seven notes

By boosooky97

2.9K 441 1.2K

๐Ÿค—๐Ÿค—๐Ÿค— short story เท„เถญเถšเทŠ..๐Ÿ™„๐Ÿ™„โค๏ธlove story ๐Ÿ˜…๐Ÿ˜…๐Ÿ˜…๐Ÿ™„๐Ÿ™„sad ending เถ’เท€เถญเทŠ เถญเท’เถบเท™..๐Ÿคช๐Ÿคช๐Ÿคช More

seven notes
the hidden writer's love story -- part -01
The hidden writer's love story
The hidden writer's love story
The hidden writer's love story
The hidden writer's love story
the hidden writer's love story
we haven't enough time
we haven't enough time
we haven't enough time
we haven't enough time.
we haven't enough time
we haven't enough time
gook's diary
gook's diary
the last kiss.โค๏ธ
The last kiss โค๏ธ
the last kissโค๏ธ
the last kissโค๏ธ
The last kissโค๏ธ
My hope๐Ÿต๏ธ

The last kissโค๏ธ

93 17 86
By boosooky97

The END..💔

ටීනා හරි ආදරෙන් නම්ජූන්ගෙ ඔලුව අත ගෑවා..."" මන් මොකටද මගෙ ජූනී එක්ක තරහ වෙන්නෙ.. අර එලියෙ පිස්සු දොස්තරයා මට ඔයාව බලන්න එන්න දුන්නෙ නෑ..මගෙ ජුනී පාලුවෙන්ද හිටියෙ?""

"" එයාලා.. එයාල දිගටම ඔයාට එන්න ඉඩ දෙයිද""

"" ඔව්.. හැබැයි එක කොන්දේසියක් පිට""

"" මොකක්ද?""

"" මගෙ ජූනි එයාලා එක්ක රන්ඩු නොවී හැමදාම treatment  ගන්නවා, හැමදාම medicine  වරද්දන්නෙ නැතුව ගන්නවා, හැමදාම බඩ පිරෙන්න කනවා කියලා පොරොන්දු උනොත් එයාලා මට එන්න ඉඩ දෙන්නම් කිවුවා""

"" මන් කරන්නම්. මන් ඕනි දෙයක් කරන්නම්.."""

මුලු කාලය පුරාම හේසොක්ගෙ හිතට දැනුනෙ හරි වරදකාරී හැගීමක්... ටීනව ඇමක් විදිහට පාවිච්චි කරලා එයාව ආපහු නම්ජූන්ට ලං කරලා එයා ටීනට කරන්නෙ වැරැද්දක්ද කියලා හේසොක් කල්පනා කරා.ඔව් .. නම්ජූන්ට තිබුනේ දාම ඝාතකයෙක්ගෙ අසාමාන්‍ය ගති ලක්ෂන.. නඩුව මොන විදිහකින් සාක්ශි නැතුව අවසන් උනත් හේසොක් දැනගෙන හිටියා නම්ජූන් කියන්නෙ දාම ඝාතකයෙක් කියලා..
ඒවගේම හේසොක් දැනගෙන හිටියා තමන්ගෙ ඇබ්බැහිවීමට නම්ජූන්ගෙන් කිසිම කරදරයක් වෙන්නෙ නෑ කියලා..

ටීනා? නම්ජූන්ගෙ ඇබ්බැහිවීමක්?? ඔව්ව්... අසාමාන්‍ය මානසිකත්වයක් තියන පුද්ගලයන් තමන්ටම ආවේනික උන යම් දේකට අදික ඇබ්බැහීවමක් පෙන්නුවා..ඒක හුගක් වෙලාවක පුරුද්දක් වෙන්න පුලුවන්.. මේ වගේ.. යම් කෙනෙක් චිත්‍ර එකතු කිරීමේ ආසවකින් පෙලෙන්න පුලුවන්..සමහරු මත්ද්‍රව්‍ය ,, මත්පැන් වලට ඇබ්බැහි වීමක් වෙන්න පුලුවන්.. සමහරු විවිද දුර්ලබ පොත් එකතු කරන්න පුලුවන්... ඒ ගොල්ලන්ටම ආවේනික යම් දේකට එයාලා ඇබ්බැහි වෙනවා...

ඉතින් සාමාන්‍යෙන්  හැමෝම දේවල් වලට ඇබ්බැහි වෙනවනෙ? අපිත් අපි කැමති දේකට ඇබ්බැහි වීමෙ පුරුද්දක් නැද්ද? අන්න එතනදි තමයි මෙයාලා වෙනස් වෙන්නෙ.. මෙයාලා ඒ දේට ලිමිට් එකකින් තොරව පමන ඉක්මවා ගිය කැමැත්තක් දක්වනවා...
එයා ආස පොතක් වෙනත් කෙනෙක් ගාව තියනවා එයා ඉල්ලුවට ඒක ඒ කෙනා එයාට දෙන්නෙ නැහැ. ඒ වගෙ වෙලාවට ඒ කෙනාව මරලා හරි තමන්ට අවශ්‍ය දේ ලබා ගන්න මෙයාලා පසුබට වෙන්නෙ නැහැ...අන්න ඒ වගෙ.. ඇබ්බැහිවීම සීමාවකින් තොරයි...

ටීනට ලං වෙනවත් එක්කම නම්ජූන්ගෙ ජීවිතෙ කාංසාව කියන දේ නැති වෙලා නම්ජූන්ට කවදාවත් නොලැබුනු ආදරයක් , උනුහුමක් දැනෙන්න ගත්තා.ඒ නිසා නම්ජුන් ටිකෙන් ටික ටීනට ඇබ්බැහි වුනා..

ටීනා නම්ජූන්ගෙ ඇබ්බැහි වීමක් විතරක්ද? නම්ජූන් ටීනට ආදරේ කරේ නැද්ද? නැහැ... නම්ජූන් ටීනට ආදරේ කරා.. ඒත් ඒක ටිකක් සාමාන්‍ය ආදරෙන් එහාට ගිය අවදානයක් වගෙ දෙයක් උනා.. ඒකයි නම්ජූන් ටීනා ගාවදි අමුතු ඇල්මක් , රැකවරනයක් , ආදරයක් ඕනාවටත් වඩා පෙන්නුවෙ..

ටීනත් නම්ජූන්ව එයාගෙ පලවෙනි ආදරේ වගේ අතරමගදි දාලා ගියා නම් නම්ජූන් ටීනවත් පරන විදිහට මරලා දායිද? සමහරවිට වෙන්නත් පුලුවන්.. එයාලගේ අසාමාන්‍ය කැමැත්ත අසාමාන්‍ය වෛරයකට පෙරලෙන්න තත්පරයක්වත් ගත වෙන්නෙ නැහැ. මතකනෙ එදා මිසිස් ජෝන්  මරන්න තරම් තරහකින් ආවත් , ටීනගෙ එක ඇමතුමකින් නම්ජූන්ගෙ mood එක වෙනස් වෙලා ගිය හැටි...

මුලු වෙලාවම නම්ජූන් හිටියෙ ටීනව පපුව මැද්දට තුරුල් කරගෙන....

"" මොකක්ද ඔය ඇදන් ඇවිල්ලා තියෙන්නෙ ආහ්.. එලියෙ අච්චර සීතලක් තියෙද්දි.. අඩුතරමෙ කෝට් එකක්වත් දාගෙන එන්න බැරිද? ලෙඩ  වෙන්නද හදන්නෙ.. ආහ්.."" නම්ජූන් ටීනට කෑ ගැහුවෙ ටීනා ඇදගෙන ආපු ඇදුම දිහා බලාගෙන...

"" සීතල නෑ ජුනී"" ... ටීනා ගැන මෙච්චර ආදරයක් තියෙද්දි ටීනා කොහොම නම්ජූන් එක්ක තරහ වෙන්නද?

""වෙලාව ඉවරයි."" මුලු කාලය පුරාම හේසොක් හිටියෙ දොර ගාව හිටගෙනමයි...

"" මන් ඉක්මනට ආපහු එන්නම්"" ටීනා හරි පරිස්සමට  සියුම් හාදුවක් නම්ජූන්ගෙ දෙතොල් වලට තිවුවෙ නම්ජූන්ගෙ තුවාල රිදෙන්නෙ නැතිවෙන්න...

"" මන් හිතනවා මිස්ට නම්ජූන් අදින් පස්සෙ treatment  වලට අපිට සහය වෙයි කියලා""

නම්ජූන් පලවෙනි වතාවට හේසොක් දිහා බලලා ඔලුව වැනුවා.. ටීනා යන්නත් කලින් නම්ජූන්ගෙ හොදක් හේසොක්ට දකින්න හම්බුනා..

මාසයක් වගේ ගතවෙන්න ගද්දි නම්ජූන්ගෙ තත්වෙ ටිකෙන් ටික හොද වෙන්න ගත්තා.. නම්ජූන් හේසොක් එක්ක කතා කලා.. ටීනා එන දවසට උදේ ඉදන්ම මග බලාගෙන ඉන්න නම්ජූන් පුරුදු වුනා.. නම්ජූන් ටිකෙන් ටික හොද වෙන්න ගද්දි හේසොක්ට නම් ඒක හොද දෙයක් උනාට සියොක් ජින්ට නම් මේකෙ ඒ හැටි හොදක් දැනුනෙ නෑ....

*****---***--**

"" ඒක කොහොමටවත් කරන්න බැහැ.. අනික ඔයාලමනෙ එහෙම පිට කාටවත් එයාව හම්බවෙන්න බෑ කියලා කලින් කිවුවෙ""

සියොක් ජින් උදේ පාන්දරම නම්ජූන් මුන ගැහෙන්න රෝහලට ආවෙ තවත් වයසක ආගන්තුකයෙක් එක්කමයි.. ඒ ටීනගෙ අප්පා.ටීනා සාමාන්‍ය පවුලක දරුවෙක්. නඩුව ඉවර වෙලත් ටීනා නම්ජූන්ව මුනගැහෙන්න රෝහලට එන බව ටීනගෙ අප්පා දැනගෙන හිටියා. මේ ලොකෙ මොන තාත්තද තමන්ගෙ දුව මානසික රෝගියෙක් වෙනුවෙන් ජීවිතෙ විනාස කරගන්නවා දකින්න කැමති.. අනික අපරාදකාරයෙක්..
ටීනට මේ දේවල් කොච්චර තේරුම් කරන්න උත්සහ කලත් දිගටම ටීනගෙ දැඩි තීරනෙ උනේ නම්ජූන් කවදාහරි නිදහස් වෙලා එනකන් බලන් ඉන්න එක.එයා මොන විදිහකින් වත් නම්ජූන්ව අතාරින්න ලෑස්ති වුනේ  නෑ...

අන්තිමට නම්ජූන්ට කතා කරලා, නම්ජූන් ගාව වැද වැටිලා හරි ටීනව බේරගන්න ඕනි කියලා ටීනගෙ අප්ප හිතුවා.. නම්ජූන් ටීනට ඇත්තටම ආදරේ කරා නම් මේ දේවල් තේරුම් අරන් ටීනව අතාරී කියලා හිතන්න තරම් ටීනා වෙනුවෙන් තිබ්බ ටීනගෙ අප්පගෙ ආදරේ බොලද උනා...රෝහලෙන් අවසරයක් නොලැබුන නිසා  නම්ජුන් භාරව හිටි අපාරද විමර්න ඒකකයෙ ජින්ව හම්බුනේ ඒ නිසාමයි.. ජින් මුලදි අකමැත්තක් පෙන්නුවත් ටීනා නම්ජූන්ව හම්බුන එකෙන් ජින්ට කිසිම ප්‍රයෝජනයක් තිබුනෙ නැති නිසා ජින් අන්තිමේදී ඒකට කැමති උනා....

හේසොක්ගෙ දැඩි විරෝදය මැද්දෙ ජින් නම්ජූන්ගෙ කාමරේට ගියෙ ටීනගෙ අප්පා එක්කමයි .

" විනාඩි පහයි"" ජින් දොර හරහට හිට ගමන් ටීනගෙ අප්පට කිවුවා ..

ටීනගෙ අප්පා නම්ජූන්ට කිවුවා, වැද වැටුනා.. නම්ජූන් මේ හැම දේම බලන් හිටියෙ හැගීම් නැති මූනකින්.. ඒත් ,"" අප්ප කෙනෙක් කියන්නෙ කොයි වගෙ කෙනෙක්ද?""  කියල  නම්ජූන් ජීවිතෙ පලවෙනි වතාවට හිතුවා..මොකද නම්ජූන් වෙනුවෙන් එයාගෙ අප්පවත්,ඔම්මවත් කිසිම දේකදී තමන් වෙනුවෙන් ඉදලා නැහැ...

ටීනගෙ අප්පා පිට වෙලා යද්දිත් නම්ජූන්ගෙන් කිසිම පිලිතුරක් හම්බුනේ නැහැ....ජින් , තවමත් බිම බලාගෙන කල්පනා කරන නම්ජූන් දිහා බලලා කට කොනකින් හිනා වෙලා ටීනගෙ අප්පත් එක්කම එලියට ගියා...

"" ආපහු මේ වගෙ හිතුමනාපෙට වැඩ කරන්න ගත්තොත් මන් ඔයාට විරුද්දව නඩු දානවා සියොක්ජින්.එයා මගෙ රෝගියෙක්""  හේසොක් ජින්ට කිවුවෙ තර්ජනාත්මක ස්වරූපයෙන්...

""" මන් කිසිම දෙයක් දන්නැ කියලද හිතන් ඉන්නෙ හේසොක්.. මන් දන්නවා ඔයා දන්නවා කියලා නම්ජූන්ගෙ 😏 ඇත්තම විදිහ. තමුසෙ  ඔය හංගන්නෙ අපරාදකාරයෙක්.. මට දැනට සාක්ශි මදි තමයි.. හැබැයි මන් ඉක්මනටම ඒවා හොයාගන්නවා..එදාට තමුනුත් මේවට උත්තර දෙන්න ලෑස්ති පිට හිටියොත් හොදයි""" ජින් ආපිටට හේසොක්ට තර්ජනෙ කරලා යන්න ගියා...

හේසොක් දැනන් හිටියෙ නැහැ එයා නම්ජූන්ව ආරක්ශා කරන්නෙ මොන හේතුවකටද කියලා..සමහරවිට නම්ජූන්ට ජීවිතෙ තවත් අවස්තාවක් දෙන්න හේසොක් හිතන්න ඇති..

ටීනගෙ අප්පගෙ පැමිනීමත් එක්ක නම්ජූන් ආපහු මොන විදිහට වෙනස් වෙයිද කියලා හේසොක් බය වුනත් නම්ජූන් සාමාන්‍ය විදිහටම හිටියා...

*****----*****

නම්ජූන් ටීනව උකුල උඩින් වාඩි කර ගත්තා.. කෙල්ල  කටර් එක වගෙ කැම්පස් විස්තරයි, පහුගිය සති වල වෙන දේවල් කියෝනවා... කටත් ඇද කර කර හුරතලේට කියවන butter දිහා නම්ජූන් හරි ආදරෙන් බලන් හිටියා....

""Butter...මට.. මට ඔයාට කියන්න දෙයක් තියනවා.."""

"" මොකක්ද?"""

""" මන් . හිතන්නෙ ඔයා මේ දේවල් ගැන ඇත්තම දැන ගන්න ඕනී.. ඔයා තවත් අන්දයෙක් වගෙ මේ දේවල් නොදැන,මං ගැන නොදැන මෙහෙම මං වෙනුවෙන් ඉන්නවට මන් කැමති නැ.. ඔයාව තවත් මෝඩයෙක් කරන්න මට ඕනී නෑ. මගෙ අතීතෙ මන් ඇත්තටම මොන වගෙ කෙනෙක්ද කියලා ඔයා ඇත්තටම දැනගන්න ඕනී""

"" ඔයා , ඔය දේවල් දැන් කියන්නෙ අප්පගෙ කීමට නම්.මට ඒ දේවල් අහන්න ඕනි නෑ. ඔයා කියන ඔය කිසි දේකින් මගෙ හිත වෙනස් වෙන්නෙ නැහැ"" ටීනගෙ අප්ප ජූන්ව මුනගැහෙන්න ආවා කියලා ටීනා කලින්ම හේසොක්ගෙ මාර්ගෙන් දැනගත්තා...

"" නැහැ.. මට ඕනි ඔයා මේ දේවල් දැනගන්න.මට අනිත් අයගෙන් කිසිම වැඩක් නැහැ..මට ඕනී ඔයාට මෙ දේවල් කියලා හිත නිදහස් කරගන්න""

"" ඒක ඔයාගෙ හිතට නිදහසක් නම් මන් අහගෙන ඉන්නම් ජූනී.. ඒත් එකෙන් කිසි දෙයක් වෙනස් වෙන්නෙ නෑ..""

නම්ජූන්ගෙ පලවෙනි ආදරේ නම්ජූන්ගෙ අතින් විනාස වෙලා ගිය තැන ඉදන් නම්ජූන් එකින් එක අතීතයෙ අදුර ටීනා ඉදිරියෙ දිග හැරියා....

ඒත් ටීනගෙ මූනෙ බයක්වත් පුදුම වීමක්වත් දකින්න නොලැබුන එක ගැන නම්ජූන් පුදුම වුනා..

"" මන් ටිකක් දන්නවා ජුනී.. මිසිස් ජෝන් නඩුව ඉවර වෙලා ටික දවසකට පස්සෙ මාව මුනගැහෙන්න ආවා.. එයා ටිකක් දේවල් මට කිවුවා.. ඔය දේවල් සේරම දැන් ඉවරයි ජුනී.. ඒ හැම දේම නපුරු හීනයක් විතරයි..ඔයා ඉක්මනට හොද වෙන්න ජූනී. අපිට ඉස්සර වගේම එකට ඉන්න ""

ටීනා කිසිම හැගීමක් මූනෙන් නොපෙන්නුවට ටීනගෙ පපුව නම්ජූන් කියපු දේවල් එක්ක අසූහාරදාහට ගැහෙන්න ගත්තා.. මිසිස් ජෝන් නම්ජූන්ගෙ නඩුවෙන් සතියකට විතර පස්සෙ ටීනව මුනගැහෙන්න ආවා...ටීනට එයා දැක්ක වින්ද හැමදේම කියන ගමන් ටිනට ස්තූති කරේ නොහිතා වුනත් මිසිස් ජෝන්ගෙ ජීවිතෙ බේරුනෙ ටිනා නිසා.. මිසිස් ජෝන් නම්ජූන්ට විරුද්ද ව සාක්ශි නොදෙන්න එකම හේතුව උනෙ මිසිස්ජෝන් ඉන්න දවස් කිහිපයෙ එයා දැක්කෙ නෑ නම්ජූන් කිසිම කෙනෙක්ට වද දෙනවා ..එයා කරෙ මැරුන bodies  අයින් කරපු එක විතරයි.

"" අනික ජූනි මම ඔයාට පොරොන්දු වුනානෙ ඔයාගෙ ලිලිත් වෙන්න❤️""

නම්ජූන්ට ඕනි වුනෙත් එයා මොනම තත්වෙක හිටියත්, එයා මොන විදිහෙ කෙනෙක් උනත් එයාගෙ වෙස්මුහුන ගලවපු දාට වුනත් එයාගෙ පැත්තෙන් රැදිලා ඉන්න කෙනෙක්.අවසානෙට නම්ජූන්ට එහෙම කෙනෙක් ලැබුනා....

නම්ජූන් හෙමිහිට ටීනගෙ දෙතොල් සිපගන්න පටන් ගත්තා.. කිසිම කලබලයක් නැතුව ටීනගෙ තොල් පෙති වල උපරිම රසය විදින ගමන් හරි සියුම් විදිහට නම්ජූන් ටිනගෙ තොල් අතර මාරු උනා.. ඒ හාදුව නම්ජූන්ගෙ ජීවිතේ හරිම විශේශ එකක් උනා...

ටීනා වෙනදා වගේම යන්න පිටත් උනේ නම්ජූන්ගෙ නලලටත් හාදුවක් තියන ගමන්මයි....

"" butter""  නම්ජූන්ගෙ කටහඩට දොර ගාවට ගියපු ටීනා ආපහු හැරිලා බැලුවා..

""මට පාලුයි.. මට ගොඩක් ඔයාව මතක් වෙයි..ඉක්මනට මාව බලන්න ආපහු එන්න""

""මන් ඉක්මනටම එනවා මගේ ජුනීව බලන්න "" නම්ජූන්ට අතත් වනලා යන්න ගිය ටීනාගෙ අඩි සද්දෙ ටිකෙන් ටික මැකිලා යනවා නම්ජුන් අහන් හිටියා....

*************---*******

මුලු කාමරේ පුරාම තිබුනෙ කහ පාට දුර්වල බල්බයකින් වැටුනු ලා එලියක් විතරයි.. ඒ දුර්වල කහ එලිය අදුරත් එක්ක මුසු වෙද්දි මහ මූසල පාලුවකින් කාමරේම පිරිලා ගියා...

මන් මේ කරන දේ හරිද?නම්ජුන්ට හරිහැටි තේරුමක් තිබුන්නෑ... සමහරවිට හරි වෙන්නත් පුලුවන්... නම්ජුන් තමගෙ අතේ මිටි මොලවන් තිබුන සිලින්ජර් කටුව දිහා ආපහු බැලුවා.....

දවල් නම්ජූන්ට treatment  කරන අතරතුරේ නම්ජූන් හේසොක්ටත් , nurse  ටවත් නොපෙනෙන්න medicine try එකෙ තිබුන සිලින්ජර් කටුවක් අතේ ගුලි කරගෙන හංගත්තා...

නම්ජුන්ගෙ අතින් විනාස වෙලා ගිය ජීවිත වල බර ඕනාවටවත් වඩා නම්ජුන්ට දැනෙන්න ගත්තා..ටීනාගෙ ජීවිතෙත් නම්ජුන් නිසා ටිකෙන් ටික විනාස වෙලා යන හැටි නම්ජූන්ගෙ ඇස් ඉස්සරහ මැවෙද්දි නම්ජූන්ගෙ හිතට තවත් බර දැනෙන්න උනා.. නම්ජුන්ගෙ තොල් තාමත් උනුසුම්...නම්ජුන් හෙමිහිට ඒ තොල් අතරින් අතැගිලි අරන් ගියා..ඒ තමයි නම්ජුන්ගෙ අවසන් හාදුව. Last kiss ❤️ එක... නම්ජූන්ට තමන්ට මතක තිබුනු හැම මතකයක්ම ආපහු එකින් එක  හිතේ ඇදෙන්න ගත්තා.. ඒ හැම මතකයක්ම අස්සෙ නම්ජූන්ගෙ මූනට හිනාවක් ගෙනාපු  හැම මතකයකම හිටියෙ ටිනා....

"" අපි කවදාහරි ආපහු මුනගැහෙයි.මන් මග බලන් ඉන්නවා"""

නම්ජුන් අතේ තිබුනු කටුව , නම්ජූන්ගෙ බෙල්ල හරහට ඇදී ගියේ බෙල්ලෙ ගැබුරු කැපුමක් ඇති කරන ගමන්මයි...

***---------**********

එදා තදින්ම වැසි ඇද හැලුනා... නම්ජූන්ගෙ අවසාන මොහොත...නම්ජූන්ගෙ අවසානම අවසාන මොහෙතේ නම්ජූන් වෙනුවෙන් හිටියෙ දෙන්නෙක් විතරයි...හේසොක්..butter....

අවමංගල්‍ය කටයුතු ඉවර වෙනවත් එක්කම හේසොක් පිට වෙලා යද්දි ටීනා තව දුරට මහ වැස්සෙ නම්ජූන් ගාව දනින් වැටිලා හිටියා... ඒ නම්ජුන්ව තනි නොකරන්න .........
############################

නම්ජුන්ගෙ මරනෙන් මාසෙකට පස්සෙ ජින්ට නම්ජුන්ගෙ පරන ගෙදර වල දාලා තිබුනු නම්ජූන්ගෙ පලවෙනි මරනය  හොයාගන්න පුලුවන් උනා.. පලවෙනි අත්දැකීම් අඩු මීනීමැරුමක් නිසා එකෙන් ජින්ට සාක්ශි හුගක් හොයාගන්න පුලුවන් උනා...ඒ වගේම නම්ජුන්ගෙ යාලුවගෙ බිරිදගෙ මරනයත් නම්ජුන්ගෙ ඝාතනයක් කියලා තහවුරු වුනා...

ටිකෙන් ටික අපරාද එලියට එද්දි නම්ජුන් "" සියවසේ දරුනුම දාම ඝාතකයා"" විදිහට ලේබල් වෙන්න ගත්තා.. සමහර පොලිසියට විසදගන්න බැරිවුන මීනීමැරුමක් පවා නම්ජුන්ගෙ කරමත පැටවෙන්න ගත්තා..

ඒත් නම්ජූන්ට වුන අසාදාරනකම් , එයා එහෙම වෙන්න හේතුව මේ කිසි දෙයක් ගැන කතා කරන්න කිසිම කෙනෙක් නම්ජූන් වෙනුවෙන් ඉදිරිපත් උනේ නැහැ....

සමාජය නම්ජූන්ව මානසික පිස්සෙක් විදිහට හන්වඩු ගහලා සියලු මරන වල වගකීම නම්ජුන්ට පැවරුවෙ කිසිම විලිබිලියක් නැතුවමයි.. මානසික රෝගියෙක් බිහි වෙන්නෙ සමාජෙන්මයි.. එහෙම කෙනෙක් ඇති වෙන්නෙ සමාජෙ ක්‍රියාකාරකම් නිසාමයි..කොහොමද හැමදේටම නම්ජුන් විතරක්ම වැරදිකාරයා වෙන්නෙ.. සමහරවිට මේ මරන වලට නම්ජුන්ටත් වඩා වැඩි බරක් සමාජයට අයිති උනා..ඒත් හැමෝම නිහඩයි......

"" හැම කෙනාටම හේතුවක් තියනවා💔 හැම දේකටම හේතුවක් තියනවා"""

සමහරවිට මේ හැම දේම පටන් ගත්තෙ වචන තුන හතරක් නිසා වෙන්නත් පුලුවන්...
"" ඇයි..මම... මම විතරද හැමදේම කරන්න ඕනි"" නම්ජූන්ගෙ අම්මට එදා ඔහොම නොකිය "" මන් හැම වෙලාවෙම ඔයා වෙනුවෙන් ඉන්නවා ජුනී"" කියන්න තිබුනෙ නැද්ද?.... එහෙනම් අද මේ කිසිම දෙයක් මෙහෙම නොවෙන්න තිබුනා..💔 අකාලයෙ අහින්සක ජීවිත විනාස නොවෙන්න තිබුනා..💔

"""ඔබ කෙනෙකුගෙ මානසික මට්ටම ගැන ප්‍රශ්න කරන්නෙද ඊට පෙර නුබ ,නුබ පිලිබදවම ප්‍රශ්න කරගත යුතුය..""

~~~~~~~~~~~නිමි~~~~~~~~

In namjoon character i call my deep soul by myself .. remember always peoples are soo deep than you see.❤️

ටිනා ගැන කිවුවොත්.. එයා නම්ජුන් වෙනුවෙන් හැම මොහොතකම හිටියා.. මට song එකක් මතක් වෙනවා.. ""Adam ගෙ locked away ❤️""මන් කැමතිම හරිම ලස්සන song එකක් . එකෙ අහනවා මන් යම් තැනක වැටුනත්, මට ශක්තිමත්ව නැගී හිටින්න බැරි වුනත් , මන් මගෙ දුර්වලකම් ඔයා ඉස්සරහා පෙන්නුව උනත් ඔයා මට වෙනසක් නැතුව ආදරය කරනවා නේද කියලා..❤️❤️❤️😍😍

මගෙ 🥴❤️ ජූන්ව නපුරෙක් කරෙ හිතකින් නෙවෙ..💔😑✋

ආහ් තවත් interesting දෙයක් තියනවා.. මන් මේක මේ ලගදි article  එකක දැක්කෙ.. එක දාමා ඝාතකයෙක් එයා මරන මිනිස්සුන්ගෙ මස්  , ඌරු මස් එක්ක කලවම් කරලා බර්ගර් එක්ක මිනිස්සුන්ට විකුනලා කන්න දුන්නලු. අවුරුදු දෙකක්ම එහෙම කන්න දුන්නලු..😑💔 අවුරුදු දෙකකට පස්සෙලු පොලිසියට අහු වෙලා තියෙන්නෙ 💔😑✋..ලේසි නෑ...💔

නම්ජූන් මේ දවස් වල හිත හොදින් නෙවෙ නේද..මටත් පිස්සු වගෙ 🥺🥺🥺

ඉතින් මගෙ කතා එක වගෙ හරිම boring  නේද.. 😒 .. 🤣💔 මේවා පිරියක් නැතුව කියනව මගෙ පාඨක ජනතාවට මගෙ හදපිරි ප්‍රණාමය ..❤️❤️❤️ආදරෙයි..🥴🥴🥴🥴🥴🥴
 

Continue Reading

You'll Also Like

150K 5.3K 42
โ if I knew that i'd end up with you then I would've been pretended we were together. โž She stares at me, all the air in my lungs stuck in my throat...
120K 5.1K 52
โฅโฅโฅ [BNHA x Fem!Reader] โ›โ›๐”ธ๐•๐• ๐•ฅ๐•™๐•– ๐•ฃ๐•š๐•”๐•™๐•–๐•ค ๐•“๐•’๐•“๐•ช, ๐•Ž๐• ๐•Ÿ'๐•ฅ ๐•ž๐•–๐•’๐•Ÿ ๐•’๐•Ÿ๐•ช๐•ฅ๐•™๐•š๐•Ÿ๐•˜, ๐”ธ๐•๐• ๐•ฅ๐•™๐•– ๐•ฃ๐•š๐•”๐•™๐•–๐•ค ๐•“๐•’๐•“๐•ช...
567K 8.7K 86
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...
150K 16.8K 23
"๐™๐™ค๐™ช๐™˜๐™ ๐™ฎ๐™ค๐™ช๐™ง๐™จ๐™š๐™ก๐™›, ๐™œ๐™ž๐™ง๐™ก. ๐™„ ๐™ฌ๐™–๐™ฃ๐™ฃ๐™– ๐™จ๐™š๐™š ๐™ž๐™ฉ" Mr Jeon's word lingered on my skin and ignited me. The feeling that comes when yo...