||DEAR_MAFIA||Completed

By Euphoria091

10.1K 2.3K 407

A broken heart is all that's left I'm still fixing all the cracks Lost a couple of pieces when I carried it... More

PROLOGUE
Chapter 2
chapter 3
Chapter 4
chapter 5
chapter 6
chapter 7
Chapter 8
chapter 9
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
EPILOGUE

Chapter 1

800 91 10
By Euphoria091


දිනන්න හෝ පරදින්න මන් මගේ ජීවිත සෙල්ලම ඇතුලේ සෙල්ලම් කරන්නම ඕන

_
_

____________________________

කන් අගුලුවැටෙන තරම් සද්දෙට වැයෙන ඩිස්කෝ සංගීතයට ඩාන්ස් ෆ්ලෝර් එකේ මෙලෝ සිහියක් නැතුව නටන විවිද වයසේ පිරිමි,කාන්තාවෝ දිහා බලාගෙන කටකොනින් හිනාවුන තරුණයා විස්කි වීදුරව තොල ගෑවේ හරිම හිමීට හරියට අද නම් ඉක්මනට බොන්න ඕන නෑ වගේ හැගීමකින්....විස්කි වීදුරුව තොල ගාපූ තරුණයාගේ අවධානය වෙනස් උනේ ඔහුගේ ඇගේ දැවටෙන කෙල්ල නිසා.....

"ඉතින් හැන්ඩ්සම්...ඇයි ඔයා මෙතන තනියම"
තමන්ගේ මූන දිගේ ඇගිලි යවන කෙල්ලගේ අත තමන්ගේ අත් අතරට තදකරලා අල්ලපු තරුනයා කෙල්ලගේ ඇස් වලට බරවුනා...

"මගේ තනිය මන් බලාගන්නම් ස්විටී"
තද කරලා අල්ලන් හිටපු අතින්ම කෙල්ලව තල්ලු කරලා දාපු තරුනයා button තුනක් unbutton කරපු සුදු ශර්ට් එකත් හරිගස්සගෙන ක්ලබ් එකෙන් එලියට ඇවිත් තමන්ගේ සැපපහසු බෙන්ස් රථයට නැග්ගා......

"බොස් කොහෙටද යන්නේ..."
තමන්ගේ රියදුරාගේ පැනයට පිලිතුරක් නොදීම තරුනයා හිස සීට් එකට තියාගෙන ඇස් වසාගත්තා....

"හරි බොස්"
තම ප්‍රධානියාගේ අණ තේරුම් ගත්ත රියදුරු රථය ඉදිරියට රැගෙන ගියා.....නින්දත් නොනින්දත් අතර හිටි තරුණයාගේ ඉරියව්වට බාධා කරමින් දුරකථනය නාදවුනෙත් ඒ වෙලේමයි......

📞"..........."

"යාහ් නවත්තගන්නවා ඔය ඇති...මන් එනගමන් ඉන්නේ"
තමන්ට කතා කරන්න නොදීම එහාපැත්තෙන් කතා කරන කෙනා නිසා තරුනයා තරමක් ආවේගයෙන් කතා කලේ...

📞".........."

"ගාඩ්ලාව එක්ක යන්න..හහ් මට තනියම දෙයක් කරගන්න බෑ කියලා හිතුවද"
කටකොනකට හිනාවෙලා තරුනයා කතා කරේ අපහසයට වගේ.....

📞"......"

"යාහ් නවත්තගන්නවා...මන් ඉක්මනට එන්නම්"
දුරකතනය සීට් එකේ පැත්තකට විසික් කරලා දාලා තරුණයා නැවතත් ඇස් පියාගත්තා......ධාවනය වෙමින් තිබෙන රථය එක සැරේ නැවතුන නිසා තරුනයා ඇස් ඇරලා ඉස්සරහ බලද්දී දැක්කේ තමන්ගේ රථය හරස් කරගෙන නවත්තලා තිබුන බෙන්ස් එකකුයි..කොහෙටවත් යන්න බැරිවෙන්න තමන්ගේ රථය වටකරගෙන තිබුන ජීප් ටිකයි......

"මාක්...මුන් කොයිවෙලෙද ආවේ..."

"Mansion එකට යන්න අතුරුපාරට දාලා ටිකක් දුර එද්දී තමා බොස් බෙන්ස් එකක් ඉස්සරහින් ඇවිත් හරස් කරේ"
රියදුරාගේ වචනත් එක්ක තරුණයා අත්දෙකම මිටමොලවලා සීට් එකට ගැහුවා......

"...මාක් මන් තනියම බහින්නම්... කොයිමවෙලාවකවත් ඔයා කා එකෙන් එලියට බහින්න එපා..."
ගන් එකේ බුලට් චෙක් කරනගමන් තරුණයා කතා කරේ සැලසුමක් හදාගන්න ගමන්...

"ඒත් බොස් ඔයාව තනියම යවන්න බෑ මාත් එන්නම්"

"කියනදේ අහනවා...තමුසේ මෙතන ඉන්නවා කොයිමවෙලාවකවත් එලියට එන්න එපා....මට එතන සෙට්ල් කරගන්න බෑ කියලා උබට තේරෙද්දී ජීමින්ට කෝල් එකක් දීලා විස්තරේ කියපන් තේරුනානේ"
රියදුරා ඔලුව වනද්දී තරුණයා කා එකෙන් එලියට බැස්සේ ගන් එකත් අතේ තියාගෙන.....

"ඕහ් ඇටකිච්චෝ ටිකක්නේ ඉන්නේ කෝ උබලගේ ලොක්කා"
වටේටම තිබුන ජීප් වලින් එකා දෙන්නා බැහැලා එද්දීත් තරුණයා තමන්ගේ බෙන්ස් එක ඉස්සරහට වෙලා හිටගෙන වටේටම කැරකී කැරකී හිටියේ කිසිම බයක් නැති ගානට......

"එකටම වෙඩිකනවද ගුටි කනවද කොහොමද කැමති"

"ඕහ් ගුටි කන්නද කැමති"
තමන්ගේ පැත්තට දුවගෙන ආව මිනිහා ගහන්න ඉස්සරහට දික්කරපු අතම අනිත් පැත්තට අබරලා අරගෙන ඒ මිනිහාගේ බෙල්ල අනිත් පැත්තට කඩලා දාලා ඔහුගේ සිරුර පැත්තකට විසික් කරලා දැම්මා.....

තරුණයාගේ පැත්තට දුවගෙන ආව දහයකටත් වැඩිය කට්ටියගේ නලලට අතේ තිබුන ගන් එකෙන්ම ගහගෙන ගහගෙන ගිහින් ඒ ඔක්කොමල්ලාගෙම බෙල්ල කඩලා දාලා තරුණයා ලොකු හුස්මක් අරගෙන ශර්ට් එක හදාගත්තේ ඔක්කොම ඉවර ඇති කියලා හිතාගෙන..ඒත් ඒ ක්ශනිකව තරුණයා ගන් එකෙන් ශූට් කරගෙන ගියේ තමන්ගේ පැත්තට ගන් ඒම් කරන් හිටපු ශූටර්ස්ලට....ඒත් තරුණයාට හිතන්නවත් වෙලාවක් නොතියා පිටිපස්සෙන් ආව තුන්දෙනෙක් ඔහුගේ අත් දෙක පිටිපස්සට කරලා හිරකරලා තරුණයාගේ ශරීරයම ඔවුන්ගේ පාලනයට නතුකරගත්තා....තම ප්‍රධානියාගේ ජීවිතය ආරක්ෂා කරන්නට නොහැකී ව ඔහුගේ අණට කීකරු වෙන්න මාක්ට සිද්ධ උන නිසා තරුණයාව බේරගන්න කිසිම කෙනෙක් හිටියේ නෑ.....

"උබලත් මාෆියද යකෝ පිටිපස්සෙන් ඇවිත් පිහියෙන් අනින්න තරම්.."
තරුණයා කටකොනකට හිනාවක් අරගෙන අපහසයට කතා කරද්දී ඔහුව අල්ලගෙන හිටපු එක්කෙනෙක් තරුණයාගේ බඩට පයින් පාරක් ගැහුවේ තරුණයා ලේ විසික් කරගෙන කහිද්දී......

මෙච්චර වෙලා හරස්වෙලා තිබුන බෙන්ස් එකෙන් කලු පාට අත්දිග ටීශර්ට් එකට කලු දිග ඩෙනිමක් ඇදලා කලු හයිහීල්ස් දෙකකුත් අත්දෙකට කලු ග්ලවුස් දෙකකුත් දාගෙන ගන් එකත් අතේ තියාගෙන බැස්ස කෙනාට තිබුනේ දිග කඩාහැලෙන කොන්ඩයක් වගේම ඇදලා හිටපු විදිය නිසා ඇගේ හැම රේඛාවක් ගානෙම මනාව පෙනුනා.....

"මම මින් යුන්ගි කියන්නද නැත්තම් සුගා කියන්නද"
බෙන්ස් එකෙන් බැස්ස කෙල්ල ගැඹුරු කටහඩකින් කතා කරද්දී තරුණයා මහ හයියෙන් හිනා උනා....

"මට මින් යුන්ගි කියලා කතා කරන්න හදන්නේ අදවෙනකන් මාෆියා ලෝකේ මූන හන්ගගෙන ඉන්න මාෆියා queen ලෝරාද..."

ලෝරා එහෙමත් නැත්තම් බෙන්ස් එකෙන් බැස්ස කෙනාගේ මූන අද වෙනකන් කවුරුත් දැකලානම් තිබුනේ නෑ මොකද එයා එයාගේ මුලු මූනම කලුපාට රෙද්දකින් වහගෙන තිබුනා වගේම පේන්න තිබුන ඇස්දෙක වැහෙන්නත් ලේස් රෙද්දක් දාගෙන තිබුනා......

"තමුසෙගේ කට වැඩි සුගා...මන් උබව මරලා දානවා"
යුන්ගි දිහාට ඇවිදගෙන ආව ලෝරා යුන්ගිගේ ඔලුව අල්ලගෙන එයාගේ උරහිසෙන් ඔලුව තියාගෙන යුන්ගිගේ බඩට පිහියකින් ඇනගෙන ගියේ කොල්ලා ලේ ගොඩක් කටින් විසිකරද්දී...

"ඕකාව විසික් කරලා දාලා වරෙන් යන්න..මෙතන බල්ලෙක් වගේ මූ මැරිලා යයි කොහොමත්"
යුන්ගිව ලෝරාගේ අය අතාරිද්දී යුන්ගි සද්දයක්වත් නොකර බිමට ඇදගෙන වැටුනා......ලෝරා ආයෙත් යුන්ගි ලගට ගිහින් බඩ හිල්වෙලා ලේ ගලාගෙන යන තැනට තමන්ගේ හීල් එක තියලා තද කරලා හිනාඋනේ වියරු වැටිලා වගේ.....

"බොස්......ඔයා හොදින්ද"
ලෝරා ගියාට පස්සේ මාක් දුවලා ඇවිත් යුන්ගිව උස්සලා තමන්ගේ අත්අතරට අරගෙන කතා කරලා කිසිම සද්දයක් නැති තැන යුන්ගිගේ කම්මුල් වලට ගහද්දී යුන්ගියා තරමකට ඇස් ඇරියා.....

"ම්..මාක්...."
පලමු වචනෙත් එක්කම යුන්ගි ආයෙත් ඇස් පියාගත්තේ ඔහුගේ හුස්ම ගැනීමේ සද්දේ පවා වේගෙන් අඩුවෙලා යද්දී......

"බොස්..බොස්"
මාක්ගේ කටහඩම විතරක් ඒ අතුරුපාරේ ඇහෙද්දී අතරමැදින් ඇහුනේ රැහැයියෝ කෑගහන සද්දෙ විතරයි.......

Meanwhile

"ජීන් හ්යොන් ටිකක් ඉක්මනට යමුකෝ"
කැබ් එක ඇතුලේ ඉදන් JK කෑගන්න ගත්තේ සුගාට මොනාහරිවෙලාද කියන බය හිත අස්සේ කෑගහද්දී......

"පුලුවන් තරම් ඉක්මනට තමා කුකී යන්නේ...8KM යන්න ඕනනේ ඒ නිසා කොච්චර කෑගහැවුත් වැඩක් නෑ"
Drive කරන අතරෙම ජීන් කෑගැහුවා.....

"ශිට්..හ්යොන් ලොකු අවුලක් වෙලා නැතුව ඇති නේද..."
පැත්තක ඉදගෙන හිටපු ජීමින් ජීන්ගෙන් ඇහුවත් කිසිම පිලිතුරක් නම් හම්බුනේ නෑ...මාක්ගෙන් කෝල් එක ලැබුන ගමන් පුලුවන් තරම් ඉක්මනට එයාලා ආවත් යන්න තියෙන දුරත් එක්ක නම් එයාලගේ කලබලයට දිනන්න පුලුවන්කමක් තිබුනේ නෑ....

"යුන්ගි හ්යොන්"
කුකී ජීමිනුයි එකටම කෑගහන්න ගත්තේ ඉදිරියට ඇදෙන කැබ් එකට ඉස්සරහින් මාක්ගේ ඇගට වාරුවෙලා ලේ පිරුනු සුදු ශර්ට් එකත් එක්ක ඇවිදගෙන එන යුන්ගිව දැකපු නිසා...ජීන් කැබ් එක නවත්තන්නත් කලින් කුකී ජීමින් කැබ් එකෙන් එලියට පැනලා යුන්ගිගේ ඉස්සරහට දුවද්දී ජීන්ලගේ ආරක්ශාවට ආව කැබ් හතරේ ගාඩ්ලත් දුවගෙන ඇවිත් යුන්ගිවයි අනිත් දෙන්නවයි කවර් කරගත්තා.....

"හ්යොන් ඔයා හොදින්ද"
ජීමින් යුන්ගිව වාරුකරගන්න ගමන් ඇහුවා....

"ම්..මන්...හ්..හොදින්.....mansion..එකට...යමු...ඉක්මනට"

"ම්..මාක්....බෙන්ස්..එක...ගිනි...තියලා..ද්..දාපන්...දැන්ම"

"ඕකේ බොස්"
මාක් තුන්දෙනාටම ආචාර කරලා යද්දී ජීමින් කුකී යුන්ගිව වාරු කරගෙන කැබ් එක ඇතුලට නැග්ගා.....ඒත් එක්කම කැබ් එක පනනංවලා ජීන් ඉස්සරහට අරගෙන යද්දී ගාඩ් එකට ආව කැබ් ඔක්කොම පැත්තකට අයින් උනේ තමන්ගේ බොස්ගේ තත්වේ කොයි වගේද කියලා ගාඩ්ලා තේරුම් අරන් ඔවුන්ට යන්න ඉඩ මාර්ගය හදලා දුන්න නිසා...වේගෙන් ඉදිරියට ඇදෙන තනි කැබ් එක ඇතුලේ ඉදන් කුකී අඩන්න ගත්තා....

"යාහ්..JK..ඔ..ඔහොම..අ.අඩලා...හරියනවද"
යුන්ගිගෙන් උපහාසයක්....

"මන් පිට උන්ට විතරයිJK..මන් ඔයාලා ගාවදී තාමත් පොඩී ඒනිසා මන් කැමති නෑ ඔයාලා කවුරුත් තුවාල කරගන්නවට"
කුකී නහයත් උඩට ඇද ඇද කියද්දී යුන්ගි අව්‍යාජ විදියට හිනා උනා......

සුගා කොරියාව විතරක් නොමේ ඇමරිකාව චීනේ පවා තම බලය රැකගෙන ඉන්න Mafia king කියුවොත් හරි..තවත් විදියකට owners insight එකේ වත්මන් CEO...මින්යුන්ගි කියන්නේත් සුගා කියන්නෙත් එක්කෙනෙක් කියන දේ දැනගෙන හිටියේ ඉතා අතලොස්සක් ඒ අතර යුන්ගිගේ සහෝදරයෝ වගේ ඉන්න යාලුවොත්...සුගාගේ එකම හතුරා වුන ලෝරාත් ඇතුලත්.........අවුරුදු 28 වෙද්දී යුන්ගිට ලෝකෙවටේට තිබුන බලය නම් අසීමිතයි......

"කුකී යුන්ගියව අරගෙන මෙඩිකල් රූම් එකට එන්න"
පුලුවන් තරම් වේගෙන් mansion එකට ආව ජීන් කැබ් එකෙන් බැහැලා කුකීට පනිවිඩෙත් කියාගෙන mansion එක ඇතුලට දුවද්දී කුකී ජීමිනුයි යුන්ගිව අරගෙන මෙඩිකල් රූම් එකට දිව්වා....

"සේලයින් එක ගහන්න ජීමිනා මන් එනකන්"
ජීන් ලිවින්ග් රූම් එකේ ඉදන් කෑගහද්දී mansion එක ඇතුලේම තිබුන අති සුඛෝපභෝගී මෙඩිකල් රූම් එකේ ඇදෙන් යුන්ගිව තියලා ජීමින් සේලයින් දුන්නා.....

"හරි දැන් දෙන්නම එලියට යන්නකෝ උවමනාවක් උනොත් මන් කතා කරන්නම්"
ජීන්, ජීකුක් දෙන්නව එලියට යවලා යුන්ගිගේ තුවාලෙ සුද්ධ කරන්න පටන් ගත්තේ වෛද්‍යවරයෙකුගේ හැකියාවත් අවුරුදු ගානක පලපුරුද්දත් එකතු කරගෙන.....

"කවුද හ්යොන් ඕක කරන්න ඇත්තේ"
මෙඩිකල් රූම් එකෙන් එලියට වෙන්න තිබුන සැටියේ ඉදගෙන කුකී ඇහුවේ ජීමින්ගෙන්......

"ලෝරා තමයි වෙන කව්ද ඉතින්... ඕකිව හම්බුනොත් මන් ඕකිගේ ඇගේ කෑල්ලෙන් කෑල්ල ගලවනවා....."
ජීමින් දත්මිටි කාගෙන කතා කරේ තමන්ගේ සහෝදරයෙක් ලේපෙරන් හිටියේ ලෝරා නිසා කියන තරහත් තමන්ට හ්යොන්ව පරිස්සම් කරගන්න බැරිඋනා කියන වේදනාවත් තදින්ම දැනෙද්දී ඒකට හේතුව උනේ ජීමින් කියන්නේ ගාඩ්ලගේ ලීඩර් ඊට අමතරව සුගාගේ බිස්නස් වගේම මාෆියා ඩීල් ගැනත් බලන ෆයිටර් කෙනෙක් ,ශූටර් කෙනෙක්.....

"ඒත් අපි එයා......"
කුකීට එයාගේ කතාව සම්පූර්ණ කරන්න නොදී ජීන් මෙඩිකල් රූම් එකෙන් එලියට කලබලෙන් දුවගෙන ආවා....

"යුන්ගියට අමාරුයි....ගොඩක් බ්ලීඩ් වෙලා"
ජීන්ගේ කලබලකාරී උත්තරය උනේ ඒක....

________________________💥💥💥
යුන්ගි මැරිලා වෙන කෙනෙක් Mafia king වුනොත්?......

කතාවේ හතුරා කෙල්ලෙක්ලු😌♥️

HELP ME ඉවර උන ගමන් ඉතුරු ටික දෙන්නම්

Continue Reading

You'll Also Like

16.5K 522 4
This my first fanfic don't judge! A short KilluGon fanfic about what happens when Gon and Killua go shopping together
2.2M 115K 64
↳ ❝ [ INSANITY ] ❞ ━ yandere alastor x fem! reader β”• 𝐈𝐧 𝐰𝐑𝐒𝐜𝐑, (y/n) dies and for some strange reason, reincarnates as a ...
12.1K 2K 7
~You can create your own fantasy since you are the owner of this dream world.. ~But remember this... ~Sometimes fantasy might can be a nightmare.. ~...
864 259 21
" ࢔ࢺාࢽා ΰΆšΰ·ΰΆ§ΰ·€ΰΆ­ΰ·Š ࢸාව ࢸࢭ࢚ ΰΆ±ΰ·‘ " From : Tutu To : geethma16