𝐅𝐀𝐋𝐋𝐈𝐍𝐆 𝐅𝐎𝐑 𝐓𝐇𝐄...

By jinshi_0811

62.3K 9.9K 1.7K

යන්නට හෝ ඉන්නට නොකියමි ඒත් තව තවත් බැඳෙමි තව තවත් තැවෙමි රිදව ගමි මුලු සංසාරයම... 🥀✨ කැමති ලෙස ඇවිත් යන්නට ... More

intro 🥀✨
1 🥀✨
2 🥀✨
3 🥀✨
4 🥀✨
Special 🥀✨
5 🥀✨
6 🥀✨
7 🥀✨
8 🥀✨
9 🥀✨
10 🥀✨
11 ✨🥀
12 🥀✨
13 ✨🥀
14 🥀✨
15 🥀✨
16 ✨🥀
Final Chapter 🥀✨️
Next Stories ...🏹🧚
ඕතරීගෙන් රීඩස්ලාට ❤️✨️

17 ✨️🥀🔞

3.4K 420 57
By jinshi_0811

Brain pov:

මියන්හේ ශීරා... උඹ මගේම නංගි වුනත් මට උඹව බේරගන්න බැරි වුන එකට දහස්වතාවක් මම සමාව ඉල්ලනවා. මම මේ ජීවිතෙ පලවෙනිවතාවට කාගෙන් හරි සමාවක් ගන්නෙ. මියන්හේ නංගි. මම කොච්චර දරුණු මිනිහෙක් වුනත් සහෝදරකමින් ශීරා, උඹ කියන්නෙ මගෙ නංගි... ඔප්පට දුකයි බං.. පලවෙනි වතාවට පපුව කඩාගෙන යන තරම් මට දුකයි. අද උඹට දහදුක් විඳලා මැරෙන්න වුනෙ මගේම වැරදි නිසා. ඔප්පට සමාව දෙනවා නේද??? ඉවසන්න.. මගෙ නංගිට රිද්දපු ජංගුක් කියන එකාට මමත් දුකක් දෙනවාමයි....

" මින්හෝ ඔය බලාගත්තු අත බලන් හිටියා ඇති... "

" උඹ කියන්නෙ මට මෙතන පාටි දාන්න කියලද හ්‍යොං... දුකක් නැද්ද උඹට.. ඒ අපෙ නංගි.."

මින්හෝ... ඌ මට වඩා දුකින්  දුකටත් වඩා ඒ හිතෙ තියෙන්නෙ වෛරයක්. ඉතින් ඌ ලවා මට ඕනි දේ කරගන්න පුලුවන්...

" හ්ම්ම්ම්.. අරූගෙ කෙල්ලව උස්සපං. හෙටම..."

" අහ්..."

" ජංගුක්ගෙ කෙල්ලව... සූහි.... ශීරාට උන් කලා වගේම ඒකිට කැමති විදියට වද දීපං. හැබැයි මරන්නෙ මම..."

Author pov...

පරාජය කියන දේ දරාගන්න බැරි වුන තැන බ්‍රයන් තීරණය කරන්නෙ සූහිව තමන්ගෙ අත් දෙකෙන්ම මරලා දාන්න.. වෛරය කියන දේ එහෙමයි. කවදාවත් ලේසියෙන් මිනිස් හිතකින් වෛරය කියන කිලිටි සිතුවිල්ල මකලා දාන්න හරි අමාරුයි.

ඉතින්...

බ්‍රයන් තමන්ට හිතෙන හැමදේම කරාවි.. ජංගුක්ටත් සූහිටත් නරක කාලයක් ඉක්මනටම ලබාවි. ඒත් අනාගතෙ වෙන්න තියෙන දේවල් කොහොමනම් ඒ දෙන්නා දැනගන්නද. ඉතින්.. එයාලා ආදරය කලා. හෙටක් කියන දවසක් බලාපොරොත්තු නොවී අද ඒ දෙන්නා  උපරිම ආදරය කලා..

ශීරාගෙ මස් ටික විතරක් ඉතිරි වෙන තරමට හෝසොක් වගේම් නම්ජූනුත් ශීරාගෙ නිසල දේහයට පවා වද දුන්නෙ හිතෙ තියෙන වේදනාවට. අහිංසක හිත් දෙකක් මේ වගෙ දරුනු කලෙ ශීරාමයි.. ඒ හිත් දෙක නිසා අද විදෙව්වෙත් ශීරාමයි.. කර්මය එහෙමයි ..

ජංගුක්ගෙ බලකිරීම නිසාම කොල්ලො දෙන්නා බිම් මහලෙන් ඇවිත් තම තමන්ගෙ රූම්ස්වලට ගියෙ ඇඟ පුරා විසිරුන ශීරාගෙ අපිරිසිදු ලේ ටික සෝදලා යවන්න.. ඒ වගේම ජංගුක් ආවෙත් වෙනදා වගේම නොසන්සුන් හිතත් එක්ක නින්දට වැටෙන්න කියලා හිතාගෙන...

කොල්ලගෙ නොසන්සුන් හිත ආයෙමත් සන්සුන් වෙන්නෙ ගියෙ තත්පරයකුත් අඩු කාලයක්. ඒ තමන් පණ වගෙ ආදරය කරන සූහිව දැකලා.. ජනෙල්ලෙ අයිනට වෙලා අහස දිහා බලන් ඉන්න කෙල්ල හරි ලස්සනයි.. හඳ එලිය මූණට වැටුනම ඒ මූණ හඳටත් වඩා පියකරුයි..

කොල්ලට අමතක වුනා තමන් ඉන්නෙ මුලු ඇඟේම ලේ ගාගෙන කියලා.. ඒ තරමට සූහිගෙ අහිංසක ඇස් කොල්ලව වශී කරගත්තා..

" අහ් කුකී ආවද...."

කෙල්ලට අමුත්තක් දැනුන නිසා කෙල්ල නික්මට වගෙ දොර දිහා බැලුවෙ ජංගුක් බලාපොරොත්තවෙන්.. ඔව්... එතන හිටියෙ ජංගුක්.. එදා වගේම ඇඟෙ ලේ පුරවගෙන...

" අහ් ඔව් ..."

" එහෙනම් වොශ් එකක් දාගෙන එනවකො 😒 ඊරි යකා වගෙ හැටි විතරක්. ලේ පෙරාගෙන.. මොට්ටයෙක්ද මේ "

කෙල්ල බොරු තරහක් මවාගෙන කෑ ගහද්දි ජංගුක් ටවල් එකත් අරගෙන බාතෘම් එකට ගියෙ මද සිනහවකුත් මූණෙ රඳවගෙන...

Jungkook pov:

අද දවස හිතාගන්නවත් බැරි තරමට වෙහෙසකාරි දවසක්.. දැන්වත් හැමදේම හරියයි නේද...

ඇඟෙ තැන් තැන්වල දැවටුනු ලේ පැල්ලම් නිසා වොශ් රූම් එකට ගිහින් මම ඇති වෙනකන් නාගත්තෙ හිතෙ වගෙම ගතෙත් මහන්සි ගතිය අඩුවෙන්න කියලා හිතාගෙන.. සූහි අද මගෙ ලගෙ නොහිටියනම් අද මම මීටත් වඩා ගොඩක් වෙනස් මිනිහෙක් වෙයි. හැමදේකදිම ආදරෙ නිසාමදෝ එයාගෙ ඇස් දකින වාරයක් පාසා මට හිතෙන්නෙ " මම පරිස්සම් වෙන්න ඕනි .. මගෙ අයව පරිස්සම් කරගන්න ඕනි.. අපි හැමෝම සතුටින් ඉන්න ඕනි'
වගේ හැඟීමක්...

පැත්තක තිබුන ටවල් එකත් යාන්තම් ඇඟෙ දවටගෙන මම රූම් එකට යද්දිම සූහි මගෙ දිහා ගැස්සිලා බැලුවෙ හරියට අද මාව දකින පලවෙනිවතාව වගෙ...

කවදාවත් මෙ කෙල්ල මාව දැකලා මෙහෙම ශොක් වෙලා නෑ..

මේ කෙල්ලට වුනේ මොනාද කියලාවත් හරිහැටි නොදන්න මම නිකමට බැලුවෙ ඇස් දිහා.. ඒ හිනී ඇස් පුදුම වුනාම තමා හුඟක්ම ලස්සන.. මේ ඇස්වලට මම වශී වුනේ හුඟ කාලෙකට කලින්.. ඒත් අද මට සූහිව වෙනදාටත් වඩා දැනෙනවා.. මේකද ආදරය... ආදරයට වඩා යමක් අපෙ හිතෙ තියෙනවද...

මම දන්නෑ...

ඒත් මට ඕනි සූහිගෙ ලස්සන හැමවෙලාවකම රස විඳින්න.. එයාව මගෙ ලඟින්ම තියාගන්න...

එයා මගේ දිහා බලාගෙන ඉද්දිම මම ගිහින් එයා ලගින් ඉදගත්තෙ මටත් ඒ ඇස්වලින් ඈත් වෙන්න ඕනි නැති නිසා.. මටත් නොදැනීම මගෙ ඇඟිලි ඒ මූණ පුරා ගෙනිච්චෙ හිතෙ තිබුන ආසාවකට...

එයා මාව කොයිමවෙලාවකවත් නැවැත්තුවෙ නෑ.. ආදරය පිරුනු බැල්මකින් හීන් හිනාවක් මට සංග්‍රහා කලා විතරයි...

කෙමෙන් කෙමෙන් මගෙ ඇඟිලි ඒ තොල් උඩ තියද්දි මට තවත් මේ හැඟීම විඳින්න ඕනි වුනා.. ඉතින් මම ඒ තොල් මගේම කරගත්තා.. එයා ගැස්සිලා ගියා. හරියට මම එයාව කිස් කරපු පලවෙනි වතාව වගෙ... මම සූහිගෙ තොල් සියවතාවකට වඩා සිපගන්න ඇති... ඒත් අද දැනෙන හැඟීම හරි අමුතුයි...

විනාඩි ගානක අපෙ සියුම් හාදුව ටිකෙන් ටිකෙ රලු වුනෙ මගෙයි එයාගෙයි මෙච්චර දවස් හිතෙ හැංගිලා තිබුන හැම හැඟීමක්ම එකතු කරලා..

මට එයාව ඕනි තවත් ඕනි....

"සූහි..."

"......."

" කතා කරන්න..."

"ක්...කුකී..."

" මගේ වෙනවා නේද..."

"....."

" ඔයා අකමැතිනම්...."

මට කියන්න පුලුවන් වුනෙ එච්චරයි.. එයා හැමදේකටම අවසර දෙනවා වගෙ මගෙ තොල් දෙක උඩින් ඒ තොල් තිබ්බෙ මූණත් ජම්බු ගෙඩියක් වගෙ රතු කරගෙන.

අපෙ ආදරණීය රාත්‍රීය රාගික, ආදරණීය හැඟීම් ගොන්නකින් පිරුනෙ අපි දෙන්නගෙම ආදරය තවත් වැඩි කරලා.. මගෙ කෙල්ල අද මගේම වුනෙ හිතෙන් වගේම ගතිනුත්.. සියුම් කෙඳිරිලි , ආදරබර වචන මුලු බිත්ති හතර පුරාම පිරෙද්දි හෙටක් කියලා දවසක් අපිට ආයෙත් එපා කියන හැඟීමෙන් අපි අද දවස රසවින්දා.. මට මගේ අයිතිය ලැබුනා.. සූහි කියන කෙල්ලගෙ අංශු මාත්‍රයක් පාසා මම එයාව අයිති කරගත්තා...

ආදරය කියන හැඟීම මට විඳින්න දුන්නාට මම සූහිට හැමදාමත් ස්තූතුවන්ත වෙනවා... මගෙ ජීවිතේට අලුත් පණක් දුන්නෙ ඒ කෙල්ල.. ඉතින්... මම ආදරෙයි හුඟක්....

Suhee pov:
Next day morning ..

ඇඟට දැනෙන නුහුරු මහන්සියක් එක්කම මගෙ ඇහැරුනෙ අමාරුවෙන් වුනත් කොලේජ් එකට යන්න. අද මගෙ graduation එක... අවුරුදු ගානක මහන්සියෙ ප්‍රථිපල අද මම භුක්ති විදිනවා මගෙ නොවන මගෙම ඔම්මා අප්පට පින් සිද්ද වෙන්න...

මගේම graduation එක දවසෙ මගෙ ඔම්මා අප්පා නැතුව කොහොමද... graduation එක දවසෙම මම තීරණය කලෙ කුකී ගැන ඔම්මලාට කියන්න..ඒ දෙන්නට දෙයක් ඉක්මනින් තේරුම් ගන්න පුලුවන් නිසා කුකීට හැමදේම ලේසි වෙයි..

කලින් දවසෙ වුන දේවල් එකින් එක මතක් වෙද්දි මගෙ මූණෙ හීනාවක් ඇඳුනෙ මටත් නොදැනිමයි.. කුකීගෙ ආදරේ , උණුහුම මම හිතුවටත් වඩා වෙනස්.. මම ඇහැරෙද්දිත් කොල්ලා හිටියෙ නැත්තෙ ඔම්මලා එන නිසා උදේ පාන්දර ඉදන් කොල්ලා වැඩ ඇති...

වොශ් එකකුත් දාගෙන graduation එක නිසාම හැන්සම් ඔප්පා අරන් දුන්න ලස්සනම ලස්සන dress එකත් ඇදගෙන පහලට යද්දිම මට ඇහුනෙ garden  එක පැත්තෙන් ඇහෙන car එකක සද්දෙ ....

යේ!!!!!   ඔම්මා ඇවිල්ලා..!!!!

🥀

Author pov...


කෙල්ල පහලට යද්දි දැක්කෙ කෙල්ල හිතුවෙවත් නැති දෙයක්.. අජුම්මා කෙල්ලගෙ ඔම්මා අප්පා දිහා බලාගෙන හොඳටම අඩනවා. කොල්ලො ටික පුදුම වෙලා බලාගෙන ... සූහිගෙ ඔම්මත් අප්පත් හොදටම අඩනවා..

වෙන්නෙ මොනාද කියලවත් නොදන්න කෙල්ල පහලට ගියෙ වුන දේ ගැන හරියට දැනගන්න කියලා හිතාගෙන.. ඒත් එක පාරම අජුම්මා දුවගෙන ඇවිත් කෙල්ලව බදාගත්තු නිසා කෙල්ල එක තැන නතර වුනෙ ඉබේටමයි...

" මගෙ දුවේ... මෙච්චර දවස් මම ඔයාව හොයපු නැති තැනක් නෑ. ඒත් ඔයා මගෙ ළඟම ඉදලා... මගෙ කෙල්ල..හුඟක් ලස්සනයිනෙ දැන්... මට දැනුන හුරුබව එහෙනම් මේ නිසාද මගෙ දුවේ...."

අජුම්මා කෙල්ලව බදාගෙන විලාප් තියන්න ගත්තෙ මුකුත් හරිහමන් නොතේරුන සූහිගෙ ඇස්වලත් අහේතුකව කඳුලු කැට පුරවලා....


Time passed:

" ඔම්මා... අප්පා.... ඔයාලා බොරු නේද කියන්නෙ.. විහිලු කරන්න එපා චේබල්.. 😔😔😔😔"

කෙල්ල ජංගුක්ගෙ තුරුලෙ ඔහේ අඩන්න ගත්තෙ අවසානයෙ කෙල්ලගෙ හිතෙ කැකෑරුන දුකට අයිතිවාසිකම් කියන කෙනා ගැන කෙල්ල දැනගත්තු නිසා..

ඒ සූහිගෙ ඔම්මා...

සූහිට උපත දුන්න සූහිගෙ ඇත්ත ඔම්මා.. තමන් ළඟ ඉදලත් තමන්ගෙ ඔම්මා බව අඳුරගන්න බැරි වුන ගෙදර වැඩ කරපු අජුම්මා අන්තිමේදි තමන්ගෙ ඇත්ත ඔම්මා කියලා දැනගත්තම ඒ අහිංසකීට මොන වගේ දුකක් දැනෙන්න ඇත්ද...

මෙච්චරයි කියන්න බැරි දුකක් ඒ හිතෙ හටගන්න ඇති. තමන්ගෙ ඔම්මා තමන්ව අනාතයෙක් විදියට දාලා ගියත් ඒ ඉන්නෙ සූහිගෙම ඔම්මා.. ඉතින්  තමන්ගෙම ගෙදර වැඩකාරකමට ඒ ඔම්මම හිටියම දැනෙන දුක , පසුතැවීම  නිසා කෙල්ලගෙ පපුව හරි හරියට ඇදුම්කන් දුන්නා...

" ඔම්මා.. මියන්හේ... මියන්හේ ඔම්මා.... "

" මොකටද මියන්හේ ම්ම්ම්ම්... ඔම්මනෙ හරිනම් ඔයාගෙන් සමාව ගන්න ඕනි.. කුමාවෝ යූරියා ( සූහිව හදාගත්තු ඔම්මා) මලක් වගෙ මගෙ දුවව බලාගත්තට...

කෙල්ල අජුම්මගෙ තුරුලට ගිහින් අඩන්න ගත්තෙ හැමෝගෙම ඇස් වලට කඳුලක් දීලා...

සූහි කියන කෙල්ලගෙ හිතෙ වෛරයක් නෑ කිසිම තරහක් නෑ. කෙල්ල හරි ලේසියෙන් ඔම්මට සමාව දුන්නා.. ඒ වගේම තමන්ව අවුරුදු 22ක් තිස්සෙ හදාගත්තු දෙමව්පියොන්ට කෙල්ල වෙනසක් කලෙ නෑ... කෙල්ල හැමවෙලාවෙම කිව්වෙ" මට ඔම්මලා දෙන්නෙක් ඉන්නවා.. ඒ වගේම හොද අප්පෙකුත් ඉන්නවා ..මම හුඟක් වාසනාවන්තයි..." කියලා...

🥀

ටික ටික වෙලාව යද්දි හැමෝම ගියෙ කෙල්ලගෙ graduation එකට.. අවුරුදු ගානක මහන්සියෙ ප්‍රථිපල කෙල්ල තමන්ගෙ දෙමව්පියො ඉස්සරහා තමන්ගෙම ආදරේ ඉස්සරහා විඳිනවා.. මුලු හිතටම සතුටින් පිරිලා උතුරලා යද්දි කෙල්ලට දනුනෙ අද දවස තරම් වාසනාවන්ත දවසක් තව නැතුව ඇති කියලා..

" ගෙදර යන්නැද්ද මැණික.. මම දැන් company එකට යන්න ඕනි..."

" ඔම්මලා ගෙදර යයි ඔයා company එකට යන්න කුකී... අද අපෙ badge එකෙ පොඩි party එකක් තියෙනවා.. මම ටිකක් enjoy කරලා එන්නම්ද... ම්ම්ම් ම්ම්ම්ම් 🥺🥺🥺🥺"

" ම්ම්ම්ම් හරි හරි.. ඕකට ඉතින් ඔච්චර ඇඹරෙන්න ඕනිද.. ඕක ඉවර වුන ගමන් මට කෝල් කරන්න මම ඔයාව ගන්න එන්නම්.. අහ් මම විටින් විට කෝල් ගන්නවා අන්සව' කලෙ නැත්තන් කකුල් කඩලා අතට දෙනවා. අහ් beer එකක්වත් බොන්න බෑ... හොඳට කන්න ඕනි... ම්ම්ම් කොල්ලො ඉන්න තැන්වල ඉන්න බෑ.. තව...."

කොල්ලා කල්පනා කර කර සූහිට නීති දාන හැටි සූහි බලන් හිටියෙ හිනා වෙවී.. තවත් පැත්තකින් කෙල්ලට හරි ආඩම්බරයි. මොකද මෙහෙම රැකවරණයක් ලැබෙන ආදර කතා බොහොම අඩුයි.. ඉතින් සූහි ඒ දුර්ලබ ආදර කතාවක හිමිකාරියක්...

" හෝව් හෝව්..  ඇති කුකී මහත්තයො .. යන්න දැන් .. පරිස්සමට යන්න..."

" ම්ම්ම් ආදරෙයි... බායි..."

" මමත් ආදරෙයි..."

ජංගුක් කෙල්ලගෙ නලලට සියුම් හාදුවක් දීලා කෙල්ලගෙ කොන්ඩෙත් අවුල් කරලා එතනින් යන්න ගියා.. ජංගුක් නොපෙනෙනකන්ම සූහි බලන් හිටියෙ ඒ රූපය මඟහැරලා කෙල්ල ආපස්සට එක අඩියක්වත් තියන්න ලෝබකම් කරපු නිසා...

ජංගුක් නොපෙනෙනකන් ඉදලා සූහි ගියෙ party එක ඇතුලට.. යේරිට එන්න බැරි වුනෙ අද ජිමින් එක්ක එයාගෙයි ජිමින්ගෙයි engagement එක කතා කරගන්න යන්න ඕනි වුන නිසා..

සූහි තනියම හිටියත් කෙල්ලට කිසිම පාලුවක් දැනුනෙ නෑ... මොකද ඕනිවටත් වඩා කොල්ලො කෙල්ලො එතන පිරිලා හිටියා.. සමහරු ඔහේ බියර් වීදුරු හිස් කරද්දි තවත් කට්ටියක් පිස්සු හැදිලා වගෙ නටනවා.. කෙල්ල හැමතැනකම ඇස් යැව්වෙ හිනා වෙන ගමන්...

එන්න එන්න රෑ වුනත් සූහිට එතනින් යන්න ඕනි වුනෙ නෑ. කෙල්ල ෆෝන් එක දිහා නිකමටවත් බැලුවෙ නැත්තෙ හෝල් එක පුරා දෙදරන සංගීතය නිසා...

ටිකෙන් ටික රෑ වෙද්දි සූහි පැත්තක ගිහින් ඉදගෙන වේට' කෙනෙක්ට කතා කරලා තිබහා වැඩිනිසාම orange juice එකක් එක උගුරට බීලා දැම්මා.. ටික වෙලාවක් යනකන් කෙල්ලගෙ තත්වය සාමාන්‍ය වුනත් ටික වෙලාවක් යද්දි කෙල්ලට ඇස් ඇරගන්න බැරි තරමට හිසරදයක් හැදුනෙ ඇයිද කියන්න කෙල්ලවත් දැනගෙන හිටියෙ නෑ..

" ඇයි මේ... ම්..මම.. ජූස්.. එකක්.. විතරනෙ බිව්වෙ.. ආශ් මගෙ ඔලුව.... කුකී........"

" අහ්.. මට බයයි... මට මුකුත් පේන්නෙ නෑ... මට තවත් මේ ඔලුවෙ කැක්කුම ඉවසන්න බෑ... ආහ්හ්හ්හ් කුකී ඉක්මනට එන්න....."

සූහි කොච්චර ඔලුව අල්ලන් කෑ ගැහුවත් හෝල් එකෙ සද්දෙට දාලා තියෙන සංගීතය නිසා කිසිම කෙනෙක්ට සූහිගෙ වේදනාබර විලාපය ඇහුනෙ නැත්තෙ සූහිගෙම අවාසනාවකට වෙන්න ඇති...

කෙල්ල හෙමින් හෙමින් පියවෙන ඇත් අමාරුවෙන් හරි පියවෙන්න දුන්නෙ වේදනාව කියන දේ උපරීමේටම දැනෙද්දි... හිත යටින් ජංගුක්ගෙන් උදව් ඉල්ලද්දි....

🥀🥀🥀🥀

Suhee pov...

මට දැනුන වේදනාව මෙහෙමයි කියන්න බෑ.. මට හොඳටම විශ්වාසයි මම බිව්වෙ orange juice එකක්.. කුකී බැන්න නිසාමයි මම beer උගුරක්වත් නොබිව්වෙ... ඒත් කොහොමද එක පාරම මෙච්චර හිසරදයක් දැනුනෙ..

මොව්ල්ලා...

හැමදේටම වඩා හිතෙ බයයි හිසරදයයි වැඩි වෙද්දි මගෙ කෑ ගැහිල්ල කාටවත් නෑහෙද්දි මම අන්තිමෙදි මගෙ ඇස් පියාගත්තෙ හරිම අකමැත්තෙන්.. මම හිතින් කුකීව හෙව්වා.. මගෙ ඔප්පලාව හෙව්වා.. ඒත් මට කෑ ගහන්න බැරි වුනා....

මට ටික වෙලාවකින් දැනුනා මගෙ හිසරදය අඩු වුනා වගෙ.. ඒත් මට තවමත් ඇස් අරින්න බෑ...

ඇයි මට මෙහෙම වුනේ .. කව්ද මට මෙහෙම කලේ....

Few hours later....

අන්තිමේදී මට යාන්තම් ඇස් ඇරගන්න පුලුවන් වුනෙ මොකක් හරි වාසනාවකට.. ඒත්.... හෝල් එකෙ තිබුන කන් අඩි පැලෙන සංගීතය දැන් මට ඇහෙන්නෑ... පාට පාට එලිවලින් පිරුන හෝල් එකක් දැන් මගෙ ඉස්සරහා නෑ...

මම වටපිට බැලුවෙ මේ වෙන්නෙ මොනාද කියලා මටවත් නොතේරුන නිසා.. ඒ වගේම හිතට දැනුනු අමුතුම බය නිසා...

මොකක්?????

මම ඉන්නෙ තනි සුදු පාට රූම් එකක  ඇදක් උඩ.. බලු බල්ලෙක්වත් පේන්න නෑ... ඊටත් වඩා අඩුම මේ රූම් එකෙ ජනේලයක්වත් පේන්න නෑ...

මම කොහෙද ඉන්නෙ ....

" යා.... මාව මෙතනින් එලියට ගන්නවා...."

" මගෙ කුකී ආවොත් මාව උස්සපු උන්ගෙ පස්සට පයින් ගහලා සෝමාලියාවෙ මැටි රොටි කන්න දෙයි..."

" යාහ්... මොන හිපාටු හුචක්කුවද මාව ඉස්සුවෙ..."

" මට කන්න ටිකක් දීපල්ලා.. මගෙ බඩ ගොර ගොර ගානවා.. ගෑස්ටික් හැදුනොත් බෙහෙත් අරන් දෙන්නෙ තමුසෙලද....😫😫"

" යාහ්හහ්හ්හ්හ්හ් චන්ඩි ඉන්නවද... මට කියලා ටොයින් ටොයින් එකට ගහගෙන පස්සෙ පසුතැවෙන්න එපා... අරස්සෝ...😒."

මම කෑ ගැහුවා.. හත්තිලව්වේ මෙච්චර කෑ ගහලත් එකෙක් ආවෙ නෑ.. මගෙ කට ගැන කලින් දන්න නිසා කුකී වගෙ මම සැර දැම්මට මාව ගනන් ගන්නෑද දන්නෑ...

අහ්හ්හ්හ්... මට බඩගිනි. එක්කො ඔය ඔරේන්ජ් ජූස් එකට කලවම් කරපුවා සීනි බනිස් එකකට කලවම් කරලා මට දුන්නනම් මට මෙහෙම කෑ ගහන්න වෙන්නෑනෙ... අහ්හ්හ්හ් අතට අහු වුනොත් අදනම් මුන්ව චොප්ප කරනව මං 😫

දොරට පයින් දෙක තුනක් ගැහුවත් මගෙ කකුල තැලුනා විතරයි දොරනම් ඇරුන්නෑ.. බැරිම තැන කටත් පියාගෙන මම ඇදෙන් ඉදගත්තෙ ඕනි එකෙක් ඕනි වෙලාවක ඇවිත් යයිනෙ කියලා..

ඒත් එක්කම මට ඇහුනා කවුරුහරි දොර අරින්න යනවා.. මෙච්චර වෙලා මේ හැමදෙම විහිලුවක් වුනත් පපුව දඩි බිඩි ගාලා ගැහෙන්න ගත්තෙ මගෙ කකුල් දෙකත් වෙව්ලන්න ගද්දි...

අහ්.... එතකොට මෙයාලද මට මෙහෙම කලේ... දොර ඉස්සරහා හිටගෙන හිටියෙ මින්හෝ.. මගෙ කුකීගෙ ප්‍රධාන හතුරො දෙන්නගෙන් දෙවැනියා.. මගෙ දිහා පෙරේත බැල්මක් එක්ක බලාගෙන ඉන්නවා...

මූණෙන් මගෙ හිතෙ තියෙන හැඟීම් මම මින්හොට නොපෙන්නුවත් මම හුඟක් බයයි... කෑ ගහලා කුකිට කතා කරන්න ඕනි වුනත් මම දන්නවා කුකීට කොච්චර කතා කලත් එයා මාව හොයාගෙන එන්නෑ කියලා..එයාට මගෙ කෑ ගැහිල්ල ඇහුනනම් එයා අනිවාර්යයෙන්ම එයි...

එයාලා හදන්නෙ මාව මරන්නනම්, අනිවාර්යයෙන් එයාලා මාව මරයි.. මට බේරෙන්න ඕනි.. ඒත් ඒ හැඩි දැඩි අත්වලින්,තුවක්කු උන්ඩවලින් ගැලවෙන්නෙ කොහොමද මුකුත් නොදන්න මම...

ඊයෙ රෑ ඉදන් මමයි කුකී ඕනි තරම් අපේ ජීවිත ගැන බලාපොරොත්තු එකතු කරගත්තා.. මගෙ මීශා එක්ක මට වැඩි කාලයක් ඉන්න බැරි වුනා.. මගෙ ඇත්තටම ඔම්මා මට හම්බුනත් එයත් එක්ක දවසක්වත් ඉන්න ඉන්න බැරි වේවිද....

එයාලා මට හුඟක් වද දෙයිද...අනේ!! මට බයයි.. මින්හොගෙ පිටිපස්සෙ ඉන්න හැම මිනිහෙක් එක්කම මට ඔට්ටු වෙන්න අමාරු වෙයි...

මේ මිනිස්සු ඉස්සරහා වැඳ වැටුනත් එයාලා මාව අද අතාරින එකක් නෑ.. මට හොඳටම තේරුනා මෙයාලා කරන්න යන දේ.. එයාලගෙ මූණෙ තියෙන පේරෙත් බැල්මෙන්ම...

මොනා වුනත් මට සතුටුයි.. අන්තිම මොහොතෙ හරි කුකීගෙ වුන එකට... එහෙම නොව්නනම් අද මම මීටත් වඩා පසුතැවෙයි...
කුමාවෝ කුකී.... ටික කාලයකට වුනත් මගෙ ආදරේ වුනාට.. ඔයාගෙ ආදරේ මට දැනුනා..මහමෙරක් තරම්. මම නැති වුනොත් ඒ කොල්ලා පිස්සෙක් වෙයි...

කුකී ඉක්මනට ඇවිත් මේ හැමෝටම පාඩමක් උගන්නන්න.. ජීවිතේක වටිනාකම මේ තිරිසන්නුන්ට කියලා දෙන්න...මම යන්නම ගියොත් අඩන්නෙ නෑ නේද???

අපෙ මතක හැමදේම අමතක් නොකර ඔය හිතෙ තියාගෙන ඒ මතකවලින් දුක් නොවී හිනා වෙන්න..

ඒත්....

මොන දුක විදින්න සිද්ද වුනත් මම ඉවසන්නම්.. මගෙ අන්තිම හුස්ම වෙනකන් ඔයා මාව බේරගන්න එයි කියන පුංචි බලාපොරොත්තුව එක්ක මම ශක්තිමත් වෙන්නම්...

මම ආදරෙයි... හුඟක්. මගෙ කුකීට.... මීශාව බලාගෙන ඔප්පලා එක්ක සතුටින් ඉන්න...

දැන් ඉදන් මම සටන් කරන්නම්..තනියම...

_______________________________

හායි.... කාලෙකට් පස්සෙ අප්ඩේට් දුන්නට් සොරි ලමයි.. ඒත් අද කියන්න ආවෙ සතුටු හිතෙ ආරංචියක්.. මේක තමයි

Falling for the bad boy අවසානයට පෙර කොටස..

හෙටින් මේක ඉවරයි.. යේහ් මයෙ නිදහස ආයෙට් මට ලැබෙනවා 🥺 තව මගෙ ඉතුරු ongoing short ff දෙක.. එ කියන්නෙ dear diary , bad romance දෙක ලබන සතියෙන් ඉවරයි... පාටි පාටි යෑහ්....

එහෙනම් හෙට හම්බවෙමු.. අම්මො අම්මො බැනුම් අහ්න්න වෙනවා කියලා මතක් වෙද්දි හරි සතුටුයි මට 😗😗😗😗 මේ වෙනකන් මගෙ කතාව කියවපු මගෙ රීඩස්ලා ටිකට කුමාවෝ.. හෙටත් අනිවාර්යයෙන් කියවන්න.. endless love වගෙ හිතුවෙ නැති අවසානයක් දෙන්න ට්‍රයි කරන්නම්...

Jinshi_0811  🥀✨️


Continue Reading

You'll Also Like

1.1M 44.4K 51
Being a single dad is difficult. Being a Formula 1 driver is also tricky. Charles Leclerc is living both situations and it's hard, especially since h...
15.4K 2.7K 30
"වියරු වැටුනු වෘක කණ්ඩායම නායකයෙක්...⚡ තමන්ගේ අනන්‍යතාවය ගැන හෝ නොදන්න අහිංසක තරුණියක්...⚡ ඔවුන්ගේ ආදරය වෛරයකට පෙරලේද..?? නැත්නම් ආදරය ජයගනීවීද..???⚡...
625K 38.1K 102
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...
22.9K 5.3K 28
ආදරේ ඇබින්දක් වත් නොලබපු පුංචි රතු රෝස මලක් ලග නැවතුන වෛරයෙන් මත් වුන සෙල්ලක්කාර බඹරෙක්..... "තමුන් නිසයි මගේ පපා මගෙන් ඈත් වුනේ මින් හරා!!!... තමුන්...