අම්මව හරි මුණගැහිලා යනවා කියලා හිතාගෙන......

"අම්මා මම ඔයාගේ මින්හෝ.....
ඔයා හොදින් ඉන්නවා නේද.....මන් ඉක්මනටම ඔයාව බලන්න එන්නම්..... හාජිනුයි , මුන් නැන්දයි එක්ක පරිස්සමෙන් ඉන්න හොදද....

මන් ඔයාව බලලා යන්න එන්නම්... ම්ම්....ඔයාට ඉක්මනටම සනීප වෙයි...."

මන් මිසෝ අම්මගෙ ළගින් වාඩි වෙලා එයාගේ අත අල්ලගෙන කිව්වේ එයාගේ යන්න කලින් එයාගේ හිත හදලා යන්න..බෙහෙත් බීපු නිසාදෝ මිසෝ අම්මාට හොදටම නින්ද ගිහිල්ලා.. එයාගේ ඔලුව අතගාලා මිසෝ අම්මගෙන් සමුඅරගෙන මම එන්න ආවා..

යන්න පාරට හැරුණත් ආපහු ගේ දිහා හැරිලා බැලුවේ හාජින් යන්න කලින් මන් එක්ක කතා කරන්න එයි කියලා හිතලා පුoචි විශ්වාසයක් හිතේ තියාගෙන...ඒත් හාජින් ආවේ නෑ..තව කොච්චර බලන් හිටියත් කෙල්ල එන්නේ නෑ කියලා තේරුම් ගත්ත මම, ලොකු හුස්මක් අරගෙන ගෙදරින් එන්න ආවේ උත්තර නැති ප්‍රශ්න ගොන්නක් හිතේ තියාගෙන.......

___________________________________________

පසු දින උදෑසන 🌞

මින්හොගෙ ගෙදරත් මම හිතපු තරම් අවුලක් තිබුණෙ නෑ.. හාජින්ගෙ ගෙදර එක්ක බැලුවම නම් සැප පහසුකම්නම් වැඩියි.. ඒ මොනවා තිබ්බත් හාජින් නැති පාලුව මට හුගක් දැනුණා...

ප්‍රධානීතුමාගෙන් උදෙන්ම ආව හදිස්සි පණිවිඩයක් නිසා මට වෙළද ශාලාවට යන්න සිද්ධ වුණා...එහෙට ගියාමයි මම දැනගත්තේ හාජින් රස්සාවෙන් අයින් වෙලා කියලා... මට හිතාගන්නවත් බෑ... මෙච්චර දවස් හොදට හිටිය කෙල්ලට එකපාර මොකද මේ වුණේ...

මට කෙල්ලගේ ගෙදරට ගිහිල්ලා වුණේ මොකද කියලා දැනගන්න ඕනි වුණත්  හදිස්සි රැස්වීමක් නිසා මට ගෙදර යන්න ලැබුණෙත් නෑ...

@මාළිගාව
වෙළද රැස්වීම... 🌱

මාළිගාවෙන් විශේෂ වෙළද රැස්වීමක් තියනවා කියලා නායකතුමා මාවයි තව කීපදෙනෙකුයි මාළිගාවට එක්කගෙන ගියා...ඒ රැස්වීම නිසා හැමෝටම වැඩ ගොඩයි..අපි හැමෝම හොද වැදගත් ඇදුම් ඇදගෙන මාළිගාවට ගියා...සාමාන්‍ය ඇදුම වගේම තමා මට දැන්  සේද ඇදුමෙත් කිසි විශේෂයක් නෑ....

රැස්වීම සූදානම් කරලා තිබුණෙ මාළිගාවේ දාකුණු අoගනයේ..දකුණු අංගනය හරිම ලස්සනයි..එක මොහොතකට මට හිතුණ මුළු මාළිගාවෙම ඇවිදලා බලන්න..
උසින් පළලින් වෙනස් වෙන එකම විදිහේ ශාලා කීපයක් දකුණු අංගනයේ තිබුණා..නිල් පාට නිළ ඇදුමින් හැඩවුණ  සේවිකාවො , සෙබළ සෙබළියෝ , පාලකවරු තැනින් තැන එයාලගේ රාජකාරීවල...

දැක්කම ආස හිතෙන විදිහට හැමදේම මාළිගාවම හරි පිළිවළයි..ඔය ට්‍රිප් ගිහින් පරණ මාළිගා බැලුවට කවදාවත් හිතුවේ නෑ ඇත්ත මාළිගාවක , ඇත්ත රාජධානියකට එන්න පුලුවන් වෙයි කියලා....ඒකත් අමුතුම හැගීමක්......

අපි හැමෝම මාළිගාවේ රැස්වීම් ශාලාවට ගියා. එක එක ප්‍රදේශවලින් හුගක්  වෙළද ප්‍රධානියෝ වගේම සහයකයොත් හුග දෙනෙක් රැස්වීමට ඇවිත් හිටියා..

"ඔය ගිණුම් පොත් ටික සේරම ඔයා බැලුව නේද...ප්‍රශ්නයක් නෑනේ......."

මම කිව්වේ මහේ එහාපැත්තෙ හිටපු සහයකයා අතට පොත් වගයක් දෙන ගමන්.. මට ලියන්න කියවන්න බැරි එක ප්‍රශ්නයක් නෙමේ ප්‍රධානීතුමා ඉන්නකන්....එයා මහ බර වැඩ මට දෙන්නේ නෑ...විශ්වාසවන්ත සේවකයෝ බාගෙට බාගයක් හොරට වැඩ කරන අය කියනවනේ ඉතින්....මාත් ආන් ඒ වගේ...😁

"ඔව්....මම උදේ ඒවා ආපහු බැලුවා....කිසි ප්‍රශ්නයක් නෑ...."

" ඔයා චo මින්හෝද... ඔයාට ප්‍රධානීතුමා එන්න කිව්වා...."

මගෙම වයසේ වගේ පෙනුම තිබුණ කෙනෙක් ඇවිත් මට පණිවිඩයක් කියලා යන්න ගියා...

"හා...හරි මම එන්නම්......"

"ප්‍රධානීතුමා ඔබතුමා මට කතා කළාද.....?"

මම් ඇහුවේ තවත් කීප දෙනෙක් එක්ක කතා කර කර හිටිය නායකතුමා ළගට ගිහින් ආචාර කරළා....

"අහ් මින්හෝ.....

"යැo ප්‍රධානීතුමා ඔබතුමා මට විනාඩියක් දෙනවද.....

ප්‍රධානීතුමා මම ආව ගමන් එයා එක්ක කතා කර කර හිටපු කෙනාගෙන් අවසර ඉල්ලුවා.

"හා...ඒකට කමක් නෑ...ඔබතුමා ඇතිතරම් වෙලා ගන්න...මමත් යනවා රැස්වීමට අවශ්‍ය ලියකියවිලි ටික බලන්න...."

"හොදයි මුණහැහෙමු එහෙනම්...."

කියලා කතා කර කර හිටපු අනික් ප්‍රාධානීතුමා ආචාර කරලා එතනින් යන්න ගියා..

"මින්හෝ....ඔයාට ආරoචිය ලැබුණද...."

"මොකක් ගැනද......"

"අර අපේ කොල්ලො තුන්දෙනෙක් ආපහු අහුවෙලානේ...උන් තුන්දෙනා වෙනුවෙන් වෙන කෙනෙක්ට වැරැද්ද භාරගන්න කියන්න.."

"වෙන කෙනෙක්ට වැරැද්ද භාරගන්න කියන්න......ඇයි....??"

"යාහ් හොද සිහියට එනවකෝ මින්හෝ...තමුන්ට හැමදේම මුල ඉදලා මතක් කරන්න ගියාම එපා වෙනවා...."

ප්‍රධානීතුමා කිව්වේ මුණ ඇඹුල් කරගෙන...

"මට සමාවෙන්න....."

මම සමාව ගත්තේ කරන්න දෙයක් නැති නිසා මිසක් සමාව ගන්න මට කිසිම වුවමනාවක් තිබුණේ නෑ......

"හ්ම්...මේ අහනවා....උන් ඇමතිගේ මිනිස්සු. උන් අහු වුණා කියලා එතුමා දැනගත්තොත් උඹත් ඉවරයි , මාත් ඉවරයි අපි සේරම ඉවරයි....

ඒ නිසා වැඩේ අහුවෙන්න කලින් කාසි දීලා එකෙක්ව යවන්න... අපේ සෙබළු ඉන්නවා උන් මේක වටින් ගොඩින් බේරලා දායි..."

ආශ්.....මේ මිනිහනම්..අම්මපා මට පුළුවන්නම් මුගේ තට්ටෙ පලන්න...අධමයා..මින්හොත් එක්ක එකතුවෙලා ඒ දවස් වල හාජින්ටත් මේ විදිහට තමා සලකන්න ඇත්තේ...වෙන උන් කරන වැරදි වලට අහිoසකයෝ තමා දඩුවම් විදින්න ඕනි...කොහෙ ජීවත් වුණත් මේ ලෝකෙනම් එකම විදිහ තමා....

මන් හිතුවේ ප්‍රධානිතුමාගේ මූණ දිහා බලන ගමන්....

"කරුණාකර සියලු දෙනාම නිශ්ශබ්ද වෙන්න.....
රැජිණ ප්‍රමුඛ වෙළද අමාත්‍යාංශය රැස්වීම් ශාලාවට පැමිණෙනවා..."

කවුද මන්දා කටහඩ ගැඹුරු කරලා කිව්වට පස්සෙ තැනින් තැන කතා කර කර හිටපු   හැමෝම දෙපැත්තට බෙදුනා....

හැමෝම එහාට වෙලා ඉඩ දෙනවත් එක්ක තවත් නිළධාරීන් කීපයක් පිරිවරාගෙන රැජිණ ශාලාවට ආවා..රැජිණ තමා මම මගේ ජීවිතේටම දැකපු ලස්සන වගේම ආඩම්බරම ගෑනු ළමයා..හිනාවක රේඛාවක්වත් මූණෙ නොතිබ්බත් රජ පවුලකට ගැළපෙන ඒ ගාම්භීරකම රැජිණගෙන් හොදට පෙනුණා.

මට ඒ මූණ හරි හුරුයි....කලින් වතාවෙ මගේ ඇග උඩට වැටුණ වෙලෙත් මට කාව හරි මතක් වුණා..කලින් මන් මෙයාව කොහෙ හරි දැකලා තියෙනවා...ඒත් කොහෙද ? කලින් ජීවිතේ මට කොහෙහරි මුණහැහුණද....අනේ මන්දා..

රැජිණ ගිහින් සිoහාසෙනෙන් වාඩි වෙනකන්ම මම එයා දිහා බලාගෙන කල්පනා කළේ ඒ මූණ ගැන මතකයක් මගේ ඔලුව පුරා හොල්මන් කරපු නිසා...

"අවසරයි උත්තමාවියනි....! අපි සාකච්ඡාව ආරම්භ කරමු....."

නිළධාරියෙක් සභාව මැද්දට ඇවිත් රැජිණට ආචාර කරළා කිව්වා....

"ඔව් අපි එහෙනම් අපේ සාකච්ඡාව ආරම්භ කරමු...
නුඹලා හැමෝම දන්නවා අද මේ විශේෂ සාකච්ඡාව පවත්වන්න ප්‍රධාන හේතුව..."

රූපේ වගේම තමා එයා කතා කරන වචන පවා හරි ආඩම්බර පෙනුමක් ගත්තා.....

"එහෙමයි රැජිණියනි...."

"රාජ සභාවේදි වෙළද මිල පහළ දැමීම පිළිබද බොහෝ ගැටලු මට ඉදිරිපත් වුණා.. ඒ නිසා මම හැමෝගෙම අදහස් දැනගන්න තමා මේ විශේෂ රැස්වීම සූදානම් කළේ...."

"වෙළද කටයුතු ඇමති ,
මෙතන ප්‍රදේශ පහේම වෙළද නායකයන් ඉන්නවද.....?"

රැජිණ කා දිහාද මන්දා බලල එහෙම කිව්වම රතු නිළ ඇදුමක් ඇදන් හිටපු වයසක කෙනෙක් සභාව මැද්දට ඇවිල්ලා රැජිණට ආචාර කළා..පෙනුමේ හැටියට එයා ලොකු පට්ටමක කෙනෙක්......

"එහෙමයි රැජිණියනි.....ඔවුන් සියල්ලන්ම පැමිණ සිටින්නේ...."

"ම්ම්.....ෂින් පැමිණි සිටින සියල්ලන්ගෙන්ම ලයිස්තුවක් හදන්න....."

රැජිණ කිව්වේ එයාගේ එහාපැත්තෙ හිටගෙන හිටිය සෙබළිය දිහාවට ඇස් හරවලා... රැජිණ එහෙම කිව්වම ඒ සෙබළිය රැජිණට ආචාර කරලා සභාව දිහාවට ඇස් හැරෙව්වා..

එයා මන් දිහා බලනවත් එක්කම එයා දිහා බලන් හිටපු මම අහක බලාගත්තේ එදා වුණ සිද්ධිය ගැන මතක් වෙලා...එදා කට කියවන්න ගිහින් තව ඩින්ගෙන් මැරුම් කනවනේ... මේ රාජධානියේ ඉන්න හැම කෙල්ලෙක් වගේම දරුණු පාටයි....🤧

"හරි එහෙනම් ආරම්භ කරමු...."

"අවසරයි උත්තමාවියනි....
මම ඕෂින් ගමේ  වෙළද ප්‍රධානියා යo සෝ.. "

වෙළද ප්‍රධානියෙක් ශාලාව මැදට ආවා....

"ඔව් ඔබතුමාගේ ගැටලුව ඉදිරිපත් කරන්න.."

"රැජිණියනි....වසරක් පුරාවට අපි චීනෙන් ගෙගෙන බඩු වෙළද පොළේ විකුණන්නෙ අපිට සීයට පහක පමණ ලාබයක් තියාගෙන.. නමුත් රැජිණියනි වෙළද මිළ පහළ මට්ටමක පැවතීම නිසා අපිට ගත් මිලටම විකුණන්න වෙලා තියනවා.."

"චීන වෙළදුන් ඔවුන්ගේ විකුණුම් මිල අඩු කරන්න කැමැත්තක් නැද්ද..."

"නැහැ රැජිණියනි....ඔවුන් පාඩු විදින්න කැමති නෑ.. ඒ නිසා අඩු මිළට වෙළද භාණ්ඩ විකිණීම ඔවුන් ප්‍රතික්ෂේප කරනවා..."

"නමුත් වෙළද අමාත්‍යාංශය අපි කරපු විමර්ශන වලට අනුව අනික් ප්‍රදේශවලට සාපේක්ෂව වැඩි මිළටයි ඕෂින් වල වෙළද ද්‍රව්‍ය අලෙවි වෙන්නේ...."

රැජිණ එක්ක මාළිගාවට ආව ලා නිල් පාට නිළ ඇදුමක් ඇදන් හිටපු කෙනෙක් කිව්වා....

"ඔව් මේ ගිණුම් වාර්තා වල ඒවා පැහැදිලිව වාර්තා වෙනවා..."

තවත් කෙනෙක් කිව්වෙ පොතක් සභාවට පෙන්නන ගමන්.....

ඒකත් ඇත්ත ඉතින්..හැම ගමකම එකම වෙළද මිලක්නේ තියෙන්න ඕනී.....අපේ රටෙත් එහෙමනේ ඉතින්....

"රැජිණියනි වෙළද අමාත්‍යාංශය විසින් වසරකට ආනයන බලපත්‍ර නිකුත් කරන්නෙත් කීපයයි...ඒ වගේම ඔබතුමිය බොහොමයක් වෙළද ද්‍රව්‍ය අලෙවි කිරීමට අර්ථික සම්බාධක පනවලා තියනවා....
එවිට එකම මිලකට වෙළද ද්‍රව්‍ය අලෙවි කිරීම අපහසුයි රැජිණියනි...
කරුණාරලා සලකා බලන්න උත්තමාවියනි....."

"සම්බාධක පැනෙව්වට  නීතිවිරෝධි වෙළද ද්‍රව්‍ය විකිණීම තාමත් සිදුවෙනවනේ....
මෙතන ඉන්න කාටවත් ඒක එහෙම නෙමේ කියන්න බෑ..."

"එහෙමයි රැජිණියනි....! මෑතක් වෙනකන්ම මාළිගාවටත් කීපවතාවක්ම නීතිවිරෝධි වෙළද ද්‍රව්‍ය විකිණිලා තියෙනවා.....
පරණ පුස්තකාල ශාලාව වසා දැමීමෙන් පසුවත් එතන වෙළදාම් සිද්ධ වෙනවා...."

තවත් නිළධාරියෙක් එහෙම කිව්වම මට  එදා පරණ පුස්තකාල ශාලාවේ සිද්ධිය මතක් වුණා....

පරණ පුස්තකාල ශාලාව..... අහ්....අර එදා මින්හොයි හාජිනුයි සෙබළුන්ට අහු වුණේ එතන ඉදලනේ......එතනින් තමා මේ සේරම පටන් ගත්තෙත්....

"කාටවත් කියන්න බෑ මේ තොරතුරු අසත්‍යයි කියලා...මේ තොරතුරු රාජකීය වෙළද විමර්ශන වාර්තා වල වාර්තා වෙනවා..."

"නමුත් රැජිණියනි.....?

✋ (රැජිණ සභාවට අත දික්කළේ වෙළද ඇමතිට තවත් කතා කරන්න එපා කියන්න වගේ.....)

"වෙළද විමර්ශන කටයුතු පිළිබද වෙනම අධීක්ෂණයක් කරනවා.. ඒ නිසා දැන් ඔබතුමන්ලා ඒ ගැන කලබල විය යුතු නැහැ..."

"නියෝජ්‍ය උපදේශක....නව වෙළද මිල පිළිබද විස්තර පත්‍රිකාව සභාවට ඉදිරිපත් කරන්න.."

රැජිණ තවත් නිළධාරියෙක් දිහා බලලා එහෙම කිව්වම පොතකුත් අරගෙන වයස අවු.40 විතර පෙනුමක් තිබුණ කෙනෙක් ශාලාව මැද්දට ආවා......

"එහෙමයි රැජිණියනි.....!"

කියලා එයා පොත දිගෑරලා මොනවද කියවන්න පටන් ගත්තා...කිසි දෙයක් වැඩිය පැහැදිලි නොවුණත් කියන්නෙ මොකක්ද කියලා යන්තම් දැනුමක් මට තිබුණා... රාජධානියක වෙළද රැස්වීමක සාමාජිකයෙක් වෙනවා කියන එකත් හරි අමුතු දෙයක් ඉතින්.......

_____________________________________________

🍂🍂 AUTHOR POV: (කතෘ)

දවසක් විතර ඇවිදලා හාජින් ආවේ ශියෑන් ගමෙන් පිට වෙනත් පළාතකට...වටපිට හැමතැනම කදු තියන මේ පළාත ශියෑන් ගම තරම් දීප්තිමත් වුණේ නෑ...ශියෑන් ගමේ තරම් සෙනග නොහිටියත් මේ ගමෙත් යන්තම් දුරට සෙනග හිටියා.....

ගමේ වීදී කීපයක් පහු කරගෙන හාජින් ආවේ ටිකක් විතර පාළු අදුරු අඩි පාරකට...පාර දෙපැත්ත වල් ගස් වලින් පිරිලා....ගස් එහාට මෙහාට කරගෙන අඩි පාර දිගේ ඉස්සරහට ඇවිදන් ගිය කෙල්ල නැවතුනේ ලොකු පරණ ශාලාවක් ළග...බැලූ බැල්මට ඒක කාලෙකට කලින් අතෑරලා දාපු ශාලවක්...

හිමින් හිමින් ඉස්සරහට ඇවිදන් ගිය කෙල්ලට කළු ඇදගත්ත , මූණ වහගත්ත මිනිස්සු කීප දෙනෙක් ඉස්සරහට මුණහැහුණා...

ඒ මිනිස්සු මුණගැහුණ ගමන් කෙල්ල ඔලුවේ දගෙන හිටිය උණ තොප්පිය ගලවලා හැදුනුමක් පෙන්නුවා....කෙල්ලගේ හැදුනුම අතට ගත්ත ඒ මිනිස්සු දෙන්නා කෙල්ලව ශාලාව ඇතුළට එක්කගෙන ගියේ හරියට කෙල්ලව අදුරගත්තා වගේ...

"ගුරුතුමා....මේ මම අංක තිස් තුන....."

කෙල්ල කිව්වේ කළු පාට තිරයක් ළගට ගිහින් ආචාර කරන ගමන්...කළු රෙද්දෙන් ඇතුළේ තිබුණ පහන් එලියෙන් ලාවට ජායාවක් පෙනුණා.. ඒ හෙවනැල්ල වගේම අදුරු ශාලාවත් මූසල පෙනුමක් ගත්තා.....

"භීතිය......?"
ඇතුළෙන් වයසක පිරිමි කටහඩක් ආවා.....

*"ආත්මයේ වේදනාව......"
ඒත් එක්කම කෙල්ල උත්තර දුන්නා.....

"සැනසීම.....?"

*"පාපොච්චාරණය....."

"අරමුණ......?."

* "රුධිරයේ යුක්තිය....."

"වේදනාව......?"

* " පසුතැවීම......"

ඇතුළෙන් ආව හැම ප්‍රශ්නෙකටම වගේ කෙල්ල එකපාර උත්තර දීගෙන ගියා...

"මොකක්ද ප්‍රශ්නේ......"

ඇතුළෙන් ආව පිරිමි කටහඩ ඇහුවේ නිකන් එයා අහපු ප්‍රශ්න වලින් කෙල්ලව අදුරගත්තා වගේ......

"ගුරුතුමා...මම අංක පනස් තුන....ශියෑන්.. මන් ඔබතුමාව මුණගැහෙන්න ආවේ වැදගත් දෙයක් ඔබතුමාට දෙන්න....."

කියලා කෙල්ල බෑග් එකෙන් ලියුමක් එලියට ගත්තා. කෙල්ල එහෙම කිව්වම තවත් කෙනෙක් කලු රෙදි අතරින් එළියට ඇවිල්ලා කෙල්ලගෙ ලියුම අරගෙන ඇතුළට ගියා...

"මේ ලියුම තමුන්ට කොහෙන්ද හම්බුණේ......"

"ගුරුතුමා මට මේක හම්බුණේ මාළිගාවේ පරණ පුස්තකාල ශාලාවෙන්...."

"ම්ම්.....මේ ගැන විස්තර මොනවා හරි හොයාගත්තද......" 

"නැහැ.....
විශේෂ විස්තරයක් හොයාගන්න බැරි වුණා...."

"එතකොට මේ ගැන දන්නෙ තමුන් විතරද...."

"නැහැ....විස්තර ලැබුණ විදිහට මාළිගාවේ කීප දෙනෙක් ඕක ගැන හොයනවා...."

"මේක හොයනව කියන්නේ , මේකෙ මොකක් හරි විශේෂයක් තියනවා කියන එකයි....
ඒ ගැන තමුන්ට හොදටම විශ්වාසද...."

"ඔව් විශ්වාසයයි....
මම කීපවතාවක්ම විස්තට හොයන්න මාළිගාවටත් පුස්තකාල ශාලාවටත් ගියා..."

කෙල්ල එහෙම කිව්වත් ඇතුළෙන් ආපිට උත්තරයක් ආවේ නෑ.....

"ගුරුතුමා , ඕක ලියලා තියෙන්නෙ ලේ වලින්  වගේම සංකේත අකුරින්... ඒ වගෙම අවසානෙ සලකුණෙන්  මොකක් හරි ඉගියක් දීලා තියනවා....

"ඔව්...මේකෙ මොකක් හරි විශේෂයක් තියනවා තමයි...
සමහරවිට මේක මාළිගාවේ දාසියන්ගේ මරණ වල සාක්ෂියක් වෙන්න පුලුවන්......"

ඒ කඩහඩ කිව්වේ වචන බර කරලා..නිහඩ පරිසරය තුළ ඒ වචන ගුප්ත පෙනුමක් ගත්තා....

"මාළිගාවේ මරණ.....? එතකොට ගුරුතුමා...?"

කෙල්ල ඇහුවේ ඇස් ලොකු කරගෙන පුදුමෙන්.

"මම මේ ගැන බලන්නම්.....
තමුන් මේකට මැදිහත් නොවී ඉන්නවා....
මේ ප්‍රශ්නෙන් ඈත් වෙලා ඉන්නවා......
විශේෂයෙන් තොරතුරු හොයන්න යන්න එපා..

අහම්බෙන් තොරතුරු ලැබුණොත් ශියෑන්වල අපේ නියෝජිතෙක් හරහා මට දන්වන්න......"

"හරි ගුරුතුමා.... මම එසේ කරන්නම්....."

කියලා කෙල්ල ආචාර කළා...කෙල්ලගේ මූණින් පෙනුනේ හොදටම පුදුම වෙලා වගේ පෙනුමක්. කෙල්ලගේ බය වුණ මූණත් එක්ක නිහැඩියාව පිරුණ ශාලාව ඕනම කෙනෙක්ව තිගස්සන තරම් භයානක ස්වරූපයක් ගත්තා....

_____________________________________________

@මාළිගාව.....

එළිමහන් තේ මේසය....... ☕

"පාලකතුමා ඔබතුමා කලබල වෙන්න එපා.....මම හෙටම ශින්ජු වලට ඇවිත් ඒ ගැටළු විසදන්නම්...."

රැජිණ කිව්වේ තේ මේසෙ ඉදගෙන තේ පෝච්චියෙන් කෝප්පෙට තේ වක්කරන ගමන්

"ඒක ගොඩක් හොදයි රැජිණියනි.....
ඔබතුමියගේ කරුණාව අගය කරනවා.... "

රැජිණ ඉස්සරහ වාඩිවෙලා හිටිය , වයස අවු.පනහක විතර පෙනුමක් තිබුණ , උල් තොප්පියක් එක්ක  වෙනස් නිළ ඇදුමක් ඇදන් හිටිය ඒ මනුස්සයා කිව්වේ රැජිණට ආචාර කරන ගමන්......

"හ්ම්....උත්සවයට කලින් ඔය ගැටළු විසදගන්න එක ඔබතුමාටත් පහසුයිනේ....මන් පළාත් පහේම වෙළද රැස්වීමක් ඊයේ පැවැත්වුවා...."

"ඔව් ඒ ගැන ආරoචි වුණා....."

"එහෙනම් රැජිණියනි......මම ඔබතුමියව පසුව මුණගැහෙන්නම්....."

කියල කියපු පාලකතුමා පුටුවෙන් නැගිටලා අත්දෙක එකතු කරලා රැජිණට ආචාර කළා....
ඒත් එක්කම රැජිණත් වාඩිවෙලා හිටිය පුටුවෙන් නැගිටලා ආචාර කලේ එතුමගේ ආචාරෙ පිළිගත්තා වගේ....

"ඔව් ඔබතුමාට මහන්සිත් ඇතිනෙ.....දැන් ගිහින් විවේක ගන්න... මම ඔබතුමාව පසුව මුණගැහෙන්නම්....."

"එහෙමයි රැජිණියනි......ඔබතුමියගේ කරුණාවට ස්තූතියි...."

කියලා පාලකතුමා රැජිණගෙන් සමුඅරගෙන තේ මේසෙන් අයින්වෙලා ගියා..පාලකතුමා යනවත් එක්ක වටේ හිටිය එතුමගේ පිරිසත් එතුමා එක්ක පිළිවලට ගියා....

"මියුන්ජු.......පාලකතුමාව එතුමාගේ කුටියට රැගෙන යන්න......"

රැජිණ එයාගේ එහාපැත්තෙ හිටපු මියුන්ජුට කිව්වෙ තේ උගුරක් බොන ගමන්....

"එසේයි රැජිණියනි.......! "

කියලා මියුන්ජු එයාගේ කඩුව අත් දෙකට එකතු කරලා රැජිණට ආචාර කළා.......

පාලකතුමාගේ පිරිසත් එක්ක  මියුන්ජුත් එයාගේ පිරිසෙන් කීපදෙනෙක් අරගෙන මාළිගාවේ ඉස්සරහට  ඇවිදන් ගියා....

ටිකක් දුර ගිය මියුන්ජු අනුස්මරණ ශාලාව ළග නැවතුනේ මෝයාගේ දාසිය අනුස්මරණ ශාලාව ළග ඉන්නවා දැකලා...දාසියගේ මූණින් පෙනුණෙ කලබල වුණ පෙනුමක්..දාසිය කවුද කියලා නොදන්නවා වුණත් ඒ දාසියගේ හැසිරීම නිසා මියුන්ජුගේ හිතේ පුoචි සැකයක් ඇති වුණා......

"නුඹලා පාලකතුමා සමග යන්න....මන් එන්නම්...."

මියුන්ජු එයාගේ පිරිසට කියලා අනුස්මරණ ශාලාව ළගට ගියේ ප්‍රශ්නාර්ථ විදිහට මූණ හදාගෙන....

"දාසිය....නුඹ කුමක්ද අනුස්මරණ ශාලාවේ කළේ........"

එකපාරටම මියුන්ජු එහෙම ඇහුවම දාසිය හොදටම කලබල වුණා..බය වුණ පාරට අතේ තිබුණ පිස්නාව තදින් අල්ලගත්ත දාසිය බිම බලාගත්තා...

"කතාකරනවා......"

කේන්තියෙන් කියපු මියුන්ජුගේ අත ගියේ එයාගේ ඉනේ තිබුණ කඩුවට....

"ම....ම.....පවිත්‍ර කරන්න ගියා  සෙනෙවිතුමියනි..."

දාසිය එහෙම කිව්වම මියුන්ජුගේ මූණ වෙනස් වුණා...මියුන්ජුගේ ඇස් ගියේ දාසියගේ අතේ තිබුණ පිස්නාව දිහා.......

"පවිත්‍ර කරන්න.....???"

"එහෙමයි....."

දාසිය බිම බලාගෙනම කිව්වා.....

"ම්ම්.....දැන් එය අවසන්නම් නුඹට යන්න පුලුවන්......."

මියුන්ජු එහෙම කිව්වම යැo  දාසිය මියුන්ජුට ආචාර කරලා එතනින් යන්න ගියා..මියුන්ජුව පහු කරන් අඩි කීපයක් ඉස්සරහට ගිය දාසිය, ආපහු මියුන්ජු දිහා හැරිලා බැලුවේ අමුතු ඇස් වලින්.....

අනුස්මරණ ශාලාවේ දොර ළගට ගිය මියුන්ජු බාගෙට ඇරුණ දොර පියන් දෙක එකතු කරලා වැහුවම  පියන් අතරින් ලාවට වැටුණ ඉර එළිය වැටුණ මුළු ශාලාවම එක තත්පරෙන් අදුරු වෙලා ගියා...දොර පියන් වහපු සද්දේ ශාලාවේ බිත්ති අතර දෝoකාර දුන්නේ පාලු පෙනුමක් මවා පාමින්....

___________________________________________

ජිමින් (මින්හෝ )POV BACK :

දින තුනකට පසු ~🌱

ගෙවුණ දවස් තුන මට හරියට මාසයක් වගේ.. ඒ තරම් දවස් හරි දිගයි...අර හිතුවක්කාරි අතුරුදහන් වෙලා අදට දවස් තුනක්...ඔව් හාජින් ගිහිල්ලා...රස්සාවෙනුත් අයින් වෙලා කාටවත් නොකියා එයා ගිහිල්ලා..අපි කොච්චර හෙව්වත් හාජින්  ගැන හරි විස්තරයක් කිසිම දැනගන්න ලැබුණේ නෑ...මිසෝ අම්මව මුන් නැන්දට බලාගන්න කියලා එයා ගිහින්...

ඩෝයූන් කිව්වේනම් කලබල වෙන්න එපා කියලා.. ඒත් ගියේ කවද්ද , කොහෙද , කා එක්කද , මොකටද කියල හරියට දැනගන්නකන් මගෙ හිතට කිසි සැනසීමක් දැනුණේ නෑ....ගෙවුණ දවස් තුන පුරාවටම මගේ හිත හරි කලබලයි...

එදා  මම "අපි නැවත හමුවේවි" කියලා කිව්වට මෙච්චර ඉක්මනටම වෙන්  කියලා මන් හීනෙකින්වත් හිතුවේ නෑ.....

හවස 🍂
@ලීගේ ගෙදර

📌 ඩෝයූන් - අතීතේ ජින්ගේ රූපේ තියන කෙනා....

තෙදොo - අතීතේ ටේගේ රූපේ තියන කෙනා..

ලී චිං - අතීතේ යූන්ගිහේ රූපේ තියන කෙනා......

එදා ඩෝයූන්ට  පොරොන්දු වුණ විදිහට මායි තෙදොoනුයි කලින් දවස් වල වගේම අදත් චිo ගෙ ගෙදර ආවේ සටන් පුරුදු වෙන්න....

තණකොළපෙත්තාත් ඇරපු අතක් නෑ යූන්ගියා වගේම තමා...මෙහෙ එන හැමවෙලේම මට මතක් වෙන්නේ  යූන්ගී,  මාස්ටර් කෙනෙක් වුණ මුල්ම දවස් වල අපිට බැන බැන කරාතෙ උගන්නපු විදිහ...ඒ කාලෙ හරි සුන්දරයි..😅

"තෙදොo....ඔයා කඩුව නුහුරට ගන්න එපා...පුලුවන් තරම් හුරු අත පාවිච්චි කරන්න..
ඒ වගේම උරහිස් සැහැල්ලු කරන්න...."

ලී කිව්වේ මගේ ළග කඩුව පුරුදු වෙවී හිටිය තෙදොo ළගට ඇවිල්ලා....

හරි....

"හරි.....චo මින්හෝ ඔයා හැමවෙලේම අවධානේ තියාගන්න.....අවධානේ එහෙ මෙහෙ යන්න දෙන්න එපා...."

"හරි අයියණ්ඩි......."

අනික් අය ලීට ගුරුතුමා කියලා කතා කළාට ඩෝයූන් අදුරන නිසා මායි තෙදොoනුයි ලීට කතා කරන්නෙ අයියණ්ඩි කියලා... මුලදි නම් ලී මන් එක්ක ඔරොප්පුවෙන් හිටියේ...දන්නවනේ ඉතින්..🤧 පස්සෙ පස්සෙ ඩෝයූන් පැහැදිලි කරලා දුන්නම මිනිහා කූල් ඩවුන් වුණා.....

" ගුරුතුමා......"

අපි ළගට ඇවිල්ලා ලීට කතා කලේ එයාගේ ගෝලයෙක්...මෙහෙ සටන් පන්තියක් නිසා එක එක වයස් වල අපි වගේ ඉගෙන ගන්න අය ගොඩක් ඉන්නවා.....

"ඔව් කියන්න මොකක්ද ප්‍රශ්නේ....."

"ගුරුතුමා අර තරගෙය යන ළමයි ටිකගේ ලයිස්තුව හැදුවා....."

"අහ් හැදුවද.....මන් බලන්න එන්නම්....

මින්හෝ තෙදොo ඔය දෙන්නා කියාපු විදිහට පුරුදු වෙන්න මන් පොඩ්ඩක් බලලා එන්නම්..."

ලී කිව්වේ අපි දෙන්නා දිහා බලන ගමන්....

"හා...හරි අයියණ්ඩි......"

අපි එහෙම කිව්ව ලී ගෝලයා එක්ක යන්න ගියා...

"හරි හරි දැන් විවේක ගත්තා ඇති......ආපහු පුරුදු වෙන්න පටන් ගන්න......"

ලී අත්පොඩියක් ගහලා කිව්වේ ඈත බිම වාඩි වෙලා ඉන්න කොල්ලො ටික දිහාවට ඇවිදන් යන ගමන්........

"මේ තෙදොo....හවස ගෙදර යන ගමන් වෙළද ශාලාවට ගිහින් යන්ද....."

මන් කිව්වේ රෙදි පටියක් කඩුවේ මිටේ ඔතන ගමන්...

"ඇයි....?"

"ප්‍රධානීතුමට පණිවිඩයක් කියන්න තියනවා..."

මට ඒ රස්සාවේ එහෙම එපා වීමක් තිබුණේ නෑ...එපා වීමක් තිබ්බත් මට කරන්න වෙන රස්සාවකුත් නෑ...මතකෙ නැති වුණත් කියලා මින්හොට ජිමින් වෙන්න බැහැනේ.....

"ම්න්.....යාහ් චo මින්හෝ.....තමුන්ගේ අන්තිම කැමැත්ත මොකක්ද .."

තෙදොo ඇහුවේ එයා පුරුදු වෙවී හිටපු කඩුව මගේ බෙල්ලට දික් කරළා..

"හහ්......අන්තිම කැමැත්ත නේ....අන්තිම කැමති එකක් කියලා නෑ බන් ගොඩක් තියනවා....."

මන් කිව්වේ කට කොනින් හිනාවක් දාලා....

"දෙන්නා කතාවක් අහලා තියනවද...."

කියාගෙන එතනට ආව ලී , මගේ අතේ තිබුණ කඩුවයි රෙදි පටියයි එයාගේ අතට ගත්තා....

"මේ ලෝකේ හරියට එකිනෙකාට විරුද්ධව සටන් කරන්න බැරි දෙගොල්ලක් ඉන්නවා..."

එයා කිව්වේ රෙදි පටිය ඔතන ගමන්....

"ඒ කවුද අයියණ්ඩි ඒ...."

"කාලයක් ගියාම දෙන්නටම තේරෙයි.....

"ලී කිව්වේ වචන බර කරලා...නිකම් දැන් නොතේරුනාට පස්සෙ කාලෙක තේරෙයි වගේ..."

අහ් මේක හොද වර්ගයේ කඩුවක්...හොදට පුරුදු වෙන්න...."

කියපු ලී කඩුවෙ මිට ඔතලා ආපහු  මගේ අතටම දුන්නා...

"අයියණ්ඩි...."

කියාගෙන අපි ළගට  ආවේ ලී හෙයි...මාව දැකපු ගමන් කෙල්ල මූණ අදුරු කරගත්තා...කෙල්ල මාව දැකපු ගමන් මගේ දිහා ඇස් පුoචි කරලා බලන්නේ මාව පුච්චලා අලු කරල දාන්න වගේ....

"ඔව් හේසූ කියන්න....."

ලීහෙයි කියන නමින් කතා කරන්න අමාරු නිසා ලී එයාගෙ නංගිට කතා කරන්නේ හේසූ කියලා....

"අහ්...."

කියලා කෙල්ල මොකක්ද ලියුමක් වගේ එකක් ලීට දෙන්න අත දික් කළා....

"මේ මොකක්ද මේ... ??

ලී ඇහුවේ ලියුම දිහා බලන ගමන් කෙල්ල දිහාවට ඇස් හරවලා....

"මන් දන්නේ නෑ....කවුද කෙනෙක් ඇවිල්ලා චං මින්හොට දෙන්න කියලා දීලා ගියා...."

කෙල්ල මන් දිහා බලලා කිව්වේ ඕනවට එපාවට...

"මට......"

මන් ඇහුවේ පුදුමෙන්...මට ලියුමක් එන්නේ කාගෙන්ද කියලා මගේ හිතේ පොඩි තිගැස්මක් තිබුණා...

"හ්ම් ඔව්....."

කියලා හේසූ මගේ අතට ලියුම දුන්නා... ඒක ඇරලා ලියුම මොකක්ද කියල බැලුවත් කියවන්න බැරි නිසා , ලියලා තියන කිසි දෙයක් මට පැහැදිලිව තේරුණේ නෑ... ලියුම අවසානෙට තිබුණ ලොකු රතු පාට සලකුණ ඇරෙන්න්න අනික්වා හරි අපහැදිලියි...

"හේසූ පොඩ්ඩක් බලලා කියනවද ඕක මොකක්ද කියලා....."

මන් හේසූ අතට ලියුම දෙන ගමන් එහෙම කිව්වම තුන්දෙනාම ඇස් පුදුම කරන් මන් දිහාවට හැරුණා...

"මතකෙ නැති වුණාට පස්සෙ ලියන කියවන විදිහත් ටිකක් අමතකයි...ඔයාට පුලුවන්ද ඕක පොඩ්ඩක් කියවන්න......"

"හරි....."

කියලා ලියුම අතට ගත්ත හේසූ , ලියුම දිහාවට ඇස් හරවපු ගමන් ටිකක් පුදුම වුණා කියල කෙල්ලගේ මූණෙන් හොදට පෙනුණා..මොනවද තියෙන්නෙ කියලා දැනගන්නකන් මගේ හිතත් හරි කලබලයි....

තෙදොo : "ඇයි මොනවද තියෙන්නේ......."

හේසූ : "මේ ලියුම මාළිගාවෙන්....."

ලී  : "මාළිගාවෙන්.....????"

හැමෝගෙම මූණු ප්‍රශ්නාර්ථ පෙනුමක් ගත්තා..හැමෝම හේසූ දිහා බලන් හිටියේ ඇස් ලොකු කරගෙන.....

හේසූ : "ඔව්..... මේක  අවසරපතක්...අනිද්දා තියන ප්‍රාර්ථනා උත්සවේට නගරෙට ඇවිත් සංගීත උත්සවයක් සූදානම් කරන්න කියලා මින්හොට රැජිණ අවසර දීලා...."

ලී : "මොකක්ද සoගීත උත්සවයක්....."

හේසූ : "ම්ම් ඔව් එහෙම තමා තියෙන්නෙ... ඒ වගේම මින්හෝගේ ගායනයට  ප්‍රශoසා කරලත් තියනවා....."

"ඈහ්.....????
කෝ දෙන්න බලන්න....

කියලා තෙදොo හේසූගේ අතින් ලියුම එයාගේ අතට ගත්තා...ඒක කියවපු ගමන් තෙදොoන්ගේ ඇසුත් උඩ ගියා......

ඒත් එක්කම ලීත් ඇවිල්ලා තෙදොoගේ අතේ තිබුණ ලියුමට ඔලුව දැම්මා....

"මේක ඇත්තනේ...මේක බොරු එකක් කියන්නත් බැහැ....මේ රැජිණගේ රාජමුද්‍රාවත් තියනවා...."

ලී කිව්වේ තෙදොoගේ අතින් ලියුම අතට අරගෙන රතු පාට සංකේතේ විශේෂ කරලා මට පෙන්නන ගමන්..හැමෝම හිටියේ හොදටම පුදුම වෙලා කියලා හැමෝගෙම මූණු වලින් හොදට පෙනුණා..මටත් මේ අවසරපත ගැන හිතාගන්න බැරි වුණා...මොකද මේ ශියෑන් සංගීත උත්සව තහනම් නගරයක් නිසා.....

ඊළග කොටසින් හමුවෙමු ! 🌹

මෙය හුදෙක් මන: කල්පිත කතාවක් පමණි !

_______

සැ: යු : මේ කතාව කියවනකොට පරණ කොරියානු  රාජධානියක් මවාගෙන කියවන්න...ඒක ඔයාලට ගොඩක් පහසු වෙයි...❤

අඩුපාඩු අදහස් කියන් යන්න...ඔයාලගේ අදහස් මට හුගක් වටිනවා...❤

ලයික් ,වෝට් , කමෙන්ට් කරන හැමෝටම ගොඩක් ස්තූතියි !❤

සරන්හේ💜

දිගටම කතාව එක්ක ඉන්න ❤️

#DINU

Continue Reading

You'll Also Like

1.6K 273 16
මාලිගාවක් නේද?🏰 ඒකනේ මං කිව්වේ බොරුද?එයා මායාකාරියක්..🧙 අර වයසක ගෑනි මගෙ ඕඩිව ගෙම්බෙක් කරලා සුප් හදලද දන්නෑ..🦴 මේ වුන දේවල් නිකන් ෆිල්ම්ස් වල තියෙ...
26.7K 440 200
Grammar, vocabulary, interviews. Everything you can imagine, ...
756 89 8
Naruto was neglected by his family for all his life, When the time came for his final mission, naruto Accept it.
1.1M 37.3K 63
𝐒𝐓𝐀𝐑𝐆𝐈𝐑𝐋 ──── ❝i just wanna see you shine, 'cause i know you are a stargirl!❞ 𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 jude bellingham finally manages to shoot...