"සර්"
"හ්ම්ම්"
"කෝල් එකක්"
"කෝ දෙන්න"
ටේයොන් මයික්‍රොෆෝන් එක ගලවමින් තමන්ගේ සහයකයා අතින් ෆෝන් එක අතට ගත්තා.
"කියන්න අම්මේ"
"පුතේ..ටේයොන්"
"හ්ම්ම්.මම අහගෙන ඉන්නේ"
තමන්ගේ මව සමඟ කතා කරන ගමන් ටේයොන් තවත් සිගරට් එකක් පත්තු කරගත්තා.
"හෙට මාව බලන්න එනවද?"
තමන්ගේ මවගේ දුර්වල කටහඬ ඔහුට දුරකතනය තුළින් ඇසුණා.
"හ්ම්ම්.හෙට එන්නම්.මට හෙට වැඩ නැහැ"
"හ්ම්ම්.මම ආදරෙයි පුතේ"
"හ්ම්ම්"
ටේයොන් තමන්ගේ දුරකථනය විසන්ධි කළා.
"සර්...අපාර්ට්මන්ට් එකට යනවද?එහෙම නැත්නම් හොටෙල් එකක් බුක් කරන්නද?"
සහයකයා ටේයොන්ගෙන් විමසුවා.
"නැහැ.සැලෝන් එකට යමු"
ටේයොන් දුම් උගුරක් බොන ගමන් පිළිතුරු දුන්නේ තමන්ගේ ජැකට් එක දාගන්න අතරේ.
කිම් ටේයොන්.වෘත්තීය ඒකල ගායකයෙක්.කිම් ටේයොන් කියන්නේ කලින් හිටපු බෙයාට වඩා සෑහෙන්න වෙනස් පුද්ගලයෙක්.ශක්තිමත් කඩවසම් සිරුරක් තිබුණු ඔහු තමන්ගේ සිරුරේ අඟලක් නෑර ටැටූ කොටාගෙන තිබුණා.නිරන්තරයෙන් කළු චරිතයක් ලෙස සමාජ අවධානයට ලක් වුණත් ඔහුගේ කළු චරිතය හොයාගන්න නම් මාධ්‍යවලට හැකි වුණේ නෑ.තරුණියන්ගේ අවධානයට ඔහු නිරන්තරයෙන් යොමු වුණත් ගෙවුණු දශකය පුරාවටම ඔහු ඇසුරු කරපු තරුණියක් ගැන කාටවත් හොයාගන්න නොහැකි වුණා.
ඔහුව වඩාත් අවධානයට ලක් වුණේ තමන්ගේ නිර්මාණවල තිබූ ගැඹුරු අරුත් සහිත පද රචනා හේතුවෙන්.සමහරු ඒවා ඔහුගේ පෞද්ගලික අත්දැකීම් කියලා කිව්වත් තවත් සමහරු කිව්වේ ඔහුගේ සමාජ දෘශ්ටි කෝණය කියලා.
කිසිම කෙනෙක් මේ වන තෙක් ටේයොන්ව මිතුරෙක් විදියට හෝ හිතවතෙක් ලෙස ඇසුරු කළ කෙනෙක්ව හොයාගන්න අසමත් වෙලා තිබුණා.ටේයොන් කොන්සට් එකෙන් පස්සෙ අතුරුදන් වන ගුප්ත චරිතයක් විදියට තමයි හැඳින්වුණේ.
"බෙල්ලේ දකුණු පැත්තේ හනුවට යටින්"
ටේයොන් සැලූනයේ වේශ නිරූපණ ශිල්පියා වූ පාක් ජිමින්ට පැවසුවා.
"මං හිතන්නේ එතන විතරයි ඔයාගේ ටැටූ ගහන්නේ නැතුව ඉතුරු වෙලා තියෙන එකම තැන"
පාක් ජිමින් සිනාසෙමින් තමන්ගේ ග්ලව්ස් දෙක දාගත්තා.
පාක් ජිමින් කියන්නේ ටේයොන් ක්ෂේත්‍රයට අඩිය තියපු කාලෙම හමුවුණු මිතුරෙක්.මෙපමණ කලකට කාටවත් හොයාගන්න බැරි වුණු ටේයොන්ගේ මිතුරා ජිමින්.
"මොකක් කියලද ගහන්න ඕනෙ"
ජිමින් සිනා සෙමින් ටේයොන් දෙස බැලුවා.
"MOONLIGHT"
ටේයොන් කෙඳිරුවා.
"ආදරයේ ඍණ බව හඟවන දෙයක්.ගොඩක් වෙලාවට අසම්මත පෙම්වතුන් , නිවසින් අවසරය හමු වුණේ නැති පෙම්වතුන් හමුවෙන්නේ හඳ එළියේ"
ජිමින් සිනාසෙමින් පැවසුවා.
"ආදරේ අසම්මත වෙන්නෙ මොන විදියටද ජිමින්"
ටේයොන් නැවත විමසුවා.
"ආදරය අසම්මත නෑ ටේයොන්.සමාජය ආදරය මනින ආකාරය අසම්මතයි.කිසිම ආදරයක් අසම්මත වෙන්නෙ නෑ.අනියම් ප්‍රේමයක් වුණත්.මොකද ඒ කියන්නෙත් ප්‍රේමයක්.එකිනෙකා කෙරෙහි ඇතිවන බැඳීමක් රැකවරණයක් වගේම ලෙන්ගතුකමක්"
ජිමින් පැහැදිලි කරමින් ටේයොන්ගේ ගෙල ටැටූ කිරීමට පටන් ගත්තා.ටේයොන්ට මඳ වේදනාවක් දැනුණත් ඔහු එය ඉවසා සිටියා.වේදනා සියල්ලන්ටම දැනෙනවා.මොකද හැමෝම මිනිස්සු.
"ලෙන්ගතු වෙන්නෙ නැතුව ආරක්ශා කරන්නේ නැතුව ආදරේ කරන්න බැරිද ජිමින්"
ටේයොන් ආයිත් විමසුවා.
"මම දන්නවා ටේ ඔයා එන්න හදන මාතෘකාව.ඔයාගෙයි ජන්කුක්ගෙයි නමක් දෙන්න බැරි ආදර කතාව.ඇත්තටම ටේයොන් ඔයාට තිබුණා මොකක් හරි කරන්න.දැන් ඔයා පරක්කු වැඩියි.දැන් ඒ දේ වෙලා දශකයක්"
ජිමින් තමාගේ වැඩෙහි නිරත වෙමින් පැවසුවා.
ඉන් පසු දෙදෙනා අතර කිසිඳු කතා බහක් ඇති වුණේ නෑ.ජිමින් නිහඬවම තමාගේ කාර්‍යයේ නිරත වුණා.
"මෙතනින් පලයන් අවජාතකයා.උඹව මරල දානවා!!!"
දහඩිය පෙරාගත් ටේයොන් ඇහැරුණා.තවමත් පරණ මතකයන් ඔහුව මනසින් රිදවනවා.බිය ගන්වනවා.වේදනා දෙනවා.කෙනෙක්ගේ ළමා කාලයේ සිරුරේ ඇතිවන කැලැල් ලේසියෙන් සිරුරෙන් මැකිලා යන්නේ නෑ වගේම මනසට ඇති වන තුවාල ලේසියෙන් සුව වෙන්නෙත් නෑ.
ටේයොන් තමන්ගේ කමිසය ගලවා දමා කුටියේ කවුළුව අසලට ගියා.රාත්‍රියේ හමාගෙන එන සිසිල් සුළං වර්ෂාවේ සිසිල් ගුණයෙන් යුක්ත වුණා.
ඒත් එක්කම ටේයොන්ගේ දුරකථනය නාද වීමට පටන් ගත්තා.
NEXT PART --->