ඒත් එන්න එන්නම මම ඔහුට
ඇබ්බැහි වෙන්න ගත්තා.
ඔහුගේ දෑසට
ඔහුගෙන් පිටවෙන වදන් වලට
ඔහුගේ සිනහ හඬට
ඔහුගේ රෝස පැහැ දෙතොලට..
ඔහුගේ සියළු දෙයක්ම
මට මත් බෙහෙතක් වුනා.
ඒ වගේම...
ඔහුව මට දිව ඔසුවක් වුනා.
හඬන්නට හේතු හොයන
මුරණ්ඩු දෑසට සතුටක් වුනා.
ජීවත් වන්නට හේතු සොයන විට
ඔහු එකම හේතුව වුනා.
තනිවන මොහොතවල් වල
ඈතින් හිඳ සනසන්නා වුනා.