MY BLOSSOMS || Fan Book

By Thushara1990

1.7K 321 201

Flutter your wings As if your branches were swaying Spread Your feathers Like your Bloomin flowers Fly your... More

🌸 Epigraph 🌸
🌸Dear Blossoms🌸
☔ Pain ☔
🌸 Bless 🌸
✒My FF Hierarchy 📚
🌸Beloved Blossoms🌸
🌸A Discussion🌸
🌸700 Followers 🌸
🌸Be Yourself🌸
🚫Forbidden Love🚫
🌸The Best FF 2nd place🌸
🌸 Spring Collection 🌸
🌙Eternal Summer
🎁Innocent Gift🎁
🥳🌸 1K Followers 🌸🥳

📚 My Writing Tips ✒

57 12 4
By Thushara1990

අන්යොන් බ්ලොසම්ස්...🥰🥰🌸🌸

පොඩි දෙයක් බෙදාගන්න ආවා.
මුලින්ම කියන්න ඕනි  මම තාමත් training වෙන writer කෙනෙක්.  ඒ නිසා පොත් ලියන එක ගැන මහා ලොකු දැනුමක් මට නැහැ. මම තාමත් ඉගෙන ගනිමින් තමා ලියන්නෙ. ඒ උනත් ඉතින් මම මගේ කතා ලියද්දි පාවිච්චි කරන පොඩි පොඩි tips ටිකක් ඔයාලා එක්ක බෙදාගන්න ඒක බාධාවක් නෙවෙයි කියලා හිතනවා.

මුලින්ම මම විනෝදෙට තමා Fan Fiction ලියන්න පටන් ගත්තෙ. ඒත් දැන් තව තව අරමුණු ඒකට එකතු වෙලා තියෙනවා. මම කැමති නැහැ ආවාට ගියාට නිර්මාණයක් කරන්න. ඉතින් ඒ නිසා මම ඒකට හොඳට සූදානම් වෙනවා.

මගේ හිතට plot එකක් ආවම මම ඉස්සෙල්ලම කරන්නෙ හිතෙන් ඒ කතාව ගොඩ නඟන එක. ඒ කියන්නේ මුල ඉඳන් අවසානය දක්වා කතාව කොහොමද එන්න ඕනි කියලා මම තීරණය කරනවා. ඒ වගේම ඒ plot එකට ගැලපෙන චරිතත් මට plot එකත් එක්කම හිතට එනවා. විශේෂයෙන්ම ප්‍රධාන චරිතය.. උදාහරණයක් විදියට ඒ plot එකට ගැලපෙන්නෙ ජොන්ග්කුක් කියලා මගෙ හිතට ආවොත් මට ඒක කොහොමටවත් වෙන කෙනෙක් දාලා ලියන්න අමාරුයි. මම දන්නෙ නැහැ අනිත් අයට කොහොමද කියලා.. ඒත් මට පුරුදු විදිහ තමා මේ.

ලියන වැඩේ පටන් ගන්න කලින් මම කතාවට සම්බන්ධ දේවල් ගැන හොඳ අධ්‍යනයක් කරනවා. උදාහරණයක් විදියට මගේ Pearlescent Smile FF එකට taekwondo සම්බන්ධයි. ඉතින් මම ඒ ගැන ගොඩාක් research කරා. අපි වැඩිය විස්තර නොදන්න ආර්ටිස්ට් කෙනෙක් ගැන ලියනවනම් ඒ ආර්ටිස්ට් ගැනත් හොඳට කරුණු හොයලා බලනවා. ඒත් ඔක්කොම චරිත මනඃකල්පිතනම් කිසිම ප්‍රශ්ණයක් නැහැ. කතාවෙ පසුබිමට අදාලව කරුණු හෙව්වාම ප්‍රමාණවත්.

මේ හැම කරුණක්ම හිතේ තියාගෙන ඉන්න එක අපහසුනම් පොඩි  notebook එකක් අරගෙන කතාව ගැන චරිත සහ සිද්ධි ගැන පොඩි සටහනක් දාගන්න පුලුවන්. මමත් පොඩි writing journal එකක් පවත්වගෙන යනවා. මගේ කතා වල දළ සැලැස්මක් ලියාගන්න වගේම ඉදිරියේදි ලියන්න හිතාගෙන ඉන්න plot ගැන මම පොඩි නෝට් එකක් දාලා තියාගන්නවා. ඊටත් අමතරව මට හමුවෙන ලස්සන නම් අදහස් සිද්ධි වගේ දේවලුත් මම ඒකෙ ලියාගන්නවා. ඒක හරියට මගේ FF වලට උදව්වක් වෙන පොඩි පොඩි collection ගොඩක එකතුවක් වගේ.

ඊලඟට මම තීරණය කරන්නෙ මම කතාව ලියන perspective එක point of view එක. මේක කතාවකට ගොඩක් වැදගත්. ප්‍රධාන වශයෙන් point  of view වර්ග තුනක් භාවිත කරනවා. ඒ අතර uncommon POV කිහිපයකුත් දකින්නත් පුළුවන්.

1. First person singular - මම කියන අර්ථයෙන්
2. First person plural - අපි කියන අර්ථයෙන්
3. Second person - ඔබ කියන අර්ථයෙන්
4. Third person - ඔහු / ඇය කියන අර්ථයෙන්
5. Alternative person - කතාවට බාහිර වෙනත් පුද්ගලයෙකු අර්ථයෙන්.

මම උඩින් දක්වලා තියෙන POV වලින් තුනක් විතර තමා දැනට මගෙ කතා වලට මම පාවිච්චි කරලා තියෙන්නෙ. ඉදිරියෙදි වෙනස් POV පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නවා. මෙතනින් කතාවට ගැලපෙන හොඳ POV එකක් තෝරගන්න අපිට පුළුවන්

භාෂාව ගැන කිව්වොත් මම ගොඩක් වෙලාවට සාමාන්‍ය ව්‍යවහාරික භාෂාවෙන් තමා ගොඩක් කතා ලියලා තියෙන්නේ. මෑතකදි මම ටිකක් මගේ ශෛලිය වෙනස් කරා. මෙතනදි අපි ලියන කතාවට හොඳටම ගැලපෙන භාෂා ශෛලිය තෝරගන්න ඕනි.. සාමාන්‍ය ව්‍යවහාරික භාෂාවද, සාහිත්‍ය පැත්තට බර භාෂාවක්ද, සම්පූර්ණයෙන්ම සාහිත්‍යමය භාෂාවක්ද කියලා අපේ plot එකට ගැලපෙන්න තෝරගන්න ඕනි.. historical plot එකක් නම් ඒකට ගැලපෙන විදියට භාෂාව වෙනස් වෙන්නම ඕනි. නැත්නම් අපිට ඒ හැඟීම පාඨකයාට දනවන්න අමාරුයි.  ඒ වගේම කතාව ලියද්දි එකම වචන set එකකට හුරු වෙන්න එපා අලුත් අලුත් වචන හොයන්න. ලියන දේ තුළ විවිධත්වයක් ඇති කරගන්න. මමනම් පරිවර්තන පොත් කියවලා තමා මට ගැලපෙන vocabulary එකක් හදාගත්තෙ. ඒ වගේම කාලෙන් කාලෙට අලුත් වචන update කරගන්නත් අමතක කරන්න එපා.

ඕනම කතාවකට හේතුඵල සම්බන්ධය ගොඩාක් වැදගත්. කතාව ගලාගෙන යන්න මේක ගොඩක් වැදගත්  වෙනවා.. ඒ නිසා මම මේකට වැඩි අවධානයක් දෙනවා. එක පාරටම උඩින් කඩන් පාත් උනා වගේ සිද්ධි මගෙ කතා වලට දාන්නෙ නැහැ මම. හැම සිද්ධියක්ම ඇති වෙන්නෙ යම්කිසි හේතුවක් ඇතුව..

ඒ වගේම කතාව මුල ඉඳන් අවසානය වෙනකම් ගැලපීමක් ඇතුව ලියාගෙන යන්න ඕනි. කතාව කියවන කෙනාට මුලයි මැදයි අගයි කොහොමද සම්බන්ධ වෙන්නෙ කියලා හිතාගන්න බැරි වෙනවනම් වැඩක් නැහැ. කතාවෙ හැම සිද්ධියක්ම එකිනෙකට ගැලපුනාම තමා කතාව ලස්සන.

ඒ වගේම විස්තර කිරීම්.. පරිසර වර්ණනා වගේ දේවල් ගැන කතා කලොත් මම කැමති නැහැ මගේ කතාව දෙබස් වලින් විතරක් පුරවලා තියන්න. ඒක නිකම් drama script එකක් වගේ වෙනවා එතකොට. ඒ නිසා මහා ලොකුවට නැතත් පොඩි පොඩි විස්තර කිරීම් පරිසර වර්ණා වගේ දේවල් මම පාවිච්චි කරනවා. මේකෙන් පාඨකයාට ලේසියි අපි ලියන කතාව ගැන චිත්ත රූප මවාගන්න. ඒත් මේකත් ඕනිවට වඩා පාවිච්චි කරන්න  හොඳ නැහැ. කතාවෙ චරිත සහ සිද්ධි වලට ගැලපෙන්න විතරක් තිබුණාම ඇති. නැත්නම් අනවශ්‍ය විදියට සිද්ධි විස්තර කර කර කතාව දිගට ඇදගෙන යනකොට කතාව කියවන්න කම්මැලි හිතෙනවා. කොහොමත් සාමාන්‍ය නවල් එකකදි වඩා Fan Fiction එකකදි  අපිට මේවා දාන්න පුළුවන් සීමාවක් තියෙනවා.

මීට අමතරව මම කතාවට එහි සිද්ධි සහ චරිත වලට ගැලපෙන පිංතූර කවි නිසඳැස් වගේ දේවල් පාවිච්චි කරනවා. චැප්ටර් එක කියවද්දි අහන්න කියලා readersලට songs reccomend කරනවා. මේ දේවල් වලින් කතා රසය වැඩි වෙනවා කියලා මම හිතනවා.  ලස්සනට චිත්ත රූප මවාගෙන හැඟීම්බරව කතාව කියවන්න මේ දේවල් පාඨකයාට උදව් වෙනවා. කතාව ලියන මමත් සමහර අවස්ථාවල සිංදුවක් අහනගමන් තමයි කතාව ලියන්නෙ.

ඒ වගේම කතාවෙ යම් දෙයක් මුලදි සඳහන් කරනවනම් ඒක අවසානය දක්වා අරගෙන යන්න ඕනි. උදාහරණයක් විදියට කිව්වොත් මම මුලින් කිව්ව මගේ Pearlescent Smile FF  එක taekwondo සම්බන්ධ FF එකක් කිව්වනෙ. ඉතින් කතාව අවසාන වෙනකම්ම මම ඒ දේ කතාව ඇතුලේ රඳවගත්තා. සමහර කතා මම දැකලා තියෙනවා මුලින් කියපු දේවල් අවසාන වෙද්දි හොයාගන්නවත් නැහැ. ඒ නිසා ඒ ගැන මම සැලකිලිමත් වෙනවා නිතරම.

මගේ කතා වලදි කුතුහලය කියන දේ රැකගෙන ලියන්න මම ගොඩක් උත්සහ කරනවා. මේ කුතුහලය කියන දේ නිසා එක දිගට කතාව කියවන්න ආස හිතෙනවා. ඒ වගේම මගේ හැම චැප්ටර් එකක්ම පුළුවන් තරම් කුතුහලයෙන් අවසන් කරන්නත් මම කැමතියි. එතකොට ඊලඟ කොටස එනකම් පාඨකයන් බලාගෙන ඉන්නෙ නොඉවසිල්ලෙන්. මේ කුතුහලය කියන දේ කතාවක රසවත් බව වැඩි කරන්න හේතු වෙනවා. ඒහෙම නැත්නම් කියවන කෙනාට ඒක කම්මැලි වෙන්න පුළුවන්.

Mature part සම්බන්ධයෙන් කතා කරොත් මම අනවශ්‍ය විදියට කතාව ඇතුලේ sex සම්බන්ධ දේවල් දාන්න කැමති නැහැ. කතාවට අත්‍යවශ්‍යයි කියලා හිතුනොත් විතරක් මම ඒ දේවල් ඇතුලත් කරනවා. ඒ දේ නිසා කතාවෙ තියෙන චරිත හෝ සිද්ධි වලට හානියක් වෙන්න මම ඉඩ තියන්නෙ නැහැ. ඇත්තටම කිව්වොත් කතාව  රොමැන්ටික් කරන්න අනවශ්‍ය විදියට mature part කතාවට රිංගවන්න ඕනි නැහැ. මගේ විශ්වාසය අනුව පොඩි වචනෙකින් දෙකකින් උනත් රොමැන්ටික් ගතිය කතාවකට ගන්න පුළුවන්.

ඒ වගේම දැනට මම ලියන්නෙ Fan Fiction විතරයි. ඉදිරියෙදි වෙනස් වෙනස් පොත් ලියන්න හිතේ අදහසක් තියෙනවා. ඉතින් මේ Fan Fiction ලියනකොට අපි ගොඩක් වෙලාවට ප්‍රධාන චරිතය විදියට ගන්නෙ අපි හැමෝම ආදරය කරන අපේ ආර්ටිස්ලාව. ඉතින් මගේ මතයට අනුව අපි මේ ප්‍රබන්ධ ඇතුළෙ එයාලාගෙ චරිත වලට හානි වෙන දේවල් ලියන්න හොඳ නැහැ. කෙනෙකුට කියන්න පුළුවන් මේක Fiction එකක්නෙ අනේ වැඩිය හිතන්න එපා කියලා.. ඒත් කියවන පාඨකයන් ඒක ඒ විදියටම කරාවිද කියලා අපිට හරියටම කියන්න බැහැ. මමත් පාඨකයෙක් විදියට ඒක ගැන හොඳටම දන්නවා. අපි ඔලුවෙන් හිටගෙන කිව්වත් මේක Fiction එකක් කියලා කියවන කෙනා කතාව මවා ගන්නෙ අපි චරිතය සඳහා තෝරගත්ත ඇත්තම ආර්ටිස්ට්ව. ඉතින් රසිකාවියක් විදියට මට වගකීමක් තියෙනවා මගේ ආර්ටිස්ලාගෙ ගෞරවය රැකෙන විදියට මගේ නිර්මාණය කරන්න.  එහෙම බැරිනම් අපිට පුළුවන් ආර්ටිස්ලාව නොගෙන සම්පූර්ණයෙන්ම මනඃකල්පිත චරිත දාලා අපේ ප්‍රබන්ධය ලියන්න. මම මේක කියන්න ප්‍රධාන හේතුව තමා මගේ කතාවක් කියවලා අවසානයෙ කෙනෙකුට ඒ ආර්ටිස්ලා ගැන වැරදි වැටහීමක් එනවනම් negative impression එකක් එනවනම් මගේ කතාවෙන් ඇත්තටම වැඩක් නැහැ.

ගොඩක් ඕතර්ලාට තියෙන ප්‍රශ්ණයක් තමයි දැන් ඉස්සර වගේ මට ලියන්න බෑනෙ කියන දේ. මටත් ඕකම උනා. මුල් දවස්වල දවසට චැප්ටර් එකක් ගානේ දාන්න පුළුවන්. ඒත් දැන් එක චැප්ටර් එකක් ලියන්නත් සෑහෙන වෙලා යනවා. ඒ වගේම හිතට අදහස් එන්නෙත් නැහැ. හිර වෙලා වගේ. ඒකට හේතුව තමා අපි දැන් ඉන්නේ මේ field එකේ ටිකක් පදම් වෙලා. ආවට ගියාට වැඩේ කරලා දාන්න බැහැ. කාලය ඕන, හිතන්න ඕනි, කරුණු හොයලා බලන්න ඕනි. ඉතින් ලේසි නෑ වැඩේ. හිතට අදහස් එන්නෙ නැහැ කියලා කියන්නෙ ඇත්තටම හිතට අදහස් එන්නෙ නැතුව නෙවෙයි අපි ඒ අදහස් දැනටමත් පාවිච්චි කරපු නිසයි අපිට එහෙම දැනෙන්නෙ. ඒ නිසා අපිට ඕනි නව අදහස් ටිකක් එකතු කරගන්නයි. ඒකට පොත් කියවන්න කතා බලන්න ෆිල්ම් බලන්න සිංදු අහන්න පුළුවන්.. අදහස් එනකම් ඉන්නෙ නැතුව අලුත් අදහස් hunter කෙනෙක් වෙන්න. ඔයාලටම වෙනසක් දැනේවි ඔය ටික කරාම.

කොපි කිරීම ගැන කියන්නම ඕනි. කිසිමවෙලාවක කොපි කරන්න යන්න එපා. අනුගමනය කරන්න අනිත් අයගෙන් දේවල් ඉගෙනගන්න. ඒත් අනුන්ගෙ දෙයක් ගෙඩිය පිටින් අරගෙන තමන්ගෙ වගේ දාන්න එපා. ඒක සාර්ථක නැහැ. ඒකෙන් තමන්ගෙ නිර්මාණශීලී බව වැඩි වෙන්නෙත්  නැහැ. මම මේ කියන්නෙ පරිවර්තන ගැන නෙවෙයි හොඳද.. ඒක වෙනම දෙයක්. හැම වෙලේම තමන් තමන් වෙන්න.. තමන්ටම ආවේණික ශෛලියක් හදාගන්න.. අනිත් අයගෙන් වෙනස් වෙන්න.. නිර්මාණශීලී වෙන්න. තව කෙනෙක්ගෙන් දෙයක් ගන්නවනම් ඒ කෙනාගෙන් අහලා අදාල ගෞරවය දීලා අරගන්න.

ඉතින් මේ විදියට මහන්සිවෙලා ගොඩ නඟන කතාව ලස්සන අවසානයක් දීලා ඉවර කරන්න.. ඒ අවසානය  tragedy ද  comedy ද කියන එක නෙවෙයි වැදගත් වෙන්නෙ. කතාවෙ මුල හා අග හොඳ ගැලපුමකින් අවසන්වීමයි.. කතාව අවසානය වෙනකම් කුතුහලය රඳවගෙන ඇවිත් එක පාරටම පාඨකයා තුළ සියුම් කම්පනයක් ඇති කරලා කතාව ඉවර කරන්න පුළුවන්නම් හරි ලස්සනයි.. පාඨකයන් ඒ දේ අපෙන් බලාපොරොත්තු වෙනවා.. ඒ වගේම හුදු රසවින්දනයට පමණක් ලියැවුණ කතා තියෙනවා.. ඒවා හැරුනුකොට ඕනෑම නිර්මාණයක් ආනන්දයෙන් අරඹා ප්‍රඥාවෙන් කෙලවර විය යුතු බව තමා මගේ මතය..

අනිත් දේ තමා ඔයා ලියන කතා වල පළවෙනි රසිකයා ඔයා වෙන්න. ඔයාට රසවින්දනය කරන්න බැරි කතාවක් කවදාවත් පාඨකයා අතරට අරගෙන යන්න එපා. ඔයාගෙ කතාව පළමුවෙන් ඔයාට විඳින්න පුළුවන් වෙන්න ඕනි.

ඉතින් ඔන්න ඔය විදිහට තමා මම මගේ කතා ලියන්නෙ. මම උත්සාහ කරන්නේ දවසින් දවස මගේ හැකියාව වැඩි දියුණු කරගන්න. මගේ පළවෙනි FF දිහා අද හැරිලා බලද්දි මීට වඩා හොඳට ලියන්න පුළුවන් කියලා මට හිතෙනවා. අද මම ලියන FF සහ එදා මම ලියපු FF ආතර ලොකු වෙනසක් මම දකිනවා. මම හිතන්නේ ඒක තමා මගෙ progress එක. එක තැන පල් වෙවී එකම ආරකට කොටු වෙවී ඉන්නෙ නැතුව හොඳ progress එකක් ඇති කරගන්න. වෙනස් වෙන්න. Update  වෙන්න.

ඒ වගේම මෙතනදි පාඨකයන් අතේත් පොඩි වගකීමක් තියෙනවා. අපි දෙගොල්ලොම එකිනෙකා මත යැපෙන පිරිසක්. ඕතර්ලා ලියන දේවල් ඔයාලා කියවන්නෙ නැත්නම් අපි ලියන එකේ තේරුමක් නැහැ. ඒ වගේම අපි ලියන්නෙ නැත්තම් ඔයාලට කියවන්න පොත් ලැබෙන්නෙත් නැහැ. ඒ නිසා පොතක් කියෙව්වොත් අනිවාර්යයෙන්ම වෝට් කරන්න. තමන්ගෙ අදහස පුංචි කමෙන්ට් එකකින් හරි දාන්න. ඒක ඕතර් කෙනෙකුට මහමෙරක්. Wattpad වල offline reading වලට option එකක් දීලා තියෙනවා. ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ඒත් කතාව කියවලා ඉවර වෙලා පුංචි වෙලාවක් වෙන් කරගෙන online ගිහින් ඒ කතාවට වෝට් කරලා අවසානෙදි පොඩි කමෙන්ට් එකක් හරි දාලා එන්න. ඕතර්ට තව තවත් කතා ලියන්න හිතෙනවා එතකොට.

ඔය ටික තමා මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ. මම හිතනවා ඔයාලට මෙතනින් ගන්න පොඩි හරි දෙයක් තියෙනවා කියලා. එහෙනම් පරිස්සමින් ඉන්න හැමෝම.. සරන්ග්හේ..🌸🌸🌸🌸🌸🥰🥰🥰🥰🥰

Continue Reading

You'll Also Like

2.5M 250K 40
1920ခုနှစ်လောက်က လူနေမှုပုံစံတွေကို inspireယူပြီး ရေးဖွဲ့ထားတဲ့ Own Creation rebirth fictionလေးပါ။ _________# Starting date_26.6.2020 Ending date_6.1...
456K 6.1K 6
စိတ် အဆင်ပြေသလောက် ရေးပါမည်။ Over possessive Seme Beau Uke
115K 13.9K 110
Associated name : 佛系少女穿书日常 Author : 十六月西瓜 , shiliu yue xigua Status in COO : 253 chapters ...
209K 31.4K 71
Title : Po Yun (破云) Author : Huai Shang (淮上) Chapter:155 chapters + 6 Extras Genre:Action,Crime,Adult,Mystery,Drama,BL,bittersweet Content warning :...