🖤🖤Hi Mr Min🖤🖤 ||Min Yoong...

By 1993Dul

19.5K 4.7K 642

🖤🖤underworld king මින් යුන්ගි අතැරලා ගියපු ආදරේ වෙනුවෙන් හැමදාම ආදරේට වෛර කරයිද? 🖤🖤ඇමති පියාගේ ආදරේ මැද්... More

🖤🖤Hi Mr Min 🖤🖤 02
🖤🖤Hi Mr Min🖤🖤03
🖤🖤Hi Mr Min🖤🖤 04
🖤🖤Hi Mr Min 🖤🖤05
🖤🖤Hi Mr Min 🖤🖤6
🖤🖤HI MR MIN 🖤🖤07
🖤🖤HI MR MIN 🖤🖤 08
🖤🖤HI MR MIN 🖤🖤09
🖤🖤HI MR MIN 🖤🖤10
🖤🖤HI MR MIN 🖤🖤11
🖤🖤HI MR MIN 🖤🖤12
🖤🖤HI MR MIN 🖤🖤13
🖤🖤HI MR MIN 🖤🖤14
🖤🖤HI MR MIN 🖤🖤FINAL
Recommendation
❤New❤

🖤🖤Hi Mr Min🖤🖤 01

2.4K 355 53
By 1993Dul

"හේයි හැන්ඩ්සම් pls මාවත් එක්කන් යන්න pls ඉක්මන් කරන්න "

නමගිය ව්‍යාපාරිකයෙක් එක්ක තිබුන ගනුදෙනුව ඉවර කරලා තරු පන්තියේ හෝටෙල් එකේ පිටි පස්සේ ගාර්ඩ්න් එකේ තිබුන වාහනේ ට නගින්න යද්දී දුවගෙන ඇවිත් යුන්ගි ගේ අතේ එල්ලුන කෙල්ල යුන්ගිගේ අතින් ඇද ඇද එහෙම කියද්දී යුන්ගි කෙල්ල දිහා බලාගෙන හිටියේ වෙන දේ හිතාගන්න බැරුව....

එතකොට මයි හොටෙල් එකේ ඉස්සරහ පැත්තෙන් කලබලයක් ඇහුනේ,  ඇහිපිය ගහන පමාවට යුන්ගිගේ අතින් කා කී එක උදුරලා ගත්ත කෙල්ල කා එක අන්ලොක් කරලා යුන්ගිව ඇතුලට තල්ලු කරලා කා එක ස්ටාර්ට් කරලා පාරට ගත්තේ යුන්ගි තුෂ්නිම්භූත වෙලා බලාගෙන ඉද්දි....

මින් යුන්ගි  නම අහපු පමාවට මුලු පාතාලෙම හෙල්ලිලා යන්නේ යුන්ගි ගැන නොදන්න කෙනෙක් අන්ඩර්වර්ල්ඩ් එකේ නැති නිසා, වෘත්තියෙන් නීතිඥයෙක් වුනත් යුන්ගි කවදාවත් නඩුවක් කථා කරන්න උසාවියට ගොඩ වෙලා නෑ, ඒත් නීතියේ සිදුරු වලින් රින්ගලා යන්න යුන්ගිට ඕනවටත් වඩා දැනුම තිබුනා...

සහෝදරයෝ හය දෙනත් එක්ක චන්ඩි කම් කරපු යුන්ගි ගේ   මුලු ජීවිතේම කනපිට හැරෙන්නේ මේ අහබු හමු වීම හේතුවක් වෙයි කියලා යුන්ගි හීනෙකින් වත් හිතුවේ නෑ..

ඔලුවේ කෙස් ගානට යුන්ගි ගැහැණු ආශ්‍රය කරත්, ආශ්‍රය කරනවටත් වඩා පාවිච්චි කරලා තිබුනත් මේ විදියේ ගෑනු ලමයෙක් යුන්ගිට මුන ගැහිලා තිබුනේ නෑ....කවදාවත් කිසිම කෙනෙක් යුන්ගිට  මෙහෙම සලකලත් නෑ,

"යා තමුන් වැරදි පැත්තෙන් යන්නේ ආහ් ෂීට් මං තමුසේ ව මරලා දානවා ආහ්"

"හේයි හැන්ඩ්සම් බය වෙන්න එපා ඉස්සරහින් අපි හයිවේ එකට දාමු"

"හයිවේ යන්නේ මොන කෙහෙල්මලකටද?"

මූන ඉස්සරහට එන වාහන දිහා ඇස් දෙක ලොකු කරගෙන බලාගෙන යුන්ගි කෙල්ලට කෑ ගැහුවත් කෙල්ලගේ මූනේ බයක සේයාවක් වත් තිබුනේ නෑ, දිවත් එලියට දාගෙන එහෙට මෙහෙට හැරි හැරී මූන ඉස්සරහට එන වාහන මගෑරලා කෙල්ල වාහනේ හයි වේ එකෙන් ඇතුලට දැම්මට පස්සෙයි යුන්ගි හුස්මක් ගත්තේ, ඕන තරම් පාතාලේ චන්ඩි එක්ක හැප්පිලා තිබුනත් මේ විදියේ අත් දැකීමක් නම් යුන්ගිට කවදාවත් ලැබිලා නෑ...

වාහනේ හයි වේ එකට දාලා නිදහසේ යන්න ගත්තම හරිබරි ගැහිලා වාඩිවුන යුන්ගි කෙල්ල දිහා බලද්දි ආපහු සැරයක් කොල්ලගේ ඇස් දෙක උඩ ගියේ කෙල්ල ඇදගෙන ඉන්නේ bridal dress එකක් කියලා දැක්කම....

"යා යා තමුන් පැනලා යනවද ආ"

යුන්ගි දිහාවට හැරිලා මෝඩ හිනාවක් දාපු කෙල්ල ආපහු ඉස්සරහ බලාගත්තේ කොල්ලා කට ඇරගෙන බලාගෙන ඉද්දි...

" ආයිෂ් තමුසේ දන්නවද දැන් මේ කාත් එක්කද යන්නේ කියලා?"

"අනී මොකක්ද ඔයාගේ නම, මං නිවී චෝයි නිවී "

"මින් යුන්ගි 😏"

ඉස්සරහ බලාගෙන කට කොනකින් හිනා වෙන ගමන් යුන්ගි තමන්ගේ නම කිව්වේ නම කිව්ව පමාවට යුන්ගි ව නොදන්න කෙනෙක් නැති නිසා, ඒත් ඊලග තත්පරේ,

"හායි මිස්ටර් මින්, කොහෙද ඔයාගේ ගෙදර තියන්නේ "

"තමුන් ඔය කියන්නේ මාව දන්නේ නෑ කියලද?"

කෙල්ල උරහිස් ඇකුලුවේ නෑ කියන්න, අත මිට මොලවාලා දනිසට පාරක් ගහ ගත්ත යුන්ගි තොල හපන ගමන් කෙල්ල දිහාවට හැරුනා,

"ඉස්සරහින් හයිවේ ඉවර වුන ගමන් අයින් කරලා නවත්තනවා "

"වේ මගේ driving හොද නැද්ද? First time උනාට මං හොදට කලානේ"

මූන එල්ලගෙන කෙල්ල එහෙම කියද්දී,

"මො මෝ තමුසේ කියන්නේ මේ වාහනයක් drive කරපු පලවෙනි පාර කියලද?"

"අනී මං ඕන තරම් drive කරලා තියනවා vedio game වල"

"යා යා තමුසේ කාටද වැඩ කරන්නේ ආ"

"ආ කාට වැඩ කරන්නද?"

කෙල්ල ගනන් ගන් නැතුව ආපහු ඉස්සරහ බලාගද්දි යුන්ගිගේ ඉවසීම නැති වෙලා ගියේ කවුරු හරි කෙනෙක් කෙල්ලව එවලා කියලා හිතුන නිසා, ඒත් එක්කම එක අතකින් ස්ටියරිං වීල් එක අල්ලගෙන අනිත් අතින් කෙල්ලගේ බෙල්ල අල්ල ගත්ත යුන්ගි ටිකෙන් ටික බෙල්ල තද කරද්දි කෙල්ල ඇස් දෙක උඩ තියාගෙන හුස්ම ගන්න දැගලුවා...

එහෙමම වාහනේ අයින් කරලා නවත්තපු යුන්ගි බැහැලා ඇවිත් අනිත් පැත්තේ ඉදපු කෙල්ලවත් ඇදලා බිමට ගත්තේ කෙල්ල කදුලු පිරුණු ඇස් වලින් බෙල්ල අල්ල ගෙන ඉද්දි,

"තමුන් ට කීයක් දෙන්නම් කිව්වද මාව මරලා දානවට"

"🥺🥺!!!!"

"මේ අහනවා මට ඇත්ත කියනවා, මං තමුසේට දෙගුණයක් ගෙවන්නම් "

"🥺🥺!!!!"

"යාහ් කථා කරනවා දැන් එනකම් කියව කියව ආවේ කෝ තමුසෙගේ කට"

වචනයක් වත් නොකියපු කෙල්ල ඇදගෙන හිටපු dress එක උඩට උස්සද්දි යුන්ගි කෙල්ල දිහා බැලුවේ කට කොනකට හිනාවක් අරගෙන,

"හහ් ගෑණු ඔක්කොම එකයි බලාගෙන යද්දි, "

ඒත් ඊලග තත්පරේ යුන්ගි ගේ කට ඇරුනේ කෙල්ල dress එකට යටින් ඇදුම් තුනක් විතර ඇදලා ඉන්නේ කියලා දැක්කම, උඩම ඇදුමේ සාක්කුවෙන් කෙල්ල එලියට ගත්තේ පාස්පෝට් එකක්, වචනයක් වත් නොකියා පාස්පෝට් එක යුන්ගි ට දික් කරද්දි කොල්ලා ඒක අතට අරගෙන බලන්න යද්දිම යුන්ගියාගේ phone එක රින්ග් වුනා...

"ඔව් ජිමින්, "

"හයූන්ග් කොහෙද ඉන්නේ?"

"මං එන ගමන් ජිමිනා "

"හරි හයුන්ග් අර කලබලේට කලින් හොටෙල් එකෙන් එලියට ආවනේ නේද?"

"මොන කලබලේද?"

"අර චෝයි ඇමතිගේ දුව ගේ වෙඩින් එකත් ඒ හොටෙල් එකේ තිබිලා තියෙන්නේ පාර්ටි එක පටන් ගන්න කලින් කෙල්ල මිසින්ග්ලු, මුලු හොටෙල් එකම search කරනවලු කාටවත් එලියට යන්න දෙන් නෑලු"

ජිමින් ගේ කථාව ත් එක්ක යුන්ගිගේ ඇස් නැවතිලා තිබුනේ අතේ තියන passport එකේ, ඒත් එක්කම phone එක කට් කරලා කෙල්ලගේ පැත්තට හැරුන යුන්ගි passport එක කෙල්ලගේ අතට විසි කරලා වචනයක් වත් නොකියා එහෙමම ගිහින් වාහනේට නැගලා කෙල්ල දිහා හැරිලා වත් බලන් නැතුව වාහනේ අරගෙන යන්න ගියා...

ඇස් දෙකෙන් ගලපු කදුලු පිහින ගමන් ඈතට යන වාහනේ දිහා බලාගෙන හිටපු නිවී පාරේ තිබුන ගලකට පයින් ගහලා ඈත මෑත බැලුවේ වාහනයක් එනවද කියලා බලන්න, පේන තෙක් මානයක වාහනයක් තිබුනේ නැත්තේ ගොඩක් රෑ වෙලා තිබුන නිසා, කෙල්ල එහෙමම යුන්ගි ගිය පාර දිගේ ඉස්සරහට යන්න ගත්තේ ගවුම අකුලලා උඩට කරගෙන....

කෙල්ල එහෙමම පාර මැද්දේ හිටගෙන වාහනේ දිහා බලාගෙන ඉන්නවා සයිඩ් කණ්නාඩියෙන් දැක්ක යුන්ගිට කෙල්ලව තනියම දාලා යන්න හිත දුන්නේම නෑ, එහෙමම ස්ටියරිං වීල් එක අල්ලගෙන ඔලුව දෙතුන් පාරක් සීට් එකේ ගහගත්ත කොල්ලා ඉස්සරහ තිබුන වංගුවෙන් වාහනේ නැවැත්තුවේ කෙල්ල එනකම්...

සෑහෙන වෙලාවකට පස්සේ කෙල්ල වංගුවෙන් මතුවෙන කොට හුස්මක් පහල දාලා වාහනේ කෙල්ල ලගට රිවර්ස් කරලා නවත්තපු යුන්ගි කෙල්ලට නගින්න කිව්වේ ඔලුවෙන්, යුන්ගි ඒක කියන පමාවට දුවගෙන ඇවිත් පැසෙන්ජර් සීට් එකට නැගපු කෙල්ල හති අරින්න ගත්තේ යුන්ගි අහක බලාගෙන හිනාව හංග ගන්න කොට....

▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎

යුන්ගිට ගේ ඇතුලට එන්න දොර ඇරපු ජන්කුක් ගේ කට ඇරුනේ යුන්ගිගේ පිටිපස්සෙන් ඔලුව දාලා විරිත්තපු නිවී ව දැක්කම, ජන්කුක් කට ඇරගෙන බලාගෙන ඉද්දිම ගේ ඇතුලට ඇවිත් යුන්ගි කෙලින්ම කාමරේට යද්දී කෙල්ල එහෙමම දොර ලග හිටගෙන එක අතක් උස්සලා ජන්කුක් ට හායි කියන කොට රොබෝ කෙනෙක් වගේ අත උස්සලා හායි කියපු ජන්කුක් එහෙමම බලාගෙන ඉද්දි කෙල්ල ඇතුලට ඇවිත් සෝෆා එකෙන් වාඩි වුනා.....

ඒත් එක්කම......

🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

අලුත් එක ... ඔන්න පලවෙනි වතාවට තමා යුන්ගි මේන් story එකක් ලියන්නෙ බලමු ඉතින් නෙහ්, ආදරෙයි, පරිස්සමින් ඉන්න 😘💜💜

දුල් 🖤

Continue Reading

You'll Also Like

4.1K 772 19
Zero Sugar is not sweet......, but good for Health ! Binthew Fanfiction { Start - 14 May, 2024 - } ဤ FanFiction သည် စာရေးသူ၏ စိတ်ကူးအတွေးသက်သက်...
73.2K 18.6K 62
💚❤ පෙරවදන් කුමකටද...... පසු වදනින් මුණගැසෙන තුරු.......❤💚 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️‍🔥❤️‍🔥
83.6K 11.4K 52
کچ زوتر بە ڕێگا ئەڕوات ، زوتر بە قسـە دێت زوتر گـەورە ئەبێ.. ئەسـڵەن ئەڵێی هەر لە سـەرەتاوە پەلـەیەتی! ئەڵێی هیـچ کات کاتی بـۆ خۆی نییە..هەتـا یاریەک...
4.7K 248 32
Born into a strange pairing Jaune is the Natural Born son of Roboutte Guilliman and Yvraine, This union would make the Imperium stronger during their...